"U can come no" " u can eat no" yakoo "no" kiyanne "ne" misak "ow" newi!

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

සිංහල බ්ලොග් මැරතන් බලන විදි.

කව්රුත් දනව ඇතිනේ මේ සිංහල බ්ලොග් මැරතන් එක ගැන. දන්නේ නැත්නම්, www.sinalabloggers.com එකට ගිහින් පොඩ්ඩක් බලන්න.

මේක April 18 වෙනි දා 8pm සිට තමයි තියෙන්නේ, මේක බලන්නම ඕනේ දෙයක්, බලන්න ක්‍රමනම් ගොඩක් තියනවා…..

1. http://marathon.sinhalabloggers.com/ සින්ඩිකේටරය මහින් බලන්න පුලුවන්.

2. [email protected] එක GoogleTalk එකට ADD කරගෙන Live Update ගන්නත් පුලුවන්. මේක ගොඩක් ලේසි වෙන්න පුලුවන්.

තව ගොඩක් ක්‍රම තියෙනවා…. පොඩ්ඩක් http://www.sinhalabloggers.com/blog-marathon/how-to-watch ගොස් වැඩි විස්තර ලබාගන්න.

Share

HSPA මොඩමයක් Computer කීපයක් සමග එකවර භාවිතාකිරීම්

මගේ ගෙදර පරිගනක කීපයක් තියෙනවා, ADSL නම් මේක එචර ප්‍රශ්නයක් නොවෙයි. ඒත් HSDPA මෝඩමය තියෙන්නේ USB එකක් (මම ගත්තේ Huawei E220) මේ Modem එක 3.6Mbps Download ස්පීඩි Support කරනවා. නමුත් සුලු Software Update එකක් මගින් මෙය 7.2Mbps දක්වා වැඩිකරගත හැක. (Update එක Huawei ‌වෙබ් පිටුවෙන්), මතක තියාගන්න, Software Update කල පමනින් ඔබේ දැනට ලබාගෙන ඇති Connection එකකේ වේගය වැඩිවන්නනේ නෑ ඔබට 7.2Mbps Internet Package එකක් නැත්නම්. ඔබ Dialog පාවිචිකරනවානම් ඔව්න් කියනවා 7.2Mbps යාහැකි බව, මමනම් කොචර උත්සාහ කරත් 1Mbps වඩානම් වේගයක් දැක්කේ නෑ.

Huawei E220 එක HSDPA/UMTS/EDGE/GPRS/GSM යන සියල්ලම Support කරන අතර මම දැකපු තව දෙයක් තමයි එය ජන්ගම දුරකතනයකට වඩා Signal හොදින් ග්‍රහනය කිරීම. මොකද අපේ ගෙදර සාමාන්‍ය ජන්ගම දුරකතනවල 3G Signal එකක්වත් නෑ, නමුත් Huawei E220 එකට Signal කනු 2ක් එනවා.

කොහොම හරි මම කල්පනා කරා කොහොමද මේ USB මෝඩමය මේ පරිගනක සියල්ලටම භාවිතාකරන්නේ කියල, එකක් හිතුනා Linux Gateway එකක් දානව කියලා, ඒත් මට තව පරිගනකයක් On කර තැබීම නිසාවන විදුලිය නාස්තිය, යන ඉඩ ප්‍රමානය හා එය Boot වෙන්න යන කාලය ගැන ප්‍රශ්නයක්. ඒක නිසා මේගැන හොයනකොට මට හොයාගන්න ලැබුනා D-Link සමාගම නිපදවන DIR-451 UTMS/HSDPA ‌WiFi Router එක. මගේ වාසනාවකට මෙන් වගේ එයට Huawei E220 එක සම්බන්ද කිරීමේ හැකියාව ඇතුලත් කර තිබුනේ දින කීපයකට කලින්ය, මට කරන්ට සිදුව්යේ නව firmware එක Router එකට දැමීම පමනයි. මෙයට ගොඩක් වර්ග වල 3G card සම්බන්ද කරගත හැක, USB වගේම PCMCIA ඒවත්.

මෙහි ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා, USB එකක්, PCMCIA එකක් හා Ethernet Port 4 ක් වගේම 802.11g WiFi Router (වයර් නැති නෙට්වර්ක් එකක්) එකක්. එහි NAT, Firewall, වගේ දේවල් ද ඇත. ඔබට මේ Router එකකේ Interface Demo එකක් මේ Link එක ඔස්සේ බැලිය හැක.

මෙම Router එක තුල දුවන්නේ Linux ය, එය ඇතුලත AMD CPU එකක් ද ඇත. මෙය මම දන්න තරමින් ලංකාවේ මිලදී ගැනීමට නැත. මම මෙය Ebay එකෙන් තමයි මිලදී ගත්තේ, මිල $220 පමන විය. ඔබ මෙය තැපැල් මාර්ගයෙන් ගෙන්වනවානම් TRC එකේන් ඒ සදහා අවසරයක් ගත යුතුය නැතිනම් ඔබට රේගුවෙන් ගොඩක් කරදර විදින්න සිදුවෙයි.

Share

ලංකාවේ අන්තර්ජාලය නොහොත් ජංජාලය :)

මේක ගැන කතාකරලත් බෑ නොකරත් බෑ. ඒත් මට හිතුණා මේක ගැන ලියන්න ඕනේකියලා මොකද ගොඩක් අය මේක පාවිචිකරාට එක ගැන හරියට දන්නේ නෑ. මමමේ කතාකරන්න යන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට පෙර සිතිය හා ඇසිය යුතුදෑ. මම මේක ගැන ලියන්නේ අවුරුදු 10ක් Internet (අන්තර්ජාලය) පාවිච්චි කරපු කෙනෙකු හා Internet/Network Administrator/Engineer කෙනෙකු හැටියට.

මගේ Internet ඉතිහාසය ගැන මදක් කිව්වොත්, Dial up, GPRS (EDGE/UTMS/HSPA), CDMA, ISDN, Leased Lines, ADSL, WiMAX ඔක්කොම මාත් පාවිච්චි කරනව, කරල තියෙනව. ඒවගේම ඔය ලංකාවේ ඉන්න ISP (Internet Service Provider – අන්තර්ජාල සේවාවන් ලබාදෙන්නා) ලා හැමදෙනෙකුම භාවිතාකර තියෙනව.

මම ඉස්සෙල්ලාම ගෙදරට ගත්තේ SLT Dialup එකක්. එක Disconnect (විසන්ධි) වෙනවට වඩාදෙයක් නෑ. ඊට පසුව Dialog GPRS (ගොඩක් අරපරිස්සම පුරුදු කරා), ඔන්න ඉතින් ඔය කියන LankaBell CDMA ආව, කිව්වෙනම් ADSL පරාදයි කියල. මමත් ඉතින් එකක් ගෙනාව (Rs.15,000 ++), බොහොම සතුටුයි 13KBps download වෙනවා… මම හිතුව මරු නේ කියල. ඒ සතුට දවස් අඩුගානේ මුල් ම Bill එක ගෙවනකම්වත් තිබුනෙ නැ. ඊට පසු දැක්කේ LankaCom එකෙ Proxy Error හා Data
එන්නෙත් නැති යන්නේත් නැති අවස්ථාවන්, Download 1KBps ආවොත් එකත් පුදුම පිනක් කරල තියෙන්න ඕනේ. මේ පිළිබඳ ඔවුන්ට කිව්ව පසු කරන්නේ ඇවිත් වහලය කැඩීම පමනයි, Antenna එක එහෙට මෙහෙට කිරීමන්, කොහොම කරත් Signal නම් 5යි.

අනික ඔය අපේ හැම ISP කෙනෙකුගෙම Customer Care එකේ ඉන්න අය, අපි කියන්නේ මොකද්ද කියවත් දන්නේ නෑ. Internet Support දෙන්න තියාවත් ඔවුන් කියන්නෙ මොකද කියලවත් ඔවුන් දන්නෙ නැ. ඔවුන් නමුත් අපි කියන දේනම් කවදාවත් පිළිගන්නේනම් නෑ මොකද ඔව්න් හැසිරෙන්නේ Engineers ලාවගේ.

* ඇයි අපි මෙතරම් මේ Internet ගැටළුවලට මුහුණ දෙන්නේ?

එකක් නම් අපේ හැම Internet එකේ පාවිච්චි කරන වෙබ්පිටු හා අනිත් බොහේ දේ ලංකාවේ පිහිටා නොතිබීම. (‌Web Servers ලංකාවේ නොතිබීම) මේනිසා අපිට ISP ගේ International Bandwidth (ලංකාවේ සිට අනිත් රටවල් වලට ඇති සම්බන්ධ තාවය) මත යැපෙන්න වෙනවා. මේව ටිකක් මිල අධිකයි. මේකනිසා ISP ලා මෙය ගොඩක් විට ලිමිට් කරනව.

දැන් අපි මේ Last Mile Connectivity (ඔබ හා ISP අතර ඇති සම්බන්ධතාවය) මේකෙ වේගය තමයි ඔය හැම කෙනාම පාවිව්වි කරන Marketing වලදි. උදා: 2Mbps ADSL එකක් කියන්නේ ISP හා ඔබ අතර ඇති සම්බන්ධතාවය මිස ඔබට ඇත්නට දෙන Bandwidth එක නොවෙයි. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඔබ පාවිචිකරන ISP ගෙ International Bandwidth නොමැතිව් විටයි, මෙයත් ඔහුට ඇති International Bandwidth ප්‍රමාණය හා එහි Quality එක මත රදා පවතිනව. මේ Bandwidth Quality එක කියන්නෙ ISP භාවිතා කරන Unlink Providers (ලංකාවේ සිට එලියට යන Internet සේවාව ලබාදෙන්නා) ඔහුට ලබාදී ඇති සම්බන්ධතාවය හා ක්‍රමය. (Satellite / Fiber Optical) හා Shared ද Not Shard වගේම Uplink Providers ඇති සම්බන්ධතා යන දේමත රදාපවතිනවා.

නික ඔබ පාවිච්චි සේවාව (උදා: ADSL) කීදෙනෙකු ලබාගෙන ඇද්ද හා ISP විසින් ඒ සේවාව සදහා කොපමණ International Bandwidth ප්‍රමාණයක් වෙන්කර ඇත්ද කියන එක ගොඩක් බලපානව, මේවටයි ඔය BottleNeck Effect කියන්නේ. ඒකියන්නේ ලොකු Users ලා ප්‍රමානයක් පොඩි පයිප්පයකින් එලියට යන්න හදනවිට ඇතිවෙන දේ.

උදා :————-

1Mbpa ADSL පාවිච්චි කරන 100 සිටීනම්, ISP විසින් International

Bandwidth එක 100Mbps තිබුනත් ADSL සදතා ලබාදීඇත්තේ International
Bandwidth එකෙන් 20Mbps නම් ADSL සදහා වෙන්කර ඇත්තේ, එක් අයෙකුට ලැබෙන වේගයනම්

20/100 = 0.2

ඒකියන්නේ 0.2Mbps වේගයක් තමයි ඔබට සැබැවින් ලැබෙන්නේ.

———————

මට දැනගන්න ලැබුනා DialogCDMA සදහා වෙන්කර ඇති International Bandwidth ප්‍රමාණය 1Mbps කියා. ඔබටම සිතානගන්න පුලුන්නේ User ට ලැබෙන වේගය.

මීට අමතරව Wireless (රැහැන් රහිත) Networks (GPRS/CDMA/WiMAX etc) බාවිතා කරන අයට ඔය කියන Last Mile Connectivity වේගවත් නොලැබෙන අවස්තා බොහොමයි.

මයට එක හේතුවක් නම් ඔබ සම්බන්ධව සිටින Service Tower (සේවා කුලුන) ට දරාගත නොහැකි අකාරයට Users සම්බන්ධ වී සිටීම හා ඔවුන්ගේ Service Tower එක හා උප පොල (Service Center) හා සම්බන්ධතාවයන් වල ඇති ප්‍රශ්න. මොකද
Service Tower බොහෝ විට කෙලින්ම උප පොල හා සම්බන්ධ නොවීම නිසා තව Service Tower එකක් හෝ කිපයක් හරහා ගොස් උපපොල සම්බන්ධ වෙයි. මෙම නිසා එක Tower එකක් තවත් Tower එකක් ඇති Inter Connectivity Link මතද රදාපවතියි.

ලංකාවේ බොහෝ Service Providers ලා කරන වරදක් තමයි මේ Network Towers Over Load කිරීම, මෙය වැලකීමට කුළුණක ආවරණ කලාපය (Cell Area) පොඩි කළ යුතුය, තව විදියකින් කිවොත් වැඩිවන Users (පාරිභෝගිකයන්) අනුව කුළුණු ගැසිය යුතුය.

දැනට එපමනයි……. අත රිදෙනව :)

Share

Surround Sound (වටේට ශබ්ද)

මෙන්න මගේ තවත් සාක්කුවට අපල විනෝදාංශයක්. ;)

Surround Sound කියන්නෙ ඔය ඔබ MC, Savoy වාගේ ඒවගෙ වටේට ස්පිකර් හයි කරල තිබෙන්නෙ ෆිල්ම් බලන්න ගියහම. මේ වචනයේ තේරුම නම් අසන්නා වටකර ඇති ශබ්ද යන්නයි. මේකට තවත් විදියකින් කිව්වොත් Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නත් පුළුවන්.

Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නෙ ඔබ ඔය ගෙදර අහන CD/Radio වගේ ඒවට නොවෙයි, ඒවට කියන්නෙ “Stereo” (ද්විත්ව නාලිකා ‍ශබ්ද) Sound කියායි, ඒවායේ තියෙන්නෙ ශබ්ද නාලිකා දෙකක් පමණයි. වම සහ දකුණ වශයෙන්. (වම හා දකුණෙන් ස්පිකර් දෙකක්) බහු නාලිකා ශබ්ද යන අර්ථයෙන්ම තේරෙනවා මේ කියන්නෙ මොකද්ද කියල. ශබ්ද නාලිකා දෙකකකට වඩා ඇති ඒවට අපි බහු නාලිකා ශබ්ද කියා කියනවා.

Surround Sound ඇත්තටම ගොඩක් භාවිත කරන්නෙ Film (චිත්රපට) සඳහා, ඔබ දැක ඇති ඔය Film පොස්ටර්වල එහම ඔය DTS, Dolby Surround, THX යන වචන ලියා තියෙනවා. මේ වචනවලින් කියන්නෙ ඔය චිත්රපටය සදහා භාවිත කර ඇති Surround Sound ක්‍රමයයි. (THX යනු Surround Sound ශබ්ද ක්‍රමයක් ම නෙවෙයි, එය ගැන පසුව කියන්නම්)

මොකටද මේ Surround Sound උවමනා වෙන්නේ ?, එකක් තමයි අපි ඔය ෆිල්මි බලන්න ලොකු තිරයක් ඕනේ වගේ එහි පෙනෙන රුපවලට ගැලපෙන ශබ්ද අවශ්‍යයි. නිකන්ම නිකන් කන පැලෙන්න නෙවෙයි, රුපයෙන් පෙනන දේ පණ ගන්වන්න අපි එතැන සිටියා මෙන් අපට හැගෙන්න තමයි ඔය Surround Sound උවමනා. ඔය ස්පිකර ටිකක් ව‍ෙට්ට තියගත්ත පමණින් මෙය කළ නොහැක. මතක ඇතිනෙ ඔය Jurassic Park බලන්න ගිය කට්ටිය කියපුව එහි ශබ්ද ගැන, අන්න ඒක කරන්න තමයි මේ Surround Sound ඕනේ. කොටින්ම කිව්වොත්, වාහනයක් ඉදිරියේ සිට පසුපසට ගියොත් එය ඒ ආකාරයෙන් ඇසිය යුතුයි.

Surround Sound ඉතිහාසය.

(1) 3.0 Dolby Surround

(2) 4.0 Quadraphonic

(3) 4.0 Dolby Pro Logic

(4) 5.1 Dolby Pro Logic II

(5) 5.1 Dolby Digital, DTS, SDDS

(6) 6.1 Dolby Pro Logic IIx

(7) 6.1 Dolby Digital EX, DTS-ES

(8) 7.1 Dolby Digital Plus, DTS-HD, Dolby TrueHD

දැන් මේ මොකද කියල තවත් ප්‍රශ්නයක්, 5.1, 6.1 කියන්නෙ, ඕකෙ තේරුම තමයි, ස්පිකර 5යි, Sub Woofer යයි, කියන එක, 6.1 කිව්වොත් ස්පිකර 6යි, Sub Woofer යයි, .1 කියන්න් Sub Woofer එකක. (low-frequency effects channel – LFE) Sub Woofer එකක් කියනෙ ශබ්දයෙ පහළ සංක්‍යාතය (10-200Hz) ශබ්ද පමණක් නිෂ්පාදනය කරන ස්පිකර් එකක්.

ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) ඒක් ඇත්තේ ශබ්ද නාලිකා 2ක් පමණි, VHS, VCD වැනි මාධ්‍යවල. නමුත් Surround Sound Processor එක මගින් මෙය Surround Sound (බහු නාලිකා ශබ්ද) ලෙස පරිවර්තනය කරනවා. Surround Sound Processor බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය.

ඔය ඉහළ ඇති 7 සිට 8 හා 5 යන සියලු Digital Multi Channel Audio වේ. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) තුළම ශබ්ද නාලිකා 5කට වැඩි ගණනක් Digital ක්‍රමයට පටිගත කර ඇත. DVD, HD-DVD, Blueray වගේ මාධ්‍යවල. නමුත් මේ සඳහා ද Surround Sound Processor අවශ්‍යයි. බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය, සමහර DVD ධාවකයන් තුළද මෙය පිහිටා තිබිය හැක. මෙවිට 5.1 Ready Amplifier එකකට කෙලින්ම සම්බන්ධ කළ හැක, නැතිනම් DVD ධාවකයේ සිට Digital සම්බන්ධතාවයක් හරහා ඔබගේ Surround Sound Amplifier ට සම්බන්ධ කළ යුතුය.

6.1                                                    7.1

දැනට බො‍හා් පරිගනකවල Sound Card, 5.1 හෝ එයට වැඩි නාලිකා ඇත, මෙයට ඔබට ඔය 5.1 හෝ වැඩි ස්පිකර සවිකර රසවිදිය හැක. මේ සදහා PowerDVD Multi Channel Pack වැනි මෘදුකාංගයක් අවශවේ. ඔබට DTS වලට තවත් DTS Decoding මෘදුකාංග අවශ්‍යයි. මෙයද වෙනම හෝ එකට PowerDVD වැනි මෘදුකාංග සමග එයි.

DVD දාවකයක පිටුපස 5.1 Output

Surround Sound ක්‍රම සපයන ප්‍රධාන සමාගම් දෙකක් ඇත, එකක් Dolby Laboratories, Inc (Dolby); ඔය පාරක් පාරක් ගානෙ රෙකෝඩ්බාර් කාරයින් ගසාගන සිටින්නෙ “Dolby ක්‍රමයට පටිගත කරනවා” කියා; පුලුවන්නම් අහන්න ඔය මොකද්ද කියා. ඒකනම් මම මේ කියන Surround Sound ක්‍රමයක නෙවෙයි. එය Dolby අය විසින් කැසට්‍පටවල Noise (ස් ස් ගා ඇසෙන ශබ්දය හා වෙනත් අනවශ්‍ය ශබ්ද) වලකන්න හදපු එකක්, එය Dolby Noise Reduction A, B, C, SR, S වශයෙන් ඇත. අනිත් එක DTS, Inc කියන ‌සමාගම වේ.

ආ.. මේ THX කියන්නෙ මොකද්ද කිවෙ නැනෙ. මේක ඇවිත් Audio Video ගුණාත්මක (Quality Standard) බව සහතික කරන සහතිකයක්. මේය ෆිල්ම්වලට වගේම Audio/Video Equipment වලටත් දෙනවා, හරියට ඔය ISO, SLS වගේ.

දැනට එපමණයි, පසුව මේ එක එක ගැන විස්තරාත්මකව ලියන්නම්.

Share

ලිනක්ස් (Ubuntu/Kubuntu) වලට කපුටා වගේ True Type ෆොන්ට්ස් දාගන්නා ආකාරය.

අද “සු” සිංහල වෙබ් පිටුවක් දුන්නා, නමුත් එය සිංහල UNICODE (යුනිකෝඩ්) වෙබ ්පිටුවක් නොවෙයි. එක මගේ ගිනිහිවලගේ (Firefox) පෙන්නෙනැ මොකද ලිනක්ස්වල ඒ ෆොන්ට් එක නැති නිසා. මම පාවිච්චි කරන්නෙ කුබුන්තු (Kubuntu) 7.10

kubuntu කියන්නේ ubuntu ම තමයි, වෙනසකට තියනෙ, ඔය දෙක භාවිත කරන්නෙ වෙනස් ඩෙස්ක්ටොප් Interface; kubuntu භාවිත කරන්නෙ KDE නමුත් ubuntu භාවිත කරන්නෙ GNOME

මෙන්න මෙහෙම තමයි ලිනක්ස් වල ෆොන්ට් දාන්නෙ.

පළමුව, ඔබට ඕන කරන ෆොන්ට් එක හෝ ඕනේ ඔක්කොම Download කරගන්න, මේව Desktop එකට Copy කරන්න. මතක තියාගන්න එවා ttf (True Type) වෙන්න ඕනේ.

දැන් Shell එකක් විවෘත කරගන්න.

මේ විධාන (command) ඒ ආකාරයට Type කරන්න.

මෙම විධාන (command) ඇතුල් කළ විට ඔබගේ රහස් පදය (Password) ඇතුල් කරන්න කියා ඉල්ලයි, එවිට රහස්පදය ඇතුල් කරන්න.

sudo mkdir /usr/share/fonts/myfonts

“USERNAME” ඔබ පරිගණකයට ඇතුල්වන (Login) විට භාවිත කරන නම; එය “USERNAME”  වෙනුවට යොදන්න.

sudo cp /home/USERNAME/Dekstop/*.ttf /usr/share/fonts/myfonts

sudo fc-cache -f

දන් Firefox වසා නැවත අරඹන්න. ඔබ සියල්ල හරියට කළානම්, ඔබට වෙබ්පිටුව බලාගන්න පුළුවන් දැන්.

ඒවගේම ඒ ස්ථාපනය (Install) කරපු ෆොන්ට්ස් ඔබට OpenOffice වැනි මෘදුකාංග (Software) සමග වුවද භාවිත කළ හැක.

Share

Hi-Fi

මේක මගේ තව කැමති දෙයක්; නමුත් මේවගේ ඒවා සාක්කුවට ගොඩක් අපල දෙන දේවල් ;) මොනව වුණත් මේ Hi-Fi System Home Theater කියන ඒවට මම ගොඩක් කැමතියි.

මොකද්ද මේ Hi-Fi කියන්නෙ?

High Fidelity යන වචනයේ කෙටි වදනකි. Hi-Fi System එකක් කියන්නෙ උසස් ගුණාත්මක බවකින් යුත්, පටිගත කළ හැකි, නැවත ඒ ආකාරයෙන්ම ප්‍රතිවාදනය කළ හැකි එකක්. ඒ කියන්නේ CD ධාවනයක් වගේ එකක්.

තවත් විදියකින් කියනවනම් Studio එකක් තුළ පටිගත කරන ගීතයක් ඔබ අසන විට ඔබ එය පටිගත කරන වෙලාවේ එතන සජීවීව අසා සිටියා මෙන් ප්‍රතිවාදනය කරන උපකරණ තමයි ඔය Hi-Fi System එකක් කියන්නෙ, ඒවාගේ හැම සංගීත භාණ්ඩයක්ම ඒ ආකාරයෙන්ම ස්වාභාවික විදිහට ඇසෙනවා.

ඇත්ත කිව්වොත් මේක ඔය කැසට් පටයකින් කළ නොහැකියි. මොකද එය පටිගත කරන්නෙ ඇනලොග් (Analog) ආකාරයට කැසට් පටියේ චුම්බක ආකාරයට සකසමින්. මේනිසා ගොඩක් පටිගත කරන ශබිදයේ ගුණාත්මක බව අඩුවෙනවා.

එකක් මතක තියාගන්න ඕනේ, ඔය රෙකෝඩ්‍බාර්වල දාල තියෙන ගෝෂාකාරී ශබ්‍දය නම් නෙවෙයි මේ Hi-Fi System එකක් කියන්නෙ.

පටිගත කරන ආකාරය

Sound — > Tape Recorder –> Audio Recode Head –(Quality Lost)–> Tape

ප්‍රතිවාදනය කරන ආකාරය

Tape –(Quality Lost)-> Audio Play Back Head —> Tape Player —> Sound

මෙහිදී ගොඩක් Noise (අනවශ්‍ය ශබ්ද) එනවා. මෙයට ගොඩක් හේතුව වන්නේ චුම්බක පටියේ ඇති වෙනස්කම් .

මෙය මගහරවන්න තමයි ඔය CD ආවෙ. එවා Digital ආකාරයට පටිගත කරපු නිසා ගොඩක් ශබ්දයේ ගුණාත්මක බව රැකුණා.

පටිගත කරන ආකාරය

Sound –> Mic — > ADC –> Lazar –> CD

ප්‍රතිවාදනය කරන ආකාරය

CD –> Lazar —> DAC —> Sound

DAC = Digital to Analog Converter (Digital දත්ත Analog ආකාරයට පරිවර්තනය කරනවා)

ADC = Analog to Digital Converter (Analog ශබ්ද Digital දත්ත ආකාරයට පරිවර්තනය කරනවා)

ඩිජිටල්වල ඇති වාසියනම් ඒවා 1 සහ 0 වශයෙන් පමණක් පවතින නිසා එහි දත්තවලට සිදුවන හානිය ගොඩක් අඩුව පැවතීමයි. එමනිසා Noise (අනවශ්‍ය ශබ්ද) වගේ දේවල් ඇතිවන්නේම නැතිතරම්.

මේ මොනව කළත් අන්තිමට අපේ කනට ඇසෙන්නේ Analog ලෙසටය,

ප්‍රතිවාදනය කරන ආකාරය

CD –> Lazar —> DAC —> Audio Amplifier (ඇනලොග්) –> Speakers

එක නිසා Hi-Fi එක භාවිත කරන හැම එකක් ම හොඳ ගුණාත්මක බවකින් යුක්ත විය යුතුයි.

Hi-Fi System

CD Player — Digital Audio Link —> Digital To Anlog Audio Amplifiyer –> Spekaers

මේහැම එකකින්ම 20Hz – 20,000Hz ඇතුළත ශබ්ද හොදින් වාදනය කළ යුතුය. Noise (අනවශ්‍ය ශබ්ද) දේවල් 0.01% වගේ අඩුවිය යුතුය.

මේ සියල්ල සම්පුර්ණ වූ තැන එයට Hi-Fi System එකක් කියා කිව හැකිය.

Share

මගේ ජංගම දුරකතන ඉතිහාසය

මම ගොඩක් ඔය එක එක ගැජට්වලට ආසයි. ඒක නිසා මට හිතුණ මම පාවිචි කරපු, කරන ජංගම දුරකතන ගැන මේකෙ ලියන්න. මොකද මොනාහරි ලියන්නත් ඕනෙනෙ.

මම ඉස්සෙල්ලම ගත්තෙ Mobitel එකක්, D-AMPS තමයි ඉස්සෙල්ලා මොබිටෙල් තිබ්බෙ, ඊට කලින් AMPS, AMPS කියන්නෙ Analog System එකක්. ඔක ගොඩක් ඇමරිකාවෙ AT&T පාවිච්චි කළේ. ඒකෙ වැඩි දියුණු කරලා D-AMPS ආවෙ, ඒක ඇවිත් Hybrid System එකක්. ඒ කියන්නෙ ඒකෙ Analog , Digital System දෙකම තියෙනවා, එතකොට Analog හෝ Digital coverage area (ආවරණ කලාප) සිටියත් phone එක වැඩකරනවා කිසිම වෙනස්කමක් නොකර, හරියට Roaming වගේ. මේක කළේ මොබයිල් නෙට්වර්ක් Analog to Digital කරන එක පාරිභෝගිකයන්ට වන බාධාව අවම කරන්න.

AMPS/D-AMPS කියන්නෙ දැන් අපි ඔය GSM කියනව වගේ මොබයිල් System එකක්.

මම දන්නව ගොඩක් අයට මේවා තේරෙන්නෙ නැහැ කියල, මම පුලුවන් තරම් සරලව කියන්නම්, :)

Analog Transmission කියන්නෙ දත්ත යවන ක්‍රමයක්; දත්ත කියන්නෙ රුප, ශබ්ද වගේ දේවල්. මේකෙ දත්ත යනකොට ඒව යවන්නෙ හරියට අපි මයික් එකක ඉදිරියෙ කතා කරනකොට විදුලිය එක එක ශබිද තරංගයට අනුව විදුලියෙ වොල්ටීයතාවය වෙනස් වෙන ආකාරයට සමානව. (ඔබ පාවිචි කරපු/කරන පරණ කැසට් පටි වගේ)

Digital Transmission කියන්නෙ Analog Transmission වගේ නෙවෙයි. ඒකේ තියෙන්නෙ විවිධ අකාරයට වෙනස් වොල්ටීයතාවයන් නෙවෙයි, ඒකෙ තියෙන්නෙ අවස්ථාවන් 2 ක් පමණයි. 1 සහා 0. තව විදියකට කිව්වොත් විදුලිය ඇති හා නැති (ලංකවෙ නම් විදුලිය නැති අවස්ථාවන් වැඩිනෙ :P ) මේ ආකරයට තමයි ඔය CD/VCD/DVD එ‍හෙම වැඩකරන්නෙ.

Hybrid System එකක් කියනෙ ඔය ඉස්සෙල්ල කිවු දෙකම එකට තියන එකක්. හරියට ඔය Toyota Hybrid Car එක වගේ ඒවට, ඔය බැටරි හා ඉන්ධන දෙකෙන්ම දුවන ඒව. Hybrid කියන්නෙ දෙකක් එකතු කළා කියන අදහස තමයි.

අම්මෝ මේක දන් හරියට Science පන්තියක් වගේ නෙ :) ගනන් ගන්න එපා.

AMPS කියන්නෙ පළමු පරම්පරාවෙ (First Generation) මොබයිල් දුරකතන භාවිත කරපු එකක්. GSM කියන්නෙ දෙවන පරම්පරාවෙ එකක්. 3G/CDMA කියන්නෙ තුන්වන පරම්පරාවෙ ඒවා. දැන් ඔය WiMAX එහම කියන්නෙ හතරවන පරම්පරාවට ළගින් තියන එවා.

1G (දැනට ලංකාවේ භාවිත නොවේ)

Mobile (AMPS)

Celtell (ETACS) now Tigo

CallLink (ETACS) now Hutch
2G (දැනට ලංකාවේ භාවිත වේ)

Mobitel (GSM/D-AMPS)

Dialog (GSM)

Tigo (GSM)

Hutch (GSM)

2.5G (දැනට ලංකාවේ භාවිත වේ)

Mobitel (GSM – GPRS)

Dialog (GSM – GPRS)

Tigo (GSM – GPRS)

2.7G (දැනට ලංකාවේ භාවිත වේ)

Mobitel (GSM – EDGE)

Dialog (GSM – EDGE)

Tigo (GSM – EDGE)

3G (දැනට ලංකාවේ භාවිත වේ)

Dialog (GSM – UMTS)

Mobitel (GSM – UMTS)

LankaBell (CDMA-2000)

Suntel (CDMA-2000)

SLT (CDMA-2000)

3.5G (දැනට ලංකාවේ භාවිත වේ)

Dialog (GSM – HSPA)

Mobitel (GSM – HSPA)

කතාවෙන් මගේ දුරක,න ගැන කිවුවෙ නැහැනෙ.

මගෙ 1 වෙනි එක.

Ericsson KF688 (D-AMPS)

CLI

මගෙ 2 වෙනි එක.

Ericsson KF588 (D-AMPS)

CLI, SMS ලැබෙනව, ඒත් යවන්න පහසුකමක් නැ

මගෙ 3 වෙනි එක.

Ericsson KF788 (D-AMPS)

CLI, SMS ලැබෙනව, ඒත් යවන්න පහසුකමක් නැ

මගෙ 4 වෙනි එක.

Nokia 8260 (D-AMPS)

CLI, SMS ලැබෙනව, යවන්නත් පුළුවන්

මගෙ 5 වෙනි එක.

Motorola V60 (D-AMPS)

CLI, SMS ලැබෙනව, යවන්නත් පුළුවන්

මගෙ 5 වෙනි එක.

Ericsson T68 (GSM – GPRS)

CLI, SMS, GPRS, Blutooth, POP3 Email, GPRS Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක)

මගෙ 6 වෙනි එක.

Sony Ericsson T610 (GSM – GPRS)

මගෙ 7 වෙනි එක.

Sagem MyX5 (GSM – GPRS)

CLI, SMS, GPRS

මගෙ 8 වෙනි එක.

Sony Ericsson T630 (GSM – GPRS)

CLI, SMS, GPRS, Blutooth, POP3 Email, GPRS Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක)

මගෙ 9 වෙනි එක.

I-Mate SP5 (GSM – GPRS/EDGE)

CLI, SMS, GPRS/EDGE, Blutooth, POP3 Email, GPRS/EDGE Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක) miniSD Memory Slot

Windows Smart Phone 5 updated it to Windows Smart Phone 6

මගෙ 10 වෙනි එක.

Samsung U600 (GSM – GPRS/EDGE)

CLI, SMS, GPRS/EDGE, Blutooth, POP3 Email, GPRS/EDGE Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක) microSD Memory Slot. USB

මගෙ 11 වෙනි එක.

O2 Xda mini s (GSM – GPRS/EDGE)

CLI, SMS, GPRS/EDGE, Blutooth, POP3 Email, GPRS/EDGE Modem (පරිගනකයට සම්බන්ධ කර GPRS හරහා Internet යාහැක) miniSD Memory Slot, USB

Windows Mobile 5 updated to Windows Mobile 6

මගෙ 12 වෙනි එක.

LGKU990R (3G/HSDPA)

GPRS/EDGE/3G/HSDPA 3.5mbps, 5MP Camera, USB, microSD up to 2GB, Touch Screen, මේ ගැන ලියපු බ්ලොග් සටහන.

මගේ 13වෙනි එක

Softbank Samsung Omnia 930sc

omnia

GSM/GPRS/EDGE/3G/HSDPA 8GB Memory, Bluetooth, TuchScreen, 5.1MP Camera, A-GPS

මගේ 14වන එක.

Apple iPhone 3G

iphone3g

GSM/GPRS/EDGE/3G/HSDPA, 8GB Memory, Fully Troch Screen, A-GPS ඒ ගැන ලියපු පොස්ට් එක

මම තව භාවිත කරඇති ඒවා

Motorola A130

Motorola MicroTAC

Nokia 8250

Noka 6630

Samsung E250

Blackberry Cruve

තව මතක නැති ඒව ගොඩක් ඇති, මතක් වෙන වෙලාවට යාවත්කාලීන කරන්නම්.

Share

ආයුබෝවන්!

මේක තමයි මගේ මුල්ම බ්ලොග් එක, මේකෙ ගොඩක් වැරදි තියෙන්න පුලුවන්. මොකද කියනවනම් සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන තාම දවස් කීපයයි. අනික සිංහල ගැන මනා දැනුමක් නැතිකම. එය ලැජ්ජා වියයුතු දෙයක් කියල මම දන්නවා. A/L කළ පසු සිංහලෙන් වැඩක් කළේම නෑ. ඒක නිසා මෙහි කිසියම් වරදක් ඇත්නම් මට කියන්න.

ගොඩක් කාලයක සිට මේ වගේ දෙයක් කරන්න ආසාවක් තිබුණත් ඒක කරන්න ගත්තෙ බුද්ධික ජයසිංහ මගේ සහයෝයෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය් වෙබ් පිටු ටික මගෙ සර්වර් එකට දාන්න පුලුවන්ද අහපු දා සිට. අන්තිමට මමත් ඒකෙ සාමාජිකයෙක් උනා නොදැනුවත්වම. බුද්ධික ඔයිට කලින් සිටම මට කිය කියා සිටියෙ මට ටෙක්නිකල් දේවල් ගැන සිංහල බ්ලොග් එකක් කරන්න කියල, ඒක කල් දැමුව මිසක් ඒක කළේ නෑ..

මම සිංහලෙන් මුකුත් නොලියා අනිත් අයට කියන එකේ තේරුමක් නැහැනෙ, මමත් ආදර්ශයක් වෙන්න එපැයි. :) කටින් බතල හිටවල වැඩක් නෑනෙ අපේ දේශපාලුවො වගේ ;)

මේකෙ ලියන්න දේවල් නම් ගොඩක් හිතෙනවා, වල් පල් ලියල කාටවත් වැඩක් වෙන්නෙ නෑනෙ. ඒක නිසා කාට හෝ ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න උත්සාහ කරනව.

මම රැකියාවක් කරන නිසා කාලය පිලිබද ප්‍රශ්නයකුත් තියෙනව, මොකද මගේ කාලය කලමනාකරණය අන්තිමයි :( ඒත් පුලුවන් තරම් ලියන්න ඕනෙ.

මගේ ස්තුතිය,

බුද්ධික

ආනන්දවර්ධන

මලින්ත

වරුණ

ඇතුලු සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයෙ සියලු දෙනාට.

මගෙ අකුරු වැරදි හදපු “සු” ට බොහොම ස්තුතියි!

Share

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed