January 17th, 2010 in කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් | 52 Comments »
බලමු කොහොමද කියලා iPhone 3G (OS 3.1.2) එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කියලා. මේ ඔක්කොම කරන්න කලින් iPhone එක Jailbreak ලක යුතුයි. මේ ආකාරයට සිංහල iPod Touch එකකට උවද දැමිය හැකියි. දැනට ගොඩක් ලංකාවේ තියන iPhone ඉතින් කොහොමත් Jailbreak කරපුව නිසා Jailbreak කරන කොටස අතහරින්න පුලුවන්. මගේ එක Dialog එකෙන් ගත්ත නිසා ඒක Jailbreak කරපු එකක් නොවෙයි, Retail Unlock එකක්. ඉස්සර වගේ නොවෙයි දැන් Jailbreak කරන එක හරිම ලේසියි. මේ සදහා blackra1n කියන tool එක තමයි යොදාගන්නේ.
සිංහල ෆොන්ට් එක හදන්න නම් මලින්ත හා නිකලස් තමයි මහන්සි උනේ. මුලින් අපි හැදුවේ දසුන් එක්ක ඔහුගේ MAC font එකේ සිංහල rules දාලා, නමුත් ඒක හරි ගියේ නැ, පසුව තමයි මම දැක්කේ දසුන්ගේ font එක MAC OS වල දැම්මහමත් අල කියා, නිකලස්ගේ font එක දැම්මහම වැඩ, (100% නොවෙයි) පස්සේ මලින්තට කිවුහම iPhone arialuni.ttf font එකට අපි නිකලස්ගේ ෆොන්ට් එකේ සිංහල ඇතුලත් කරලා බැලුවා ඒත් අල, පස්සේ මලින්ත නිකලස්ව සම්බන්ද කරගත්තම තමයි font rules දාන්න වෙනම විදියක් තියනවා කියලා දැනගත්තේ. (Font එක ලබාගැනීමට මට ඊමේල් එකක් එවන්න)
බලමු දැන් ඉස්සෙලා iPhone එක Jailbreak කරන විදිය, blackra1n tool එක download කරගන්න.
[UPDATE: දැනට Jailbreak කර ඇත්නම් මෙතනට යන්න]
Read more »
January 3rd, 2010 in කෙසේ ද ? (How To) , ලිනක්ස් , වින්ඩොස් | 19 Comments »
ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම.
ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.
Read more »
October 6th, 2009 in කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් | 57 Comments »
මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 ක්, මේ කියනේ hard disk නැතුව. මෙචර ගානක් දීලා මේක ගන්න එක කිසිම තේරුමක් නෑ කියලා සිතුනා.
ඔහොම හිතනකොට ආවා අදහස්ක් මගේ පරණ UPS එකක් තිබුනා, මේක ඇතුලේ NAS එකක් හදාගන්න පුරුවන්නම් මරු නේද කියලා. මොකද නියම සයිස් එක නේ, වැඩි ඉඩක් යන්නේ නෑ නේ.
නොදන්න අයට බලමු මොකද මේ NAS නොහොත් Network Attached Storage එකක් කියන්නේ කියලා, මේක හරියට Network (LAN) එකට හයි කරපු hard disk එකක් වගේ, ඕනෑම පරිගණකය සිට සම්බන්දවෙලා දත්ත copy කරන්න share කරන්න පුලුවන්. File Server එකක් වගේ, ඒත් file server කියන්නේ ටිකක් hardware ඕන, වැඩි ඉඩක් යන දේවල් නේ. NAS වල file sharing විතරක් නොවෙයි, Audio/Video Streaming කරන්න, backup කරන්න වගේම මේ හදපු එකේ Torrent උතන් download වෙන්න දාන්න පුලුවන්. ;) විදුලිය වැඩිය යන්නෙත් නෑ නේ!
Read more »
September 30th, 2009 in Software , වින්ඩොස් | 9 Comments »
Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය බාවිතා කරන්න පුලුවන්. කලින් තිබුනු Windows Defender වගේ.
