Media Center එකක් සෑදීම – 3වෙනි කොටස (VFD Display + Software)
[Read This Post in English] අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ Front panel එකේ Display එකක් සවිකිරීම. Head Phone jack සවිකිරීම. Software configuration. පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp, මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා. නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක් (iAmpRemote) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට. (more…)