September 6th, 2009 in Video, කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) | 28 Comments »
[Read This Post in English]
අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ
- Front panel එකේ Display එකක් සවිකිරීම.
- Head Phone jack සවිකිරීම.
- Software configuration.
පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp, මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා. නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක් (iAmpRemote) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට.
Read more »
August 23rd, 2009 in Video, කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල් | 28 Comments »
[Read This Post in English]
මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.
ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා.
මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500

මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.
Read more »
August 11th, 2009 in අනංමනං (General Information), කෙසේ ද ? (How To) | 13 Comments »
රජයෙන් බලපත්‍ර ලබා ඇති ආධුනික ගුවන් විදුලි සන්නිවේදකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ කෙරෙන සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය නමින් හැඳින් වේ.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය, ගුවන් විදුලි තරංග ඹස්සේ පණිවිඞ සන්නිවේදනය කරමින් මිත්‍රත්ව ඇතිකර ගැනීම හා ගුවන් විදුලි ශිල්පය හා තාක්‍ෂණය යොදවා උපකරණ සෑදීම හා ක්‍රියා කිරීම සඳහා උපයෝගී කර ගැනේ. එය ව්‍යාපාරයක් වශයෙන් මුදල් උපයීමට හෝ හුදෙක් ලාභය තකා කරන ක්‍රියාවක් නොවේ. මෙය ස්වයං පුහුණුව, අන්තර් සන්නිවේදනය හා තාක්‍ෂණ විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රියාවලියකි.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය ලොව පතල හා ලොව පිලිගත් සේවයකි. ගුවන් විදුලි සංඥා ලබා ගැනීමට හා යැවීමට සහ අත්හදා බැලීමට ආධුනික ශිල්පීන්ට මෙය උපකාරී වේ. මෙයට අමතරව ස්වේච්ඡා සේවයක් වශයෙන් හා හදිසි ආපදා අවස්ථා වලදී ආධුනික ගූවන් විදුලි සන්නිවේදකයෝ තම සේවය මහජනතාවට ලබා දෙති.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනයේ නියැලීම සඳහා රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ එම බලපත්‍ර නිකුත් කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම මගිනි. ලොව පුරා අාධුනික ගුවන් ව්දුලි සන්නිවේදන බලපත්‍රලාභීන් මිලියන 3 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාවේ සිටින ආධුනික ගුවන් විදුලි බලපත්‍රලාභීන් ගණන 200 ක් පමණ වේ. ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ශිල්පීහු තම නිවෙස් වල සිට ලොව පුරා සිටින තවත් ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමග ගුවන් විදුලි පණිවිඩ හුවමාරු කර ගනිති. මිත්‍රත්ව ගොඩනගා ගනිති. පණිවිඩ හුවමාරුවට පරිගණක, මෝස් සඥා ක්‍රමය පවා උපකාර කර ගනිති. සමහර අවස්ථාවලදී අතේ ගෙන යා හැකි කුඩා සම්ප්‍රේෂණඋපකරණ, අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ද පණිවිඩ හුවමාරුව සඳහා උපකාර කර ගැනේ.
Read more »
August 2nd, 2009 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල් | 31 Comments »
[Read This Post in English]
දැන් කට්ටිය බලයි මේ මොකද්ද කියලා Media Center PC නොහොත් HTPC (Home Theater PC) එකක් කියනේ කියලා. ඒ තමයි තමන්ගේ Film, Music වගේ දේවල් පරිගනකයක් උපකාර කරගෙන DVR (Digital Video Recorder), DVD Player, CD Player, Radio වගේ උපකරණ වෙනුවට PC එකක් යොදාගෙන ඉහත කී උපකරණයකින් වෙන දේවල් ඊට වඩා හොදට එක Interface (මුහුණතක්) යොදාගෙන කිරීම. කලින් දවසක මම මේ HDD Media Player ගැන කතාකරා, මෙය එම උපකරණ වලට වඩා පොඩ්ඩක් ඉදිරියට යෑමක්.
දැන් කට්ටිය කියන්න පුලුවන් මමත් ඔය ඔක්කොම මගේ computer එකේ කරනවා වෙනස මොකද කියලා. වෙනස තමයි පරිගනකයේ අපි බොහෝවිට කරනේ පරිගන තිරය (Monitor) එක හා පරිගනක speakers යොදාගෙනයි, නමුත් මෙහිදී Home Theater experience (ගෙදර ෆිල්ම් හෝල්) එකක් ලැබෙනේ නෑ. HiFi system එකක් ලැබෙන ගුනාත්මක කම වගේම surround sound ලාබාගැනීම ද වැදගත්. අනික අපි පරිගනකය හසුරවන්නේ keyboard, mouse යොදාගෙන, නමුත් film එකක් බලනකොට හෝ සින්දුවක් අහනකොට හොදට වාඩි වෙලා අහන අතරේ සින්දුවක් තෝරන්න, tv channel එක මාරු කරන්න පුටුවෙන් නැගිටිනේ නැතුව කරන්න පුලුවන් විදියට තමයි මේ HTPC හදන්නේ. ඒවාගෙම අන්තර්ජාලය හරහා අපිට ලැබෙන Internet Radio, Live Video Streaming, Podcast වගේ දේවල්ද මේ හරහා අපිට රස විදින්න පුලුවන්.
අද මම කතා කරනේ අපි කොහොමද ගොඩක් අඩු මුදලකට මේවගේ HTPC එකක් හදාගනේ කියලා, TV එකක් එක්ක හා surround sound AMP එකක් එක හරියට මේවා සම්බන්ද කරන ආකාරය ගැන. හැබැයි මේක HD Video හදහා යොදාගත නොහැකියි. මොක්ද මෙහිදී බාවිතා කරනේ අඩුමිල උපකරණ නිසා.
මෙය ලිපි මාලා දෙකක් ලෙස තමයි පලවන්නේ, මේ එහි පලමු ලිපියයි.
Read more »
June 15th, 2009 in කෙසේ ද ? (How To) | 72 Comments »
ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුණ නිසා, අද හිතුණා එකක් ලියන්න ඕනේ කියලා, අද නම් දවසම කළේ නිදාගත්ත එක තමයි. ඉස්සරනම් මාසෙට පොස්ට් කීපයක් ලියනවා, දැන් කාල වේලාව පොඩ්ඩක් මදි නිසා ඒක හරියට වෙන්නේ නෑ
ඉතින් අද කතාකරන්න යන්නේ GPS ගැන, මේ GPRS නම් නොවෙයි
GPS කියන්නේ Global Positioning System කියන එකයි. මේකෙන් කරන්නෙ හරිම සරල දෙයක් වුවත් එහි වටිනාකම හරිම වැදගත්. GPS උපකරණයකින් කරන්නේ තමන් ඉන්න තැන හරියටම අක්ෂාංශ හා දේශාංශ ලබාදීමයි. සරලම GPS එක මේකයි, දැන් GPS බොහෝමයක map එකක්ද එනවා, ඒ නිසා තමන් සිටින ස්ථානය වගේම අවට දේවල්ද මැප් එකෙන් පෙන්වනවා. පිට රටවලනම් වාහනවල navigation system එකක් එනවා, මේකෙන් කරන්නේ ඉන්න ස්ථානය, යන්න හදන තැනට ඇති කෙටිම පාර වගේම යන විට හැරෙන්න ඕන තැන් පවා කටහඬකින් කියනවා.
දැන් GPS එක හරිම සුලභ භාණ්ඩයක් වෙලා, ගොඩක් ජංගම දුරකථනවල පවා මෙය එනවා. ඉතින් ජංගම දුරකථනයට google maps වගේ දාගත්තා නම් ලංකාවේ බොහෝ මාර්ග එහි තිබෙනවා. ඒවගේම පාරක් හෝ නොදන්න ස්ථානයක් තිබෙනවා නම් ඒක search කර වුවද සොයාගන්න පුළුවන්. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ iPhone එකක google maps හරහා ස්ථානයක් search කළ විට දිස්වෙන ආකාරය.
Read more »
May 6th, 2009 in Software, කෙසේ ද ? (How To), වින්ඩොස් | 34 Comments »
දන්නවනේ මැයි 1වෙනිදා Microsoft සමාගම Windows 7 RC (Release Candidate) නිකුත් කරා, මේක ඕනෑම කෙනෙකුට මැයි 5 වෙනිදා ඉදන් download කරන්න ලබාදෙනවා නොමිලේ (2.45GB DVD Image, ISO), කෙටි කාලයකදී මේ download කිරීමද දෙන එක ඔවුන් විසින් නවත්වන්න පුලුවන්. එම නිසා ඉක්කමට මේක download කරගන්න. download කිරීමට ලියාපදිංචි වීමේදී ම ඔබට Windows 7 RC සදහා serial එකක් ද ඔවුන් ලබා දෙනවා, ඔබට ඕනෑම නම් පරණ Windows 7 beta හිදී ගත්ත serial එක උවද බාවිතා කරන්න පුලුවන්. Windows 7 RC එක build 7100 (සැකසුමක්) ලෙස තමයි එළි දකිනේ, Windows 7 beta තිබුනේ 7000 build එකක් ලෙසයි. Windows 7 RC එක ඔබට වසරක් පුරා නොමිලේ බාවිතාකරනත් පුලුවන්. ඒකත් හොද දෙයක් නේ මේ හොර කොපි වින්ඩොස් බාවිතා කරනවාට වඩා.
මේ අය මේ Windows 7 RC ලෙස දෙන්නේ Windows 7 Ultimate කියන edition එක.
Read more »
April 9th, 2009 in අනංමනං (General Information), ගැජමැට්ක්ස්, මගේ දේවල් | 40 Comments »
දන්නවනේ මම iPhone ලෝලියෙක් නොවෙයි, නමුත් හැමෝම මේ iPhone වලට හරිම ආසයි, අපේ මලින්තනම් “holy phone” එක ලෙස තමයි මේක හදුන්වනේ. මගේ ආසාවම තිබුනේ Samsung Omnia එකක් ගැනීම තමයි. මොකද මේකේ දුවනේ Windows Mobile 6.1 වීමයි හා එහි 8GB හෝ 16GB මතකයක් එකයි එන්නේ. ඉතින් මම යාලුවෙකුට කිවා, මට Samsung Omnia එකක් ගෙනත් දෙන්න කියලා මොකද එයා සිංගප්පුරුවේ යන නිසා, ඉතින් මට කතා කරලා මෙයා කිව්වා, Lock කරපුවා නම් තියනවා ගොඩක් අඩුවෙන් එකක් ගේන්නද කියලා, මම ඉතින් හා කිව්වා, මොකද Windows Mobile එකක් Unlock කරන එක හරිම පහසු නිසා. ඔන්න මට Samsung Omnia එක ලැබුනා. ගෙනත් බලනකොට මේක ජපානේ මොබයිල් සමාගමක් වන Softbank වලට නිකුත් කරපු එකක්. මේක Samsumg Omnia i900 වඩා වෙනස්. මොකද Softbank Samsung Ombia 930sc එක Samsung සමාගම විසින් Softbank සහදාම සෑදූ එකක්, පෙනුම හා UI (User Interface) එක උවද, මෙහි දුවනේ Windows Mobile නොවෙයි, OEM (Original Equipment Manufacture) OS එකක්. මෙයට අමතරව මෙහි 800×480 resolution සහිත තිරයක් තමයි එන්නේ, මොකද මෙහි Digital TV ලබාගැනීමට සකස් කරලා තිබෙන්නේ, නමුත් Samsung Omnia i900 හි එන්නේ 240 x 400 resolution තිරයක් හා Digital TV පහසුකම ද නෑ, නමුත් Softbank Omnia එක Unlock කරන්න තවම බෑ. ගොඩක් විට ජපානෙයේ එන දුරකතන හරියාකාරව unlock කරන්න හැකියාව අඩුයි. මොකද Softbank විසින් මේක කරන්න නොහැකිවන ලස සකසා ඇති නිසා. මොකද Softbank විසින් දුරකතනය දෙන්නේ ඉතාමත් අඩු මුදලකට වන නිසා.
Read more »
March 23rd, 2009 in Software | 9 Comments »
මෙන්න නියම වැඩක්, Microsoft Tools මිල වැඩිද, ඔබ තාම ඉගෙන ගන්නවාද? මෙන්න නොමිලේ Microsoft Software ගන්න විදියක්. දැනට CCR and DSS Tool kit 2008, Robotic Developer Studio 2008, XNZ Game Studio 3.0, Visual Studio 2008, Windows Server 2008, SQL Server 2008, Expression Studio 2, Visual Studio 2005, Windows Server 2003, Visual C#, Visual C++, VirtualPC, Visual Basic 2008, Visual Web Developer 2008 ආදී ඕනෑ මෙ Software එකක් නොමිලේ ලබාගන්න පුලුවන්, මොනද ඕනේ සුදුසුකම් ? ඔබ Student කෙන්ක් හෝ Teacher කෙන්ක් විය යුතුයි, University හි පිලිගත් ඊමේල් ලිපිනයක් ඕනේ.
ඔබේ Univercity එක ලිස්ට් එකේ නැතිනම් එය ඇතුලත් කරන ලෙස ඉලා සිටින්න පුලුවන්, යන්න www.dreamspark.com දැන් ඉතින් හොර කොපි ඕනේ නැනේ
March 20th, 2009 in Software, අනංමනං (General Information) | 8 Comments »
මේ දවස්වල වැඩ නිසා පොස්ට් එකක් වත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ, අද ගෙදර හිටපු නිසා, දවල් පොඩි නින්දක් දාපු නිසා හිතුනා පොඩි පොස්ට් එකක් ලියන්න, එක එක දේවල් ගැන. මේ ටිකේ ගොඩක් කාලය වැය කලේ ඔෆිස් එකේ වැඩට, ඊට පස්සෙ Mobile Streaming ගැන, මොකද අපේ Techකතා දැන් මොබයිල් එකේ streaming වෙන හදපු නිසා, (http://m.techkatha.com) ඒක වැඩ කරත් පොඩි පොඩි ටෙස්ටින් කරනවා, පොඩ්ඩක් සිංහල දාගන්න. මොකද මොබයිල් සයිට් එක ඉන්ගිරිසි නේ
Mobile Streaming ටිකක් පොඩ්කාස්ටින් වගේ ලේසි නෑ, Live නොවුනත් මේසදහා Streaming server එකක් ඕනේ, දැනට යොදාගන්නේ Apple Darwin සවර් එක. content type එක 3gp, දැන්ට ස්ට්‍රීම් කරනේ 5kbps වගේ වේගයකින්, මේක 40kbps ව්ලට වඩා අඩුයි, ඒ කියනේ GPRS වල උවද කිසි ගැටලුවක් නැතුව අහන්න පුලුවන්.
Read more »
February 12th, 2009 in Software | 24 Comments »
මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?
කොහොමද කරන්නෙ ?
Read more »
February 10th, 2009 in අනංමනං (General Information), මගේ දේවල් | 23 Comments »
හැමදාම මොකක් හරි වගේ අදත් ඔන්න අලයක්, මේපාර Dialog නම් නෙවෙයි. මේ පාර Mobitel. අද ඉතින් පොඩ්ඩක් කලින් ගෙදර ආවා… ඇවිත් Router එක On කරලා, ලැපත් අරගෙන ඇඳ උඩට ගියා, මලා..ඉන්ටර්නෙට් නෑ, router එකට ලොග් වෙලා බැලුවා, connecting…. කියලා තියනවා connect වෙන්නේ නෑ. ඊට පස්සෙ මොඩම් (Huawei E220) එක ගලවලා ලැපට කෙලින්ම ගැහුවා.
පස්සෙ ඔන්න customer service call කළා, ඒක ගන්න බැරිවෙන්න අමුතු IVR එකක් දාල, ඒකේ මාර පොරක් වෙන්න ඕනේ customer service contact කරන menu එක හොයාගන්න, ඔක්කොම බොරු automated system, විනාඩි කීපයක් දඟලලා ඔන්න waiting…. විනාඩි 15 විතර යනකොට ඔන්න කොලු ගැටයෙක් කතා කළා, එයත් අර මම කලින් කියපු විදියේ කෙනෙක්. මතකනේ පොස්ට් එක.
ඉන්ති මම ඇහුවා ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා, “ආ, සර්, මේක ඩිස්කනෙක්ට් කරලා නේ”, මම ඇහුවා, ඒ මොකද ඒ කියලා. “සර්ගේ credit limit පැනලා, සර්ගේ ලිමිට් එක රු.2500, ඒත් බිල රු.3266.77″ මම ඇහුවා, ආ ඉතින් හරිනේ, package එක, රු.2490 ++ TAX උනහම හරිනේ, ඉතින් ඒක මගෙ වරදක්ද?, මම over usage එකක වත්, due කීයක් වත් නෑ නේ, ඕක normal HSDPA Zoom2490 එකේ මාසෙක ගානනේ, අනික ඒක සදහා ගන්න ඩිපොසිට් එක රු.2500යි. due දවස කවදද ? “22 සර්.” එහනම් අද 10 නේ ඇයි disconnect කරේ, මේක මගෙ වරදක්ද, මගේ කිසිම due එකක් නෑ, ගිය මාසේ බිල වෙලාවට ගෙවලා තියනවා, මේක ඔයාට තේරෙන්නේ නැද්ද හැම මාසෙම 5වෙනිදා බිල හැදෙනකොට 6 වෙනිදා තියන ගාණ තමයි රු.3266.77 (රු.2490 + MSL + EFF + ECL + MBT = රු.3266.77) කියන්නේ, ඔයා ඔය කියන්නේ හැම මාසෙම 6 වෙනිදා මගේ ලයින් එක කපනවා කියලද. “සර්, usage පැනලා ඇති, මට මෙහෙන් සර්ගේ usage බලන්න බෑ” අනේ අම්මපා මුට ගන්න බැරිද මම අහන්නේ, අනික ඌට usage බලන්න බැරිනම් මටද පුලුවන්.
ගැටලුව තේරුනාද ?
Read more »
January 28th, 2009 in අනංමනං (General Information) | 6 Comments »
මේක තමයි ලොකුම ගැටලුව තාක්ෂණය කොපමණ දියුනු උනත් වැඩක් කරන්න ගියහම ඒක කරන්න බෑනේ, ගැටලු පැන නැග්ගහම අහන්න කෙනෙක් නෑ නේ, නැතිනම් group වල IRC, Forum වල ගියහම ඔය සමහර අය කියයි RTFM (Read the Fucking Manual) කියල,
නැත්නම් කියයි අපි spoon feeding (හැන්දෙන් කවන්නේ) කරනෙ නෑ කියා. ඉතින් මේකට මොකද කරන්න පුලුවන්, අනික් මේ සුද්දගේ බාසාව හරියට බැරි උනොත් ඔය එකක් වත් කරන්න බැනේ. ඉතින් මේකට විසදුමක් දෙන්න කියලා අපිට හිතුනා, අපි කිව්වේ මම හා තව මගේ මිතුරන් කීප දෙනකුට, මොකද අපි දන්නවා දෙයක් කරන්න ගියහම ඒක ගැන හරියට අහගන්න, උපදෙසක් ගන්න ගියහම තියන ගැටලුව.
ඉතින් අපි පටන්ගත්තා මේ Techකතා, ටෙක්නොලොජි ගැන සිංහලෙන්, (www.techkatha.com) මොකද් ද මේ ?
Read more »
January 25th, 2009 in අනංමනං (General Information), මගේ දේවල් | 9 Comments »
මට හිතුනා පොඩි වැඩක් කරන්න ඕනේ කියලා, මොකද ගොඩක් අය මේ බ්ලොග් එක කියවනවා
ඒ වගේම ගොඩක් අය සිංහල බ්ලොග් ලියනවා, මෙන්න මේකයි වැඩේ, මම මේ වෙනකන් ලියලා තියන බ්ලොග් පොස්ට් වලින් එකකට පිලිතුරු ලිපියක් ඔබගේ බ්ලොග් අඩවියේ ලියන්න, ඒක මම ලියපු ලිපියට ලින්ක් කරන්න, නැත්නම් මට ඒක ඊමේල් කරන්න (kalinga.a [at] gmail.com) ඔව්, මේක තරගයක්, තෑගි දෙනවා
මේකෙන් ලැබෙන්නේ ? 8GB USB Flash Driver දෙකක් මම හොදම ලිපි දෙකට දෙනවා, මරු නේද ? තෝරාගන්නන හොදම ලිපි දෙක මම මගේ බ්ලොග් අඩවියේද පලකරනවා.
කොන්දේසි…. Read more »
January 22nd, 2009 in Software | 54 Comments »
මතකනේ මම මුලින්න බැන්න Google Chrome වලට ?
හික්, පස්සෙ උන දේ දන්නවානේ, Firefox වලට ටටා කියලා මාත් Google Chrome වලට මාරු උනා. දැන් ටිකක් දවස් ඉදන් මේක බාවිතාකරන නිසා මේක තියන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
තාමත් මේ Chrome තියෙන්නේ basic browser එකක හැටියට, ප්ලගින් නෑ, වඩිය වැඩකෑලී නෑ, නමුත් මම දැකපු ගොඩක් stable browser එකක්, මොකද මම Firefox බාවිතා කරන කාලේ ඕක දවසට 2-3 පාරක් crash වෙනවා, මම දැන් chrome වල බාවිතා කරනේ unstable developer version එකක්, ඒකත් Firefox වලට වඩා stable කියලයි මට හැගෙන්නේ.
chrome stable එකේ නම්, සිංහල typing ගැටලු තියනවා, නමුත් මේක chrome developer version එකේ දී නෑ. හරි අපි බලමු මේකේ තියන වැඩ කෑලී, දන්නවානේ Chrome කියනේ Lightning fast කියලා, මම කියනදේ අහන්න එපා, පාවිචි කරලා බලන්න.
Read more »
January 18th, 2009 in අනංමනං (General Information), කෙසේ ද ? (How To) | 175 Comments »
හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ.
මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි
ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ.
Read more »