මෙන්න හොද ආරංචියක්….. ! Linux 2.6 kernel එක iPhone platform එකට දාලා, දැනට iPhone මත දුවන්නේ MacOS වල පොඩි (strip down) version එකක්, MacOS හැදිලා තියෙන්නේ FreeBSD Kernel එක යොදාගෙන.
මේක boot කරන්නේ openiboot කියන boot loader එක යොදාගෙන, iPhone එක මත දුවන්නේ ARM (Advanced RISC Machine) වර්ගයේ CPU එකක්, දන්නා තරමින් 620Mhz වේගයකින්. පරණ Apple පරිගනක, IBM AS/400 වගේම SUN Spark system බාවිතා කරනේ මේ RISC (Reduced instruction set computer) කියන වර්ගයේ CPU, නමුත් අපි පාවිචිකරන පරිගනක x86 CISC (Complex instruction set computer) කියන වර්ගයේ CPU තමයි, නව Mac පර්ගනකද දැන් එන්නේ x86 CPU ම තමයි.
දැනට ගොඩක් Windows Mobile බාවිතා කරනේද මේ ARM ගනයේ CPU තමයි, මීට අමතරව Intel xScale CPU ද යොදාගන්නවා, දැනට Google සමාගම විසින් නිකුත් කරපු Android කියන Mobile Phone OS එකද ලිනක්ස් kernel එකක් මත දුවන් එකකි.
openiboot යොදගෙන මේඅය දැනට iPhone OS එක හා Linux kernel එක සාර්තකව Dual Boot කරලා තියනවා.
මෙන්න එක වීඩියෝවක් මගින් ඔවුන් පෙන්වන ආකාරය
දැනට සියලුම දේ නැති උනත්, Kernel එක Boot කර ගැනීම තමයි ලොකුම දේ, පසුව wifi, phone, touch screen වගේ දේවල් ද එයි, GUI එකක් සමග, මේක හොද දෙයක් මොකද දැනට iPhone වල තියන software දැමීමට තියන කරදර හා තව තවත් software, hack වගේ දේවල් ඉදිරියට එන්න පුලුවන්.
වැඩිවිස්තර හදහා Linux on the iPhone බ්ලොග් අඩවිය කියවන්න.
oh good news for us.
Hi, thanx for ur informations, I have a question. Cant we put windows mobile OS to an Apple iPhone? please leave a reply. Thank u
@Mark
im not sure even if ppl will want that to be done 🙂