How to turn your PS2 (Play Station 2) in to a Media Center

කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)
[Read in English] මම මේ ලගදි කල්පනා කරා කොහොමද මගේ PS2 (Play Station 2) එක Media Center එකක් කරන්නේ කියලා, ඔය MP3, DviX වගේදේවල් දුවන්න. හොයාගෙන යනකොට මේක හරි ලේසි වැඩක්. හැබැයි හැක් කරන වැඩ කරන්නනම් PS2 එක MOD Chip එකක් ඕනේ. මගේ PS2 එක කොහොමත් MOD chip (Modification Chip) එකක් දාලා තියෙන්නේ. මේකෙන් කරන්න ඇත්තටම PS2 එක එන Original protection ඉවත් කිරීමයි. ඒ කියන්නේ CD-R වල වගේ Copy කරපු ගේම් හා DRM (Digital Rights) වගේ දේවල් වලට ඇති restrictions නැතිකිරීමයි. ගොඩක් ඔය MC විකුනන්න තියන PS2 ඒවා මේ විදියට MOD Chip සවිකරපුවා තමයි, නැත්න්ම් රු.6000 වගේ මේක කරගන්න පුලුවන්. හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේක කරන්න ඔය MOD chip සවිකරපු PS2 එකක් ඕනේ, මම මේක කරන්නේ SLIM PS2 එකක් යොදාගෙන තමයි. (more…)
Read More

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -2

අනංමනං (General Information)
මේ ලියන්නේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? හා Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1 පෙර සටහන් වල සබදි කොටසකි. දින කීපයකට පෙර මම ඔෆිස් එකට අපුවහම මට පනිවිඩයක් ලැබුනා, Sriyan De Silva Wijeyratne නැමැතෙකු මට ඇමතුමක් ලබා දී තිබුන බව, ඉතින් මම ඔහුට ඇමතුමක් දුනනා. ඉතින් ඔහු මට ඔහු කව්ද කියා කිව්වා, ඒතමයි Country Manager, Microsoft Sri Lanka. ඉතින් ඔහු මාට කිව්වා කතා කෙරුවේ ඔවුන්ගෙන් වෙච්ච වරද සම්බන්දව බව හා ඔව්න්ගෙන් උන වරදට සමාව ඉල්ලුවා. (more…)
Read More

LG KU990 යනු iPhone clone එකක් ?

ගැජමැට්ක්ස්, මගේ දේවල්
===================================== මෙය YuthMAX වෙබ් අඩවිය සදහා ලියපු ලිපියකි. ===================================== ඔන්න මට පොඩි වෙලාවක් ලැබුනා මගේ අලුත් මොබයිල් එක එක්ක සෙල්ලම් කරන්න. මොබයිල් එක නම් LG සමාගම මගින් නිපදවන ලද KU990 කියන එක. "Viewty" යන වෙලද නාමයෙන් තමයි මෙය හදුන්වන්නේ. මේක Fully touch screen (TFT touchscreen, 256K colors - 240 x 400 pixels, 3.0 inches) වන අතර වෙන keypad එකක් නෑ. ටිකක් මේකට පුරුදුවෙන්නනම් කල් ගියා මොකද, Windows Mobile වලින් ගැලවෙන්න අමාරු නිසා. මොකද ඔය කොහොම මොබයිල් ආවත් මටනම් ටිකක් Windows Mobile වල ඇති පහසු කම් නම් හොයන්න අමාරුයි. මේකේ OS එකනම් LG සමාගම විසින් නිපදවන ලද එකක්, කලින් හිතුනේ Symbion කියලා. නමුත් පසුව පෙනුනා මේක OEM OS එකක් කියලා. ලොකුම සතුට තමයි මේක ගොඩක් hack කරන්න පුලුවන්. ;) හරි බලමු මේකේ තියන පහසුකම් හා අඩුපාඩු මොනවා ද කියලා. (more…)
Read More

වින්ඩෝස් Vista මත වෙන OS එකක් ඉන්ස්ටොල් කිරීම – Virtualbox and Kubuntu

කෙසේ ද ? (How To), ලිනක්ස්, වින්ඩොස්
[Read in English] මම අද කතා කරන්නේ වින්ඩෝස් මත Virtualbox කියන software එක යොදාගෙන කොහොමද තව OS එකක් හෝ කීපයක් ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මේක ගොඩක් වෙලාවට වැදගත් testing වගේම presentation වගේ දේවල් කරන විට. අනික හොඳම එක තමයි මේ software එක නොමිලේ තමයි personal usage එකට ලබාදෙන්නේ. ජර්මානු software සමාගමක් වන Innotek සමාගම තමයි මෙය මුලින්ම ආරම්භ කළේ, දැන් Sun Microsystems ආයතනය තමයි මෙය Open Source ලෙස දියුණුකර ලබාදෙන්නේ. දැනට Windows, Linux, MAC OS and (Open)Solaris මත මෙය install කළ හැකි අතර, මෙය ආධාරයෙන් දැනට බොහෝ OS install කළ හැක. මෙන්න ලැයිස්තුව (more…)
Read More

සිංහල Firefox 3 මාධ්‍ය හමුව

අනංමනං (General Information)
සිංහල Firefox 3.0 නිකුත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් Cinnamon Grand හොටලයේ පැවැත්වුණා. මේක කළේ ICTA එක මගින්. මේකට අපි කටියත් ගියා.  මම මේ කියන්න යන්නේ ඒකේ කියපුවා නෙවෙයි, අපේ යාලුවො එක්ක හිටිය එක ගැන හා මේකේ මම දැකපුවා හා ඇසුණ දේවල් ගැන. අපි නම් ගොඩක් සතුටෙන් හිටියේ අපේ දනිෂ්කගේ මහන්සියේ පල දකින්න ලැබුණ එකට. මොකද මම දන්නවා නිදි වරාගෙන මිනිහා මේකට කොපමණ මහන්සි වුණාද කියල. මාධ්‍ය හමුවට නොවෙයි, Firefox සිංහල කරන්න. (more…)
Read More

කාලිංග goes 3G !

ගැජමැට්ක්ස්, මගේ දේවල්
ඔන්න මම අද ගියා අපේ හසිතට ජන්ගම දුරකතනයක් ගන්න, මේයකාට බලෙන් වගේ තමයි මේක අරගෙන දෙන්නේ, මොකක් හරි කියලා ගන්නේ නැතුව ඉන්නවා, ඉසෙල්ල සතියේ මම බැලුවා Sonyericsson W910i එකක් අරගෙන දෙන්න, පුදුම දුකක් කියන්නේ හැම තැනබ බැලුවා, එකක් හොයාගන්න නෑ. කොහොම හරි අපි කතා උනා බලෙන් හරි මෙයාට එක්ක අරගෙන දෙන්න, කොහොම හරි ගිය සති අන්තයේ මිනිහගේ තියන එකේ ඩිස්ප්ලේ එක පේන්නෙම නැතුව ගියා. ඔන්න මට ඉරිදා කතා කරල කිව්වා, "අපි හෙට කොහොම හරි එකක් ගමු බන් කියලා." කොහොම හරි අපි මෑන්ට Sonyericsson P1i එකක් බලෙන් වගේ හොදයි කියලා පෙන්නුවා, මේකේ ලකුනු නම් යන්න ඕනේ රංගට. කොහොම හරි අපි දෙන්න එක්ක අබාන්ස් එකට ගියා.... ගියෙන්ම් එනවා කියලා ෆොන් එක තියනවාද කියලා තහවුරු කරගෙන... (more…)
Read More

මේල් server කුප්පි :)

අනංමනං (General Information)
ඔන්න ගිය සති අන්තයේ අපි පොඩි වැඩක් කලා... ඒ තමයි දැනුම බෙදා දීමේ පොඩි කාර්‍යක්. මේ සදහා මම, අපේ මේ දනිෂ්ක ලමයා වගේ මගේ යාලුවෝ 2-3 දෙනෙක් ආවා... නියම කතාව කියන්නේ අපේ මේ වරුණ ලමයා අපිව වලහා කලා :-D උට මල් කඩන එක ලොකු උනානෙ මේ ඔක්කොටම වඩා. ;) ඔන්න ඉතින් අපේ දනිෂ්ක නම් උදෙන්ම කියාපු වලාවට ඇවිත් තිබුනා... මම ඉතින් කොහොමත් fashionably late නේ :) ඔන්න නියම වැඩේ මේක නේ, ඔය ටිකක් වෙලා අපි අනිත් අය එනක්ම් ඉන්නකොට fire alarm එක වදින්න ගත්තේ නැතැයි. (more…)
Read More

කොහොමද මේ Satellite TV වැඩ කරන්නේ ?

කෙසේ ද ? (How To)
මුලින්ම මේ චන්ද්‍රිකා (Satellite) ගැන අදහස ලොවට කිව්වේ අපේ ලංකාවේ ජීවත්ව සිටි ආතර් සී ක්ලාක් මහතා. 1945 දී Wireless World සගරාවේ මෙය පල විය. මෙම සැටලයිට් වර්ග දෙකක් ඇත, ස්වාභාවික (Natural satellite) හා මිනිසුන් විසින් සාදන ලද (Artificial satellites). ස්වාභාවික චන්ද්‍රිකා කියන්නේ ඔය සඳ (චන්ද්‍රයා), උල්කාපාත වැනි විශ්වයේ ඇති ස්වාභාවික දේවලටය. නමුත් මම මේ කතාකරන්නේ මේවා ගැන නොවෙයි. මිනිසුන් විසින් සාදන ලද චන්ද්‍රිකා ගැන. ඒවා යොදාගෙන කොහොමද මේ රුපවාහිනී වැඩසටහන් විකාශනය කරන්නේ කියලා. දැනට ලංකාවේ මේ ආකාරයට වැඩසටහන් චන්ද්‍රිකා යොදාගෙන විකාශනය කරන්නේ ඩයලොග් සමාගම මගින්, ඩයලොග් ටිවී ලෙස. අපි බලමු මේ communication satellite (සන්නිවේදන චන්ද්‍රිකා) එකක් කියන්නේ මොකද්ද කියලා. (more…)
Read More

ව්න්ඩෝස් විස්ටා tricks හා Speed Boosting (Readyboost)

කෙසේ ද ? (How To), වින්ඩොස්
මම වින්ඩොස් විස්ටාවල තියෙන tricks වගයක් හොයාගත්තා. විස්ටා එක්ක සෙල්ලම් දාගෙන ඉන්නකොට.... මෙන්න ඒවා ගෙන් ටිකක්... එකක් තමයි තමන්ගේ favorite programs කී බෝර්ඩ් (Keyboard) එක මගින් start කරන එක, අනික windows explore වගේ ඒවාගේ menu bar එක show, hide කිරීම. Alt-Tab මගින් running application අතර මාරුවෙනවා වාගේ task bar එකේ ‍ඇති application අතර මාරුවන්නේ කොහොම්ද කියලා, අන්තිම එක RAM මදි නම් වින්ඩොස් විස්ටාවල ඇති ready boost පාව්ච්චි කර ප්‍රොග්රෑම් වේගය වැඩ්කරගන්නා ආකාරය. (more…)
Read More

ලිනක්ස් දොර මුල්ලට, වින්ඩොස් විස්ටා එලියට….

අනංමනං (General Information), ලිනක්ස්, වින්ඩොස්
දුකයි, ඒත් අන්තිම මට ලිනක්ස්වලට සමුදෙන්න වුණා ! මේකට හේතුව මගේ අළුත් ලැප්ටොප් එක. මොකද ඒකේ wifi හා sound card එක හරියට වෑඩකරන්නේ නෑ ලිනක්ස්වල. මම ගොඩක් උත්සාහ කළා මේක හදා ගන්න, හරි ගියේ නෑ. kubuntu හා fedora දෙකම බැලුවා. madwifi හා ndiswrapper දාලා බැලූව wifi වලට, ALSA කීප වතාවක් දැම්මා sound වලට. sound ආවත් හරි Quality එකක් නෑ.... බැරිම තැන Windows Vista දැම්මා, මොකද ලැප් එක එක්ක ආපු නිසා. ඇත්තටම ගොඩක් හොඳයි වගේ.... මේක තමයි Windows වල ඉදන් ලියන පලමු බ්ලොග් පොස්ට් එක :) Windows Live Writer පාව්ච්චි කරන්නත් අදහසක් තියනවා මීට පසු බ්ලොග් එක ලියන්න. ඔබ ලිනක්ස් ලෝලියෙක් නම් මෙතනින් එහාට කියවන්න එපා :) (more…)
Read More

ගල්යුගයෙන් වර්තමානයට….

අනංමනං (General Information)
කරන්න දෙයක් නෑ, මට ලැප් එකක් නැතුව බෑ මම කරන දේවල්වලට ඕනේ... මේක නිසා මම ඉතින් හැමතැනම හෙව්වා එකක් ගන්න.... අපේ අය කියන ගණන් ඇහුවහම පිස්සු හැදෙනවා, හරියට අපි දැකලා නෑහැ වගේ! $800 වගේ ගන්න පුලුවන් එකක් මේ අය රු150,000 වගේ කියනවා. මට තේරෙන්නේ නෑ මොකද කියලා. බ්‍රහස්පතින්දා හා සිකුරාද දවසම කළේ මේක හොයන එක තමයි.... රට වටෙන්ම ගණන් ගත්තා, කිසිම හොඳ එකක් හොයාගන්න බෑ, ඔක්කොම ගොඩක් පරණ මාදිලි. නැත්නම් මම හොයන දේවල් ඒකේ නෑ. කොහොම හරි තැන් බරගානකට ගියා... හිතට අල්ලන එකක් දකින්නම නෑ. IBM එකක් තමයි ගන්න බැලුවේ, මම කලින් IBM T42 එකක් පාවිච්චි කළා, ඒකනම් ඇත්තටම හොඳයි. ඒත් IBM මාදිලි 2-3 වඩා හොයාගන්න බැරි උනා. මොකද ගොඩක් අය කියන්නේ ගෙනල්ලා දෙන්නම් කියලා, මට එපමණ කල් ඉවසලා ඉන්න බැ ! (more…)
Read More

නැවත ගල් යුගයට ?

අනංමනං (General Information)
ඔන්න ආයේ පාරක් මාගේ අපලේ පල දුන්නා.... මාව දන්න ගොඩක් අය දන්නවා ඒ මොකද්ද කියලා.... :D ඒක තමයි මගේ ලැප්ටොප් අපලය ! මගේ මොකද්ද වරදකට මට කිසිම ලැප්ටොප් එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න බෑ ! මම මොනවා කරනවා ද කියලා හැමෝම මගෙන් අහනවා... මම වත් දන්නේ නෑ.. ඒත් මොකක් හරි වෙනවා... ඔන්න මේපාරත් මගේ ලැප්ටොප් එක හරි... ඒක මට පේන විදියට motherboard එක ගිහිල්ලා... මේකේ ආයු කාලය මාස 6යි!! (more…)
Read More

ඇයි බ්ලොග් එක ලියන්නේ නැත්තේ ?

අනංමනං (General Information)
ගොඩක් දවසකින් බ්ලොග් එක ලියන්නේ, නොලියා හිටියේ ඇත්තට සිංහල Unicode ගැන පොඩි කලකිරීමක් ඇති උන නිසා. මේකට හේතුව මේ සිංහල Unicode හරියට ගොඩක් පරිගනකවල වැඩනොකරන එක හා හරියට rendering වැඩ නොකිරීම. ‌Windows XP SP2 English හා Windows Vista ඇරුනහම වෙන කිසිම ‌Windows Version එකක මේ සිංහල යුනි කොඩ් වැඩකරන්නේ නෑ හරියට. මෙයට හේතුව Microsoft විසින් හෝ ICTA එක මගින් හරියට patch එකක් සාදා නොතිබීම. මම දන්න ගොඩක් අය මට මැසිවිලි නගලා තියනවා "මගේ පරිගනකයේ Windows XP XXX කින බාසාව තියේන්නේ කොහොමද සිංහල යුනිකොඩ් දාන්නේ කියලා." ඇත්තටම මමද ඔය දේට මුහුන දුන්නා. English Windows XP SP2 හැර වෙන බාසාවක Windows XP පරිගනකයකට සිංහල Unicode දාන්න බෑ. ඕක නිසා මම මේ බ්ලොග් එක සිංහල Unicode බාවිතයේන් ලියන එක තේරුමක් ඇද්දැයි කියලා සැකයක් මතුවෙලා තියනවා.
Read More

(Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service.

අනංමනං (General Information)
අනේ ඉතින් මම මේ ආවඩපු M3 (Mobitel) HSDPA එකටත් හරි වගේ. කියලා වැඩක් නෑ. ඔන්න දවස් දෙක තුනක් GPRS හා සමාන වේගවල වැඩකරලා බැරිම තැන විනාඩි 20 hold එකේ ඉඳලා මාත් කතා කළා customer care එකට, අපරාදේ කියන්න බෑ කතාකරපු කොල්ලට හොඳට කඩුවනම් පුලුවන්... ඒ කියන්නේ අනිත් ඒවත් හොදට දන්නවා නේ ;) එහම තමයි එයානම් මට කතා කළේ. මේවට තමයි දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ.... මම මේ ADSL අයට හිනා වුණා මගේ M3 එක ඕනේ වෙලාවක 1Mbps කියලා.... Back in the days...... (more…)
Read More