September 26th, 2009 in Software , කෙසේ ද ? (How To) | 24 Comments »
අද මම කියන්න යන්නේ Techකතා වලට අපි කොමද මේ gateway එක හැදුවේ කියලා. මොකද ගොඩක් අය මේක ගැන අහන නිසා. Techකතා SMS එක ගැන කිවුවොත් හරිම සරලයි. ඒකෙන් කරනේ SMS හරහා එන පනිවුඩ එන command එක අනුව action එකක් run කිරීමහ හා Techකතා එක්ක ලියාපදිංචි අයට දැනුම්දීම් කරන්න. උදාහරනයක් ගමු අපි කෙනෙක් add කියලා type කරලා Techකතා SMS number (0714712774) එකට එවුවා කියල, එවිට Techකතා SMS system එකෙන් පලමු වචනය “add” නිසා, එවන කෙනාගේ number එකTechකතා list (Database) එකේ save කරගන්නවා. තව කෙනෙක් ask how to setup sms gateway කියලා එවුවා කියමු, එවිට පලමු වචනය ask නිසා, ask command එකට අදාල action එක වෙන්නෙ Techකතා කන්ඩායමේ question list එකට email හරහා Techකතා team එකට යවන එක.
දැන් කොහොමද් මේ SMS එන්නේ හා යන්නේ කියලා බලමු, මේ සදහා අපි යොදාගනේ normal Sony Ericsson K510 දුරකතනයක් USB cable එකක් හරහා පරිගණකයට සවිකරලා. phone එක GSM Modem එකක් හැටියට ක්‍රියාකරන්නේ. ඉතින් එන හා යන සියලු SMS මේ දුරකතන හරහා තමයි සිද්ද වෙනේ. ලොකු SMS gateway මේ සදහා අපි යොදාගනේ නෑ. Sony Ericsson එකක් යොදාගත්තේ වෙනත් ජංගම දුරකතන වල true GSM Modem එකක් එන්නේ නැති නිසා. අපි Nokia වගේ එකක් ගත්තොත් SMS receive වගේ ඒවා නෑ.
මේ සදහා SMS Gateway එකක් යොදාගන්න හැකි වුවද ඒ සදහා ලොකු මුදලක් වැය කරන්න වෙනවා, ඉතින් මේවගේ පොඩි වැඩකට මේක හොදටම ඇති කියලා අපිට පෙනුනා, එක දුර්වල කමක් තමයි SMS යවන වේගය ගොඩක් අඩුවීමයි, විනාඩියකට SMS 8-10 වගේ.
මේ තියෙන්නේ එහි block digram එක.
Read more »
September 6th, 2009 in Video , කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් , ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) | 21 Comments »
[Read This Post in English ]
අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ
Front panel එකේ Display එකක් සවිකිරීම.
Head Phone jack සවිකිරීම.
Software configuration.
පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp , මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා. නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක් (iAmpRemote ) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට.
Read more »
August 23rd, 2009 in Video , කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් , ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) , මගේ දේවල් | 26 Comments »
[Read This Post in English ]
මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.
ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා. මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500
මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.
Read more »
August 11th, 2009 in අනංමනං (General Information) , කෙසේ ද ? (How To) | 12 Comments »
රජයෙන් බලපත්‍ර ලබා ඇති ආධුනික ගුවන් විදුලි සන්නිවේදකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ කෙරෙන සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය නමින් හැඳින් වේ.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය, ගුවන් විදුලි තරංග ඹස්සේ පණිවිඞ සන්නිවේදනය කරමින් මිත්‍රත්ව ඇතිකර ගැනීම හා ගුවන් විදුලි ශිල්පය හා තාක්‍ෂණය යොදවා උපකරණ සෑදීම හා ක්‍රියා කිරීම සඳහා උපයෝගී කර ගැනේ. එය ව්‍යාපාරයක් වශයෙන් මුදල් උපයීමට හෝ හුදෙක් ලාභය තකා කරන ක්‍රියාවක් නොවේ. මෙය ස්වයං පුහුණුව, අන්තර් සන්නිවේදනය හා තාක්‍ෂණ විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රියාවලියකි.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය ලොව පතල හා ලොව පිලිගත් සේවයකි. ගුවන් විදුලි සංඥා ලබා ගැනීමට හා යැවීමට සහ අත්හදා බැලීමට ආධුනික ශිල්පීන්ට මෙය උපකාරී වේ. මෙයට අමතරව ස්වේච්ඡා සේවයක් වශයෙන් හා හදිසි ආපදා අවස්ථා වලදී ආධුනික ගූවන් විදුලි සන්නිවේදකයෝ තම සේවය මහජනතාවට ලබා දෙති.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනයේ නියැලීම සඳහා රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ එම බලපත්‍ර නිකුත් කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම මගිනි. ලොව පුරා අාධුනික ගුවන් ව්දුලි සන්නිවේදන බලපත්‍රලාභීන් මිලියන 3 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාවේ සිටින ආධුනික ගුවන් විදුලි බලපත්‍රලාභීන් ගණන 200 ක් පමණ වේ. ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ශිල්පීහු තම නිවෙස් වල සිට ලොව පුරා සිටින තවත් ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමග ගුවන් විදුලි පණිවිඩ හුවමාරු කර ගනිති. මිත්‍රත්ව ගොඩනගා ගනිති. පණිවිඩ හුවමාරුවට පරිගණක, මෝස් සඥා ක්‍රමය පවා උපකාර කර ගනිති. සමහර අවස්ථාවලදී අතේ ගෙන යා හැකි කුඩා සම්ප්‍රේෂණඋපකරණ, අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ද පණිවිඩ හුවමාරුව සඳහා උපකාර කර ගැනේ.
Read more »
August 2nd, 2009 in කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් , ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) , මගේ දේවල් | 30 Comments »
[Read This Post in English ]
දැන් කට්ටිය බලයි මේ මොකද්ද කියලා Media Center PC නොහොත් HTPC (Home Theater PC) එකක් කියනේ කියලා. ඒ තමයි තමන්ගේ Film, Music වගේ දේවල් පරිගනකයක් උපකාර කරගෙන DVR (Digital Video Recorder), DVD Player, CD Player, Radio වගේ උපකරණ වෙනුවට PC එකක් යොදාගෙන ඉහත කී උපකරණයකින් වෙන දේවල් ඊට වඩා හොදට එක Interface (මුහුණතක්) යොදාගෙන කිරීම. කලින් දවසක මම මේ HDD Media Player ගැන කතාකරා, මෙය එම උපකරණ වලට වඩා පොඩ්ඩක් ඉදිරියට යෑමක්.
දැන් කට්ටිය කියන්න පුලුවන් මමත් ඔය ඔක්කොම මගේ computer එකේ කරනවා වෙනස මොකද කියලා. වෙනස තමයි පරිගනකයේ අපි බොහෝවිට කරනේ පරිගන තිරය (Monitor) එක හා පරිගනක speakers යොදාගෙනයි, නමුත් මෙහිදී Home Theater experience (ගෙදර ෆිල්ම් හෝල්) එකක් ලැබෙනේ නෑ. HiFi system එකක් ලැබෙන ගුනාත්මක කම වගේම surround sound ලාබාගැනීම ද වැදගත්. අනික අපි පරිගනකය හසුරවන්නේ keyboard, mouse යොදාගෙන, නමුත් film එකක් බලනකොට හෝ සින්දුවක් අහනකොට හොදට වාඩි වෙලා අහන අතරේ සින්දුවක් තෝරන්න, tv channel එක මාරු කරන්න පුටුවෙන් නැගිටිනේ නැතුව කරන්න පුලුවන් විදියට තමයි මේ HTPC හදන්නේ. ඒවාගෙම අන්තර්ජාලය හරහා අපිට ලැබෙන Internet Radio, Live Video Streaming, Podcast වගේ දේවල්ද මේ හරහා අපිට රස විදින්න පුලුවන්.
අද මම කතා කරනේ අපි කොහොමද ගොඩක් අඩු මුදලකට මේවගේ HTPC එකක් හදාගනේ කියලා, TV එකක් එක්ක හා surround sound AMP එකක් එක හරියට මේවා සම්බන්ද කරන ආකාරය ගැන. හැබැයි මේක HD Video හදහා යොදාගත නොහැකියි. මොක්ද මෙහිදී බාවිතා කරනේ අඩුමිල උපකරණ නිසා.
මෙය ලිපි මාලා දෙකක් ලෙස තමයි පලවන්නේ, මේ එහි පලමු ලිපියයි.
Read more »
June 15th, 2009 in කෙසේ ද ? (How To) | 67 Comments »
ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුණ නිසා, අද හිතුණා එකක් ලියන්න ඕනේ කියලා, අද නම් දවසම කළේ නිදාගත්ත එක තමයි. ඉස්සරනම් මාසෙට පොස්ට් කීපයක් ලියනවා, දැන් කාල වේලාව පොඩ්ඩක් මදි නිසා ඒක හරියට වෙන්නේ නෑ ඉතින් අද කතාකරන්න යන්නේ GPS ගැන, මේ GPRS නම් නොවෙයි GPS කියන්නේ Global Positioning System කියන එකයි. මේකෙන් කරන්නෙ හරිම සරල දෙයක් වුවත් එහි වටිනාකම හරිම වැදගත්. GPS උපකරණයකින් කරන්නේ තමන් ඉන්න තැන හරියටම අක්ෂාංශ හා දේශාංශ ලබාදීමයි. සරලම GPS එක මේකයි, දැන් GPS බොහෝමයක map එකක්ද එනවා, ඒ නිසා තමන් සිටින ස්ථානය වගේම අවට දේවල්ද මැප් එකෙන් පෙන්වනවා. පිට රටවලනම් වාහනවල navigation system එකක් එනවා, මේකෙන් කරන්නේ ඉන්න ස්ථානය, යන්න හදන තැනට ඇති කෙටිම පාර වගේම යන විට හැරෙන්න ඕන තැන් පවා කටහඬකින් කියනවා.
දැන් GPS එක හරිම සුලභ භාණ්ඩයක් වෙලා, ගොඩක් ජංගම දුරකථනවල පවා මෙය එනවා. ඉතින් ජංගම දුරකථනයට google maps වගේ දාගත්තා නම් ලංකාවේ බොහෝ මාර්ග එහි තිබෙනවා. ඒවගේම පාරක් හෝ නොදන්න ස්ථානයක් තිබෙනවා නම් ඒක search කර වුවද සොයාගන්න පුළුවන්. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ iPhone එකක google maps හරහා ස්ථානයක් search කළ විට දිස්වෙන ආකාරය.
Read more »
May 6th, 2009 in Software , කෙසේ ද ? (How To) , වින්ඩොස් | 31 Comments »
දන්නවනේ මැයි 1වෙනිදා Microsoft සමාගම Windows 7 RC (Release Candidate) නිකුත් කරා, මේක ඕනෑම කෙනෙකුට මැයි 5 වෙනිදා ඉදන් download කරන්න ලබාදෙනවා නොමිලේ (2.45GB DVD Image, ISO), කෙටි කාලයකදී මේ download කිරීමද දෙන එක ඔවුන් විසින් නවත්වන්න පුලුවන්. එම නිසා ඉක්කමට මේක download කරගන්න. download කිරීමට ලියාපදිංචි වීමේදී ම ඔබට Windows 7 RC සදහා serial එකක් ද ඔවුන් ලබා දෙනවා, ඔබට ඕනෑම නම් පරණ Windows 7 beta හිදී ගත්ත serial එක උවද බාවිතා කරන්න පුලුවන්. Windows 7 RC එක build 7100 (සැකසුමක්) ලෙස තමයි එළි දකිනේ, Windows 7 beta තිබුනේ 7000 build එකක් ලෙසයි. Windows 7 RC එක ඔබට වසරක් පුරා නොමිලේ බාවිතාකරනත් පුලුවන්. ඒකත් හොද දෙයක් නේ මේ හොර කොපි වින්ඩොස් බාවිතා කරනවාට වඩා. මේ අය මේ Windows 7 RC ලෙස දෙන්නේ Windows 7 Ultimate කියන edition එක.
Read more »
January 18th, 2009 in අනංමනං (General Information) , කෙසේ ද ? (How To) | 167 Comments »
හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ.
මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ.
Read more »
December 17th, 2008 in Software , Video , කෙසේ ද ? (How To) , මැක් | 16 Comments »
MAC (Apple) පරිගණක කිව්වහම නිකන් කෙනෙකුට ගන්න පුළුවන් මිලක් නෙවෙයි නේ කියන්නේ, PC 2-3 ගන්න පුළුවන් MAC එක පරිගණකයක් ගන්න මුදලින්, නමුත් මේක වෙනස් උනේ Apple විසින් MAC පරිගණක හදහා යොදාගත් PowerPC නවතා x86 Intel (Power PC CPU කියන්නේ RISC – Reduced instruction set computer කියන අඩිතාලම (architecture) මත දුවන ඒවා, අපි පාවිචිකරන Intel පරිගණක CISC – Complex instruction set computer වල x86 කින වර්ගයේ ඒවා ) CPU යොදාගන්න ආරම්බ කරපුවායෙන් පසුව, ඒත් තවමත් මැක් පරිගණක මිලෙන් ටිකක් අධිකයි.
මේ GUI කියන හා Mouse කියන දේ මුලින්ම ගෙනාවේ මේ මැකින්ටොෂ් පරිගණක තමයි, ඒ කාලේ හැදින්වුයේ Apple Macintosh කියල තමයි. ඉතින් මේ මැක් OS x86 වල ධාවනය වෙන්න හදපු දා ඉදන් කට්ටිය බැලුවා මේවා normal PC එකක දාන්න, මොක්ද මැක් අය හරිම අකමැතියි අනුන්ගේ hardware මත MAC OS එක ධාවනය කරනවාට, මේ අය උත්සාහ කරන්න තමන්ගේ hardware විකුන ගන්න තමයි. පේනවානේ ඔය iPhone, iPod අඩුගානේ බැටරිය වත් ගලවන්න බෑ, මුල් කාලේ ආපු මැක් පරිගණක වල HDD එක පවා solder (පාස්සලා) තිබුනේ.
Read more »
December 6th, 2008 in Video , කෙසේ ද ? (How To) , ලිනක්ස් | 8 Comments »
Here’s how to Install Sinhala Unicode Support on Kubuntu also this may work with (Ubuntu/Mint/Debian)
To View Properly You need to run this video on Full Screen.
also read the Sinhala Install help located at http://sinhala.sourceforge.net/
Read more »
November 30th, 2008 in අනංමනං (General Information) , කෙසේ ද ? (How To) , ගැජමැට්ක්ස් , ලිනක්ස් | 3 Comments »
මෙන්න හොද ආරංචියක්….. ! Linux 2.6 kernel එක iPhone platform එකට දාලා, දැනට iPhone මත දුවන්නේ MacOS වල පොඩි (strip down) version එකක්, MacOS හැදිලා තියෙන්නේ FreeBSD Kernel එක යොදාගෙන.
මේක boot කරන්නේ openiboot කියන boot loader එක යොදාගෙන, iPhone එක මත දුවන්නේ ARM (Advanced RISC Machine) වර්ගයේ CPU එකක්, දන්නා තරමින් 620Mhz වේගයකින්. පරණ Apple පරිගනක, IBM AS/400 වගේම SUN Spark system බාවිතා කරනේ මේ RISC (Reduced instruction set computer) කියන වර්ගයේ CPU, නමුත් අපි පාවිචිකරන පරිගනක x86 CISC (Complex instruction set computer) කියන වර්ගයේ CPU තමයි, නව Mac පර්ගනකද දැන් එන්නේ x86 CPU ම තමයි.
දැනට ගොඩක් Windows Mobile බාවිතා කරනේද මේ ARM ගනයේ CPU තමයි, මීට අමතරව Intel xScale CPU ද යොදාගන්නවා, දැනට Google සමාගම විසින් නිකුත් කරපු Android කියන Mobile Phone OS එකද ලිනක්ස් kernel එකක් මත දුවන් එකකි.
Read more »