May 11th, 2011 in අන්තර්ජාලය, ජංගම (Mobile) | 3 Comments »
ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා. GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE – Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස “දිගු කාලීන පරිනාමය” යන්නයි. ඒ කියන්නේ පැරනි ක්‍රමවලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න.
දැනට ඇත්තම 4G ජාල නැත. සියලුම LTE ජල pre-4G නොහොත් 4වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ. ජංගම දුරකතන ජාල සම්මතඅනුව මේවා 3.75G ~ 3.9G වේ. ITU (European Telecommunications Standards Institute) අනුව 4වන පරම්පරාවේ LTE Advance(ITU-R organization අනුව) ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි. (උපරිමය) මෙම ජාල IMT-Advanced (International Mobile Telecommunications Advanced) ලෙස හදුන්වයි. දැන තියන LTE ජාලවල උපරිම වේගය 100mbs පමණ වේ.
ඉතිරිය Techකතා Mag එක ඔස්සේ කියවන්න.
July 25th, 2010 in කෙසේ ද ? (How To), ජංගම (Mobile) | 94 Comments »
මාස 5කින් පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හදන්නේ
මාව දැන් සිංහල බ්ලොග් කියවනයෙන් පන්නලා ගොඩක් කල්. මොකද දින 90කින් බ්ලොග් එකක් ලිවුවේ නැත්නම් එලවනවා නේ
මම ඉතින් මගේ iPhone එකට ලගදී සමුදුන්නා. මේකට හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ, iPhone එකේ එන හැම අලුත් අංගයක්ම කලින් ෆොන් වල තිබුන දේවල් මිස අලුත් දෙයක් නොවීම. අපි උදාහරණයක් ගත්තොත් iPhone 4 එකේදී තමයි 5MP කැමරාවක් ආවේ. නමුත් මගේ පරණ LG KU990 එකෙත් මීට වසර 2~3කට කලින් 5PM කැමරාවක් එක්ක Xeon Flash එකක් තිබුනා. ඒ වගේම iPhone 4 එකේ ඇන්ටනවේ සිට reboot දක්වා තියන ලෙඩ ගොඩ ගැන කියන්න දෙයක් නෑනේ. ඔය ඔක්කොම නිසා තාම අවුරුදු 2කක් වත් වයස නැති Google සමාගමේ OpenSoruce OS එක වන Android දාවනය වන Google Nexus One ෆොන් එකකට මාරු උනා. මම ගත්තත් එක්කම ගූගල් සමාගම මෙම ෆොන් එක විකුනන එක නැවැත්තුවා
දැන් එම ෆොන් එක ලබාදෙන්නේ Android Developers ලට පමණයි. නමුත් මෙහි සිංහල නෑ. අද කියනේ කොමද මේකට සිංහල දාන්නේ කියලා. 100% සාරතකව තාම සිංහල rendering වෙන්නේ නෑ. මේක හදාගන්න ඉදිරියේ උත්සාහ කරනවා.
බලමු කොහොමද මේකට සිංහල දාන්නේ කියලා…
Read more »
February 10th, 2010 in අන්තර්ජාලය, ජංගම (Mobile) | 11 Comments »
දැනට HSDPA (ජංගම අන්තර්ජාල) සේවා බාවිතා කරන අය දන්නවා මෙවායේ තියන ගැටලු, වේගය මදිකම වගේ ගොඩක් ගැටලු තියනවා. මතකනේ මම කීප වරක් මේ ගැන බ්ලොග් එහම ලිවුවා. ඉතින් මේ හැන දැන් ආන්ඩුව පවා සොයා බලනන තැනට ඇවිත් තියනවා.
ඉතින් මේගැන බ්ලොග් ලියලා (Why HSDPA Sucks in Sri Lanka) අනිත් අය දැනුවත් කරනවා වගේම, අපි එකතුවෙලා මේකට විසදුමක් සොයාගන්න හා එක් එක් සේවා දායකයාගේ ගුනාත්මක බව දැනගන්න දැනට ජංගම අන්තර්ජාල සේවා වල අඩුපාඩු සොයන්න හා කියන දේ ඇත්තටම මේවායේ තියනවද කියලා හැමෝටම දැනගන්න වගේම මේ දත්ත එකතුකොට සේවාවක් තොරනකොට හොදම එක මොකද්ද බලන්න LIRNEasia මගින් Mobile AT-Tester කියලා tool එකක් හැදෙමින් පවතිනවා. මෙයට මමද දායක වෙලා තමයි කරන්නේ.
ඔබත් කැමතියනම් මේ ජංගම අන්තර්ජාල සේවා වැඩිදියුනු කිරීමට සහය දක්වන්න, පෙබරිවාරි මස 13වන සෙනසුරාදා උදේ 9.00 යේ සිට දවල් 12 දක්වා රේනුකා City හොටලයේ දී AT-Tester දියත්කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් නොමිලේ පැවත්වෙනවා. මේ සදහා ඔබටත් සහබාගි වෙන්න පුලුවන්. ආසන ගණන සීමිත නිසා ඉක්මනින්ම [email protected] වෙත හෝ [email protected] ඊමේල් එකක් එවා ඔබේ ආසනය වෙන්කරගන්න. බාසාව සිංහල/ඉංගිරිසි වන අතර, දෙමළ බ්ලොග් කරුවන්ටද මෙයට සහබාගි විය හැක. බ්ලොග් කරුවන්ට (සිංහල/දෙමළ/ඉංගිරිසි) මුල් තැනක් දෙන නිසා, ඔබ බ්ලොග් කරුවෙක්නම් ඒ ගැනද ඊමේල් එකේ සදහන් කරන්න. මෙහිදී AT-Tester ට අමතරව HSDPA ජංගම හා අන්තර්ජාල සේවා ගැන දැනුවත් කිරීමක්ද සිදුකෙරෙනවා.
මෙමගින් අපිට තවත් සේවාදායකන්ට බලපෑමක් කරන්න පුලුවන් ඔවුන්ගේ ජංගම අන්තර්ජාල වල ගුනාතමක බව පවත්වාගෙන යෑම සදහා.
වැඩි විස්තර හෝ 0777 254174 අමතන්න.
January 10th, 2010 in අන්තර්ජාලය, ජංගම (Mobile) | 87 Comments »
Mobitel HSDPA වල හොද කියපු කෙනෙක් හැටියට මෙහෙම එකක් ලියන්න වෙයි කියලා සිතුනේ නෑ. දැන් මාස කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු වාර ගනනම් කියලා වැඩක් නෑ, නමුත් මේක ගැන පොඩක් වල සොයලා බැලුවේ නෑ. අන්තිමට මොකද උනේ මලින්තත් Dialog HSDPA එකකට මාරු උනා.
මතකනේ කාලෙකට කලින් මම මේ Dialog HSDPA හා Mobitel HSDPA ගැන ලිපියක් ලිවුවා, ඒ වගේම මතකනේ මේ HSDPA නොම්මර පෙන්නලා අපිව රවටන ආකාරය ගැනද ලිපියක් ලිවුවා.
දැන් මොකද Mobitel HSDPA වලට වෙලා තියෙනේ ? අර කලින් ලිපි වල නරකයි කියපු Dialog තිබූ ආකාරයටම පත්වෙලා. මෙහෙම උනේ ඇයි ? කිසිම infestractrue දියුනුවක් නොකර, තම ජාලයට දරාගන්න බැරි විදියට විකිනීම හා ඉන්ජීනේරුවන්ගේ ඇති අඩුපාඩු. ලොකුම හේතුව මේ මොබයිල් සමාගම් වල, දත්ත හා ගුවන්විදුලි තරංග ගැන සොයාබලන කොටස් දෙකක් වීම හා බෝල පාස් කිරීම.
දැනට Mobitel බාවිතා කරන කී දෙනෙකුට එකවර දුර කතන ඇමතුමක් ලාබාගන්න නොහැකිද ? SMS එකක් වත් නොයන වෙලා තියනවා. මේ සියල්ලට හේතුව වන්නේ මේ ජාලයට දරාගත නොහැකි තරම් ග්‍රහකයන් සිටීම. හැම විටම මේ HSDPA වැනි දත්ත සේවාවන් වලට ජංගම දුරකත ජාල වල ලැබෙන්නේ දෙවනි තැන, හැම විටම voice call සදහා පලමු තැන දෙයි. නමුත් voice call එකක් වත හරියට වැඩ නොකරයි නම් දත්ත (DATA – HSDPA) ගැන කවර කතාද? Read more »