2002 වගේ මම ලංකාවේ රූපවාහිනී නාලිකා බලන එක නතර කරා. (2019 වෙලත් අපිට තාම අඩුගානේ HD වත් නෑ, ඉතින් කොහොමද රටක් විදියට ඉදිරියට යනේ? lol ) ඊට පසුව කරේ සැටලයිට් TV බලන එක, මොකද HD උවමණාව නිසා, ඒකත් 2014-15 වගේ වෙනකොට අඩු කරා, Netflix, Hulu වගේ ඒවා නිසා. නමුත් මෙතනත් ගැටලු නැතුව නොවෙයි. පිට රටවල තියනවා concept එකක් cable cutting කියලා, ඒකෙන් කරන්න DTV/Cable TV අයින් කරන එක.
නමුත් දැන්න එන්න එන්න Netflix බාවිතය තේරුමක් නැතුන යනවා, අදාල TV show හදන සමාගම්ස තමන්ගේ සේවාවන් ගෙන එනවා, ඒවට වෙනම ගෙවන්න වෙනවා. එක එක අයගේ එක එක වැඩසටහන් බලන්න, සියලු වැඩසටහන්සි එක තැනකින් බලන්න බෑ. තවද බොහෝ සේවා ලංකාවට නෑ. Netflix උවද ලංකාවට සියලුම වැඩසටහන් දෙන්න නෑ, නමුත් අපි ගෙවන මුදල අඩුවක් කෑ.
දැන් සියල්ල content on demand, ඒ කියනේ තමන්ට ඕනේ වෙලාවටයි බලන්නේ, දැන්වීම් හා රූපවාහිනී නාලිකා වලට ඕනේ වෙලාවට නොවෙයි, Youtube hit එකක් උනෙත් මේ නිසයි. ලොපුරා මිනිසුම් දැන් වැඩියෙන් බලන්නේ Youtube, TV නාලිකා නොවෙයි.

2016 දී මට හිතුනා මෙහෙම දෙයක්. (මෙතනින් බලන්න) දික කතාවක් කෙටියෙන් කිවුවොත්, Netflix clone එකක් හදන්න., ගෙදර ඉදන් හැමෝඅටම බලන්න පුලුවන් වෙන්න. මේ සදහා මම් ක්රම කීපයක් බැලුවා, DLAN වගේ, නමුත් අන්තිමට Plex බාවිතා කරන්න හිතුනා. තවද විදුලි බලය අඩුවෙන් යන හා සියල්ල automated වෙන විදියට. (මේ හදපු එක වගේ නොවෙයි.)
Concept එක, තමන් කැමති වැඩසටහන් වල අලුතෙන් episode එකක් අවාහම ඉබේ download වෙන එක, හරි පිලිවෙලකට සැකසෙන එක. සාලේ ඉනදන් වැඩසාටහනක් බලලා මගදී නවත්තලා කාමරේට ගිහින් කිසිම අපහසු තාවයක් නැතුව නවත්තපු තැන සිට බලන එක, ෆෝන් වල ඒ විදියට වැඩ කරන එක. ගෙදර හැමෝටම බාවිතා කරන්න පුලුවන් එක. වෙන වෙන වැඩසටහන් වෙල progress වෙන වෙනම පෙන්න එක. මොකද ගෙදර හැමෝම එකම බලනේ නෑ නේ.
මම බාවිතා කරේ මේ ටික, අනිත් දේවල් තනියම ලියපු දේවල්.
අදාල වැඩසහටන් auto download වෙන්න දාන එක. (Showrss)
වැඩසහටන් පිලිවෙලකට සැකසෙන එක. (Customized version of This)
Youtube video download වෙන එක. (Youtube-DL)
Netflix වගේ Interface එකක් (Plex Server + Apps)
Torrent (Transmission)
Smart TV නැතී TV වලට RasPlex Plex Client එක.
මේසියල්ල හා පොඩි පොඩි script කෑලී ටිකක් දාල automated කරා. සියල්ල වැඩ කරනේ Raspberry Pi 3 එකක්. (Plex Server) storage සදහා USB HDD. දැනට Raspbian (Debian fork for Raspberry Pi) Raspbian වැඩ කරනේ SSD එකක් හරලා boot වෙන්නයි (2019 දී, boot raspberry pi from usb), කලින් කර තිබුනේ /var එක පමණක් USB drive එකකට මාරු කරපු එක. මෙයට හේතුව නැතිනම් SD කාඩ් එක කල් පැවත්ම අඩුවෙන එක. SD වල දිගට write උනොත් එක ඉක්මනට නරක් වෙනවා.
වැඩ කරනේ Raspberry Pi එකේ Plex server එක දාවනය වෙනවා, TV, Phone/Tab (Mobile app එක මුදල් ගෙවිය යුතුයි) වල Plex app එක, Smart නැති TV වල Raspberry Pi + RasPlex with HDMI-CEC (HDMI-CEC කියනේ TV එකේ remote එකෙන්ම RasPlex එක control කරන එක.) මේ සියල්ල WiFI හෝ Ethernet හරලා වැඩ කරනේ. කොහෙහරි යනවානම් Mobile app එකට පුලුවන් offline බලන්න download කරගෙන යන්න.

Torrent download කරනවානම් Transmission automated කරන්න පුලුවන් රෑට පමණක් download වෙන්න. proof of concept එක දැන් full time කිසි කරදරයක් නැතිව වැඩ. දැන් අපි DTV නවත්තලා මාස කීපයක් වෙනවා.
Raspberry Pi වලට HDD සම්බන්ද කරනකොට Power වෙනම HDD එකට දෙන්න වෙනාවා මොකද Raspberry Pi එක හැකියාවක් නෑ HDD උවම්ණා වෙන දාරාව දෙන්න. Raspberry Pi 3 හෝ 2 නම්, Gigabit Ethernet Adaptor එකක් දාන්න වෙනවා server එකට, Pi 3 B+ නම් මේ ගැටලුව නෑ.
වසර 3නකට පසු කිසි ගැටලූවක් නැතිව වැඩ, Wife ට බාවිතා කරන්න පුලුවන්නම්, තවත් මොන කතාද?
මේක නිසා අපි දැන් bandwidth ගොඩක් ඉතුරු කරගන්නවා. පොඩි අය උනත් Youtube බල බල Bandwidth නාස්ති කරනේ නෑ, අදාල දේවල් අපි download කරලා, දෙන්නගේ නම් වලට වෙනම දානවා.
නමුත් මෙය වාසීද? නෑ! 🙂 HDD ගානත් අනිත් දේවල් බැලුවහම Netflix බලන එක ලාබ වෙන්න පුලුවන්! ගණන් හදලා බලන්න 😀
“TV show හදන සමාගම්ස තමන්ගේ සේවාවන් ගෙන එනවා”
මේකෙන් වෙන්නේ අපහු පයිරට් කරන එක වැඩි වෙන එක. services ගොඩකට subscribe වෙන්න හෙන ගානක් යනව නෙ
ඔවු, ගොඩක් අයට ඒක තේරෙන්නේ නෑ, අපි බලනේ සල්ලී දීලා බලන්න, උන් කරන්නේ සල්ලී දීලා බලන එකව තවත් අමාරු කරන්න එක.
කාලෙකට පස්සෙ සුපිරි පෝස්ට් එකක් දාලා. ජයවේවා🙏🙏🙏
නියමයි +++++
Great thanks 💚
නියමයි… ජයවේවා…
කාලෙකට පස්සෙ ලොකු වැඩක්