We are back! මොකාද ඒ ?

කැලේ මාරු උනාට කොටියගේ පුල්ලී මාරු වෙන්නේ නෑ කියනවා වගේ, අපිත් එහම තමයි, මොනදේ උනත්, කල් ගියත් පරණ පුරුදු නැතිකරගන්න බෑ නේ. ඒ නිසා අවුරුදු 4කට ඔන්න මෙන්න තියනා, ආයේ Techකතා පටන්ගත්තා! කරන්න දේවල් නම් ගොඩයි, මේ අවුරුද්දේ (2018) ජනවාරි 28ට ටෙක්කතා වලට අවුරුදු 9ක්!  මේ බලන්න කට්ටිය, අවුරුදු 9යකට කලින් 😀

කැමරාවේ කොලිටි ඉදන් ලොකු වෙනසක්, මේන්න අද

Techකතා හා බ්ලොග් නිසා ජිවිතේ හරිම ලොකු වෙනසක් උනා, ඒක හරි සතුටුයි.  අනික දැනුම විනෝද බෙදාගෙන යාලුවෝ ගොඩක් හදාගන්න ලැබුන එක ලොකු දෙයක්. දැන් ගොඩක් අය දැනුම හා වෙනත් දේවල් බෙදාගන්න හදන්නේ පලමු පරමාර්තය මුදල් ඉපයීම (ඒක වැරදියි කියනවා නෙවෙයි, මොකද මුදල් නැතිව අද අමාරුයි.) නමුත් අපි ටෙක්කතා කරේ අපේ විනෝදේට, ඒක නිසා ඒකෙන් ලැබුන සතුට වගේම ඒක කරේ හරි ආසාවෙන්. ඒ දේ නැවත කරන්න ලැබුණ එක හරි හොදයි.

ඉස්සර වගේ නොවෙයි, පවුලක් තියනවානේ.

ටෙක්කතා අහපු අයත් අපි වගේම වයසට ගිහින්, පවුල් පන්සල් වෙලා 😀 අලුත් කට්ටියකට මේක ගෙනියන්න අපිට උදවු ඕනේ, ඒක ඔයාලට කරන්න පුලුවන්, දන්න අයට කියන, share කරන්න 😀 ඉදිරියේදී ටෙක්කතා අඩවිය වෙනස් වෙයි, මොකද මේක අවුරුදු 9යකට කලින් කරපු වෙබ් අඩවියක්.  අහලා බලන්න, කියන්න මොකද හිතෙන්නේ කියලා!

 

8 thoughts on “We are back! මොකාද ඒ ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *