Vacuum Tube Head Phone Amplifier + PCB Making
අකාලෙට වැහි වගේ බ්ලොග් ලියන මම ඔන්න අද ලියන්න යනේ Audio ගැන උනන්දුවක් දක්වන හා electrons වලට කැමති අයට පොඩි පොස්ට එකක්. ඉස්සෙලා බලමු මොනවද මේ Vacuum Tubes/Valve කියනේ කියලා. 1900 ගනන් වලට මේ Transistor, IC(Integrated Circuits ) එන්න කලින් රේඩියෝ, TV විතරන් නොවෙයි පරිගණක පවා බාවිතා කරේ මේ වැකුම් ටියුබ්.
ඔය තියෙන්නේ Tube එකක්, මේක හරියට බල්බ් එකක් වගේ, ඒ විතරක් නොවෙයි, මේක ඇතුලේ ෆිලමන්ට් එකක් තියන නිසා මේක ටිකක් කලාමැදිරි එලියට දැල්වෙනවා.
වැකුම් ටියුබ් හදන හැටි බලන්න ඕනේනම් මෙන්න විඩියෝව. කොටස් බරගානක් ඇත ![]()
දැන් කෙනෙක් කියන්න පුලුවන් මෙචර Electronicස දියුනු වෙලා තියන කාලේ මොන එකකට මේ 1900 බර ගනන් වල ටියුබ් බාවිතා කරනේ කියලා. Audiophiles ඒ කියනේ sound පිස්සෝ ලොව වටා තවම්ත් කියනවා ටියුබ් වලින් ලැබුන සද්ද ගුනාතම බව ට්‍රාන්සිස්ටර්, අයි.සී වලින් නොලැබෙන බව. එම නිසා තවමත් ඉහල ගණයේ ඇම්පිලිෆයර් එහම හදනවා මේ වැකුම් ටියුබ් යොදාගෙන.
ටික කාලෙක ඉදන් මටත් උවමණාවක් තිබුනා ටියුබ් ඇම්ප් එකක් හදන්න, ඒක කරන්න ටියුබ් බාවිතය ගැන එචර දැනීමක් නති නිසා වැඩේ පොඩියට පටන්ගන්න හිතුවා. ඒ කියනේ හෙඩ්ෆොන් ඇම් එකකින්. බලමු කොහොමද හදන්නේ කියලා. ඒ කාලේනම් ටියුබ් දේවල් හැදුවේ P.C.B නැතිව point to point වයරින් වලින්. ඒ කියනේ කොටස් වයර් මගින් සම්බන්ද කරලා. නමුත් අපි දැන් කරනේ Hybrid ක්‍රමයට. හික්… දැම් හැමෝටම Hybrid අමාරුවනේ… ඔන්න පෙට්රිල් අද ඉදන් ගනන් ගියා කියනේනේ
PCB සෑදීමට උවමණා දේවල්.
Laser Printer, PCB Layout එකක්. (මම යොදාගත්තේ ඊගල් පී.සී.බී හදන සොෆ්ට් වෙයාර් එක, මේක free), ferric chloride, copper clad board වගේම රෙදි මදින iron එකක්. පරණ මැගසින් එකක් දිලිසෙන කොලයක්, 1mm (මේක හොයාගන්න නම් දෙවියන්ගෙම පිහිටයි, මොකද ලංකාවේ mm ක්‍රමයට කටු විකුනන්නේ නෑ, ඒක නිසා මම ගෙන්න ගත්තේ ඊබේ එකෙන්.) හා 1.5mm drill කරු හා drill එකක්. වලන් මදින කෙදි ඇති මැට් එකක්. tinnier ටිකක්. ප්ලාස්ටික් බාජනයක්. කඩදාසි ටේප්.
උවමණා ප්‍රමාණයට PCB කැල්ල කපා, එය වලන් මදින කෙදි ඇති මැට් එනෙක් හොදට කොපර් ඇති පැත්ත සුද්ද කරගන්න.
දැන් PCB පැටන් එක මැගසින් කොලේ ප්රන්ට් කරගෙන, ( මේ සදහා බබල් ජෙට්/ ඉන්ක් ජෙට් ප්‍රන්ටර් බාවිතා කල නොහැක) ප්රන්ට් කරපු පැත්ත කොපර් බෝඩ් එක පැත්ත සිටින ලෙස තබා හොදින් දෙපැත්ට ටේප් යොදන්න
දැන් අයන් එක හොදට රත්කර අලවපු කොලය උඩින් තියලා තදකරගෙන විනාඩියක් පමණ සිටින්න, දැන් අයන් එකේ හොදින් කොලේ මදින්න, මතක තියාගෙන්න එහම කරනකොට කොලේ එහාට මේහට නොවෙන්න වග බලාගන්න. ඉන්පසුව PCB එක කොලෙත් එක්කම වතුර එකක දමා විනාඩි 20~30 සිටින්න.
දැන් සෙමින් කොලය වතූරේ තිබියදී ගලවා ඉවත් කරන්න, මෙහිදී කොපර් පැත්තට ඇලුන toner ගැලවී නොයන ලෙස කරගන්න. හරියට කරානම් දැන් ටෝනර් ටික PCB එකේ ඇලී තිබියදී කොලය ගලවා ඉවත්වේ. ටෝනර් ගැලවුනු තැනක් තියනවානම් permanent marker එකක් යොදාගෙන එම තැන් නැවත සකසන්න.
දැන් ෆෙරික් ක්ලෝරඩ් ටික ප්ලාස්ටින් බාජනයට දමා එය PCB එක දමන්න, ඔබට ලැබුනේ ෆෙරික් කෝරඩ් කුඩුනම් එය වතුට පිරවූ බාජනයකට දමා දිය කරන්න. මතක තියාගන්න ෆෙරික් ක්ලෝරඩ් වලට වතුර එකතු කරන්න එපා. වතුරට ෆෙරික් කෝරඩ් එකතු කරන්න. ඒ වගේම ෆෙරික් කෝරඩ් යකට බාජන වලට දමන්න එපා.
මෙය කරන තැන හොදට සුළන් වදින තැන වීම අනිවාර්යයයි. මොකද මෙමගින් විෂකාරක වායුන් පිටවෙනවා වගේම ෆෙරික් කෝරඩ් අතේ හෝ කිසිම යකඩ දේක ගන්න එපා.
සැරෙන් සැරේට එම බාජන පොඩක් සොලවා පි.සි.බී. එකේ තබ දියවීමට උපකාර කරන්න. සියලුම තබ දියවූ පසු P.C.B එක හොදින් වතුරෙන් සෝදාගන්න. ඉන්පසුව ටිනර් ජොදා පී.සී.බී එකේ ඇති ටෝනර් ටික ඉවත්කරගන්න.
දැන් ඉතින් උවමණා තැන් වල හිල් ගසා කෑලී සවිකරන්න තමයි තියෙනේ
සමානයෙන් tube වැඩකරන ලොකු වීල්ටීය තාවක් ඕනේ, (200V වගේ) ඒක නිසා මේක transistor (MOSFETS ) හා tube එකතුව ලෙස එන්නේ. එම නිසා 12v වලින් මෙය කරදයක් නැතුව වැඩ කරන්න පුලුවන්. මම යොදාගත්ත ටියුබ් එක 1959 නිපදවූ එකක්. මේවා eBay එකෙන් ලේසියෙන් ගන්න පුලුවන්. රු.1500 පමණ වෙනවා.
Test කරන්න නම් යොදාගත්තේ AKG K121 හෙඩ් ෆෝන් හා Grado SR60i හෙට් ෆෝන් දෙක, මටනම් සද්දේ ගොඩක් හොදයි. play කරන්න යොදාගත්තේ 196/24bit flac audio වගයක්. (HD Tracks) CD එකක් නම් 44.1/16bit තමයි. නමුත් මේ වගේ එකක් ටෙස්ට්න් කරන්න high resolution audio යොදාගන්න එක හොදයි නේ. input එක දුනේ නම් MAC Book Pro එකකින්.
ගොඩක් අය කියනවා, අනේ මට ඔය කොලිටි තේරෙන්නේ නෑ කියලා, තවත් කෙනෙක් කියනවා මගේ එක මැක්ක්සා කොලිටි කියලා.
කොහොම උනත් ඔය දෙගොල්ලන්නටම තමන්නා හැකියාව බලන්න ක්‍රමයක් තියනවා. ඒ harman kardon සමාගම මගින් ලබාදෙන How to listen කියන software එක. එමගින් තමන්ගේ sound ගැන තියන හැකියාව බලනවා වගේම නොදන්න අයට ඉගෙන්න ගන්නත් පුලුවන්. මේක බාවිතා කරන්න නම් ඉතින් ටිකක් හොද sound card එකක් හා speaker/head phones ඕනේ වෙනවා.
මේ Hybrid Tube amp එක හදන්න ඕනේ නම් මෙතන තියනවා විස්තරය.




















February 12th, 2012 at 8:16 am
කාලෙකින් නේද මේ පැත්තේ ඇවිත් තියෙන්නේ, දුවිලි මකුළුදැල් කැඩුවද
නියම ලිපියක්, නොදන්න එව ගොඩක් ඉගෙන ගත්තා. ඉක්මනටම තව ලිපියක් දාමු හොදේ..
February 12th, 2012 at 8:51 am
වැදගත් පෝස්ට් එකක්!
මාත් ශබ්ධ කොලිටිය ගැන සෑහෙන්න සංවේදී කෙනෙක්… තාම හොද සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න අවස්ථාව ලැබිලනම් නැහැ.
ට්‍රෙන්ඩ් එක බලනකොට ඉතාම මෑතකදි mp3 පරදා uncompressed formats ඉදිරියට එන පාටක් තමා පේන්නෙ.
ඕඩියෝ කොලිටි තේරෙන්නෙ නෑ කියන ඕනම කෙනක්ට හොද සවුන්ඩ් සිස්ටම් එකකින් studio quality එක සිංදුවක් අහන්න සැලැස්වුවොත් තමන් මෙච්චර කල් ඇහුවෙ මොනවද කියල හිතේවි!
February 12th, 2012 at 8:52 am
Thanx Kalinga aiya…. good work as always…
February 12th, 2012 at 8:57 am
@Chamli
හික්… මකුණු දැල් නෙවෙයි… කැලේ කපන්න උනා
@upulpp
mp3 කියන්නේ ඇත්තටම සද්දෙන් 80% පමණ නැති කරලා පොඩි ෆයිල් එකක් හදන එක. ඉතින් ඒක අහනවා කියනේ සිංදුවෙන් බාගයක් ඇහුවේ නෑ වගේ
“uncompressed formats” වලට වඩා දැන් ඉදිරියෙන් තියෙන්නේ loss less formats, ඒ කියනේ හරියට අපි ෆයිල් එකක් zip/rar කරා වගේ, කිසිම බිට් එකක අඩුවක් නෑ ෆයිල් එක පොඩි උනාට.
අපේ අයට කොලිටි කියන්නේ… ඩිග් ඩිග් ගාලා බේස් අවිත්, කිසි කිසි ගාලා ට්‍රීබල් අවානම් ඒක තමයි කොලිටිය
February 12th, 2012 at 9:11 am
කියපු ගොඩාක් දෙවල් පොඩි කලේ කිසිම අරක්ශක ක්‍රමයක් අනුගමනය කරන්නෙ නතුවම කරලා තියෙනවා. හබයි ඔය vacuum tume නම් පවිච්චි කරලා නෑ. කිවුවත් වගෙ මටත් ඔය sounds ගැන ලොකු තෙරුමක් නම් නෑ. මෙක try කරලා බලන්නම්.:D
February 12th, 2012 at 9:40 am
මම වතාවක් 1mm කටුවක් ගත්තා පලවෙනි හරස් වීදියෙ පේමන්ට් එකෙන්. නෙතිනම් මහන මැශින් ඉදිකටුවක තුඩ කඩලා පාවිච්චි කරන්නත් පුලුවන්. මම දන්න තරමින් වොක්ෂොල් වීදියෙ Silver Tone වල තාමත් වෑල්ව් විකුනන්න තියෙනවා. නැතිනම් එයලා ගෙනල්ලත් දෙනවා.
February 12th, 2012 at 9:43 am
මැක්සා වැඩක් කාලිංග අයියා
ඔය tube කෑල්ල ලංකාවෙන් හොයාගන්න බැරිද
NAS එකනම් දවස් දෙක තුනක් කට්ට කාලා හදාගත්ත ඊයෙ රෑ වෙකොට
February 12th, 2012 at 9:45 am
@Isusu
ඔවු, පොඩි කාලේනම් මාත් ඕවා ගනන් ගත්තේ නෑ, ඒත් ඉතින් පොඩක් පරිස්සම් එවන එක හොදයි නේ.
@Ruwan
ඔවු, සිල්වර් ටෝන් ලා ගෙනල්ලා දෙනවා. නමුත් ගොඩක් වෙලාවට චයිනීස් ටියුබ්. ඊබේ එකෙන් නම් පරන GE, Mullard ව්ගේ ඒවා හොයාගන්න පුලුවන්.
කටුනම් මම ගන්නේ ඊබේ
කටු 20සක් රු.600යයි. මොකද පොඩ්ඩ ඇත්නම් කටු කැඩෙනවානේ.
February 12th, 2012 at 9:49 am
@නිසංක
රුවන් කිවුවා වගේ වොක්ෂෝල් වීදියේ සිල්වර් ටෝන් ලා ගෙනල්ලා දෙනවා. පුලුවන්නම් ඉතින් ඊබේ එකෙන් ගන්න.
NAS එක හදාගත්ත් එක ගැන නම් සතුටුයි. වැඩේ හොදට ඇති කියලා හිතනවා. ෆොටෝ තියෙනවානම් අපිත් එක්ක බෙදාගන්න.
February 12th, 2012 at 9:51 am
Audiophiles ඒ කියනේ sound පිස්සෝ…..
සංගීත ලෝලීන් කියන එක තමා හරි වචනේ
February 12th, 2012 at 9:55 am
@sana
සංගීත ලෝලීන් කියන්නේ සංගීතය ප්‍රිය කරන අය. නමුත් Audiophiles කියනේ ඊට වඩා ඔබ්බ ගිය කට්ටියක්.
“An audiophile is a person who has a great interest in high-fidelity sound reproduction.”
http://dictionary.reference.com/browse/audiophile
ඒ කියනේ සංගීතය recording ක්‍රම වගේම එය නැවත ප්‍රතිවාදනය (Playback) උපරිම ගුනාතමක බව පිලිබද කැමැත්තක් තියන අය.
February 12th, 2012 at 10:40 am
අයියේ මට අර PCB හදන්න ඕන දේවල් ගන්න කොළඹ අවට තැනක් කියනවද? මහරගම අවට නම් ගොඩක් හොඳයි. Vacuum Tube amp එකක් නෙමෙයි. මම STK IC එකක් දාලා ඈම්ප් එකක හදන්න හිතාගෙන ඉන්නවා
February 12th, 2012 at 10:43 am
@බිම්සර
කොළබ නම් තියනවා, මහරගම හෝ නුගේගොඩක් නම් කැලුම් එකේ ඇති. STK4191 නම් ඉතින් අනේ මට කියන්න වන්ද නෑ
LM3875 වගේ එකක් හදන්න… සද්දෙත් හොදයි… ඇගටත් ගුණයි
February 12th, 2012 at 10:48 am
හ්ම්ම්ම් සෑහෙන කාලෙකින් කාලිංග අයියා blog එක පැත්තෙ ඇවිත් තියෙන්නෙ. මාත් ඔය නානාප්‍රකාර circuit වල pcb නම් හදනවා ඒත කවදාවත් circuit එක නම් හදල ඉවරකරල නෑ
හැබැයි අතින් තමා මිරර් කරල කලැඩ් එකේ ඇන්දෙ. ඊගල් පී.සී.බී ගැන ටිප් එකට තෑංස්. ඒ වගේම ඊබේ එකෙන් ගෙන්නගන්න බඩු ලිස්ට් එකක්ම තියකවා වෙබ් කාඩ් එකක් ගන්න එක හැමදාම කල් යනවා.
February 12th, 2012 at 10:52 am
@සහන්
මමත් ඉතින් ලේසියෙන් ඉස්සරනම් දෙයක් හදලා ඉවර කරලා නෑ
ලගදි ඉදන් තමයි ඉතින් පොඩක් මොමක් හරි ඉවර වෙන්න හදන්නේ
mirror කරලා අදින්න දෙයක් නෑ, අදාල circuit එක ඇදලා ඒක PCB කරහම, print කරනකොට mirror කරන්න පුලුවන්.
February 12th, 2012 at 2:49 pm
@කාලිංග
බොහොම ස්තූතිය අයියේ ගන්න තැනක් කිව්වට. ප්රශ්නය තියෙන්නේ මට තවම හරියට පාස්සන්න බෑ. ඒකත් පුරුදු වෙලා ඉන්න වෙනවා. පොඩ්ඩක් හොඳට පාස්සන්න පුරුදු වෙන්න උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද???
February 12th, 2012 at 4:31 pm
@බිම්සර
පාස්සනම් නම් ඉතින් පාස්සලම තමයි පුරුදු වෙන්න ඕනේ. ගන්නකොට හොද ටිප් එකක් තියන බවුත් එකක් ගන්න. ඒ කියන්නේ සෙරමින් ටිප් එකක්. වොඩ්.40 වගේ. ලාබ බවුත් හරි නෑ.
මේ විඩියෝ එකේ මුලික කරුණු ඔකොම වගේ දියනවා.
http://www.youtube.com/watch?v=I_NU2ruzyc4
February 12th, 2012 at 8:17 pm
ela lipiyak kalinga aiya
space charge tubes 
USA ewa ganan ne,oni nam 12AX7 walata equvalent russain ewa ganna puluwn.
6N2P thama eka,ewanm 4k unath gana adui,habai fillament eka 6.3V only.
both 12.6V & 6.3V widiyata use karanna ba, space charge mode ekedi (12V) walin
mewa use karaddi wadi power ekak ganna ba,enisa meka namata tube unata MOSFET tiyenne power eka wadi karanna
February 12th, 2012 at 8:23 pm
@Buddhika
12AX7 එක dual 6.3 ෆිලමන්ට් නේ…
ඔවු. 12V වලින් ලොකු power එකක් ගන්න බැරි නිසා තමයි MOSFET බාවිතා කරනේ “Hybrid” නේ… හරියට කරන්න නම් 200V වත් දෙන්න වෙනවා. එහම උනොත් output transformer එකකුත් දාන්න වෙනවා. වැඩේ කරදරයි
February 12th, 2012 at 8:26 pm
@Bimsara
STK ekak newe Gainclone ekak hadanna, LM3886,TDA2050 wage ekak use karala,
Total harmonic distortion
electronic walada aluthma kenekta unath godak honda amp ekak hada ganna puluwn
anik eka thama amp ekaka watt gana newe anik features ehema balanna
specially THD eka
February 12th, 2012 at 8:28 pm
මා ගාව පරන LG 5.1 surround system එකක sub-woofer එකක් තියෙනවා.
දැනට පරිඝනකයත සම්බන්ද කර තිබෙන 2.1 එකට අමතරව මට මේ (6″) 8 ohm sub-woofer එකට විතරක් වෙනම bass channel out එකක් දෙන්න හිතන් හිටියෙ කාලෙක ඉදන්. මොකද 2.1 එකෙ 40Hz ට පහල play වෙන්නෙ නැති නිසා. මට මේ සදහා tube amp එකක් භාවිතා කරන්න පුලුවන් වෙයිද? 50W විතර out එකක් sub එකට ගන්නත් ඕනෙ
February 12th, 2012 at 8:32 pm
@Kalinga aiya
ow dual 6.3V fillament 2k series ganna puluwn widiyata tiyenne 12.6V denna oni nam,
MOSFET gatte kiyatada aiya?
LM386 dana ekath wisaduamk MOSFET hoyanna bari kenekta.
kohomath hybrid yanne nathnm output t/f ekak daanna oni impedance match karanna
12V walin wada karath ehema oni okkoma tubes nam
lankawe MOSFET uth tikak hoyanna adui ne
February 12th, 2012 at 8:32 pm
@methgamage
sub එකකටනම් tube amp එකක් හදන එක පාඩුයි වගේම ටිකක් මිල යන වැඩක්, lowpass filter එකක් දාලා කලින් බුද්දික මල්ලී කිවුවා වගේ LM3886 ඈම්ප් එකක් දාන්න. කිසි ගැටලුවක් වෙන්නේනෑ. low-pass filter එක 80Hz වගේ දාන්න… 40Hz වගේ ඒවා ගොඩක් වලාවට තේරෙන්නේ නෑ වගේම හොද sound card එකක් ඕනේ.
February 12th, 2012 at 8:34 pm
Low pass fillter lesiyen design kara ganna oni ayata meka use karanna puluwn elatama
one parameters tika dunnama oni circuit eka hadala dei
http://www.ti.com/tool/filterpro
February 12th, 2012 at 8:37 pm
@Buddika
MOSFET 610 නම් ඊබේ එකන් ගත්තේ $2 shipping එක්ක, 510 තිබුනා පිටකොටුවේ micro, Rs.65 යි එකක්.
February 12th, 2012 at 8:43 pm
ස්තූතියි!
February 12th, 2012 at 11:30 pm
මම පරිගනකයට සබ් එක කනෙක්ට් කරල තමා අහන්නෙ. ඒක නිසා ඔය කියන ‘ඉහළ’ ගුනාත්මක බවකින් නම් මම අහලම නෑ
පරිගනකයෙන්ම සාමාන්‍යෙයන් ගුනාත්මක බව වැඩියෙන් අහන්න කරන්න පුලුවන් දේවල් තියද ? මම මෑතක ඉදන් 320kbps MP3 ඩවුන්ලෝඩ් කරනවා. ඒවයෙ ලොකු වෙනසක් නැතුව ඇති මං හිතන්නෙ ? මොකද මට එහෙම කියන්න තරම් වෙනසක් දැනුනෙ නෑ.
February 13th, 2012 at 10:27 am
AKG headphone eka keeyatada gatte?
February 13th, 2012 at 10:39 am
kalekin neda write kale hodai hodai, ayeth wadagath dewal aragena enna hode good luck….
February 13th, 2012 at 10:50 am
niyamai machan, thanx,,,.puluwannam RMS/PMPO watt gana wstharayak danna,,
February 13th, 2012 at 11:23 am
niyama.machan ebay gana wisthara tikak denna,,,
February 13th, 2012 at 12:35 pm
http://diyaudioprojects.com/Tubes/tubes.htm
Check this too…
February 13th, 2012 at 12:42 pm
@Sachith
හොරාට download කරනා ඔය ගොඩක් ෆයිල් නිකන් බොරුවට up convert කරපුවා. ඉතින් ඒවාගේ ලොකු වෙනසක් තියා කියසි වෙනසක් නෑ. සමහට ඔය high resolution flac හදලා තියෙන්නේ mp3 වලින්
@Ruchira
AKG එක නම් රු.12,000
@kanish
හික්. ඔවු ඔවු. අකාලෙට වැහි
@ravi
RMS (Root mean square) vs PMPO (Peak Music Power Output) හික් ටිකක් දිග කතාවක්, සරලව කිවුවොත් amplifier එකක එක දිගට ලබාගන්න පුලුවන් කියන බලය RMS නමුත් මේකත් පොඩක් වැරදි උත්තරයක් උවද දල අදහස්ක් ගන්න පුලුවන්. ඒ කියනේ මම යටි ගිරියෙන් කෑ ගහගෙන දිගටම හිටියොත් ඇම්ප් එකට එක දියට අඩුවන් නැතුව දෙන්න පුලුවන් බලය RMS power එක. (Watt) PMPO කියන්නේ ඇම්ප් එකක යම්කිසි මිලි තප්පර කිපයකදී ලබාදිය හැකි උපරිම බලය. නමුත් මම එක දිගට කෑ ගහගෙන හිටියොත් ඇම්ප් එකේ PMPO කියන බලය ලැබෙන්නේ නෑ.
PMPO කියන්නේ හරියට මිනිසුන් මුලා කරන දෙයක්. සමහට amplifier දැකලා තියනවා 600W PMPO කියන ඒවා, නමුත් RMP 11W
February 13th, 2012 at 7:44 pm
එතකොට High resolution audio මුදල් ගෙවලම ඩවුන්ලෝඩ් කරගන්න ඕනිද? තව දෙයක්, loss less formats වල භාවිත වෙන එක්ස්ටෙන්ෂන් මොනවද තියෙන්නෙ..? ඒ විදිහට මියුසික් ඩවුන්ලෝඩ් කරන්න දෙන සයිට් තියනවද, මොකද තියන තරමක් සයිට් වල (නොමිලේ දෙන) දෙන්නෙ Mp3 නේ..
February 16th, 2012 at 10:37 am
නියම වැඩක් තමයි මාත් ඉස්සර ඕවගේ වැඩ කරා. මේක කරන්න උත්සාහ කරලා බලන්න ඕන. ස්තුතියි ගොඩාක්
February 16th, 2012 at 10:46 am
@Sachith
FLAC, m4a, ape, WV
නොමිලේනම් නෑ, සාම්පල් දෙන සයිට් නම් තියනවා. HD Tracks වලනම් රිජිස්ටර් උනහම ටිකක් නිකන් දෙනවා.
@Sanjeewa
try එකක් දෙන්න, බැරි කමක් නෑ මොකද හරිම පොඩියි නේ.
March 7th, 2012 at 10:35 pm
මැක්සා ලිපියක්…… තැන්ක් යු කාලිංග අයියා.
April 22nd, 2012 at 12:56 am
Kalinga Aiye kohomada me comment box hadagaththe? Mata tikak pahadili karanawada?
May 2nd, 2012 at 10:09 am
Ela post ekak kalinga. mata dana ganna puluwanda, ara pcb eka hadanna use karapu magazine paper eka gana? eka gana mata therune naha. ewage papers kohenda ganna puluwan lankawedi? please oyata puluwannam eka tikak explain karanna. thanks….!
May 3rd, 2012 at 6:59 pm
මම දිනාගන්න හිටිෙය photo print කරන papers වල විතරයි pcb හදන්න පුලුවන් කියලා. ෙම්ක ලාභ වැඩක් තමයි. පුළුවන්නම් pcb drawings ටිකක් අැඩ් කරන්න.
May 14th, 2012 at 7:49 am
මම නම් ෆෙරික් ක්ලෝරඩ් වලට කොළේ දාන්න ඉස්සල්ලා, ඒක ගලවනවා. හොඳට iron වෙලා නම්, ටෝනර්, බෝඩ් එකට ඇලිලා තියෙන්න ඕනා.
May 21st, 2012 at 5:36 pm
yaluva mata val tube 50w vala vage amp diagram 1k danna ko
May 27th, 2012 at 6:34 pm
මමත් ඕක හැදුවා කොලිටි එකනම් එළකිරි
August 11th, 2012 at 11:46 pm
නියම ක්‍රමය….coments වල හැටියට….මමත් මෙ ක්‍රමය අත්හදා බලනවා…
මම කියුවේ PCB හදන එක ගැන….
Thank u Kalinga aiyee
August 19th, 2012 at 8:28 pm
1mm drill bit jewellery shop walata parts ganna than walin ganna puluwan
February 17th, 2013 at 12:55 pm
1mm,0.8mm,1.2mm etc.. Drill bit available in unitech. 1st cross street ake wam atha peththe kadayak. electronic parts ganna aya nam oya kade purudu athi.bit 1k rs 20/=..