Now you can save your Credit Card Takas.lk, the tech story!

අනංමනං (General Information), අන්තර්ජාලය
The idea behind e-commerce AKA online shopping is convenience! It’s for people, like me, who don’t want to crawl in traffic, look for parking (and walk around looking for parking meters!), go to a shop where the sales rep has no clue and waste few hours until they process my order. Who has time for that? Time is money! The smart choice to buy is online, do your own research, compare online and have it delivered! One of the biggest issues slowing down e-commerce in Sri Lanka is the payment systems, the card payment system we use is still ‘90s tech. You go to Takas.lk and hit few buttons and get taken to a some banks’ (non-mobile friendly) page, try to remember where you left your card, find it, enter…
Read More

We are back! මොකාද ඒ ?

අනංමනං (General Information)
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලී මාරු වෙන්නේ නෑ කියනවා වගේ, අපිත් එහම තමයි, මොනදේ උනත්, කල් ගියත් පරණ පුරුදු නැතිකරගන්න බෑ නේ. ඒ නිසා අවුරුදු 4කට ඔන්න මෙන්න තියනා, ආයේ Techකතා පටන්ගත්තා! කරන්න දේවල් නම් ගොඩයි, මේ අවුරුද්දේ (2018) ජනවාරි 28ට ටෙක්කතා වලට අවුරුදු 9ක්!  මේ බලන්න කට්ටිය, අවුරුදු 9යකට කලින් :D (more…)
Read More

ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

අනංමනං (General Information), කෙසේ ද ? (How To), මගේ දේවල්
අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ, එනවා යනවා කියන එක සාමන්‍යය දෙයක් බවට වෙලා, නැතිනම් maintenance වලට දවසම විදුලිය කපන එකද දැන් පුරුදු දෙයක්.  මේකට විසදුමක් නැද්ද ? කෙනෙකුට හිතෙන්න පුලුවන් Solar දැම්මනම් හරි කියලා. නමුත් සෝලර් දාන්නේ නෙට් මීටරින් නම්, කරන්ට් එක කැපුවහම ඒකත් නැති වෙනවා. මේකට හේතුව, solar වලින් උත්පාදනය වෙන විදුලිය Storage වෙන්න තැනක් නැතිඑක. ලාබෙට කරන්න පුලුවන් දෙයක් මමත් සොයලා බලනකොට (මීට වසරකට පමණ කලින්) පොඩි ගැටලු ටිකක් ආව. කියක් වියදම් වෙයිද ? මේකෙන් මුලු ගෙදරම දුවන්න ඕනේ ද ? කොචර කාලයක් විදුලිය නැතුව ඉන්න පුලුවන්ද ? පලමු එකට පිලිතුර නම් දෙක හා තුන දැනගෙන ඉන්න ඔනේ. නෑ, ලයිට් 5-6ක්, ෆැන් 2ක් හා refrigerator එක හා ඉන්ටර්නෙට් රවුටර් තුනක්, CCTV, Home Security System පැය 20ක් පමණ. දැන් බලමු පළමු එකට උත්තර, වැදගත්ම එක... (more…)
Read More

ලංකාවේ හොදම බැංකුව මොකද්ද ?

අනංමනං (General Information)
මාසෙට පඩියක් අරගෙන, මාසේ වියදම කරන්න බැංකු ගිණුම් බාවිතා කරනකොට, ගොඩක් වෙලාට අපි බැංකුවට ලොකු මුදලක් ගෙනවනවා. මේක ගොඩක් වෙලාවට අපි නොදැනුවත්ම වෙන්නෙ. ගොඩක් මුදල් ගිණුම් තියන අයට මෙය ගැටලුවක් නොවෙන්න පුලුවන්. නමුත් මාසේ වියදමට ගිනුමක් හා ණය පතක් (credit card) බාවිතා කරනකොට මේක වටිනවා. මේ නිසා මට හිතුනා බැංකු ගිනුම් සන්සන්දනය කරන්න හැමෝටම දත්ත දාන්න පුලුවන් වෙන්නපොඩි සැසදුමක් හදන්න. මෙතන තියනවා ඒක. මේකේ දත්ත නිවැරදිව පවත්වාගෙන යන්න ඔබේ උපකාර ඕනේ, යම්කිසි වරදක් දැක්කොත් ඒක මෙතනම හදන්න :) එඩිට් නවත්තපු එකක් නම්, comment එකක් දාන්න. මෙතනින් බලන්න. 
Read More

මටත්, මගේම කියලා බ්ලොග් එකක් තිබුනා!

අනංමනං (General Information)
වසර දෙකකටත් වැඩිකාලෙකට පසු, මටත් මතක් උනා මට බ්ලොග් එකක් තිබුනා කියලා. නොලියා සිටින්න නම් බොහෝ හේතු ඇත. ලොකුම හේතුව කම්මැලි කම, දෙවන හේතුව Techකාතා,  ලියන්න හිතේ තියන ගොඩක් දේවල් කටින් Techකතා වල කියවෙන නිසා බ්ලොග් එක ලියන්න කම්මැලියි. අනික් හේතුව සියලුම පරිගනක මැක් පරිගන උන නිසා හරියට ටයිප් කරන්න විදියක් නොමැතිවීම. (විජේසේකර යතුරුපුවරුව හුරු නොවීම ලොකු අඩුපාඩුවක්) තවද Techduino වගේ දේවල් නිසාත් කාලය අඩු උනා. ලියනවාට වඩා විඩියෝ හදන එක ලේසියි කිලත් හිතුනා. (නොලියන්න ඕනේ තරම් හේතුනම් ඇත) කොහොම උන්ත බ්ලොග් කියන එක අතහැරලා දාන එක හොදනෑ කියන එක හිතුන නිසා, මේක වත් කියනවා කියලා හිතුවා! කරන කියන දේවල් දැනගන්න ඕනේනම් @kalinga ඔස්සේ හෝ Kalinga G+ දැනගන්න පුලුවන්. විඩියෝ නම් මෙතනින්. මට තියන ලොකුම ගැටලුව, තාම මෙහෙම් බ්ලොග් එකක් තිබුනා කියලා මතක අය ඉන්නවාද කියලා :D    
Read More

Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds

අනංමනං (General Information), අන්තර්ජාලය
ලංකාවේ අන්තර්ජාල බාවිතාකරන්නන් හැටියට මෙය රහසක් නොවෙයි, කොපමණ දුකක්ද කියලා හරි වේගයක් ලැබෙන අන්තර්ජාල සම්බන්දයක් ලබාගන්න එක. වෙළද දැන්වීම්නම් 4mbps, 3.6mbps ලෙස් විකුනුවට මේවායෙන් අපිට බොහොමයක් විට ලැබෙන්නේ ප්‍රචාරනය කරන ප්‍රමාණයෙන් 20% පමණයි. මෙයට එක හේතුවක් තමයි පාරිබෝගිකයන් හැටියට මේ ගැන නොදැන සිටීම හා තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී නොසිටීම. මේවා ගැන දන්න සේවා දායකයින් බොහෝවිට මෙය ප්‍රයෝජනයට ගෙන පාරිබෝකියන්ව මුලාවට ලක්කරන එක තමයි බොහේ විට කරන්නේ. පාරිබෝගිකයන් හැටියට ගොඩක් වෙලාවට අපි සිටින්නේ ගොඩක් පිටුපසින් අනිත් රටවක් එක්ක බලනකොට.  වෙන රටවල නම් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිනවා. නමුත් ලංකාවේ ඒ දේ සිදුවෙන්නේ නෑ, එක්කෙනෙක් දෙන්නෙක් නැගී සිටියත්, සේවාදායකයන් ඔවුන් ගැන සැලකීමක් දක්වන්නේ නෑ. මොකද ඔවුන් ගේ මතය ඔය කෙනේ ගියා කියලා අපිට පාඩුවක් නෑ කියාය. එම නිසා පැමිනිල්ක් කලද සේවා දායකයින් මේවා ගන්න ගනේ නෑ. මෙයට එක හේතුවක් අපේ රටේ පාරිබෝගියන්ගේ…
Read More

2009 දෙස හැරී බැලීමක්….

අනංමනං (General Information), මගේ දේවල්
ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් ලිවුවේ නෑ, බ්ලොග් එකක් තියා Techකතා පොස් ටික වත් දාන්න බැරි උනා! දැන්නම් පාරේ බැහැලා යන්න ටිකක් අමාරුයි, මොක්ද කට්ටිය පොලු තියාගෙන ඉන්වා Techකතා upload කරේ නෑ කියලා. :D අවුරුද්ද ඉවර වෙන්නත් එනවා, ඒක නිසා සිතුනා පොඩක් වෙනස් ලිපියක් ලියන්න. මම ඉතින් වල් පල් ලියන්නේ නෑනේ ඉතින්. ඉතින් මම මොකද මේ අවුරුද්දේ කරේ ? බලාගෙන ගියහම කරපු දෙයක් නැ. නොකරපු දේකුත් නෑ. කරපු වැදගත්ම දෙයක් කියන්න පුලුවන් Techකතා ඇරබුම, කාටද මේකේ ස්තුතිය යන්න ඕනේ, ඒ නම් තිලිණට. මොකද ටෙක්නොලොජි ගැන වෙනම බ්ලොග් මැගසින් එකක් කරන්න හිටියා ටෙක්ටෝක් කියලා. නමුත් දවසක් තිලිණ කිවුවා අපි රේඩියෝවක් කරමු කියලා. ඔය අදහස් දෙක මුසුවෙලා තමයි Techකතා එලි දැක්කේ දින 3නක් වගේ කෙටි කාලයකින්. (more…)
Read More

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

අනංමනං (General Information)
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී. ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා…
Read More

ආධුනික ගුවන් විදුලි සේවය (Amateur Radio) ගැන හැඳින්වීමක්

අනංමනං (General Information), කෙසේ ද ? (How To)
රජයෙන් බලපත්‍ර ලබා ඇති ආධුනික ගුවන් විදුලි සන්නිවේදකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ කෙරෙන සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය නමින් හැඳින් වේ. ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය, ගුවන් විදුලි තරංග ඹස්සේ පණිවිඞ සන්නිවේදනය කරමින් මිත්‍රත්ව ඇතිකර ගැනීම හා ගුවන් විදුලි ශිල්පය හා තාක්‍ෂණය යොදවා උපකරණ සෑදීම හා ක්‍රියා කිරීම සඳහා උපයෝගී කර ගැනේ. එය ව්‍යාපාරයක් වශයෙන් මුදල් උපයීමට හෝ හුදෙක් ලාභය තකා කරන ක්‍රියාවක් නොවේ.  මෙය ස්වයං පුහුණුව, අන්තර් සන්නිවේදනය හා තාක්‍ෂණ විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රියාවලියකි. ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය ලොව පතල හා ලොව පිලිගත් සේවයකි. ගුවන් විදුලි සංඥා ලබ‍ා ගැනීමට හා යැවීමට සහ අත්හදා බැලීමට ආධුනික ශිල්පීන්ට මෙය උපකාරී වේ. මෙයට අමතරව ස්වේච්ඡා සේවයක් වශයෙන් හා හදිසි ආපදා අවස්ථා වලදී ආධුනික ගූවන් විදුලි සන්නිවේදකයෝ තම සේවය මහජනත‍ාවට ලබා දෙති. ආධුනික ගුවන් විදුලි සන්නිවේදනයේ නියැලීම…
Read More

කාලිංගටත් iPhone 3G එකක් ලැබුනානේ……

අනංමනං (General Information), ගැජමැට්ක්ස්, මගේ දේවල්
දන්නවනේ මම iPhone ලෝලියෙක් නොවෙයි, නමුත් හැමෝම මේ iPhone වලට හරිම ආසයි, අපේ මලින්තනම් "holy phone" එක ලෙස තමයි මේක හදුන්වනේ. මගේ ආසාවම තිබුනේ Samsung Omnia එකක් ගැනීම තමයි. මොකද මේකේ දුවනේ Windows Mobile 6.1 වීමයි හා එහි 8GB හෝ 16GB මතකයක් එකයි එන්නේ. ඉතින් මම යාලුවෙකුට කිවා, මට Samsung Omnia එකක් ගෙනත් දෙන්න කියලා මොකද එයා සිංගප්පුරුවේ යන නිසා, ඉතින් මට කතා කරලා මෙයා කිව්වා, Lock කරපුවා නම් තියනවා ගොඩක් අඩුවෙන් එකක් ගේන්නද කියලා, මම ඉතින් හා කිව්වා, මොකද Windows Mobile එකක්  Unlock කරන එක හරිම පහසු නිසා. ඔන්න මට Samsung Omnia එක ලැබුනා. ගෙනත් බලනකොට මේක ජපානේ මොබයිල් සමාගමක් වන Softbank වලට නිකුත් කරපු එකක්. මේක Samsumg Omnia i900 වඩා වෙනස්. මොකද Softbank Samsung Ombia 930sc එක Samsung සමාගම විසින් Softbank සහදාම සෑදූ එකක්, පෙනුම හා UI (User…
Read More

Open comprssed files online, file type and free apps, mobile streaming, Twitter, etc

Software, අනංමනං (General Information)
මේ දවස්වල වැඩ නිසා පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, අද ගෙදර හිටපු නිසා, දවල් පොඩි නින්දක් දාපු නිසා හිතුනා පොඩි පොස්ට් එකක් ලියන්න, එක එක දේවල් ගැන. මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට, ඊට පස්සෙ Mobile Streaming ගැන, මොකද අපේ Techකතා දැන් මොබයිල් එකේ streaming වෙන හදපු නිසා, (http://m.techkatha.com) ඒක වැඩ කරත් පොඩි පොඩි ටෙස්ටින් කරනවා, පොඩ්ඩක් සිංහල දාගන්න. මොකද මොබයිල් සයිට් එක ඉන්ගිරිසි නේ :D Mobile Streaming ටිකක් පොඩ්කාස්ටින් වගේ ලේසි නෑ, Live නොවුනත් මේසදහා Streaming server එකක් ඕනේ, දැනට යොදාගන්නේ Apple Darwin සවර් එක. content type එක 3gp, දැන්ට ස්ට්‍රීම් කරනේ 5kbps වගේ වේගයකින්, මේක 40kbps ව්ලට වඩා අඩුයි, ඒ කියනේ GPRS වල උවද කිසි ගැටලුවක් නැතුව අහන්න පුලුවන්. (more…)
Read More

5 වසර ගණිතය අසමත් Mobitel Billing System

අනංමනං (General Information), මගේ දේවල්
හැමදාම මොකක් හරි වගේ අදත් ඔන්න අලයක්, මේපාර Dialog නම් නෙවෙයි. මේ පාර Mobitel. අද ඉතින් පොඩ්ඩක් කලින් ගෙදර ආවා... ඇවිත් Router එක On කරලා, ලැපත් අරගෙන ඇඳ උඩට ගියා, මලා..ඉන්ටර්නෙට් නෑ, router එකට ලොග් වෙලා බැලුවා, connecting.... කියලා තියනවා connect වෙන්නේ නෑ. ඊට පස්සෙ මොඩම් (Huawei E220) එක ගලවලා ලැපට කෙලින්ම ගැහුවා. පස්සෙ ඔන්න customer service call කළා, ඒක ගන්න බැරිවෙන්න අමුතු IVR එකක් දාල, ඒකේ මාර පොරක් වෙන්න ඕනේ customer service contact කරන menu එක හොයාගන්න, ඔක්කොම බොරු automated system, විනාඩි කීපයක් දඟලලා ඔන්න waiting.... විනාඩි 15 විතර යනකොට ඔන්න කොලු ගැටයෙක් කතා කළා, එයත් අර මම කලින් කියපු විදියේ කෙනෙක්. මතකනේ පොස්ට් එක. ඉන්ති මම ඇහුවා ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා, "ආ, සර්, මේක ඩිස්කනෙක්ට් කරලා නේ", මම ඇහුවා, ඒ මොකද ඒ කියලා. "සර්ගේ credit limit…
Read More

තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?

අනංමනං (General Information)
මේක තමයි ලොකුම ගැටලුව තාක්ෂණය කොපමණ දියුනු උනත් වැඩක් කරන්න ගියහම ඒක කරන්න බෑනේ, ගැටලු පැන නැග්ගහම අහන්න කෙනෙක් නෑ නේ, නැතිනම් group වල IRC, Forum වල ගියහම ඔය සමහර අය කියයි RTFM (Read the Fucking Manual) කියල, :D නැත්නම් කියයි අපි spoon feeding (හැන්දෙන් කවන්නේ) කරනෙ නෑ කියා. ඉතින් මේකට මොකද කරන්න පුලුවන්, අනික් මේ සුද්දගේ බාසාව හරියට බැරි උනොත් ඔය එකක් වත් කරන්න බැනේ. ඉතින් මේකට විසදුමක් දෙන්න කියලා අපිට හිතුනා, අපි කිව්වේ මම හා තව මගේ මිතුරන් කීප දෙනකුට, මොකද අපි දන්නවා දෙයක් කරන්න ගියහම ඒක ගැන හරියට අහගන්න, උපදෙසක් ගන්න ගියහම තියන ගැටලුව. ඉතින් අපි පටන්ගත්තා මේ Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්, (www.techkatha.com) මොකද් ද මේ ? (more…)
Read More

මෙන්න මගෙන් තෑග්ගක්….

අනංමනං (General Information), මගේ දේවල්
මට හිතුනා පොඩි වැඩක් කරන්න ඕනේ කියලා, මොකද ගොඩක් අය මේ බ්ලොග් එක කියවනවා :D ඒ වගේම ගොඩක් අය සිංහල බ්ලොග් ලියනවා, මෙන්න මේකයි වැඩේ, මම මේ වෙනකන් ලියලා තියන බ්ලොග් පොස්ට් වලින් එකකට පිලිතුරු ලිපියක් ඔබගේ බ්ලොග් අඩවියේ ලියන්න, ඒක මම ලියපු ලිපියට ලින්ක් කරන්න, නැත්නම් මට ඒක ඊමේල් කරන්න (kalinga.a [at] gmail.com) ඔව්, මේක තරගයක්, තෑගි දෙනවා :) මේකෙන් ලැබෙන්නේ ? 8GB USB Flash Driver දෙකක් මම හොදම ලිපි දෙකට දෙනවා, මරු නේද ? තෝරාගන්නන හොදම ලිපි දෙක මම මගේ බ්ලොග් අඩවියේද පලකරනවා. :) කොන්දේසි.... (more…)
Read More

ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…

අනංමනං (General Information), කෙසේ ද ? (How To)
හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ. මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි :D ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ. (more…)
Read More