September 30th, 2009 in Software, වින්ඩොස් | 9 Comments »
Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය බාවිතා කරන්න පුලුවන්. කලින් තිබුනු Windows Defender වගේ.
September 26th, 2009 in Software, කෙසේ ද ? (How To) | 24 Comments »
අද මම කියන්න යන්නේ Techකතා වලට අපි කොමද මේ gateway එක හැදුවේ කියලා. මොකද ගොඩක් අය මේක ගැන අහන නිසා. Techකතා SMS එක ගැන කිවුවොත් හරිම සරලයි. ඒකෙන් කරනේ SMS හරහා එන පනිවුඩ එන command එක අනුව action එකක් run කිරීමහ හා Techකතා එක්ක ලියාපදිංචි අයට දැනුම්දීම් කරන්න. උදාහරනයක් ගමු අපි කෙනෙක් add කියලා type කරලා Techකතා SMS number (0714712774) එකට එවුවා කියල, එවිට Techකතා SMS system එකෙන් පලමු වචනය “add” නිසා, එවන කෙනාගේ number එකTechකතා list (Database) එකේ save කරගන්නවා. තව කෙනෙක් ask how to setup sms gateway කියලා එවුවා කියමු, එවිට පලමු වචනය ask නිසා, ask command එකට අදාල action එක වෙන්නෙ Techකතා කන්ඩායමේ question list එකට email හරහා Techකතා team එකට යවන එක.
දැන් කොහොමද් මේ SMS එන්නේ හා යන්නේ කියලා බලමු, මේ සදහා අපි යොදාගනේ normal Sony Ericsson K510 දුරකතනයක් USB cable එකක් හරහා පරිගණකයට සවිකරලා. phone එක GSM Modem එකක් හැටියට ක්‍රියාකරන්නේ. ඉතින් එන හා යන සියලු SMS මේ දුරකතන හරහා තමයි සිද්ද වෙනේ. ලොකු SMS gateway මේ සදහා අපි යොදාගනේ නෑ. Sony Ericsson එකක් යොදාගත්තේ වෙනත් ජංගම දුරකතන වල true GSM Modem එකක් එන්නේ නැති නිසා. අපි Nokia වගේ එකක් ගත්තොත් SMS receive වගේ ඒවා නෑ.
මේ සදහා SMS Gateway එකක් යොදාගන්න හැකි වුවද ඒ සදහා ලොකු මුදලක් වැය කරන්න වෙනවා, ඉතින් මේවගේ පොඩි වැඩකට මේක හොදටම ඇති කියලා අපිට පෙනුනා, එක දුර්වල කමක් තමයි SMS යවන වේගය ගොඩක් අඩුවීමයි, විනාඩියකට SMS 8-10 වගේ.
මේ තියෙන්නේ එහි block digram එක.
Read more »
May 6th, 2009 in Software, කෙසේ ද ? (How To), වින්ඩොස් | 31 Comments »
දන්නවනේ මැයි 1වෙනිදා Microsoft සමාගම Windows 7 RC (Release Candidate) නිකුත් කරා, මේක ඕනෑම කෙනෙකුට මැයි 5 වෙනිදා ඉදන් download කරන්න ලබාදෙනවා නොමිලේ (2.45GB DVD Image, ISO), කෙටි කාලයකදී මේ download කිරීමද දෙන එක ඔවුන් විසින් නවත්වන්න පුලුවන්. එම නිසා ඉක්කමට මේක download කරගන්න. download කිරීමට ලියාපදිංචි වීමේදී ම ඔබට Windows 7 RC සදහා serial එකක් ද ඔවුන් ලබා දෙනවා, ඔබට ඕනෑම නම් පරණ Windows 7 beta හිදී ගත්ත serial එක උවද බාවිතා කරන්න පුලුවන්. Windows 7 RC එක build 7100 (සැකසුමක්) ලෙස තමයි එළි දකිනේ, Windows 7 beta තිබුනේ 7000 build එකක් ලෙසයි. Windows 7 RC එක ඔබට වසරක් පුරා නොමිලේ බාවිතාකරනත් පුලුවන්. ඒකත් හොද දෙයක් නේ මේ හොර කොපි වින්ඩොස් බාවිතා කරනවාට වඩා.
මේ අය මේ Windows 7 RC ලෙස දෙන්නේ Windows 7 Ultimate කියන edition එක.
Read more »
March 23rd, 2009 in Software | 9 Comments »
මෙන්න නියම වැඩක්, Microsoft Tools මිල වැඩිද, ඔබ තාම ඉගෙන ගන්නවාද? මෙන්න නොමිලේ Microsoft Software ගන්න විදියක්. දැනට CCR and DSS Tool kit 2008, Robotic Developer Studio 2008, XNZ Game Studio 3.0, Visual Studio 2008, Windows Server 2008, SQL Server 2008, Expression Studio 2, Visual Studio 2005, Windows Server 2003, Visual C#, Visual C++, VirtualPC, Visual Basic 2008, Visual Web Developer 2008 ආදී ඕනෑ මෙ Software එකක් නොමිලේ ලබාගන්න පුලුවන්, මොනද ඕනේ සුදුසුකම් ? ඔබ Student කෙන්ක් හෝ Teacher කෙන්ක් විය යුතුයි, University හි පිලිගත් ඊමේල් ලිපිනයක් ඕනේ.
ඔබේ Univercity එක ලිස්ට් එකේ නැතිනම් එය ඇතුලත් කරන ලෙස ඉලා සිටින්න පුලුවන්, යන්න www.dreamspark.com දැන් ඉතින් හොර කොපි ඕනේ නැනේ
March 20th, 2009 in Software, අනංමනං (General Information) | 8 Comments »
මේ දවස්වල වැඩ නිසා පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, අද ගෙදර හිටපු නිසා, දවල් පොඩි නින්දක් දාපු නිසා හිතුනා පොඩි පොස්ට් එකක් ලියන්න, එක එක දේවල් ගැන. මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට, ඊට පස්සෙ Mobile Streaming ගැන, මොකද අපේ Techකතා දැන් මොබයිල් එකේ streaming වෙන හදපු නිසා, (http://m.techkatha.com) ඒක වැඩ කරත් පොඩි පොඩි ටෙස්ටින් කරනවා, පොඩ්ඩක් සිංහල දාගන්න. මොකද මොබයිල් සයිට් එක ඉන්ගිරිසි නේ
Mobile Streaming ටිකක් පොඩ්කාස්ටින් වගේ ලේසි නෑ, Live නොවුනත් මේසදහා Streaming server එකක් ඕනේ, දැනට යොදාගන්නේ Apple Darwin සවර් එක. content type එක 3gp, දැන්ට ස්ට්‍රීම් කරනේ 5kbps වගේ වේගයකින්, මේක 40kbps ව්ලට වඩා අඩුයි, ඒ කියනේ GPRS වල උවද කිසි ගැටලුවක් නැතුව අහන්න පුලුවන්.
Read more »
February 12th, 2009 in Software | 24 Comments »
මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?
කොහොමද කරන්නෙ ?
Read more »
January 22nd, 2009 in Software | 51 Comments »
මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ?
හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ.
chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න.
Read more »
January 3rd, 2009 in Software | 27 Comments »
මම දැන් දවස් කීපයක ඉදන් මේ Firefox ට සමු දෙන්න උනා, මේකට හේතු නම් කීපයක් තියනවා. ඉස්සර මගේ primary web browser එක උනේ Firefox3 දෙවනනි එක Internet Explore 8, Chrome වල Symantec Endpoint Security එකක්ක ගැටලුවක් තියනවා (මෙතනින් ඒ පොස්ට් එක බලන්න), ඒක නිසා පොඩක් Chrome බාවිතා නොකර හිටියේ. මොකද මම office එකේ වැඩ කරන්නේ Windows XP SP3 හා Symantec Endpoint Security එක්ක.
නමුත් මේ ටික දවසක ඉදන් මට Firefox වල ගැටලු කීපයක් පේන්න ගත්තා, ඒක නිසා හිතුනා Google Chrome බාවිතා කරලා බලන්න, දැනට මම මගේ Day to Day වැඩ කරන්නේ Windows Vista මත මොකද මගේ Laptop එක දාවන වන්නේ විස්ටා, Antivirus එක Kaspersky, නොමිලේ Antivirus එකක් ඕනේ නම් avast! බලන්න, මේක ගොඩක් ඔය AVG වඩා හොදයි.
Read more »
December 17th, 2008 in Software, Video, කෙසේ ද ? (How To), මැක් | 16 Comments »
MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් PowerPC නවතා x86 Intel (Power PC CPU කියන්නේ RISC – Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක CISC – Complex instruction set computer වල x86 කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි.
මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට, මේ අය උත්සාහ කරන්න තමන්ගේ hardware විකුන ගන්න තමයි. පේනවානේ ඔය iPhone, iPod අඩුගානේ බැටරිය වත් ගලවන්න බෑ, මුල් කාලේ ආපු මැක් පරිගණක වල HDD එක පවා solder (පාස්සලා) තිබුනේ.
Read more »
December 8th, 2008 in Software, Video | 32 Comments »
මම මේ කියන්න යන්නේ ඔය ඉස්කෝලේ යනකාලේ උත්තර පත්තර කොපිරීම ගැනනම් නොවෙයි.
අපිනම් හැබැයි ඕවා කලේ නෑ
! මට මේක ගැන ලියන්න හිතුනේ මම මේ ෆයිල් වගයක් ඊයේ කොපි කරා 130GB විතර, නිකන් කලානම් කොපමණ කාලයක් යයිද කියලා සිතුනා.
මේකට මට හොද software එකක හම්බ උනා, එකේ නම Fastcopy, මේක යොදාගන HDD to HDD, USB, DVD වගේ දේවල් වින්ඩොස් වල normal speed එකකට වඩා වෙගයෙන් කොපි කරන්න පුලුවන්, මේක අනික Open Source එකක්
Read more »