No today :( sorry guys! Plz RT

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Archive for the ‘ජංගම (Mobile)’ Category

Sinhala Unicode on Android – Google Nexus One

මාස 5කින් පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හදන්නේ :D මාව දැන් සිංහල බ්ලොග් කියවනයෙන් පන්නලා ගොඩක් කල්. මොකද දින 90කින් බ්ලොග් එකක් ලිවුවේ නැත්නම් එලවනවා නේ :D  මම ඉතින් මගේ iPhone එකට ලගදී සමුදුන්නා. මේකට හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ,  iPhone එකේ එන හැම අලුත් අංගයක්ම කලින් ෆොන් වල තිබුන දේවල් මිස අලුත් දෙයක් නොවීම. අපි උදාහරණයක් ගත්තොත් iPhone 4 එකේදී තමයි 5MP කැමරාවක් ආවේ. නමුත් මගේ පරණ LG KU990 එකෙත් මීට වසර 2~3කට කලින් 5PM කැමරාවක් එක්ක Xeon Flash එකක් තිබුනා. ඒ වගේම iPhone 4 එකේ ඇන්ටනවේ සිට reboot දක්වා තියන ලෙඩ ගොඩ ගැන කියන්න දෙයක් නෑනේ.  ඔය ඔක්කොම නිසා තාම අවුරුදු 2කක් වත් වයස නැති Google සමාගමේ OpenSoruce OS එක වන Android දාවනය වන Google Nexus One ෆොන් එකකට මාරු උනා. මම ගත්තත් එක්කම ගූගල් සමාගම මෙම ෆොන් එක විකුනන එක නැවැත්තුවා :D දැන් එම ෆොන් එක ලබාදෙන්නේ Android Developers ලට පමණයි.  නමුත් මෙහි සිංහල නෑ. අද කියනේ කොමද මේකට සිංහල දාන්නේ කියලා. 100% සාරතකව තාම සිංහල rendering වෙන්නේ නෑ. මේක හදාගන්න ඉදිරියේ උත්සාහ කරනවා.

බලමු කොහොමද මේකට සිංහල දාන්නේ කියලා…

Read more »

  • Share/Bookmark

HSDPA ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා තවත් දියුනු කරන්න කැමතිද?

දැනට HSDPA (ජංගම අන්තර්ජාල) සේවා බාවිතා කරන අය දන්නවා මෙවායේ තියන ගැටලු, වේගය මදිකම වගේ ගොඩක් ගැටලු තියනවා. මතකනේ මම කීප වරක් මේ ගැන බ්ලොග් එහම ලිවුවා. ඉතින් මේ හැන දැන් ආන්ඩුව පවා සොයා බලනන තැනට ඇවිත් තියනවා.

ඉතින් මේගැන බ්ලොග් ලියලා (Why HSDPA Sucks in Sri Lanka) අනිත් අය දැනුවත් කරනවා වගේම, අපි එකතුවෙලා මේකට විසදුමක් සොයාගන්න හා එක් එක් සේවා දායකයාගේ ගුනාත්මක බව දැනගන්න දැනට ජංගම අන්තර්ජාල සේවා වල අඩුපාඩු සොයන්න හා කියන දේ ඇත්තටම මේවායේ තියනවද කියලා හැමෝටම දැනගන්න වගේම මේ දත්ත එකතුකොට සේවාවක් තොරනකොට හොදම එක මොකද්ද බලන්න LIRNEasia මගින් Mobile AT-Tester කියලා tool එකක් හැදෙමින් පවතිනවා. මෙයට මමද දායක වෙලා තමයි කරන්නේ.

ඔබත් කැමතියනම් මේ ජංගම අන්තර්ජාල සේවා වැඩිදියුනු කිරීමට සහය දක්වන්න, පෙබරිවාරි මස 13වන සෙනසුරාදා උදේ 9.00 යේ සිට දවල් 12 දක්වා රේනුකා City හොටලයේ දී AT-Tester දියත්කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් නොමිලේ පැවත්වෙනවා. මේ සදහා ඔබටත් සහබාගි වෙන්න පුලුවන්. ආසන ගණන සීමිත නිසා ඉක්මනින්ම kalinga.a@gmail.com වෙත හෝ ranmalee@lirneasia.net ඊමේල් එකක් එවා ඔබේ ආසනය වෙන්කරගන්න. බාසාව සිංහල/ඉංගිරිසි වන අතර, දෙමළ බ්ලොග් කරුවන්ටද මෙයට සහබාගි විය හැක. බ්ලොග් කරුවන්ට (සිංහල/දෙමළ/ඉංගිරිසි) මුල් තැනක් දෙන නිසා, ඔබ බ්ලොග් කරුවෙක්නම් ඒ ගැනද ඊමේල් එකේ සදහන් කරන්න. මෙහිදී AT-Tester ට අමතරව HSDPA ජංගම හා අන්තර්ජාල සේවා ගැන දැනුවත් කිරීමක්ද සිදුකෙරෙනවා.

මෙමගින් අපිට තවත් සේවාදායකන්ට බලපෑමක් කරන්න පුලුවන් ඔවුන්ගේ ජංගම අන්තර්ජාල වල ගුනාතමක බව පවත්වාගෙන යෑම සදහා.

වැඩි විස්තර හෝ 0777 254174 අමතන්න.

  • Share/Bookmark

Success Kills Mobitel HSDPA

Mobitel HSDPA වල හොද කියපු කෙනෙක් හැටියට මෙහෙම එකක් ලියන්න වෙයි කියලා සිතුනේ නෑ. දැන් මාස කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු වාර ගනනම් කියලා වැඩක් නෑ, නමුත් මේක ගැන පොඩක් වල සොයලා බැලුවේ නෑ. අන්තිමට මොකද උනේ මලින්තත් Dialog HSDPA එකකට මාරු උනා.

මතකනේ කාලෙකට කලින් මම මේ Dialog HSDPA හා Mobitel HSDPA ගැන ලිපියක් ලිවුවා, ඒ වගේම මතකනේ මේ HSDPA නොම්මර පෙන්නලා අපිව රවටන ආකාරය ගැනද ලිපියක් ලිවුවා.

දැන් මොකද Mobitel HSDPA වලට වෙලා තියෙනේ ? අර කලින් ලිපි වල නරකයි කියපු Dialog තිබූ ආකාරයටම පත්වෙලා. මෙහෙම උනේ ඇයි ? කිසිම infestractrue දියුනුවක් නොකර, තම ජාලයට දරාගන්න බැරි විදියට විකිනීම හා ඉන්ජීනේරුවන්ගේ ඇති අඩුපාඩු. ලොකුම හේතුව මේ මොබයිල් සමාගම් වල, දත්ත හා ගුවන්විදුලි තරංග ගැන සොයාබලන කොටස් දෙකක් වීම හා බෝල පාස් කිරීම.

දැනට Mobitel බාවිතා කරන කී දෙනෙකුට එකවර දුර කතන ඇමතුමක් ලාබාගන්න නොහැකිද ? SMS එකක් වත් නොයන වෙලා තියනවා. මේ සියල්ලට හේතුව වන්නේ මේ ජාලයට දරාගත නොහැකි තරම් ග්‍රහකයන් සිටීම. හැම විටම මේ HSDPA වැනි දත්ත සේවාවන් වලට ජංගම දුරකත ජාල වල ලැබෙන්නේ දෙවනි තැන, හැම විටම voice call සදහා පලමු තැන දෙයි. නමුත් voice call එකක් වත හරියට වැඩ නොකරයි නම් දත්ත (DATA – HSDPA) ගැන කවර කතාද? Read more »

  • Share/Bookmark

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed

ස්පෑම් එක්ක සෙල්ලම්