April 6th, 2011 in මගේ දේවල් | 10 Comments »
දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්‍රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්. බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් නොවෙයි. ඒකෙන් මේක විසදෙනවානම් මේ ලෝකේ වයිරස් වලින් තොර වෙන්න එපැයි ? දැන් අපේ අය එක වයිරස් ස්කෑනයරක් නොවෙයි, දෙක තුනක් දාගෙනනේ ඉන්නේ. රටේ නැති නම් වලට ඔය ඕනේ තරම් වයිරස් ස්කෑනර් තියෙනේ, විකුනන අයනම් කියන්නේ ඉපදෙන්න ඉන්න වයිරසුත් අල්ලනවා කියලා නේ. නමුත් ඔය වයිරස්ගාඩ දාපු පරිගනක වලටම නේද මේ වයිරස් එන්නත් ? ඇයි මෙහෙම වෙන්නේ ? අපි බලමූ. මේ ඔක්කොටම වඩා හොදම වයිරස්ගාඩ් එක තමන්මයි කියන එක දැම්ම කියන්නම් කෝ.
දන්න යකා හොදයි කියනවානේ නොදන්න යකාට වඩා, ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු මේ වයිරස් කියන්නේ මොනවද, ඒවාගෙන් මොකද්ද වෙන්නේ, ඇයි එහමෙ වෙන්නේ වගේ ඔකොම දේවල් ගැන. මුල් අවදියේ වයිරස් වලින් සිදූනේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයට බාදාකිරීම. නමුත් දැන් වයිර්ස් වලින් ඊට වඩා බොහෝ දේ සිදුවෙනවා. අපේ දත්ත සොරා ගන්නවා, අපේ පරිගනක අපි නොදැනුවත්ව ඔවුගේ ඔනෑ එපා කම් වලට බාවිතා කරනවා, පරිගනක වෙලද දැන්වීම් පෙන්වන්න යොදාගන්නවා.
දැන් වයිරස් සෑදීම හොද මුදල් උපයන මාර්ගයක් බවත පත්වෙලා. මේවා ගොඩක් හදන්නේ මුදල් සෙවීම හා විවිද ජාල, වෙව් අඩවි අඩපණ කිරිම වැනි ක්‍රියාවලියන් සදහා. මේ ගැන අපි විවිද අවස්තාවන්වලදී Techකතා podcast එකේ කතා කරලා තියනවා.
ඉතිරිය Techකතා The Magazine අඩවියෙන් බලන්න
January 17th, 2010 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස් | 133 Comments »
බලමු කොහොමද කියලා iPhone 3G (OS 3.1.2) එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කියලා. මේ ඔක්කොම කරන්න කලින් iPhone එක Jailbreak ලක යුතුයි. මේ ආකාරයට සිංහල iPod Touch එකකට උවද දැමිය හැකියි. දැනට ගොඩක් ලංකාවේ තියන iPhone ඉතින් කොහොමත් Jailbreak කරපුව නිසා Jailbreak කරන කොටස අතහරින්න පුලුවන්. මගේ එක Dialog එකෙන් ගත්ත නිසා ඒක Jailbreak කරපු එකක් නොවෙයි, Retail Unlock එකක්. ඉස්සර වගේ නොවෙයි දැන් Jailbreak කරන එක හරිම ලේසියි. මේ සදහා blackra1n කියන tool එක තමයි යොදාගන්නේ.
සිංහල ෆොන්ට් එක හදන්න නම් මලින්ත හා නිකලස් තමයි මහන්සි උනේ. මුලින් අපි හැදුවේ දසුන් එක්ක ඔහුගේ MAC font එකේ සිංහල rules දාලා, නමුත් ඒක හරි ගියේ නැ, පසුව තමයි මම දැක්කේ දසුන්ගේ font එක MAC OS වල දැම්මහමත් අල කියා, නිකලස්ගේ font එක දැම්මහම වැඩ, (100% නොවෙයි) පස්සේ මලින්තට කිවුහම iPhone arialuni.ttf font එකට අපි නිකලස්ගේ ෆොන්ට් එකේ සිංහල ඇතුලත් කරලා බැලුවා ඒත් අල, පස්සේ මලින්ත නිකලස්ව සම්බන්ද කරගත්තම තමයි font rules දාන්න වෙනම විදියක් තියනවා කියලා දැනගත්තේ. (Font එක ලබාගැනීමට මට ඊමේල් එකක් එවන්න)
බලමු දැන් ඉස්සෙලා iPhone එක Jailbreak කරන විදිය, blackra1n tool එක download කරගන්න.
[UPDATE: දැනට Jailbreak කර ඇත්නම් මෙතනට යන්න]
Read more »
December 27th, 2009 in අනංමනං (General Information), මගේ දේවල් | 49 Comments »
ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් ලිවුවේ නෑ, බ්ලොග් එකක් තියා Techකතා පොස් ටික වත් දාන්න බැරි උනා! දැන්නම් පාරේ බැහැලා යන්න ටිකක් අමාරුයි, මොක්ද කට්ටිය පොලු තියාගෙන ඉන්වා Techකතා upload කරේ නෑ කියලා.
අවුරුද්ද ඉවර වෙන්නත් එනවා, ඒක නිසා සිතුනා පොඩක් වෙනස් ලිපියක් ලියන්න. මම ඉතින් වල් පල් ලියන්නේ නෑනේ ඉතින්.
ඉතින් මම මොකද මේ අවුරුද්දේ කරේ ? බලාගෙන ගියහම කරපු දෙයක් නැ. නොකරපු දේකුත් නෑ. කරපු වැදගත්ම දෙයක් කියන්න පුලුවන් Techකතා ඇරබුම, කාටද මේකේ ස්තුතිය යන්න ඕනේ, ඒ නම් තිලිණට. මොකද ටෙක්නොලොජි ගැන වෙනම බ්ලොග් මැගසින් එකක් කරන්න හිටියා ටෙක්ටෝක් කියලා. නමුත් දවසක් තිලිණ කිවුවා අපි රේඩියෝවක් කරමු කියලා. ඔය අදහස් දෙක මුසුවෙලා තමයි Techකතා එලි දැක්කේ දින 3නක් වගේ කෙටි කාලයකින්.
Read more »
October 6th, 2009 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස් | 78 Comments »
මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 ක්, මේ කියනේ hard disk නැතුව. මෙචර ගානක් දීලා මේක ගන්න එක කිසිම තේරුමක් නෑ කියලා සිතුනා.
ඔහොම හිතනකොට ආවා අදහස්ක් මගේ පරණ UPS එකක් තිබුනා, මේක ඇතුලේ NAS එකක් හදාගන්න පුරුවන්නම් මරු නේද කියලා. මොකද නියම සයිස් එක නේ, වැඩි ඉඩක් යන්නේ නෑ නේ.
නොදන්න අයට බලමු මොකද මේ NAS නොහොත් Network Attached Storage එකක් කියන්නේ කියලා, මේක හරියට Network (LAN) එකට හයි කරපු hard disk එකක් වගේ, ඕනෑම පරිගණකය සිට සම්බන්දවෙලා දත්ත copy කරන්න share කරන්න පුලුවන්. File Server එකක් වගේ, ඒත් file server කියන්නේ ටිකක් hardware ඕන, වැඩි ඉඩක් යන දේවල් නේ. NAS වල file sharing විතරක් නොවෙයි, Audio/Video Streaming කරන්න, backup කරන්න වගේම මේ හදපු එකේ Torrent උතන් download වෙන්න දාන්න පුලුවන්. ;) විදුලිය වැඩිය යන්නෙත් නෑ නේ!
Read more »
September 6th, 2009 in Video, කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) | 28 Comments »
[Read This Post in English]
අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ
- Front panel එකේ Display එකක් සවිකිරීම.
- Head Phone jack සවිකිරීම.
- Software configuration.
පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp, මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා. නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක් (iAmpRemote) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට.
Read more »
August 23rd, 2009 in Video, කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල් | 27 Comments »
[Read This Post in English]
මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.
ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා.
මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500

මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.
Read more »
August 2nd, 2009 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල් | 31 Comments »
[Read This Post in English]
දැන් කට්ටිය බලයි මේ මොකද්ද කියලා Media Center PC නොහොත් HTPC (Home Theater PC) එකක් කියනේ කියලා. ඒ තමයි තමන්ගේ Film, Music වගේ දේවල් පරිගනකයක් උපකාර කරගෙන DVR (Digital Video Recorder), DVD Player, CD Player, Radio වගේ උපකරණ වෙනුවට PC එකක් යොදාගෙන ඉහත කී උපකරණයකින් වෙන දේවල් ඊට වඩා හොදට එක Interface (මුහුණතක්) යොදාගෙන කිරීම. කලින් දවසක මම මේ HDD Media Player ගැන කතාකරා, මෙය එම උපකරණ වලට වඩා පොඩ්ඩක් ඉදිරියට යෑමක්.
දැන් කට්ටිය කියන්න පුලුවන් මමත් ඔය ඔක්කොම මගේ computer එකේ කරනවා වෙනස මොකද කියලා. වෙනස තමයි පරිගනකයේ අපි බොහෝවිට කරනේ පරිගන තිරය (Monitor) එක හා පරිගනක speakers යොදාගෙනයි, නමුත් මෙහිදී Home Theater experience (ගෙදර ෆිල්ම් හෝල්) එකක් ලැබෙනේ නෑ. HiFi system එකක් ලැබෙන ගුනාත්මක කම වගේම surround sound ලාබාගැනීම ද වැදගත්. අනික අපි පරිගනකය හසුරවන්නේ keyboard, mouse යොදාගෙන, නමුත් film එකක් බලනකොට හෝ සින්දුවක් අහනකොට හොදට වාඩි වෙලා අහන අතරේ සින්දුවක් තෝරන්න, tv channel එක මාරු කරන්න පුටුවෙන් නැගිටිනේ නැතුව කරන්න පුලුවන් විදියට තමයි මේ HTPC හදන්නේ. ඒවාගෙම අන්තර්ජාලය හරහා අපිට ලැබෙන Internet Radio, Live Video Streaming, Podcast වගේ දේවල්ද මේ හරහා අපිට රස විදින්න පුලුවන්.
අද මම කතා කරනේ අපි කොහොමද ගොඩක් අඩු මුදලකට මේවගේ HTPC එකක් හදාගනේ කියලා, TV එකක් එක්ක හා surround sound AMP එකක් එක හරියට මේවා සම්බන්ද කරන ආකාරය ගැන. හැබැයි මේක HD Video හදහා යොදාගත නොහැකියි. මොක්ද මෙහිදී බාවිතා කරනේ අඩුමිල උපකරණ නිසා.
මෙය ලිපි මාලා දෙකක් ලෙස තමයි පලවන්නේ, මේ එහි පලමු ලිපියයි.
Read more »
April 9th, 2009 in අනංමනං (General Information), ගැජමැට්ක්ස්, මගේ දේවල් | 38 Comments »
දන්නවනේ මම iPhone ලෝලියෙක් නොවෙයි, නමුත් හැමෝම මේ iPhone වලට හරිම ආසයි, අපේ මලින්තනම් “holy phone” එක ලෙස තමයි මේක හදුන්වනේ. මගේ ආසාවම තිබුනේ Samsung Omnia එකක් ගැනීම තමයි. මොකද මේකේ දුවනේ Windows Mobile 6.1 වීමයි හා එහි 8GB හෝ 16GB මතකයක් එකයි එන්නේ. ඉතින් මම යාලුවෙකුට කිවා, මට Samsung Omnia එකක් ගෙනත් දෙන්න කියලා මොකද එයා සිංගප්පුරුවේ යන නිසා, ඉතින් මට කතා කරලා මෙයා කිව්වා, Lock කරපුවා නම් තියනවා ගොඩක් අඩුවෙන් එකක් ගේන්නද කියලා, මම ඉතින් හා කිව්වා, මොකද Windows Mobile එකක් Unlock කරන එක හරිම පහසු නිසා. ඔන්න මට Samsung Omnia එක ලැබුනා. ගෙනත් බලනකොට මේක ජපානේ මොබයිල් සමාගමක් වන Softbank වලට නිකුත් කරපු එකක්. මේක Samsumg Omnia i900 වඩා වෙනස්. මොකද Softbank Samsung Ombia 930sc එක Samsung සමාගම විසින් Softbank සහදාම සෑදූ එකක්, පෙනුම හා UI (User Interface) එක උවද, මෙහි දුවනේ Windows Mobile නොවෙයි, OEM (Original Equipment Manufacture) OS එකක්. මෙයට අමතරව මෙහි 800×480 resolution සහිත තිරයක් තමයි එන්නේ, මොකද මෙහි Digital TV ලබාගැනීමට සකස් කරලා තිබෙන්නේ, නමුත් Samsung Omnia i900 හි එන්නේ 240 x 400 resolution තිරයක් හා Digital TV පහසුකම ද නෑ, නමුත් Softbank Omnia එක Unlock කරන්න තවම බෑ. ගොඩක් විට ජපානෙයේ එන දුරකතන හරියාකාරව unlock කරන්න හැකියාව අඩුයි. මොකද Softbank විසින් මේක කරන්න නොහැකිවන ලස සකසා ඇති නිසා. මොකද Softbank විසින් දුරකතනය දෙන්නේ ඉතාමත් අඩු මුදලකට වන නිසා.
Read more »
February 10th, 2009 in අනංමනං (General Information), මගේ දේවල් | 22 Comments »
හැමදාම මොකක් හරි වගේ අදත් ඔන්න අලයක්, මේපාර Dialog නම් නෙවෙයි. මේ පාර Mobitel. අද ඉතින් පොඩ්ඩක් කලින් ගෙදර ආවා… ඇවිත් Router එක On කරලා, ලැපත් අරගෙන ඇඳ උඩට ගියා, මලා..ඉන්ටර්නෙට් නෑ, router එකට ලොග් වෙලා බැලුවා, connecting…. කියලා තියනවා connect වෙන්නේ නෑ. ඊට පස්සෙ මොඩම් (Huawei E220) එක ගලවලා ලැපට කෙලින්ම ගැහුවා.
පස්සෙ ඔන්න customer service call කළා, ඒක ගන්න බැරිවෙන්න අමුතු IVR එකක් දාල, ඒකේ මාර පොරක් වෙන්න ඕනේ customer service contact කරන menu එක හොයාගන්න, ඔක්කොම බොරු automated system, විනාඩි කීපයක් දඟලලා ඔන්න waiting…. විනාඩි 15 විතර යනකොට ඔන්න කොලු ගැටයෙක් කතා කළා, එයත් අර මම කලින් කියපු විදියේ කෙනෙක්. මතකනේ පොස්ට් එක.
ඉන්ති මම ඇහුවා ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා, “ආ, සර්, මේක ඩිස්කනෙක්ට් කරලා නේ”, මම ඇහුවා, ඒ මොකද ඒ කියලා. “සර්ගේ credit limit පැනලා, සර්ගේ ලිමිට් එක රු.2500, ඒත් බිල රු.3266.77″ මම ඇහුවා, ආ ඉතින් හරිනේ, package එක, රු.2490 ++ TAX උනහම හරිනේ, ඉතින් ඒක මගෙ වරදක්ද?, මම over usage එකක වත්, due කීයක් වත් නෑ නේ, ඕක normal HSDPA Zoom2490 එකේ මාසෙක ගානනේ, අනික ඒක සදහා ගන්න ඩිපොසිට් එක රු.2500යි. due දවස කවදද ? “22 සර්.” එහනම් අද 10 නේ ඇයි disconnect කරේ, මේක මගෙ වරදක්ද, මගේ කිසිම due එකක් නෑ, ගිය මාසේ බිල වෙලාවට ගෙවලා තියනවා, මේක ඔයාට තේරෙන්නේ නැද්ද හැම මාසෙම 5වෙනිදා බිල හැදෙනකොට 6 වෙනිදා තියන ගාණ තමයි රු.3266.77 (රු.2490 + MSL + EFF + ECL + MBT = රු.3266.77) කියන්නේ, ඔයා ඔය කියන්නේ හැම මාසෙම 6 වෙනිදා මගේ ලයින් එක කපනවා කියලද. “සර්, usage පැනලා ඇති, මට මෙහෙන් සර්ගේ usage බලන්න බෑ” අනේ අම්මපා මුට ගන්න බැරිද මම අහන්නේ, අනික ඌට usage බලන්න බැරිනම් මටද පුලුවන්.
ගැටලුව තේරුනාද ?
Read more »
January 25th, 2009 in අනංමනං (General Information), මගේ දේවල් | 9 Comments »
මට හිතුනා පොඩි වැඩක් කරන්න ඕනේ කියලා, මොකද ගොඩක් අය මේ බ්ලොග් එක කියවනවා
ඒ වගේම ගොඩක් අය සිංහල බ්ලොග් ලියනවා, මෙන්න මේකයි වැඩේ, මම මේ වෙනකන් ලියලා තියන බ්ලොග් පොස්ට් වලින් එකකට පිලිතුරු ලිපියක් ඔබගේ බ්ලොග් අඩවියේ ලියන්න, ඒක මම ලියපු ලිපියට ලින්ක් කරන්න, නැත්නම් මට ඒක ඊමේල් කරන්න (kalinga.a [at] gmail.com) ඔව්, මේක තරගයක්, තෑගි දෙනවා
මේකෙන් ලැබෙන්නේ ? 8GB USB Flash Driver දෙකක් මම හොදම ලිපි දෙකට දෙනවා, මරු නේද ? තෝරාගන්නන හොදම ලිපි දෙක මම මගේ බ්ලොග් අඩවියේද පලකරනවා.
කොන්දේසි…. Read more »
January 8th, 2009 in අනංමනං (General Information), මගේ දේවල් | 37 Comments »
ඔබ කරන වැඩ වලින් ගොඩක් ඉන්ටර්නෙට් සම්බන්ද ද ? වැදගත් වෙන වැඩ තියනකොට ඊටවඩා අන්තර්ජාලයේ සැරිසරන්න කැමතිද ? අවේලාවේ, මගදිගට ඊමේල්, අන්තර්ජාලෙයේ සැරිසරනවාද ? දිනකට වඩා අන්තර්ජාලයට සම්බන්ද නොවී ඉන්න හැකියාවක් නැද්ද ? එහෙනම් ඔබත් මම වගේම Internethoic කෙනෙක් ! (ඒ කියන්නේ ඔය Alcoholic වගේ, අපේ බාසාවෙන් කිව්වොත් බේබද්දෙක්
) අන්තර්ජාලයට ඇබ්බැහි ඌවෙක්…. ! මේකත් ලගගදිම අලුත් ලෙඩ ලැස්තුවට ඇතුලත් වෙනවා නිසැකයි!
මම මේ ලගදි මම ගැන හිතපුවහම මටම පෙනීගියේ මම කොපමණ මේ තාක්ෂනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වෙලාද කියලා, මේක මිනිස්සුන් අලස වෙන්න තවත් දෙයක්. මීට වසර 15-20 කලින් මේවා නෑනේ.. ඉතින් යාලුවො එක්ක ඇවිදින්න යනවා, අඩුම ගානේ තමන්ගේ පව්ලේ අය සමග හරි කතා කරනවා, මේවා දැන් එන්න එන්නම් අඩුවෙලා, මිනිස්සුන්ගේ බැදීම් අන්තර්ජාලයේ chat සදහා පමණක් කොටුවෙලා, සැබෑ ජීවිතයේ යාලුවෝ අඩු වෙලා, facebook යාලුවො තමයි දැන් ගොඩ දෙනෙකුට ඉන්නේ, ආදරයත් කරන එක පවා දැන් අන්තර්ජාලයේ. එහෙම නැත්නම් phone එකේ texting ! (SMS)
Read more »
December 24th, 2008 in අනංමනං (General Information), මගේ දේවල් | 17 Comments »
මටත් ඔය ඉන්නකොට එක එක ඒචා හිතෙනවා, හික්… ඔයින් එකක් තමයි මේක… “බ්ලොග් ටීවී”. මේක මට හිතුනේ අපේ මේ මිනි බ්ලොග් මැරත්න් වලට මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා, මොකද ගිය පාර වෙබ් රේඩියෝවක් කරානේ මැරත්න් දවසේ
හික්… හික්.. සමහර අයට නම් ඇල්ලුවේ නෑ….
හරි හරි ඉතින් මේ පාරත් මොකක් හරි කරන්න ඕනේ කියලා හිතුනා…. එතකොට තමයි මට මේ මතක් උනේ අර Movie එකක් තිබුනා EdTV කියලා… ඒකේ යන්නේ එක පුද්ගලයකුගේ පැය 24ම කරන දේවල් රූපවාහිනියේ සජීවීව විකාෂය කිරීමයි.
මගේ ඒවා පැය 24ම දැම්මොත් ඉතින් දවස් 2-3කින් TV channel එක වහන්න වෙනවා
ඉතින් මත් කරා පොඩි වැඩක්
Read more »
November 30th, 2008 in අනංමනං (General Information), කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ලිනක්ස් | 3 Comments »
මෙන්න හොද ආරංචියක්….. ! Linux 2.6 kernel එක iPhone platform එකට දාලා, දැනට iPhone මත දුවන්නේ MacOS වල පොඩි (strip down) version එකක්, MacOS හැදිලා තියෙන්නේ FreeBSD Kernel එක යොදාගෙන.
මේක boot කරන්නේ openiboot කියන boot loader එක යොදාගෙන, iPhone එක මත දුවන්නේ ARM (Advanced RISC Machine) වර්ගයේ CPU එකක්, දන්නා තරමින් 620Mhz වේගයකින්. පරණ Apple පරිගනක, IBM AS/400 වගේම SUN Spark system බාවිතා කරනේ මේ RISC (Reduced instruction set computer) කියන වර්ගයේ CPU, නමුත් අපි පාවිචිකරන පරිගනක x86 CISC (Complex instruction set computer) කියන වර්ගයේ CPU තමයි, නව Mac පර්ගනකද දැන් එන්නේ x86 CPU ම තමයි.
දැනට ගොඩක් Windows Mobile බාවිතා කරනේද මේ ARM ගනයේ CPU තමයි, මීට අමතරව Intel xScale CPU ද යොදාගන්නවා, දැනට Google සමාගම විසින් නිකුත් කරපු Android කියන Mobile Phone OS එකද ලිනක්ස් kernel එකක් මත දුවන් එකකි.
Read more »
November 23rd, 2008 in අනංමනං (General Information), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල් | 28 Comments »
ඔන්න ඔය ලැප්ටොප් අපලය වගේ මට තියනවා තව ඔය පොඩි පොඩි අපල…
ඔන්න ඔයින් එකක මේ ලගදි පල දුන්නා, දන්නවානේ මම ඉතින් TV ඇබ්බැහි උන කෙනේක්, අපෝ ඔය ගොන් දේපැයයනම් නොවෙයි,
අඩු ගානේ මගේ TV එකට local TV බලන්න ඇන්ටනාවක වත් සවි කරලා නෑ, මම ඉතින් මේ දේෂීය රූපවාහිනී කාලිකා බැලීම නවතල දැනට වසර 3-4ක් වෙනවා, මේකට හේතුව ඉතින් අපේ මේ නාලිකාවල යන්නේ ඉතින් 80% විතර අනුන්ගෙන් කොපි කරපුවානේ, කොපි කියන්නේ පොටෝ කොපි, ඉතින් මේවා බලනවාට වඩා හොදයිනේ ඔරිජිනල් එකම බලන එක, මට එපාම උනේ මේ සිරස සුපර්ස්ටා වලින් තමයි, අනේ දෙයියනේ හොද දෙයක් බලා කොපි කරලා හැදුවට කමක් නෑ, අර සුපර්ස්ටා නිවේදක කමල් අර Amatrican Idol (සිරස සුපර්ස්ටා මේක තමයි කොපි කරල තියෙනේ) එකේ නිවේදක කරන Ryan Seacrest වගේම කතා කරන්න, හැසිරෙන්න දගලන දැගලිල්ල දැක්කහම මට වමනේ යන්න එනවා, අනේ ඇත්තමයි මුන්න තමන්ගේ කියලා හැකියාවක් නැද්ද අනුන්ගේ දේ කොපි කරනේ, ලංකවේ කලා කාරයෝ ගැන මට දුකයි, අර පන්ඩිත් අමරදේව, අපෙන් වෙන්ව ගිය කේමදාස වගේ මිනිස්සුන්ට මල් තියලා වදින්න ඕනේ.
Read more »
August 3rd, 2008 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) | 19 Comments »
[Read in English]
මම මේ ලගදි කල්පනා කරා කොහොමද මගේ PS2 (Play Station 2) එක Media Center එකක් කරන්නේ කියලා, ඔය MP3, DviX වගේදේවල් දුවන්න. හොයාගෙන යනකොට මේක හරි ලේසි වැඩක්. හැබැයි හැක් කරන වැඩ කරන්නනම් PS2 එක MOD Chip එකක් ඕනේ. මගේ PS2 එක කොහොමත් MOD chip (Modification Chip) එකක් දාලා තියෙන්නේ. මේකෙන් කරන්න ඇත්තටම PS2 එක එන Original protection ඉවත් කිරීමයි. ඒ කියන්නේ CD-R වල වගේ Copy කරපු ගේම් හා DRM (Digital Rights) වගේ දේවල් වලට ඇති restrictions නැතිකිරීමයි. ගොඩක් ඔය MC විකුනන්න තියන PS2 ඒවා මේ විදියට MOD Chip සවිකරපුවා තමයි, නැත්න්ම් රු.6000 වගේ මේක කරගන්න පුලුවන්.
හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේක කරන්න ඔය MOD chip සවිකරපු PS2 එකක් ඕනේ, මම මේක කරන්නේ SLIM PS2 එකක් යොදාගෙන තමයි.
Read more »