SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband

කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත.  එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL  package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fare User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය.

ඉහත දැක්වෙන්නේ ADSL 4Mbps Unlimited කියන පැකේජයක ලංකාවේ සිට ඇමරිකාවට (NY) ලැබෙන වේගයන්.   කෙනෙකුට කියන්න පුලුවන්, මේක SLT පාලනයෙන් තොර International Bandwidth (ලංකාව හා ඇමරිකාව අතර තියන සම්බ්න්දය) හෝ speediest කරන අඩවියේ ගැටලුවක් කියලා.

ඉහත් දැක්වේන්නේ ඇමරිකාවේ (NY) වලට ADSL 2Mbps එකකින් කරපු Speed Tesst එකකි, මේ 4mbps හා 2mbps පැකේජ දෙකම පැරණි Unlimited වේ, එතකොට 2mbps එක 4mbps වලට වඩා වෙගවත් උනේ කොහොමද ? මේයට හේතුව 2mbps ලින්ක් එක අඩු download ප්‍රමාණයක් කරන Line එකකින්, නමුත් 4mbps එක මසකට වැඩි download ප්‍රමාණයක් කරන line එකකි. මෙයින් පැහැදිලි වෙනවා SLT විසින් මොකක් හෝ කරන බව.

මොවුන්ට මේ ගැන මම කල පැමිණිලි ප්‍රමාණය අප්‍රමාණයි, නමුත් මොවුන් කරනේ එම පැමිණිලි වසා දැමීමයි. කිසි පිලිතුරක් නොදයි. ඊයේ මම කතා කරපු එක පුද්ගලයෙක් මට කියනවා මම data limit එක පැනලා ඒකයි slow කියලා, මම ඇහුවා මට data limit කොහෙද මේක දැන් වසර 4කට පමණ පෙර ගත්ත එකක්, ඒ කාලේ එහම කිසිම ලිමිට් එක නැති බව. පසුව මොහු හරි මම අදාල තැනට මෙය යොමුකරනවා කියා ටික වෙලාවකින් ඔවු මා අමතයි කියාසිටිය ද මේ වෙන තුරු ඇමතුමක්ද නැත.  @SriLankaTelcom ඔවුනේ Twitter වෙත බැන්න විට ඔහු පැවසුවේ [email protected] වෙත පැමිණිල්ලක් කරන ලෙසයි. මේ වනතුරු එයටද පිලිතුරක් නැත.  මොවුන් මෙලෙස කරනේ ඔවුට පාරිබෝගිකයන් ඔවුන්ට වඩිනාකමක් නැති නිසයි.

ඉහත දැක්වෙන්නේ SLT හී Facebook පිටුවේ ඔවුන් මේ දේ කරන බව කියන comment එකකි.

Sri Lanka Telecom PLC Dear friends, as we explained earlier we are not discouraging heavy users,
however some limitations have to be imposed to ensure fair down link speed for everyone.
We offer the best broadband deal for both limited and unlimited customers and we are proud to say that you will not get unlimited downloads from any
WiMax or HSPA operator in SL .I think some of you have hands-on experience with this too. The situation here is different from USA and UK as we are dealing
with lack of local contents compared to developed countries, but in our region we are in a good position compared to other South Asian countries.

මොවුන් පවසන පරිදී මේ කිරීම ගැන ඔවුන් උජාරුවට පත්චෙනවාලු, උජාරු පත්වෙනවා නොව ලැජ්ජාවට පත්විය යුතුයි, තමන්ට හරි Internet connection එකක් දෙනෙන් බැරි එක ගැන. අනික මේ අය හෝ TRC විසින් පැරණි ADSL පැකේජ ඇති අයට මේ දේ කරන බව දැනුම් දුන්නාද ? එහම නැතිනම් මේ පැරණි පැකේජ ගන්නා විට මෙවැනි ලිමිටේෂන් එකක් තියනවා කිවුවාද ? නෑ… එහනම් මේක තනිකර පාරිබෝගිකයා රැවටීමක්. ඒ වගේම මේවා දැක දැක TRC එක නිදි.  ඉතින් SLT ඉංජිනේරු මහත්වරුනේ දන්නේ දෙන්න බැරිනම් අපි කපමු… තමන්ගේ බැරි කමට මේක තමයි මේකෙන් පෙන්නනේ. ඒ මදිවට ලැජ්ජ නැතුව කියවා මේ කරන එක උජාරුවට පත්වෙනවා කියාලා. අනික මේවා කරන්න SLT එකට සල්ලී නෑ කියන්න බෑ, ගිය වසරේ බිලියන ගානක ලාබ ලැබූ බව උජාරුවට කිවුවේ… ඒ මේවගේ මිනිසුන් මුලා කරලා හම්බ කරපු සල්ලී.

TRC නොහොත් Telecommunications Regulatory Commission of Sri Lanka විසින් ලොකුවට Speedtest කරයි, මසකට වරක් මේ දත්ත දෙයි, නමුත් මෙයින් පාරිබෝගිකයන් ලෙස අපිට ලැබුනේ කුමක්ද ? කිසිවක් නෑ, සේවාදායකයින් (ISP) ලා ඔවුන්ට ඕනේ දෙයක් කරයි, TRC එක කරණ පැමිණිලි කුණු බක්කියට, නිකන් මහජනතාවගේ මුදල් නාස්ති කිරීමක් පමණයි මේ අය කරනේ. මෙහෙම දෙයක් SLT විසින් කරන බව දන්වාද ඇසූවිට කිසිවක් නොකියයි. බොරුවට Speedtest කීරීම නවත්වලා මහජනතාවගේ පැමිණිලි වලට මීට වඩා අවදාන යොමුකරාදන් හොද නැද්ද මජනතාවගේ සල්ලී මෙලෙස නාස්ති නොකොට ? TRC එක නටන්නේ ISP/Service Providers ලගේ පදයටයි.

SLT දැන් අලුත් ADSL පැකේජ පවා Unlimited යන වචනය යොදාගෙන මිනිසුන් මුලා කරයි, මොවුන්ගේ Unlimited වලට මාසෙකට බාචිතා කල හැකි දත්ත ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පැන්න පසු වේගය 64kbps දක්වා අඩු කරූණු ලැබේ. 64kbps යනු හරියට මීට අවුරුදු 7~8 කට කලින් අපි Dialup ගියා වැනිය. TRC විසින් 64kbps broadband ලෙස කියන්නේ බෝඩ්බෑන්ඩ් යන එකේ අර්තය වත් නොදැන බවයි මගේ අදහස්. අදකාලේ හරියට Facebook යන්න වත් මේ ප්‍රමාණය මදිය.  මිනිසුන් තාක්ෂ්ණය ගැන නොදනී, ඉතින් මුලා කරන්න ලේයි. එලෙස කරමි මෙම සමාගම් බිලියන ගනනින් ලාබ ලබයි, TRC එක මොවුන් වෙනුව්න් කිබුල් කදුලු සලමින්, අනේ ඒයට ඔයිට වඩා දුන්නොත් පාඩුයි කියි. තේරුම් ගතයුතු දෙයක් ඇත, පාරිබෝගිකයන් වැඩිවන විට, ලැබෙන මුදල් වැඩිවේ, එමගින් තමන්ගේ යතිතල පහසුකම් නගාසිටවිය හැක. නමුත් මොවුන් කරනේ එලෙස නොකර, පලන යොදා තව තවත් මුදල් සෙවීමකි.  TRC සිටින පුටු රත්කරන, Internet කියනේ Facebook හා Email කියලා හිතාගෙන ඉන්න අයට මේවා නොතේරේ.  10GB කිවුවහම මොවුන් සිතන්නේ මුලු අන්තර්ජාලයම download කල හැකි බවයි. මේ මහත්වරුනේ Dongal බිල් හා ගෙදර දුරකතන බිල් ද ආන්ඩුවෙන් (ජනතාව) ගෙවන නිස ඉතින් ඒ යට ඔය 10GB පැන්නා කියලා සාක්කුවට දැනෙන එකක්ද ?

SLT හි තවත් කියමණක් තමයි, පිටරටවල් වලද මෙලෙස limit දමන බව, කතාව ඇත්ත. නමුත් ඔවුන් ඔබට නොකියන දෙයක් තමයි ඒ ලිමිට් එක කොපමනද කියා, ඇමරිකාවේ මෙය කරන්නේ ගියේ ලිමිට් එක 250GB ලෙසයි. අනික ඒ ලිමිට් එක හොදටම සෑහෙන සිය ගනන් වලින් කියවෙන ලිමිට්. ඒත් ලංකාව ? දැනට 10GB කියනේ Youtube දිනකට විඩියෝ 10යක් බැලුවොත් මාසෙ යන්න කලින් ඔවර වෙන ප්‍රමාණයක්.  තාක්ෂණයෙන් ඉතිරියට යනව කියන්නේ තියන දේවල් අඩු කිරීම නොව වැඩිකිරීම බව මොවුන් නොදනී. මුදල් සෙවීමේ පඩු පරමාර්තයක් පමණක් පමණයි මොවුන්ගේ ඇත්තේ.

වෙනත් රවල් Internet එක මානව අයිතියක් කරනකොට අපේ රට, Dialup ලංකාවට හදුන්වා දෙයි. අන්ඩුව e-Learning and Content Delivery ගැන කතා කරයි, පිට රට ඉන්න අම්මා අච්චිට Skype call දෙනවා පෙන්නයි, Skype call එකක් 64kbps වලින් ගන්න හැටි බලන්න මම හරි ආසයි. බහු ජාතික සමාගම් වලට ලංකාව්ට පැමිණ BPO වැනී දෑ කරන්න කියයි, ඒ මිනිස්සු ඇවිත් මේ තියන Internet දැක්කහම ඒ සමාගම් රැහෙන ඉන්දියාවට යයි. TRC එක තියන Internet එකත් නැති කිරිමට සමාගම් වලට ඕනේ නාඩගමක් නටන්න දෙයි, මෙවැනි දේවල් වලට මෙවැනි වැට බැදීම රටේ දියුනුවට බාදාවකි. මෙය තේරුම් ගැනීමට තර්ම් වත් මේ පුටුවල ඉන්න අයට මොලයක් නැත. නැතිනම් මොවුද මුදල් නෝට්ටුවට යටවී ඇතැයි කියලා තමයි මටනම් ගැගෙන්නේ…  TRC විසින් broadband මිල අඩුකලා කියලා රටටම කියයි, මේක හරියට 450g පන් ගෙඩිය 225g කරලා පාන් මිල අඩුකලා කියනවා වගේ වැඩක්.

ජනපති මහින්ද රාජප්ක්ෂ මහතා රටේ පාරවත් හදයි, අදිවේගයෙන් යන්න පාරවත් තනයි. රටක දියුනුව කියන්නේ යටිතල පහ්සු කම් බව එතුමා තේරුම් අරගෙන ඇති නිසා, නමුත් රටේ තාක්ෂණය අදි වේගය අඩු වේගය ලෙස පසු පසට යයි. අන්තර් ජාලය කියනේ රටක පාරවල් මෙන් දැන් රටේ දියුනුවට මහත් උපකාර වෙන දෙයක්, එය වත් අපේ TRC/SLT මහත් වරුන්ට තේරුම් ගන්නවත් හැකියාවක් නෑ.

TRC කලයුතු දේ

  • Broadband යන්න පැහැදිලි අර්තකතනයක් දෙන්න වගේම අවම වේගය මොකද කියන්න.
  • සමාගම් වලින් කියන වේගයෙන් 50% වත් අවම ලෙස දෙන්න, එලෙස නොදෙන සමාගම් වලට නීතිමය පියවර ගන්න.
  • පැමිණිලි ගැන සොයාබලන්න වගේම පැමිණිලි හරියට කල හැකි ක්‍රමයක් දෙන්න.
  • Unlimited හා FUP කියන දෙක එකට නොයොදන්න, Unlimited නම් එය 64kbps විය නොහැකි බව තේරුම් ගන්න (නොතේරෙන මහත්වරු මලල සේකරය අරගෙන Unlimited වචනේ තේරුම බලන්න)
  • පැරණි පැකේජ ලබාදුන්න කොන්දේසි වෙනස් කීරීම නම් මුලු රටටම දැනුම් දී ඇයි එලෙස කරනේ කියන්න. හොරෙන් හොරෙන් නොකර.

SLT

  • මුදලට කලින් පාරිබෝගිකයා ගැන සිතන්න.
  • හොරෙන් හැංගිහොරා නොකර, කරන දෙයක් ප්‍රසිද්දියේ කරන්න. තමන්ගේ Terms & Condition හැමෝටම පෙන්න දමන්න.
  • ඔතන වැඩ කරන මහත්වරු, තමන් පඩි ගන්නේ පාරිබෝගිකයාගේ මුදල් වලින් බව තේරුම් ගන්න.
  • පිටරට හොස්ට් කරන අඩවි ල්ංකාව තුලට ගන්න උත්සාහ කරන්න, වෙබ් අඩවියක් SLT එකේ තියෙන්න ඉඩමක් විකුනන්න ඕනේ නැතිවෙන්න. එතකොට ඔය නෑ නෑ කියන International bandwidth වත් ඉතුරු වෙයි.
UPDATE:
කරුණාකර Sri Lanka Internet Users Unionෆේස්බුක් සමූහයේ සාමාජිකත්වය ගන්න, මෙමගින් අපේ ඉදිරි වැඩ කටයුතු ගැන දැනුම් දෙනවා.https://www.facebook.com/groups/LKInternetUsers/

 

ඔබ SLT විසින් මේකරන දේට විරුද්දනම්, ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගයට සහය දෙන්න කැමතිනම්, ඔබේ ADSL සම්බන්දතාවයේ විස්තරය අපට දෙන්න https://docs.google.com/spreadsheet/viewform?hl=en_US&formkey=dG93UzJiTUxzamliOU02NXB2cGtqdkE6MQ#gid=0

ඔබට මෙය ගැන ගැටලුවක් ඇතිනම්  https://www.facebook.com/groups/LKInternetUsers/ ඔස්සේ විමසන්න. ලංකාවේ අන්තර්ජාල සේවා ගුනාතම බාවය වැඩිකිරීමට ඔබේ සහය දෙන්න.

118 thoughts on “SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband

  • Sandharuwan

    1000% ක් ඇත්ත කාලිංග අයියෙ…. TRC කියන්නෙ ඔය සමාගම් වලින් සල්ලි කුට්ටි අරන් යැපෙන එවුන් ඉන්න තැනක්. උන් ඉතින් සමාගම් වලට ඕනදේ මිසක් වෙන මෙනව කරන්නද. මේකට දැම්ම අපි නිසි පියවරක් නොගත්තොත් ඉස්සරහට අපි තවත් අමාරුවේ වැටෙනවා…

  • සහන්

    මේ ගැනනම් කියල වැඩක් නෑ… වේගයේ අඩුවක් උනත් නිතර නිතර disconnect උනත් පැමිනිලි කලාමත් ඒකෙ වැරැද්දත් අපේ පැත්තටම හරවල තියන එක තමයි SLT එක කරන්නෙ. තව දෙයක් මට තේරුන විදිහට SLT කස්ටිය දැන් දැන් connection Idle කිරිල්ලකුත් පටන් අරගෙන වගේ…..

  • Nuvan

    SLT ගැනනම් දන්නේ නෑ. ඔය Mobile Bordband වලින් හොදම ඩයලොග් තමා. අනිත් කොම්පැනි ටිකත් ඔය වගේ කස්ටම කෙයා එකක ඉන්න උන’ කතා කරන්න දන්නේ නෑ උන් බැනලා කතා කරන්නේ අපිට පාහර හැත්ත

  • @Nisal

    option for now is TRC, but i don’t see they are taking any actions, so we need to form a group and make it it once voice and not only to TRC to the President him self we need to inform such limitation is effecting the county’s growth and infrastructure.

  • සාගර

    සහතික ඇත්ත. මම මෙම ලිපියේ link එකක් මගේ FaceBook එකේ දැම්මට කමක් නැද්ද?

  • Nirosh Marapana

    SLT eka me yakkuta kochara kiwath wadak na munta.apen ganna poluwan hama dekatama badu gahala duppath ape salli tikath huragena kanawa.ape rata palanaya karana ayageth IT danuma o ne eting kohama da ratak sanwardanaya karanna kohamath lankawe deyak labaganna nam satan karalama thama laba ganan wenna

  • @සාහර

    කිසි ගැටලුවක් නෑ, මේක ලිවුවෙත් හැමෝ එක්කම බෙදාගන්න වගේම ජනතාව මේවගේ දේවල් ගැන දැනුවත් කරන්න.

  • ටෙලිකොම් කාරයෝ ඔය අජපල් වැඩෙ කරන බව මටත් හිතුනා , ගෙදර ඉන්න වෙලාවත් අඩු නිසා අයින් කරල දාන්නයි හිතාන ඉන්නේ , ඩයලොග් පැකේජ් එකෙන් බ්‍රව්ස් කරන්නත් , පැය 2 ප්‍රි පේඩ් එක්න් ඩවුන්ලොඩ් ටික කරගන්නත් ඇහැකි මුන්ගෙ 512 අට මගලෙට වඩා කොලිටියට

  • Chinthana Jx

    කියල වැඩක් නෑ කාලිංග අයියා.මුං මහ කැත විදියට නෙට් දෙන්නෙ.අපිව සූරා කනවා.
    ස්පීඩ් එක දෙන්න බැයිනම්,දෙන්න පුලුවන් ස්පීඩ් එක කියලා විකුනන්න ඕන.
    බොරුවට 1Mbps , 2mbps Unlimited කියලා ඇඩ් දාලා පස්සෙ ලිමිට් කරනවා.

  • SriLanka Anonymous

    තකා කරලා වැඩක් නෑ, මම SLT පාවිච්චි නොකලත්, මේ කියලා තියෙන කතාම මුල ඉදන් අගටම හැම අකුරක් දක්වා ඉතාමත් ආසාවෙන් කියෙව්වා, ඇත්තෙන්ම කිව්වොත් කාලිංග අයියගෙ කතාව නම් එලකිරි, එය උපරිමයි, මොකද කෙලින් කතා කරලා තියෙනවා, අය දෙකක් නෑ, SLT එකේ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ, මෙලෝ රහක් නොදන්න ගොන් හරක් කියලා, ඒත් ඒ හිතන අය දන්නෙත් නෑ, එයාගෙ සමාගමේ ඉන්න අයට වලා දැනුමැති අය ලංකාවෙත් ඉන්නවා කියලා, 64kbps තිබ්බොත් Skype Call එකක් තියා, Internet Browser කරන්නත් බෑ, Web Page එකක්, Open වෙන්නම හැට පැයක් බලාගෙන ඉන්න වෙනවා, මෙහෙම Connection මොකදට, නිකන් නිකරුනේ මහජනතාව අමාරුවේ දානවා, මේවා දැන දැනත් දවමත් මේ Connection එක ගන්න තරම් මොඩයෝ මේ රටේ ඉන්නවද? ඔය පුටු වල ඉදන් ඉන්න මහත්හොරු මේවාත් කියවලවත් හැදෙන්නෙ නැ, මේ දවස්වල එයාලගෙ කල්ල මරේ, මොකද මෙවට රැවටිලා ඇන්දෙන අය වැඩියි, ඒ නිසා SLT එකේ ගානත් හොද ඇති, ඒ නිසා හැමෝගෙම සාක්කුව බර වෙලා ඇති, අපේ රටේ ගොඩක් මහත්හොරුන්ට ඕනෙ කොහොම හරි කරලා සල්ලි හොයන්න, අනිත් මනුස්සයෝ ගැන හිතන්නෙ නැ, ඔයාල විතරයි ජීවත් වෙන්න ඕනෙ, නව පහසුකම් එයාලට විතරයි, එතකොට අපි ඔටුවොද දන්නෙ නෑ, TRC එකම මුන් සල්ලි දීලා අරන් ඇති, ඒකෙන නිකන් නිකරුනේ පැත්ත වත් නොබලන්නෙ නැතුව බලාගෙන ඉන්නෙ, SLT එකේ ඉන්න Security මහත්මයාට වෙනකම් සල්ලි දීලා ඇති, මේවට බලදාරින්ගෙ අවධානය යොමු වෙන්නෙ නැතුව අපි මොනවා කරන්නද? තොතුරු මෝරු අස්සෙ අපි නිකම් හාල් මැස්සො වගේ, එයාලගෙ ඇහැට කනට වත් පෙන්නෙ නැති වෙයි, අනගතේ වත් මේකට හොද උත්තරයක් මේ TRC එකේ මැදැහත් වීමෙන් කරලා කියලා වත් හිත හදාගමු….

  • Matath dan epa wela tiyenne me SLT eke ADSL connection eka mama essara masekata approximately 80GB withara download kara……. eth dan mage ADSL connection eke speed adu karala…

  • කමෙන්ට් අනවශ්‍යයි සියල්ල සම්පුර්ණයි. ලංකාවේ සයිට් ලංකාවේ දෙන්න පුලුවන්නම් කොච්චර‍ දෙයක්ද වේගය කොච්චර වැඩි වෙයිද

  • අකිල

    කියල වැඩක නෑ…කතාවනම් සම්පූර්ණයෙන්ම ඇත්ත …….
    මේක ප්‍රසිද්ද ජනමාධ්‍ය වලින් ප්‍රචාරය කරලා මේ කතාවට හොඳ ප්‍රසිද්දියක් දෙන්න පුළුවන් උනොත් මේ ප්‍රශ්නෙට විසන්දුමක්
    ලැබෙයි කියලයි මගේ විශ්වාසය. ඒ නිසා ඒ සම්භන්ධව හැකියාවක් තියෙන කෙනෙක් මේ වැඩේ ගැන මොකක්හරි කරනවානම් හොඳයි.

  • saranga

    නියමයි අපි ඔක්කොම එකතු වෙලා හඩක් නගමු මුන්ගේ ඇස් ඇරෙන්න……SLT එකේ මහත් වරුන්ට වඩ 5 වසරේ පොඩි එවුන් දන්නවා ඔය තාක්ෂණික වචනවල සබැ තේරුම ….මත් මේක FB දානවා

  • මෙව්වට කොහෙන් හිනා වෙන්නද මංදා !! කොච්චර හොදයි හොදයි කිවත් මට නම් මේ රට දැන් තිත්ත වෙලා..!!

  • Kasun

    අනේ දෙය්යනේ මම SLT connection එක ගන්න ඉස්සෙල්ල මේකම තම හිතුවේ. මොනවා කොරන්නද ඉතින් dongle case වලට වඩා ටිකක් ශේප්. නොදකින් මේ දවස්වල 150 kbps වත් හම්බවෙන්නේ නැ, Youtube 50MB connection එකක් තිබ්බත් මදි මුන් local caching රීල අනාගෙන තවරාගෙන තියෙන්නේ.

  • Kasun Dilunika

    මේකට අපිට සන්විධානයක් හදාගෙන නඩු දාන්න බැරිද ?

  • Praසන්ன

    නියම ලිපියක්.
    මමනං ADSL අරගෙන ඉඳල අයින් කරල දාල ගොඩක් කල්. ඩ‍යලොග් Wimax ඊට වඩා හොඳයි.

  • කාලිංග අයියේ. ඇත්තටම අපිත් දැන් කටපියාගෙන හිටියා උවමනාවටත් වැඩියි කියලා මට නම් හිතෙන්නේ. මෙහෙම අසරණ පාරිභෝගිකයාව සූරා කෑම නවත්තන්න කියලා අපි හොදට කිවිවාට අහන්නේ නෑ වගේ. මම දන්නවා කාලිංග අයියලාත් මේකට ගොඩක් මහන්සි වෙනවා කියලා. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එකතු වුනාම ලොකු හඬක් නැගෙයි. එහෙම කියලාත් යහපත් ප්‍රතිචාර නැත්නම් …

  • Madu

    SLT 1ke enne mahama maha modayo minisu danuwath kirimakin thorawa CDMA maru kara balen ADSL denawa. aka ahana giyama ewage putu rath karana “Managers” la kiyana modayo customerslata kaganawa.SLT Matara Teleshop 1ke enna Manager nam hitan enne aya tamay eke owner kiyala. Me pilibada prashna mehi Chairmen ta kiyana –“Mr Nimal Welgama” register post 1n ayage namatama yawana telecom address 1ka.

  • දර්ශන

    අපිට බැරිද AT&T වගේ සමාගමකට ආරාධනා කරන්න ලංකාවෙ Internet දියුණු කරල ගන්න

  • Rukmal Fernando

    Well this is 100% true. I too have this problem now for 6 months. earlier i complained twice to the TRC and they resolved the problem.and its a nuisance to complain every time like this. but i don’t think we should be treated like this. its the responsibility of the TRC to do it. we can launch Legal action against SLT. but that is very expensive and i believe it should be joint effort of the people.as long as people act as idiots companies like this will fool them.
    TRC has clearly stated that the old packages cannot be subjected to FUP.

  • ලංකාවේ තියන ප්‍රධාන ගැටළුව තමයි පාරිභෝගිකයෝ තමන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ නැති කම. යම් සේවාවක් මුදල් ගෙවලා ලබා ගත්තම ඒ සේවාව එකඟ වුන විදිහට ලැබීම තමන්ගේ අයිතියක් බවත්, එහෙම නැති වුනොත් ඒ ගැන තනිවම බැරිනම් සාමුහිකව ඉහළ තැන්වලට පැමිණිලි කරන්න තමන්ට අයිතියක් ඇති බවත් තේරුම ගත යුතුයි. හුඟ දෙනෙක් එහෙම නැතිව කට වහගෙන ඉන්න නිසා තමයි ඔය කට්ටිය ඔය වගේ සෙල්ලම් දාන්නේ. මේ දේවල් ගැන මේ වගේ ප්‍රසිද්ධියේ හඬක් නගන එක ලොකු දෙයක්.

  • කාලිංග. ජපානේ හැම දෙයක්ම හොඳින් වෙලාවට තියෙන්නේ ඇයි කියල මම හොයපුවම දැනගන්න ලැබුනේ මිනිස්සුන්ගේ complains නිසයි කියල බොහෝ විට. බස් එකක් කෝච්චියක් ප්‍රමාද උනොත් complains තොගයක් එනවලු. ලංකාවෙත් අපි ඔක්කොම එකතු උනොත් ඔය වැඩේ කරගන්න පුළුවනි. ඔය වැඩ කරන අයට කිසි බරක්, වගකීමක්, සේවයක් දැනෙන්නේ නැත්තේ අපි බර නොපෙන්නන නිසා වෙන්න පුළුවනි. ස්තුතියි.

  • මාත් කැමතියි මේක ප්‍රසිද්ධ පුවත් පත්වල පළ වෙනවා නම් ….
    පත්තර සමග හොඳ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ඉන්නවනම් අපිට උදව්වක් හැටියට ඒක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
    මොකද සාමාන්‍ය මහජනතාව මේව ගැන හරියට දන්නෙ නෑ.

  • SLT එකට කියුවම, ඒකෙ ඉන්න අක්කල අපිට බටර් ගගා අපේ පිටේ වැරැද්ද පටවනව. 18 GB ගිහාම 64 Kbps වෙනව කියන එකට Unlimited කියල කියන්නෙ අපි කොන්ඩෙ බැඳපු චීන්නු කියල හිතාගෙන වෙන්ඩෑති. ඔය මහලොකු 64 Kbps එකත් අපිට එන්නෙ 7 Kbps(MAX) වෙලා. ඒකෙන් Skype තියා Twitter යන්නවත් බැහැ. මම හලාවත පැත්තෙ (මාදම්පෙ). මෙහෙ හැමෝටම වෙලා තියෙන්නෙ ඔය සෙතේ තමයි. මේක ගැන ජනාදිපති කාර්‍යන්ශයටවත් කියන්න ඕන. වෙන කියන්න තැනක් මේ ලෝකෙ නැහැ.
    SLT එකෙන් තඩි ටැක්ස් එකක් නම් දානව. හැබැයි අපිට දෙන්නෙ කියන ස්පීඩ් එකෙන් හරියටම දහයෙන් එකයි.

  • ඔය ගැන කතා කරලා වැඩක නෑ ……. ඔයිට හපන් උන්ගේ PEO TV . වහින වෙලාවට නෙමෙයි දවල්ටවත් ස්ට්‍රීම් කරන්න බෑ. PEO TV බලන අස්සේ හදිස්සියෙවත් ටොරන්ට් එකක් බාන්න දැම්මොත් ටී.වී බැලිල්ලට සොරි තමයි. මේ ඔක්කොම මුන්ගේ බාල වර්ගයේ කේබල් ඇතුළු උපකරණ භාවිතය නිසයි. මේගැන මුන් වහන් කරලා පාරිභෝගිකයා මුලා කරලා තමයි මේවා ලබා දෙන්නේ. නමුත් මේවා දුන්නට පස්සේ බ්රෙක්ඩවුන් එකක් ගැන බලන්න බල්ලෙක් නෑ…… FUP ගැන නම් කතා කරලා වැඩක නෑ .. හරිනම් රටේ SLT ඒකෙන සේවය ලබන ආයතන මීට විරුද්දව නීතිමය පියවර ගන්න ඕනේ. නමුත් අපි වගේ පුද්ගලයෙක් මේ ගැන කතා කලොත් ඇරෙන්න ….. අනෙක් හැම කෙනෙක්ම මොවුන් මුලා කරලා තියෙන්නේ…. මම පිටරට සේවය කරපු පුද්ගලයෙක් වශයෙන් ලංකාවේ අන්තර්ජාලය පිළිබඳව ඇත්තටම දුකයි … එහෙන් .. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කියලා මිනිස්සුන්ව සුරන් කනවා… මේකට මුලිකවම වෙලා තියන විපත තමයි පරිභෝගිකයව බල්ලට දමා තමන්ගේ මල්ල පුර ගැනීම. රටේ වෙන වෙනත් දේවල් ගැන බලනකොට මේවට කවුරු වග කියන්නද … නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ …….

  • Ruwan Sri

    මමත් ටෙලිකොම් අරන් දැන් අවුරුදු 4 ටත් වැඩී..ආපු මුල්ම කාලෙ තමා ගත්තෙ…මගෙත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සෑහෙන්න අඩු වෙන හින්ද මගේ වැඩෙත් පැමිණිලි ම කර කර ඉන්න එක.. හැබයි කිව්ව ගමන් ඇවිත් මේන්ටේන් කට්ටිය කේබල් ලයින් එහෙම අත පත ගාල යනව…ඒත් තිබ්බ වගේමයි….මගෙ කරදරෙන් බේරෙන්නද කොහෙද එක පාරක් යමක් කමක් දන්න ඇතුලෙ කෙනෙක් ඇවිත් speed check එහෙම කරල.. limit එහෙම චෙක් කරල තිබ්බ..එදාම මට ගෙදර ඉන්න උනේ නෑ..ගෙදර අයත් ඕව ගැන වැඩිය දන්නෙ නැ නෙ…මම හිටිය නම් අහනව unlimited එකේ මොනවද limit චෙක් කරන්නෙ කියල…

    කොහොම හරි පස්සෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක එහෙම උපරිම 80 KB/s, 90 KB/s විතර ආව..මෙතුවක් කාලෙට උපරිම ආවෙ 60 KB/s විතර තමා..8 KB/s, 10 KB/s විතර වෙනකොට තමා පැමිණිලි කරන්නෙ…හැබැයි ඉතින් 512 KB/s කියල තමා සද්දෙට කියන්නෙ.. ඒක කමක් නෑ කියමුකො…කොහොමත් 512 එන්නෙ නැ නෙ..මමත් ආතල් එකේ මුල් දවස් ටිකේ නෙට් ගියා..සතියයි.. දෙකයි.. ආයෙත් මෙලෝ රහක් නෑ… මම හිතන්නෙ මුන් අපි එක්ක විහිලු කරනවද කොහෙද…

  • Ruwan Sri

    මමත් ටෙලිකොම් ADSL අරන් දැන් අවුරුදු 4 ටත් වැඩී..ආපු මුල්ම කාලෙ තමා ගත්තෙ…මගෙත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සෑහෙන්න අඩු වෙන හින්ද මගේ වැඩෙත් පැමිණිලි ම කර කර ඉන්න එක.. හැබයි කිව්ව ගමන් ඇවිත් මේන්ටේන් කට්ටිය කේබල් ලයින් එහෙම අත පත ගාල යනව…ඒත් තිබ්බ වගේමයි….මගෙ කරදරෙන් බේරෙන්නද කොහෙද එක පාරක් යමක් කමක් දන්න ඇතුලෙ කෙනෙක් ඇවිත් speed check එහෙම කරල.. limit එහෙම චෙක් කරල තිබ්බ..එදාම මට ගෙදර ඉන්න උනේ නෑ..ගෙදර අයත් ඕව ගැන වැඩිය දන්නෙ නැ නෙ…මම හිටිය නම් අහනව unlimited එකේ මොනවද limit චෙක් කරන්නෙ කියල…

    කොහොම හරි පස්සෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක එහෙම උපරිම 80 KB/s, 90 KB/s විතර ආව..මෙතුවක් කාලෙට උපරිම ආවෙ 60 KB/s විතර තමා..8 KB/s, 10 KB/s විතර වෙනකොට තමා පැමිණිලි කරන්නෙ…හැබැයි ඉතින් 512 KB/s කියල තමා සද්දෙට කියන්නෙ.. ඒක කමක් නෑ කියමුකො…කොහොමත් 512 එන්නෙ නැ නෙ..මමත් ආතල් එකේ මුල් දවස් ටිකේ නෙට් ගියා..සතියයි.. දෙකයි.. ආයෙත් මෙලෝ රහක් නෑ… මම හිතන්නෙ මුන් අපි එක්ක විහිලු කරනවද කොහෙද…

  • SLT currently uses an outdated technology. Even their fiber optic line isn’t ready. So, time to move to mobile broadband. I think Dialog & Etisalat are best. Meanwhile, we can write to newspapers and start something like an email campaign. As I know, mobile broadband providers use mostly new technologies unlike these outdated ADSL ISPs.

  • ෙම් ගැන ලිව්ව ඒක ෙබාෙහාම ෙහාදයි!
    මමත් දැන් සති 3ක විතර ඉදල SLT එකේ දුර්වල සේවාවට එරෙහිව සටන් වදිනවා! මොනව උනත් ගොඩක් අය නිල ක්‍රම වලින් මේ ආයතන වලට එරෙහිව ක්‍රියා නොකරන එකත් ලොකු දුර්වලතාවයක්!
    මමත් මීට පෙර ඩයලොග් සහ එටිසලාට් ආයතන වලට එරෙහිවත් හඩ නැගුවා (ඔබ ඇතුළු තව ගොඩක් අය ඒවෙලාවෙත් ඒ උත්ඝෝෂණ වලට සහය දුන්න) අපිට ලොකු වෙනසක් කරන්න බැරි වුණත් අඩුම තරමේ එම ආයතන වල වෙලද දැන්වීම් වලට යොදාගත්ත මනඃකල්පිත වේග දෙන්න බෑ කියන එක එම සමාගම් පිලිගන්න තත්වයට ගෙන එන්න පුලුවන් වුණා!
    TRC එක මීට වඩා ටිකක් තදින් ඉන්නවනම් අපිට මීට වඩා ලොකු දෙයක් ලේසියෙන් කරන්න තිබ්බා!!

  • Thilanka

    I think SLT is trying to get their old customers to newly introduced SLTBB packages by treating them badly. So the new packages always be officially LIMITED and nobody will ever be able to complaint about the speed once the max download limit is exceeded. I was a early customer of their old Home package and switched to the dongle thing, which is also no better than SLT. Then again I moved back to my old package and alas! It’s no longer available. Now I’m using their Webmate which gives maximum of 18gb, and you guessed it. That sucks big time! Seriously what can you do with 18gbs per month?

  • වරා

    සහතික ඇත්ත…SLT විතරක් නෙවෙයි…හැම එකක්ම ඔහොම තමා ..Dialog unlimited කිව්වට 10gb පැන්නට පස්සෙ page එකක්වත් download වෙන්නෙ නෑ…10gb පනිනකංවත් full speed එක දෙන්නෙත් නෑ …limit කරන එකයි මාසෙ අන්තිමට බිල එවන එකයි දවසක්වත් එහෙට මෙහෙට නොවී අකුරටම කරනව…

  • Upul

    Me too have used SLT ADSL and disconnected due to poor quality. Now I am using Dialog Fixed Broadband package. This is not the mobile broadband one. Fixed broadband is provided using WiMAX. This provides a superior quality. But majority of us are not aware of this, we all think that SLT ADSL is the only broadband product in Sri Lanka! I am quite happy with Dialog fixed broadband. They too have a FUP. But they provide a higher speed even after the FUP (for my 512 k connection, I am getting 128k after the FUP). Not sure whether the good quality is due to lower number of customers 🙂

  • ප්‍රියන්ත

    කාලිංග ඉතාම හොඳ දෙයක් මේ කරන්නේ.ඒක ඉතාම අගය කළ යුතුයි. අපි සියලුදෙනාගේම සහයෝගය සහිතව මෙ ආයතන වලට විරුද්ධව නීතිමය පියවරක් ගන්න විදියක් නැතිද?

