ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

Home / අනංමනං (General Information) / ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ, එනවා යනවා කියන එක සාමන්‍යය දෙයක් බවට වෙලා, නැතිනම් maintenance වලට දවසම විදුලිය කපන එකද දැන් පුරුදු දෙයක්.  මේකට විසදුමක් නැද්ද ? කෙනෙකුට හිතෙන්න පුලුවන් Solar දැම්මනම් හරි කියලා. නමුත් සෝලර් දාන්නේ නෙට් මීටරින් නම්, කරන්ට් එක කැපුවහම ඒකත් නැති වෙනවා. මේකට හේතුව, solar වලින් උත්පාදනය වෙන විදුලිය Storage වෙන්න තැනක් නැතිඑක.

ලාබෙට කරන්න පුලුවන් දෙයක් මමත් සොයලා බලනකොට (මීට වසරකට පමණ කලින්) පොඩි ගැටලු ටිකක් ආව.

  1. කියක් වියදම් වෙයිද ?
  2. මේකෙන් මුලු ගෙදරම දුවන්න ඕනේ ද ?
  3. කොචර කාලයක් විදුලිය නැතුව ඉන්න පුලුවන්ද ?

පලමු එකට පිලිතුර නම් දෙක හා තුන දැනගෙන ඉන්න ඔනේ.

  • නෑ, ලයිට් 5-6ක්, ෆැන් 2ක් හා refrigerator එක හා ඉන්ටර්නෙට් රවුටර් තුනක්, CCTV, Home Security System
  • පැය 20ක් පමණ.

දැන් බලමු පළමු එකට උත්තර, වැදගත්ම එක…

දැන් බාවිතා කරන උපකරණවල විදුලි පරිබෝජනය බලමු.

  • ලයිට් 6ට, එකක් වොට් 4 බැගින් 24wක්.
  • ෆෑන් දෙකට වොට් 160wක්.
  • ෆ්‍රිජ් එකට, ෆ්‍රිජ් එක ඉන්වර්ටර් නිසා උපර්මට 350wක් උවද, normally 200w පමණ.
  • CCTV, Security System ටිකට 50wපමණ.
  • රවුටර් ටිකට 20w පමණ.

මුලු එකතුව 600w පමණ.  දැන් කාලය පැය 20ක් නිසා (600w x 20h) 12000 wh නැතිනම් 12kwh, (kilowatt-hour) දැන් මේ අනුව මට 12kwh බැරටි පද්දතියක් උවණා වෙනවා. මේ සදහා මම යොදාගන්න හැදුවේ ලාබ කාර් බැටරි (no maintenance මාදිලිය) හැබැයි මතක තියාගන්න කාර් බැටරි නිපදවා තිය්නේ මෙලෙස දිගුකාලය විදුලිය ලබාගන්න නොවන අතම, discharge/charge එක දිගට නොවෙන තැන්වල බාවිතයට. එක දිගට charge/discharge වෙනකොට කාර් බැටරි ඉක්මනට නරක් වෙනවා.  මේ සදහා සුදුසු deep cycle battery වේ.

බැටරි එන්නේ ah (Ampere hours) නමුත් අපි ගණන් හැදුවේ wh (watt hours), ඒක හදන්න ලේසියි, දැන් උඩ ඔකොම ගණන් හදුවට යන වියදමත් ඒකත් පොඩි කතාවක් තියන නිසා. මම මුලින් හිතුවා 12v 65ah බැටරි 6යක් ගන්න. ඒ කියන්නේ (65 * 6 = 390ah) එතකොට 390ah x 12v කියනේ 4680wh නතිනම් 4.68kwh. බැටරි වලට වසර 5ක වගකීමක් එක්ක තමයි ආවේ.  (තවද ම්තක තියාගන්න 4.6kwh ම බාවිතා කරන්න බැරි බව.)

බැටරි ටික ගෙනාවා.  දැන් ඔනේ මේ බැටරිවල විදුලිට අපි ගෙදර බාවිතා කරන 230V AC 50Hz වල්ට හරවන්න, මෙතනදි Inverter එකක් බාවිතා කරන්න වෙනවා, Inverter වර්ග කීපයක් එනවා. ලොකු transformer එන, නැතිනම් SMSP, Pure Sine waves (දැන්ට අපිට ලැබෙන විදුලිය sine waves වේ) නැතිනම් ලාබම SMPS modified sine waves, මම ඉතින් ලාබ මග තෝරාගත්තා.
ගත්තේ PROLiNK IPS2400 2400VA මේක මගේ වැඩේට හොදට ඇති. මගේ උපරිම විදුලි බාවිත වොට් 600ක් පමණ වෙන නිසා 1200w ලැබෙන එකක් ඇති. (උපරිම බාවිත x 2) මොකද ෆැන්, ෆිර්ජ් මුලින් ආරම්බ වෙනකොට එක පාරට විදුලිය ගොඩක් ගන්නා නිසා.  modified sine waves ගොඩක් උපකරණ වලට හොද නෑ 🙂


Inverter එක තෝරාගැනීම.

  • බාවිතය උවම්ණ වොට් ප්‍රමාණය තිබීම.
  • බැටරි ආරෝපකයක් තිබිම. (බාවිතා කරන Ah වලට සහය දිය යුතුයි.)
  • ඉබේ විදුලිය නැණ සිටිවිට බැරටිය මාරු වීම.
  • Overload and short circuit protection තිබිම.

 

 

හරි, මීලඟ වැඩ ටිකට විදුලි කාර්මිකයෙකුගේ සහය ගන්න, inverter එකට අදල පරිපත වෙන්කොට ඒ අදාල විදුලි බල්බ, පේනු වට වෙන වෙනම්ට විදුලිය ලබාදෙන්න වෙනවා. ඒ වගේම බැටරි නිවසින් පිට සවිකල යුතු අතරම හොද DC Breaker එකක් සවිකල යුතුයි. බැටරි short උවහොත් ගිනිනැනීම් වගේම පිපිරිමකට ලක් වෙන්න පුලුවන්. සවි කරනකොට ඉතාමත් පරිස්සම් විය යුතුයි.

දැනට මේක සවිකරලා වසරකට වැඩියි, මේ වෙනකන් කිසිම දෙයක් කරලා නෑ, බැටරි වෙලට terminal මරු කිරීම හැරෙන්න, ඒක කරේ වැස්සට මලකෑමට ලක්වෙලා නිසා.  උවමණානම් Solar + Battery + Inverter උවද බැවිතා කරන්න පුලුවන්!

Update:
කීප දෙනෙක් ගිය වියදම අහුවා, බැටරි එකක් රු.12,000 පමණ උණා, ඉන්වර්ටර් එක රු.22,000 අපමණ, අනිත් දේවල් වලට රු.5000 පමණ ගියා.

11 Comments

  • නිරංජන්

    මේ අදහස මටත් සෑහෙන කාලයක ඉඳන් තියෙනවා. විශ්ඉවාසෙට ඉන්වර්ටර් ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද?

    • මම නම් මේක ගත්තේ සලා එන්ටප්‍රයිස් එකෙන්, නැතිනම් ඉතින් ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන්, ebay වගේ.

  • Rajith

    Post eka hodai but meka hadanna godak loku ganak onine
    Eth ups ekakin mn light 4k witara paya 10k wage pathtukaranawa ups eka hodanam, batry tawa set karalla tawa diunukaranna puluwan

  • Gayan Priyanatha

    idea is great, but implementation can be improved on following aspects
    1. use deep cells batteries it so that u can drain them more than 50%.
    2. power lost is not calculated on this system, power lost on line transmits heat and inverter lost need be added.
    3. If low load devices can be powered via DC than lost on inverter can be a win situation.
    4. the inverter is not on demand type hence it will produce 1200A/2400A even its not used, not efficient type for this application.

    • 1. actually pointless in this kind a situation unless your doing a off grid solution. Rs.12000 vs Rs.60000 per battery, you can replace the battery each year and still be wroth; (keep in mind normal 12000 battery comes with 2 year warranty and DC comes with 5 year) and this system has proven for more then 3 years now; so its already paid off. I have already mention in the post about using deep cycle.

      2. only loss you need to calculate is inverter efficiency; even that is not a must since this is not a off grid solution to power your home, its for backup power when grid fails. power loss in wires is insignificant unless your using lower gauge then your power usage or running DC in long ranges. running 230v AC on 15A cable, for a significant loss has been be many many meters

      3. then your 2nd argument comes in to play, loss in DC transmission in wires, not to mention addition cost of wiring, and finding devices that use DC in the 1st place. again your talking about a off grid situation then a backup power situation.

      4. not true, the inverter power usage is based on demand. (as seen on the amp meeter) and for common sense as this use SM system not transformers.

  • Gayan Priyanatha

    I was trying to improve backup time of the system, you can take this to next level as off grid as well.

    1. 100A deep cycle (2 years warranty) is only Rs. 28,000/=. Fro 390A we can use 4 of them. so we can dis charge them 100%.
    2. Inverter can be made on demand with following features (All new inverters are Switched-modes)
    No-Load Draw. This is the power used by the inverter just to keep running when there is no load.
    Search Power. Power-saving feature called “search” or “sleep” mode to power down the high.
    MPPT solar charger instead of PMW in this series.
    3. Forgot to mention about surge arrests devices protection, we can have both DC and AC surge protectors.

    When it comes to cost I agree then SL is not a good place to buy equipment in generally which makes our systems very expensive :(.

    • 1. can you tell me where i can get 100A deep cycle for Rs.28,000 ?
      2. as I’ve mention on the privies reply, its already there; there is no solder connected on this, so no solar chargers are necessary

      yes, this system is was done to be economical to put up with less to nothing modifications or changes to existing equipments or wiring; the goal is to have power when there is a interruption in the CEB with no human interaction. yet will work for few years with no maintenance, its already proven with 3 years running with 0% maintenance.

  • නිරංජන්

    මම මේ තරම් විශාල පරිමාණයෙන් කරන්නේ නැතිව සෝලාර් පැනල් එකක් එහෙම දාලා පොඩි පද්ධතියක් හැදුවා. වොට් 100 සෝලාර් පැනල් එකයි. චාර්ජ් කොන්ට්‍රොල් එකයි. වොට් 100 සෝලාර් පැනල් එකෙන් සාමාන්‍යයෙන් ඇම්පියර් 6කට වඩා ටිකක් වැඩි ගන්න පුළුවන්. ඒ නිසා ඇම්පියර් 65 එක බැටරියක් ගත්තා. ගෙදර ලයිට් විතරක් පත්තු කරන්නයි සැලසුම් කළේ. අවුල් වුණු තැන තමයි මම බාල චීන ඉන්වර්ටර් එකක් ගත්තු එක. ඒක ඉක්මණින් සවුත්තු වුණා. දැන් මම වොට් 800 විකර ගන්න පුුළුවන් ප්‍රොලිනික් යූපීඑස් එකක් මොඩිෆයි කරලා දාලා තියෙනවා. මොඩිෆයි කළා කියන්නේ ඒකට කූලින් ෆෑන් එකක් හයි කළා. දැන් ඒක හදිසි අවස්ථාවක නිවස අඳුරේ තියෙන්නේ නැති වෙන විදියට සාදා තියෙනවා. රාත්‍රියේ නම් පැය 3ක් විතර ලයිට් විතරක් පත්තු කරන්න පුළුවන්. එල්.ඊ.ඩී. බල්බ් 10ක් විතර පත්තු වෙනවා. ඉඳලා හිටලා පොඩි ෆෑන් 3ක් විතර දානවා. එහෙම වෙලාවට පවතින කාලය අඩුයි. හොඳට අව්ව තියෙන දවාලක ලයිට් ගියොත් නම් පැය ගණන ගැටලුවක් කරගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන්. තව පැනල් ටිකක් වැඩි කරලා වැඩි ඇම්පයර් ඩීප් සටයිකල් බැටරියක් දාලා, හොඳ ඉන්වර්ටර් එකක් දාලා (පියෝ සයින්) මේ වැඩේ දියුණු කරලා ගන්නයි අදහස් කරගෙන ඉන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *