No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Archive for the ‘ගැජමැට්ක්ස්’ Category

Installing Sinhala (සිංහල) on a iPhone 3G & Jailbrake

බලමු කොහොමද කියලා iPhone 3G (OS 3.1.2) එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කියලා. මේ ඔක්කොම කරන්න කලින් iPhone එක Jailbreak ලක යුතුයි. මේ ආකාරයට සිංහල iPod Touch එකකට උවද දැමිය හැකියි. දැනට ගොඩක් ලංකාවේ තියන iPhone ඉතින් කොහොමත් Jailbreak කරපුව නිසා Jailbreak කරන කොටස අතහරින්න පුලුවන්. මගේ එක Dialog එකෙන් ගත්ත නිසා ඒක Jailbreak කරපු එකක් නොවෙයි, Retail Unlock එකක්. ඉස්සර වගේ නොවෙයි දැන් Jailbreak කරන එක හරිම ලේසියි. මේ සදහා blackra1n කියන tool එක තමයි යොදාගන්නේ.

සිංහල ෆොන්ට් එක හදන්න නම් මලින්ත හා නිකලස් තමයි මහන්සි උනේ.  මුලින් අපි හැදුවේ දසුන් එක්ක ඔහුගේ MAC font එකේ සිංහල rules දාලා, නමුත් ඒක හරි ගියේ නැ, පසුව තමයි මම දැක්කේ දසුන්ගේ font එක MAC OS වල දැම්මහමත් අල කියා, නිකලස්ගේ font එක දැම්මහම වැඩ, (100% නොවෙයි) පස්සේ මලින්තට කිවුහම iPhone arialuni.ttf font එකට අපි නිකලස්ගේ ෆොන්ට් එකේ සිංහල ඇතුලත් කරලා බැලුවා ඒත් අල, පස්සේ මලින්ත නිකලස්ව සම්බන්ද කරගත්තම තමයි font rules දාන්න වෙනම විදියක් තියනවා කියලා දැනගත්තේ. (Font එක ලබාගැනීමට මට ඊමේල් එකක් එවන්න)

බලමු දැන් ඉස්සෙලා iPhone එක Jailbreak කරන විදිය, blackra1n tool එක download කරගන්න.

[UPDATE: දැනට Jailbreak කර ඇත්නම් මෙතනට යන්න]

Read more »

Share

DIY 1TB Network Attached Storage inside a UPS!

මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 ක්, මේ කියනේ hard disk නැතුව. මෙචර ගානක් දීලා මේක ගන්න එක කිසිම තේරුමක් නෑ කියලා සිතුනා.

ඔහොම හිතනකොට ආවා අදහස්ක් මගේ පරණ UPS එකක් තිබුනා, මේක ඇතුලේ NAS එකක් හදාගන්න පුරුවන්නම් මරු නේද කියලා. මොකද නියම සයිස් එක නේ, වැඩි ඉඩක් යන්නේ නෑ නේ.

නොදන්න අයට බලමු මොකද මේ NAS නොහොත් Network Attached Storage එකක් කියන්නේ කියලා, මේක හරියට Network (LAN) එකට හයි කරපු hard disk එකක් වගේ, ඕනෑම පරිගණකය සිට සම්බන්දවෙලා දත්ත copy කරන්න share කරන්න පුලුවන්. File Server එකක් වගේ, ඒත් file server කියන්නේ ටිකක් hardware ඕන, වැඩි ඉඩක් යන දේවල් නේ. NAS වල file sharing විතරක් නොවෙයි, Audio/Video Streaming කරන්න, backup කරන්න වගේම මේ හදපු එකේ Torrent උතන් download වෙන්න දාන්න පුලුවන්.  😉 විදුලිය වැඩිය යන්නෙත් නෑ නේ!

Read more »

Share

Media Center එකක් සෑදීම – 3වෙනි කොටස (VFD Display + Software)

[Read This Post in English]

අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා,  තුන්වන කොටසේ කතාකරන්න යන්නේ

  1. Front panel එකේ Display එකක් සවිකිරීම.
  2. Head Phone jack සවිකිරීම.
  3. Software configuration.

පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp, මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා.  නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක්  (iAmpRemote) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට.

Read more »

Share

Media Center එකක් සෑදීම – 2වෙනි කොටස (DIY Casing)

[Read This Post in English]

මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.

ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා. 🙂 මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500 😀

cdp-950

මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.

Read more »

Share

Media Center එකක් සෑදීම – 1වෙනි කොටස

[Read This Post in English]

දැන් කට්ටිය බලයි මේ මොකද්ද කියලා Media Center PC නොහොත් HTPC (Home Theater PC) එකක් කියනේ කියලා. ඒ තමයි තමන්ගේ Film, Music වගේ දේවල් පරිගනකයක් උපකාර කරගෙන DVR (Digital Video Recorder), DVD Player, CD Player, Radio වගේ උපකරණ වෙනුවට PC එකක් යොදාගෙන ඉහත කී උපකරණයකින් වෙන දේවල් ඊට වඩා හොදට එක Interface (මුහුණතක්) යොදාගෙන කිරීම.  කලින් දවසක මම මේ HDD Media Player ගැන කතාකරා, මෙය එම උපකරණ වලට වඩා පොඩ්ඩක් ඉදිරියට යෑමක්.

දැන් කට්ටිය කියන්න පුලුවන් මමත් ඔය ඔක්කොම මගේ computer එකේ කරනවා වෙනස මොකද කියලා. වෙනස තමයි පරිගනකයේ අපි බොහෝවිට කරනේ පරිගන තිරය (Monitor) එක හා පරිගනක speakers යොදාගෙනයි, නමුත් මෙහිදී Home Theater experience (ගෙදර ෆිල්ම් හෝල්) එකක් ලැබෙනේ නෑ. HiFi system එකක් ලැබෙන ගුනාත්මක කම වගේම surround sound ලාබාගැනීම ද වැදගත්. අනික අපි පරිගනකය හසුරවන්නේ keyboard, mouse යොදාගෙන, නමුත් film එකක් බලනකොට හෝ සින්දුවක් අහනකොට හොදට වාඩි වෙලා අහන අතරේ සින්දුවක් තෝරන්න, tv channel එක මාරු කරන්න පුටුවෙන් නැගිටිනේ නැතුව කරන්න පුලුවන් විදියට තමයි මේ HTPC හදන්නේ. ඒවාගෙම අන්තර්ජාලය හරහා අපිට ලැබෙන Internet Radio, Live Video Streaming, Podcast වගේ දේවල්ද මේ හරහා අපිට රස විදින්න පුලුවන්.

අද මම කතා කරනේ අපි කොහොමද ගොඩක් අඩු මුදලකට මේවගේ HTPC එකක් හදාගනේ කියලා, TV එකක් එක්ක හා surround sound AMP එකක් එක හරියට මේවා සම්බන්ද කරන ආකාරය ගැන. හැබැයි මේක HD Video හදහා යොදාගත නොහැකියි. මොක්ද මෙහිදී බාවිතා කරනේ අඩුමිල උපකරණ නිසා.

මෙය ලිපි මාලා දෙකක් ලෙස තමයි පලවන්නේ, මේ එහි පලමු ලිපියයි.

Read more »

Share

කාලිංගටත් iPhone 3G එකක් ලැබුනානේ……

දන්නවනේ මම iPhone ලෝලියෙක් නොවෙයි, නමුත් හැමෝම මේ iPhone වලට හරිම ආසයි, අපේ මලින්තනම් “holy phone” එක ලෙස තමයි මේක හදුන්වනේ. මගේ ආසාවම තිබුනේ Samsung Omnia එකක් ගැනීම තමයි. මොකද මේකේ දුවනේ Windows Mobile 6.1 වීමයි හා එහි 8GB හෝ 16GB මතකයක් එකයි එන්නේ. ඉතින් මම යාලුවෙකුට කිවා, මට Samsung Omnia එකක් ගෙනත් දෙන්න කියලා මොකද එයා සිංගප්පුරුවේ යන නිසා, ඉතින් මට කතා කරලා මෙයා කිව්වා, Lock කරපුවා නම් තියනවා ගොඩක් අඩුවෙන් එකක් ගේන්නද කියලා, මම ඉතින් හා කිව්වා, මොකද Windows Mobile එකක්  Unlock කරන එක හරිම පහසු නිසා. ඔන්න මට Samsung Omnia එක ලැබුනා. ගෙනත් බලනකොට මේක ජපානේ මොබයිල් සමාගමක් වන Softbank වලට නිකුත් කරපු එකක්. මේක Samsumg Omnia i900 වඩා වෙනස්. මොකද Softbank Samsung Ombia 930sc එක Samsung සමාගම විසින් Softbank සහදාම සෑදූ එකක්, පෙනුම හා UI (User Interface) එක උවද, මෙහි දුවනේ Windows Mobile නොවෙයි, OEM (Original Equipment Manufacture) OS එකක්. මෙයට අමතරව මෙහි 800×480 resolution සහිත තිරයක් තමයි එන්නේ, මොකද මෙහි Digital TV ලබාගැනීමට සකස් කරලා තිබෙන්නේ, නමුත් Samsung Omnia i900 හි එන්නේ 240 x 400 resolution තිරයක් හා Digital TV පහසුකම ද නෑ, නමුත් Softbank Omnia එක Unlock කරන්න තවම බෑ. ගොඩක් විට ජපානෙයේ එන දුරකතන හරියාකාරව unlock කරන්න හැකියාව අඩුයි. මොකද Softbank විසින් මේක කරන්න නොහැකිවන ලස සකසා ඇති නිසා. මොකද Softbank විසින් දුරකතනය දෙන්නේ ඉතාමත් අඩු මුදලකට වන නිසා.

Read more »

Share

Running Linux on the iPhone?

මෙන්න හොද ආරංචියක්….. ! Linux 2.6 kernel එක iPhone platform එකට දාලා, දැනට iPhone මත දුවන්නේ MacOS වල පොඩි (strip down) version එකක්, MacOS හැදිලා තියෙන්නේ FreeBSD Kernel එක යොදාගෙන.

මේක boot කරන්නේ openiboot කියන boot loader එක යොදාගෙන, iPhone එක මත දුවන්නේ ARM (Advanced RISC Machine) වර්ගයේ CPU එකක්, දන්නා තරමින් 620Mhz වේගයකින්. පරණ Apple පරිගනක, IBM AS/400 වගේම SUN Spark system බාවිතා කරනේ මේ RISC (Reduced instruction set computer) කියන වර්ගයේ CPU, නමුත් අපි පාවිචිකරන පරිගනක x86 CISC (Complex instruction set computer) කියන වර්ගයේ CPU තමයි, නව Mac පර්ගනකද දැන් එන්නේ x86 CPU ම තමයි.

දැනට ගොඩක් Windows Mobile බාවිතා කරනේද මේ ARM ගනයේ CPU තමයි, මීට අමතරව Intel xScale CPU ද යොදාගන්නවා, දැනට Google සමාගම විසින් නිකුත් කරපු Android කියන Mobile Phone OS එකද ලිනක්ස් kernel එකක් මත දුවන් එකකි.

Read more »

Share

Kalinga goes from High-Definition to No-Definition

ඔන්න ඔය ලැප්ටොප් අපලය වගේ මට තියනවා තව ඔය පොඩි පොඩි අපල… 🙂 ඔන්න ඔයින් එකක මේ ලගදි පල දුන්නා, දන්නවානේ මම ඉතින් TV ඇබ්බැහි උන කෙනේක්, අපෝ ඔය ගොන් දේපැයයනම් නොවෙයි, 😀 අඩු ගානේ මගේ TV එකට local TV බලන්න ඇන්ටනාවක වත් සවි කරලා නෑ, මම ඉතින් මේ දේෂීය රූපවාහිනී කාලිකා බැලීම නවතල දැනට වසර 3-4ක් වෙනවා, මේකට හේතුව ඉතින් අපේ මේ නාලිකාවල යන්නේ ඉතින් 80% විතර අනුන්ගෙන් කොපි කරපුවානේ, කොපි කියන්නේ පොටෝ කොපි, ඉතින් මේවා බලනවාට වඩා හොදයිනේ ඔරිජිනල් එකම බලන එක, මට එපාම උනේ මේ සිරස සුපර්ස්ටා වලින් තමයි, අනේ දෙයියනේ හොද දෙයක් බලා කොපි කරලා හැදුවට කමක් නෑ, අර සුපර්ස්ටා නිවේදක කමල් අර Amatrican Idol (සිරස සුපර්ස්ටා මේක තමයි කොපි කරල තියෙනේ) එකේ නිවේදක කරන Ryan Seacrest වගේම කතා කරන්න, හැසිරෙන්න දගලන දැගලිල්ල දැක්කහම මට වමනේ යන්න එනවා, අනේ ඇත්තමයි මුන්න තමන්ගේ කියලා හැකියාවක් නැද්ද අනුන්ගේ දේ කොපි කරනේ, ලංකවේ කලා කාරයෝ ගැන මට දුකයි, අර පන්ඩිත් අමරදේව, අපෙන් වෙන්ව ගිය කේමදාස වගේ මිනිස්සුන්ට මල් තියලා වදින්න ඕනේ.

Read more »

Share

How to turn your PS2 (Play Station 2) in to a Media Center

[Read in English]

මම මේ ලගදි කල්පනා කරා කොහොමද මගේ PS2 (Play Station 2) එක Media Center එකක් කරන්නේ කියලා, ඔය MP3, DviX වගේදේවල් දුවන්න. හොයාගෙන යනකොට මේක හරි ලේසි වැඩක්. හැබැයි හැක් කරන වැඩ කරන්නනම් PS2 එක MOD Chip එකක් ඕනේ. මගේ PS2 එක කොහොමත් MOD chip (Modification Chip) එකක් දාලා තියෙන්නේ. මේකෙන් කරන්න ඇත්තටම PS2 එක එන Original protection ඉවත් කිරීමයි. ඒ කියන්නේ CD-R වල වගේ Copy කරපු ගේම් හා DRM (Digital Rights) වගේ දේවල් වලට ඇති restrictions නැතිකිරීමයි. ගොඩක් ඔය MC විකුනන්න තියන PS2 ඒවා මේ විදියට MOD Chip සවිකරපුවා තමයි, නැත්න්ම් රු.6000 වගේ මේක කරගන්න පුලුවන්.

හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේක කරන්න ඔය MOD chip සවිකරපු PS2 එකක් ඕනේ, මම මේක කරන්නේ SLIM PS2 එකක් යොදාගෙන තමයි.

Read more »

Share

LG KU990 යනු iPhone clone එකක් ?

=====================================

මෙය YuthMAX වෙබ් අඩවිය සදහා ලියපු ලිපියකි.

=====================================

ඔන්න මට පොඩි වෙලාවක් ලැබුනා මගේ අලුත් මොබයිල් එක එක්ක සෙල්ලම් කරන්න. මොබයිල් එක නම් LG සමාගම මගින් නිපදවන ලද KU990 කියන එක. “Viewty” යන වෙලද නාමයෙන් තමයි මෙය හදුන්වන්නේ. මේක Fully touch screen (TFT touchscreen, 256K colors – 240 x 400 pixels, 3.0 inches) වන අතර වෙන keypad එකක් නෑ.

ටිකක් මේකට පුරුදුවෙන්නනම් කල් ගියා මොකද, Windows Mobile වලින් ගැලවෙන්න අමාරු නිසා. මොකද ඔය කොහොම මොබයිල් ආවත් මටනම් ටිකක් Windows Mobile වල ඇති පහසු කම් නම් හොයන්න අමාරුයි. මේකේ OS එකනම් LG සමාගම විසින් නිපදවන ලද එකක්, කලින් හිතුනේ Symbion කියලා. නමුත් පසුව පෙනුනා මේක OEM OS එකක් කියලා. ලොකුම සතුට තමයි මේක ගොඩක් hack කරන්න පුලුවන්. 😉

හරි බලමු මේකේ තියන පහසුකම් හා අඩුපාඩු මොනවා ද කියලා.

Read more »

Share

කාලිංග goes 3G !

ඔන්න මම අද ගියා අපේ හසිතට ජන්ගම දුරකතනයක් ගන්න, මේයකාට බලෙන් වගේ තමයි මේක අරගෙන දෙන්නේ, මොකක් හරි කියලා ගන්නේ නැතුව ඉන්නවා, ඉසෙල්ල සතියේ මම බැලුවා Sonyericsson W910i එකක් අරගෙන දෙන්න, පුදුම දුකක් කියන්නේ හැම තැනබ බැලුවා, එකක් හොයාගන්න නෑ.

කොහොම හරි අපි කතා උනා බලෙන් හරි මෙයාට එක්ක අරගෙන දෙන්න, කොහොම හරි ගිය සති අන්තයේ මිනිහගේ තියන එකේ ඩිස්ප්ලේ එක පේන්නෙම නැතුව ගියා. ඔන්න මට ඉරිදා කතා කරල කිව්වා, “අපි හෙට කොහොම හරි එකක් ගමු බන් කියලා.” කොහොම හරි අපි මෑන්ට Sonyericsson P1i එකක් බලෙන් වගේ හොදයි කියලා පෙන්නුවා, මේකේ ලකුනු නම් යන්න ඕනේ රංගට.

කොහොම හරි අපි දෙන්න එක්ක අබාන්ස් එකට ගියා…. ගියෙන්ම් එනවා කියලා ෆොන් එක තියනවාද කියලා තහවුරු කරගෙන…

Read more »

Share

HDD Media Players

අද මේ digital media ලෝකේ හරිම අමාරු දෙයක් තමයි මේ digital media manage කරන එක. මොකද මගේ ගාවම mp3, divx mpg, wmv, etc තියනවා 500GB වලට වඩා, කොහොමද මේ ඔක්කොම පාවිච්චි කරන්නේ ? ගොඩක් අය ඉතින් computer එකේ තමයි. ඒත් මටනම් ඒක මහ කරදරයක්… රෑට නිදාගන්න ගමන් සින්දුවක් අගන්න computer එක දාගෙන නිදාගන්න එක මහ අපරාධයක්, ipod නම්, ආයේ තමන් කැමති එක computer එකෙන් ipod copy කර කර ඉන්න එපැයි. ඔය ඔක්කොටම වඩා මට මේවා මගේ home theater එකට දාගන්නත් ඕනේ, මේක ඔය ipod වලින් කරන්න බෑ, අනික මට film වගේ ඒවා 5.1 sound system එකේන්ම බලන්නත් ඕනේ… ඔය ඔක්කොටම පිලිතුරක් මට හම්බ වුණා.

Read more »

Share

HSPA මොඩමයක් Computer කීපයක් සමග එකවර භාවිතාකිරීම්

මගේ ගෙදර පරිගනක කීපයක් තියෙනවා, ADSL නම් මේක එචර ප්‍රශ්නයක් නොවෙයි. ඒත් HSDPA මෝඩමය තියෙන්නේ USB එකක් (මම ගත්තේ Huawei E220) මේ Modem එක 3.6Mbps Download ස්පීඩි Support කරනවා. නමුත් සුලු Software Update එකක් මගින් මෙය 7.2Mbps දක්වා වැඩිකරගත හැක. (Update එක Huawei ‌වෙබ් පිටුවෙන්), මතක තියාගන්න, Software Update කල පමනින් ඔබේ දැනට ලබාගෙන ඇති Connection එකකේ වේගය වැඩිවන්නනේ නෑ ඔබට 7.2Mbps Internet Package එකක් නැත්නම්. ඔබ Dialog පාවිචිකරනවානම් ඔව්න් කියනවා 7.2Mbps යාහැකි බව, මමනම් කොචර උත්සාහ කරත් 1Mbps වඩානම් වේගයක් දැක්කේ නෑ.

Huawei E220 එක HSDPA/UMTS/EDGE/GPRS/GSM යන සියල්ලම Support කරන අතර මම දැකපු තව දෙයක් තමයි එය ජන්ගම දුරකතනයකට වඩා Signal හොදින් ග්‍රහනය කිරීම. මොකද අපේ ගෙදර සාමාන්‍ය ජන්ගම දුරකතනවල 3G Signal එකක්වත් නෑ, නමුත් Huawei E220 එකට Signal කනු 2ක් එනවා.

කොහොම හරි මම කල්පනා කරා කොහොමද මේ USB මෝඩමය මේ පරිගනක සියල්ලටම භාවිතාකරන්නේ කියල, එකක් හිතුනා Linux Gateway එකක් දානව කියලා, ඒත් මට තව පරිගනකයක් On කර තැබීම නිසාවන විදුලිය නාස්තිය, යන ඉඩ ප්‍රමානය හා එය Boot වෙන්න යන කාලය ගැන ප්‍රශ්නයක්. ඒක නිසා මේගැන හොයනකොට මට හොයාගන්න ලැබුනා D-Link සමාගම නිපදවන DIR-451 UTMS/HSDPA ‌WiFi Router එක. මගේ වාසනාවකට මෙන් වගේ එයට Huawei E220 එක සම්බන්ද කිරීමේ හැකියාව ඇතුලත් කර තිබුනේ දින කීපයකට කලින්ය, මට කරන්ට සිදුව්යේ නව firmware එක Router එකට දැමීම පමනයි. මෙයට ගොඩක් වර්ග වල 3G card සම්බන්ද කරගත හැක, USB වගේම PCMCIA ඒවත්.

මෙහි ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා, USB එකක්, PCMCIA එකක් හා Ethernet Port 4 ක් වගේම 802.11g WiFi Router (වයර් නැති නෙට්වර්ක් එකක්) එකක්. එහි NAT, Firewall, වගේ දේවල් ද ඇත. ඔබට මේ Router එකකේ Interface Demo එකක් මේ Link එක ඔස්සේ බැලිය හැක.

මෙම Router එක තුල දුවන්නේ Linux ය, එය ඇතුලත AMD CPU එකක් ද ඇත. මෙය මම දන්න තරමින් ලංකාවේ මිලදී ගැනීමට නැත. මම මෙය Ebay එකෙන් තමයි මිලදී ගත්තේ, මිල $220 පමන විය. ඔබ මෙය තැපැල් මාර්ගයෙන් ගෙන්වනවානම් TRC එකේන් ඒ සදහා අවසරයක් ගත යුතුය නැතිනම් ඔබට රේගුවෙන් ගොඩක් කරදර විදින්න සිදුවෙයි.

Share

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed