වසර 2කයි, මාස 4යි, දින 25කට පසු, අද මට මගේම කියා බ්ලොග් එකක් ඇතිබව මතක් විය. :D වසර 8යි, මාස 11යි දින 10 පෙර තමයි ඇරබුනේ. හිතාගන්න අමාරු උණත් මේ බ්ලොග් නිස මාගේ ජීවිතේ ලොකු වෙනස්කම් සිදුවිය. යහලුවන් සොයාගැනීම, බිරිදක් ලැබීම, රැකියා ලැබීම හ්ම්... කවුරු හිතුවද බ්ලොග් එකක්ට මෙචර දෙයක් කරන්න පුලුවන් කියලා ? ගොඩක් අයට කිවුවට තමන්ගේ දැනුම අනුන්ට නොමිලේ දීමෙන් තමන් පරිපූර්ණ වෙනවා කියලා ගොඩක් අයට මේක සුවර් නෑ :P ඒක එහම තමයි (මේක කර කාලෙකට කලින් තිබුන ටෙක්කතා ඇතුලත්ව) Techකතා කිවුවහම මතක් උනේ, ඒකත ලගදිම එනවා, බාලගිරි වගේ නෙවෙයි ඇත්තටම. ටෙක්කතා පවුල නම් දැන් ලොකුයි :) තාමත් හර්ෂ පොලු තියනවා :D ඩනිෂ්කනම් දැන් බමුනෙක් වෙලා සිංගප්පුරුවේ කැලේක ඉන්නවා, මලින්ත දැන් ලමයි 5 දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මම නම් තාම හරි තරුණයි :D ඔය කිවුවහම මතක් උනේ, මලින්තයා බ්ලොග්…