Success Kills Mobitel HSDPA

Mobitel HSDPA වල හොද කියපු කෙනෙක් හැටියට මෙහෙම එකක් ලියන්න වෙයි කියලා සිතුනේ නෑ. දැන් මාස කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු වාර ගනනම් කියලා වැඩක් නෑ, නමුත් මේක ගැන පොඩක් වල සොයලා බැලුවේ නෑ. අන්තිමට මොකද උනේ මලින්තත් Dialog HSDPA එකකට මාරු උනා.

මතකනේ කාලෙකට කලින් මම මේ Dialog HSDPA හා Mobitel HSDPA ගැන ලිපියක් ලිවුවා, ඒ වගේම මතකනේ මේ HSDPA නොම්මර පෙන්නලා අපිව රවටන ආකාරය ගැනද ලිපියක් ලිවුවා.

දැන් මොකද Mobitel HSDPA වලට වෙලා තියෙනේ ? අර කලින් ලිපි වල නරකයි කියපු Dialog තිබූ ආකාරයටම පත්වෙලා. මෙහෙම උනේ ඇයි ? කිසිම infestractrue දියුනුවක් නොකර, තම ජාලයට දරාගන්න බැරි විදියට විකිනීම හා ඉන්ජීනේරුවන්ගේ ඇති අඩුපාඩු. ලොකුම හේතුව මේ මොබයිල් සමාගම් වල, දත්ත හා ගුවන්විදුලි තරංග ගැන සොයාබලන කොටස් දෙකක් වීම හා බෝල පාස් කිරීම.

දැනට Mobitel බාවිතා කරන කී දෙනෙකුට එකවර දුර කතන ඇමතුමක් ලාබාගන්න නොහැකිද ? SMS එකක් වත් නොයන වෙලා තියනවා. මේ සියල්ලට හේතුව වන්නේ මේ ජාලයට දරාගත නොහැකි තරම් ග්‍රහකයන් සිටීම. හැම විටම මේ HSDPA වැනි දත්ත සේවාවන් වලට ජංගම දුරකත ජාල වල ලැබෙන්නේ දෙවනි තැන, හැම විටම voice call සදහා පලමු තැන දෙයි. නමුත් voice call එකක් වත හරියට වැඩ නොකරයි නම් දත්ත (DATA – HSDPA) ගැන කවර කතාද?

යමෙකුට කියන්න පුලුවන්, මම ඉන්න තැන හොදට වැඩ කියලා, ඒ ඇයි කියන එක මේ ලිපිය කියවීම මගින් තේරුම් ගන්න පුලුවන්. දැනට මම බාවිතා කරනේ මෝබිටෙල් විසින් සපන 3.6mbps පැකේජය. නමුත් දැනට ලැබෙන වේගය ?

SLT ලෙස දිස්වන්නේ Mobitel HSDPA විසින් අන්තර්ජාල සේවා සදහා SLT දැ බාවිතා කරන නිසාය. දැන් කියන්න පුලුවන් 0.49mbps උවද ඇති කියා, තවත් කෙනෙකුට කියන්න පුලුවන් International Bandwidth ගැන හරියට guarantee එකක් දෙන්න බෑ කියා.

පහත ඇති test එක කර ඇත්තේ Mobitel ජාලය තුලම ඇති FTP Server එකකින් එක දිගට download එකක් කිරීම මගින්. මෙමගින් අන්තර්ජාලයේ ගැටලු හා international bandwidth ගැටලු කිසිවක් බලපාන්නේ නැත. මෙයින් පෙනෙනවා ඔබට දත්ත (data) ලැබීම stable නෑ වගේම සමහර අව්ස්තාවන්හිදී මෙය 0kbps දක්වාද ගොස් ඇති බව. මෙයට හේතුව interconnectivity හා සම්බන්දවන tower (කුළුන) එකට සිටින ග්‍රහකය ප්‍රමාණය දරාගත නොහැකි බව.

ftp speed

හරි, එහෙනම් මේ ගැටලුව මට විතරද ?

මහරගම
මහරගම
පේරාදෙනිය
පේරාදෙනිය
නුගේගොඩ
නුගේගොඩ
බත්තරමුල්ල
බත්තරමුල්ල
දියගම
දියගම
ගාල්ල
ගාල්ල
ජා-එල
ජා-එල
නුවර
නුවර

ඉහත දැක්වෙන්නේ පැයක පමණ කාලයක් තුල ලංකාවේ විවිද පැති වල Mobitel HSDPA වල ලැබෙන වෙගයන්, ඔබට පෙනෙනවා බොහෝ අයට අඩු වේගයන් ලැබුනත් සමහර පැති වලට 1mbps වැනි වේගයන්ද ලැබෙන බව. තවද මෙයින් පෙනෙනවා අන්තර්ජාතික (International Connectivity) වලට වඩා ගැටලුව ඇත්තේ ජාලය තුලම බව.

mobitel connection status

ඉහත දැක්වෙන්නේ පැය 3නක කාලයක් තුල එක දිගට Mobitel ජාලය තුලම ඇති FTP server එකකින් file එකක් download කිරීමයි, මෙයි පෙනෙනවා Mobitel HSDPA ජාලයට එක තප්පර 10ක් වත් එක දිගට 548kbps වඩා වේගයක් ලබාදිමට නොහැකි වබ, නමුත් මොවුන් දැන් කතාකරනේ 28.8mbps වේගයන් ලබාදෙන්න, 3.6mbps කරගන්න බැරි අයට මොන 28.8mbps ද ? දැන් අර කලින් Dialog සමාගම මගින් 7.2Mbps කියා නොම්බර විකුනුවාක් මෙන් දැන් Mobitel ද නොම්බර පමණක් විකුනා පාරිබෝගියා මුලා කරයි. ඉහත දත්ත වලට අනුව පැය 3ක කාලයක් තුල download කර ඇත්තේ 157MB ප්‍රමාණයක්, එනම් 126kbps වේගයකි. නමු මෙය විකුනන්නේ 3.6mbps (3686.4kbps) ලෙසයි.

තමන්ගේ ජාලය තුලද පොරොන්දුවෙන වේගයෙන් 50% වත් පවත්වාගෙන යන්න බෑ කියනේ කිසිම වාදයක් නැතුව එක ජාලයේ ඇති දෝසයක් මිස අන්තර්ජාතික සම්බන්දතාවේ දෝසයක් නොවෙයි, මෙයින් කියන්නේ නෑ අන්තර්ජාතික (international) bandwidth වල ගැටලුවක් නෑ කියා, එයට වඩා ඇත්තේ ජාලයේ වැරදියි.

දැනට Mobitel HSDPA ජාලය ලංකාවේ ඇති පහලම ජංගම අන්තර්ජාල සම්බද දෙන සමාගම බවට පත්වෙලා, මීට වඩා Airtel ද, Mobitel HSDPA වඩා 100% ඉදිරියෙන් දැන් Dialog ද සිටියි.  කෙනෙක් පැමිනිල්ලක් කල විට මීට වඩා අවදානයක් යොදා එම ගැටලුව නිකන්ම කුනු කූඩය නොදමා එය ගැන සොයා බැලුවානම්, Mobitel HSDPA තවත් ඉදිරියෙන්, නමු දැන් සිදුවී ඇත්තේ තමන් සිනා උන ජාලයටද දෙවැනී වීම පමණයි.

Dialog ද පෙරදී මෙම වරදම කරන විට Mobitel පැවසුවේ අපි කවදාවත් එහම නොකරන බවයි, නමුද දැන් ඩයලොග් තම වැරදි හදාගෙන මොබිටෙල් වල තියන ගැටලුද හදාගෙන ඉදිරියෙන්, දැන් Dialog HSDPA පාරිබෝගිකයන්ට Dynamic Global IP එකක් සෑම කෙනෙකුටම සපයයි, Mobitel HSDPA තවමත් අර යල් පැනගිය Private IP (NAT) යොදාගනියි. අපි පෙන්වූ සුලු ගැටලු වන File Download කිරිම හා එකම Global IP share කිරීමේදී ඇතිවන ගැටලු පවා දැන් Dialog HSDPA නිරාකරනය කර ඇත.

ලෝකයේ ඇති හැම test tool එකක් බාවිතා කරලත් තමන්ගේ ජාලය ගැන සොයාගෙන්න බැරි Mobitel ඉන්ජිනේරූ මහත්වරුන්ට දැන් අපිට ඔවුන්ගේ ජාලවල ගැටලු අපිට සොයන්න වෙලා.  මේයට හේතුව test tool හදපු අයගේ වරදක් ද නැත්නම් ඉතින් …. ?

මේ පොස්ට් එක ලියන වෙලාවේ මම ඉනේ නුවර, මට Mobitel HSDPA වලින් speedtest එකක් කරන්න තරම් වත් speedtest.net වෙබ් අඩවිය වැඩ කරනේ නැ. නමුත් මෙන්න Dialog HSDPA නුවර වේගය.

නුවර
නුවර

87 thoughts on “Success Kills Mobitel HSDPA

  • මං දැන් භාවිතා කරන්නේ ADSL නිසා ගැටලුවක්නෑ. ඇති යන්තන්. මං හිතන්නේ Airtel මීට වඩා හොඳයි ජාලය ඇතුලේ ප්‍රශ්නවලට වඩා ඒ අය‍ගේ තියෙන්නේ (international) bandwidth ප්‍රශ්න මං හිතන්නේ. ඒකෙත් ග්‍රහක ප්‍රමාණය අඩු නිසා වෙන්න ඇති ප්‍රශ්න ටිකක් අඩු.

  • machan I didn’t understand it but I assume you wrote on bad performance of mobitel hspa.. I have the same issue 🙁

    I quit dialog and came to mobitel last 2 days it sucks like nothing 🙁

  • Yeah. Mobitel තිබ්බ හැටියට දැං ගන්න දෙයක් නෑ… phone එකෙන් පාවිච්චි කරනකොටත් Network timeouts යන වාර ගාන අනන්තයි. කෝල් ගන්නත් බෑ ගොඩක් වෙලේට.. මමත් මේ ඩයලොග් වලට මාරුවෙන්න තමයි බල බල ඉන්නෙ… phone number එක මාරු කරන කරදරේ නැත්නම් මමත් දැනටම මාරු වෙලා…

  • hehe owow mama hadissiyakta phn eken yaddi HSDPA connect wennema ne,ithn EDGE select karama sathutudayala widiyata wada karanawa,E nisa dan GSM only mai dala tiyennet,wadakma ne HSDPA thibilat 😐 (mama kyanne me nuwara thatwe)

  • ඔව් ඔය කතාව හරියටම හරි.. මමත් ගොඩාක් කාලෙක ඉන්ඳන් මොබිටෙල් පාවිච්චි කරන කෙනෙක්.. ඒත් ලඟදි ඉඳන් ඔය තත්වය මට ඉතාමත් තදින් දැනුනා.. විශේශයෙන්ම හවස 6 න් පස්සෙ මේක ගොඩාක් ලොකුවට තියෙනවා.. හැමවෙලේම Network Busy වෙනවා.. මම මේ ගැන පැමිනිල්ලකුත් දැම්මා.. බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා..

  • sanjeew

    ඒත් අද නම් නාවින්න ප්‍රදේශ්යට මොබිටෙල් , ඩයලොග් යන දෙකම හරියට වැඩ කරන්නෙ නෑ, නිතරම විසන්ධි වෙනව, GPRS වලට යනව, මේ දැනුත් විසන්ධි උනා. හැබැයි කාලිංග කියන විදියට මේ දවස් වලනම් ඩයලොග් හොදයි මොබිටෙල් වලට වඩා

  • එනිසා වෙන්න අැති මම ගත්ත dongle එකට network lock දාලා තියෙන්ෙන. මමත් ඉතිං මැට්ටා වගේ ගිහින් network lock දමපු dongle එකක් ම ගත්තා.
    මට නම් එච්චර අවුලක් නෑ,(මණ්ඩලේත් oversell කරලා තියෙන නිසා හවස 6 ඉඳන් රෑ 9 වෙනකන් කොම්පියුටර් එක පාවිච්චි කරන එක හීනයක්.)

  • මමත් දැන් අවුරුද්දක විතර ඉඳන් මොබිටෙල් පාවිච්චි කරනවා. ගත්තු දවස්වල නං මැක්සා. දැන් නං චා මැක්ස්. සමහර වෙලාවට G mail ලෝඩ් වෙන්නෙ නෑ. 🙁 මමත් මේක හලලා Dialog Wimax එකක්වත් ගන්න ඉන්නේ

  • මාත් දැන් ADSL භාවිතා කරන්නෙ, වෙලාවට මාරු උනේ කලින්ම, නැතිනම් ආපහු ඩයලොග් වලට මාරු වෙන්න වෙනව. හික්

  • මමත් Mobitel HSDPA තමයි පාවිච්චි කරන්නේ. මමත් අහපු හැමෝම හොදයි කිවුව නිසා Mobitel HSDPA ගත්තා. 🙁
    එක පාරක් Disconnect වුනහම ආයේ Connect කරගන්න සෑහෙන වෙලාවක් යනවා. ආයෙත් වැඩි වෙලාවක් යන්නෙ නෑ Disconnect වෙනවා. දවස තිස්සෙම ඔය තත්වය තමයි. ඒ වෙලාවට Modem එක අත‍ට අරගෙන ආපහු තියනවා. පොලවේ ගැහුවොත් ඒ පාඩුවත් මටනේ. 🙂 Mobitel එකෙන් මේකට ඉක්මනට පිළියමක් නොයෙදුවොත් මමත් හිතන් ඉන්නේ Dialog HSDPA වලට මාරු වෙන්න.

  • Mobitel එකෙන් මේකට ඉක්මනට පිළියමක් නොයෙදුවොත් මමත් හිතන් ඉන්නේ Dialog HSDPA වලට මාරු වෙන්න. 🙁

  • Damn THEM!

    මීට මාස තුනකට වගේ කලින් බිලොග් ලිපි වල අනුව තත්වය හොඳයි වගේ නිසා ලොකු අම්මලා ලංකාවට ගිය වේලාවේ අාච්චිලාට ගන්න මම අනුමත කලේ Mobitel, දැන් සමහරක් දවස් විශේෂයෙන්ම නිවාඩු දවස්වල Skype එකට එන්නත් බැරි වෙනවාලු! SHIT!!!

  • මම මොබිටෙල් HSDPA නම් පාවිච්චි කරල නෑ. නමුත් එහෙන් මෙහෙන් එකක් අහු උනාම SpeedTest නම් දාල තියෙනව​ා. බොහෝ විට SpeedTest එක හොදට වැඩ කරනවා. නමුත් වේගයන් ගොඩක් මදි. (SpeedTest එකට 1Mb/s ආවත් ප්‍රායෝගිකව එක්නෙ 51Kb/sටත් අඩුවෙන්)..
    මොබිටෙල් වල ඇමතුම් පැත්තෙන් ගත්තත් දැන් නම් කෝල් එකක් ගන්න සෑහෙන අමාරුයි. සෑහෙන දුකක් විදින්න ඕනෙ කෝල් එකක් ගන්න. නගරයකට ගිහින් ​​කෝල් එකක් ගන්න ගියොත් නම් කුණුහරප මතක් වෙනවා. 🙁
    (මොනව උනත් Dialog වලට මම අකමැති නිසා මොබිටෙල්ම තමයි ප​ාවිච්චි කරන්නෙ.. 😉 ) ..

  • chamara

    මේක කවදා හරියයිද මන්දා?……. මටනම් ඇතිවෙලාතියෙන්නෙ….දැන්නම් මොබිටෙල් වැඩක්ම නෑ.ටෙක්කතා බාගන්න විදියක් නෑ……..කරන්න දෙයක් නෑ දුකතමා………..

  • Police

    Kalinga aiye ada kurunegala 3G outgoing Free ape download speed 1ka 10MB.s ai mekata hethuwa mokakda mata hithaganna baha… plz mata poddak therum karala denna

  • හැබැයි නුවර ‍‍ඩයලොග් වල ස්පීඩ් එකනම් සාපේකෂව සතුටුදායකයි. මොබිටෙල් HSDPA මම පාවිච්චි කරලා නෑ. සාමාන්‍යයෙන් ගෙදරදී ම‍ට >500KBps download වේගයක් ලැබෙනවා. ඒත් බොරලැස්ගමුවෙදී (බෝඩිමේ) හැමදාම <350KBps තමා 🙁 .

  • අම්මෝ කථාකරලා වැඩක් නැහැ.මම කිපසැරයක්ම පැමිණිලි කරත් වෙනසක් නැහැ.එන්න එන්න අලවෙනවා.දැන්නම් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ.හිතුවේ අද බිල ගෙවලා දාන්න.මෙක බැළුවම එකත් එපාවුනා.එත් වෙන මොනවා කරන්නද ඩයලොග් පට්ට ගනන්නේ.

  • Sahan

    මං හිතන්නෙ Dialog එපා වීම තුළ කට්ටිය Mobitel ‍වලට මාරු වුනා, දැන් Dialog ‍හොඳයි Mobitel අල. මෙන්න බදුල්ලෙ තත්වෙ,

    Mobitel 1mbps,

    Dialog – Mobile Broadband Prepaid

  • Sandun

    @Kalinga,

    Another parameter you should consider is ‘Value for money’. It can be ‘Throughput per LKR (kbps/LKR)’ or ‘Data volume per LKR (MB/LKR)’.

    Becuase ‘Choice’ is variable. It can be ‘Speed’, ‘Volume of data’ and importantly ‘Price’. You can have a high quality network when you are expensive. Users will be interested if you could publish these parameters as well. For most of the local users, ‘Affordability’ is a Big concern. Low rentals and more free bundles are more attractive for a certain segment.

    These are two basic packages of Mobitel and Dialog.

    Mobitel -> 8GB for Rs.1290 -> 15.75 cents per 1MB
    (3.6Mbps Downlink & 2Mbps Uplink)

    Dialog -> 5GB for Rs.3000 -> 58.6 cents per 1MB
    (with 50% discount for Universities -> 29.3cents per 1MB)
    (1Mbps Downlink & 1Mbps Downlink)

    Unlimited packages & Fixed broadband services, you have to consider the ‘Throughput/Average speed per LKR’, but i dont have enough information.

    Thanks !

  • @රොකියා

    ADSL අරගෙන යන්න බෑනේ.

    @Sandun

    true, but in this case, even if the cost is 1cent a 1MB, whats the point even if it docent work ? 😀
    its like buying a ferrari enzo with no engine coz its cheap 😀

  • Sandun

    @Kalinga,

    if engine is missing, definitely why should you buy it at first place. But the issue is about speeds…not that you don’t get service up and running.

    So i propose a better expample…
    Two people go to kandy by two buses. One is an AC bus and the other is a CTB bus. The person who goes by AC bus argue about the comfort, but has forgotton the ticket is Rs.225. The other person in the normal bus, still goes to the same destination at a price of Rs.110. Which is better ?

    Choice is yours…not mine !

  • @Sandun

    ah yeah, thats the best example 🙂

    in Mobitel case, they have told its an A/C bus and we go on to it and found out that its not even going faster then a CTB, and we are half way and paid the A/C ticket price as well, but what we got was a bus that sucks more then the CTB 😀

    this is whats wrong in Sri Lanka, they says 100 tings when they do marketing but cant even provider half of the things they say. this is unfare and im glad that least TRC is not seen the light about mobile providers cheating customers.

  • යන්න ඕනෙ නැති තැන් වලත් SLT බාවිතා කරන්නෙ නැනෙ. උදාහරනයක් විඩියට ටෙක්කතා කරන්නෙත් , හැමදාම dialog and mobitel වල හැදු වැඩූ මවු පියන් මතක්කරලනෙ.
    අවන්කවම මටත් ඔය mobile broadband එක ලොකු ප්‍රශ්නයක්. මොකද මම දැනට සේවය කරන රටේ ටෙලිෆෝන් කනෙක්ෂන් එකක් ගන්න එක ලේසි පාසු නැ. ඉතින් ලැන්ඩ් ලයින් එකක් නැතුව ADSL ලුත් නැනෙ. ඉතින් මමත් ලැපට දාල HSDPA බට්ටෙක්ගෙන් කනෙක්ශන් එකක් ගත්තා. මොකද මම ලංකාවට කතාකරන්න Gtalk and skyp බවිතා කරන නිසා මට ඒක අත්යාවශ්ය දෙයක්. නමුත් ADSL වලට සාපෙක්ශව HSDPA වල මිල ගනන් ඉතා ඉහලයි. උදාහරනයක් විඩියට , ADSL (4mb) වල unlimited connection එකකට ලංකා මුදලින් රුපියල් 4,000ක් වුනත්, HSDPA වලදි 1GB connection එකකට මට රුපියල් 3,500ක් විතර ගෙවන්න වෙනව. අනිතෙක මට 1GB එකක් මදි වෙනව. මට දැනගන්න ඕනෙ ADSL සහ HSDPA අතර මේතරම් ලොකු මිල ගනන් පරාසයක් ඇතිවී තියෙන්නෙ ඇයි කියල.

  • Sandun

    @Kalinga,

    Exaclty…that’s my point…

    Your ‘Choice’ is AC bus no matter what’s the ticket price is…

    But there is a majority in Sri lanka who can’t afford ‘AC’ bus but travel often by CTB. They have to made that ‘Choice’ because of ‘Price’ or Affordability.

    So why do we just criticise one operator or therafter another
    Choice is entire depends on user’s ‘Need’ and ‘Spending Power’…

    I don’t want to argue whether Mobitel is the best or Dialog is the best…
    It depends, and it’s Your Choice & your Need…!!!

  • @Sandun

    so what your saying is if its cheap, the service provider can sell any thing they want ? in mobitel case they says its 3.6mbps, if they cant provide 3.6mbps for that price they should not advertise it.

    so if price matter, tell the customer what they get.

    in A/C vs CTB, ppl know what they get. so dont advertise some thing you cant provide,

  • Sandun

    @Kalinga,

    yes, i agree with you about misleading advertising if anybody does so…For mobile broadband, the operator can advertise only the ‘maximum’ speed. That means, what you get is Always lower than that speed.

    But what i said is not that you can sell anything if its cheap…But what i said was, You have to consider the fact whether you get ‘Value for Money’. It’s not just absolute speed.

    Simply speaking, if you pay Rs.3000 to Dialog to get 1Mbps speed & 5GB and assuming you get the same speed as advertised speed, My question is
    How much should you pay for Mobitel to get 8GB and 3.6Mbps of speed ? Just try to calculate. Then compare that value with Rs.1290. Then you can decide whether you are satisfied or not.

    I am just pointing out that there are some other factors that you have to consider before arriving at conclusions…and those facts are heavily dependent on user’s ‘need’…my need is not yours, so what is best for me is not the best for you…

  • @Sandun

    your sill making the point that, if its cheap, the quality do not need to be good.. dialog did the same mistake back in the days, if you read my old blog post about this matter you can see that. but they realized the mistake they did and they some how improved the systems. did they increes the price ? NO.

    Your saying 3.6mbps is not posibale on HSDPA, no, it is posibale and it has been proven all over the world. also i payed way more then before for Mobitel, they only made it 1290 after few months back, it use to be 3000++ for less data. also keep in mind mobitel is now saying they can do 28.8mbps 😀

    to me price dont matter, but im comparing what they are advertising. to me as a consumer it dont matter if they can provide the service as they advertise or not. if they cant do it, then they shouldn’t have advertise it in the first place, this is misleading customers. bean cheaper is not an excuse to provide a bad service.

    need is some thing else, people have the choice to select, but what they select is depend on the providers advertisement.

    also im not talking about the amount of data they allow to download, mobitel can even says we are giving 100GB’s a month at Rs.1000 and the speed will be 14mbps and but what users really get will be 100kbps, then now if you compare it with Dialog, or any other provider its cheap, but can you really use 100GB’s using that link ? if hey download 24x7x30 they can still only get 30GB max.

    im here only talking about what they advertise witch i brought and the really of the product.

    what if when you buy a car and they say it does 10KM per 1Liter of Petrol, but then you realized that it only do 1KM per liter, then some one is saying, take the price of your care its only Rs100,000 and your getting what you pay for, its simply a misleading of the customers. price is not an excuse to provide a bad service and you should only advertise what you can give.

    any broadband service has its bandwidth has + or – on speed they advertise, but not as much as 90% variations.

  • Prabhath

    Hey! it’s very interesting topic, But,,මම තරම් කට්ට කාපු පොරක් නතිව අති මෙ මගුල නිසා.. 🙁 🙁 🙁 can u believe, we have experienced under 5 kBps speed in last 4 months in Gampola area using Mobitel HSDPA!! its disgusting :p :p :p ,, These were the issues…
    1.We have to try several times(may be 20~30 time) to establish the connection. => error 628/619
    2. Say, any how we had connected,, if the connection was idle for 5 seconds,, it is disconnected!
    3. Downloading speed is extremely slow, can’t even open google!!

    But finally, they have fixed it! whole credits goes to me because,, මම කාපු කට්ට මම විතරය් දන්නෙ මෙ මගුල හදාගන්ට,දන් 20kbps විතර එනව,, අනේ කලින් තිබ්බට වඩා ඒ සියදහස් ගුනයකින් හොදය් 😉 😉 ,, එ උනාට 1MBps ලග පාතකවත් නෑ 🙁 (i have no other option coz i only get mobitel 3G)

    I’l give u all a tip !!
    (This is what i have done)
    If ur connection is too slow,, dont call hotline!
    go directly to a mobitel arcade & දන්න හොදම වචන ටිකක් කියල බනින්ට,
    සිකුරිටිල එහෙම ලගට එයි, ගනන් ගන්ට එපා දිගටම බනින්ට…
    After that ask a phone number of an engineer && talk to them directly…
    අඩුම තරමින් මාස 2ක් වත් ගියට පස්සෙ speed එක 20kbps කරල දෙය්… 😀

  • @Prabhath

    ah, even i don’t call the CS, i normally report directly to engineers and report them the issues. but sadly in Sri Lanka, most company don’t really care about customers and most people do not want to even demand for there rights, only hand full of people does it.

    we had the same issue with Dialog back in the days, and we stud up for it, and even tho it took little bit of time. they finally some how fixed most of the issues we pointed out.

    even now TRC has found this mobile broadband speed are an issues that they need to regulate, hope they will come up with some kind a regulation soon.

  • @Asanga

    multiple-input and multiple-output

    MIMO is not only works on HSDPA, its there for WiMAX as well. its a multi antenna technology that use the same bandwidth/channels and same power and longer distance and transmit of data in a efesiont way.

  • mah

    @ kalinga
    i went through all you described here… that was in early december. but end of december they called me and said that my area ( maharagama ) is corrected and there after no problems.. but when i went to kotte area one day last week it had low speed and disconnection problem. then i called them and complained. then engineer called me next day and said that they are upgrading towers in western province and main towns in other areas to HSPA+/MIMO. he said its not a band width problem and its just a network issue and said it will be resolved this month and next month they ll increase the connection speeds…

  • අපෝ මොබිටෙල් ගැන කියන්න දෙයක් නෑ. ඒත් ටිකක් දුර පලාත්වල නගරබදට වඩා හොදයි. දැන් හිතෙනව ගමට යන්න.

  • ඒපාර මෙයාලගෙ DNS වැඩ නෑ. මම DynDNS වල Recursive DNS දැම්ම. පැමිණිල්ලක් දාන්න ගත්ත පාර ගත්ත එක්කෙනා කියනව අපේ මොඩම් නෙවේ… DNS වෙනස් කරන්න අපි කියල නෑ… හරි ගිය එකටත් වැරදි කියන්ව. අරන් එන්න කීවෙ. මම හිතන් ඉන්නෙ මොබිටෙල් එක හරියෙන් ගෙයක් ගන්න. මොකද හැමවෙලේම අරන් යන්න එ‍පෑ

  • Mobitel SPEED Test

    IN DEHIWALA i’m getting this 0.2Mbps.. wtf men??

    Me changed from dialog and comited 12 months agreement (as I bought mobitel modem using AMEX extended plan- 500 LKR/Month)

    During December Dialog started to become better I guess, even in Jaffna I got more than 2MBps where the promised speed is only 1 MBps but these mobitel mongals changed over the time…!

    Now I’m sucked!!

    @Sandun
    hey your A/c bus CTB bus logic sucks all time. what are you??

    you knw wot, CTB never advertises that they give A/C for 100 bucks and get you inside. I quit dialog expecting more quality from Mobitel but they failed me.. loosers!

  • Sandun

    @Kalinga,

    You said Dialog didn’t Increase the price. No, that’s about the absolute price. But you have forgotten that they introduced Rs.3000 package with 7.2Mbps and they dropped the speed to 1Mbps (after customer complaints) in early 2009 WITHOUT a price Drop. Ideally they should have dropped the price and reimburse their customers who paid them a higher rental. So as i said, the parameter ‘Price per Bandwidth’ is now increased. It’s an increase of Relative price.

    I never said, 3.6Mbps or 28.8Mbps is NOT possible. Understand the fact that,
    It is POSSIBLE but NOT GUARANTEED. because it is Mobile Broadband. Operator Advertises the Max speed. In other words they tell you, ‘You can’t go above 3.6Mbps’ or ‘You will always get something below that speed’. So any customer with a common sense should realize what does that mean.

    Next argument, What happens if Mobitel drop their Max Speed to 1Mbps. (i believe they can do it without a price change comparing the prices of Dialog Rs.3000 Vs Rs. 1290 for same speed + Mobitel giving additional GBs)?

    Yes, now you will be happy coz they Advertise correctly. Plus you will get a reasonable speed close to 750-1000 kbps. But what does that prevent you ? It will prevent you that your speed go above 1Mbps during network NON BUSY HOURS/LOCATIONS. ( For example, at my location i get speeds of 1Mbps-2.5Mbps Randomly specially late night to morning and may be in afternoon until 8pm). But i will not be happy if Mobitel drop the speed to 1Mbps as it cause to loose my Max speed.

    Also i DON’T WANT to pay Rs.1700 EXTRA to Dialog just to get 1Mbps speed + with a LOW data volume. So better if you reconsider what do you really expect from the operator ? There are many ways they can give you a better speed.
    1. Improve the Systems
    2. INCREASE the Price
    3. REDUCE the MAX Speed.

    So better if we are clear of what we ask for…we need speed, true, but is that the only need ? Better to ask Mobitel to Increase the Price than asking to Improve the systems… 🙂

    @mayooresean,

    Hey dude, You said ‘loosers’, but to whom? Better rethink. You and we all, just scold Mobitel or Dialog from time to time…but all of us use the same two providers, and pay continuously. So whom do you think loose and whom do you think ‘gain’ ?

    Nice post & a Nice argument…

    Cheers !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *