October 20th, 2008 in Uncategorized | No Comments »
As per the original post that was here, there was a friendly
discussion here about a software program that consists of technical
analysis and findings. How ever some people have used that information
to attack Dr. Sameera De Alwis personal and professional life, this
post never intended to be used in that manner, it was a technical
analysis rather then an attempt to insult any one. Few days ago I had
email communications with Dr. Sameera De Alwis and he explained
the personal and professional hardship he had to face due to the fact
people are using the information that was posted here as a weapon to
attack his personal and professional life.
As per the original post that was here, there was a friendly discussion here about a software program that consists of technical analysis and findings. How ever some people have used that information to attack Dr. Sameera De Alwis personal and professional life, this post never intended to be used in that manner, it was a technical analysis rather then an attempt to insult any one. Few days ago I had email communications with Dr. Sameera De Alwis and he explained the personal and professional hardship he had to face due to the fact people are using the information that was posted here as a weapon to attack his personal and professional life.
Below I’m quoting from one of his email where he explain it in his own words
Read more »
August 22nd, 2008 in Uncategorized | 1 Comment »
දැනුම්දීමයි!
සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.
දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විමින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.
1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවාදැක්වීමට ගත් උත්සාහයත්,
2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,
3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,
4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත්කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,
5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යන්ගේ ගිය ප්‍රකාශත්,
Read more »
July 31st, 2008 in Uncategorized | 3 Comments »
ඔන්න ඉතින් මම මගේ බ්ලොග් එකේ පොඩි ඇදුම් මාරුවක් කලා, මගෙ පරණ එක හා මේක අතර ඔබ දකින හොද නරක කියන මෙන් ඉල්ලා සිටිනවා.
Read more »
April 17th, 2008 in Uncategorized | 1 Comment »
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.
ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.
මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.
“අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
- දයානන්ද ජයනෙත්ති. බදුරලිය
අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. ”
මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/