No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Archive for the ‘ගෙදර ෆිල්ම් හෝල් (Home Theater)’ Category

Media Center එකක් සෑදීම – 3වෙනි කොටස (VFD Display + Software)

[Read This Post in English]

අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා,  තුන්වන කොටසේ කතාකරන්න යන්නේ

  1. Front panel එකේ Display එකක් සවිකිරීම.
  2. Head Phone jack සවිකිරීම.
  3. Software configuration.

පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp, මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා.  නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක්  (iAmpRemote) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට.

Read more »

Share

Media Center එකක් සෑදීම – 2වෙනි කොටස (DIY Casing)

[Read This Post in English]

මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.

ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා. 🙂 මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500 😀

cdp-950

මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.

Read more »

Share

Media Center එකක් සෑදීම – 1වෙනි කොටස

[Read This Post in English]

දැන් කට්ටිය බලයි මේ මොකද්ද කියලා Media Center PC නොහොත් HTPC (Home Theater PC) එකක් කියනේ කියලා. ඒ තමයි තමන්ගේ Film, Music වගේ දේවල් පරිගනකයක් උපකාර කරගෙන DVR (Digital Video Recorder), DVD Player, CD Player, Radio වගේ උපකරණ වෙනුවට PC එකක් යොදාගෙන ඉහත කී උපකරණයකින් වෙන දේවල් ඊට වඩා හොදට එක Interface (මුහුණතක්) යොදාගෙන කිරීම.  කලින් දවසක මම මේ HDD Media Player ගැන කතාකරා, මෙය එම උපකරණ වලට වඩා පොඩ්ඩක් ඉදිරියට යෑමක්.

දැන් කට්ටිය කියන්න පුලුවන් මමත් ඔය ඔක්කොම මගේ computer එකේ කරනවා වෙනස මොකද කියලා. වෙනස තමයි පරිගනකයේ අපි බොහෝවිට කරනේ පරිගන තිරය (Monitor) එක හා පරිගනක speakers යොදාගෙනයි, නමුත් මෙහිදී Home Theater experience (ගෙදර ෆිල්ම් හෝල්) එකක් ලැබෙනේ නෑ. HiFi system එකක් ලැබෙන ගුනාත්මක කම වගේම surround sound ලාබාගැනීම ද වැදගත්. අනික අපි පරිගනකය හසුරවන්නේ keyboard, mouse යොදාගෙන, නමුත් film එකක් බලනකොට හෝ සින්දුවක් අහනකොට හොදට වාඩි වෙලා අහන අතරේ සින්දුවක් තෝරන්න, tv channel එක මාරු කරන්න පුටුවෙන් නැගිටිනේ නැතුව කරන්න පුලුවන් විදියට තමයි මේ HTPC හදන්නේ. ඒවාගෙම අන්තර්ජාලය හරහා අපිට ලැබෙන Internet Radio, Live Video Streaming, Podcast වගේ දේවල්ද මේ හරහා අපිට රස විදින්න පුලුවන්.

අද මම කතා කරනේ අපි කොහොමද ගොඩක් අඩු මුදලකට මේවගේ HTPC එකක් හදාගනේ කියලා, TV එකක් එක්ක හා surround sound AMP එකක් එක හරියට මේවා සම්බන්ද කරන ආකාරය ගැන. හැබැයි මේක HD Video හදහා යොදාගත නොහැකියි. මොක්ද මෙහිදී බාවිතා කරනේ අඩුමිල උපකරණ නිසා.

මෙය ලිපි මාලා දෙකක් ලෙස තමයි පලවන්නේ, මේ එහි පලමු ලිපියයි.

