ආයුබෝවන්!

මගේ දේවල්
මේක තමයි මගේ මුල්ම බ්ලොග් එක, මේකෙ ගොඩක් වැරදි තියෙන්න පුලුවන්. මොකද කියනවනම් සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන තාම දවස් කීපයයි. අනික සිංහල ගැන මනා දැනුමක් නැතිකම. එය ලැජ්ජා වියයුතු දෙයක් කියල මම දන්නවා. A/L කළ පසු සිංහලෙන් වැඩක් කළේම නෑ. ඒක නිසා මෙහි කිසියම් වරදක් ඇත්නම් මට කියන්න. ගොඩක් කාලයක සිට මේ වගේ දෙයක් කරන්න ආසාවක් තිබුණත් ඒක කරන්න ගත්තෙ බුද්ධික ජයසිංහ මගේ සහයෝයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය් වෙබ් පිටු ටික මගෙ සර්වර් එකට දාන්න පුලුවන්ද අහපු දා සිට. අන්තිමට මමත් ඒකෙ සාමාජිකයෙක් උනා නොදැනුවත්වම. බුද්ධික ඔයිට කලින් සිටම මට කිය කියා සිටියෙ මට ටෙක්නිකල් දේවල් ගැන සිංහල බ්ලොග් එකක් කරන්න කියල, ඒක කල් දැමුව මිසක් ඒක කළේ නෑ.. මම සිංහලෙන් මුකුත් නොලියා අනිත් අයට කියන එකේ තේරුමක් නැහැනෙ, මමත් ආදර්ශයක් වෙන්න එපැයි. :) කටින් බතල හිටවල වැඩක් නෑනෙ අපේ දේශපාලුවො…
Read More