January 3rd, 2010 in කෙසේ ද ? (How To) , ලිනක්ස් , වින්ඩොස් | 25 Comments »
ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම.
ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.
Read more »
December 6th, 2008 in Video , කෙසේ ද ? (How To) , ලිනක්ස් | 8 Comments »
Here’s how to Install Sinhala Unicode Support on Kubuntu also this may work with (Ubuntu/Mint/Debian)
To View Properly You need to run this video on Full Screen.
also read the Sinhala Install help located at http://sinhala.sourceforge.net/
Read more »
November 30th, 2008 in අනංමනං (General Information) , කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් , ලිනක්ස් | 3 Comments »
මෙන්න හොද ආරංචියක්….. ! Linux 2.6 kernel එක iPhone platform එකට දාලා, දැනට iPhone මත දුවන්නේ MacOS වල පොඩි (strip down) version එකක්, MacOS හැදිලා තියෙන්නේ FreeBSD Kernel එක යොදාගෙන.
මේක boot කරන්නේ openiboot කියන boot loader එක යොදාගෙන, iPhone එක මත දුවන්නේ ARM (Advanced RISC Machine) වර්ගයේ CPU එකක්, දන්නා තරමින් 620Mhz වේගයකින්. පරණ Apple පරිගනක, IBM AS/400 වගේම SUN Spark system බාවිතා කරනේ මේ RISC (Reduced instruction set computer) කියන වර්ගයේ CPU, නමුත් අපි පාවිචිකරන පරිගනක x86 CISC (Complex instruction set computer) කියන වර්ගයේ CPU තමයි, නව Mac පර්ගනකද දැන් එන්නේ x86 CPU ම තමයි.
දැනට ගොඩක් Windows Mobile බාවිතා කරනේද මේ ARM ගනයේ CPU තමයි, මීට අමතරව Intel xScale CPU ද යොදාගන්නවා, දැනට Google සමාගම විසින් නිකුත් කරපු Android කියන Mobile Phone OS එකද ලිනක්ස් kernel එකක් මත දුවන් එකකි.
Read more »
November 29th, 2008 in ලිනක්ස් , වින්ඩොස් | 22 Comments »
මේක හැමෝටම තියන ගැටලුවක්නේ, කටියක් වින්ඩොස් සමග එන IIS (Internet Information Services) හොදයි කියනවා, කට්ටියක් Apache හොදයි කියනව, නමුත් කිසිම හේතු සාදක නොදීනේ මේවා කියන්නේ, අද මම බැලුවේ මේක ගැන තර්කාත්මකව කතා කරන්න, මොකද මම හිතනවා මේක ගැන මට කියන්න පුලුවන් තරම් මේ දෙකම බාවිතා කරල තියන පලපුරුද්ද තියනවා කියලා. මොකද මම තාමත් ඔය දෙකම බාවිතා කරනවා.
මම මේ දෙකම දැනට වසර 7-8 සිට බාවිතා කරනවා, Apache නම්, වින්ඩොස් හා ලිනක්ස් යන ඔය දෙක මත. ඔය දෙකම production environment වල තමයි බාවිතා කරල තියෙන්නේ, ඒ කියන්නේ server යක ඩොමේන් 1000-2000 පමණ තියන
මම අද කතාකරනේ IIS6 (Windows 2003) හා Apache2 ගැන තමයි, IIS7 හා Apahe2.2 ගැන වැඩිය කියන්නේ නෑ, මොකද ඒවා ගැන කියන්න තරම් මම ඒවා බාවිතා කරල නෑ.
Read more »
July 20th, 2008 in කෙසේ ද ? (How To) , ලිනක්ස් , වින්ඩොස් | 26 Comments »
[Read in English ]
මම අද කතා කරන්නේ වින්ඩෝස් මත Virtualbox කියන software එක යොදාගෙන කොහොමද තව OS එකක් හෝ කීපයක් ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මේක ගොඩක් වෙලාවට වැදගත් testing වගේම presentation වගේ දේවල් කරන විට. අනික හොඳම එක තමයි මේ software එක නොමිලේ තමයි personal usage එකට ලබාදෙන්නේ. ජර්මානු software සමාගමක් වන Innotek සමාගම තමයි මෙය මුලින්ම ආරම්භ කළේ, දැන් Sun Microsystems ආයතනය තමයි මෙය Open Source ලෙස දියුණුකර ලබාදෙන්නේ.
දැනට Windows, Linux, MAC OS and (Open)Solaris මත මෙය install කළ හැකි අතර, මෙය ආධාරයෙන් දැනට බොහෝ OS install කළ හැක. මෙන්න ලැයිස්තුව
Read more »
June 22nd, 2008 in අනංමනං (General Information) , ලිනක්ස් , වින්ඩොස් | 26 Comments »
දුකයි, ඒත් අන්තිම මට ලිනක්ස්වලට සමුදෙන්න වුණා ! මේකට හේතුව මගේ අළුත් ලැප්ටොප් එක. මොකද ඒකේ wifi හා sound card එක හරියට වෑඩකරන්නේ නෑ ලිනක්ස්වල. මම ගොඩක් උත්සාහ කළා මේක හදා ගන්න, හරි ගියේ නෑ. kubuntu හා fedora දෙකම බැලුවා. madwifi හා ndiswrapper දාලා බැලූව wifi වලට, ALSA කීප වතාවක් දැම්මා sound වලට. sound ආවත් හරි Quality එකක් නෑ…. බැරිම තැන Windows Vista දැම්මා, මොකද ලැප් එක එක්ක ආපු නිසා. ඇත්තටම ගොඩක් හොඳයි වගේ…. මේක තමයි Windows වල ඉදන් ලියන පලමු බ්ලොග් පොස්ට් එක Windows Live Writer පාව්ච්චි කරන්නත් අදහසක් තියනවා මීට පසු බ්ලොග් එක ලියන්න.
ඔබ ලිනක්ස් ලෝලියෙක් නම් මෙතනින් එහාට කියවන්න එපා
Read more »
April 26th, 2008 in කෙසේ ද ? (How To) , ලිනක්ස් | 1 Comment »
(Click Here for English Version )
මමත් දැම්මා kubuntu 8.04, මෙන්න මම දාපු හැටි.
මේක හරි ලේසියි, මුලින්ම adept Manager එක Open කර ගන්න.
Read more »
April 8th, 2008 in කෙසේ ද ? (How To) , ලිනක්ස් | 4 Comments »
අද “සු” සිංහල වෙබ් පිටුවක් දුන්නා, නමුත් එය සිංහල UNICODE (යුනිකෝඩ්) වෙබ ්පිටුවක් නොවෙයි. එක මගේ ගිනිහිවලගේ (Firefox) පෙන්නෙනැ මොකද ලිනක්ස්වල ඒ ෆොන්ට් එක නැති නිසා. මම පාවිච්චි කරන්නෙ කුබුන්තු (Kubuntu) 7.10
kubuntu කියන්නේ ubuntu ම තමයි, වෙනසකට තියනෙ, ඔය දෙක භාවිත කරන්නෙ වෙනස් ඩෙස්ක්ටොප් Interface; kubuntu භාවිත කරන්නෙ KDE නමුත් ubuntu භාවිත කරන්නෙ GNOME
මෙන්න මෙහෙම තමයි ලිනක්ස් වල ෆොන්ට් දාන්නෙ.
පළමුව, ඔබට ඕන කරන ෆොන්ට් එක හෝ ඕනේ ඔක්කොම Download කරගන්න, මේව Desktop එකට Copy කරන්න. මතක තියාගන්න එවා ttf (True Type) වෙන්න ඕනේ.
දැන් Shell එකක් විවෘත කරගන්න.
මේ විධාන (command) ඒ ආකාරයට Type කරන්න.
මෙම විධාන (command) ඇතුල් කළ විට ඔබගේ රහස් පදය (Password) ඇතුල් කරන්න කියා ඉල්ලයි, එවිට රහස්පදය ඇතුල් කරන්න.
sudo mkdir /usr/share/fonts/myfonts
“USERNAME” ඔබ පරිගණකයට ඇතුල්වන (Login) විට භාවිත කරන නම; එය “USERNAME” වෙනුවට යොදන්න.
sudo cp /home/USERNAME/Dekstop/*.ttf /usr/share/fonts/myfonts
sudo fc-cache -f
දන් Firefox වසා නැවත අරඹන්න. ඔබ සියල්ල හරියට කළානම්, ඔබට වෙබ්පිටුව බලාගන්න පුළුවන් දැන්.
ඒවගේම ඒ ස්ථාපනය (Install) කරපු ෆොන්ට්ස් ඔබට OpenOffice වැනි මෘදුකාංග (Software) සමග වුවද භාවිත කළ හැක.