SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband

අන්තර්ජාලය
කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත.  එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL  package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fare User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය. ඉහත දැක්වෙන්නේ ADSL 4Mbps Unlimited කියන පැකේජයක ලංකාවේ සිට ඇමරිකාවට (NY) ලැබෙන වේගයන්.   කෙනෙකුට කියන්න පුලුවන්, මේක SLT පාලනයෙන් තොර International Bandwidth (ලංකාව හා ඇමරිකාව අතර තියන සම්බ්න්දය) හෝ speediest කරන අඩවියේ ගැටලුවක් කියලා. (more…)
Read More

4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව.

අන්තර්ජාලය, ජංගම (Mobile)
ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා.  GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE - Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස "දිගු කාලීන පරිනාමය" යන්නයි. ඒ කියන්නේ පැරනි ක්‍රමවලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම…
Read More

Sinhala Unicode on Android – Google Nexus One

කෙසේ ද ? (How To), ජංගම (Mobile)
මාස 5කින් පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හදන්නේ :D මාව දැන් සිංහල බ්ලොග් කියවනයෙන් පන්නලා ගොඩක් කල්. මොකද දින 90කින් බ්ලොග් එකක් ලිවුවේ නැත්නම් එලවනවා නේ :D  මම ඉතින් මගේ iPhone එකට ලගදී සමුදුන්නා. මේකට හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ,  iPhone එකේ එන හැම අලුත් අංගයක්ම කලින් ෆොන් වල තිබුන දේවල් මිස අලුත් දෙයක් නොවීම. අපි උදාහරණයක් ගත්තොත් iPhone 4 එකේදී තමයි 5MP කැමරාවක් ආවේ. නමුත් මගේ පරණ LG KU990 එකෙත් මීට වසර 2~3කට කලින් 5PM කැමරාවක් එක්ක Xeon Flash එකක් තිබුනා. ඒ වගේම iPhone 4 එකේ ඇන්ටනවේ සිට reboot දක්වා තියන ලෙඩ ගොඩ ගැන කියන්න දෙයක් නෑනේ.  ඔය ඔක්කොම නිසා තාම අවුරුදු 2කක් වත් වයස නැති Google සමාගමේ OpenSoruce OS එක වන Android…
Read More

HSDPA ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා තවත් දියුනු කරන්න කැමතිද?

අන්තර්ජාලය, ජංගම (Mobile)
දැනට HSDPA (ජංගම අන්තර්ජාල) සේවා බාවිතා කරන අය දන්නවා මෙවායේ තියන ගැටලු, වේගය මදිකම වගේ ගොඩක් ගැටලු තියනවා. මතකනේ මම කීප වරක් මේ ගැන බ්ලොග් එහම ලිවුවා. ඉතින් මේ හැන දැන් ආන්ඩුව පවා සොයා බලනන තැනට ඇවිත් තියනවා. ඉතින් මේගැන බ්ලොග් ලියලා (Why HSDPA Sucks in Sri Lanka) අනිත් අය දැනුවත් කරනවා වගේම, අපි එකතුවෙලා මේකට විසදුමක් සොයාගන්න හා එක් එක් සේවා දායකයාගේ ගුනාත්මක බව දැනගන්න දැනට ජංගම අන්තර්ජාල සේවා වල අඩුපාඩු සොයන්න හා කියන දේ ඇත්තටම මේවායේ තියනවද කියලා හැමෝටම දැනගන්න වගේම මේ දත්ත එකතුකොට සේවාවක් තොරනකොට හොදම එක මොකද්ද බලන්න LIRNEasia මගින් Mobile AT-Tester කියලා tool එකක් හැදෙමින් පවතිනවා. මෙයට මමද දායක වෙලා තමයි කරන්නේ. ඔබත් කැමතියනම් මේ ජංගම අන්තර්ජාල සේවා වැඩිදියුනු කිරීමට සහය දක්වන්න, පෙබරිවාරි මස 13වන සෙනසුරාදා උදේ 9.00 යේ සිට දවල් 12 දක්වා රේනුකා City…
Read More

Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds

අනංමනං (General Information), අන්තර්ජාලය
ලංකාවේ අන්තර්ජාල බාවිතාකරන්නන් හැටියට මෙය රහසක් නොවෙයි, කොපමණ දුකක්ද කියලා හරි වේගයක් ලැබෙන අන්තර්ජාල සම්බන්දයක් ලබාගන්න එක. වෙළද දැන්වීම්නම් 4mbps, 3.6mbps ලෙස් විකුනුවට මේවායෙන් අපිට බොහොමයක් විට ලැබෙන්නේ ප්‍රචාරනය කරන ප්‍රමාණයෙන් 20% පමණයි. මෙයට එක හේතුවක් තමයි පාරිබෝගිකයන් හැටියට මේ ගැන නොදැන සිටීම හා තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී නොසිටීම. මේවා ගැන දන්න සේවා දායකයින් බොහෝවිට මෙය ප්‍රයෝජනයට ගෙන පාරිබෝකියන්ව මුලාවට ලක්කරන එක තමයි බොහේ විට කරන්නේ. පාරිබෝගිකයන් හැටියට ගොඩක් වෙලාවට අපි සිටින්නේ ගොඩක් පිටුපසින් අනිත් රටවක් එක්ක බලනකොට.  වෙන රටවල නම් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිනවා. නමුත් ලංකාවේ ඒ දේ සිදුවෙන්නේ නෑ, එක්කෙනෙක් දෙන්නෙක් නැගී සිටියත්, සේවාදායකයන් ඔවුන් ගැන සැලකීමක් දක්වන්නේ නෑ. මොකද ඔවුන් ගේ මතය ඔය කෙනේ ගියා කියලා අපිට පාඩුවක් නෑ කියාය. එම නිසා පැමිනිල්ක් කලද සේවා දායකයින් මේවා ගන්න ගනේ නෑ. මෙයට එක හේතුවක් අපේ රටේ පාරිබෝගියන්ගේ…
Read More

Success Kills Mobitel HSDPA

අන්තර්ජාලය, ජංගම (Mobile)
Mobitel HSDPA වල හොද කියපු කෙනෙක් හැටියට මෙහෙම එකක් ලියන්න වෙයි කියලා සිතුනේ නෑ. දැන් මාස කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු වාර ගනනම් කියලා වැඩක් නෑ, නමුත් මේක ගැන පොඩක් වල සොයලා බැලුවේ නෑ. අන්තිමට මොකද උනේ මලින්තත් Dialog HSDPA එකකට මාරු උනා. මතකනේ කාලෙකට කලින් මම මේ Dialog HSDPA හා Mobitel HSDPA ගැන ලිපියක් ලිවුවා, ඒ වගේම මතකනේ මේ HSDPA නොම්මර පෙන්නලා අපිව රවටන ආකාරය ගැනද ලිපියක් ලිවුවා. දැන් මොකද Mobitel HSDPA වලට වෙලා තියෙනේ ? අර කලින් ලිපි වල නරකයි කියපු Dialog තිබූ ආකාරයටම පත්වෙලා. මෙහෙම උනේ ඇයි ? කිසිම infestractrue දියුනුවක් නොකර, තම ජාලයට දරාගන්න බැරි විදියට විකිනීම හා ඉන්ජීනේරුවන්ගේ ඇති අඩුපාඩු. ලොකුම හේතුව මේ මොබයිල් සමාගම් වල, දත්ත හා ගුවන්විදුලි තරංග ගැන…
Read More