Techකතා Mic හුට පටය!
Techකතා මුලින්ම පටන්ගත්තේ හෙඩ්ෆොන් එකක මයික් එක අපි අතරේ මාරු කරගෙන, පසුව හොද මික්සර් හා SM58 (fake) මයික් දාගෙන, ටිකක් කලකට පසු හදාගත්ත ක්ලිපොන් මයික් මගින්. නමුත් මේ ඔකොම හරියම කරදරයක් සෙට් කරන. වයර් ගොඩක්, සයිස්. (කට්ටිය කම්මැලියි) පසුව විරාමයෙන් පසුව පටන්න විට අපි USB Condenser mic වලට මාරු උණා. මයික් දෙකක් USB හරහා mac එකට ගහල Audacity වලින් පටිගත කරන්න. මේක මහා අල ගෝනියක් විය. හේතුවනම් මයික් දෙක ටික වලාවට පසුව out of sync වීමයි. (මේ හින්දයි episode දාන්න වෙලා යන්නේ) මයික් දෙක වෙන වැඩන් දෙක ලෙසයි පටිගත උනේ, තව මයික් ලෙවල් හැදීම. මයික් එකකට දෙන්නක් කතා කරන එක, එකිනෙකාගේ හඩේ සද්දය වෙනස්වීම්. මොකද අපි mic training වෙලා නැති නිසා. මේ ඔක්කොටම වගේම ස්කයිප් සම්බන්ද කරගැනීම පිලියමක් හෙවුවා. (දැන් තිළිණ ලංකාවේ නැති නිසා) වයර් ගොඩක් නැතිවීම. පොඩි වීම ගුණාත්මක බව…