වසර දෙකකටත් වැඩිකාලෙකට පසු, මටත් මතක් උනා මට බ්ලොග් එකක් තිබුනා කියලා. නොලියා සිටින්න නම් බොහෝ හේතු ඇත. ලොකුම හේතුව කම්මැලි කම, දෙවන හේතුව Techකාතා, ලියන්න හිතේ තියන ගොඩක් දේවල් කටින් Techකතා වල කියවෙන නිසා බ්ලොග් එක ලියන්න කම්මැලියි. අනික් හේතුව සියලුම පරිගනක මැක් පරිගන උන නිසා හරියට ටයිප් කරන්න විදියක් නොමැතිවීම. (විජේසේකර යතුරුපුවරුව හුරු නොවීම ලොකු අඩුපාඩුවක්) තවද Techduino වගේ දේවල් නිසාත් කාලය අඩු උනා. ලියනවාට වඩා විඩියෝ හදන එක ලේසියි කිලත් හිතුනා. (නොලියන්න ඕනේ තරම් හේතුනම් ඇත)
කොහොම උන්ත බ්ලොග් කියන එක අතහැරලා දාන එක හොදනෑ කියන එක හිතුන නිසා, මේක වත් කියනවා කියලා හිතුවා! කරන කියන දේවල් දැනගන්න ඕනේනම් @kalinga ඔස්සේ හෝ Kalinga G+ දැනගන්න පුලුවන්. විඩියෝ නම් මෙතනින්.
මට තියන ලොකුම ගැටලුව, තාම මෙහෙම් බ්ලොග් එකක් තිබුනා කියලා මතක අය ඉන්නවාද කියලා 😀
Back in 2008 I learnt lot of things Thanks to your Blog. 🙂
මටත් මගේම කියලා බ්ලොග් එකක් තිබුණා. ඒත් දැන් ඒකට මොනවා වෙලාද දන්නෙ නෑ 😛 😛
ඉන්නවා ඉන්නවා. වැඩේ කියන්නේ techkatha අන්තිමට කරලා තියෙන්නේ පෙබරවාරී වල. 😛
Ade… matath blog ekak thiyanawa ne ban.. mathaka nethuwa hitiye 😀
අනේ ඔහොමම අර සින්ඩියක් කියලා එකක් තිබුනා කියලත් මතක් වෙනවනං.. කොයි තරං දෙයක්දෑ.. 😀
මටත් මතකයි… මීට අවුරුදු 6කට විතර ඉස්සර,, මුලින්ම කාලිංග අයියගෙ බ්ලොග් එක කියෙව්ව.. ගෙදර තිබ්බ dial up connection එකෙන් online ඇවිත්.. 😀
මතක නෑනේ :3
මතකයි හෆ්ෆා
මොකෝ මතක නැත්තේ. 😀
මොනව උනත් බ්ලොග් එක අප්ඩේට් කරන්න හිතිච්ච එක නම් ලොකු දෙයක්.
I prefer the blog.
මටත් ලාවට වගේ මතකයි 😛
මතකයි මතකයි. SBU Get Together එක එහෙම ලොවෙත් අමතක වෙන්නෙ නෑ. මගෙ බ්ලොග් එකත් දැන් මේ වාගෙ තමයි. ලියන්න කම්මැලී
ඔබගේ බොලොග් එක සහ සින්ඩිය ලොකු සේවයක් කළා නමුත් දැන් සින්ඩියේ අලුත් බ්ලොග් දකින්න නැති නිසා සින්ඩියට එන්න හිතෙන්නේ නැහැ. එයත් යාවත්කාලීන කරන්න සුබ පැතුම්
හ්ම්ම්… හ්ම්ම්… මතකයි මතකයි… 😀
මම තවම ඔයාගෙ පරණ ලිපි කියවනවා. ඒවගේම දන්නැති දේ ගොඩක් ඉගෙනගත්තා,තව දුරටත් ලිපි බලාපොරොත්තු වෙනවා,Blog එකටයි ඔබටයි ජය!
තාක්ෂණය ගැන කියවෙන blogs ගොඩක් තිබුනත් දැනට active තියෙන blogs ප්රමාණය හරිම අඩුයි.. දැනටත් blogs හොය හොය කියවන අය ගොඩක් ඉන්නවා.. ඒ අය වෙනුවෙන් මේ වගේ blogs ක්රියාකරීව තියෙනව නම් සෑහෙන ලොකු දෙයක්. TecKatha ත් ආයෙ තියනකන් අපි බලාගෙන ඉන්නවා..
මතකයි . ඉස්සර ලිව්ව එකෙක්වත් දැන් ලියන්නේ නැති තරම් හප්පා
@Nadun හ්ම්ම්…
ko tech katha..
මගෙ බ්ලොග් එක නැවතිලා දැන් අවුරුදු හතරක් විතර ඇති. දැන් නම් ලියන්න හරි හමන් දෙයක් නොලැබුණු එක. හැබැයි බ්ලොග් කියවන එක දිගටම කරනවා.
aiyo mathakai 🙂 ko thawa ewa karanna aiye:)
කාලිංග අයියගෙන් ඉගෙනගත්ත දේවල් නම් බොහෝමයි. ඔයාගේ දැනුම තව දුරටත් බෙදල දෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්.
අපිලට නම් ඉතින් මතකයි යකෝව් ..
අපේ තිබුන සින්ඩිය මතක් වෙනකොට මේ අලුත් ඒවට ලියන්න හිතෙන්නෙත් නෑ බන්ස් ..