Read more »

Share

Kalinga goes from High-Definition to No-Definition

ඔන්න ඔය ලැප්ටොප් අපලය වගේ මට තියනවා තව ඔය පොඩි පොඩි අපල… 🙂 ඔන්න ඔයින් එකක මේ ලගදි පල දුන්නා, දන්නවානේ මම ඉතින් TV ඇබ්බැහි උන කෙනේක්, අපෝ ඔය ගොන් දේපැයයනම් නොවෙයි, 😀 අඩු ගානේ මගේ TV එකට local TV බලන්න ඇන්ටනාවක වත් සවි කරලා නෑ, මම ඉතින් මේ දේෂීය රූපවාහිනී කාලිකා බැලීම නවතල දැනට වසර 3-4ක් වෙනවා, මේකට හේතුව ඉතින් අපේ මේ නාලිකාවල යන්නේ ඉතින් 80% විතර අනුන්ගෙන් කොපි කරපුවානේ, කොපි කියන්නේ පොටෝ කොපි, ඉතින් මේවා බලනවාට වඩා හොදයිනේ ඔරිජිනල් එකම බලන එක, මට එපාම උනේ මේ සිරස සුපර්ස්ටා වලින් තමයි, අනේ දෙයියනේ හොද දෙයක් බලා කොපි කරලා හැදුවට කමක් නෑ, අර සුපර්ස්ටා නිවේදක කමල් අර Amatrican Idol (සිරස සුපර්ස්ටා මේක තමයි කොපි කරල තියෙනේ) එකේ නිවේදක කරන Ryan Seacrest වගේම කතා කරන්න, හැසිරෙන්න දගලන දැගලිල්ල දැක්කහම මට වමනේ යන්න එනවා, අනේ ඇත්තමයි මුන්න තමන්ගේ කියලා හැකියාවක් නැද්ද අනුන්ගේ දේ කොපි කරනේ, ලංකවේ කලා කාරයෝ ගැන මට දුකයි, අර පන්ඩිත් අමරදේව, අපෙන් වෙන්ව ගිය කේමදාස වගේ මිනිස්සුන්ට මල් තියලා වදින්න ඕනේ.

Read more »

Share

How to turn your PS2 (Play Station 2) in to a Media Center

[Read in English]

මම මේ ලගදි කල්පනා කරා කොහොමද මගේ PS2 (Play Station 2) එක Media Center එකක් කරන්නේ කියලා, ඔය MP3, DviX වගේදේවල් දුවන්න. හොයාගෙන යනකොට මේක හරි ලේසි වැඩක්. හැබැයි හැක් කරන වැඩ කරන්නනම් PS2 එක MOD Chip එකක් ඕනේ. මගේ PS2 එක කොහොමත් MOD chip (Modification Chip) එකක් දාලා තියෙන්නේ. මේකෙන් කරන්න ඇත්තටම PS2 එක එන Original protection ඉවත් කිරීමයි. ඒ කියන්නේ CD-R වල වගේ Copy කරපු ගේම් හා DRM (Digital Rights) වගේ දේවල් වලට ඇති restrictions නැතිකිරීමයි. ගොඩක් ඔය MC විකුනන්න තියන PS2 ඒවා මේ විදියට MOD Chip සවිකරපුවා තමයි, නැත්න්ම් රු.6000 වගේ මේක කරගන්න පුලුවන්.

හරි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න මේක කරන්න ඔය MOD chip සවිකරපු PS2 එකක් ඕනේ, මම මේක කරන්නේ SLIM PS2 එකක් යොදාගෙන තමයි.

Read more »

Share

HDTV & SDTV ? මොනවද මේ ?

මොනවද මේ HDTV 1080i, TrueHD කියලා මේ විකුණන්නේ ? අපිට මේවා වැඩක් තියනවාද ලංකාවේ ඉන්න අය හැටියට ? අපිට මේ කියන HDTV රසවිඳින්න ඇත්ත්‍ටම පුළුවන්ද ?

HDTV කියන්නේ High-definition television කියන අදහසයි. හැබැයි HDTV කියන්නේ මේ LCD/Plasma TV වලට නම් නොවෙයි, මේවාත් HD නැතුව හෝ Near HD (720p) වශයෙන් තියෙන්න පුළුවන්. ලංකාවේ සිට HDTV රස විඳින්න පුළුවන්ද ? කෙලින්ම කිව්වොත් බෑ ! ලංකාවේ කිසිම Satellite හෝ analog TV Broadcasting හා DVB-T එකක් වත් HD TV signal එකක් විකාශය කරන්නේ නෑ. අපිට දැක ගන්න ලැබෙන්නේ මේ SDTV (Standard-definition) කියන ඒවා තමයි. නමුත් අපිට HDTV රසවිඳින්න බැරිම නෑ.

Read more »

Share

HDD Media Players

අද මේ digital media ලෝකේ හරිම අමාරු දෙයක් තමයි මේ digital media manage කරන එක. මොකද මගේ ගාවම mp3, divx mpg, wmv, etc තියනවා 500GB වලට වඩා, කොහොමද මේ ඔක්කොම පාවිච්චි කරන්නේ ? ගොඩක් අය ඉතින් computer එකේ තමයි. ඒත් මටනම් ඒක මහ කරදරයක්… රෑට නිදාගන්න ගමන් සින්දුවක් අගන්න computer එක දාගෙන නිදාගන්න එක මහ අපරාධයක්, ipod නම්, ආයේ තමන් කැමති එක computer එකෙන් ipod copy කර කර ඉන්න එපැයි. ඔය ඔක්කොටම වඩා මට මේවා මගේ home theater එකට දාගන්නත් ඕනේ, මේක ඔය ipod වලින් කරන්න බෑ, අනික මට film වගේ ඒවා 5.1 sound system එකේන්ම බලන්නත් ඕනේ… ඔය ඔක්කොටම පිලිතුරක් මට හම්බ වුණා.

Read more »

Share

සබ්වුෆර් (Subwoofers)

=========================================================

Original Post can be found at http://blog.malinthe.com/2008/05/03/subwoofers/

=========================================================

හැමෝටම ආයුබෝවන්…. මගෙ නම කාලිංග. අද මගේ “ගෙදර ෆිල්ම් හෝල්” කියන ලිප ිමාලාවේ තවත් ලිපියක් ලියන්නේ අපේ මලින්ත මලයාගේ ආරාධනයක් පිට ඔහුගේ බ්ලොග් එකේ. මම මේ ඇරයුම කිරීම ගැන ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට මේක ලොකු ආඩම්බරයක්, සිංහල Unicode බ්ලොග් එකක් පළමුව ලිව්වේ අපේ මේ මලින්ත තමයි. මම වගේ බ්ලොග් කරණයට අතදරුවෙකුට මේවගේ අවස්ථාවක් දීම ගැන ගොඩක් සතුටුයි.

හරි… දැන් බටර් ගෑම අවසන් 😀 අද මම කතා කරන්න යන්නේ මේ Subwoofer (සබ් වුෆර්) ගැන. ඒකියන්නේ ඔය 2.1 4.1 5.1 etc ස්පිකර් system වල .1 ගැන.

Read more »

Share

ස්පීකර් (බෆල්) නොහොත් Loudspeakers

මෙන්න මම හිතන්නේ ගොඩක් කට්ටිය කැමති දෙයක්…. අපේ අයගේ බාසාවෙන් කිව්වොත් “බෆල්” !! අර පිටකොටුවේ ගොඩ ගහලා කන් පැලෙන්න දාල තියේන්නේ. මට වෙලාවකට මටම දුක හිතෙනවා අපේ අය මේ Quality කියන්නේ කන පැලෙන්න සද්දෙ හා පපුව හෙල්ලෙන්න Bass තියන එක කියලා… සමහරු Treble වලට ආසයි, ඉතින් ඉවක් බවක් නැතුව ඔය Piezo Tweeters හයිකරලා දානව අහල පහල ඉන්න බැරි ගානට. මේකද මේ Sound Quality කියන්නේ, ඕවා කන පැලෙන්න ඇසුනු තරමට; මේ Output Power (Watts) වැඩි වුණ තරමට ද මේ Sound Quality කියන්නේ ? හපොයි නෑ ! 😀

Sound Quality කියන දේත් එක එක්කෙනා ගේ රසය අනුව වෙනස් වෙනවා… ඒත් මේවා මොකක් වුණත්, කාට වුණත් හොඳ Sound එකක් ඇහුණාම ආ… ඒකේ Sound එකනම් මාර Quality කියනවා, Sound Quality කියන්නේ ඇත්තටම සැම සංගීත භාණ්ඩයක්ම ඒ අකරයෙන් ඇසෙනවනම් හා එක එක සංගීත භාණ්ඩය වෙන වෙනම ගෝසාවකින් තොරව හඳුණාගත හැකිවිය යුතුයි හා කනට අමිහිරි නොවිය යුතුයි. මේ දේ කිරීමට හොඳ ස්පිකර් අවශ්‍යයි. 20Hz සිට 20,000Hz දක්වා හැම Frequency එකක් ම එකම ආකරයෙන් ප්‍රතිවාදනය විය යුතුයි. (20 – 20,000Hz Frequency Response), 20-20,000Hz කියන්නේ මිනිහෙකුගේ ඇසෙන ශබ්ද පරාසයයි. (මෙය වයස අනුව වෙනස් වෙනවා)

දැන් අපි බලමු මේ ස්පිකර් එකක් වැඩකරන්නේ කොහොමද කියලා.

පළමුව ඉලෙක්ට්‍රිකල් ස්පිකරය හැදුවේ Alexander Graham Bell (ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්) ඔහු නිපද වු දුරකථනයේ කොටසක් ලෙස 1876 දීය, නමුත් අප දැන් භාවිත කරන Moving Coil ස්පීකරය නිපදෙව්වේ Oliver Lodge විසින් 1898 දීය. හරි , හරි, ඉතිහාසය පාඩම අවසානයි ! 😛

above Image Copyright how stuff works.

ඔබට ඔය පෙනෙන්නේ ස්පීරයක පැතිකඩකි. විදුලිය Voice Coil එකට එන වෙනස්කම් අනුව Voice Coil එක ඉහළ හා පහළට චලනය වෙයි, Voice Coil එකක් කියන්නේ, කම්බියක් රවුමට බටයක් මත ඔතා ඇති කම්බි දඟරයකි, අපි දන්නවා යකඩයක් මත දඟරයක් ලෙස කම්බියක් ඔතා එයට විදුලිය දුන් විට එය කාන්දමක් (චුම්බකයක් – Magnet) බවට පත්වන බව. මෙම බටය කාන්දමක් තුළ නිදහසේ චලනය වීමට හැකි ලෙස දමා ඇත. මේ චලනය අනුව Diaphragm (Speaker Cone) එක චලනය වෙයි, විදුලියේ ඇති Frequency එක අනුව වලනය වන නිසා එම ශබ්ද අපට ඒ ආකාරයෙන් ඇසෙයි.

එක ස්පිකරයට මේ 20 – 20,000Hz දක්වා සියලුම Frequency ජනනය කල හැකිද ?

ඇත්තටම මෙය ගොඩක් දේ මත රඳා පවතිනවා, මුල් අවදියේදී ඇත්තටම කළේ මේ දෙය තමයි, “Full Range (සියලු පරාස) Speakers” කියා කියන්නේ මේවට තමයි, ගොඩක් විට ඔය ඔබගේ TV එකේ, පරිගණකයේ ස්පිකර්වල තියෙන්නේ තනි Full Range Speakers එකක් තමයි. නමුත් ස්පිකරයේ ප්‍රමාණය මත ශබ්දයේ ඉහළ හා පහළ Frequencyවලට ඇති සංවේදීතාව වෙනස් වෙනවා. (මෙයට තව දේවල් බලපානවා) ස්පීකරය ලොකුවන විට එය ගොඩක් පහළ Frequency (Bass) ද කුඩාවන විට ඉහළ Frequency (Treble) වැඩියෙන් සංවේදී වෙනවා, මේනිසා අපට ඇසෙන ශබ්ද වෙනස් වෙනවා.

ම්ට අමතරව සියලුම Frequency වලට Voice Coil එක හා Diaphragm එක එකම අවස්ථාවන් හිදී චලනය වන්න උත්සහ කරන නිසා සමහර Frequency (ශබ්ද පරාස) නොඇසෙන්න හෝ විකෘති වන්නට පුළුවන්.

මෙය මගහරවා ගන්න තමයි ඔය 2-Way, 3-Way 4-Way ආදී වශයෙන් ස්පිකර් පද්ධති (Speaker System) නිපදවන්නේ.

2-Way, 3-Way 4-Way ආදී ස්පිකර් පද්ධති ?

මේය ඇත්තටම කර ඇත්තේ එක එක Frequency පරාසයන්ට සංවේදී ස්පිරක කීපයක් එකට පෙට්ටියකට සවි කිරීමයි. මෙහිදී මම ඉහත කී ගොඩක් අඩුපාඩු මගහැරෙනවා.

X-Way යනු ස්පිකර/Frequency පරාසයන් කීයකට බෙදෙනවාද යන්නයි.

උදා: 3-‌Way ස්පීකර් පද්ධතියකින් කරන්නේ 20-20,000Hz යන Frequency පරාසය පහළ මධ්‍යම හා ඉහළ තුන් (Low = Bass, Mid, High=Treble) ආකාරයට බෙදා, ඒ සඳහාම වි‍ශේෂයෙන් සාදන ලද ස්පිකර තුනකට ලබාදීමයි.

පහළ (Low) Frequency වලට භාවිත කරන ස්පිකර සදහා woofer කියා කියනවා, පහළ Frequency ගොඩක් එන්නේ Drums, Base Guitars වගේ ඒවායේ ශබ්දය, මධ්‍යම (Mid) Frequency වලට භාවිත කරන ස්පිකර සදහා mid-rangers කියා කියනවා, මධ්‍යම Frequency ගොඩක් එන්නේ කටහඬ, Organs, Saxophone වගේ ඒවාගේ ශබ්දය, ඉහළ (High) Frequency වලට භාවිත කරන ස්පිකර සඳහා Tweeters කියා කියනවා, ඉහළ Frequency ගොඩක් එන්නේ symbols, high-hats වගේ ඒවාගේ ශබ්දය,

* 2-‌Way ස්පිකර් පද්ධතියක Frequency බෙදා ඇති ආකරය.

මේ හැම ස්පිකරයක්ම හොඳින් සංවේදී Frequency පරාසයක් තියනවා, ඇත්තටම දුකයි, ලංකාවේ නම් ස්පිකර විකුණන කෙනාවත් මෙය දන්නේ නෑ, මොකද අපි ස්පිකර් පද්ධතියක් සාදනවානම්, හරියට මුළු Frequency පරාසයම ආවරණය කරන අකාරයට සැකසිය යුතුය.

ඔය කියන විදියට ස්පිකර ට්ක එකට ඇමුණුවහම පෙට්ටියක් (Enclosure/Cabinet) හරිද ?

හපොයි නෑ, 😀 මම කලින් කිවා මෙන් Frequency බෙදීම කළ යුතුයි, නැතිනම් High Frequency වලට සකසා ඇති Tweeter එකට වෙන Frequency ගිය විට ශබ්දය විකෘති වෙනවා. මෙය අනිත් ස්පීකරවලටද එසේමයි. එය සාදා ඇති Frequencyයකට වඩා වෙනත් Frequency එකක් ගියොත් ශබ්දය විකෘති වෙනවා. මෙය කිරීමට Crossover එකක් භාවිත කරනවා. බොහොමයක් උදවිය හා Crossover සාදන්නන් High, Mid Frequency වෙන් කර එක එක ස්පිකරය වෙත යැව්වද Low Frequency සඳහා ඇති Woofer එක කෙලින්ම සවිකරනවා, මෙයත් ලොකු වරදක්.

* Crossover එකක්.

ස්පිකර පෙට්ටියක් (Enclosure/Cabinet) ඇත්තටම මොකටද ?

එකක් තමයි ඔය ඔකොම ස්පිකර හරියට සවිකිරීමට, නමුත් ශබ්දයට ලොකු වෙනසක් මෙයින් වෙනවා, ගොඩක් Low Frequency වලට මෙම පෙට්ටියේ ප්‍රමාණය (Volume) හා වෙනත් දේ මත රඳා පවතිනවා. හදන්නන් වාලේ තමයි ඔය ලංකාවේ අයනම් මේක කරන්නේ, නමුත් මේ සඳහා ගණනය කිරීම් වගේ දේවල් කළ යුතුයි. නිවැරදි Frequency ලැබෙන ආකාරයට, ඔබ හොඳ Woofer මිලදී ගන්නවානම් ගොඩක් විට ඒ සඳහා අවශ්ය පෙට්ටිය ප්‍රමාණය පිළිබඳ විස්තර ඇත. මෙය ලංකාවේ නම් බලාපොරොත්තු විය නොහැක.

හරි තව මොනවද තියෙන්නේ ?

තව දෙයක් තමයි කොච්චර හොඳ ස්පිකර පද්ධතියක් තිබුණත් හොඳ Sound System එකක් නැතුව වැඩක් නෑ, අනික තමයි ස්පිකර් තබා ඇති තැන්, කමරයේ ප්‍රමාණය හා එහි ඇති භාන්ඩ වගේම ඔබ සිටින ස්ථානයද Sound Quality එකට බලපානවා.

මේකොක තිබුනත් හොද කන් දෙකකුත් ඕනේ වෙනවා………… 😛

Share

Surround Sound (වටේට ශබ්ද)

මෙන්න මගේ තවත් සාක්කුවට අපල විනෝදාංශයක්. 😉

Surround Sound කියන්නෙ ඔය ඔබ MC, Savoy වාගේ ඒවගෙ වටේට ස්පිකර් හයි කරල තිබෙන්නෙ ෆිල්ම් බලන්න ගියහම. මේ වචනයේ තේරුම නම් අසන්නා වටකර ඇති ශබ්ද යන්නයි. මේකට තවත් විදියකින් කිව්වොත් Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නත් පුළුවන්.

Multi Channel Audio (බහු නාලිකා ශබ්ද) කියා කියන්නෙ ඔබ ඔය ගෙදර අහන CD/Radio වගේ ඒවට නොවෙයි, ඒවට කියන්නෙ “Stereo” (ද්විත්ව නාලිකා ‍ශබ්ද) Sound කියායි, ඒවායේ තියෙන්නෙ ශබ්ද නාලිකා දෙකක් පමණයි. වම සහ දකුණ වශයෙන්. (වම හා දකුණෙන් ස්පිකර් දෙකක්) බහු නාලිකා ශබ්ද යන අර්ථයෙන්ම තේරෙනවා මේ කියන්නෙ මොකද්ද කියල. ශබ්ද නාලිකා දෙකකකට වඩා ඇති ඒවට අපි බහු නාලිකා ශබ්ද කියා කියනවා.

Surround Sound ඇත්තටම ගොඩක් භාවිත කරන්නෙ Film (චිත්රපට) සඳහා, ඔබ දැක ඇති ඔය Film පොස්ටර්වල එහම ඔය DTS, Dolby Surround, THX යන වචන ලියා තියෙනවා. මේ වචනවලින් කියන්නෙ ඔය චිත්රපටය සදහා භාවිත කර ඇති Surround Sound ක්‍රමයයි. (THX යනු Surround Sound ශබ්ද ක්‍රමයක් ම නෙවෙයි, එය ගැන පසුව කියන්නම්)

මොකටද මේ Surround Sound උවමනා වෙන්නේ ?, එකක් තමයි අපි ඔය ෆිල්මි බලන්න ලොකු තිරයක් ඕනේ වගේ එහි පෙනෙන රුපවලට ගැලපෙන ශබ්ද අවශ්‍යයි. නිකන්ම නිකන් කන පැලෙන්න නෙවෙයි, රුපයෙන් පෙනන දේ පණ ගන්වන්න අපි එතැන සිටියා මෙන් අපට හැගෙන්න තමයි ඔය Surround Sound උවමනා. ඔය ස්පිකර ටිකක් ව‍ෙට්ට තියගත්ත පමණින් මෙය කළ නොහැක. මතක ඇතිනෙ ඔය Jurassic Park බලන්න ගිය කට්ටිය කියපුව එහි ශබ්ද ගැන, අන්න ඒක කරන්න තමයි මේ Surround Sound ඕනේ. කොටින්ම කිව්වොත්, වාහනයක් ඉදිරියේ සිට පසුපසට ගියොත් එය ඒ ආකාරයෙන් ඇසිය යුතුයි.

Surround Sound ඉතිහාසය.

(1) 3.0 Dolby Surround

(2) 4.0 Quadraphonic

(3) 4.0 Dolby Pro Logic

(4) 5.1 Dolby Pro Logic II

(5) 5.1 Dolby Digital, DTS, SDDS

(6) 6.1 Dolby Pro Logic IIx

(7) 6.1 Dolby Digital EX, DTS-ES

(8) 7.1 Dolby Digital Plus, DTS-HD, Dolby TrueHD

දැන් මේ මොකද කියල තවත් ප්‍රශ්නයක්, 5.1, 6.1 කියන්නෙ, ඕකෙ තේරුම තමයි, ස්පිකර 5යි, Sub Woofer යයි, කියන එක, 6.1 කිව්වොත් ස්පිකර 6යි, Sub Woofer යයි, .1 කියන්න් Sub Woofer එකක. (low-frequency effects channel – LFE) Sub Woofer එකක් කියනෙ ශබ්දයෙ පහළ සංක්‍යාතය (10-200Hz) ශබ්ද පමණක් නිෂ්පාදනය කරන ස්පිකර් එකක්.

ඔය ඉහළ ඇති 1 සිට 4 හා 6 යන සියලු Analog 2 වැනල් ඉන්පුට් වෙයි. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) ඒක් ඇත්තේ ශබ්ද නාලිකා 2ක් පමණි, VHS, VCD වැනි මාධ්‍යවල. නමුත් Surround Sound Processor එක මගින් මෙය Surround Sound (බහු නාලිකා ශබ්ද) ලෙස පරිවර්තනය කරනවා. Surround Sound Processor බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය.

ඔය ඉහළ ඇති 7 සිට 8 හා 5 යන සියලු Digital Multi Channel Audio වේ. මම මෙයින් අදහස් කරන්නෙ recoded media (පටිගත කරන මාධ්‍ය) තුළම ශබ්ද නාලිකා 5කට වැඩි ගණනක් Digital ක්‍රමයට පටිගත කර ඇත. DVD, HD-DVD, Blueray වගේ මාධ්‍යවල. නමුත් මේ සඳහා ද Surround Sound Processor අවශ්‍යයි. බොහෝවිට ඇත්තේ මේ Surround Sound Amplifier එක තුළමය, සමහර DVD ධාවකයන් තුළද මෙය පිහිටා තිබිය හැක. මෙවිට 5.1 Ready Amplifier එකකට කෙලින්ම සම්බන්ධ කළ හැක, නැතිනම් DVD ධාවකයේ සිට Digital සම්බන්ධතාවයක් හරහා ඔබගේ Surround Sound Amplifier ට සම්බන්ධ කළ යුතුය.

6.1                                                    7.1

දැනට බො‍හා් පරිගනකවල Sound Card, 5.1 හෝ එයට වැඩි නාලිකා ඇත, මෙයට ඔබට ඔය 5.1 හෝ වැඩි ස්පිකර සවිකර රසවිදිය හැක. මේ සදහා PowerDVD Multi Channel Pack වැනි මෘදුකාංගයක් අවශවේ. ඔබට DTS වලට තවත් DTS Decoding මෘදුකාංග අවශ්‍යයි. මෙයද වෙනම හෝ එකට PowerDVD වැනි මෘදුකාංග සමග එයි.

DVD දාවකයක පිටුපස 5.1 Output

Surround Sound ක්‍රම සපයන ප්‍රධාන සමාගම් දෙකක් ඇත, එකක් Dolby Laboratories, Inc (Dolby); ඔය පාරක් පාරක් ගානෙ රෙකෝඩ්බාර් කාරයින් ගසාගන සිටින්නෙ “Dolby ක්‍රමයට පටිගත කරනවා” කියා; පුලුවන්නම් අහන්න ඔය මොකද්ද කියා. ඒකනම් මම මේ කියන Surround Sound ක්‍රමයක නෙවෙයි. එය Dolby අය විසින් කැසට්‍පටවල Noise (ස් ස් ගා ඇසෙන ශබ්දය හා වෙනත් අනවශ්‍ය ශබ්ද) වලකන්න හදපු එකක්, එය Dolby Noise Reduction A, B, C, SR, S වශයෙන් ඇත. අනිත් එක DTS, Inc කියන ‌සමාගම වේ.

ආ.. මේ THX කියන්නෙ මොකද්ද කිවෙ නැනෙ. මේක ඇවිත් Audio Video ගුණාත්මක (Quality Standard) බව සහතික කරන සහතිකයක්. මේය ෆිල්ම්වලට වගේම Audio/Video Equipment වලටත් දෙනවා, හරියට ඔය ISO, SLS වගේ.

දැනට එපමණයි, පසුව මේ එක එක ගැන විස්තරාත්මකව ලියන්නම්.

Share

Hi-Fi

මේක මගේ තව කැමති දෙයක්; නමුත් මේවගේ ඒවා සාක්කුවට ගොඩක් අපල දෙන දේවල් 😉 මොනව වුණත් මේ Hi-Fi System Home Theater කියන ඒවට මම ගොඩක් කැමතියි.

මොකද්ද මේ Hi-Fi කියන්නෙ?

High Fidelity යන වචනයේ කෙටි වදනකි. Hi-Fi System එකක් කියන්නෙ උසස් ගුණාත්මක බවකින් යුත්, පටිගත කළ හැකි, නැවත ඒ ආකාරයෙන්ම ප්‍රතිවාදනය කළ හැකි එකක්. ඒ කියන්නේ CD ධාවනයක් වගේ එකක්.

තවත් විදියකින් කියනවනම් Studio එකක් තුළ පටිගත කරන ගීතයක් ඔබ අසන විට ඔබ එය පටිගත කරන වෙලාවේ එතන සජීවීව අසා සිටියා මෙන් ප්‍රතිවාදනය කරන උපකරණ තමයි ඔය Hi-Fi System එකක් කියන්නෙ, ඒවාගේ හැම සංගීත භාණ්ඩයක්ම ඒ ආකාරයෙන්ම ස්වාභාවික විදිහට ඇසෙනවා.

ඇත්ත කිව්වොත් මේක ඔය කැසට් පටයකින් කළ නොහැකියි. මොකද එය පටිගත කරන්නෙ ඇනලොග් (Analog) ආකාරයට කැසට් පටියේ චුම්බක ආකාරයට සකසමින්. මේනිසා ගොඩක් පටිගත කරන ශබිදයේ ගුණාත්මක බව අඩුවෙනවා.

එකක් මතක තියාගන්න ඕනේ, ඔය රෙකෝඩ්‍බාර්වල දාල තියෙන ගෝෂාකාරී ශබ්‍දය නම් නෙවෙයි මේ Hi-Fi System එකක් කියන්නෙ.

පටිගත කරන ආකාරය

Sound — > Tape Recorder –> Audio Recode Head –(Quality Lost)–> Tape

ප්‍රතිවාදනය කරන ආකාරය

Tape –(Quality Lost)-> Audio Play Back Head —> Tape Player —> Sound

මෙහිදී ගොඩක් Noise (අනවශ්‍ය ශබ්ද) එනවා. මෙයට ගොඩක් හේතුව වන්නේ චුම්බක පටියේ ඇති වෙනස්කම් .

මෙය මගහරවන්න තමයි ඔය CD ආවෙ. එවා Digital ආකාරයට පටිගත කරපු නිසා ගොඩක් ශබ්දයේ ගුණාත්මක බව රැකුණා.

පටිගත කරන ආකාරය

Sound –> Mic — > ADC –> Lazar –> CD

ප්‍රතිවාදනය කරන ආකාරය

CD –> Lazar —> DAC —> Sound

DAC = Digital to Analog Converter (Digital දත්ත Analog ආකාරයට පරිවර්තනය කරනවා)

ADC = Analog to Digital Converter (Analog ශබ්ද Digital දත්ත ආකාරයට පරිවර්තනය කරනවා)

ඩිජිටල්වල ඇති වාසියනම් ඒවා 1 සහ 0 වශයෙන් පමණක් පවතින නිසා එහි දත්තවලට සිදුවන හානිය ගොඩක් අඩුව පැවතීමයි. එමනිසා Noise (අනවශ්‍ය ශබ්ද) වගේ දේවල් ඇතිවන්නේම නැතිතරම්.

මේ මොනව කළත් අන්තිමට අපේ කනට ඇසෙන්නේ Analog ලෙසටය,

ප්‍රතිවාදනය කරන ආකාරය

CD –> Lazar —> DAC —> Audio Amplifier (ඇනලොග්) –> Speakers

එක නිසා Hi-Fi එක භාවිත කරන හැම එකක් ම හොඳ ගුණාත්මක බවකින් යුක්ත විය යුතුයි.

Hi-Fi System

CD Player — Digital Audio Link —> Digital To Anlog Audio Amplifiyer –> Spekaers

මේහැම එකකින්ම 20Hz – 20,000Hz ඇතුළත ශබ්ද හොදින් වාදනය කළ යුතුය. Noise (අනවශ්‍ය ශබ්ද) දේවල් 0.01% වගේ අඩුවිය යුතුය.

මේ සියල්ල සම්පුර්ණ වූ තැන එයට Hi-Fi System එකක් කියා කිව හැකිය.

Share

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed