HSPA මොඩමයක් Computer කීපයක් සමග එකවර භාවිතාකිරීම්

ගැජමැට්ක්ස්, මගේ දේවල්
මගේ ගෙදර පරිගනක කීපයක් තියෙනවා, ADSL නම් මේක එචර ප්‍රශ්නයක් නොවෙයි. ඒත් HSDPA මෝඩමය තියෙන්නේ USB එකක් (මම ගත්තේ Huawei E220) මේ Modem එක 3.6Mbps Download ස්පීඩි Support කරනවා. නමුත් සුලු Software Update එකක් මගින් මෙය 7.2Mbps දක්වා වැඩිකරගත හැක. (Update එක Huawei ‌වෙබ් පිටුවෙන්), මතක තියාගන්න, Software Update කල පමනින් ඔබේ දැනට ලබාගෙන ඇති Connection එකකේ වේගය වැඩිවන්නනේ නෑ ඔබට 7.2Mbps Internet Package එකක් නැත්නම්. ඔබ Dialog පාවිචිකරනවානම් ඔව්න් කියනවා 7.2Mbps යාහැකි බව, මමනම් කොචර උත්සාහ කරත් 1Mbps වඩානම් වේගයක් දැක්කේ නෑ. Huawei E220 එක HSDPA/UMTS/EDGE/GPRS/GSM යන සියල්ලම Support කරන අතර මම දැකපු තව දෙයක් තමයි එය ජන්ගම දුරකතනයකට වඩා Signal හොදින් ග්‍රහනය කිරීම. මොකද අපේ ගෙදර සාමාන්‍ය ජන්ගම දුරකතනවල 3G Signal එකක්වත් නෑ, නමුත් Huawei E220 එකට Signal කනු 2ක් එනවා. කොහොම හරි මම කල්පනා කරා කොහොමද මේ…
Read More

ලංකාවේ අන්තර්ජාලය නොහොත් ජංජාලය :)

අනංමනං (General Information)
මේක ගැන කතාකරලත් බෑ නොකරත් බෑ. ඒත් මට හිතුණා මේක ගැන ලියන්න ඕනේකියලා මොකද ගොඩක් අය මේක පාවිචිකරාට එක ගැන හරියට දන්නේ නෑ. මමමේ කතාකරන්න යන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට පෙර සිතිය හා ඇසිය යුතුදෑ. මම මේක ගැන ලියන්නේ අවුරුදු 10ක් Internet (අන්තර්ජාලය) පාවිච්චි කරපු කෙනෙකු හා Internet/Network Administrator/Engineer කෙනෙකු හැටියට. මගේ Internet ඉතිහාසය ගැන මදක් කිව්වොත්, Dial up, GPRS (EDGE/UTMS/HSPA), CDMA, ISDN, Leased Lines, ADSL, WiMAX ඔක්කොම මාත් පාවිච්චි කරනව, කරල තියෙනව. ඒවගේම ඔය ලංකාවේ ඉන්න ISP (Internet Service Provider - අන්තර්ජාල සේවාවන් ලබාදෙන්නා) ලා හැමදෙනෙකුම භාවිතාකර තියෙනව. මම ඉස්සෙල්ලාම ගෙදරට ගත්තේ SLT Dialup එකක්. එක Disconnect (විසන්ධි) වෙනවට වඩාදෙයක් නෑ. ඊට පසුව Dialog GPRS (ගොඩක් අරපරිස්සම පුරුදු කරා), ඔන්න ඉතින් ඔය කියන LankaBell CDMA ආව, කිව්වෙනම් ADSL පරාදයි කියල. මමත් ඉතින් එකක් ගෙනාව (Rs.15,000 ++), බොහොම සතුටුයි 13KBps download…
Read More

Surround Sound (වටේට ශබ්ද)

ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)
මෙන්න මගේ තවත් සාක්කුවට අපල විනෝදාංශයක්. ;) Surround Sound කියන්නෙ ඔය ඔබ MC, Savoy වාගේ ඒවගෙ වටේට ස්පිකර් හයි කරල තිබෙන්නෙ ෆිල්ම් බලන්න ගියහම. මේ වචනයේ තේරුම නම් අසන්නා වටකර ඇති ශබ්ද යන්නයි. මේකට තවත් විදියකින් කිව්වොත් Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නත් පුළුවන්. Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නෙ ඔබ ඔය ගෙදර අහන CD/Radio වගේ ඒවට නොවෙයි, ඒවට කියන්නෙ "Stereo" (ද්විත්ව නාලිකා ‍ශබ්ද) Sound කියායි, ඒවායේ තියෙන්නෙ ශබ්ද නාලිකා දෙකක් පමණයි. වම සහ දකුණ වශයෙන්. (වම හා දකුණෙන් ස්පිකර් දෙකක්) බහු නාලිකා ශබ්ද යන අර්ථයෙන්ම තේරෙනවා මේ කියන්නෙ මොකද්ද කියල. ශබ්ද නාලිකා දෙකකකට වඩා ඇති ඒවට අපි බහු නාලිකා ශබ්ද කියා කියනවා. Surround Sound ඇත්තටම ගොඩක් භාවිත කරන්නෙ Film (චිත්රපට) සඳහා, ඔබ දැක ඇති ඔය Film පොස්ටර්වල එහම ඔය DTS, Dolby Surround, THX යන වචන…
Read More

ලිනක්ස් (Ubuntu/Kubuntu) වලට කපුටා වගේ True Type ෆොන්ට්ස් දාගන්නා ආකාරය.

කෙසේ ද ? (How To), ලිනක්ස්
අද "සු" සිංහල වෙබ් පිටුවක් දුන්නා, නමුත් එය සිංහල UNICODE (යුනිකෝඩ්) වෙබ ්පිටුවක් නොවෙයි. එක මගේ ගිනිහිවලගේ (Firefox) පෙන්නෙනැ මොකද ලිනක්ස්වල ඒ ෆොන්ට් එක නැති නිසා. මම පාවිච්චි කරන්නෙ කුබුන්තු (Kubuntu) 7.10 kubuntu කියන්නේ ubuntu ම තමයි, වෙනසකට තියනෙ, ඔය දෙක භාවිත කරන්නෙ වෙනස් ඩෙස්ක්ටොප් Interface; kubuntu භාවිත කරන්නෙ KDE නමුත් ubuntu භාවිත කරන්නෙ GNOME මෙන්න මෙහෙම තමයි ලිනක්ස් වල ෆොන්ට් දාන්නෙ. පළමුව, ඔබට ඕන කරන ෆොන්ට් එක හෝ ඕනේ ඔක්කොම Download කරගන්න, මේව Desktop එකට Copy කරන්න. මතක තියාගන්න එවා ttf (True Type) වෙන්න ඕනේ. දැන් Shell එකක් විවෘත කරගන්න. මේ විධාන (command) ඒ ආකාරයට Type කරන්න. මෙම විධාන (command) ඇතුල් කළ විට ඔබගේ රහස් පදය (Password) ඇතුල් කරන්න කියා ඉල්ලයි, එවිට රහස්පදය ඇතුල් කරන්න. sudo mkdir /usr/share/fonts/myfonts "USERNAME" ඔබ පරිගණකයට ඇතුල්වන (Login) විට භාවිත කරන නම; එය "USERNAME" …
Read More

Hi-Fi

ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)
මේක මගේ තව කැමති දෙයක්; නමුත් මේවගේ ඒවා සාක්කුවට ගොඩක් අපල දෙන දේවල් ;) මොනව වුණත් මේ Hi-Fi System Home Theater කියන ඒවට මම ගොඩක් කැමතියි. මොකද්ද මේ Hi-Fi කියන්නෙ? High Fidelity යන වචනයේ කෙටි වදනකි. Hi-Fi System එකක් කියන්නෙ උසස් ගුණාත්මක බවකින් යුත්, පටිගත කළ හැකි, නැවත ඒ ආකාරයෙන්ම ප්‍රතිවාදනය කළ හැකි එකක්. ඒ කියන්නේ CD ධාවනයක් වගේ එකක්. තවත් විදියකින් කියනවනම් Studio එකක් තුළ පටිගත කරන ගීතයක් ඔබ අසන විට ඔබ එය පටිගත කරන වෙලාවේ එතන සජීවීව අසා සිටියා මෙන් ප්‍රතිවාදනය කරන උපකරණ තමයි ඔය Hi-Fi System එකක් කියන්නෙ, ඒවාගේ හැම සංගීත භාණ්ඩයක්ම ඒ ආකාරයෙන්ම ස්වාභාවික විදිහට ඇසෙනවා. ඇත්ත කිව්වොත් මේක ඔය කැසට් පටයකින් කළ නොහැකියි. මොකද එය පටිගත කරන්නෙ ඇනලොග් (Analog) ආකාරයට කැසට් පටියේ චුම්බක ආකාරයට සකසමින්. මේනිසා ගොඩක් පටිගත කරන ශබිදයේ ගුණාත්මක බව අඩුවෙනවා. එකක් මතක…
Read More

මගේ ජංගම දුරකතන ඉතිහාසය

මගේ දේවල්
මම ගොඩක් ඔය එක එක ගැජට්වලට ආසයි. ඒක නිසා මට හිතුණ මම පාවිචි කරපු, කරන ජංගම දුරකතන ගැන මේකෙ ලියන්න. මොකද මොනාහරි ලියන්නත් ඕනෙනෙ. මම ඉස්සෙල්ලම ගත්තෙ Mobitel එකක්, D-AMPS තමයි ඉස්සෙල්ලා මොබිටෙල් තිබ්බෙ, ඊට කලින් AMPS, AMPS කියන්නෙ Analog System එකක්. ඔක ගොඩක් ඇමරිකාවෙ AT&T පාවිච්චි කළේ. ඒකෙ වැඩි දියුණු කරලා D-AMPS ආවෙ, ඒක ඇවිත් Hybrid System එකක්. ඒ කියන්නෙ ඒකෙ Analog , Digital System දෙකම තියෙනවා, එතකොට Analog හෝ Digital coverage area (ආවරණ කලාප) සිටියත් phone එක වැඩකරනවා කිසිම වෙනස්කමක් නොකර, හරියට Roaming වගේ. මේක කළේ මොබයිල් නෙට්වර්ක් Analog to Digital කරන එක පාරිභෝගිකයන්ට වන බාධාව අවම කරන්න. AMPS/D-AMPS කියන්නෙ දැන් අපි ඔය GSM කියනව වගේ මොබයිල් System එකක්. මම දන්නව ගොඩක් අයට මේවා තේරෙන්නෙ නැහැ කියල, මම පුලුවන් තරම් සරලව කියන්නම්, :) Analog Transmission කියන්නෙ දත්ත යවන…
Read More

ආයුබෝවන්!

මගේ දේවල්
මේක තමයි මගේ මුල්ම බ්ලොග් එක, මේකෙ ගොඩක් වැරදි තියෙන්න පුලුවන්. මොකද කියනවනම් සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන තාම දවස් කීපයයි. අනික සිංහල ගැන මනා දැනුමක් නැතිකම. එය ලැජ්ජා වියයුතු දෙයක් කියල මම දන්නවා. A/L කළ පසු සිංහලෙන් වැඩක් කළේම නෑ. ඒක නිසා මෙහි කිසියම් වරදක් ඇත්නම් මට කියන්න. ගොඩක් කාලයක සිට මේ වගේ දෙයක් කරන්න ආසාවක් තිබුණත් ඒක කරන්න ගත්තෙ බුද්ධික ජයසිංහ මගේ සහයෝයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය් වෙබ් පිටු ටික මගෙ සර්වර් එකට දාන්න පුලුවන්ද අහපු දා සිට. අන්තිමට මමත් ඒකෙ සාමාජිකයෙක් උනා නොදැනුවත්වම. බුද්ධික ඔයිට කලින් සිටම මට කිය කියා සිටියෙ මට ටෙක්නිකල් දේවල් ගැන සිංහල බ්ලොග් එකක් කරන්න කියල, ඒක කල් දැමුව මිසක් ඒක කළේ නෑ.. මම සිංහලෙන් මුකුත් නොලියා අනිත් අයට කියන එකේ තේරුමක් නැහැනෙ, මමත් ආදර්ශයක් වෙන්න එපැයි. :) කටින් බතල හිටවල වැඩක් නෑනෙ අපේ දේශපාලුවො…
Read More