වසර 2කයි, මාස 4යි, දින 25කට පසු, අද මට මගේම කියා බ්ලොග් එකක් ඇතිබව මතක් විය. 😀 වසර 8යි, මාස 11යි දින 10 පෙර තමයි ඇරබුනේ. හිතාගන්න අමාරු උණත් මේ බ්ලොග් නිස මාගේ ජීවිතේ ලොකු වෙනස්කම් සිදුවිය. යහලුවන් සොයාගැනීම, බිරිදක් ලැබීම, රැකියා ලැබීම හ්ම්… කවුරු හිතුවද බ්ලොග් එකක්ට මෙචර දෙයක් කරන්න පුලුවන් කියලා ? ගොඩක් අයට කිවුවට තමන්ගේ දැනුම අනුන්ට නොමිලේ දීමෙන් තමන් පරිපූර්ණ වෙනවා කියලා ගොඩක් අයට මේක සුවර් නෑ 😛 ඒක එහම තමයි (මේක කර කාලෙකට කලින් තිබුන ටෙක්කතා ඇතුලත්ව)
Techකතා කිවුවහම මතක් උනේ, ඒකත ලගදිම එනවා, බාලගිරි වගේ නෙවෙයි ඇත්තටම. ටෙක්කතා පවුල නම් දැන් ලොකුයි 🙂
තාමත් හර්ෂ පොලු තියනවා 😀
ඩනිෂ්කනම් දැන් බමුනෙක් වෙලා සිංගප්පුරුවේ කැලේක ඉන්නවා, මලින්ත දැන් ලමයි 5 දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මම නම් තාම හරි තරුණයි 😀 ඔය කිවුවහම මතක් උනේ, මලින්තයා බ්ලොග් එකට මොකක් වෙලාද දන්නේ නෑ 😀
තිලිණ යි මායි දැන් එකට වැඩ, ඔවු, පරණ ජොබ් එකෙන් සමුගෙන startup එකක් වෙන takas.lk එකට ජොයින් උනා. ඔය කිවුවහම මතක් උනේ, අපි drone එකක් මගින් බඩු යවන්න උත්සාහ කරනවා, වැඩි විස්තර මෙතන.
ව්ස්තර මෙතනින. (මෙය මුදල් නොගෙවා ප්රචාරය කර දැන්වීමක් :P)
Tech කතා විතරද ? සින්ඩිකේටර් එකත් අය හැදුවොත් නරකද
දැනට ඉහේ කෙල්ගානට තියන නිසා, මෙක නැතිකම කිසි අඩුවක් මට පෙන්නේ නෑ, නමුත් මට නොපෙනෙන දයක් තියනවානම් කියන්න.
දැන් බ්ලොග් කියවන්නවත් හිතෙන්නෑ විකාර වැඩියි.තමුන්ගේ පම්පෝරිය තමයි ගොඩක් බ්ලොග් වල තියෙන්නේ tech පැත්තට තියන බ්ලොග් ගොඩක් අඩුයි.ඔයාලා වගෙ පරණ බ්ලොග් ලියන සෙට් එකෙන් මම සෑහෙන දේවල් ඉගෙන ගෙන තියෙනව.
හ්ම්… දැනට ගොඩක් බ්ලොග් කියන අය මහසියක් ගනේ නෑ කියලා හිතෙන්නේ.
Kalinga Aiya godak kalekin ,tech katha patangandako ehenam ikmanatama jaya wewa
අපගේ උණුසුම් සුභ පැතුම්.. ටෙක් කතා අයෙත් කරනවා නම් හොදයි!
ඔව්, පටන් ගන්නවා.
අෆ්ෆා.. සෑහෙන කාලෙකින් නෙව.
ආයෙ ලියන්නෝන කියල හිත හිත ඉන්නව මිසක් දැන් පෝස්ට් ලියන්නත් කම්මැලියි
කියල වැඩක් නෑ එක නම්.
ලංකාවෙ බ්ලොග් කලාවට ආයෙත් හොද කාලයක් එයි වගේ 😉
ශාකුන්තලගෙ, මලින්තගෙ, කාලිංගගෙ, ඉන්ද්රනාමගෙ, හර්ෂදේවගෙ යනාදී අයගෙ සිංහලෙන් කෙරුනු වැඩ දැකල තමයි මටත් ආස හිතුනෙ බ්ලොග් ලියන්න… ඒ එක්කම “සොඳුරු සිත” ලියාපු දේවල් දැකල හිත පිළිවෙලකට එළියට දාන්නෙ කොහොමද කියල ඉගෙන ගත්ත… හැමෝටම බොහොම ස්තූතියි…!
බොහොම ස්තුතියි ඒ කාරුණික වදන් ටිකට.
teckkatha enakan balan inwa. ikmanta patan ganna aiya
Menna hoda blog ekak