Microsoft Software නොමිලේ !!!!

Software
මෙන්න නියම වැඩක්, Microsoft Tools මිල වැඩිද, ඔබ තාම ඉගෙන ගන්නවාද? මෙන්න නොමිලේ Microsoft Software ගන්න විදියක්. දැනට CCR and DSS Tool kit 2008, Robotic Developer Studio 2008, XNZ Game Studio 3.0, Visual Studio 2008, Windows Server 2008, SQL Server 2008, Expression Studio 2, Visual Studio 2005, Windows Server 2003, Visual C#, Visual C++, VirtualPC, Visual Basic 2008, Visual Web Developer 2008 ආදී ඕනෑ මෙ Software එකක් නොමිලේ ලබාගන්න පුලුවන්, මොනද ඕනේ සුදුසුකම් ? ඔබ Student කෙන්ක් හෝ Teacher කෙන්ක් විය යුතුයි, University හි පිලිගත් ඊමේල් ලිපිනයක් ඕනේ. ඔබේ Univercity එක ලිස්ට් එකේ නැතිනම් එය ඇතුලත් කරන ලෙස ඉලා සිටින්න පුලුවන්, යන්න www.dreamspark.com දැන් ඉතින් හොර කොපි ඕනේ නැනේ :D
Read More

Open comprssed files online, file type and free apps, mobile streaming, Twitter, etc

Software, අනංමනං (General Information)
මේ දවස්වල වැඩ නිසා පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, අද ගෙදර හිටපු නිසා, දවල් පොඩි නින්දක් දාපු නිසා හිතුනා පොඩි පොස්ට් එකක් ලියන්න, එක එක දේවල් ගැන. මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට, ඊට පස්සෙ Mobile Streaming ගැන, මොකද අපේ Techකතා දැන් මොබයිල් එකේ streaming වෙන හදපු නිසා, (http://m.techkatha.com) ඒක වැඩ කරත් පොඩි පොඩි ටෙස්ටින් කරනවා, පොඩ්ඩක් සිංහල දාගන්න. මොකද මොබයිල් සයිට් එක ඉන්ගිරිසි නේ :D Mobile Streaming ටිකක් පොඩ්කාස්ටින් වගේ ලේසි නෑ, Live නොවුනත් මේසදහා Streaming server එකක් ඕනේ, දැනට යොදාගන්නේ Apple Darwin සවර් එක. content type එක 3gp, දැන්ට ස්ට්‍රීම් කරනේ 5kbps වගේ වේගයකින්, මේක 40kbps ව්ලට වඩා අඩුයි, ඒ කියනේ GPRS වල උවද කිසි ගැටලුවක් නැතුව අහන්න පුලුවන්. (more…)
Read More

2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නේ….

Software
මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්... මරු නේ ? කොහොමද කරන්නෙ ? (more…)
Read More

5 වසර ගණිතය අසමත් Mobitel Billing System

අනංමනං (General Information), මගේ දේවල්
හැමදාම මොකක් හරි වගේ අදත් ඔන්න අලයක්, මේපාර Dialog නම් නෙවෙයි. මේ පාර Mobitel. අද ඉතින් පොඩ්ඩක් කලින් ගෙදර ආවා... ඇවිත් Router එක On කරලා, ලැපත් අරගෙන ඇඳ උඩට ගියා, මලා..ඉන්ටර්නෙට් නෑ, router එකට ලොග් වෙලා බැලුවා, connecting.... කියලා තියනවා connect වෙන්නේ නෑ. ඊට පස්සෙ මොඩම් (Huawei E220) එක ගලවලා ලැපට කෙලින්ම ගැහුවා. පස්සෙ ඔන්න customer service call කළා, ඒක ගන්න බැරිවෙන්න අමුතු IVR එකක් දාල, ඒකේ මාර පොරක් වෙන්න ඕනේ customer service contact කරන menu එක හොයාගන්න, ඔක්කොම බොරු automated system, විනාඩි කීපයක් දඟලලා ඔන්න waiting.... විනාඩි 15 විතර යනකොට ඔන්න කොලු ගැටයෙක් කතා කළා, එයත් අර මම කලින් කියපු විදියේ කෙනෙක්. මතකනේ පොස්ට් එක. ඉන්ති මම ඇහුවා ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා, "ආ, සර්, මේක ඩිස්කනෙක්ට් කරලා නේ", මම ඇහුවා, ඒ මොකද ඒ කියලා. "සර්ගේ credit limit…
Read More

තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?

අනංමනං (General Information)
මේක තමයි ලොකුම ගැටලුව තාක්ෂණය කොපමණ දියුනු උනත් වැඩක් කරන්න ගියහම ඒක කරන්න බෑනේ, ගැටලු පැන නැග්ගහම අහන්න කෙනෙක් නෑ නේ, නැතිනම් group වල IRC, Forum වල ගියහම ඔය සමහර අය කියයි RTFM (Read the Fucking Manual) කියල, :D නැත්නම් කියයි අපි spoon feeding (හැන්දෙන් කවන්නේ) කරනෙ නෑ කියා. ඉතින් මේකට මොකද කරන්න පුලුවන්, අනික් මේ සුද්දගේ බාසාව හරියට බැරි උනොත් ඔය එකක් වත් කරන්න බැනේ. ඉතින් මේකට විසදුමක් දෙන්න කියලා අපිට හිතුනා, අපි කිව්වේ මම හා තව මගේ මිතුරන් කීප දෙනකුට, මොකද අපි දන්නවා දෙයක් කරන්න ගියහම ඒක ගැන හරියට අහගන්න, උපදෙසක් ගන්න ගියහම තියන ගැටලුව. ඉතින් අපි පටන්ගත්තා මේ Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්, (www.techkatha.com) මොකද් ද මේ ? (more…)
Read More

මෙන්න මගෙන් තෑග්ගක්….

අනංමනං (General Information), මගේ දේවල්
මට හිතුනා පොඩි වැඩක් කරන්න ඕනේ කියලා, මොකද ගොඩක් අය මේ බ්ලොග් එක කියවනවා :D ඒ වගේම ගොඩක් අය සිංහල බ්ලොග් ලියනවා, මෙන්න මේකයි වැඩේ, මම මේ වෙනකන් ලියලා තියන බ්ලොග් පොස්ට් වලින් එකකට පිලිතුරු ලිපියක් ඔබගේ බ්ලොග් අඩවියේ ලියන්න, ඒක මම ලියපු ලිපියට ලින්ක් කරන්න, නැත්නම් මට ඒක ඊමේල් කරන්න (kalinga.a [at] gmail.com) ඔව්, මේක තරගයක්, තෑගි දෙනවා :) මේකෙන් ලැබෙන්නේ ? 8GB USB Flash Driver දෙකක් මම හොදම ලිපි දෙකට දෙනවා, මරු නේද ? තෝරාගන්නන හොදම ලිපි දෙක මම මගේ බ්ලොග් අඩවියේද පලකරනවා. :) කොන්දේසි.... (more…)
Read More

Chrome සමග වරුවක්…

Software
මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ? :D හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා. තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ. chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න. (more…)
Read More

ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…

අනංමනං (General Information), කෙසේ ද ? (How To)
හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ. මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි :D ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ. (more…)
Read More

My Name is Kalinga, I’m an Internetholic!

අනංමනං (General Information), මගේ දේවල්
ඔබ කරන වැඩ වලින් ගොඩක් ඉන්ටර්නෙට් සම්බන්ද ද ? වැදගත් වෙන වැඩ තියනකොට ඊටවඩා අන්තර්ජාලයේ සැරිසරන්න කැමතිද ? අවේලාවේ, මගදිගට ඊමේල්, අන්තර්ජාලෙයේ සැරිසරනවාද ? දිනකට වඩා අන්තර්ජාලයට සම්බන්ද නොවී ඉන්න හැකියාවක් නැද්ද ? එහෙනම් ඔබත් මම වගේම Internethoic කෙනෙක් ! (ඒ කියන්නේ ඔය Alcoholic වගේ, අපේ බාසාවෙන් කිව්වොත් බේබද්දෙක් ;) ) අන්තර්ජාලයට ඇබ්බැහි ඌවෙක්.... ! මේකත් ලගගදිම අලුත් ලෙඩ ලැස්තුවට ඇතුලත් වෙනවා නිසැකයි! මම මේ ලගදි මම ගැන හිතපුවහම මටම පෙනීගියේ මම කොපමණ මේ තාක්ෂනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද කියලා, මේක මිනිස්සුන් අලස වෙන්න තවත් දෙයක්. මීට වසර 15-20 කලින් මේවා නෑනේ.. ඉතින් යාලුවො එක්ක ඇවිදින්න යනවා, අඩුම ගානේ තමන්ගේ පව්ලේ අය සමග හරි කතා කරනවා, මේවා දැන් එන්න එන්නම් අඩුවෙලා, මිනිස්සුන්ගේ බැදීම් අන්තර්ජාලයේ chat සදහා පමණක් කොටුවෙලා, සැබෑ ජීවිතයේ යාලුවෝ අඩු වෙලා, facebook යාලුවො තමයි දැන් ගොඩ දෙනෙකුට ඉන්නේ,…
Read More

Bye Bye Firefox !

Software
මම දැන් දවස් කීපයක ඉදන් මේ Firefox ට සමු දෙන්න උනා, මේකට හේතු නම් කීපයක් තියනවා. ඉස්සර මගේ primary web browser එක උනේ Firefox3 දෙවනනි එක Internet Explore 8, Chrome වල Symantec Endpoint Security එකක්ක ගැටලුවක් තියනවා (මෙතනින් ඒ පොස්ට් එක බලන්න), ඒක නිසා පොඩක් Chrome බාවිතා නොකර හිටියේ. මොකද මම office එකේ වැඩ කරන්නේ Windows XP SP3 හා Symantec Endpoint Security එක්ක. නමුත් මේ ටික දවසක ඉදන් මට Firefox වල ගැටලු කීපයක් පේන්න ගත්තා, ඒක නිසා හිතුනා Google Chrome බාවිතා කරලා බලන්න, දැනට මම මගේ Day to Day වැඩ කරන්නේ Windows Vista මත මොකද මගේ Laptop එක දාවන වන්නේ විස්ටා, Antivirus එක Kaspersky, නොමිලේ Antivirus එකක් ඕනේ නම් avast! බලන්න, මේක ගොඩක් ඔය AVG වඩා හොදයි. (more…)
Read More

බ්ලොග් ටීවී….

අනංමනං (General Information), මගේ දේවල්
මටත් ඔය ඉන්නකොට එක එක ඒචා හිතෙනවා, හික්... ඔයින් එකක් තමයි මේක... "බ්ලොග් ටීවී". මේක මට හිතුනේ අපේ මේ මිනි බ්ලොග් මැරත්න් වලට මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා, මොකද ගිය පාර වෙබ් රේඩියෝවක් කරානේ මැරත්න් දවසේ ;) හික්... හික්.. සමහර අයට නම් ඇල්ලුවේ නෑ.... :D හරි හරි ඉතින් මේ පාරත් මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා.... එතකොට තමයි මට මේ මතක් උනේ අර Movie එකක් තිබුනා EdTV කියලා...  ඒකේ යන්නේ එක පුද්ගලයකුගේ පැය 24ම කරන දේවල් රූපවාහිනියේ සජීවීව විකාෂය කිරීමයි. මගේ ඒවා පැය 24ම දැම්මොත් ඉතින් දවස් 2-3කින් TV channel එක වහන්න වෙනවා :D ඉතින් මත් කරා පොඩි වැඩක් (more…)
Read More

Apple Mac නැති අපිට දැන් Hackintosh!

Software, Video, කෙසේ ද ? (How To), මැක්
‍MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් PowerPC නවතා x86 Intel (Power PC CPU කියන්නේ RISC - Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක CISC - Complex instruction set computer වල x86 කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි. මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට,…
Read More

මෙහමයි වේගයෙන් කොපි කරනේ!

Software, Video
මම මේ කියන්න යන්නේ ඔය ඉස්කෝලේ යනකාලේ උත්තර පත්තර කොපිරීම ගැනනම් නොවෙයි. :D අපිනම් හැබැයි ඕවා කලේ නෑ :P ! මට මේක ගැන ලියන්න හිතුනේ මම මේ ෆයිල් වගයක් ඊයේ කොපි කරා 130GB විතර, නිකන් කලානම් කොපමණ කාලයක් යයිද කියලා සිතුනා. මේකට මට හොද software එකක හම්බ උනා, එකේ නම Fastcopy, මේක යොදාගන HDD to HDD, USB, DVD වගේ දේවල් වින්ඩොස් වල normal speed එකකට වඩා වෙගයෙන් කොපි කරන්න පුලුවන්, මේක අනික Open Source එකක් :D (more…)
Read More

Running Linux on the iPhone?

අනංමනං (General Information), කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ලිනක්ස්
මෙන්න හොද ආරංචියක්..... ! Linux 2.6 kernel එක iPhone platform එකට දාලා, දැනට iPhone මත දුවන්නේ MacOS වල පොඩි (strip down) version එකක්, MacOS හැදිලා තියෙන්නේ FreeBSD Kernel එක යොදාගෙන. මේක boot කරන්නේ openiboot කියන boot loader එක යොදාගෙන, iPhone එක මත දුවන්නේ ARM (Advanced RISC Machine) වර්ගයේ CPU එකක්, දන්නා තරමින් 620Mhz වේගයකින්. පරණ Apple පරිගනක, IBM AS/400 වගේම SUN Spark system බාවිතා කරනේ මේ RISC (Reduced instruction set computer) කියන වර්ගයේ CPU, නමුත් අපි පාවිචිකරන පරිගනක x86 CISC (Complex instruction set computer) කියන වර්ගයේ CPU තමයි, නව Mac පර්ගනකද දැන් එන්නේ x86 CPU ම තමයි. දැනට ගොඩක් Windows Mobile බාවිතා කරනේද මේ ARM ගනයේ CPU තමයි, මීට අමතරව Intel xScale CPU ද යොදාගන්නවා, දැනට Google සමාගම විසින් නිකුත් කරපු Android කියන Mobile Phone OS එකද ලිනක්ස් kernel එකක්…
Read More