SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband

Home / අන්තර්ජාලය / SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband

කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත.  එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL  package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fare User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය.

ඉහත දැක්වෙන්නේ ADSL 4Mbps Unlimited කියන පැකේජයක ලංකාවේ සිට ඇමරිකාවට (NY) ලැබෙන වේගයන්.   කෙනෙකුට කියන්න පුලුවන්, මේක SLT පාලනයෙන් තොර International Bandwidth (ලංකාව හා ඇමරිකාව අතර තියන සම්බ්න්දය) හෝ speediest කරන අඩවියේ ගැටලුවක් කියලා.

ඉහත් දැක්වේන්නේ ඇමරිකාවේ (NY) වලට ADSL 2Mbps එකකින් කරපු Speed Tesst එකකි, මේ 4mbps හා 2mbps පැකේජ දෙකම පැරණි Unlimited වේ, එතකොට 2mbps එක 4mbps වලට වඩා වෙගවත් උනේ කොහොමද ? මේයට හේතුව 2mbps ලින්ක් එක අඩු download ප්‍රමාණයක් කරන Line එකකින්, නමුත් 4mbps එක මසකට වැඩි download ප්‍රමාණයක් කරන line එකකි. මෙයින් පැහැදිලි වෙනවා SLT විසින් මොකක් හෝ කරන බව.

මොවුන්ට මේ ගැන මම කල පැමිණිලි ප්‍රමාණය අප්‍රමාණයි, නමුත් මොවුන් කරනේ එම පැමිණිලි වසා දැමීමයි. කිසි පිලිතුරක් නොදයි. ඊයේ මම කතා කරපු එක පුද්ගලයෙක් මට කියනවා මම data limit එක පැනලා ඒකයි slow කියලා, මම ඇහුවා මට data limit කොහෙද මේක දැන් වසර 4කට පමණ පෙර ගත්ත එකක්, ඒ කාලේ එහම කිසිම ලිමිට් එක නැති බව. පසුව මොහු හරි මම අදාල තැනට මෙය යොමුකරනවා කියා ටික වෙලාවකින් ඔවු මා අමතයි කියාසිටිය ද මේ වෙන තුරු ඇමතුමක්ද නැත.  @SriLankaTelcom ඔවුනේ Twitter වෙත බැන්න විට ඔහු පැවසුවේ [email protected] වෙත පැමිණිල්ලක් කරන ලෙසයි. මේ වනතුරු එයටද පිලිතුරක් නැත.  මොවුන් මෙලෙස කරනේ ඔවුට පාරිබෝගිකයන් ඔවුන්ට වඩිනාකමක් නැති නිසයි.

ඉහත දැක්වෙන්නේ SLT හී Facebook පිටුවේ ඔවුන් මේ දේ කරන බව කියන comment එකකි.

Sri Lanka Telecom PLC Dear friends, as we explained earlier we are not discouraging heavy users,
however some limitations have to be imposed to ensure fair down link speed for everyone.
We offer the best broadband deal for both limited and unlimited customers and we are proud to say that you will not get unlimited downloads from any
WiMax or HSPA operator in SL .I think some of you have hands-on experience with this too. The situation here is different from USA and UK as we are dealing
with lack of local contents compared to developed countries, but in our region we are in a good position compared to other South Asian countries.

මොවුන් පවසන පරිදී මේ කිරීම ගැන ඔවුන් උජාරුවට පත්චෙනවාලු, උජාරු පත්වෙනවා නොව ලැජ්ජාවට පත්විය යුතුයි, තමන්ට හරි Internet connection එකක් දෙනෙන් බැරි එක ගැන. අනික මේ අය හෝ TRC විසින් පැරණි ADSL පැකේජ ඇති අයට මේ දේ කරන බව දැනුම් දුන්නාද ? එහම නැතිනම් මේ පැරණි පැකේජ ගන්නා විට මෙවැනි ලිමිටේෂන් එකක් තියනවා කිවුවාද ? නෑ… එහනම් මේක තනිකර පාරිබෝගිකයා රැවටීමක්. ඒ වගේම මේවා දැක දැක TRC එක නිදි.  ඉතින් SLT ඉංජිනේරු මහත්වරුනේ දන්නේ දෙන්න බැරිනම් අපි කපමු… තමන්ගේ බැරි කමට මේක තමයි මේකෙන් පෙන්නනේ. ඒ මදිවට ලැජ්ජ නැතුව කියවා මේ කරන එක උජාරුවට පත්වෙනවා කියාලා. අනික මේවා කරන්න SLT එකට සල්ලී නෑ කියන්න බෑ, ගිය වසරේ බිලියන ගානක ලාබ ලැබූ බව උජාරුවට කිවුවේ… ඒ මේවගේ මිනිසුන් මුලා කරලා හම්බ කරපු සල්ලී.

TRC නොහොත් Telecommunications Regulatory Commission of Sri Lanka විසින් ලොකුවට Speedtest කරයි, මසකට වරක් මේ දත්ත දෙයි, නමුත් මෙයින් පාරිබෝගිකයන් ලෙස අපිට ලැබුනේ කුමක්ද ? කිසිවක් නෑ, සේවාදායකයින් (ISP) ලා ඔවුන්ට ඕනේ දෙයක් කරයි, TRC එක කරණ පැමිණිලි කුණු බක්කියට, නිකන් මහජනතාවගේ මුදල් නාස්ති කිරීමක් පමණයි මේ අය කරනේ. මෙහෙම දෙයක් SLT විසින් කරන බව දන්වාද ඇසූවිට කිසිවක් නොකියයි. බොරුවට Speedtest කීරීම නවත්වලා මහජනතාවගේ පැමිණිලි වලට මීට වඩා අවදාන යොමුකරාදන් හොද නැද්ද මජනතාවගේ සල්ලී මෙලෙස නාස්ති නොකොට ? TRC එක නටන්නේ ISP/Service Providers ලගේ පදයටයි.

SLT දැන් අලුත් ADSL පැකේජ පවා Unlimited යන වචනය යොදාගෙන මිනිසුන් මුලා කරයි, මොවුන්ගේ Unlimited වලට මාසෙකට බාචිතා කල හැකි දත්ත ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පැන්න පසු වේගය 64kbps දක්වා අඩු කරූණු ලැබේ. 64kbps යනු හරියට මීට අවුරුදු 7~8 කට කලින් අපි Dialup ගියා වැනිය. TRC විසින් 64kbps broadband ලෙස කියන්නේ බෝඩ්බෑන්ඩ් යන එකේ අර්තය වත් නොදැන බවයි මගේ අදහස්. අදකාලේ හරියට Facebook යන්න වත් මේ ප්‍රමාණය මදිය.  මිනිසුන් තාක්ෂ්ණය ගැන නොදනී, ඉතින් මුලා කරන්න ලේයි. එලෙස කරමි මෙම සමාගම් බිලියන ගනනින් ලාබ ලබයි, TRC එක මොවුන් වෙනුව්න් කිබුල් කදුලු සලමින්, අනේ ඒයට ඔයිට වඩා දුන්නොත් පාඩුයි කියි. තේරුම් ගතයුතු දෙයක් ඇත, පාරිබෝගිකයන් වැඩිවන විට, ලැබෙන මුදල් වැඩිවේ, එමගින් තමන්ගේ යතිතල පහසුකම් නගාසිටවිය හැක. නමුත් මොවුන් කරනේ එලෙස නොකර, පලන යොදා තව තවත් මුදල් සෙවීමකි.  TRC සිටින පුටු රත්කරන, Internet කියනේ Facebook හා Email කියලා හිතාගෙන ඉන්න අයට මේවා නොතේරේ.  10GB කිවුවහම මොවුන් සිතන්නේ මුලු අන්තර්ජාලයම download කල හැකි බවයි. මේ මහත්වරුනේ Dongal බිල් හා ගෙදර දුරකතන බිල් ද ආන්ඩුවෙන් (ජනතාව) ගෙවන නිස ඉතින් ඒ යට ඔය 10GB පැන්නා කියලා සාක්කුවට දැනෙන එකක්ද ?

SLT හි තවත් කියමණක් තමයි, පිටරටවල් වලද මෙලෙස limit දමන බව, කතාව ඇත්ත. නමුත් ඔවුන් ඔබට නොකියන දෙයක් තමයි ඒ ලිමිට් එක කොපමනද කියා, ඇමරිකාවේ මෙය කරන්නේ ගියේ ලිමිට් එක 250GB ලෙසයි. අනික ඒ ලිමිට් එක හොදටම සෑහෙන සිය ගනන් වලින් කියවෙන ලිමිට්. ඒත් ලංකාව ? දැනට 10GB කියනේ Youtube දිනකට විඩියෝ 10යක් බැලුවොත් මාසෙ යන්න කලින් ඔවර වෙන ප්‍රමාණයක්.  තාක්ෂණයෙන් ඉතිරියට යනව කියන්නේ තියන දේවල් අඩු කිරීම නොව වැඩිකිරීම බව මොවුන් නොදනී. මුදල් සෙවීමේ පඩු පරමාර්තයක් පමණක් පමණයි මොවුන්ගේ ඇත්තේ.

වෙනත් රවල් Internet එක මානව අයිතියක් කරනකොට අපේ රට, Dialup ලංකාවට හදුන්වා දෙයි. අන්ඩුව e-Learning and Content Delivery ගැන කතා කරයි, පිට රට ඉන්න අම්මා අච්චිට Skype call දෙනවා පෙන්නයි, Skype call එකක් 64kbps වලින් ගන්න හැටි බලන්න මම හරි ආසයි. බහු ජාතික සමාගම් වලට ලංකාව්ට පැමිණ BPO වැනී දෑ කරන්න කියයි, ඒ මිනිස්සු ඇවිත් මේ තියන Internet දැක්කහම ඒ සමාගම් රැහෙන ඉන්දියාවට යයි. TRC එක තියන Internet එකත් නැති කිරිමට සමාගම් වලට ඕනේ නාඩගමක් නටන්න දෙයි, මෙවැනි දේවල් වලට මෙවැනි වැට බැදීම රටේ දියුනුවට බාදාවකි. මෙය තේරුම් ගැනීමට තර්ම් වත් මේ පුටුවල ඉන්න අයට මොලයක් නැත. නැතිනම් මොවුද මුදල් නෝට්ටුවට යටවී ඇතැයි කියලා තමයි මටනම් ගැගෙන්නේ…  TRC විසින් broadband මිල අඩුකලා කියලා රටටම කියයි, මේක හරියට 450g පන් ගෙඩිය 225g කරලා පාන් මිල අඩුකලා කියනවා වගේ වැඩක්.

ජනපති මහින්ද රාජප්ක්ෂ මහතා රටේ පාරවත් හදයි, අදිවේගයෙන් යන්න පාරවත් තනයි. රටක දියුනුව කියන්නේ යටිතල පහ්සු කම් බව එතුමා තේරුම් අරගෙන ඇති නිසා, නමුත් රටේ තාක්ෂණය අදි වේගය අඩු වේගය ලෙස පසු පසට යයි. අන්තර් ජාලය කියනේ රටක පාරවල් මෙන් දැන් රටේ දියුනුවට මහත් උපකාර වෙන දෙයක්, එය වත් අපේ TRC/SLT මහත් වරුන්ට තේරුම් ගන්නවත් හැකියාවක් නෑ.

TRC කලයුතු දේ

  • Broadband යන්න පැහැදිලි අර්තකතනයක් දෙන්න වගේම අවම වේගය මොකද කියන්න.
  • සමාගම් වලින් කියන වේගයෙන් 50% වත් අවම ලෙස දෙන්න, එලෙස නොදෙන සමාගම් වලට නීතිමය පියවර ගන්න.
  • පැමිණිලි ගැන සොයාබලන්න වගේම පැමිණිලි හරියට කල හැකි ක්‍රමයක් දෙන්න.
  • Unlimited හා FUP කියන දෙක එකට නොයොදන්න, Unlimited නම් එය 64kbps විය නොහැකි බව තේරුම් ගන්න (නොතේරෙන මහත්වරු මලල සේකරය අරගෙන Unlimited වචනේ තේරුම බලන්න)
  • පැරණි පැකේජ ලබාදුන්න කොන්දේසි වෙනස් කීරීම නම් මුලු රටටම දැනුම් දී ඇයි එලෙස කරනේ කියන්න. හොරෙන් හොරෙන් නොකර.

SLT

  • මුදලට කලින් පාරිබෝගිකයා ගැන සිතන්න.
  • හොරෙන් හැංගිහොරා නොකර, කරන දෙයක් ප්‍රසිද්දියේ කරන්න. තමන්ගේ Terms & Condition හැමෝටම පෙන්න දමන්න.
  • ඔතන වැඩ කරන මහත්වරු, තමන් පඩි ගන්නේ පාරිබෝගිකයාගේ මුදල් වලින් බව තේරුම් ගන්න.
  • පිටරට හොස්ට් කරන අඩවි ල්ංකාව තුලට ගන්න උත්සාහ කරන්න, වෙබ් අඩවියක් SLT එකේ තියෙන්න ඉඩමක් විකුනන්න ඕනේ නැතිවෙන්න. එතකොට ඔය නෑ නෑ කියන International bandwidth වත් ඉතුරු වෙයි.
UPDATE:
කරුණාකර Sri Lanka Internet Users Unionෆේස්බුක් සමූහයේ සාමාජිකත්වය ගන්න, මෙමගින් අපේ ඉදිරි වැඩ කටයුතු ගැන දැනුම් දෙනවා.https://www.facebook.com/groups/LKInternetUsers/

 

ඔබ SLT විසින් මේකරන දේට විරුද්දනම්, ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගයට සහය දෙන්න කැමතිනම්, ඔබේ ADSL සම්බන්දතාවයේ විස්තරය අපට දෙන්න https://docs.google.com/spreadsheet/viewform?hl=en_US&formkey=dG93UzJiTUxzamliOU02NXB2cGtqdkE6MQ#gid=0

ඔබට මෙය ගැන ගැටලුවක් ඇතිනම්  https://www.facebook.com/groups/LKInternetUsers/ ඔස්සේ විමසන්න. ලංකාවේ අන්තර්ජාල සේවා ගුනාතම බාවය වැඩිකිරීමට ඔබේ සහය දෙන්න.

118 Comments

  • indika

    අපේ රටේ නෙට් ගැනනම් කියල වැඩක් නැහැ . මම පාවිච්චි කරන්නේ මොබිටෙල් ඩොන්ගල් පැකේජ් එකක්. මාසෙටම 5 GB . මට හිතෙන්නේ මුන්ගේ මොලේ කචල් කියල. මාසෙටම 5GB වලින් මොන මගුලද කරන පුළුවන්. හැබැයි ස්පීඩ් එකනම් හොඳයි . ගොඩක් වෙලාවට 100-120 KB /ps ලැබෙනවා. කොහොම උනත් මම බලගන ඉන්නේ වෙන isp කෙනෙක් එනකන්. ඔයිට වඩා හොඳ ට නෙට් දෙන. අනික trc එක ඇතුලට දේශපාලනය රිංගල. හොඳට හෙව්වොත් තේරෙයි. කොම්පැනි කාරයෝ ටික දේශපලුවොටික අල්ලගත්තහම trc එක ට දෙවිපිහිටයි. කොහොම උනත් ජපානේ NTT එකට slt එක තියෙද්දී මිටවඩා හොඳට නෙට් තිබුන. දේශපලුවොටික එක කෑවා. කව්රු හරි ක්‍රියාමාර්ගයක් ගන්නවානම් මමත් සප් එකක් දෙනවා බොක්කෙන්ම.

  • indika27

    මෙහෙමයි කාලිංග දැන් බොහෝ අය හිතන් ඉන්නෙ මේ වගේ නිවුස් එකක් පේස්බුක් එකේ ජී ප්ලස් එකේ ටුවිටරවල සහ බ්ලොග් වල දැම්මම සුදු වෑන් එකකින් ඇවිත් අරන් යයි කියල…ඒත් ඒක නෙමෙ ඇත්ත..
    ඔයා වගේ මේ ප්‍රශ්ණය තමුන්ට දැනෙන තරමින් හරි පේස්බුක් වෝල් එකක ස්පෑම් මේල් එකක,,තව සමාජ ජාලයක දමනවනම් ඒක තමා වැදගත් වෙන්නෙ…
    පේස්බුක් තියෙන්නෙ ටුවිටර් තියෙන්නෙ ජී පලස් තියෙන්න මල් කඩන්න ආතල් ගන්න විතරක් නෙමෙ…මේ වගේ දේවලටත් ඒක යොදාගන්න ඕනි..
    ඉන්ටර්නෙට් ගන්න අය ඉන්ටර්නෙට් එකේ ඉන්නව අපිට මේ විදියට නිරුවත අඩුම වශයෙන් අපිවටා ඉන්න අයට හරි පෙන්නන එකයි වැදගත්..

  • කම්ප්ලේන් කරන්න කියලා කෝල් කරාම ඒ අය කරන්නෙ අපේ ප්‍රශ්න වලට උත්තර දෙනඑක නෙවි, අපි අහන ප්‍රශ්න නෑහුනා වගේ එයාලාගේ ප්‍රශ්න ටික අහන එකයි. එතැනදිත් අපෙන් අහන්නෙ අපේ ගැටලුව මොකක්ද කියනඑක වෙනුවට අපි කතා කරන දුරකතන අංකය මොකක්ද කියනඑකයි, ඒ අංකය කාගෙද කියන එකයි ලිපිනය මොකක්ද කියන එකයි. අපි ඇහුවොත් අපේ කතා කරන අංකය ඩිස්ප්ලේ වෙනවා නේද කියලා ඒ අය ඒකට උත්තර දෙන්නෙ නෑ. නෑහුන ගානට වෙන මොනවා හරි කියවනවා. මට දවසක් ඩොන්ගල් එකට හරියන්න කොම්පියුටරේ සෙටින්ස් හදාගන්න උපදෙස් දෙන්න ආවා. මම වින්ඩෝස් නෙවි යුස් කරන්නෙ කිවාම වින්ඩෝස් යුස් කරලා බලන්නලු. බිල් අංකල් මෙයාලට ගෙවනවද දන්නෙ නෑ මෙහෙම කියන්න.

    තව දෙයක් කාලිංග අයියේ.. තව ටික දවසකින් ලංකාවෙ අයිඑස්පී ලා ටික speedtest සයිට් ටිකට විතරක් ලින්ක් එක ස්පීඩ් කරලා දේවි අපි ස්පීඩ්ටෙස්ට් කර කර බනින නිසා. එතකොට එයාලාම ඇවිත් පෙන්නයි මෙන්න ස්පීඩ් එක තියෙනවානෙ. ඔයාලා බොරුවටනෙ කෑ ගහන්නෙ කියලා..

  • Buddhika

    TRC=පාරිභෝගික අධිකාරිය
    මගේ අදහස රූපවාහිනියේ යන සියලු වෙලද දැන්වීම් යම්කිසි සොයාබැලීමකට
    ලක්කල යුතුයි . රජයේ මැදිහත්වීම අයශ්‍ය වෙලාවක්

  • බට්ටා

    අපි ඉක්මනට මොනවහරි කරමු තවත් පරක්කු කරන්නනේ නැතිව. ස්වර්නවාහිනී වේගේ හමෝම බලන Channel එකක මේක ප්‍රචාරය කරන්න විදියක් තියෙනවද කියල කොලබ ඉන්න යාලුවෝ බලලා කියන්න අපි උපරිම උප්රිමම උදවුව දෙනවා. TV channel එකකට දාගත්තාම මේ ගෙන කතාවෙන්න පටන් ගන්නවනේ එතකොට අපිට ලේසියි වැඩේට බහින්න නේද?

  • ඇත්ත . . . මමත් අන්තිමටම කම්ප්ලේන් කරලම ඉවරයක් නැති නිසා SLT අයිං කලා . . 64kbps එකකිං අල ගලවන්නද ????
    මට තිබුනෙ නං අන්ලිමිටඩ් එකක් නෙමෙයි ඒත් බඩ ගාගෙන නෙට් ගිහිං රෙන්ටල් එක වගේ 4ගුනයල් බිල ගෙවන්වට වඩා ලාබයි දෙයියනේ කියල ඩයලොග් කනෙක්ශන් එක.

    හැබැයි . . . මේගැන මොකක් හෝ සාමූහික පියවරක් ගන්නවනං . . . අනිවා මම සපෝට් . . .

  • sameera

    කියන්නෙනම් unlinited කියලා 18gb පැන්නාම පට්ට ස්ලෝ පාරිබෝගිකයින්ව රවට්ටන Slt ..නියමයි කාලිංග කියන්න ඔනේ එවා එහෙම්මම තියෙනවා….

  • Tharaka

    දැනට කට්ටිය පුලුපුලුවන් මේක වටේම ෂෙයර් කරල යවන්න…..

  • indika

    ඇත්තටම මට කලින් නොහිතුන දෙයක් කියන්නම්. අපිට නොතේරුනාට ලංකාවේ ඉන්ටනෙට් වලට දේශපාලන එරාෂ්ටකයක් ලබලා තියනවා. එක තමයි ඇත්ත . මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති. අපි කොච්චර slt එකට බැන්නත් වැඩක් නැහැ. මොකද අපි කරන්නේ කොටියට බයේ කොටි හමට තලනවා වගේ වැඩක්. මේ එරාෂ්ටකය අයින් කරනකන් අපේ නෙට් මෙහෙම තමා. slt එකට කරන්න දෙයක් නැහැ. slt එකට විතරක් නෙමෙයි අනිත් අයටත් එහෙම තමා. දැනට අපිට තියෙන්නේ මුන් දෙන නෙට් වලින් සැහීමකට පත්වෙන්න. හැබැයි එකක් කියන්න ඕන. ලෝකයේ අන්තර්ජාලය දියුණු වෙන හැටියට , වේගවත් වෙන හැටියට මුන්ට වැඩිකලක් මේ විදියට නටන්න ලැබෙන්නේ නෑ. මම කිව්ව දේ මොකක්ද කියල හොඳින් තේරුම් ගන්න.

  • රොෂාන් එරංග ජයරත්න

    කාලිංග අයියේ. අපේ රටේ තියෙන්නෙ සූරා කෑම විතරයි. එයාටෙල් අඩුගානට කනෙක්ශන් දෙන්න හැදුවාම ඒක නැවැත්තුවා. මුන් ඔක්කොම එකයි ශික්. ඉස්සර ඩයලොග් එකෙන් සූරා කෑවා. දැන් ටෙලිකොම්.. ජය වේවා ලක් මෑණියනේ..

  • ashan

    aiye oya karapu vade nam niyamai. mata oya vade una 64mbps valin hariyata f.b. 1ta vath log venna baha. prodakarayo me vage ravateem valata nadu magata yanna one.nattan hamadamath meka karanava.mama slt package 1n maruvenna inne.tnks.

  • ඉතාම වැදගත් ලිපියක් කාලිංග අයියේ. Complaint කරන්න ඉන්න තැන උන් බුදි ,මේකට ඔයාල වගේ අය පෙරමුණ ගන්න එකනම් ඉතාම වටිනවා. රටේ මිනිස්සුන්ගේ සල්ලි වලට විදින මේ වගේ වැඩ නවත්වන්න වෙන්නේ වෙන්නේ මුන්ට මේවගේ ප්‍රසිද්දියේ බැනලම තමයි.තවත් පොර ටොක් දෙනවා ඒ www ද මේ www ද කියල. ඒ www ත් එකයි මේ www ත් එකයි

  • Akhila

    කියලා වැඩක් නෑ, කලින් කියල තිබුනා වගේ පූරුවේ කරුමයක් කියලා හිත හදාගන්නවා..
    කාලකන්නි..

  • Okkoma ISP la aka vidihata wada karaddi apita sidda wenne “Dena de kala Wena de balan innai.”.
    Danatath api a wage ne karanne. Rate hama dema a ayata ona vidihata karanwa.aka hoda unath nathath apita wela thiyenne a vidihata wada karannai.
    SLT vitharak neme hama company akakma control karanna customers rights rakinna puluwan company ona.TRC wage nam hari yanne na.Kottima kiyana nam lankawe kattiya dala lankawe ayathana dala nam wadak na.TRC wagemai ne wenne.

  • මගෙ යාලුවෙක් ඉන්නව දන්න කාලෙ ඉදන් FUP. ඉතින් Hotspotshield බාන එක කරන්නෙ. වෙන දේවල් කරන්න බෑනෙ

  • Randinu

    කාලිංග මාත් ඔය ජරාSLT කාරයොන්ට අහුවෙලා 1yr විටර දුක් වින්ඳා… මන් SLT ADSL connection එක disconnect කරලා WIMAX (suntel 512 Kbps)වලට මාරු උනා .Speed එකත් maxxa…. 20GB වලට වඩා මාසෙකට DL කරනවා …මට නම් තාම වෙනකම් මේ connection කිසි පස්නයක් උනේ නැ …

  • Tikkaa

    SLT PEO TV th oya tikama thamai…
    Balanna be.. leda..
    PEO TV eka run karanne maha kaala kanni tikak…

    Customerslata salakanna ballanta wage…

    Unge maara loku eka…

  • Anu

    කාලිංග අයියේ ඔය Etisalt , Airtel,Mobitel ගැනත් ලියන්න. Etisalt ලා මහා ලොකුවට කැ ගැහුවට උන්ගේ ස්පඩ් Mbps 0.1 විතර.

  • ප්‍රදීප් මල්ලි...

    මචං, මගෙ ගාව තියනවා SLT එකත් එක්ක කතා කරපු සේරම දුරකථන සංවාද mp3 වලින්. ගොං ටොක්ස් දෙන්නෙ. එකෙකුට එකෙක් කියන දේවල් ගැලපෙන්නෙ නෑ. තනිකර බොරුව. ටෙලිකොම් එකට දුන්න ලියුමක කොපි එකකුත් තියනවා. මගෙ ප්‍රශ්නෙ හරි ගියා උනාට download ලිමිට් එක තීරණය කරන්නෙ උන්. සෙට් වෙලා අදිමුද අංචියක්. මේවා බලන් ඉන්න බෑ. මුං අපිව කනව, අපේ සල්ලිත් කනවා… මම ගේමට රෙඩි… අපිට බැරිද රේඩියො චැනල් එකක් අල්ලගන්න… “බැලුම්ගල”ට දාගන්න තියනවනම් මරු…

  • @ප්‍රදීප්

    Youtube, Facebook upload කරලා කට්ටිය එක්ක බෙදාගන්න 🙂 ඕකුන් කියන්නේ බොරු තමයි, කට ඇරියොත්!

  • dayan

    ඔය නැගල යන්නේ. ප්‍රදීප් මල්ලි කිව්වා වගේ බලුම්ගලට දන්න ට්‍රය් එකක් දාමුද . ඒකට දන්න ඕන කරන සියලුම voice cut තියනවනේ.හොද group තියනවා.හොද අදහසක්.

  • ලසිත

    ඔන්න කාලිංග අයියේ SLT එකෙන් උබේ බ්ලොග් එක Kaspersky වලට report කරලා දැන් අයියගේ බ්ලොග් එක බලනකොට Kaspersky වලින් එනවා අර Thepiratebay.org එක බලනකොට එනවා වගේ warning එකක් SLT එක තව ඉස්සරහට මොනවා කරයිද දන්නෑ අපේ කැරැල්ල මැඩ පවත්වන්න.මම මේ පොස්ට් එක මගේ friends ලා ඔක්කොටම මේල් කරනවා . නොසැලී ඉදිරියට යන්න මගෙන් කාලිංග අයියා ඇතුලු අපේ සෙට් එකට සුභ පැතුම් !!!!

  • Amila P

    කාලිංග අයියේ, මම ADSL පාවිච්චි කරන්න පටන් ගත්තේ 2007 (512kbps unlimited) ඉදලා. ඒත් අයියේ, ඒ දවස්වල ස්පීඩ් එක තිබුනේ, 90kbps වලටත් වඩා අඩුවෙන්. එහෙම ඉබි ගමනින් වැඩ කරපු මගේ internet connection එක, මේ වෙනකොට 400kbps ස්පීඩ් එකෙන් වැඩ කරන්නේ, TRC එක ස්පීඩ් ටෙස්ට් කරලා වෙබ් එකේ දාන්න පටන් ගත්තට පස්සේ නේද?
    අයියේ මම මීට කලින් දාපු comment එක මොකක් හරි වැරදීමක් නිසා thread එකට ආවෙ නෑ.

  • කල්ප

    http://www.facebook.com/photo.php?fbid=1662992752893&l=20fd6654b9

    මේව ගැන slt එකට complain කලාම කියන්නේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැලු.area office එකට කියල බලන්නලු.callback කරනව කියලනම් කිව්ව. තාම ආපු call 1ක් නම් නෑ.වැඩිපුර ඉල්ලනව නෙමේ.කියපු ගාන දෙන්න කියලයි කියන්නෙ. වෙන රටවල් එක්ක බලද්දි තත්වෙ මෙහෙමනම් ලංකාවෙ IT දියුනු කරන්න සෑහෙන්න අමාරු වෙයි.මේ වැඩේ නතර කරන්න ඕනම උදව්වක් දෙන්නම් කාලින්ග් අයියේ..ජයෙන් ජය…

  • Harry

    slt eka hitagena inne old internet package users la kiyanne harak kiyala wage.ekata kamak nehe hebai unata apiwa buruwo karala pite yanna denna behe.oya kiyana problem eka mage 2 mb business ekata wagema 512 home line ekatath thiyenawa.ape line walata illeagally fup add karala unata apen monthly rental eka paranawidiyatama ayakara gannawa.new packages wala monthly rental adu karala thiyenne.apita usage metre ekawath nethuwa slt ekata hitena hitena widiyata ape line slow karanawa.

  • ප්‍රදීප් මල්ලි...

    පැය ගානක voice රෙකොඩින් තියෙනවා මගෙ ගාව. ලොකු එකාගෙ ඉඳන් පොඩි එක වෙනකන් බොරු ඇදබාන්නේ… රේඩියෝ එකට දාගන්න කවුරුත් නැත්ද? මම එනවා සාක්ෂිත් එක්ක…

  • geeth whyshaka weerakoon

    100% atha meka nam godakma watina post ekaka meka aniwaren ma president balanna ona ekak meka apita meka president ta ma yomu karanna likithawa vidiyak hadala meka assan karala yamwaunda ?????? nikan sochanta yawala wadak na mun ekak wath hariyata wadak karanna na sathapahaka wadak na man mage uparima sahaya danwa math SLT OLD Package eka unlimited user kanak 64bps thama dan wadak na katha karala me wage hora wada nawathanna uparima sahaya apen great post

  • Dilshan De silva

    නියමයි.. අපිත් ඉන්නවා ඔන දේකට.. මුන්ට කටින් කියලනම් හරියන්නෙ නැ, මටත් එපා වෙලා ඉන්නෙ SLT එක..

  • Thilina Nishantha

    ADSL පාවිචිචි කරනවට වඩා හොඳයි Dongle එකක් අරගන්නවා. ADSL පාවිච්චි කරනවා කියලා කියන්නත් ලැජ්ජයි.
    හැමෝම මුන්ගේ Connection එක අහක් කරලා දැම්මම තමයි මුන්ට තේරෙන්නේ. මුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ.

  • kasun

    512 Line ekakata 40 Gb wage limit ekak denawanam eka saadaranai namuth mun denne 20 GB
    anika 20 Gb pannata passe 64kbps wena eka kohomath saadaranikaranaya karanna ba

    thawa deyak 512 lines wala 20 Gb limit eka 1 mb lines wala 25 GB

    harima asaadaranai

  • Kasuni

    මගේ ADSL connection එකටත් SLT එකෙන් limits දැම්මා. SLT Call Center එකට 10 සැරයකට වඩා කතා කලත් වැඩක් උනේ නෑ. ඊට පස්සේ SLT Regional Manager ට කතා කලා. ඌත් කිව්වේ restrictions අයින් කරන්න බෑ කියල. අන්තිමට TRC එකට complain කරලා සති 2 කින් විතර restrictons අයින් කරලා තිබුන. අදටත් මම මාසෙකට 30GB වලට වඩා කරනවා. තාම නම් කිසිම අවූලක් නෑ.

  • buddhima

    dan slt eke ewun apiwa limit karala mun apiwa rawattanawa ,slt adsl home unlimited user kenek mama, mun dan apiwath limit karala internet yannama bari widihata slow karala, dan 50kbps walatath adui speed1, api hamoma munta wiruddawa nagee hitimu, lankawe janathawa rawattanna slt 1ta ba, api okkoma ekata ekathu wela munta wiruddawa wada karamu, apen wadiyen salli aran apiwa maragena kana SLT ekata hodak wenna epa, dawasin dawasa mun apiwa slow karanawa…YALUWANE API API wenuwen nagee sitimu…….

  • upul shantha

    මම ඉන්නේ සව්දියේ මගේ ගෙදරත් තියෙන්නේ SLT unlimited ගෙදරින් කියන විදියටනම් එකෙත් අව්ලක් තියෙනවා ඇත්තටම මේවගේ දෙකට අපිට බැරිද සංවිදාන වෙලා නඩු දාන්න.කෙලින්ම SLT එක කරන්නේ වංචාවක් ඔය මේ කරන දේ ගොඩක් වටිනා දෙයක්.මේගැන අනිත් තැන වලට වගේම ජනාධිපති තුමාටත් දන්නන එක හොදි කියල මට හිතෙන්නේ .ඔය මේ කරන දේ ලංකාවේ ඉන්ටනෙට් භාවිත කරන හැමෝටම කරන ලොකු සේවයක්.ඒ හැම දෙනාගේම සහය ඔයාට ලැබෙන එක සහතිකය් .ලංකාවේ නැති උනත් අපේ ශක්තියත් ඔය එක්ක තියෙනවා …..

  • SD

    Mage ADSL eka 4 days down . SLT eke eunta wandenathi eka withari 1243 walata ganna baha KANDY walin .Ekata eka bole pass karanawa.Ekekwath naha responsibility eka ganna.Pol booruwo kitak thama SLT eke inne. Mewage Company nathi bangasthana weeeeeeeeeee waaaaaaaaaaa.Me wage customer care nathi company walata erehiwa JANATHA Handak enna one Kale awilla.Technical service anthimai.

  • Dishan

    SLT xcite connection එක ට limit එන 30GB කියල කියනවා. තාම ෂුවර් නෑ, හැබැයි වැඩේ කියන්නෙ මාසෙ පැන්නම automatically reset කරන්නෙත් නෑ. මම SLT xcite package එක අරගෙන අවුරුදු 3 ක් විනර වෙනවා. ඔය TRC එක මම හිතන්නනෙ සත 5 න වැඩක් නැකි එකක් කියලා. මොකද මම මගේ phone එකෙන් SLT එකත් එක්ක කරපු කථා record කරලා e-mail කරා තාමනම් කිසිම දෙයක් කරල නෑ වගේ පේන්නෙ…

  • sumi

    oyage lipiya nam godak watinawa aththatama ape rate inne okkama mulputuwe idan podiputuwata y anakaan horu mama wada karanne cyprus wal aththenma me rate internet unlimitad masetama ero40i aya me rate kamkaruwek dinakata labana awama mudlaki. dowunlod speed mb10 laba denawa akawara page 3…..4k pawichchi kirimata puluwani.lankawe minusunta lokaya dakintath danuma vadikaraganimatath aniwarayen antharjalaya savimath viya uthui aya apata labadeemata akamath ape rate desapaluwanya.aya aperate jeewathwana godak moda minusunta kawadawath theren ne.oba karana uthsahaya sarthaka wewa!

  • Thushan

    Mamath use karanne SLT Home package ekak.Service eka nam anthimai.Mang hithagena inne Airtel Unlimited package ekakata maaru wenna.E package eka speed da ? Torrent downloads walata ehema hondaida ?

  • kalana

    ayye , thawa wisthara liyanna deyak na.. oyage me lipiye akurak naara ma thiyenne sahathika aththa!!! api onema udawwak karanawa oyata.. me wanchanikayanta wiruddawa nagitimu.. (web surfer package user)

  • kalana

    කාංලිඟ අයියා අපි මොකද මේකට කරන්නේ… මුන් තව තව ලැජ්ජා නැතිව ටීවී ඇඩ් දානවනේ!!! ඇඟේ ලේ නටනවා!! පුදුම කාලකන්නි හොරු ටිකක්!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *