GPS වැඩ කරන්නේ කොහොමද ?

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුණ නිසා, අද හිතුණා එකක් ලියන්න ඕනේ කියලා, අද නම් දවසම  කළේ නිදාගත්ත එක තමයි.  ඉස්සරනම් මාසෙට පොස්ට් කීපයක් ලියනවා, දැන් කාල වේලාව පොඩ්ඩක් මදි නිසා ඒක හරියට වෙන්නේ නෑ 🙁  ඉතින් අද කතාකරන්න යන්නේ GPS ගැන, මේ GPRS නම් නොවෙයි 🙂 GPS කියන්නේ Global Positioning System කියන එකයි. මේකෙන් කරන්නෙ හරිම සරල දෙයක් වුවත් එහි වටිනාකම හරිම වැදගත්. GPS උපකරණයකින් කරන්නේ තමන් ඉන්න තැන හරියටම අක්ෂාංශ හා දේශාංශ ලබාදීමයි. සරලම GPS එක මේකයි, දැන් GPS බොහෝමයක map එකක්ද එනවා, ඒ නිසා තමන් සිටින ස්ථානය වගේම අවට දේවල්ද මැප් එකෙන් පෙන්වනවා. පිට රටවලනම් වාහනවල navigation system එකක් එනවා, මේකෙන් කරන්නේ ඉන්න ස්ථානය, යන්න හදන තැනට ඇති කෙටිම පාර වගේම යන විට හැරෙන්න ඕන තැන් පවා කටහඬකින් කියනවා.

දැන් GPS එක හරිම සුලභ භාණ්ඩයක් වෙලා, ගොඩක් ජංගම දුරකථනවල පවා මෙය එනවා. ඉතින් ජංගම දුරකථනයට google maps වගේ දාගත්තා නම් ලංකාවේ බොහෝ මාර්ග එහි තිබෙනවා. ඒවගේම පාරක් හෝ නොදන්න ස්ථානයක් තිබෙනවා නම් ඒක search කර වුවද සොයාගන්න පුළුවන්. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ iPhone එකක google maps හරහා ස්ථානයක් search කළ විට දිස්වෙන ආකාරය.

img_0106

ඉතින් මේවගේ ගොඩක් දෑ සදහා GPS භාවිත කරනවා, අපි බලමු කොහොමද මේ GPS වැඩ කරන්නේ කියලා.  GPS උපකරණවලට ඉන්නා ස්ථානය පෙන්වන්න උපකාර කරන්න GPS satellites තියනවා.  මේසදහා වන්ද්‍රිකා 27 තිබුණද, භාවිත කරන්නේ 24 පමණයි, ඉතුරු 3 ඇත්තේ හදිසි අවස්ථාවලදී දුර්වල/ක්‍රියාකාරී නැතිවුණ චන්ද්‍රිකාවක් replace කිරීම සඳහා යි. මේ GPS network එකේ අයිතිය හා එය පාලනය කරනේ ඇමරිකාවේ හමුදාව මගින්. මෙහි ආරම්භය යුදමය පසුබිමක් සහිත වුවද පසුව සියලුදෙනාටම භාවිත කිරීමට ඇමරිකාව ඉඩ දුන්නා, නමුත් වසර 2000 වන තුරු අන් අයට GPS නිවැරදිතාවල මීටර 100+/- ලෙස තමයි ලබාදුන්නේ. වසර 2000 න් පසු මෙම බාධකය ඉවත් කෙරුණා.

gps-3

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ GPS චන්ද්‍රිකා කක්ෂගත කර ඇති ආකාරයයි. මේවා පොලොවේ සිට සැතපුම් 12,000 දුරින් ඉහළ අහසේ රඳවා තිබෙනවා.

සෑම GPS චන්ද්‍රිකාවක්ම එකම අවස්ථාවේ තමන්ගේ පිහිටීම හා වෙලාව radio waves හරහා විකාශනය කරයි. මෙහි ඇති ලොකුම ගැටලුව වෙලාවේ නිවැරදිතාවයි, එම නිසා සෑම චන්ද්‍රිකාවකම Atomic clock (පරමාණු) එකක් ඇත. මෙය ලොව ඇති නිවැරදිම වර්ගයේ ඔරලෝසුවකි.  GPS reciver උපකරණයක් මගින් මේ ලැබෙන දත්ත (අඩුම වශයෙන් චන්ද්‍රිකා 4 ක් වත්) යොදාගෙන තමන් සිටින ස්ථානය මෙන්ම මුහුදු මට්ටමේ සිට උසද දක්වයි. චන්ද්‍රිකා වැඩි වන තරමට නිවැරදිතාව වැඩිවෙයි. මෙය ගණනය කරනේ චන්ද්‍රිකාවේ signal එක එවපු වෙලාවේ සිට reciver එකට එන්න ගතවු කාලය (radio waves ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්) චන්ද්‍රිකා කීපයක් හා ගණනය කිරීමෙන්. GPS reciver එකේ මේ Atomic clock එකක් නොමැත, නමුත් චන්ද්‍රිකා හරහා එන දත්ත් අනුව, තමන්ගේ ඇතුලත ඔරලෝසුවේ කාලය සකසා ගනු ලැබෙයි.

GPS හරියාකාරව ක්‍රියාකිරීමට එළිමහනේ, සිටිය යුතුයි.  GPS උපකරණය හා චන්ද්‍රිකාව අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතුයි. නැතිනම් නිවැරදි බව අඩුවෙනවා.

img_0110

GPS මගින් සිටින ස්ථානය  හරිය පෙන්වන විට, මීටර 14ක නිවැරදීතාවයක් යටතේ.

img_0109

GPS application එකක් මගින් ඉන්නා ස්ථානය දත්ත වගේම, මුහුදු මට්ටමේ සිට උස පෙන්වන ආකාරය. (මෙම දත්ත ලබාගත්තේ එළිමහනේ නොවෙන නිසා නිවැරදිබ අඩුයි, මීටර  163.0 අඩු හෝ වැඩි)

මීට අමතරව දැන් ජංගම දුරකතනවල A-GPS ලෙස සේවයක් එනවා. මෙයින් කරන්නේ cell tower එකේ ස්ථාන දත්ත උපයෝගී කරගෙන තමන් ඉන්න ස්ථානය පෙන්වීමයි. මෙහි 1km~3km වගේ නිවැරදීතාවයක් තමයි තිබෙන්නේ. ළඟ ඇති cell tower වැඩිවන විට නිවැරදි තාවද වැඩි වෙනවා.

img_0108

A-GPS එකක ස්ථානය දිස්වන අයුරු. වටයෙන් පෙන්වනේ නිවැරදීතාවය කොපමණද කියා.

73 thoughts on “GPS වැඩ කරන්නේ කොහොමද ?

  • @ගයාන්

    ආ, නාසා එකේ එක මාත දවස් දෙක තුනක් එහෙට මෙහට කරලා තියනවා, ඔයාගේ පොස්ට් එක මම දැක්කා කලින් 😀

  • N73 එකෙත් පෙන්නුවේ ලොකු රවුමක් ඇතුලෙ, (නිවාරදිතාවය 3990m කියල තිබුනෙ)
    ඒ කියන්නෙ A-GPS නේ?

    A-GPS වල Tower එකෙන් signal ගන්න එක Network එකෙන් free දෙනවද?
    (Dialog වල current location SMS එක VAS එකක් නෙ 😉 )

  • @ගයන්ත

    ඒ කියනේ A-GPS, මේක cell tower එකේ දත්ත වලින් ගන්නේ, A-GPS signals tower එකේ control signal එක්ක එනේ. ඒකට මුදල් ගනේ නෑ.

  • මගේ එකෙත් A-GPS තියෙනව. සාමාන්‍යයෙන් කොළඹ පැත්තෙදි එහෙම ටිකක් හොඳට පේනව. නුවරදි එහෙම 3400m වගේ.

  • මගේ එකෙත් A-GPS තියෙනව. සාමාන්‍යයෙන් කොළඹ පැත්තෙදි එහෙම ටිකක් හොඳට පේනව. නුවරදි එහෙම 3400m වගේ. කලින් comment එක අල වුණා 😀

  • @admin (AKA මලින්ත)

    OpenID එක හදාගන්න වෙයි, හික්ස්…

    කොළඹ tower වල radius (ඒ කියනේ ආවරන වන ප්‍රමාණය) අඩුනිසා නිවැරදි බව වැඩියි, tower දුරින් පිහිටන්න පිහිරන්න නිවැරදි බව අඩුයි.

  • වැදගත් ලිපියක්. මේ වෙලාවේ අපි කැම්පස් එකේ GPS ගැන පොඩි කතා බහක්. නියම වෙලාවටම මේ ආටිකල් එකත් සෙට් වුණේ. 😀

  • 🙂 මම හිතන් හිටියෙ කවුරුවත් ඒක බලන්න නැතිව ඇති කියල.

    මට මාසෙකට Video Calls 100 min Free තියෙනවා.ඒත් තියෙන්නේ Nokia 6230 එකක්නේ. ඉතිං 100ම ඉතිරියි.

    ඔ්ව නම් චෙක් කරල බලන්න ආසයි. ඒත් කොහෙද මේකෙ ඔ්ව නෑනේ.
    සැටලයිට් රිසීවර් එකකුත් හොයාගත්ත ඩිෂ් එකක් නෑ. 🙁

    මගෙත් තියෙන්නේ ඔක්කොම හෙණ්ඩුව තියෙනව ඇතා නැති වැඩ. 😀

    සිංහල ටිකක් අවුල් වෙලා තියෙන්නෙ මේ වෙලාවෙ real time converter එක පාවිච්චි කරන නිසා.
    සිංහල අකුරු වල code මතක නෑ දැන් unicode පුරුදුවෙච්ච නිසා

  • GPS වලින් අපි යන තැන් වල මැප් එකක් හදාගන්න පුලුවන්ද?
    අපේ අයිය එහෙම කතාවක් කිවුව වගේ මතකයි.
    ඒත් කොහොමද කියල නම් කිවුවෙ නෑ.

  • @ශාකුන්තල

    ඔවු, මේක මාර ෆන් වැඩක්, අර ටෙක්කතාවල කියපු, arduino වල තියනවා GPS මොඩියුල් එකක් හයි කරගෙන කරන project එහම.

    @ගයාන් තාරක

    comment නොදැම්මට අපි බලනවා 😀

    මම දැනට http://www.openstreetmap.org/ බාවිතා කරනවා, යන එන තැන් බලාගන්න, අලයකට තියෙන්නේ iPhone එකේ multiple apps run කරන්න බැරි එක තමයි.

  • ෂහ් නියමයි නේ, මටත් කරගන්න තිබුන නම් හොදයි.
    එත් මට තියෙන්නේ S/E w910i එකක්නේ
    එකට මුකුත් නැනේ අඩුම තරමෙ app එකක්වත් දාගන්න තිබුනනම් මාත් ලොක්කෙක් තමයි.
    පුර්ර්

  • ආහ්… පරණ ඒව ලින්ක් ද දා ඉඳල අන්තිමට ලිව්වා නේද එකක්?

    එළ එළ… ‍ගූගල් මැප්ස් පාවිච්චි කරන්න කියන වෙලේ පොඩ්ඩ‍ක් Data Charges ගැනත් ඇහැ ගහගෙන ඉන්න කිව්වනම් නරකද? 😀 …

    අද මම ගියා මොබිටෙල් එකට… ‍තියෙන connection එකටම Zoom 490 එක active කරල දෙන්නම් කිව්වා 😀

  • @Chathura Wick

    හික්,ඔවු ඔවු, Google map වැඩකරන්නා අන්තර්ජාල හරහා තමයි, මොකද map download වෙවී තමයි පෙන්වන්නේ. ඉතින් ඩේටා ගොඩක් යනවා, හොදම වැඩේ චතුර කිවුවා වගේ data package එකක් voice line එකට active කරගන්න එක.

  • එළ ලිපියක්. මම හිතන්නේ මගේ පෝන් කට්ට මාරු කරන්න කාලේ හරි. චොර කිව්වට අයිපෝන් එක හොදයිනේ…

  • @Thilina

    iPhone එක Mobile Phone එකක් හැටියට චා, දැන්නම් OS3 එකත් එක පොඩක් ෂේප්, ඒත් PDA එකක් හැටියට ගොඩක් හොදයි.

    අනික මේ මැප්ස් use කරන්න iPhone එකක්ම ඕනේ නෑ. ගොඩක් අලුත් ෆොන් වල තියනවා.

  • සඳුන්

    හොඳ පෝස්ට් එකක්
    මමත් A-GPS කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඒක වැඩ කරන්නෙ 3ග් කවරේජ් එක තියෙනවනං විතරයි නේද?
    අනිත් එක ඒකට මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගෙ කුළුණුවලට අදාල ස්ථාන දත්ත ඇතුල් කරල තියෙන්න ඕනෙ නේද?

  • සඳුන්

    හොඳ පෝස්ට් එකක්
    මමත් A-GPS කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඒක වැඩ කරන්නෙ 3G කවරේජ් එක තියෙනවනං විතරයි නේද?
    අනිත් එක ඒකට මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගෙ කුළුණුවලට අදාල ස්ථාන දත්ත ඇතුල් කරල තියෙන්න ඕනෙ නේද?

  • @සඳුන්

    මමත් A-GPS කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඒක වැඩ කරන්නෙ 3G කවරේජ් එක තියෙනවනං විතරයි නේද?

    3G ඕනේම නෑ

    අනිත් එක ඒකට මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගෙ කුළුණුවලට අදාල ස්ථාන දත්ත ඇතුල් කරල තියෙන්න ඕනෙ නේද?

    ඔවු, දැන් හැමෝම වගේ දාල තියෙන්නේ සමහර තැන් වල නෑ.

  • මගෙ තියෙන්නෙ SE p990i ෆෝන් එකක්. p990 යෙ GPS වැඩ කරන්න පුලුවන්ද, වැඩ කරන්න මගෙ phone එකේ තියෙන්න ඕන requirements මොනවද. Applications දාන්න ඕනනම් ඒවත් කියන්න.

  • @සහන්

    මාගාව SE P990 එකක් නැති නිසා හරියට කියන්න දන්නේ නෑ. ඒත් P990i එකේ GPS නම් නෑ, නමුත් google maps app එක දාන්න පුලුවන්නම් ඒක ගොඩක් වලාවට cell location අරගන පෙන්නනවා.

    දැනට මම බාවිතාකරනේ google maps ඒක නොමිලේ වගේම ලංකාවේ බොහොමයක් පාරවල් හොදට තියන නිසා, දැනට ලංකාවේ සිතියම් තියන software එකක් නම් දන්නේ නෑ. හොයලා කියන්නම්.

  • ගොඩක් හොඳ ලිපියක්. නොදැන හිටපු කරුණු ගොඩක් දැනගත්තා.

    ඕනෙම phone එකක cell information display එක ON කලාම stand-by mood එකේදි ඒ වෙලාවෙ ඉන්න ගම් පළාතෙ නම දිස්වෙනවනෙ. ඒ A-GPA මගින් නෙමෙයිද? 3G, GPRS මුකුත් නැති phone වල පවා එය දිස්වෙනවා. එහිදි ලඟම තියෙන tower එකෙන් එම information phone එකට එන්නෙ data signals විදියට නෙමෙයිද?

  • @ධනික

    දෙක වෙනස්, ඕකට කියනේ cell info කියලා. අනිත් එක cell location Latitude/Longitude දෙකම එනවා, ඒ මගින් තමයි A-GPS location එක ගන්නේ.

  • හප්පේ… අති වැදගත් කරුණු ටිකක් දැන කියා ගත්තා… මං එකෙක් එක්ක රණ්ඩුත් වුනා ‍ජීපීඑස් ගැන වාදයක් කොරන්න ගිහින්… හී හී… දැන්නම් බය නැතුව දෙන්න පුළුවන් ඇට්ටි හැලෙන්න… තව වැඩිපුර කරුණු ටිකක් එකතු කලොත් හොදයි වගේ ඇතුලත්මුදලිතුමෝ…

  • මට iPone ඒක අලන්නේ නෑ එතරම්ම, ඒ නිසා හැකිද මේ GPS තාක්ෂණය වැඩ කරන ජංගම දුර්කථන මාදිලි කිහිපයක් හදුන්වා දෙන්න? ගුගුල්හී අළුත්ම ජංගම දුරකථනයට මේ තිබේද?

    ඒ වගේම විදේශික ජංගම දුරකථන සම්බන්ධතාවයක් තිබෙන එකක් ලංකාව තුල මඟින් GPS භාවිතා කරන්න පුලුවන්ද?

    ඒ වගේම ලැප්ටොප් එකක්ට ඔය GPS Technology ගන්න විදිහක් නැද්ද?

    Sorry for asking those stupid questions! 😀

  • @Thilina

    මේපාර වැඩේ අපේ බුද්දික කරනේ, අද හෙට දාන්නම් 😀 මම වගේ වෙලාවට වැඩ නෑ නේ 😛

    @උදාර

    ආ… තව මොනවද දැනගන්න ඕනේ ?

    @-බිன்ku-

    මට iPone ඒක අලන්නේ නෑ එතරම්ම,

    හික්… ඒකනම් මටත් එහම තමයි 😀

    ඒ නිසා හැකිද මේ GPS තාක්ෂණය වැඩ කරන ජංගම දුර්කථන මාදිලි කිහිපයක් හදුන්වා දෙන්න? ගුගුල්හී අළුත්ම ජංගම දුරකථනයට මේ තිබේද?

    ගොඩක් තියනවා, අලුත් Nokia බොහොමයක වගේ තියනවා.
    G1 එකේ GPS තියනවා.

    ඒ වගේම විදේශික ජංගම දුරකථන සම්බන්ධතාවයක් තිබෙන එකක් ලංකාව තුල මඟින් GPS භාවිතා කරන්න පුලුවන්ද?

    පුලුවන්, මොකද GPS එක service provider ලබාදෙන සේවාවක් නොවන නිසා.

    ඒ වගේම ලැප්ටොප් එකක්ට ඔය GPS Technology ගන්න විදිහක් නැද්ද?

    පුලුවන්, ගොඩක් USB/Bluetooth GPS modules තියනවා.

    Sorry for asking those stupid questions!

    there are no stupid questions in my blog 🙂 any one can ask any thing… and how ppl gonna know/learn things if they dont ask questions ?

  • හරි මම p990 ට ගූගල් මැප් දැම්මා, ඒකට 3G ඕනකරනවද GPRS වලින් බැරිද.
    GPS වල වගේ ගූගල් මැප් වල නිවැරදිව ඉන්න තැන පෙන්වනවද?(ප්‍රශ්න ගොඩයි)

  • @Ruchira Sahan

    none, but thats the only FREE MAP software that has the roads and land marks in Sri Lanka (maybe there are others witch i dont know about) and yes, it download the MAP off the web.

    @සහන්

    GPRS ඇති, P990 එකේ GPS නෑ, A-GPS තමයි බාවිතකරන්න වෙන්නේ. google maps වල, where i am (show my location) කරානම් ඉන්නා ස්තානය ආසන්න කිලෝමීට කීපය පෙන්වනවා.

  • http://blog.malindaprasad.com/wp-content/uploads/2009/06/img_0015.png

    මේ මම අරන් තිබ්බ එකක්. මීට වඩා ලගට 95 එකේ පෙන්වනව. රවුම නැතිව. හැබැයි මරු මේක. ඒත් ටිකක් නගරෙන් දුරට යද්දි හරියට වැඩ නෑ. සිතියමුතු නැති නිසා වහ.
    නොකියා නැවිගේටර් දුරකථන වල වෙනසක් තියනවද? ඒකට ගූගල් මැප් දාන්න ගිහින් අලයක් උනා. ඒක නිසා බලන්න බැරි උනා. නොකියා මැප් එකේ ලංකාවෙ හරියට නෑනෙ.

  • 95 එකේ ලගට පෙන්වනව කීවෙ ඔය ලොකු රවුම නැතිව කුඩා ඩොට් එකකට. හැබැයි හරියටම හරි.

  • @Malinda

    ආ, පොඩි රවුමක් පේන්නේ ඒක නිකන් echo වගේ වෙනවා… නැතුව තැන වැරදියි කියන එක නෙවෙයි, මේකෙත් හරියටම තැන පෙන්නනවා.

    නොකියා නැවිගේටර් වල එන්නේ ඒ අයගෙම map software එකක්, ඔයා කිවුවා වගේ ඒකේ නෑ ලංකාව. ඉන්දියාවනම් තියනවා. මම දන්න තරමට නොකියා නැවිගේටර් වලත් google maps හරියට වැඩ කරනවා.

  • ඒකෙ මෙමරිය අලයක්. මොකද මම ගූගල් මැප් එකෙන් n70 ක අරන් තමා බ්ලොග් එකට දැම්මෙ.

    ඔව්. මේකෙ තැන හරි.

  • ඉතාම වෑදගත් ලිපියක්. බොහෝම ස්තුතියි,මමත් මේ ගෑන තොරතුරු සොයමින් හිටියේ,මගෙ s.eric k800 එකට ගූගල් මෑප්ස් දාන්න පුලුවන්ද?

  • Priya

    හොද ලිපියක්…. GPS එකෙන් ගන්න දත්ත වලින් ගොඩක් ප්‍රයෝජනවත් විහ්ලේෂනයන් කරන්න පුලුවන්… Arc GIS soft ware එකෙන්…… අපේ රටේ රාජ්‍ය ආයතන ගණනාවක GIS පාවිච්චි කරනව තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ලෙස (Decition Making tool)

    ඔහොම යමු…… ලෝකෙ හැම දැනුමක්ම ලබාගෙන ඒව අපිට අවශය විදියට හැඩගස්සව ගනිමු……

  • ඇමරිකාවට තර්ජන එල්ල වෙනකොට පොදු GPS සේවා ක්‍රියාවිරහිත කරනව කියල මම අහල තියෙනව ඒත් දැකල නම් නෑ. ඕක තව අවුරුදු කීපයකින් නැතිවෙලා යන්නත් බැරි නෑ. යුරෝපා සංගමය මගින් වෙනම පොදු චන්ද්‍රිකා ජාලයක්‌ හදාගෙන යනව ඔය හමුදාමය බලපෑම GPS එකට තියෙන නිසා. ඒකට කියන්නෙ Galileo කියල. 2013 වගේ වෙනකොට ඉවර කරන්න බලාපොරොතුතු වෙනවලු. චීන්නු තනියම ලෝක ව්‍යාප්ත GPS එකට සමාන චන්ද්‍රිකා ජාලයක්‌, ඉන්දියාව සහ ජපානය ඒ රටවලට ආවේනික GPS එකට සමාන චන්ද්‍රිකා ජාලයක් හදන්නත් සැලසුම් කරනවලු.

  • මහේෂ් කූරගම

    හිතවත් කාලිංග

    මම භාවිතා කරන්නෙ ASUS P535 වර්ගයේ ජංගම දුරකතනයක්. මෙහි GPS සේවාව ලබා ගැනීම සඳහා අමතර GPS ඇන්ටනාවක් ද මා සතුව ඇත. එහි GPS භාවිතා කරන ආකාරය පිළිබදව ඔබ දන්නා තොරතුරු ලබා දෙන්න පුළුවන්ද?

    මහේෂ්

  • @මහේෂ්

    දැනට වින්ඩොස් මෝබයිල් සහදහා Google MAPS ඇතිනිසා, ඔබට මෙයට Google maps install කොට GPS බාවිතා කිරීමට හැකිය. GPS ඇන්ටෙනාව ඇත්තේ නිවැරදි තාවට තවත් වැඩි කිරීම සහදහාය. සමහර විට ඔබට GPS on කිරීමට සිදුවෙන්න පුලුවන්. මම ASUS P535 බාවිතා කර නැති නිසා වඩි විස්තරයක් ලබාදීමට නොහැක.

  • මහේෂ් කූරගම

    හිතවත් කාලිංග

    ඔබේ උපදෙස් වලට ස්තූතියි. GPS වැඩ කිරීම සඳහා GPRS හෝ Internet අවශ්‍ය වෙනවද ?

    මහේෂ්

  • randeera

    සාමාන්‍යය මොබයිල් phone වලත් ඉන්න තැන පෙන්නන්නේ A-GPS වලින්ද?

  • Sadeepa

    @Kalinga and all, First of all My apologies for not writing in Sinhala. This is basically to clarify some points about A-GPS.

    First of all A-GPS is NOT position calculation based on cell-tower locations. A-GPS means “Assisted Global Positioning System” and it needs both GPS satellites and support from cellular network. Basically what it does is explained below.
    GPS receiver needs to know the position of each satellite and looks for its signal. In normal GPS receiver it searches randomly (or depending on stored/last known location) for satellites and then get required information from it. This process needs some time and that’s why GPS needs some time to start working. In week signal conditions this becomes worse and search time gets increased and will become difficult to lock in to GPS signals. That’s where A-GPS comes in to play. In A-GPS receivers, first it requests satellite data from the cellular network. Then that network checks where (which tower) this mobile is now located and looks in Location services server for the GPS satellite data and send appropriate data back (this needs data communication via GPRS). From this data, the A-GPS receiver knows exactly which satellites are to looks for and gets lock in to it very easily. And it takes less time. To use this, it must be both supported by the mobile and network. Usually it needs a subscription from network and they charge for it.

    Position calculation based on cellular tower is known as “Network based Positioning” and its usually free service. This method uses the Cell Broadcast Service to get the position from the cell tower. Now most of the networks support this cell broadcasts and that is what Google maps is using to show position when GPS is not available.

    This method can be improved further using signal strength measurements, triangulation using location of adjacent cell towers etc.. but I think this is off the scope of this comment.

    @Nirmal – Nokia 6120c does not have A-GPS or GPS built in. Therefore there is no way of A-GPS working with it. But can use external GPS connected via Bluetooth to get GPS working. But Google maps can use Network based Positioning (again this is not AGPS) as well as external GPS on 6120c. I have used it extensively 

  • @Sadeepa

    ගැටලු හහිත තැන් විස්තර කරාට ස්තුතියි.

    GPS හෝ A-GPS නැති මගේ පරණ I-Mate SP5 එකේ පවා Cell tower එක ආදාරයෙන් google MAPS වල ඉන්නා ස්තානය අසන්නව පෙන්වුවා. මේගැන මොකද කියන්න පුලුවන් ?

Leave a Reply to pavithra Cancel reply

Your email address will not be published. Required fields are marked *