"U can come no" " u can eat no" yakoo "no" kiyanne "ne" misak "ow" newi!

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Archive for the ‘අනංමනං (General Information)’ Category

අහෝ Google Chrome !

ඔන්න මමත් උදේපාන්දර දැම්මානේ Google Chrome, කියලා වැඩක් නෑ…. පටස් හාලා ඉන්ස්ටොල් නම් උනා… ඒත් මොකද උනේ…

මගේ තියෙන්නේ Windows XP EN SP3 with Symantec Endpoint Protection 11, මම හිතුවා පලවෙන පාර අල උනහම මේක Symantec එකේ අව්ලක් කියලා, මම ඒක ගැලවලා බැලුවා…. වෙනසක් නෑ… අල !

මෙන්න screenshot

Read more »

Share

Queen’s Hotel Kandy Sri Lanka Hangs by a thread (Hotel Revew)

[Read In English]

ලගදි අපි නුවර ගියා (Aug – 2008) මමයි යාලුවො කීප දෙනෙකුයි, අපි ඉතින් රෑ නවතින්න තැනක් හෙව්වා, හිතුවා Queen’s Hotel Kandy හොද තැනක් නේ මොකද මේක “3 Star” හොටලයක් නිසා.

නමුත් ගියාට පසෙ මටම දුක හිතුනා මේකේ තත්වය දැකලා, දෙරටු පාලකයා සිට ඉන්නේ හරිම ලොකු එකෙන්, හිනා වක් නෑ මුනේ, සුද්දන්ටනම් අල්ලනවා, අපේ මිනිස්සුන්ගේ හැටිනේ, තමන්ගේ එව්ට තමයි ගැස්, සුදගේ පුක උනත් ලෙව කනවා.

Read more »

Share

සිංහල Firefox මතවාද හා ඒහි තව පැත්තක්.

මේ දිනවල මහා කාතාබහට ලක්වන සිංහල Firefox ගැන, ඔය ගැන මම හා වසන්ත දේශප්‍රිය මහතා (අධ්‍යක්‍ෂ, රාජ්‍ය ප්‍රතිනිර්මාණ වැඩ සටහන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය – ICTA) අතර ඊමේල් කීපයක් හුවමාරු උනා. ඒවා සියල්ලන්ගේම දැනගැනීමා හා සමහර වැරදි මත නිවරදි කිරීම්ට මේවා සියල්ලන්ගේ කියවීමට බ්ලොග් එකේ දාන්න හිතුනා.

මෙය පල කරන්නේ වසන්ත දේශප්‍රිය හා ඩනිෂ්ක නවීන් මහතුන්ගේ අවසරය ඇතුව වන බව සලකන්න.

Read more »

Share

Dialog පාරිබෝගික සේවාවේ බීරී අලි

මම දැනට Dialog බාවිතා කරන්න අරගෙන අවරුදු 3-4 වෙනවා, ඊට අමතරව මට Dialog පෙර ගෙව්ම් සම්බදතා 5ක් තියනවා, ඔය එක සම්බන්ද තාවයක GPRS වැඩ කරන්නේ නෑ, ඉතින් ඕක මට එචර ඕනේ නැතිනිසා මම වැඩිය හොයලා බැලුවේ නෑ.

නමුත සති කීපයකට පෙරෙ ඒම සම්බන්ද තාවය I-mate Jamin එකකට දැම්මා. දාලා GPRS Settings දාලා බැලුවහම GPRS වැඩකරන්නේ නෑ, මගේ අනිත් SIM එකක් දාලා බැලුවා (ඒකත් Dialog තමයි) phone එකට, ඒ SIM එකට GPRS වැඩ, අනික අර SIM එක වෙන phone වලට දැම්මත් GPRS වැඩ කරන්නේ නෑ.

හරිනම් Network එකේ GPRS/EDGE activated කරලා තියනවානම් phone එකේ “G” හෝ “E” පෙන්නනවා, මේක බැලුවා, ඒක පෙන්නනෙත් නෑ.

Read more »

Share

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -2

මේ ලියන්නේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? හා Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1 පෙර සටහන් වල සබදි කොටසකි.

දින කීපයකට පෙර මම ඔෆිස් එකට අපුවහම මට පනිවිඩයක් ලැබුනා, Sriyan De Silva Wijeyratne නැමැතෙකු මට ඇමතුමක් ලබා දී තිබුන බව, ඉතින් මම ඔහුට ඇමතුමක් දුනනා. ඉතින් ඔහු මට ඔහු කව්ද කියා කිව්වා, ඒතමයි Country Manager, Microsoft Sri Lanka. ඉතින් ඔහු මාට කිව්වා කතා කෙරුවේ ඔවුන්ගෙන් වෙච්ච වරද සම්බන්දව බව හා ඔව්න්ගෙන් උන වරදට සමාව ඉල්ලුවා.

Read more »

Share

සිංහල Firefox 3 මාධ්‍ය හමුව

සිංහල Firefox 3.0 නිකුත් කිරීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් Cinnamon Grand හොටලයේ පැවැත්වුණා. මේක කළේ ICTA එක මගින්. මේකට අපි කටියත් ගියා.  මම මේ කියන්න යන්නේ ඒකේ කියපුවා නෙවෙයි, අපේ යාලුවො එක්ක හිටිය එක ගැන හා මේකේ මම දැකපුවා හා ඇසුණ දේවල් ගැන.

අපි නම් ගොඩක් සතුටෙන් හිටියේ අපේ දනිෂ්කගේ මහන්සියේ පල දකින්න ලැබුණ එකට. මොකද මම දන්නවා නිදි වරාගෙන මිනිහා මේකට කොපමණ මහන්සි වුණාද කියල. මාධ්‍ය හමුවට නොවෙයි, Firefox සිංහල කරන්න.

Read more »

Share

මේල් server කුප්පි :)

ඔන්න ගිය සති අන්තයේ අපි පොඩි වැඩක් කලා… ඒ තමයි දැනුම බෙදා දීමේ පොඩි කාර්‍යක්. මේ සදහා මම, අපේ මේ දනිෂ්ක ලමයා වගේ මගේ යාලුවෝ 2-3 දෙනෙක් ආවා… නියම කතාව කියන්නේ අපේ මේ වරුණ ලමයා අපිව වලහා කලා :-D උට මල් කඩන එක ලොකු උනානෙ මේ ඔක්කොටම වඩා. ;)

ඔන්න ඉතින් අපේ දනිෂ්ක නම් උදෙන්ම කියාපු වලාවට ඇවිත් තිබුනා… මම ඉතින් කොහොමත් fashionably late නේ :) ඔන්න නියම වැඩේ මේක නේ, ඔය ටිකක් වෙලා අපි අනිත් අය එනක්ම් ඉන්නකොට fire alarm එක වදින්න ගත්තේ නැතැයි.

Read more »

Share

ලිනක්ස් දොර මුල්ලට, වින්ඩොස් විස්ටා එලියට….

දුකයි, ඒත් අන්තිම මට ලිනක්ස්වලට සමුදෙන්න වුණා ! මේකට හේතුව මගේ අළුත් ලැප්ටොප් එක. මොකද ඒකේ wifi හා sound card එක හරියට වෑඩකරන්නේ නෑ ලිනක්ස්වල. මම ගොඩක් උත්සාහ කළා මේක හදා ගන්න, හරි ගියේ නෑ. kubuntu හා fedora දෙකම බැලුවා. madwifi හා ndiswrapper දාලා බැලූව wifi වලට, ALSA කීප වතාවක් දැම්මා sound වලට. sound ආවත් හරි Quality එකක් නෑ…. බැරිම තැන Windows Vista දැම්මා, මොකද ලැප් එක එක්ක ආපු නිසා. ඇත්තටම ගොඩක් හොඳයි වගේ…. මේක තමයි Windows වල ඉදන් ලියන පලමු බ්ලොග් පොස්ට් එක :) Windows Live Writer පාව්ච්චි කරන්නත් අදහසක් තියනවා මීට පසු බ්ලොග් එක ලියන්න.

ඔබ ලිනක්ස් ලෝලියෙක් නම් මෙතනින් එහාට කියවන්න එපා :)

Read more »

Share

ගල්යුගයෙන් වර්තමානයට….

කරන්න දෙයක් නෑ, මට ලැප් එකක් නැතුව බෑ මම කරන දේවල්වලට ඕනේ… මේක නිසා මම ඉතින් හැමතැනම හෙව්වා එකක් ගන්න…. අපේ අය කියන ගණන් ඇහුවහම පිස්සු හැදෙනවා, හරියට අපි දැකලා නෑහැ වගේ! $800 වගේ ගන්න පුලුවන් එකක් මේ අය රු150,000 වගේ කියනවා. මට තේරෙන්නේ නෑ මොකද කියලා.

බ්‍රහස්පතින්දා හා සිකුරාද දවසම කළේ මේක හොයන එක තමයි…. රට වටෙන්ම ගණන් ගත්තා, කිසිම හොඳ එකක් හොයාගන්න බෑ, ඔක්කොම ගොඩක් පරණ මාදිලි. නැත්නම් මම හොයන දේවල් ඒකේ නෑ. කොහොම හරි තැන් බරගානකට ගියා… හිතට අල්ලන එකක් දකින්නම නෑ. IBM එකක් තමයි ගන්න බැලුවේ, මම කලින් IBM T42 එකක් පාවිච්චි කළා, ඒකනම් ඇත්තටම හොඳයි. ඒත් IBM මාදිලි 2-3 වඩා හොයාගන්න බැරි උනා. මොකද ගොඩක් අය කියන්නේ ගෙනල්ලා දෙන්නම් කියලා, මට එපමණ කල් ඉවසලා ඉන්න බැ !

Read more »

Share

නැවත ගල් යුගයට ?

ඔන්න ආයේ පාරක් මාගේ අපලේ පල දුන්නා…. මාව දන්න ගොඩක් අය දන්නවා ඒ මොකද්ද කියලා…. :D ඒක තමයි මගේ ලැප්ටොප් අපලය ! මගේ මොකද්ද වරදකට මට කිසිම ලැප්ටොප් එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න බෑ ! මම මොනවා කරනවා ද කියලා හැමෝම මගෙන් අහනවා… මම වත් දන්නේ නෑ.. ඒත් මොකක් හරි වෙනවා… ඔන්න මේපාරත් මගේ ලැප්ටොප් එක හරි… ඒක මට පේන විදියට motherboard එක ගිහිල්ලා… මේකේ ආයු කාලය මාස 6යි!!

Read more »

Share

ඇයි බ්ලොග් එක ලියන්නේ නැත්තේ ?

ගොඩක් දවසකින් බ්ලොග් එක ලියන්නේ, නොලියා හිටියේ ඇත්තට සිංහල Unicode ගැන පොඩි කලකිරීමක් ඇති උන නිසා. මේකට හේතුව මේ සිංහල Unicode හරියට ගොඩක් පරිගනකවල වැඩනොකරන එක හා හරියට rendering වැඩ නොකිරීම. ‌Windows XP SP2 English හා Windows Vista ඇරුනහම වෙන කිසිම ‌Windows Version එකක මේ සිංහල යුනි කොඩ් වැඩකරන්නේ නෑ හරියට. මෙයට හේතුව Microsoft විසින් හෝ ICTA එක මගින් හරියට patch එකක් සාදා නොතිබීම. මම දන්න ගොඩක් අය මට මැසිවිලි නගලා තියනවා “මගේ පරිගනකයේ Windows XP XXX කින බාසාව තියේන්නේ කොහොමද සිංහල යුනිකොඩ් දාන්නේ කියලා.” ඇත්තටම මමද ඔය දේට මුහුන දුන්නා. English Windows XP SP2 හැර වෙන බාසාවක Windows XP පරිගනකයකට සිංහල Unicode දාන්න බෑ. ඕක නිසා මම මේ බ්ලොග් එක සිංහල Unicode බාවිතයේන් ලියන එක තේරුමක් ඇද්දැයි කියලා සැකයක් මතුවෙලා තියනවා.

Share

(Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service.

අනේ ඉතින් මම මේ ආවඩපු M3 (Mobitel) HSDPA එකටත් හරි වගේ. කියලා වැඩක් නෑ. ඔන්න දවස් දෙක තුනක් GPRS හා සමාන වේගවල වැඩකරලා බැරිම තැන විනාඩි 20 hold එකේ ඉඳලා මාත් කතා කළා customer care එකට, අපරාදේ කියන්න බෑ කතාකරපු කොල්ලට හොඳට කඩුවනම් පුලුවන්… ඒ කියන්නේ අනිත් ඒවත් හොදට දන්නවා නේ ;) එහම තමයි එයානම් මට කතා කළේ. මේවට තමයි දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ…. මම මේ ADSL අයට හිනා වුණා මගේ M3 එක ඕනේ වෙලාවක 1Mbps කියලා….

M3 Speed Test - Done By Malintha few months back

Back in the days……

Read more »

Share

Facebook and Your Privacy (Facebook හා ඔබගේ පෞද්ගලිකත්වය)

මම මේ facebook කියන එකට ගොඩක් කල් ඉඳන් යන්නේ නෑ කියලා හිටියේ, ඒත් අන්තිමට මේ අනිත් අයගේ කරදරයේන් බේරෙන්න මමත් ඕකට ලියාපදිංචි උනා. කියන්න වරදක් නෑ, ඒත් මට මේ facebook application ගැන ලොකු ගැටලුවක් ආවා මොකද අපි ඒකක් use කරන්න යනකොට ඒ ගොල්ලන් අපේ infomation share කරන්න කියලා කියනවා. මේක ගැන මට ලොකු ගැටලුවක් ආවේ මේ ගොඩක් application හදන්නේ facebook නොව 3rd party (තුන්වන පාර්ශවයක්) වීම හා ඕනැම කෙනෙකුට application එකක් හදලා දාන්න පුලුවන් වෙන එකත්. බලනකොට මේකේ ලොකු අවුලක් කියලා මට පෙනුණා තමන්ගේ පෞද්ගලිකත්වයට. මොකද අපේ දේවල් අපි නොදන්න 3rd party එකකට දෙන්න වෙන එක. ඇත්තටම අපිට මේකේ පාලනයක් නැති තරම්…..

Read more »

Share

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? Follow up -1

මේක මගේ Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ? කියන ලිපියේ පසු සටහනකි, මෙතෙක් වෙච්චදේ ගැන ලියන්න ඕනේ කියලා සිතුණා. මොකද අද මට TRUSTe වෙතින් ලිපියක් ලැබුනා මගේ පැමිණිල්ලේ මම කියපු දේවල් ඒ අය විසින් Privacy Issue (පෞද්ගලිකත්වය) එකක් කියා පිළිගෙන තිබුනා.

මෙන්න ඔවුන් එය පැහැදිලි කොට එවා තිබුන ලිපිය.

Read more »

Share

Micro$oft Sri Lanka ද නැනිනම් Spam$oft Sri Lanka ද ?

මෙන්න අද කතාව…. මම මේක ලියන්නේ නැතුව ඉන්න හිටියේ, ඒත් එය ලිවිය යුතුයි කියා මට සිතුණා . මෙය මගින් අනිත් අයටත් යම්කිසි දැනුමක් ලැබෙනු ඇතැයි කියා සිතු නිසා.

කාටත් මේ SPAM ඊමේල් කියන එක කරදරයක් කියලා කවුරුත් දන්නවා, ඒක කියන්න දෙයක් නෙවෙයි නේ, දැන් company එකකින් එන ඊමේල්වලින් 75% ටත් වැඩි ප්‍රමාණයක් SPAM ඊමේල්ය,

SPAM ඊමේල් කියන්නේ මොනවද ? ඇත්තටම ඔබේ කැමැත්ත ලබා නොදී එන ඕනැම Marketing/Promotional හා වෙන ඕනෑම ඔබ නොදන්න කෙනක් ඔබට එවන මෙවැනි ඊමේල් මේ SPAM ගණයට වැටෙයි. කිසිම කෙනෙකුට අයිතියක් නෑ ඔබගේ ඊමේල් ලිපිනය හොයාගෙන ඔබට ඔය වගේ ඊමේල් එවීමට ඔබගේ කැමැත්ත (Opt-In) ලබාගන්නේ නැතුව. ඒවගේම ඔබට ඕනෑම අවස්ථාවක ඔබ කැමැත්ත දුන්නද මේ ලැබන ඊමේල්වලින් අයින් වෙන්න (Opt-out) ආකාරය පැහැදිලිව තිබිය යුතුයි. මීට අමතරව මේ ඊමේල් එවන්නා ගේ විස්තරයක්ද ඒ ඊමේල් ඒකේ තිබිය යුතුය. (ලිපිනය, එවන්නාගේ හෝ සමාගමේ නම), මෙය හරියට ඕබේ නිවසට ඔබට අනවශ්‍ය ලියුම් එවනවා හා සමානයි.

මගේ කතාව නම්, ඔය කිව්වා වගේ මට මේ Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) විසින් මේවගේ ඊමේල් එවන්න පටන් අරගෙන. ඇත්තට මම ගොඩක් ඔය Micro$oft USA මේලින් ලිස්ට්වල ඉන්නවා හැබැයි ඔය Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) මට ඊමේල් එවපු ලිපිනය මම මොන ආකාරයකින් වත් ඔය කිසිම ආකාරයේ මේලින් ලිස්ට් එකකට පාවිචි කරන එකක් නොවෙයි. අනික මට ඕක ලොකුවට හිතන්න සිද්ධ වුනේ මම කිසිම Internet දේකට මේ ලිපිනය භාවිත කරන්නේත් නැති නිසයි. හැබෑයි මගේ මේ name card පරණ ඒකේ තිබුනේ ඔය ලිපිනය තමයි. :-D

අනික ඔය Micro$oft Sri Lanka එවන ඊමේල්වල මම ඔය ඉහත කී standard එකක් නෑ, මොකද ඇත්ත කිව්වත් මම ඔය අවුරුදු ගණනක් Micro$oft USA එකෙන් ආපු ඊමේල් ඇත්තටම හොඳ standard එකක තියෙන්නේ. සමහර ඊමේල්වල Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) කඩේ යාමක් ද කර තිබුණා, මෙහි 3rd party (තුන්වන පාර්ශ්වයන් ගේ) Marketing/Promotional කර තිබීම මගින්.

මට වෙලාවකට හිතෙනවා Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) මේතරම් පහත් මට්ටමකද ලංකාවේ ව්‍යාපාර කටයුතුවල නියැලෙන්නේ කියලා, බල්ලො මරලා හෝ සල්ලි හොයන. මට ගොඩක් දුක අවුරුදු 15 කට වැඩි ප්‍රමාණයක් මේ Micro$oft Software පාවිච්චි කරන්නෙකු හැටියට හා ඉහේ කෙස් ගානට මේවා Implement කරපු කෙනෙකු හැටියට.

මගේ මේ බ්ලොග් එකනම් හැබැයි 100% Open Source.. Server එකේ සිට ලියන මේ computer එක දක්වාම. :) හැබැයි මම ගැන කිව්වොත් මම ඔය Linux හොදයි Windows නරකයි හෝ Windows හොදයි Linux නරකයි කියන කෙනෙක් නම් නොවෙයි. මම ඔය හැම එකටම කැමතියි. මම කරන දේ හොඳට ලේසියෙන් කරන්න පුලුවන් එක මට හොඳයි. ඒක නිසා මටනම් ඔය Linux හෝ Windows ගැත්තෙක් හැටියට හංවඩු ගහන්න නම් බෑ.
අනික් කරුණ තමයි මේ Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) එවන ඊමේල්වල ඇත්තේ image එකක් පමණයි.

මෙන්න Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) එකෙන් ආපු ඊමේල් එකක්, ඕකේ බලන්න කොහෙද තියන්නේ කියලා Unsubscribe Information (ඉවත් වීමට උපදෙස්), එවන කෙනා සම්බන්ධ කරගත හැකි ආකාරය.

මෙන්න ඔය ඊමේල් ඒකේ Header එක.

මෙන්න Micro$oft USA එකෙන් ආපු ඊමේල් එකක්, ඕකේ බලන්න මේ Unsubscribe Information (ඉවත් වීමට උපදෙස්), එවන කෙනා සම්බන්ධ කරගත හැකි ආකාරය හා එවන කෙනා ගැන සියල්ල පැහැදිලිව සඳහන්.