  • dayan

    මන් මේ ලිපියම එළකිරි ඒකේ කියෙව්වා. එතනත් ඉන්නවා ගොඩක් අය. අපි මේකට මෙහෙම ඉඳල හරියන්නේ නැ. අපි මේක දැනෙන විදියට කරන්න ඕන.මේකේ ගොඩක් යාලුවෝ කියල තිබුන විදියට පත්තරවලට් දන්නා ඕන, තව අපි මේ ගැන tv channels news වලට දාගත්තොත් හොදයි. දන්නා අය ඉන්නවනම් ඒවට උදවු කරන්න විශේෂයෙන් ස්වර්ණවාහිනී ,sirasa news first,derana වගේ දාන්න පුළුවන් නම් හොදයි. තව අපි මේවා අපේ fB, twitter, forums, වලට දාමු. මේ අසදාරණය හැම කෙනෙක්ටම දන්වන විදියට වැඩකරමු, විශේෂයෙන් මේක ගැන president දැනගන්න තැනට වැඩකරමු, එකට කට්ටියම එකතුවෙමු. එකතැනක් කියන්න මේ බ්ලොග් එකේ හරි එළකිරි ෆොරම් වල හරි කමක් නෑ සෙට් වෙමු. මේකට අපි Facebook fan page එකකුත් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒවගේම එකට හොද නමකුත් දාන්න ඕන,දැක්ක ගමන් මොකක්ද කියල හිතෙන විදියට “slt adsl mulawa” මේ වගේ එකක්.

    මෙන්න එළකිරි එකේ tread වලට link

    http://www.elakiri.com/forum/showthread.php?t=1263250
    http://www.elakiri.com/forum/showthread.php?goto=newpost&t=1263078
    http://www.elakiri.com/forum/showthread.php?t=1203862

  • dayan

    ගොඩක් හොද වැදගත් ලිපියක් ලියල තියෙන්නේ kalinga. මන් මේ ලිපියම එළකිරි ඒකේ කියෙව්වා. එතනත් ඉන්නවා ගොඩක් අය. අපි මේකට මෙහෙම ඉඳල හරියන්නේ නැ. අපි මේක දැනෙන විදියට කරන්න ඕන.මේකේ ගොඩක් යාලුවෝ කියල තිබුන විදියට පත්තරවලට් දන්නා ඕන, තව අපි මේ ගැන tv channels news වලට දාගත්තොත් හොදයි. දන්නා අය ඉන්නවනම් ඒවට උදවු කරන්න විශේෂයෙන් ස්වර්ණවාහිනී ,sirasa news first,derana වගේ දාන්න පුළුවන් නම් හොදයි. තව අපි මේවා අපේ fB, twitter, forums, වලට දාමු. මේ අසදාරණය හැම කෙනෙක්ටම දන්වන විදියට වැඩකරමු, විශේෂයෙන් මේක ගැන president දැනගන්න තැනට වැඩකරමු, එකට කට්ටියම එකතුවෙමු. එකතැනක් කියන්න මේ බ්ලොග් එකේ හරි එළකිරි ෆොරම් වල හරි කමක් නෑ සෙට් වෙමු. මේකට අපි Facebook fan page එකකුත් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒවගේම එකට හොද නමකුත් දාන්න ඕන,දැක්ක ගමන් මොකක්ද කියල හිතෙන විදියට “slt adsl mulawa” මේ වගේ එකක්.

    මෙන්න එළකිරි එකේ tread වලට link

    http://www.elakiri.com/forum/showthread.php?t=1263250
    http://www.elakiri.com/forum/showthread.php?goto=newpost&t=1263078
    http://www.elakiri.com/forum/showthread.php?t=1203862

  • yes, then when we can get the super internet connection, kalinga ? trc eke inna ayage kadai badai witharai, ada kaale loke jaya ganna internet nathuwa ba, rate paarawalma witharak haduwata ba. technology ekat develop karanna ona acording to world trends .

  • නොයෙල් ප්‍රනාන්දු .....

    කාලිංග ඉතාම හොඳ දෙයක් මේ කරන්නේ.ඒක ඉතාම අගය කළ යුතුයි. අපි සියලුදෙනාගේම සහයෝගය සහිතව මෙ ආයතන වලට විරුද්ධව නීතිමය පියවරක් ගැනීම දක්වා මෙය රැගෙන යමු…..

  • Niranjan

    Kaalekata passe ithaa hoda lipiyak dakka.Oka thama lankaawe aashcharya!mage nam adahasa company (ISPs) kochchara awath lankaawe paaribogikayo andana eka tamaa karanne!
    @ Kalinga:
    mata podi kaaranayak dana ganna one. ara Reliance India company eka (Ambani Brothers in India)giya awurudde (2010) feasibility test ekak kalaa neda lankaawe Telecom Industry eka gana.eke prathipala dannawada? e aya lankaawe business patan ganna plan karala tiyenne kawadada? natnam eka aanduwe pus wedillakda?
    Wena GSM/3G operator kenek 2012 waladi lankaawe deploy wenna innawada? (wistara dannawanam poddak kiyanna.
    Thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *