February 10th, 2010 in අන්තර්ජාලය, ජංගම (Mobile) | 11 Comments »
දැනට HSDPA (ජංගම අන්තර්ජාල) සේවා බාවිතා කරන අය දන්නවා මෙවායේ තියන ගැටලු, වේගය මදිකම වගේ ගොඩක් ගැටලු තියනවා. මතකනේ මම කීප වරක් මේ ගැන බ්ලොග් එහම ලිවුවා. ඉතින් මේ හැන දැන් ආන්ඩුව පවා සොයා බලනන තැනට ඇවිත් තියනවා.
ඉතින් මේගැන බ්ලොග් ලියලා (Why HSDPA Sucks in Sri Lanka) අනිත් අය දැනුවත් කරනවා වගේම, අපි එකතුවෙලා මේකට විසදුමක් සොයාගන්න හා එක් එක් සේවා දායකයාගේ ගුනාත්මක බව දැනගන්න දැනට ජංගම අන්තර්ජාල සේවා වල අඩුපාඩු සොයන්න හා කියන දේ ඇත්තටම මේවායේ තියනවද කියලා හැමෝටම දැනගන්න වගේම මේ දත්ත එකතුකොට සේවාවක් තොරනකොට හොදම එක මොකද්ද බලන්න LIRNEasia මගින් Mobile AT-Tester කියලා tool එකක් හැදෙමින් පවතිනවා. මෙයට මමද දායක වෙලා තමයි කරන්නේ.
ඔබත් කැමතියනම් මේ ජංගම අන්තර්ජාල සේවා වැඩිදියුනු කිරීමට සහය දක්වන්න, පෙබරිවාරි මස 13වන සෙනසුරාදා උදේ 9.00 යේ සිට දවල් 12 දක්වා රේනුකා City හොටලයේ දී AT-Tester දියත්කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් නොමිලේ පැවත්වෙනවා. මේ සදහා ඔබටත් සහබාගි වෙන්න පුලුවන්. ආසන ගණන සීමිත නිසා ඉක්මනින්ම kalinga.a@gmail.com වෙත හෝ ranmalee@lirneasia.net ඊමේල් එකක් එවා ඔබේ ආසනය වෙන්කරගන්න. බාසාව සිංහල/ඉංගිරිසි වන අතර, දෙමළ බ්ලොග් කරුවන්ටද මෙයට සහබාගි විය හැක. බ්ලොග් කරුවන්ට (සිංහල/දෙමළ/ඉංගිරිසි) මුල් තැනක් දෙන නිසා, ඔබ බ්ලොග් කරුවෙක්නම් ඒ ගැනද ඊමේල් එකේ සදහන් කරන්න. මෙහිදී AT-Tester ට අමතරව HSDPA ජංගම හා අන්තර්ජාල සේවා ගැන දැනුවත් කිරීමක්ද සිදුකෙරෙනවා.
මෙමගින් අපිට තවත් සේවාදායකන්ට බලපෑමක් කරන්න පුලුවන් ඔවුන්ගේ ජංගම අන්තර්ජාල වල ගුනාතමක බව පවත්වාගෙන යෑම සදහා.
වැඩි විස්තර හෝ 0777 254174 අමතන්න.
January 30th, 2010 in අනංමනං (General Information), අන්තර්ජාලය | 33 Comments »
ලංකාවේ අන්තර්ජාල බාවිතාකරන්නන් හැටියට මෙය රහසක් නොවෙයි, කොපමණ දුකක්ද කියලා හරි වේගයක් ලැබෙන අන්තර්ජාල සම්බන්දයක් ලබාගන්න එක. වෙළද දැන්වීම්නම් 4mbps, 3.6mbps ලෙස් විකුනුවට මේවායෙන් අපිට බොහොමයක් විට ලැබෙන්නේ ප්‍රචාරනය කරන ප්‍රමාණයෙන් 20% පමණයි.
මෙයට එක හේතුවක් තමයි පාරිබෝගිකයන් හැටියට මේ ගැන නොදැන සිටීම හා තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී නොසිටීම. මේවා ගැන දන්න සේවා දායකයින් බොහෝවිට මෙය ප්‍රයෝජනයට ගෙන පාරිබෝකියන්ව මුලාවට ලක්කරන එක තමයි බොහේ විට කරන්නේ. පාරිබෝගිකයන් හැටියට ගොඩක් වෙලාවට අපි සිටින්නේ ගොඩක් පිටුපසින් අනිත් රටවක් එක්ක බලනකොට. වෙන රටවල නම් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිනවා. නමුත් ලංකාවේ ඒ දේ සිදුවෙන්නේ නෑ, එක්කෙනෙක් දෙන්නෙක් නැගී සිටියත්, සේවාදායකයන් ඔවුන් ගැන සැලකීමක් දක්වන්නේ නෑ. මොකද ඔවුන් ගේ මතය ඔය කෙනේ ගියා කියලා අපිට පාඩුවක් නෑ කියාය. එම නිසා පැමිනිල්ක් කලද සේවා දායකයින් මේවා ගන්න ගනේ නෑ. මෙයට එක හේතුවක් අපේ රටේ පාරිබෝගියන්ගේ අයිතීන් රකින්න හරි ක්‍රමයක් නැති එක. විෂේෂයෙන්ම මේ අන්තර්ජාල සම්බන්දතා ගැන. වෙන රටවල පාරිබෝගිකයා දෙවි කෙනෙක්, Customer is always right කියා කියනකොට පේ රටේ පාරිබෝගික සේවයේ සිටන අයට පාරිබෝගිකයා කරදරයකි.
Read more »
January 17th, 2010 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස් | 52 Comments »
බලමු කොහොමද කියලා iPhone 3G (OS 3.1.2) එකකට සිංහල යුනිකෝඩ් දාන්නේ කියලා. මේ ඔක්කොම කරන්න කලින් iPhone එක Jailbreak ලක යුතුයි. මේ ආකාරයට සිංහල iPod Touch එකකට උවද දැමිය හැකියි. දැනට ගොඩක් ලංකාවේ තියන iPhone ඉතින් කොහොමත් Jailbreak කරපුව නිසා Jailbreak කරන කොටස අතහරින්න පුලුවන්. මගේ එක Dialog එකෙන් ගත්ත නිසා ඒක Jailbreak කරපු එකක් නොවෙයි, Retail Unlock එකක්. ඉස්සර වගේ නොවෙයි දැන් Jailbreak කරන එක හරිම ලේසියි. මේ සදහා blackra1n කියන tool එක තමයි යොදාගන්නේ.
සිංහල ෆොන්ට් එක හදන්න නම් මලින්ත හා නිකලස් තමයි මහන්සි උනේ. මුලින් අපි හැදුවේ දසුන් එක්ක ඔහුගේ MAC font එකේ සිංහල rules දාලා, නමුත් ඒක හරි ගියේ නැ, පසුව තමයි මම දැක්කේ දසුන්ගේ font එක MAC OS වල දැම්මහමත් අල කියා, නිකලස්ගේ font එක දැම්මහම වැඩ, (100% නොවෙයි) පස්සේ මලින්තට කිවුහම iPhone arialuni.ttf font එකට අපි නිකලස්ගේ ෆොන්ට් එකේ සිංහල ඇතුලත් කරලා බැලුවා ඒත් අල, පස්සේ මලින්ත නිකලස්ව සම්බන්ද කරගත්තම තමයි font rules දාන්න වෙනම විදියක් තියනවා කියලා දැනගත්තේ. (Font එක ලබාගැනීමට මට ඊමේල් එකක් එවන්න)
බලමු දැන් ඉස්සෙලා iPhone එක Jailbreak කරන විදිය, blackra1n tool එක download කරගන්න.
[UPDATE: දැනට Jailbreak කර ඇත්නම් මෙතනට යන්න]
Read more »
January 10th, 2010 in අන්තර්ජාලය, ජංගම (Mobile) | 65 Comments »
Mobitel HSDPA වල හොද කියපු කෙනෙක් හැටියට මෙහෙම එකක් ලියන්න වෙයි කියලා සිතුනේ නෑ. දැන් මාස කීපයක සිට මතකනේ මලින්ත එහම සෑහෙන්න Mobitel HSDPA වලට දොස් කිවුවා. මේ ගැන මම හිතන්නේ මලින්ත Mobitel අයට කියපු වාර ගනනම් කියලා වැඩක් නෑ, නමුත් මේක ගැන පොඩක් වල සොයලා බැලුවේ නෑ. අන්තිමට මොකද උනේ මලින්තත් Dialog HSDPA එකකට මාරු උනා.
මතකනේ කාලෙකට කලින් මම මේ Dialog HSDPA හා Mobitel HSDPA ගැන ලිපියක් ලිවුවා, ඒ වගේම මතකනේ මේ HSDPA නොම්මර පෙන්නලා අපිව රවටන ආකාරය ගැනද ලිපියක් ලිවුවා.
දැන් මොකද Mobitel HSDPA වලට වෙලා තියෙනේ ? අර කලින් ලිපි වල නරකයි කියපු Dialog තිබූ ආකාරයටම පත්වෙලා. මෙහෙම උනේ ඇයි ? කිසිම infestractrue දියුනුවක් නොකර, තම ජාලයට දරාගන්න බැරි විදියට විකිනීම හා ඉන්ජීනේරුවන්ගේ ඇති අඩුපාඩු. ලොකුම හේතුව මේ මොබයිල් සමාගම් වල, දත්ත හා ගුවන්විදුලි තරංග ගැන සොයාබලන කොටස් දෙකක් වීම හා බෝල පාස් කිරීම.
දැනට Mobitel බාවිතා කරන කී දෙනෙකුට එකවර දුර කතන ඇමතුමක් ලාබාගන්න නොහැකිද ? SMS එකක් වත් නොයන වෙලා තියනවා. මේ සියල්ලට හේතුව වන්නේ මේ ජාලයට දරාගත නොහැකි තරම් ග්‍රහකයන් සිටීම. හැම විටම මේ HSDPA වැනි දත්ත සේවාවන් වලට ජංගම දුරකත ජාල වල ලැබෙන්නේ දෙවනි තැන, හැම විටම voice call සදහා පලමු තැන දෙයි. නමුත් voice call එකක් වත හරියට වැඩ නොකරයි නම් දත්ත (DATA – HSDPA) ගැන කවර කතාද? Read more »
January 3rd, 2010 in කෙසේ ද ? (How To), ලිනක්ස්, වින්ඩොස් | 19 Comments »
ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම.
ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.
Read more »
December 27th, 2009 in අනංමනං (General Information), මගේ දේවල් | 47 Comments »
ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් ලිවුවේ නෑ, බ්ලොග් එකක් තියා Techකතා පොස් ටික වත් දාන්න බැරි උනා! දැන්නම් පාරේ බැහැලා යන්න ටිකක් අමාරුයි, මොක්ද කට්ටිය පොලු තියාගෙන ඉන්වා Techකතා upload කරේ නෑ කියලා.
අවුරුද්ද ඉවර වෙන්නත් එනවා, ඒක නිසා සිතුනා පොඩක් වෙනස් ලිපියක් ලියන්න. මම ඉතින් වල් පල් ලියන්නේ නෑනේ ඉතින්.
ඉතින් මම මොකද මේ අවුරුද්දේ කරේ ? බලාගෙන ගියහම කරපු දෙයක් නැ. නොකරපු දේකුත් නෑ. කරපු වැදගත්ම දෙයක් කියන්න පුලුවන් Techකතා ඇරබුම, කාටද මේකේ ස්තුතිය යන්න ඕනේ, ඒ නම් තිලිණට. මොකද ටෙක්නොලොජි ගැන වෙනම බ්ලොග් මැගසින් එකක් කරන්න හිටියා ටෙක්ටෝක් කියලා. නමුත් දවසක් තිලිණ කිවුවා අපි රේඩියෝවක් කරමු කියලා. ඔය අදහස් දෙක මුසුවෙලා තමයි Techකතා එලි දැක්කේ දින 3නක් වගේ කෙටි කාලයකින්.
Read more »
November 16th, 2009 in අනංමනං (General Information) | 13 Comments »
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#
October 6th, 2009 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස් | 57 Comments »
මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 ක්, මේ කියනේ hard disk නැතුව. මෙචර ගානක් දීලා මේක ගන්න එක කිසිම තේරුමක් නෑ කියලා සිතුනා.
ඔහොම හිතනකොට ආවා අදහස්ක් මගේ පරණ UPS එකක් තිබුනා, මේක ඇතුලේ NAS එකක් හදාගන්න පුරුවන්නම් මරු නේද කියලා. මොකද නියම සයිස් එක නේ, වැඩි ඉඩක් යන්නේ නෑ නේ.
නොදන්න අයට බලමු මොකද මේ NAS නොහොත් Network Attached Storage එකක් කියන්නේ කියලා, මේක හරියට Network (LAN) එකට හයි කරපු hard disk එකක් වගේ, ඕනෑම පරිගණකය සිට සම්බන්දවෙලා දත්ත copy කරන්න share කරන්න පුලුවන්. File Server එකක් වගේ, ඒත් file server කියන්නේ ටිකක් hardware ඕන, වැඩි ඉඩක් යන දේවල් නේ. NAS වල file sharing විතරක් නොවෙයි, Audio/Video Streaming කරන්න, backup කරන්න වගේම මේ හදපු එකේ Torrent උතන් download වෙන්න දාන්න පුලුවන්. ;) විදුලිය වැඩිය යන්නෙත් නෑ නේ!
Read more »
September 30th, 2009 in Software, වින්ඩොස් | 9 Comments »
Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද එයට Genuine OS එකක් තිබිය යුතයි. RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය බාවිතා කරන්න පුලුවන්. කලින් තිබුනු Windows Defender වගේ.
September 26th, 2009 in Software, කෙසේ ද ? (How To) | 24 Comments »
අද මම කියන්න යන්නේ Techකතා වලට අපි කොමද මේ gateway එක හැදුවේ කියලා. මොකද ගොඩක් අය මේක ගැන අහන නිසා. Techකතා SMS එක ගැන කිවුවොත් හරිම සරලයි. ඒකෙන් කරනේ SMS හරහා එන පනිවුඩ එන command එක අනුව action එකක් run කිරීමහ හා Techකතා එක්ක ලියාපදිංචි අයට දැනුම්දීම් කරන්න. උදාහරනයක් ගමු අපි කෙනෙක් add කියලා type කරලා Techකතා SMS number (0714712774) එකට එවුවා කියල, එවිට Techකතා SMS system එකෙන් පලමු වචනය “add” නිසා, එවන කෙනාගේ number එකTechකතා list (Database) එකේ save කරගන්නවා. තව කෙනෙක් ask how to setup sms gateway කියලා එවුවා කියමු, එවිට පලමු වචනය ask නිසා, ask command එකට අදාල action එක වෙන්නෙ Techකතා කන්ඩායමේ question list එකට email හරහා Techකතා team එකට යවන එක.
දැන් කොහොමද් මේ SMS එන්නේ හා යන්නේ කියලා බලමු, මේ සදහා අපි යොදාගනේ normal Sony Ericsson K510 දුරකතනයක් USB cable එකක් හරහා පරිගණකයට සවිකරලා. phone එක GSM Modem එකක් හැටියට ක්‍රියාකරන්නේ. ඉතින් එන හා යන සියලු SMS මේ දුරකතන හරහා තමයි සිද්ද වෙනේ. ලොකු SMS gateway මේ සදහා අපි යොදාගනේ නෑ. Sony Ericsson එකක් යොදාගත්තේ වෙනත් ජංගම දුරකතන වල true GSM Modem එකක් එන්නේ නැති නිසා. අපි Nokia වගේ එකක් ගත්තොත් SMS receive වගේ ඒවා නෑ.
මේ සදහා SMS Gateway එකක් යොදාගන්න හැකි වුවද ඒ සදහා ලොකු මුදලක් වැය කරන්න වෙනවා, ඉතින් මේවගේ පොඩි වැඩකට මේක හොදටම ඇති කියලා අපිට පෙනුනා, එක දුර්වල කමක් තමයි SMS යවන වේගය ගොඩක් අඩුවීමයි, විනාඩියකට SMS 8-10 වගේ.
මේ තියෙන්නේ එහි block digram එක.
Read more »
September 6th, 2009 in Video, කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater) | 21 Comments »
[Read This Post in English]
අද මේ Media Center ගැන ලියන අන්තිම ඒක, ඒ කිවුවේ Atom Media Center ලිපි මාලාවේ අවසාන එක. පහුගිය දෙකම කියවන්න ඇතිනේ ? නැත්නම් ඉසෙල්ලා ඒ ටික කියවන්න. දෙවනි කොටසේදී මම 3වන ලිපියේ කතා කරන්න ඕනේ ඒවා ලිස්ට් කරා, තුන්වන කොටසේ කතාකරන්න යන්නේ
- Front panel එකේ Display එකක් සවිකිරීම.
- Head Phone jack සවිකිරීම.
- Software configuration.
පලමු කොටසේ කියපු එක දෙයක් වෙනස් උනා, ඒක තමයි Default audio player එක හැටියට iTunes යොදාගන්න එක, නමුත් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා දැන් මම යොදාගන්නේ Winamp, මේකට හේතු උනේ iTunes වල keyboard shortcut මදිකම හා Front panel display එක්ක දත්ත හුවමාරුවට ආපූ ගැටලු නිසා. නමුත් Winamp ද iPhone එක හරහා පාලනය කිරීමට පුලුවන්, නමු මේ සදහා application එකක් (iAmpRemote) මිලදී ගත යුතුයි. රු.550 වගේ මිලට.
Read more »
August 23rd, 2009 in Video, කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල් | 26 Comments »
[Read This Post in English]
මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.
ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා.
මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500

මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.
Read more »
August 11th, 2009 in අනංමනං (General Information), කෙසේ ද ? (How To) | 12 Comments »
රජයෙන් බලපත්‍ර ලබා ඇති ආධුනික ගුවන් විදුලි සන්නිවේදකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ කෙරෙන සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය නමින් හැඳින් වේ.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය, ගුවන් විදුලි තරංග ඹස්සේ පණිවිඞ සන්නිවේදනය කරමින් මිත්‍රත්ව ඇතිකර ගැනීම හා ගුවන් විදුලි ශිල්පය හා තාක්‍ෂණය යොදවා උපකරණ සෑදීම හා ක්‍රියා කිරීම සඳහා උපයෝගී කර ගැනේ. එය ව්‍යාපාරයක් වශයෙන් මුදල් උපයීමට හෝ හුදෙක් ලාභය තකා කරන ක්‍රියාවක් නොවේ. මෙය ස්වයං පුහුණුව, අන්තර් සන්නිවේදනය හා තාක්‍ෂණ විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රියාවලියකි.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය ලොව පතල හා ලොව පිලිගත් සේවයකි. ගුවන් විදුලි සංඥා ලබා ගැනීමට හා යැවීමට සහ අත්හදා බැලීමට ආධුනික ශිල්පීන්ට මෙය උපකාරී වේ. මෙයට අමතරව ස්වේච්ඡා සේවයක් වශයෙන් හා හදිසි ආපදා අවස්ථා වලදී ආධුනික ගූවන් විදුලි සන්නිවේදකයෝ තම සේවය මහජනතාවට ලබා දෙති.
ආධුනික ගුවන් විදුලි සන්නිවේදනයේ නියැලීම සඳහා රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ එම බලපත්‍ර නිකුත් කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම මගිනි. ලොව පුරා අාධුනික ගුවන් ව්දුලි සන්නිවේදන බලපත්‍රලාභීන් මිලියන 3 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාවේ සිටින ආධුනික ගුවන් විදුලි බලපත්‍රලාභීන් ගණන 200 ක් පමණ වේ. ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ශිල්පීහු තම නිවෙස් වල සිට ලොව පුරා සිටින තවත් ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමග ගුවන් විදුලි පණිවිඩ හුවමාරු කර ගනිති. මිත්‍රත්ව ගොඩනගා ගනිති. පණිවිඩ හුවමාරුවට පරිගණක, මෝස් සඥා ක්‍රමය පවා උපකාර කර ගනිති. සමහර අවස්ථාවලදී අතේ ගෙන යා හැකි කුඩා සම්ප්‍රේෂණඋපකරණ, අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ද පණිවිඩ හුවමාරුව සඳහා උපකාර කර ගැනේ.
Read more »
August 2nd, 2009 in කෙසේ ද ? (How To), ගැජමැට්ක්ස්, ගෙදර ෆිල්ම් හෝල් (Home Theater), මගේ දේවල් | 30 Comments »
[Read This Post in English]
දැන් කට්ටිය බලයි මේ මොකද්ද කියලා Media Center PC නොහොත් HTPC (Home Theater PC) එකක් කියනේ කියලා. ඒ තමයි තමන්ගේ Film, Music වගේ දේවල් පරිගනකයක් උපකාර කරගෙන DVR (Digital Video Recorder), DVD Player, CD Player, Radio වගේ උපකරණ වෙනුවට PC එකක් යොදාගෙන ඉහත කී උපකරණයකින් වෙන දේවල් ඊට වඩා හොදට එක Interface (මුහුණතක්) යොදාගෙන කිරීම. කලින් දවසක මම මේ HDD Media Player ගැන කතාකරා, මෙය එම උපකරණ වලට වඩා පොඩ්ඩක් ඉදිරියට යෑමක්.
දැන් කට්ටිය කියන්න පුලුවන් මමත් ඔය ඔක්කොම මගේ computer එකේ කරනවා වෙනස මොකද කියලා. වෙනස තමයි පරිගනකයේ අපි බොහෝවිට කරනේ පරිගන තිරය (Monitor) එක හා පරිගනක speakers යොදාගෙනයි, නමුත් මෙහිදී Home Theater experience (ගෙදර ෆිල්ම් හෝල්) එකක් ලැබෙනේ නෑ. HiFi system එකක් ලැබෙන ගුනාත්මක කම වගේම surround sound ලාබාගැනීම ද වැදගත්. අනික අපි පරිගනකය හසුරවන්නේ keyboard, mouse යොදාගෙන, නමුත් film එකක් බලනකොට හෝ සින්දුවක් අහනකොට හොදට වාඩි වෙලා අහන අතරේ සින්දුවක් තෝරන්න, tv channel එක මාරු කරන්න පුටුවෙන් නැගිටිනේ නැතුව කරන්න පුලුවන් විදියට තමයි මේ HTPC හදන්නේ. ඒවාගෙම අන්තර්ජාලය හරහා අපිට ලැබෙන Internet Radio, Live Video Streaming, Podcast වගේ දේවල්ද මේ හරහා අපිට රස විදින්න පුලුවන්.
අද මම කතා කරනේ අපි කොහොමද ගොඩක් අඩු මුදලකට මේවගේ HTPC එකක් හදාගනේ කියලා, TV එකක් එක්ක හා surround sound AMP එකක් එක හරියට මේවා සම්බන්ද කරන ආකාරය ගැන. හැබැයි මේක HD Video හදහා යොදාගත නොහැකියි. මොක්ද මෙහිදී බාවිතා කරනේ අඩුමිල උපකරණ නිසා.
මෙය ලිපි මාලා දෙකක් ලෙස තමයි පලවන්නේ, මේ එහි පලමු ලිපියයි.
Read more »
June 15th, 2009 in කෙසේ ද ? (How To) | 67 Comments »
ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුණ නිසා, අද හිතුණා එකක් ලියන්න ඕනේ කියලා, අද නම් දවසම කළේ නිදාගත්ත එක තමයි. ඉස්සරනම් මාසෙට පොස්ට් කීපයක් ලියනවා, දැන් කාල වේලාව පොඩ්ඩක් මදි නිසා ඒක හරියට වෙන්නේ නෑ
ඉතින් අද කතාකරන්න යන්නේ GPS ගැන, මේ GPRS නම් නොවෙයි
GPS කියන්නේ Global Positioning System කියන එකයි. මේකෙන් කරන්නෙ හරිම සරල දෙයක් වුවත් එහි වටිනාකම හරිම වැදගත්. GPS උපකරණයකින් කරන්නේ තමන් ඉන්න තැන හරියටම අක්ෂාංශ හා දේශාංශ ලබාදීමයි. සරලම GPS එක මේකයි, දැන් GPS බොහෝමයක map එකක්ද එනවා, ඒ නිසා තමන් සිටින ස්ථානය වගේම අවට දේවල්ද මැප් එකෙන් පෙන්වනවා. පිට රටවලනම් වාහනවල navigation system එකක් එනවා, මේකෙන් කරන්නේ ඉන්න ස්ථානය, යන්න හදන තැනට ඇති කෙටිම පාර වගේම යන විට හැරෙන්න ඕන තැන් පවා කටහඬකින් කියනවා.
දැන් GPS එක හරිම සුලභ භාණ්ඩයක් වෙලා, ගොඩක් ජංගම දුරකථනවල පවා මෙය එනවා. ඉතින් ජංගම දුරකථනයට google maps වගේ දාගත්තා නම් ලංකාවේ බොහෝ මාර්ග එහි තිබෙනවා. ඒවගේම පාරක් හෝ නොදන්න ස්ථානයක් තිබෙනවා නම් ඒක search කර වුවද සොයාගන්න පුළුවන්. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ iPhone එකක google maps හරහා ස්ථානයක් search කළ විට දිස්වෙන ආකාරය.
Read more »