September 6th, 2009 in Video , කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් , ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) | 28 Comments »
[Read This Post in English ]
අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ
Front panel එකේ Display එකක් සවිකිරීම.
Head Phone jack සවිකිරීම.
Software configuration.
පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp , මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා. නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක් (iAmpRemote ) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට.
Read more »
August 23rd, 2009 in Video , කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් , ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) , මගේ දේවල් | 27 Comments »
[Read This Post in English ]
මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.
ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා. මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500
මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.
Read more »
December 17th, 2008 in Software , Video , කෙසේ ද ? (How To) , මැක් | 23 Comments »
MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් PowerPC නවතා x86 Intel (Power PC CPU කියන්නේ RISC – Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක CISC – Complex instruction set computer වල x86 කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි.
මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට, මේ අය උත්සාහ කරන්න තමන්ගේ hardware විකුන ගන්න තමයි. පේනවානේ ඔය iPhone, iPod අඩුගානේ බැටරිය වත් ගලවන්න බෑ, මුල් කාලේ ආපු මැක් පරිගණක වල HDD එක පවා solder (පාස්සලා) තිබුනේ.
Read more »
December 8th, 2008 in Software , Video | 34 Comments »
මම මේ කියන්න යන්නේ ඔය ඉස්කෝලේ යනකාලේ උත්තර පත්තර කොපිරීම ගැනනම් නොවෙයි. අපිනම් හැබැයි ඕවා කලේ නෑ ! මට මේක ගැන ලියන්න හිතුනේ මම මේ ෆයිල් වගයක් ඊයේ කොපි කරා 130GB විතර, නිකන් කලානම් කොපමණ කාලයක් යයිද කියලා සිතුනා.
මේකට මට හොද software එකක හම්බ උනා, එකේ නම Fastcopy , මේක යොදාගන HDD to HDD, USB, DVD වගේ දේවල් වින්ඩොස් වල normal speed එකකට වඩා වෙගයෙන් කොපි කරන්න පුලුවන්, මේක අනික Open Source එකක්
Read more »
December 6th, 2008 in Video , කෙසේ ද ? (How To) , ලිනක්ස් | 8 Comments »
Here’s how to Install Sinhala Unicode Support on Kubuntu also this may work with (Ubuntu/Mint/Debian)
To View Properly You need to run this video on Full Screen.
also read the Sinhala Install help located at http://sinhala.sourceforge.net/
Read more »