මෙන්න Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) කඩේ ගිය ඊමේල් එක, මේකේ ඉන්නේ හා සම්බන්ධ කරගන්න උපදෙස් ඇත්තේද 3rd Party (තුන්වන පාර්ශවයකි), මෙය නම් ඔය Opt-In වුවද වෙනම 3rd party infomation එවීමට අපෙන් අවසර ගත යුතුය.

මෙන්න ඔය ඊමේල් ඒකේ Header එක.

Micro$oft USA නම්, ඔබට වෙනම ඔබගේ Profile එකහා Subscription Center එක මගින් ඔබට මේලින් ලිස්ට් (Mailing List) හා ඔබ කැමැත්ත දී දැති ඒවා ද පැහැදිලිව දක්වයි.

ඉහත ඔබට පේනවා ඇති “I would like to hear from Microsoft Partners, or Microsoft on their behalf, about their products, services, and events. Share or use my details with Microsoft Partners.” මෙය තමයි ඔය අපි 3rd Party Information අපට එවන්න Micro$soft එකට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ.

මේ විදියට Micro$oft USA වැඩ කරද්දි Micro$oft Sri Lanka (aka Spam$oft Sri Lanka) මේ කිසිවක් නැතුව මේ දේ කරන්නේ කේසේද කියලා. තවද Micro$oft Privacy Policy මේගැන පැහැදිලිව සඳහන් කොට ඇත,

“The Microsoft.com Profile Center allows you to choose whether you wish to receive marketing communications from Microsoft.com, to select whether Microsoft.com may share your contact information with selected third parties, and to subscribe or unsubscribe to newsletters about our products and services.”

මම ඇත්තට මේගැන ඔවුන්ගෙන් ඇසුවා, ඔවුන් මාව Mailing List එකෙන් ඉවත් කළ බව කීවද, මගේ ඊමේල් ලිපිනය ගත්තේ කෙසේදැයි පැවසුවේ නැත. Micro$oft Privacy Statement එක Validated TRUSTe Privacy Statement නිසා ඔවුන් හරහා මේ පිලිබඳ පැමිනිල්ලක් කලා.

දැන් මේ ගොඩක් ලංකාවේ Email Marketing කිය කියා මිනිස්සුන්ට SPAM කිරීම අලුත් වෙලදාමක් වීඇත. මේ අය කරනේ ඊමේල් ලිපින, forward ඊමේල්, User Groups වැනි තැන්වලින් එකතු කර කර ඊමේල් කිරීමයි, මේ නිසා ඔය චීනය වගේ රටවල් ගොඩක් Black List වෙන්න පටන් ගත්තා. මොකද ලංකවේ ISP ලා මේගැන දැනීමක් නැතිකම හා ගණන් නොගැනීම මේ SPAM කාරයන් රජකරන්න එක හේතුවක්.

ඔබට ගොඩක් දේවල් මේයට කළ හැක, http://www.spamcop.net/ එකට report කළ හැක, මෙමගින් යමකිසි IP එකක් ගැන පැමිණිලි කීපයක් ලැබුණ විට එය Block කීරීමක් හා හැම report (පැමිණිල්ලක්ම) අදාල ස්ථානවලට යවයි. නැතිනම් ඔබට ISP හට කෙලින්ම මේ පිලිබද පැමිණිලි කළ හැක. ඇමරිකාවේ ඇති server එකක් නම් ඔබට US Federal Trade Commission එකටද පැමිණිලි කළ හැක.

ගොඩක් Servers ලංකාවේ පිහිටා නැති නිසා එම server ඇති රටේ නීතියට මෙය යටත් වෙයි, ලංකාවේ මේ ඊමේල් SPAM වලට හරි නීතියක් නැති වුවද මේ server ඇති රටවල මෙය ඇති නිසා මේ පිලිබඳ කරන පැමිණලි ඔවුන් ලංකාවේ ISP ලා වගේ ඉවත නොදමයි.

දැනට එපම‍ණයි, පසුව මම මේ SPAM, RBL, Black List ගැන තව වැඩි විස්තර ලියන්නම්.

Share

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed