මම මේ ලගදි කල්පනා කරා කොහොමද මගේ PS2 (Play Station 2) එක Media Center එකක් කරන්නේ කියලා, ඔය MP3, DviX වගේදේවල් දුවන්න. හොයාගෙන යනකොට මේක හරි ලේසි වැඩක්. හැබැයි හැක් කරන වැඩ කරන්නනම් PS2 එක MOD Chip එකක් ඕනේ. මගේ PS2 එක කොහොමත් MOD chip (Modification Chip) එකක් දාලා තියෙන්නේ. මේකෙන් කරන්න ඇත්තටම PS2 එක එන Original protection ඉවත් කිරීමයි. ඒ කියන්නේ CD-R වල වගේ Copy කරපු ගේම් හා DRM (Digital Rights) වගේ දේවල් වලට ඇති restrictions නැතිකිරීමයි. ගොඩක් ඔය MC විකුනන්න තියන PS2 ඒවා මේ විදියට MOD Chip සවිකරපුවා තමයි, නැත්න්ම් රු.6000 වගේ මේක කරගන්න පුලුවන්.
හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේක කරන්න ඔය MOD chip සවිකරපු PS2 එකක් ඕනේ, මම මේක කරන්නේ SLIM PS2 එකක් යොදාගෙන තමයි.
හරි මේසදහා ඕනේ, MOD කරපු PS2 එකක්, CD Writer එකක් Blank CD-R එකක්, USB HDD එකක් හෝ DivX/MP3 තියන CD/DVD එකක්. මේ සදහා යොදාගෙන්නේ මේ SMS (Simple Media System) කියන Player එක, මේක PS2 සදහා සාදපු player එකක්. හරි මේසදහා පොඩි software එකක් ඕනේ, එකක් නම් CDGENPS2 (Download Here) කියන එක. මේක යොදාගෙන තමයි PS2 type CD Image එකක් සදාගන්නේ. හරි දැන් SMS Player එක Download කරගන්න. මේ configuration (SYSTEM.cnf) ෆයිල් එකද Download කරන්න.
හරි දැන් ඔක්කොම ෆයිල් ටික unzip කරගන්න. දැන් cdgenPS2.exe එක ස්ටාර්ට් කරන්න.
දැන් “SMS VersionX.X.elf” File එක rename කරන්න “SMS_KALINGA.ELF” ලෙස. දැන් SMS_KALINGA.ELF හා SYSTEM.CNF file ටික CDGENPS2 Window එකට drag and drop කරන්න.
හරි දැන් “SYSTEM.CNF” මත right click කරල “Edit” කරන්න.
“Fix LBA” ක්ලික් කර LBA size එක “12231” කර, “OK” කරන්න.
දැන් “File -> Save Image” ලෙස ගොස්
“Save as type:” එක “ISO Files (*.iso)” කරන්න, කර file name එකක් ලබාදී “Save” කරන්න.
මේක කරන්න අකමැතිනම්, මම සාදපු ISO එක Download කරගන්න. 😉
දැන් CD-Writing Software එක ඔප්න් කර ISO එක CD එකකට Write කරගන්න.
හරි දැන් write කරපු CD එක PS2 එකට දමා PS2 එක On කරන්න, මෙන්න ස්ටර්ට් උන SMS Player එක.
හරි දැන් Controller එකෙන්, “Start” click කර මෙනු එකට යමු. ගොස් එහි “Device settings” වල “Autostart USB” On කරන්න (Key “X” to on/off)
මීට සමතරව තව Display Setting වැනිදේවල් ද උවමනා පරිදි වෙනස් කර “Save settings” කරගන්න. (ඔබට PS2 Memory Card එකක් නැත්නම් මෙය කල නොහැක.)
හරි දැන් අපි බලමු USB HDD එකේ ඇති Media Play කරන හැටි.
ඔබගේ USB HDD එක PS2 එකේ USB Port එකට සවිකරන්න නැත්නම් DVD/CD එකක් PS2 එකට දාන්න, දැන් ඔබට එක තිරයේ උඩ දැක ගන්න පුලුවන්,
මෙන්න නැවිගේට් කරන ආකාරය.
Button | Action |
---|---|
UP/DOWN | Navigate Files |
LEFT/RIGHT | Select between file menu and device menu (e.g. CD Network, USB etc) |
START | Accesses special configuration menu |
SELECT | – |
X | Navigate into selected directory
OR Start playback of selected file OR Increase numerical value |
O | Decrease numerical value
OR (on a folder) |
TRIANGLE | Up one directory level
OR Quit current menu |
SQUARE | – |
SELECT + TRIANGLE | Exit to boot browser (Quit SMS) |
SELECT + O | Power off PS2 |
L1 + L2 + L3 + L4 | Displays ‘about’ screen / credits |
SELECT + L1 | Adjust screen position left |
SELECT + R1 | Adjust screen position right |
SELECT + L2 | Adjust screen position up |
SELECT + R2 | Adjust screen position down |
During Playback
Button | Action |
---|---|
UP/DOWN | Volume up/down |
LEFT/RIGHT | Scroll forwards/backwards
OR (after pressing SELECT) Navigate progress bar to |
START | Activate Player Menu
OR Resume playback after pause |
SELECT | Pause playback and show progress bar (press again to hide text), then use LEFT/RIGHT to navigate progress bar to required point in film. |
X | (During playback) Toggle On Screen Display (OSD) – cycles between [ time | time remaining | off ]. OR (After pressing SELECT) Terminate scrolling and |
O | Toggles display of audio/video synchronisation offset (V/A) [and if available the subtitle/video synchronisation offset (S/V)] |
TRIANGLE | Stop playback |
SQUARE | Cycle between the five different letterbox/pan-scan modes |
L2 / R2 | (see O) Adjust audio/video synchronisation offset. (+/-250ms) OR Adjust subtitle/video synchronisation offset. |
L1 / R1 | Pan left or right in pan-scan mode |
L1 + R1 | Reset pan-scan to centre |
මෙන්න මගේ TV එකේ DivX එකක් Play වෙනවා, 5.1 Sound එක්ක 🙂
මම මේක සදහා PS2 remote එකක් ගත්තා, MC එකේ රු.1000 වගේ උනේ, මම මේක ඇම්ප් එකට Optical Cable එකක් හරහා තමයි සම්බන්ද කරේ, ඒක නිසා Dolby Digital හා DTS Surround Sound ලබාගන්න පුලුවන්, TV එකට සම්බන්ද කලේ Component Cable එකක් හරහා මොකද අලුත් SMS Player එක 1080i හා 720p HD TV support කරන නිසා.
මේ තියෙන්නේ PS2 SMS Player එකට USB Drive දෙකක් සවිකරලා (ආ, ඔය දුවිලි තමයි පේන්නේ 😉 පැත්තේ තියෙන්නේ Satellite Receivers 2ක, යට තියෙන්නේ Pioneer Center Speaker එක) කොහොමත් මගේ කාමරේ කැලයක් වගේ තමයි 😀
මේ තියෙන්නේ ditect කරපු USB 2ක.
හරි දැනට එපමනයි, ලබන සතියේ Playing Over a Network Shard Follder or from a NAS using the PS2 SMS Player.
නියම වැඩේ ඒත් ට්රයි කරලා බලන්න විදියක් නෑ මොකද මට PS2 එකක් නැති හින්දා 😉
ඉතින් අපි ගමුකො එකක් ?
හික් ගමු ගමු. හැබෑටම දැන් තියෙන console වල ගණන් කොහොමද? ලංකාවෙ xbox, wii එහෙම තියෙනවද?
ආ, PS2 න්ම් රු.21,000 වගේ MOD කරපුවා, xBox 360 නම් 35-45 ව්ගේ MOD කරපුවා, wii නම් බැලුවේ නෑ
ග්ම්ස් ෙසල්ලන් කරන්නත් ෙම් විදිහට පුළුවන්ද ?
films විතරද ?
ආ Games කොහොමත් පුලුවන්නේ 🙂 මොකද PS2 එක එන්නේ Game ගහන්න තමයි 🙂
මම කොහොමත් Game Play කරන්න පාවිචි කරන්නේ Wireless Controllers, ඒක ලේසියි 🙂
මම මගේ PS2 වෙන වැඩකට මස් කෙරුව නේ ඒක දැන් වැඩ කරන්නේ නෑ. අනික මම දැන් ගහන්නේ world of warcraft විතරයි. ඒක console වල play කොරන්න බැහැ. PS3 එකක් ගන්න ට්රයි එකක් දෙන්න ඔන.PS3 එකේ නම් මේ features තියෙනව නේද
තිලිණ, බම්බා වල තියනවා “Goodguy Electronics” කියලා තැනක්, උන්ට පුලුවන් වෙයි ඕකා හදලා දෙන්න මොකද උන් කොන්සොල් හදනවා.
ඔව්.. ඔව්.. PS3 හා XBox 360 වල Media Center එනවා, HD TV/Blueray එහම්ත් Support කරනවා.
අහ්. මම එතෙන්ට ගිහින් බලන්නම් ..ඒත් GTA 4 ගහන්න PS3 එකක් ම ගන්න හිතෙනව. හි හි
ආ… එළ එළ !! මටත් GTA 4 ගහන්න ඕනේ…. ඒත PS3 එකක් ගනවා ද Xbox ගනවා ද කිය කිය ඉන්නේ තාම ගාන ටිකක් වැඩියි නේ… අනික මට ගේම් ගහන්න වැඩ් වෙලා නෑ… පේනවානේ ම්ගේ PS2 එකේ තියන දුවිලි ගොඩ ? 😀
මේ විදිහට xbox එකත් කරන්න බැයිද?
මේක Xbox Media Center යොදාගෙන මෙය කරන්න පුලුවන්, නැත්නම් Media Center Extender for Xbox යොදාගෙන මෙය කරන්න පුලුවන්, නමුත් මෙයට Windows Media Center PC එකකුත් ඕනේ වෙනවා.
ඔන්න නොවැම්බර් මාසෙ GTA 4 PC version එකක් එනවෝ!!
ඔව… ඔව්……. 😀 VGA එක හොද එකක් ගන්න වෙයිවගේ ;
)
Can anybody give me the address of Goodguy Electronics – Bambalapitiya. Thanks
CONTACT ON
HOTLINE – 0773510810
BUSINESS HOURS – 0114584312
GOODGUY ELECTRONICS
43/1-D GALLE ROAD COL 4.
(OPPOSITE UNITY PLAZA)
මම ගහන්නේ සුපර් මරියෝ විතරයිනේ…… ඒනිසා ඔය ප්රශ්න මුකුත් අපිට නෑ……
නයම වැඩේ. මටත් Playstation හරි XBOX එකක් හරි ගන්න හිතුන මෙන්න මේ වීඩියෝ 2 බැලුවට පස්සේ. එකක් Wii Mote වගේ ඒ වුනාට ඊට වඩා සෑහෙන “පිස්සු කොර” playstation controller එකක්. අනිත් එක XBOX360 වලට MS ලගෙ සෑහෙන Innovative project එකක්. Playstation controller එකනම් සෑහෙන්න feasible වගේ පේනව.
Playstation Controller demo:
http://www.youtube.com/watch?v=bgLN7uOj8Jg
MS Project Natal Trailer:
http://www.youtube.com/watch?v=g_txF7iETX0&eurl=http://procrastineering.blogspot.com/&feature=player_embedded
නියම වැඩක් කාලිංග අයියා මම දැනගෙන හිටියේ නෑ මෙහෙම වැඩක්…..එල
(බැරිද කාලිංග අයියා අලුත් සමාගමක් පටන් ගන්න මිඩියා සෙන්ටර් හදන දැනටමත් Orders 1000-2000 විතර තියෙනවා නේද )