Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband

මේක දැන්ම නොලියා ඉන්න තමයි හිටියේ, ඒත් ලියන්න ඕනේ කියලා හිතුනා, දන්නවානේ මම මෙච්චර කාලයක් ඉන්ටර්නෙට් යන්න බාවිතා කලේ Mobitel M3 Broadband එකක් කියලා, නමුත් මේක 1MB එකක් සදහා අපි රු.1 ගෙවනවානේ, Dialog GSM එක ගොඩක් පිටුපස හිටියේ ඔය HSDPA broadband මිල ගනන් වලින්, ඔන්න Dialog GSM අයද Mobile Broadband වලට අත ගහලා, දැන් දෙනවා Unlimited Mobile Broadband. හැබැයි මේකත් යටින් ලිමිටඩ්, නමට Unlimited 😀 ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ.

මට මේක ගැන කිව්වේ අපේ මලින්ත මලයා…. මොකද මේ යකා (ආදරේට යකා කියන්නේ, කොල්ලා ලසනයි 😉 ) ඉන්නේ කොහෙන් අඩුවට ඉන්ටර්නෙට් යනවද කියලා, මොකද මිනිහා ඉන්න වනාත්තරයට ADSL තියා හරියට WiMax වත් නෑ, මිනිහා ඉතින් මොකක් හරි ආවොත් මාර බලාපොරොත්තු තියාගෙන ඉන්නේ, මට මතකයි ඔය Lankabell WiMax අපු කාලේ, පුදුම සතුටකින් හිටියේ…. ඒත් මිනිහාට පින් නෑ Mobitel M3 එකෙන් ගැලවෙන්න 🙂

ඉත්න් මම හිතුවා මේකක් අරගෙන බලන්න, එක හේතුවක් තමයි මාසෙට ගෙවන ගාන වැඩිම උනොත් රු.6000 + VAT + MSL නැත්නම්, රු.2999 + VAT + MSL නරක නෑ නේ, මොකද මේ අය කියනවා 5GB download/upload වෙනකන් වේගය 7.2mps කියලා 😀 හරි හරි, කියන්නේ එහෙම තමයි, මම දැක්කේ නෑ 1.5mbps වත් හරියට එනවා 🙂 ගොඩක් වෙලාවට 500-900kbps අතර තමයි වේගය. (ඔව් ඔව් මම 7.2mbps HSDPA Huawei E220 modem එකක් තමයි බාවිතා කරන්නේ)

හරි, දැන් කට්ටිය බලනවා ඇතිනේ මේ රු.6000 කොහෙන්ද ආවේ මේක මාසෙට රු.2999 නම් කියලා, ඒක මෙහෙමයි, ඒ අයගේ FUP (User Policy Package) අනුව අපි මාසයක් තුල 5GB ලිමිට් එක පැන්නොත් අපේ download speed එක 384kbps (3G UMTS) දක්වා අඩුවෙනවා, අපි 6GB ලිමිට් එක පැන්නොත් අපේ වේගය 64kbps (GPRS/EDGE) දක්වා අඩු වෙනවා. නැවත ඊලග මාසයේ සිට අයේ HSDPA 7.2mbps ලෙස ඇරබෙනවා. මෙය වලක්කා ගන්න පුලුවන් එක විදියක් තියනවා, ඒතමයි ඔබට දිනකට රු.100 ගෙවා ඔබගේ අඩු උන වේගය නැවත යතා තත්වයට ගන්න පුලුවන්, මේක තමයි මම කියන්නේ උපරිම ගෙවන්න වන මුදල රු.6000++ කියලා. උදාහරනයක් ලෙස අපි කියමු මම සතියක් තුල 5GB පාවිචිචි කලා කියලා, මට කියන්න පුලුවන් ඉතිරි සති 3ට දිනකට රු.100 බැගින් අය කර මගේ වේගය අඩු නොකරන ලෙස. එචිට මම ගෙවිය යුතු මුදල, සතියට රු.100×7 = රු.700 සති 3ට රු.700×3 = රු.2100, මම ගෙවිය යුතු මුලු මුදල රු.2999 + රු.2100 = රු.5099 + VAT + MSL (ගණිතය පාඩම අවසන්)

හරියට බැලුවෙත් මේකත් Unlimited නොවන බව පේනවා නේ, නමුත් 1MB එකක මිල වන්නේ රු.0.50 වඩා අඩු මුදලක්, මොකද ඔබ කොපමන බාවිතා කලත් ඔබට ගෙවන්න වන්නේ රු.2999 + VAT + MSL, නරකම නෑ. මොක්ද මොබිටෙල් එකේ මම 6GB පාවිචිකරොත් මම රු.6000 + VAT + MSL ගෙවන්න ඕනේ.

දැකපු අඩුපාඩු තමයි, තමන්ගේ බාචිතාකරන MB ගාන බලාගන්න විදියක් නෑ, අනික ඔය කියන වේගය අඩු උනාම අපි කතා කරලා කියන්න ඕනේ ලු රු.100 කපාගෙන වේගය යතාතත්වයට පත්කරන්න කියා, මේක වෙබ් එකේ සිට කරන්න විදියක් නෑ.

අනික් දැකපුවා තමයි, Link එක stable නෑ, අනිත් කොකුම හේතුව ඒ අයගේ DNS servers time out වගේ වෙන එක, ඒක නිසා මම දැනට OpenDNS තමයි බාවිතා කරන්නේ. upload වේගය ගොඩක්ම අඩුයි.

මේක ගන්න මොඩමය නැතුව රු.1000 සිම් එක සදහා ද, රු.3000 නැවත ගෙවන ඇපයක් ලෙසද ගෙවිය යුතුයි.

Dialog Broadband Speed Test
Dialog Broadband Speed Test
Dialog Mobile Broadband Speed Test
Dialog Mobile Broadband Speed Test

ඉහත ඔබට පේනවානේ වේගයන්නම් කියන තරම හොද නැති බව, අනික stable නැති එක තමයි ලොකුම ගැටලුව. තව බාචිතාවෙන් පසු මේක ගැන තව ලියන්නම්.

450 thoughts on “Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband

  • @Rishoban

    yes you are right, check my 24th post, after few complains they did fix this issue, how ever still cant market this as 7.2mbps since it never ever top even to 3mbps even when you download from there site. if they do have the so call 7.2mbps last mile connectivity, this should show when you download from there site (Dialog), when i download using my 2mbps ADSL from SLT site, i always get 2mbps, meaning SLT has 2mbps last mile connectivity.

  • මටත් තියෙන්නේ Dialog HSDPA connection එකක් තමයි. මගේ WCDMA signal හිටපු ගමන් නැතුව යනවා. ඒ ගැන පැමිණිලි කල විට මේ මට ලැබුනු පිළිතුර. “Dear Valued Customer, this is to inform that the optimization of the sorrounding network is in progress. Thank you for being with Dialog Telekom.”

  • කියලා වැඩක් නෑ… දසුන්… ඔය වගේ උත්තර තමයි දෙන්නේ…. ඔයා පොඩක් මොඩම් එක 3G only කියලා දාලා බලන්න හරියන්න පුලුවන්, මොකඩ 2G signal strength එක 3G වලට වඩා වැඩිනම් මේක වෙන්න පුලුවන්.

  • Rishoban

    Yeah, I understand that. I have another problem ? I sign up for dialog online bill. and i wanted to is it free? or will the dialog charge for online bill?
    And My bill is still 14 950/=. I dont know when they will correct that? I think VAT + MSL = 28% and the new ECL is 2%.
    Do I have to pay all the pre rated rental at onece? This is injustice. How the dialog could do a such thing?

  • well, the e-billing is free so far and you can tell them not to send you any printed bills as well. how ever i have got few idiot answers from dialog when i talk to them referring to my online bill. “Sir, The online bill may not be correct” what the F** !! and i was like, “why do you have it then, if its not correct?” no response, so if you want to talk about a billing issue with them, they dont take the online bill as valid, what to do this is Sri lanka !!! like i say, in Sri Lanka “Customer is always wrong” 😀

    yes you do have to pay both rentals in the first month ! sukky part is they never talk about this when you get the connection. hidden charges from dialog once more.

  • Rishoban

    According to my calculations a person will get a bill of Rs.3896.50. is this correct? I cant affor that that if it exceeds that amount. Oh! I have signed up for 6 month contracr period too. Dialog must go to hell!

  • අනුරුද්ධ

    ආරංචියේ හැටියට මේගොල්ලො සේරම බය වෙලා ඉන්නෙ Airtel වලට. ඩයලොග් share prices සෑහෙන්න බැහැලලු. මම හිතන්නෙ Airtel ආපුවහම අපට හොඳ පාරිභෝගික සේවයක් දෙයි. Airtel ඔෆිස් එක නම් දැනටම පිහිටුවලා තියෙන්නෙ නාරාහේන්පිට Apollo Hospital එක ලඟ. බලමු, තව මාස තුනකින් ඒගොල්ලො operations පටන් ගන්නවානේ!

  • @අනුරුද්ධ ඔව්… මම නම් කැමතියි ගොඩක් සමාගම් එනකොට, ඒක හොද තරගයක් වෙනවා, ඒක පාරිබෝගිකයන්ට හොදයි 🙂 දැනට අපේ ගෙවල් ලගද Airtel කුළුනක් ගහනවා. iPhone 3G එහමත් දෙන්නයි යන්නේ 😉

  • දිලුක්

    කාලිංග…
    Some Dialog HomeNet Suscribers claim that they get slow speeds when testing the speed of the connection recently..But they can download file at a speed of the given maximum speed… Can you please tell me the maximum speed (in KB/s) that you can obtain through Internet Download Manager or similar download manager when you are downloading a large file….

    මට මේක හරියට දැන ගන්න ඕන, මක් නිසාද යත් මම මේ සම්බන්දතාවය එක ගන්නව ද නැද්ද කියලා තීරනය කරන්න.. මට දැනටමත් slt 512K unlimited සම්බන්දතාවයක් තියෙන නිසා මේක අරන් මට ප්‍රයෝජනයක් තියෙයි ද මන්දා.. මොකෝ, දෙනවා කියන speed නැත්නම් මට මේක අරන් වැඩක් නම් නෑ..

  • දිලුක්, මටනම් 110KB/s හෝ 118KB/s වගේතමයි මට ලැබෙන්නේ. ඒ කියන්නේ less then 1mbps.

    Dialog Download Speed Test

    this is when i download from Dialog so this is NOT international bandwidth dependent, so can say Dialog HSDPA don’t even have the full last mile connectivity even at 3mbps, even tho they claim its a 7.2mbps connection.

  • saranga

    No point of checking speed with linked YouTube video(posting #11). As I know Dialog is using caching solution.
    http://www.dialog.lk/en/broadband/products/downloadaccelerator.html

    It results frequently visited sites/videos with better speed.So when you see the YouTube video which you have linked, it is also downloading from caching. For the speed test we need to find different solutions.(caching is good solution.I am concerning on speed testing method.)

  • saranga, your right, Dialog and other ISPs does use caching, the link you gave it not what we are taking, its a another way of compressing data between the user and ISP so they have a better speed.

    but for speed testing, i use my own system + http://www.speedtest.net witch have proven me to work fairly well since i have use this for quite some time now, they also have not only one server but many and also they use some ways that it don’t allow valid cache system not to cache it files.

    but from experience i can clearly say that dialog HSDPA DO NOT have even 3.6mbps Last mile connectivity even tho they claim its 7.2mbps.

  • ගොඩයා

    කාලිංග මහත්තයාට පින් සිද්ද වෙන්න මම දැන් මේ HSDPA අන්තර්ජාල සම්බන්ධතාවල කෙරෙන බොරුව හොදට තේරුම් ගත්තා. මට දැනට තියෙන්නේ dial-up. ඉතින් broadband යන්නට පෙර මම නම් තීරණය කළා Airtel එනකම් ඉන්න. මට ගිය සතියේ මාතලේ ටෙලිකොම් එකේ එක්කෙනෙක් කිව්වා Airtel රට මැද්දේ එක ටවර් එකක් ගහලා ඒකෙන් මුළු රටටම broadband සම්බන්දතා දෙනවා කියලා. ඇත්තද මන්දා?

    එහෙම වුණත් නැතත්, Airtel ආපු ගමන්ම මම මගේ Dialog ජංගම දුරකතන සම්බන්දතාවට ටටා බායි කියනවාමයි. මොකද, මට ඒගොල්ලන්ගේ පාරිබෝගිකයා ගොනාට ඇන්දවීමේ ප්‍රතිපත්තිය පිළිකුල් වෙලා තියෙන්නේ.

  • Airtel නෙට්වර්ක් එකනම් 3G කියා හරියටම දන්නේ නෑ හෝ මේක HSPA නෙට්වර්ක් එකක් වෙයිද කියලා මොකද ඉන්දියාවේ නම් මේ අයගේ නෙට්වර්ක් එක GSM විතරයි, 3G වත් නෑ.

  • ගොඩයා

    ආ…. ඒකත් ඇත්ත තමයි. Airtel ඉන්දියාවේදී නම් දෙන්නෙ GSM විතරයි. ලංකාවේ කොහොම කරයිද දන්නෙ නෑ. වැඩිය බලාපොරොත්තු තියාගන්න ‍නරකයි. බොහොම ස්තුතියි මතක් කළාට.

    ඒ වුණත් මොකක්ද මේ තියෙන රාවය? ලංකාවේ මැද එක ටවර් එකක් ගහලා ඉන්ටර්නෙට් සම්බන්දතා දෙනවැයි කියන කතාව? එහෙම එක ටවර් එකකින් මුළු ලංකාවම කවර් කරන්න පුළුවන්ද?

  • “ඒ වුණත් මොකක්ද මේ තියෙන රාවය? ලංකාවේ මැද එක ටවර් එකක් ගහලා ඉන්ටර්නෙට් සම්බන්දතා දෙනවැයි කියන කතාව? එහෙම එක ටවර් එකකින් මුළු ලංකාවම කවර් කරන්න පුළුවන්ද?”

    ඒක කොහොමත් කරන්න බෑ, මොකද ඔය හැම WiMAX, HSDPA, WiFI හැම එකක්ම, එක tower එකකට දරන්න පුලුවන් users ලා ගානක් තියනවා, මේකට හේතුව ඇති channels වල තියන අඩු පාඩුව, මේක තමයි ඔය tower ගොඩක් ඕනේ.

  • අනුරුද්ධ

    @ ගොඩයා,
    Dialog GSM සමාගම ඒගොල්ලන්ගේ operations පටන් ගත්තේ 1995 අප්‍රේල් මාසයේ. ඊට කළින්, 1993 අග භාගයේ ලංකාවේ සෑම තැනකම ආරංච් පැතිරුණා මහරාජා සමාගම ජංගම දුරකථන ජාලයක් ආරම්භ කරන බවත්, එය කිසිම කුළුනක් නැතිව මුළු ලංකාවම ආවරණය වන ආකාරයේ ජාලයක් බවත්.
    මෙම කට කතාවේ යම් සත්‍යයකට තිබුණේ මහරාජා සමාගම කියන නම විතරයි. මොකද, Dialog GSM ආරම්භයේදී ඔවුන්ට මහරාජා සමාගම සමග යම් සම්බන්ධකමක් තිබුණා. එය මා දන්නා පරිදි 1996 වර්ෂයේ පමණ නැතිවී ගියා. කට කතාවේ අනිත් සියල්ලම බොරු බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් මේ වාගේ කතන්දර පැතිර යාම ස්විභාවිකයි. ඒවායේ සත්‍යය ඇත්තේ අල්ප මාත්‍රයක් පමණයි. ඒ නිසා එය සිහියේ තබාගෙන කටයුතු කිරීම වඩා සුදුසුයි.

  • Rishoban

    Then, according to that a monthly rental of Dialog HSDPA connection will cost around
    Rs.3820.62.

    2990×27.78/100 = 830.62.

  • Rishoban

    I think it is better if dialog can introduce a cost effective unlimited broadband, they reduce rental by reducing the FUP limit.
    Eg: 2000/= rental, 3GB FUP limit.

    Then, it will be useful for home users.

  • දිලුක්

    There’s a 50% lifetime discount on this connection for local university undergraduate students…. Monthly rental is Rs. 1490+Tax…

    Offer will last until 15th Oct 2008

  • Rishoban

    I’ve a doubt, Do we have to pay the dialog bill for a particular month at the start of the billing cycle or at the end? Because I bought the connection on 18th of September, billing cycle is 15.09.2008 – 14.10.2008, But in the bill due date is mentioned as 9.10.2008 with pro-rated rental? What is this?!

  • new issue with Dialog now, form yesterday or so, at the night times we keep on getting blank web pages, seem to be an issue with Dialogs web cache (Proxy), when i used a proxy (outside one) its works well.

  • දිලුක්

    Problem may be with DNS servers in Dialog…. Switched to Open DNS… and I rarely get Page cannot be displayed after I have switched to Open DNS…

  • Rishoban

    I asked again dialog about the speed, They gave me an answer like this;
    “Even if you get HSDPA signal, in some areas in the country there are still only 3G coverage. But, 3G can give only 384Kbps and you need HSDPA (3G broadband) coverage to get 921.6KB/s. (ie. 7.2Mbps), and there is a strong HSDPA signal in Colombo metropolitan area”
    Is this true?

  • @sanjan, i can say is M3 is far better then dialog from my experience, i guess that Mobitel customer service sucks, but m3 has a good stable speed at most times, if you need a faster connection go with Mobitel, but if you need an unlimited and if your ok with 512kbps speeds, got with dialog.

    @Rishoban, that is true, not every where HSPA coverage is there on dialog, but if your modem indicate HSDPA that mean your on a HSDPA coverage area. (921.6KB/s = 7.2mbps = 7372.8kbps) on 3G you can only go 384kbps = 48.25KB/s

  • sanjan

    kalinga

    thanks
    if anyone using m3 , 3.6 mbps please publish speed tests
    cant we stop this terrible marketing by dialog? how can they say that they have 7.2 mbps? if not this blog i would have bought it already.

  • @sanjan,

    when i had my m3, 3.6mbps i use to hit around 1.5mbps to 2.5mbps at any given time.

    it sucks since TRC has no clear guide line and standard for broadband (QoS) quality in SL. all we can do is educate people to demand and let me know that we know that they are just fooling the customer.

  • Rishoban

    As the users of Dialog HSDPA, we cant let dialog to publish false advertisements. We should make an awareness among poeple. We must stop this!
    For that we must increase popularity of these types of Blogs. First, I have to know that in colombo area, how much of speed can a dialog hsdpa user can get?, If it is less than 200KB/s, I will not leave this thing, I can go against dialog.!

  • @Rishoban,

    even in col you dont get 200KB (1600k/s), i have tested it few times and it was around (1.5mbps – 1536k/s) 192KB/s

    even if you get 7.2mbps in col, if you still dont get it in other areas, if the user is under HSDPA coverage its wrong. sicne they never say its in Col or etc. they say in HSDPA areas.

    what ever it is if they dont have the last mile connectivity (downloading from a dialog server) even around 3mbps, this is wrong.

    if you download using an ADSL at any given time from SLT server, you get the full speed they advertise.

  • sanjan

    kalinga

    thanks.
    what you said about slt is correct.
    dialog should advertise things they have. they cant advertise their future dreams. this is not the first time they did that. i feel no need to pay bill if they dont give the speed.
    meantime is there any reliable place to buy usb modem cheaply? mobitel its too expensive.

  • දිලුක්

    කාලිංග…

    Is the modem is locked to Dialog SIMs only…??

    Have you checked whether you can use this modem with a Mobitel SIM… ?

  • @sanjan,
    well yes, when you talk about Broadband, the advertised speed is the speed you and your ISP get connected, (last mile connectivity) so with SLT its 2mbps or 512mbps and with dialog as they say its 7.2mbps, its understandable the internet backbone is shard with other uses so you may not get the full advertised speed when you download from international sites, but the connection speed between you and your ISP cant be shard then, if so they should clearly say this, (Eg: like in other country’s where they offer cable internet, where the cable to the customers end to ISP is shard)

    so when you do a download from the ISP server to you, if the ISP is telling you the truth about there last mile connectivity speed (advertised speed) you should least get around 75% of the advertised speeds, but with dialog you don’t even get 2mbps from there servers.

    so dialog don’t even have the adequate local bandwidth, they are clearly misleading the customers.

    —–
    about the HSDPA modems, i dont know any place to buy one for cheap, but the Mobitel one is not network locked (when i got my E220) but with dialog its network locked.

    you can always use a phone with HSDPA where my LG KU990 can hit 3.6mbps

Leave a Reply to dasun sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *