SLT හි ඉබි www නොහොත් ADSL මුලාව හා TRC හී 64kbps Broadband
කාලෙකින් බ්ලොග් එකක් ලිවුවෙත් නෑ, නමුත් මෙය ලිවිය යුතු කාලය පැමිණ ඇත. දැනට SLT නොහොත Sri Lanka Telecom, නැතිනම් ඔවුගේ මෝඩ වෙළද දැන්වීම අනුව www විසින් ග්‍රහකයන් මුලාකිරීමක් ආරම්බ කර ඇත. එහම් මුලාකිරීම නම් කිසිදු දැනුම් දීමක් නොමැතිව හෝ අනුමැතියක් TRC වෙනි නොමැතිව (එසේ අනුමැතියක් ඇතිනම් එය සියලුම පාරිබෝහිකයන්ට දැනුම් දිය යුතුයි.) වැඩිපුර download කරන පැරණි Unlimited ADSL package ඇති අයගේ වේගයන් අඩු කිරීමයි. පැරණි පැකේජ ගන්නා විට කිසිම කෙනෙකුට FUP (Fare User Policy) එකක් හෝ මෙවැනි වේග අඩුකිරීමක් කරන බව කියා නොමැත. මෙය කරන්නේ හොර රහසේය.

ඉහත දැක්වෙන්නේ ADSL 4Mbps Unlimited කියන පැකේජයක ලංකාවේ සිට ඇමරිකාවට (NY) ලැබෙන වේගයන්. කෙනෙකුට කියන්න පුලුවන්, මේක SLT පාලනයෙන් තොර International Bandwidth (ලංකාව හා ඇමරිකාව අතර තියන සම්බ්න්දය) හෝ speediest කරන අඩවියේ ගැටලුවක් කියලා.

ඉහත් දැක්වේන්නේ ඇමරිකාවේ (NY) වලට ADSL 2Mbps එකකින් කරපු Speed Tesst එකකි, මේ 4mbps හා 2mbps පැකේජ දෙකම පැරණි Unlimited වේ, එතකොට 2mbps එක 4mbps වලට වඩා වෙගවත් උනේ කොහොමද ? මේයට හේතුව 2mbps ලින්ක් එක අඩු download ප්‍රමාණයක් කරන Line එකකින්, නමුත් 4mbps එක මසකට වැඩි download ප්‍රමාණයක් කරන line එකකි. මෙයින් පැහැදිලි වෙනවා SLT විසින් මොකක් හෝ කරන බව.
මොවුන්ට මේ ගැන මම කල පැමිණිලි ප්‍රමාණය අප්‍රමාණයි, නමුත් මොවුන් කරනේ එම පැමිණිලි වසා දැමීමයි. කිසි පිලිතුරක් නොදයි. ඊයේ මම කතා කරපු එක පුද්ගලයෙක් මට කියනවා මම data limit එක පැනලා ඒකයි slow කියලා, මම ඇහුවා මට data limit කොහෙද මේක දැන් වසර 4කට පමණ පෙර ගත්ත එකක්, ඒ කාලේ එහම කිසිම ලිමිට් එක නැති බව. පසුව මොහු හරි මම අදාල තැනට මෙය යොමුකරනවා කියා ටික වෙලාවකින් ඔවු මා අමතයි කියාසිටිය ද මේ වෙන තුරු ඇමතුමක්ද නැත. @SriLankaTelcom ඔවුනේ Twitter වෙත බැන්න විට ඔහු පැවසුවේ [email protected] වෙත පැමිණිල්ලක් කරන ලෙසයි. මේ වනතුරු එයටද පිලිතුරක් නැත. මොවුන් මෙලෙස කරනේ ඔවුට පාරිබෝගිකයන් ඔවුන්ට වඩිනාකමක් නැති නිසයි.
ඉහත දැක්වෙන්නේ SLT හී Facebook පිටුවේ ඔවුන් මේ දේ කරන බව කියන comment එකකි.
Sri Lanka Telecom PLC Dear friends, as we explained earlier we are not discouraging heavy users,however some limitations have to be imposed to ensure fair down link speed for everyone.We offer the best broadband deal for both limited and unlimited customers and we are proud to say that you will not get unlimited downloads from anyWiMax or HSPA operator in SL .I think some of you have hands-on experience with this too. The situation here is different from USA and UK as we are dealingwith lack of local contents compared to developed countries, but in our region we are in a good position compared to other South Asian countries.
මොවුන් පවසන පරිදී මේ කිරීම ගැන ඔවුන් උජාරුවට පත්චෙනවාලු, උජාරු පත්වෙනවා නොව ලැජ්ජාවට පත්විය යුතුයි, තමන්ට හරි Internet connection එකක් දෙනෙන් බැරි එක ගැන. අනික මේ අය හෝ TRC විසින් පැරණි ADSL පැකේජ ඇති අයට මේ දේ කරන බව දැනුම් දුන්නාද ? එහම නැතිනම් මේ පැරණි පැකේජ ගන්නා විට මෙවැනි ලිමිටේෂන් එකක් තියනවා කිවුවාද ? නෑ… එහනම් මේක තනිකර පාරිබෝගිකයා රැවටීමක්. ඒ වගේම මේවා දැක දැක TRC එක නිදි. ඉතින් SLT ඉංජිනේරු මහත්වරුනේ දන්නේ දෙන්න බැරිනම් අපි කපමු… තමන්ගේ බැරි කමට මේක තමයි මේකෙන් පෙන්නනේ. ඒ මදිවට ලැජ්ජ නැතුව කියවා මේ කරන එක උජාරුවට පත්වෙනවා කියාලා. අනික මේවා කරන්න SLT එකට සල්ලී නෑ කියන්න බෑ, ගිය වසරේ බිලියන ගානක ලාබ ලැබූ බව උජාරුවට කිවුවේ… ඒ මේවගේ මිනිසුන් මුලා කරලා හම්බ කරපු සල්ලී.
TRC නොහොත් Telecommunications Regulatory Commission of Sri Lanka විසින් ලොකුවට Speedtest කරයි, මසකට වරක් මේ දත්ත දෙයි, නමුත් මෙයින් පාරිබෝගිකයන් ලෙස අපිට ලැබුනේ කුමක්ද ? කිසිවක් නෑ, සේවාදායකයින් (ISP) ලා ඔවුන්ට ඕනේ දෙයක් කරයි, TRC එක කරණ පැමිණිලි කුණු බක්කියට, නිකන් මහජනතාවගේ මුදල් නාස්ති කිරීමක් පමණයි මේ අය කරනේ. මෙහෙම දෙයක් SLT විසින් කරන බව දන්වාද ඇසූවිට කිසිවක් නොකියයි. බොරුවට Speedtest කීරීම නවත්වලා මහජනතාවගේ පැමිණිලි වලට මීට වඩා අවදාන යොමුකරාදන් හොද නැද්ද මජනතාවගේ සල්ලී මෙලෙස නාස්ති නොකොට ? TRC එක නටන්නේ ISP/Service Providers ලගේ පදයටයි.
SLT දැන් අලුත් ADSL පැකේජ පවා Unlimited යන වචනය යොදාගෙන මිනිසුන් මුලා කරයි, මොවුන්ගේ Unlimited වලට මාසෙකට බාචිතා කල හැකි දත්ත ප්‍රමාණයක් ඇත. එම ප්‍රමාණය පැන්න පසු වේගය 64kbps දක්වා අඩු කරූණු ලැබේ. 64kbps යනු හරියට මීට අවුරුදු 7~8 කට කලින් අපි Dialup ගියා වැනිය. TRC විසින් 64kbps broadband ලෙස කියන්නේ බෝඩ්බෑන්ඩ් යන එකේ අර්තය වත් නොදැන බවයි මගේ අදහස්. අදකාලේ හරියට Facebook යන්න වත් මේ ප්‍රමාණය මදිය. මිනිසුන් තාක්ෂ්ණය ගැන නොදනී, ඉතින් මුලා කරන්න ලේයි. එලෙස කරමි මෙම සමාගම් බිලියන ගනනින් ලාබ ලබයි, TRC එක මොවුන් වෙනුව්න් කිබුල් කදුලු සලමින්, අනේ ඒයට ඔයිට වඩා දුන්නොත් පාඩුයි කියි. තේරුම් ගතයුතු දෙයක් ඇත, පාරිබෝගිකයන් වැඩිවන විට, ලැබෙන මුදල් වැඩිවේ, එමගින් තමන්ගේ යතිතල පහසුකම් නගාසිටවිය හැක. නමුත් මොවුන් කරනේ එලෙස නොකර, පලන යොදා තව තවත් මුදල් සෙවීමකි. TRC සිටින පුටු රත්කරන, Internet කියනේ Facebook හා Email කියලා හිතාගෙන ඉන්න අයට මේවා නොතේරේ. 10GB කිවුවහම මොවුන් සිතන්නේ මුලු අන්තර්ජාලයම download කල හැකි බවයි. මේ මහත්වරුනේ Dongal බිල් හා ගෙදර දුරකතන බිල් ද ආන්ඩුවෙන් (ජනතාව) ගෙවන නිස ඉතින් ඒ යට ඔය 10GB පැන්නා කියලා සාක්කුවට දැනෙන එකක්ද ?
SLT හි තවත් කියමණක් තමයි, පිටරටවල් වලද මෙලෙස limit දමන බව, කතාව ඇත්ත. නමුත් ඔවුන් ඔබට නොකියන දෙයක් තමයි ඒ ලිමිට් එක කොපමනද කියා, ඇමරිකාවේ මෙය කරන්නේ ගියේ ලිමිට් එක 250GB ලෙසයි. අනික ඒ ලිමිට් එක හොදටම සෑහෙන සිය ගනන් වලින් කියවෙන ලිමිට්. ඒත් ලංකාව ? දැනට 10GB කියනේ Youtube දිනකට විඩියෝ 10යක් බැලුවොත් මාසෙ යන්න කලින් ඔවර වෙන ප්‍රමාණයක්. තාක්ෂණයෙන් ඉතිරියට යනව කියන්නේ තියන දේවල් අඩු කිරීම නොව වැඩිකිරීම බව මොවුන් නොදනී. මුදල් සෙවීමේ පඩු පරමාර්තයක් පමණක් පමණයි මොවුන්ගේ ඇත්තේ.
වෙනත් රවල් Internet එක මානව අයිතියක් කරනකොට අපේ රට, Dialup ලංකාවට හදුන්වා දෙයි. අන්ඩුව e-Learning and Content Delivery ගැන කතා කරයි, පිට රට ඉන්න අම්මා අච්චිට Skype call දෙනවා පෙන්නයි, Skype call එකක් 64kbps වලින් ගන්න හැටි බලන්න මම හරි ආසයි. බහු ජාතික සමාගම් වලට ලංකාව්ට පැමිණ BPO වැනී දෑ කරන්න කියයි, ඒ මිනිස්සු ඇවිත් මේ තියන Internet දැක්කහම ඒ සමාගම් රැහෙන ඉන්දියාවට යයි. TRC එක තියන Internet එකත් නැති කිරිමට සමාගම් වලට ඕනේ නාඩගමක් නටන්න දෙයි, මෙවැනි දේවල් වලට මෙවැනි වැට බැදීම රටේ දියුනුවට බාදාවකි. මෙය තේරුම් ගැනීමට තර්ම් වත් මේ පුටුවල ඉන්න අයට මොලයක් නැත. නැතිනම් මොවුද මුදල් නෝට්ටුවට යටවී ඇතැයි කියලා තමයි මටනම් ගැගෙන්නේ… TRC විසින් broadband මිල අඩුකලා කියලා රටටම කියයි, මේක හරියට 450g පන් ගෙඩිය 225g කරලා පාන් මිල අඩුකලා කියනවා වගේ වැඩක්.
ජනපති මහින්ද රාජප්ක්ෂ මහතා රටේ පාරවත් හදයි, අදිවේගයෙන් යන්න පාරවත් තනයි. රටක දියුනුව කියන්නේ යටිතල පහ්සු කම් බව එතුමා තේරුම් අරගෙන ඇති නිසා, නමුත් රටේ තාක්ෂණය අදි වේගය අඩු වේගය ලෙස පසු පසට යයි. අන්තර් ජාලය කියනේ රටක පාරවල් මෙන් දැන් රටේ දියුනුවට මහත් උපකාර වෙන දෙයක්, එය වත් අපේ TRC/SLT මහත් වරුන්ට තේරුම් ගන්නවත් හැකියාවක් නෑ.
TRC කලයුතු දේ
- Broadband යන්න පැහැදිලි අර්තකතනයක් දෙන්න වගේම අවම වේගය මොකද කියන්න.
- සමාගම් වලින් කියන වේගයෙන් 50% වත් අවම ලෙස දෙන්න, එලෙස නොදෙන සමාගම් වලට නීතිමය පියවර ගන්න.
- පැමිණිලි ගැන සොයාබලන්න වගේම පැමිණිලි හරියට කල හැකි ක්‍රමයක් දෙන්න.
- Unlimited හා FUP කියන දෙක එකට නොයොදන්න, Unlimited නම් එය 64kbps විය නොහැකි බව තේරුම් ගන්න (නොතේරෙන මහත්වරු මලල සේකරය අරගෙන Unlimited වචනේ තේරුම බලන්න)
- පැරණි පැකේජ ලබාදුන්න කොන්දේසි වෙනස් කීරීම නම් මුලු රටටම දැනුම් දී ඇයි එලෙස කරනේ කියන්න. හොරෙන් හොරෙන් නොකර.
SLT
- මුදලට කලින් පාරිබෝගිකයා ගැන සිතන්න.
- හොරෙන් හැංගිහොරා නොකර, කරන දෙයක් ප්‍රසිද්දියේ කරන්න. තමන්ගේ Terms & Condition හැමෝටම පෙන්න දමන්න.
- ඔතන වැඩ කරන මහත්වරු, තමන් පඩි ගන්නේ පාරිබෝගිකයාගේ මුදල් වලින් බව තේරුම් ගන්න.
- පිටරට හොස්ට් කරන අඩවි ල්ංකාව තුලට ගන්න උත්සාහ කරන්න, වෙබ් අඩවියක් SLT එකේ තියෙන්න ඉඩමක් විකුනන්න ඕනේ නැතිවෙන්න. එතකොට ඔය නෑ නෑ කියන International bandwidth වත් ඉතුරු වෙයි.
ඔබ SLT විසින් මේකරන දේට විරුද්දනම්, ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගයට සහය දෙන්න කැමතිනම්, ඔබේ ADSL සම්බන්දතාවයේ විස්තරය අපට දෙන්න https://docs.google.com/spreadsheet/viewform?hl=en_US&formkey=dG93UzJiTUxzamliOU02NXB2cGtqdkE6MQ#gid=0
ඔබට මෙය ගැන ගැටලුවක් ඇතිනම් https://www.facebook.com/groups/LKInternetUsers/ ඔස්සේ විමසන්න. ලංකාවේ අන්තර්ජාල සේවා ගුනාතම බාවය වැඩිකිරීමට ඔබේ සහය දෙන්න.







December 2nd, 2011 at 10:18 am
1000% ක් ඇත්ත කාලිංග අයියෙ…. TRC කියන්නෙ ඔය සමාගම් වලින් සල්ලි කුට්ටි අරන් යැපෙන එවුන් ඉන්න තැනක්. උන් ඉතින් සමාගම් වලට ඕනදේ මිසක් වෙන මෙනව කරන්නද. මේකට දැම්ම අපි නිසි පියවරක් නොගත්තොත් ඉස්සරහට අපි තවත් අමාරුවේ වැටෙනවා…
December 2nd, 2011 at 10:24 am
මේ ගැනනම් කියල වැඩක් නෑ… වේගයේ අඩුවක් උනත් නිතර නිතර disconnect උනත් පැමිනිලි කලාමත් ඒකෙ වැරැද්දත් අපේ පැත්තටම හරවල තියන එක තමයි SLT එක කරන්නෙ. තව දෙයක් මට තේරුන විදිහට SLT කස්ටිය දැන් දැන් connection Idle කිරිල්ලකුත් පටන් අරගෙන වගේ…..
December 2nd, 2011 at 10:30 am
true but is there anyway to complain ?
December 2nd, 2011 at 10:30 am
SLT ගැනනම් දන්නේ නෑ. ඔය Mobile Bordband වලින් හොදම ඩයලොග් තමා. අනිත් කොම්පැනි ටිකත් ඔය වගේ කස්ටම කෙයා එකක ඉන්න උන’ කතා කරන්න දන්නේ නෑ උන් බැනලා කතා කරන්නේ අපිට පාහර හැත්ත
December 2nd, 2011 at 10:37 am
@Nisal
option for now is TRC, but i don’t see they are taking any actions, so we need to form a group and make it it once voice and not only to TRC to the President him self we need to inform such limitation is effecting the county’s growth and infrastructure.
December 2nd, 2011 at 10:39 am
සහතික ඇත්ත. මම මෙම ලිපියේ link එකක් මගේ FaceBook එකේ දැම්මට කමක් නැද්ද?
December 2nd, 2011 at 10:41 am
SLT eka me yakkuta kochara kiwath wadak na munta.apen ganna poluwan hama dekatama badu gahala duppath ape salli tikath huragena kanawa.ape rata palanaya karana ayageth IT danuma o ne eting kohama da ratak sanwardanaya karanna kohamath lankawe deyak labaganna nam satan karalama thama laba ganan wenna
December 2nd, 2011 at 10:42 am
@සාහර
කිසි ගැටලුවක් නෑ, මේක ලිවුවෙත් හැමෝ එක්කම බෙදාගන්න වගේම ජනතාව මේවගේ දේවල් ගැන දැනුවත් කරන්න.
December 2nd, 2011 at 10:48 am
ටෙලිකොම් කාරයෝ ඔය අජපල් වැඩෙ කරන බව මටත් හිතුනා , ගෙදර ඉන්න වෙලාවත් අඩු නිසා අයින් කරල දාන්නයි හිතාන ඉන්නේ , ඩයලොග් පැකේජ් එකෙන් බ්‍රව්ස් කරන්නත් , පැය 2 ප්‍රි පේඩ් එක්න් ඩවුන්ලොඩ් ටික කරගන්නත් ඇහැකි මුන්ගෙ 512 අට මගලෙට වඩා කොලිටියට
December 2nd, 2011 at 11:00 am
කියල වැඩක් නෑ කාලිංග අයියා.මුං මහ කැත විදියට නෙට් දෙන්නෙ.අපිව සූරා කනවා.
ස්පීඩ් එක දෙන්න බැයිනම්,දෙන්න පුලුවන් ස්පීඩ් එක කියලා විකුනන්න ඕන.
බොරුවට 1Mbps , 2mbps Unlimited කියලා ඇඩ් දාලා පස්සෙ ලිමිට් කරනවා.
December 2nd, 2011 at 11:01 am
තකා කරලා වැඩක් නෑ, මම SLT පාවිච්චි නොකලත්, මේ කියලා තියෙන කතාම මුල ඉදන් අගටම හැම අකුරක් දක්වා ඉතාමත් ආසාවෙන් කියෙව්වා, ඇත්තෙන්ම කිව්වොත් කාලිංග අයියගෙ කතාව නම් එලකිරි, එය උපරිමයි, මොකද කෙලින් කතා කරලා තියෙනවා, අය දෙකක් නෑ, SLT එකේ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ, මෙලෝ රහක් නොදන්න ගොන් හරක් කියලා, ඒත් ඒ හිතන අය දන්නෙත් නෑ, එයාගෙ සමාගමේ ඉන්න අයට වලා දැනුමැති අය ලංකාවෙත් ඉන්නවා කියලා, 64kbps තිබ්බොත් Skype Call එකක් තියා, Internet Browser කරන්නත් බෑ, Web Page එකක්, Open වෙන්නම හැට පැයක් බලාගෙන ඉන්න වෙනවා, මෙහෙම Connection මොකදට, නිකන් නිකරුනේ මහජනතාව අමාරුවේ දානවා, මේවා දැන දැනත් දවමත් මේ Connection එක ගන්න තරම් මොඩයෝ මේ රටේ ඉන්නවද? ඔය පුටු වල ඉදන් ඉන්න මහත්හොරු මේවාත් කියවලවත් හැදෙන්නෙ නැ, මේ දවස්වල එයාලගෙ කල්ල මරේ, මොකද මෙවට රැවටිලා ඇන්දෙන අය වැඩියි, ඒ නිසා SLT එකේ ගානත් හොද ඇති, ඒ නිසා හැමෝගෙම සාක්කුව බර වෙලා ඇති, අපේ රටේ ගොඩක් මහත්හොරුන්ට ඕනෙ කොහොම හරි කරලා සල්ලි හොයන්න, අනිත් මනුස්සයෝ ගැන හිතන්නෙ නැ, ඔයාල විතරයි ජීවත් වෙන්න ඕනෙ, නව පහසුකම් එයාලට විතරයි, එතකොට අපි ඔටුවොද දන්නෙ නෑ, TRC එකම මුන් සල්ලි දීලා අරන් ඇති, ඒකෙන නිකන් නිකරුනේ පැත්ත වත් නොබලන්නෙ නැතුව බලාගෙන ඉන්නෙ, SLT එකේ ඉන්න Security මහත්මයාට වෙනකම් සල්ලි දීලා ඇති, මේවට බලදාරින්ගෙ අවධානය යොමු වෙන්නෙ නැතුව අපි මොනවා කරන්නද? තොතුරු මෝරු අස්සෙ අපි නිකම් හාල් මැස්සො වගේ, එයාලගෙ ඇහැට කනට වත් පෙන්නෙ නැති වෙයි, අනගතේ වත් මේකට හොද උත්තරයක් මේ TRC එකේ මැදැහත් වීමෙන් කරලා කියලා වත් හිත හදාගමු….
December 2nd, 2011 at 11:15 am
Matath dan epa wela tiyenne me SLT eke ADSL connection eka mama essara masekata approximately 80GB withara download kara……. eth dan mage ADSL connection eke speed adu karala…
December 2nd, 2011 at 11:15 am
කමෙන්ට් අනවශ්‍යයි සියල්ල සම්පුර්ණයි. ලංකාවේ සයිට් ලංකාවේ දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද වේගය කොච්චර වැඩි වෙයිද
December 2nd, 2011 at 11:30 am
කියල වැඩක නෑ…කතාවනම් සම්පූර්ණයෙන්ම ඇත්ත …….
මේක ප්‍රසිද්ද ජනමාධ්‍ය වලින් ප්‍රචාරය කරලා මේ කතාවට හොඳ ප්‍රසිද්දියක් දෙන්න පුළුවන් උනොත් මේ ප්‍රශ්නෙට විසන්දුමක්
ලැබෙයි කියලයි මගේ විශ්වාසය. ඒ නිසා ඒ සම්භන්ධව හැකියාවක් තියෙන කෙනෙක් මේ වැඩේ ගැන මොකක්හරි කරනවානම් හොඳයි.
December 2nd, 2011 at 11:41 am
නියමයි අපි ඔක්කොම එකතු වෙලා හඩක් නගමු මුන්ගේ ඇස් ඇරෙන්න……SLT එකේ මහත් වරුන්ට වඩ 5 වසරේ පොඩි එවුන් දන්නවා ඔය තාක්ෂණික වචනවල සබැ තේරුම ….මත් මේක FB දානවා
December 2nd, 2011 at 11:55 am
මෙව්වට කොහෙන් හිනා වෙන්නද මංදා !! කොච්චර හොදයි හොදයි කිවත් මට නම් මේ රට දැන් තිත්ත වෙලා..!!
December 2nd, 2011 at 12:22 pm
පෙර කල අකුසල කර්මයක් කියල හිතාගෙන හෙමදාම් ලතවෙනවා
December 2nd, 2011 at 12:28 pm
gud job..sahathika aththa appa..epaaa wenawa..
December 2nd, 2011 at 12:52 pm
අනේ දෙය්යනේ මම SLT connection එක ගන්න ඉස්සෙල්ල මේකම තම හිතුවේ. මොනවා කොරන්නද ඉතින් dongle case වලට වඩා ටිකක් ශේප්. නොදකින් මේ දවස්වල 150 kbps වත් හම්බවෙන්නේ නැ, Youtube 50MB connection එකක් තිබ්බත් මදි මුන් local caching රීල අනාගෙන තවරාගෙන තියෙන්නේ.
December 2nd, 2011 at 1:22 pm
TRC එක නටන්නේ SLT එකේ පදයටයි.
December 2nd, 2011 at 1:38 pm
UK වල ISPලගේ FUP
http://www.chooseisp.co.uk/broadband-guide/best-buys/broadband-fair-use-policies.html
December 2nd, 2011 at 1:41 pm
මේකට අපිට සන්විධානයක් හදාගෙන නඩු දාන්න බැරිද ?
December 2nd, 2011 at 1:49 pm
නියම ලිපියක්.
මමනං ADSL අරගෙන ඉඳල අයින් කරල දාල ගොඩක් කල්. ඩයලොග් Wimax ඊට වඩා හොඳයි.
December 2nd, 2011 at 2:42 pm
කාලිංග අයියේ. ඇත්තටම අපිත් දැන් කටපියාගෙන හිටියා උවමනාවටත් වැඩියි කියලා මට නම් හිතෙන්නේ. මෙහෙම අසරණ පාරිභෝගිකයාව සූරා කෑම නවත්තන්න කියලා අපි හොදට කිවිවාට අහන්නේ නෑ වගේ. මම දන්නවා කාලිංග අයියලාත් මේකට ගොඩක් මහන්සි වෙනවා කියලා. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එකතු වුනාම ලොකු හඬක් නැගෙයි. එහෙම කියලාත් යහපත් ප්‍රතිචාර නැත්නම් …
December 2nd, 2011 at 3:47 pm
SLT 1ke enne mahama maha modayo minisu danuwath kirimakin thorawa CDMA maru kara balen ADSL denawa. aka ahana giyama ewage putu rath karana “Managers” la kiyana modayo customerslata kaganawa.SLT Matara Teleshop 1ke enna Manager nam hitan enne aya tamay eke owner kiyala. Me pilibada prashna mehi Chairmen ta kiyana –”Mr Nimal Welgama” register post 1n ayage namatama yawana telecom address 1ka.
December 2nd, 2011 at 4:18 pm
අපිට බැරිද AT&T වගේ සමාගමකට ආරාධනා කරන්න ලංකාවෙ Internet දියුණු කරල ගන්න
December 2nd, 2011 at 5:16 pm
Well this is 100% true. I too have this problem now for 6 months. earlier i complained twice to the TRC and they resolved the problem.and its a nuisance to complain every time like this. but i don’t think we should be treated like this. its the responsibility of the TRC to do it. we can launch Legal action against SLT. but that is very expensive and i believe it should be joint effort of the people.as long as people act as idiots companies like this will fool them.
TRC has clearly stated that the old packages cannot be subjected to FUP.
December 2nd, 2011 at 5:54 pm
satka atta
December 2nd, 2011 at 6:28 pm
ලංකාවේ තියන ප්‍රධාන ගැටළුව තමයි පාරිභෝගිකයෝ තමන්ගේ අයිතිවාසිකම් ගැන දන්නේ නැති කම. යම් සේවාවක් මුදල් ගෙවලා ලබා ගත්තම ඒ සේවාව එකඟ වුන විදිහට ලැබීම තමන්ගේ අයිතියක් බවත්, එහෙම නැති වුනොත් ඒ ගැන තනිවම බැරිනම් සාමුහිකව ඉහළ තැන්වලට පැමිණිලි කරන්න තමන්ට අයිතියක් ඇති බවත් තේරුම ගත යුතුයි. හුඟ දෙනෙක් එහෙම නැතිව කට වහගෙන ඉන්න නිසා තමයි ඔය කට්ටිය ඔය වගේ සෙල්ලම් දාන්නේ. මේ දේවල් ගැන මේ වගේ ප්‍රසිද්ධියේ හඬක් නගන එක ලොකු දෙයක්.
December 2nd, 2011 at 8:15 pm
කාලිංග. ජපානේ හැම දෙයක්ම හොඳින් වෙලාවට තියෙන්නේ ඇයි කියල මම හොයපුවම දැනගන්න ලැබුනේ මිනිස්සුන්ගේ complains නිසයි කියල බොහෝ විට. බස් එකක් කෝච්චියක් ප්‍රමාද උනොත් complains තොගයක් එනවලු. ලංකාවෙත් අපි ඔක්කොම එකතු උනොත් ඔය වැඩේ කරගන්න පුළුවනි. ඔය වැඩ කරන අයට කිසි බරක්, වගකීමක්, සේවයක් දැනෙන්නේ නැත්තේ අපි බර නොපෙන්නන නිසා වෙන්න පුළුවනි. ස්තුතියි.
December 2nd, 2011 at 8:31 pm
මාත් කැමතියි මේක ප්‍රසිද්ධ පුවත් පත්වල පළ වෙනවා නම් ….
පත්තර සමග හොඳ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ඉන්නවනම් අපිට උදව්වක් හැටියට ඒක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
මොකද සාමාන්‍ය මහජනතාව මේව ගැන හරියට දන්නෙ නෑ.
December 2nd, 2011 at 8:47 pm
SLT එකට කියුවම, ඒකෙ ඉන්න අක්කල අපිට බටර් ගගා අපේ පිටේ වැරැද්ද පටවනව. 18 GB ගිහාම 64 Kbps වෙනව කියන එකට Unlimited කියල කියන්නෙ අපි කොන්ඩෙ බැඳපු චීන්නු කියල හිතාගෙන වෙන්ඩෑති. ඔය මහලොකු 64 Kbps එකත් අපිට එන්නෙ 7 Kbps(MAX) වෙලා. ඒකෙන් Skype තියා Twitter යන්නවත් බැහැ. මම හලාවත පැත්තෙ (මාදම්පෙ). මෙහෙ හැමෝටම වෙලා තියෙන්නෙ ඔය සෙතේ තමයි. මේක ගැන ජනාදිපති කාර්‍යන්ශයටවත් කියන්න ඕන. වෙන කියන්න තැනක් මේ ලෝකෙ නැහැ.
SLT එකෙන් තඩි ටැක්ස් එකක් නම් දානව. හැබැයි අපිට දෙන්නෙ කියන ස්පීඩ් එකෙන් හරියටම දහයෙන් එකයි.
December 2nd, 2011 at 8:47 pm
ඔය ගැන කතා කරලා වැඩක නෑ ……. ඔයිට හපන් උන්ගේ PEO TV . වහින වෙලාවට නෙමෙයි දවල්ටවත් ස්ට්‍රීම් කරන්න බෑ. PEO TV බලන අස්සේ හදිස්සියෙවත් ටොරන්ට් එකක් බාන්න දැම්මොත් ටී.වී බැලිල්ලට සොරි තමයි. මේ ඔක්කොම මුන්ගේ බාල වර්ගයේ කේබල් ඇතුළු උපකරණ භාවිතය නිසයි. මේගැන මුන් වහන් කරලා පාරිභෝගිකයා මුලා කරලා තමයි මේවා ලබා දෙන්නේ. නමුත් මේවා දුන්නට පස්සේ බ්රෙක්ඩවුන් එකක් ගැන බලන්න බල්ලෙක් නෑ…… FUP ගැන නම් කතා කරලා වැඩක නෑ .. හරිනම් රටේ SLT ඒකෙන සේවය ලබන ආයතන මීට විරුද්දව නීතිමය පියවර ගන්න ඕනේ. නමුත් අපි වගේ පුද්ගලයෙක් මේ ගැන කතා කලොත් ඇරෙන්න ….. අනෙක් හැම කෙනෙක්ම මොවුන් මුලා කරලා තියෙන්නේ…. මම පිටරට සේවය කරපු පුද්ගලයෙක් වශයෙන් ලංකාවේ අන්තර්ජාලය පිළිබඳව ඇත්තටම දුකයි … එහෙන් .. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කියලා මිනිස්සුන්ව සුරන් කනවා… මේකට මුලිකවම වෙලා තියන විපත තමයි පරිභෝගිකයව බල්ලට දමා තමන්ගේ මල්ල පුර ගැනීම. රටේ වෙන වෙනත් දේවල් ගැන බලනකොට මේවට කවුරු වග කියන්නද … නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ …….
December 2nd, 2011 at 8:58 pm
matath kela wela on inne :/ 22GB maseta :/
December 2nd, 2011 at 9:06 pm
මමත් ටෙලිකොම් අරන් දැන් අවුරුදු 4 ටත් වැඩී..ආපු මුල්ම කාලෙ තමා ගත්තෙ…මගෙත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සෑහෙන්න අඩු වෙන හින්ද මගේ වැඩෙත් පැමිණිලි ම කර කර ඉන්න එක.. හැබයි කිව්ව ගමන් ඇවිත් මේන්ටේන් කට්ටිය කේබල් ලයින් එහෙම අත පත ගාල යනව…ඒත් තිබ්බ වගේමයි….මගෙ කරදරෙන් බේරෙන්නද කොහෙද එක පාරක් යමක් කමක් දන්න ඇතුලෙ කෙනෙක් ඇවිත් speed check එහෙම කරල.. limit එහෙම චෙක් කරල තිබ්බ..එදාම මට ගෙදර ඉන්න උනේ නෑ..ගෙදර අයත් ඕව ගැන වැඩිය දන්නෙ නැ නෙ…මම හිටිය නම් අහනව unlimited එකේ මොනවද limit චෙක් කරන්නෙ කියල…
කොහොම හරි පස්සෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක එහෙම උපරිම 80 KB/s, 90 KB/s විතර ආව..මෙතුවක් කාලෙට උපරිම ආවෙ 60 KB/s විතර තමා..8 KB/s, 10 KB/s විතර වෙනකොට තමා පැමිණිලි කරන්නෙ…හැබැයි ඉතින් 512 KB/s කියල තමා සද්දෙට කියන්නෙ.. ඒක කමක් නෑ කියමුකො…කොහොමත් 512 එන්නෙ නැ නෙ..මමත් ආතල් එකේ මුල් දවස් ටිකේ නෙට් ගියා..සතියයි.. දෙකයි.. ආයෙත් මෙලෝ රහක් නෑ… මම හිතන්නෙ මුන් අපි එක්ක විහිලු කරනවද කොහෙද…
December 2nd, 2011 at 9:14 pm
machan set wela nadu damu
December 2nd, 2011 at 9:14 pm
මමත් ටෙලිකොම් ADSL අරන් දැන් අවුරුදු 4 ටත් වැඩී..ආපු මුල්ම කාලෙ තමා ගත්තෙ…මගෙත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක සෑහෙන්න අඩු වෙන හින්ද මගේ වැඩෙත් පැමිණිලි ම කර කර ඉන්න එක.. හැබයි කිව්ව ගමන් ඇවිත් මේන්ටේන් කට්ටිය කේබල් ලයින් එහෙම අත පත ගාල යනව…ඒත් තිබ්බ වගේමයි….මගෙ කරදරෙන් බේරෙන්නද කොහෙද එක පාරක් යමක් කමක් දන්න ඇතුලෙ කෙනෙක් ඇවිත් speed check එහෙම කරල.. limit එහෙම චෙක් කරල තිබ්බ..එදාම මට ගෙදර ඉන්න උනේ නෑ..ගෙදර අයත් ඕව ගැන වැඩිය දන්නෙ නැ නෙ…මම හිටිය නම් අහනව unlimited එකේ මොනවද limit චෙක් කරන්නෙ කියල…
කොහොම හරි පස්සෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක එහෙම උපරිම 80 KB/s, 90 KB/s විතර ආව..මෙතුවක් කාලෙට උපරිම ආවෙ 60 KB/s විතර තමා..8 KB/s, 10 KB/s විතර වෙනකොට තමා පැමිණිලි කරන්නෙ…හැබැයි ඉතින් 512 KB/s කියල තමා සද්දෙට කියන්නෙ.. ඒක කමක් නෑ කියමුකො…කොහොමත් 512 එන්නෙ නැ නෙ..මමත් ආතල් එකේ මුල් දවස් ටිකේ නෙට් ගියා..සතියයි.. දෙකයි.. ආයෙත් මෙලෝ රහක් නෑ… මම හිතන්නෙ මුන් අපි එක්ක විහිලු කරනවද කොහෙද…
December 2nd, 2011 at 9:24 pm
SLT currently uses an outdated technology. Even their fiber optic line isn’t ready. So, time to move to mobile broadband. I think Dialog & Etisalat are best. Meanwhile, we can write to newspapers and start something like an email campaign. As I know, mobile broadband providers use mostly new technologies unlike these outdated ADSL ISPs.
December 2nd, 2011 at 9:29 pm
ෙම් ගැන ලිව්ව ඒක ෙබාෙහාම ෙහාදයි!
මමත් දැන් සති 3ක විතර ඉදල SLT එකේ දුර්වල සේවාවට එරෙහිව සටන් වදිනවා! මොනව උනත් ගොඩක් අය නිල ක්‍රම වලින් මේ ආයතන වලට එරෙහිව ක්‍රියා නොකරන එකත් ලොකු දුර්වලතාවයක්!
මමත් මීට පෙර ඩයලොග් සහ එටිසලාට් ආයතන වලට එරෙහිවත් හඩ නැගුවා (ඔබ ඇතුළු තව ගොඩක් අය ඒවෙලාවෙත් ඒ උත්ඝෝෂණ වලට සහය දුන්න) අපිට ලොකු වෙනසක් කරන්න බැරි වුණත් අඩුම තරමේ එම ආයතන වල වෙලද දැන්වීම් වලට යොදාගත්ත මනඃකල්පිත වේග දෙන්න බෑ කියන එක එම සමාගම් පිලිගන්න තත්වයට ගෙන එන්න පුලුවන් වුණා!
TRC එක මීට වඩා ටිකක් තදින් ඉන්නවනම් අපිට මීට වඩා ලොකු දෙයක් ලේසියෙන් කරන්න තිබ්බා!!
December 2nd, 2011 at 9:35 pm
I think SLT is trying to get their old customers to newly introduced SLTBB packages by treating them badly. So the new packages always be officially LIMITED and nobody will ever be able to complaint about the speed once the max download limit is exceeded. I was a early customer of their old Home package and switched to the dongle thing, which is also no better than SLT. Then again I moved back to my old package and alas! It’s no longer available. Now I’m using their Webmate which gives maximum of 18gb, and you guessed it. That sucks big time! Seriously what can you do with 18gbs per month?
December 2nd, 2011 at 10:41 pm
සහතික ඇත්ත…SLT විතරක් නෙවෙයි…හැම එකක්ම ඔහොම තමා ..Dialog unlimited කිව්වට 10gb පැන්නට පස්සෙ page එකක්වත් download වෙන්නෙ නෑ…10gb පනිනකංවත් full speed එක දෙන්නෙත් නෑ …limit කරන එකයි මාසෙ අන්තිමට බිල එවන එකයි දවසක්වත් එහෙට මෙහෙට නොවී අකුරටම කරනව…
December 2nd, 2011 at 11:00 pm
Me too have used SLT ADSL and disconnected due to poor quality. Now I am using Dialog Fixed Broadband package. This is not the mobile broadband one. Fixed broadband is provided using WiMAX. This provides a superior quality. But majority of us are not aware of this, we all think that SLT ADSL is the only broadband product in Sri Lanka! I am quite happy with Dialog fixed broadband. They too have a FUP. But they provide a higher speed even after the FUP (for my 512 k connection, I am getting 128k after the FUP). Not sure whether the good quality is due to lower number of customers
December 2nd, 2011 at 11:19 pm
කාලිංග ඉතාම හොඳ දෙයක් මේ කරන්නේ.ඒක ඉතාම අගය කළ යුතුයි. අපි සියලුදෙනාගේම සහයෝගය සහිතව මෙ ආයතන වලට විරුද්ධව නීතිමය පියවරක් ගන්න විදියක් නැතිද?
December 3rd, 2011 at 12:30 am
එල නිය්මඊ මමත් හෙට උන්ට කතා කරනවා slt adsl හොදටම slow වෙලා
December 3rd, 2011 at 12:50 am
මන් මේ ලිපියම එළකිරි ඒකේ කියෙව්වා. එතනත් ඉන්නවා ගොඩක් අය. අපි මේකට මෙහෙම ඉඳල හරියන්නේ නැ. අපි මේක දැනෙන විදියට කරන්න ඕන.මේකේ ගොඩක් යාලුවෝ කියල තිබුන විදියට පත්තරවලට් දන්නා ඕන, තව අපි මේ ගැන tv channels news වලට දාගත්තොත් හොදයි. දන්නා අය ඉන්නවනම් ඒවට උදවු කරන්න විශේෂයෙන් ස්වර්ණවාහිනී ,sirasa news first,derana වගේ දාන්න පුළුවන් නම් හොදයි. තව අපි මේවා අපේ fB, twitter, forums, වලට දාමු. මේ අසදාරණය හැම කෙනෙක්ටම දන්වන විදියට වැඩකරමු, විශේෂයෙන් මේක ගැන president දැනගන්න තැනට වැඩකරමු, එකට කට්ටියම එකතුවෙමු. එකතැනක් කියන්න මේ බ්ලොග් එකේ හරි එළකිරි ෆොරම් වල හරි කමක් නෑ සෙට් වෙමු. මේකට අපි Facebook fan page එකකුත් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒවගේම එකට හොද නමකුත් දාන්න ඕන,දැක්ක ගමන් මොකක්ද කියල හිතෙන විදියට “slt adsl mulawa” මේ වගේ එකක්.
මෙන්න එළකිරි එකේ tread වලට link
http://www.elakiri.com/forum/showthread.php?t=1263250
http://www.elakiri.com/forum/showthread.php?goto=newpost&t=1263078
http://www.elakiri.com/forum/showthread.php?t=1203862
December 3rd, 2011 at 12:54 am
ගොඩක් හොද වැදගත් ලිපියක් ලියල තියෙන්නේ kalinga. මන් මේ ලිපියම එළකිරි ඒකේ කියෙව්වා. එතනත් ඉන්නවා ගොඩක් අය. අපි මේකට මෙහෙම ඉඳල හරියන්නේ නැ. අපි මේක දැනෙන විදියට කරන්න ඕන.මේකේ ගොඩක් යාලුවෝ කියල තිබුන විදියට පත්තරවලට් දන්නා ඕන, තව අපි මේ ගැන tv channels news වලට දාගත්තොත් හොදයි. දන්නා අය ඉන්නවනම් ඒවට උදවු කරන්න විශේෂයෙන් ස්වර්ණවාහිනී ,sirasa news first,derana වගේ දාන්න පුළුවන් නම් හොදයි. තව අපි මේවා අපේ fB, twitter, forums, වලට දාමු. මේ අසදාරණය හැම කෙනෙක්ටම දන්වන විදියට වැඩකරමු, විශේෂයෙන් මේක ගැන president දැනගන්න තැනට වැඩකරමු, එකට කට්ටියම එකතුවෙමු. එකතැනක් කියන්න මේ බ්ලොග් එකේ හරි එළකිරි ෆොරම් වල හරි කමක් නෑ සෙට් වෙමු. මේකට අපි Facebook fan page එකකුත් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඒවගේම එකට හොද නමකුත් දාන්න ඕන,දැක්ක ගමන් මොකක්ද කියල හිතෙන විදියට “slt adsl mulawa” මේ වගේ එකක්.
මෙන්න එළකිරි එකේ tread වලට link
http://www.elakiri.com/forum/showthread.php?t=1263250
http://www.elakiri.com/forum/showthread.php?goto=newpost&t=1263078
http://www.elakiri.com/forum/showthread.php?t=1203862
December 3rd, 2011 at 2:20 am
yes, then when we can get the super internet connection, kalinga ? trc eke inna ayage kadai badai witharai, ada kaale loke jaya ganna internet nathuwa ba, rate paarawalma witharak haduwata ba. technology ekat develop karanna ona acording to world trends .
December 3rd, 2011 at 4:55 am
කාලිංග ඉතාම හොඳ දෙයක් මේ කරන්නේ.ඒක ඉතාම අගය කළ යුතුයි. අපි සියලුදෙනාගේම සහයෝගය සහිතව මෙ ආයතන වලට විරුද්ධව නීතිමය පියවරක් ගැනීම දක්වා මෙය රැගෙන යමු…..
December 3rd, 2011 at 5:17 am
Kaalekata passe ithaa hoda lipiyak dakka.Oka thama lankaawe aashcharya!mage nam adahasa company (ISPs) kochchara awath lankaawe paaribogikayo andana eka tamaa karanne!
@ Kalinga:
mata podi kaaranayak dana ganna one. ara Reliance India company eka (Ambani Brothers in India)giya awurudde (2010) feasibility test ekak kalaa neda lankaawe Telecom Industry eka gana.eke prathipala dannawada? e aya lankaawe business patan ganna plan karala tiyenne kawadada? natnam eka aanduwe pus wedillakda?
Wena GSM/3G operator kenek 2012 waladi lankaawe deploy wenna innawada? (wistara dannawanam poddak kiyanna.
Thanx
December 3rd, 2011 at 7:19 am
Yako Me Wage Hingana Company Wahanna one
December 3rd, 2011 at 7:20 am
Aththatama Wahala Damma Nam Iwarai
December 3rd, 2011 at 8:24 am
අපේ රටේ නෙට් ගැනනම් කියල වැඩක් නැහැ . මම පාවිච්චි කරන්නේ මොබිටෙල් ඩොන්ගල් පැකේජ් එකක්. මාසෙටම 5 GB . මට හිතෙන්නේ මුන්ගේ මොලේ කචල් කියල. මාසෙටම 5GB වලින් මොන මගුලද කරන පුළුවන්. හැබැයි ස්පීඩ් එකනම් හොඳයි . ගොඩක් වෙලාවට 100-120 KB /ps ලැබෙනවා. කොහොම උනත් මම බලගන ඉන්නේ වෙන isp කෙනෙක් එනකන්. ඔයිට වඩා හොඳ ට නෙට් දෙන. අනික trc එක ඇතුලට දේශපාලනය රිංගල. හොඳට හෙව්වොත් තේරෙයි. කොම්පැනි කාරයෝ ටික දේශපලුවොටික අල්ලගත්තහම trc එක ට දෙවිපිහිටයි. කොහොම උනත් ජපානේ NTT එකට slt එක තියෙද්දී මිටවඩා හොඳට නෙට් තිබුන. දේශපලුවොටික එක කෑවා. කව්රු හරි ක්‍රියාමාර්ගයක් ගන්නවානම් මමත් සප් එකක් දෙනවා බොක්කෙන්ම.
December 3rd, 2011 at 9:40 am
මෙහෙමයි කාලිංග දැන් බොහෝ අය හිතන් ඉන්නෙ මේ වගේ නිවුස් එකක් පේස්බුක් එකේ ජී ප්ලස් එකේ ටුවිටරවල සහ බ්ලොග් වල දැම්මම සුදු වෑන් එකකින් ඇවිත් අරන් යයි කියල…ඒත් ඒක නෙමෙ ඇත්ත..
ඔයා වගේ මේ ප්‍රශ්ණය තමුන්ට දැනෙන තරමින් හරි පේස්බුක් වෝල් එකක ස්පෑම් මේල් එකක,,තව සමාජ ජාලයක දමනවනම් ඒක තමා වැදගත් වෙන්නෙ…
පේස්බුක් තියෙන්නෙ ටුවිටර් තියෙන්නෙ ජී පලස් තියෙන්න මල් කඩන්න ආතල් ගන්න විතරක් නෙමෙ…මේ වගේ දේවලටත් ඒක යොදාගන්න ඕනි..
ඉන්ටර්නෙට් ගන්න අය ඉන්ටර්නෙට් එකේ ඉන්නව අපිට මේ විදියට නිරුවත අඩුම වශයෙන් අපිවටා ඉන්න අයට හරි පෙන්නන එකයි වැදගත්..
December 3rd, 2011 at 10:10 am
කම්ප්ලේන් කරන්න කියලා කෝල් කරාම ඒ අය කරන්නෙ අපේ ප්‍රශ්න වලට උත්තර දෙනඑක නෙවි, අපි අහන ප්‍රශ්න නෑහුනා වගේ එයාලාගේ ප්‍රශ්න ටික අහන එකයි. එතැනදිත් අපෙන් අහන්නෙ අපේ ගැටලුව මොකක්ද කියනඑක වෙනුවට අපි කතා කරන දුරකතන අංකය මොකක්ද කියනඑකයි, ඒ අංකය කාගෙද කියන එකයි ලිපිනය මොකක්ද කියන එකයි. අපි ඇහුවොත් අපේ කතා කරන අංකය ඩිස්ප්ලේ වෙනවා නේද කියලා ඒ අය ඒකට උත්තර දෙන්නෙ නෑ. නෑහුන ගානට වෙන මොනවා හරි කියවනවා. මට දවසක් ඩොන්ගල් එකට හරියන්න කොම්පියුටරේ සෙටින්ස් හදාගන්න උපදෙස් දෙන්න ආවා. මම වින්ඩෝස් නෙවි යුස් කරන්නෙ කිවාම වින්ඩෝස් යුස් කරලා බලන්නලු. බිල් අංකල් මෙයාලට ගෙවනවද දන්නෙ නෑ මෙහෙම කියන්න.
තව දෙයක් කාලිංග අයියේ.. තව ටික දවසකින් ලංකාවෙ අයිඑස්පී ලා ටික speedtest සයිට් ටිකට විතරක් ලින්ක් එක ස්පීඩ් කරලා දේවි අපි ස්පීඩ්ටෙස්ට් කර කර බනින නිසා. එතකොට එයාලාම ඇවිත් පෙන්නයි මෙන්න ස්පීඩ් එක තියෙනවානෙ. ඔයාලා බොරුවටනෙ කෑ ගහන්නෙ කියලා..
December 3rd, 2011 at 11:00 am
TRC=පාරිභෝගික අධිකාරිය
මගේ අදහස රූපවාහිනියේ යන සියලු වෙලද දැන්වීම් යම්කිසි සොයාබැලීමකට
ලක්කල යුතුයි . රජයේ මැදිහත්වීම අයශ්‍ය වෙලාවක්
December 3rd, 2011 at 11:10 am
අපි ඉක්මනට මොනවහරි කරමු තවත් පරක්කු කරන්නනේ නැතිව. ස්වර්නවාහිනී වේගේ හමෝම බලන Channel එකක මේක ප්‍රචාරය කරන්න විදියක් තියෙනවද කියල කොලබ ඉන්න යාලුවෝ බලලා කියන්න අපි උපරිම උප්රිමම උදවුව දෙනවා. TV channel එකකට දාගත්තාම මේ ගෙන කතාවෙන්න පටන් ගන්නවනේ එතකොට අපිට ලේසියි වැඩේට බහින්න නේද?
December 3rd, 2011 at 12:19 pm
ඇත්ත . . . මමත් අන්තිමටම කම්ප්ලේන් කරලම ඉවරයක් නැති නිසා SLT අයිං කලා . . 64kbps එකකිං අල ගලවන්නද ????
මට තිබුනෙ නං අන්ලිමිටඩ් එකක් නෙමෙයි ඒත් බඩ ගාගෙන නෙට් ගිහිං රෙන්ටල් එක වගේ 4ගුනයල් බිල ගෙවන්වට වඩා ලාබයි දෙයියනේ කියල ඩයලොග් කනෙක්ශන් එක.
හැබැයි . . . මේගැන මොකක් හෝ සාමූහික පියවරක් ගන්නවනං . . . අනිවා මම සපෝට් . . .
December 3rd, 2011 at 3:01 pm
කියන්නෙනම් unlinited කියලා 18gb පැන්නාම පට්ට ස්ලෝ පාරිබෝගිකයින්ව රවට්ටන Slt ..නියමයි කාලිංග කියන්න ඔනේ එවා එහෙම්මම තියෙනවා….
December 3rd, 2011 at 4:02 pm
දැනට කට්ටිය පුලුපුලුවන් මේක වටේම ෂෙයර් කරල යවන්න…..
December 3rd, 2011 at 4:24 pm
Thanks කාලිංගගේ අය්ය.අපි එකතුවෙල වඩක් කරන්න ඔන. මෙ Fb Group එකට එන්න
http://www.facebook.com/groups/283190858383855/
December 3rd, 2011 at 5:12 pm
ඇත්තටම මට කලින් නොහිතුන දෙයක් කියන්නම්. අපිට නොතේරුනාට ලංකාවේ ඉන්ටනෙට් වලට දේශපාලන එරාෂ්ටකයක් ලබලා තියනවා. එක තමයි ඇත්ත . මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති. අපි කොච්චර slt එකට බැන්නත් වැඩක් නැහැ. මොකද අපි කරන්නේ කොටියට බයේ කොටි හමට තලනවා වගේ වැඩක්. මේ එරාෂ්ටකය අයින් කරනකන් අපේ නෙට් මෙහෙම තමා. slt එකට කරන්න දෙයක් නැහැ. slt එකට විතරක් නෙමෙයි අනිත් අයටත් එහෙම තමා. දැනට අපිට තියෙන්නේ මුන් දෙන නෙට් වලින් සැහීමකට පත්වෙන්න. හැබැයි එකක් කියන්න ඕන. ලෝකයේ අන්තර්ජාලය දියුණු වෙන හැටියට , වේගවත් වෙන හැටියට මුන්ට වැඩිකලක් මේ විදියට නටන්න ලැබෙන්නේ නෑ. මම කිව්ව දේ මොකක්ද කියල හොඳින් තේරුම් ගන්න.
December 3rd, 2011 at 6:58 pm
බීරි අලින්ට හෝන් ගහනවා වගේලු
December 3rd, 2011 at 7:12 pm
කාලිංග අයියේ. අපේ රටේ තියෙන්නෙ සූරා කෑම විතරයි. එයාටෙල් අඩුගානට කනෙක්ශන් දෙන්න හැදුවාම ඒක නැවැත්තුවා. මුන් ඔක්කොම එකයි ශික්. ඉස්සර ඩයලොග් එකෙන් සූරා කෑවා. දැන් ටෙලිකොම්.. ජය වේවා ලක් මෑණියනේ..
December 3rd, 2011 at 7:42 pm
aiye oya karapu vade nam niyamai. mata oya vade una 64mbps valin hariyata f.b. 1ta vath log venna baha. prodakarayo me vage ravateem valata nadu magata yanna one.nattan hamadamath meka karanava.mama slt package 1n maruvenna inne.tnks.
December 3rd, 2011 at 8:22 pm
@all
කරුණාකර Sri Lanka Internet Users Union ෆේස්බුක් සමූහයේ සාමාජිකත්වය ගන්න, මෙමගින් අපේ ඉදිරි වැඩ කටයුතු ගැන දැනුම් දෙනවා.
https://www.facebook.com/groups/LKInternetUsers/
December 3rd, 2011 at 9:09 pm
ඉතාම වැදගත් ලිපියක් කාලිංග අයියේ. Complaint කරන්න ඉන්න තැන උන් බුදි ,මේකට ඔයාල වගේ අය පෙරමුණ ගන්න එකනම් ඉතාම වටිනවා. රටේ මිනිස්සුන්ගේ සල්ලි වලට විදින මේ වගේ වැඩ නවත්වන්න වෙන්නේ වෙන්නේ මුන්ට මේවගේ ප්‍රසිද්දියේ බැනලම තමයි.තවත් පොර ටොක් දෙනවා ඒ www ද මේ www ද කියල. ඒ www ත් එකයි මේ www ත් එකයි
December 3rd, 2011 at 9:11 pm
කියලා වැඩක් නෑ, කලින් කියල තිබුනා වගේ පූරුවේ කරුමයක් කියලා හිත හදාගන්නවා..
කාලකන්නි..
December 3rd, 2011 at 9:36 pm
Okkoma ISP la aka vidihata wada karaddi apita sidda wenne “Dena de kala Wena de balan innai.”.
Danatath api a wage ne karanne. Rate hama dema a ayata ona vidihata karanwa.aka hoda unath nathath apita wela thiyenne a vidihata wada karannai.
SLT vitharak neme hama company akakma control karanna customers rights rakinna puluwan company ona.TRC wage nam hari yanne na.Kottima kiyana nam lankawe kattiya dala lankawe ayathana dala nam wadak na.TRC wagemai ne wenne.
December 4th, 2011 at 2:21 am
මගෙ යාලුවෙක් ඉන්නව දන්න කාලෙ ඉදන් FUP. ඉතින් Hotspotshield බාන එක කරන්නෙ. වෙන දේවල් කරන්න බෑනෙ
December 4th, 2011 at 11:58 am
කාලිංග මාත් ඔය ජරාSLT කාරයොන්ට අහුවෙලා 1yr විටර දුක් වින්ඳා… මන් SLT ADSL connection එක disconnect කරලා WIMAX (suntel 512 Kbps)වලට මාරු උනා .Speed එකත් maxxa…. 20GB වලට වඩා මාසෙකට DL කරනවා …මට නම් තාම වෙනකම් මේ connection කිසි පස්නයක් උනේ නැ …
December 4th, 2011 at 1:47 pm
SLT PEO TV th oya tikama thamai…
Balanna be.. leda..
PEO TV eka run karanne maha kaala kanni tikak…
Customerslata salakanna ballanta wage…
Unge maara loku eka…
December 4th, 2011 at 3:08 pm
කාලිංග අයියේ ඔය Etisalt , Airtel,Mobitel ගැනත් ලියන්න. Etisalt ලා මහා ලොකුවට කැ ගැහුවට උන්ගේ ස්පඩ් Mbps 0.1 විතර.
December 4th, 2011 at 6:19 pm
Good Job Kalinga… great article… i will share in my wall
December 4th, 2011 at 9:47 pm
මචං, මගෙ ගාව තියනවා SLT එකත් එක්ක කතා කරපු සේරම දුරකථන සංවාද mp3 වලින්. ගොං ටොක්ස් දෙන්නෙ. එකෙකුට එකෙක් කියන දේවල් ගැලපෙන්නෙ නෑ. තනිකර බොරුව. ටෙලිකොම් එකට දුන්න ලියුමක කොපි එකකුත් තියනවා. මගෙ ප්‍රශ්නෙ හරි ගියා උනාට download ලිමිට් එක තීරණය කරන්නෙ උන්. සෙට් වෙලා අදිමුද අංචියක්. මේවා බලන් ඉන්න බෑ. මුං අපිව කනව, අපේ සල්ලිත් කනවා… මම ගේමට රෙඩි… අපිට බැරිද රේඩියො චැනල් එකක් අල්ලගන්න… “බැලුම්ගල”ට දාගන්න තියනවනම් මරු…
December 4th, 2011 at 10:10 pm
@ප්‍රදීප්
Youtube, Facebook upload කරලා කට්ටිය එක්ක බෙදාගන්න
ඕකුන් කියන්නේ බොරු තමයි, කට ඇරියොත්!
December 4th, 2011 at 11:55 pm
ඔය නැගල යන්නේ. ප්‍රදීප් මල්ලි කිව්වා වගේ බලුම්ගලට දන්න ට්‍රය් එකක් දාමුද . ඒකට දන්න ඕන කරන සියලුම voice cut තියනවනේ.හොද group තියනවා.හොද අදහසක්.
December 5th, 2011 at 8:52 am
ඔන්න කාලිංග අයියේ SLT එකෙන් උබේ බ්ලොග් එක Kaspersky වලට report කරලා දැන් අයියගේ බ්ලොග් එක බලනකොට Kaspersky වලින් එනවා අර Thepiratebay.org එක බලනකොට එනවා වගේ warning එකක් SLT එක තව ඉස්සරහට මොනවා කරයිද දන්නෑ අපේ කැරැල්ල මැඩ පවත්වන්න.මම මේ පොස්ට් එක මගේ friends ලා ඔක්කොටම මේල් කරනවා . නොසැලී ඉදිරියට යන්න මගෙන් කාලිංග අයියා ඇතුලු අපේ සෙට් එකට සුභ පැතුම් !!!!
December 5th, 2011 at 10:33 am
කාලිංග අයියේ, මම ADSL පාවිච්චි කරන්න පටන් ගත්තේ 2007 (512kbps unlimited) ඉදලා. ඒත් අයියේ, ඒ දවස්වල ස්පීඩ් එක තිබුනේ, 90kbps වලටත් වඩා අඩුවෙන්. එහෙම ඉබි ගමනින් වැඩ කරපු මගේ internet connection එක, මේ වෙනකොට 400kbps ස්පීඩ් එකෙන් වැඩ කරන්නේ, TRC එක ස්පීඩ් ටෙස්ට් කරලා වෙබ් එකේ දාන්න පටන් ගත්තට පස්සේ නේද?
අයියේ මම මීට කලින් දාපු comment එක මොකක් හරි වැරදීමක් නිසා thread එකට ආවෙ නෑ.
December 5th, 2011 at 1:00 pm
http://www.facebook.com/photo.php?fbid=1662992752893&l=20fd6654b9
මේව ගැන slt එකට complain කලාම කියන්නේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැලු.area office එකට කියල බලන්නලු.callback කරනව කියලනම් කිව්ව. තාම ආපු call 1ක් නම් නෑ.වැඩිපුර ඉල්ලනව නෙමේ.කියපු ගාන දෙන්න කියලයි කියන්නෙ. වෙන රටවල් එක්ක බලද්දි තත්වෙ මෙහෙමනම් ලංකාවෙ IT දියුනු කරන්න සෑහෙන්න අමාරු වෙයි.මේ වැඩේ නතර කරන්න ඕනම උදව්වක් දෙන්නම් කාලින්ග් අයියේ..ජයෙන් ජය…
December 6th, 2011 at 1:06 pm
slt eka hitagena inne old internet package users la kiyanne harak kiyala wage.ekata kamak nehe hebai unata apiwa buruwo karala pite yanna denna behe.oya kiyana problem eka mage 2 mb business ekata wagema 512 home line ekatath thiyenawa.ape line walata illeagally fup add karala unata apen monthly rental eka paranawidiyatama ayakara gannawa.new packages wala monthly rental adu karala thiyenne.apita usage metre ekawath nethuwa slt ekata hitena hitena widiyata ape line slow karanawa.
December 6th, 2011 at 3:19 pm
පැය ගානක voice රෙකොඩින් තියෙනවා මගෙ ගාව. ලොකු එකාගෙ ඉඳන් පොඩි එක වෙනකන් බොරු ඇදබාන්නේ… රේඩියෝ එකට දාගන්න කවුරුත් නැත්ද? මම එනවා සාක්ෂිත් එක්ක…
December 6th, 2011 at 4:04 pm
ow ow eyalage boru ad witharay melo rahak na matanam epa wela.
December 7th, 2011 at 12:58 am
100% atha meka nam godakma watina post ekaka meka aniwaren ma president balanna ona ekak meka apita meka president ta ma yomu karanna likithawa vidiyak hadala meka assan karala yamwaunda ?????? nikan sochanta yawala wadak na mun ekak wath hariyata wadak karanna na sathapahaka wadak na man mage uparima sahaya danwa math SLT OLD Package eka unlimited user kanak 64bps thama dan wadak na katha karala me wage hora wada nawathanna uparima sahaya apen great post
December 7th, 2011 at 5:25 pm
SLT SUCKKKKKKKKKKKKKKK……….
December 7th, 2011 at 9:59 pm
නියමයි.. අපිත් ඉන්නවා ඔන දේකට.. මුන්ට කටින් කියලනම් හරියන්නෙ නැ, මටත් එපා වෙලා ඉන්නෙ SLT එක..
December 8th, 2011 at 11:55 am
ADSL පාවිචිචි කරනවට වඩා හොඳයි Dongle එකක් අරගන්නවා. ADSL පාවිච්චි කරනවා කියලා කියන්නත් ලැජ්ජයි.
හැමෝම මුන්ගේ Connection එක අහක් කරලා දැම්මම තමයි මුන්ට තේරෙන්නේ. මුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ.
December 9th, 2011 at 5:17 pm
512 Line ekakata 40 Gb wage limit ekak denawanam eka saadaranai namuth mun denne 20 GB
anika 20 Gb pannata passe 64kbps wena eka kohomath saadaranikaranaya karanna ba
thawa deyak 512 lines wala 20 Gb limit eka 1 mb lines wala 25 GB
harima asaadaranai
December 9th, 2011 at 11:23 pm
apita ADSL namayakwath ne!!! Dialog 3G ganneth 10M cabel akak walrta dala !!! wegaya ithin bohoma adui!!
December 11th, 2011 at 12:12 am
Is there a way to inform all these things to Neth FM Belumgala, they are searching for these kinda things
December 22nd, 2011 at 9:48 am
මගේ ADSL connection එකටත් SLT එකෙන් limits දැම්මා. SLT Call Center එකට 10 සැරයකට වඩා කතා කලත් වැඩක් උනේ නෑ. ඊට පස්සේ SLT Regional Manager ට කතා කලා. ඌත් කිව්වේ restrictions අයින් කරන්න බෑ කියල. අන්තිමට TRC එකට complain කරලා සති 2 කින් විතර restrictons අයින් කරලා තිබුන. අදටත් මම මාසෙකට 30GB වලට වඩා කරනවා. තාම නම් කිසිම අවූලක් නෑ.
December 24th, 2011 at 8:40 pm
dan slt eke ewun apiwa limit karala mun apiwa rawattanawa ,slt adsl home unlimited user kenek mama, mun dan apiwath limit karala internet yannama bari widihata slow karala, dan 50kbps walatath adui speed1, api hamoma munta wiruddawa nagee hitimu, lankawe janathawa rawattanna slt 1ta ba, api okkoma ekata ekathu wela munta wiruddawa wada karamu, apen wadiyen salli aran apiwa maragena kana SLT ekata hodak wenna epa, dawasin dawasa mun apiwa slow karanawa…YALUWANE API API wenuwen nagee sitimu…….
December 28th, 2011 at 12:07 am
මම ඉන්නේ සව්දියේ මගේ ගෙදරත් තියෙන්නේ SLT unlimited ගෙදරින් කියන විදියටනම් එකෙත් අව්ලක් තියෙනවා ඇත්තටම මේවගේ දෙකට අපිට බැරිද සංවිදාන වෙලා නඩු දාන්න.කෙලින්ම SLT එක කරන්නේ වංචාවක් ඔය මේ කරන දේ ගොඩක් වටිනා දෙයක්.මේගැන අනිත් තැන වලට වගේම ජනාධිපති තුමාටත් දන්නන එක හොදි කියල මට හිතෙන්නේ .ඔය මේ කරන දේ ලංකාවේ ඉන්ටනෙට් භාවිත කරන හැමෝටම කරන ලොකු සේවයක්.ඒ හැම දෙනාගේම සහය ඔයාට ලැබෙන එක සහතිකය් .ලංකාවේ නැති උනත් අපේ ශක්තියත් ඔය එක්ක තියෙනවා …..
December 28th, 2011 at 7:57 pm
ජනවාරි 1 සිට ඔක්කොම SLT 512kbps lines, 8Mbps වලට අප්ග්‍රඩ් කරනවලු.
December 30th, 2011 at 4:14 am
kalinga, read this and publish on teckatha tomorrow
http://www.trc.gov.lk/images/pdf/NewBroadbandPackages12_11.pdf
December 30th, 2011 at 5:01 pm
Mage ADSL eka 4 days down . SLT eke eunta wandenathi eka withari 1243 walata ganna baha KANDY walin .Ekata eka bole pass karanawa.Ekekwath naha responsibility eka ganna.Pol booruwo kitak thama SLT eke inne. Mewage Company nathi bangasthana weeeeeeeeeee waaaaaaaaaaa.Me wage customer care nathi company walata erehiwa JANATHA Handak enna one Kale awilla.Technical service anthimai.
January 2nd, 2012 at 8:05 pm
SLT xcite connection එක ට limit එන 30GB කියල කියනවා. තාම ෂුවර් නෑ, හැබැයි වැඩේ කියන්නෙ මාසෙ පැන්නම automatically reset කරන්නෙත් නෑ. මම SLT xcite package එක අරගෙන අවුරුදු 3 ක් විනර වෙනවා. ඔය TRC එක මම හිතන්නනෙ සත 5 න වැඩක් නැකි එකක් කියලා. මොකද මම මගේ phone එකෙන් SLT එකත් එක්ක කරපු කථා record කරලා e-mail කරා තාමනම් කිසිම දෙයක් කරල නෑ වගේ පේන්නෙ…
January 8th, 2012 at 4:08 pm
oyage lipiya nam godak watinawa aththatama ape rate inne okkama mulputuwe idan podiputuwata y anakaan horu mama wada karanne cyprus wal aththenma me rate internet unlimitad masetama ero40i aya me rate kamkaruwek dinakata labana awama mudlaki. dowunlod speed mb10 laba denawa akawara page 3…..4k pawichchi kirimata puluwani.lankawe minusunta lokaya dakintath danuma vadikaraganimatath aniwarayen antharjalaya savimath viya uthui aya apata labadeemata akamath ape rate desapaluwanya.aya aperate jeewathwana godak moda minusunta kawadawath theren ne.oba karana uthsahaya sarthaka wewa!
January 8th, 2012 at 5:43 pm
Mamath use karanne SLT Home package ekak.Service eka nam anthimai.Mang hithagena inne Airtel Unlimited package ekakata maaru wenna.E package eka speed da ? Torrent downloads walata ehema hondaida ?
January 11th, 2012 at 8:28 am
ayye , thawa wisthara liyanna deyak na.. oyage me lipiye akurak naara ma thiyenne sahathika aththa!!! api onema udawwak karanawa oyata.. me wanchanikayanta wiruddawa nagitimu.. (web surfer package user)
January 11th, 2012 at 8:43 am
කාංලිඟ අයියා අපි මොකද මේකට කරන්නේ… මුන් තව තව ලැජ්ජා නැතිව ටීවී ඇඩ් දානවනේ!!! ඇඟේ ලේ නටනවා!! පුදුම කාලකන්නි හොරු ටිකක්!!!
January 11th, 2012 at 10:14 am
හිතවත් කාලිංග ,
අපගේ ඉහත ක්‍රියාමාර්ගයේ නවතම තොරතුරු මොනවාද. SLT/TRC එකෙන් ප්‍රතිචාරයක් තියනවාද
නැත්නම් ඔවුන් අපිව ගණන් ගන්නේ නැතිද
සමිත
January 11th, 2012 at 12:19 pm
16 Mbps line එක ගැනත් සොයන්න
January 16th, 2012 at 11:21 am
machan kalinga niyama weak meka…slt aekata kiyala wedak nneee..mama cafe karanne.dan slow wela 8kbps aenne minissu kunuharapa kiya kiya yanawa…ape badata slt aeken gahanneee…kaalakanni okunwa maka bewenna oone…slt & trc aeken mokuth nedda thaama
January 16th, 2012 at 11:21 am
මේ slt එකේ උන්ට කියල වැඩක් නෑ.මම කැෆේ කරන්නේ .මල පැනල ඉන්නේ 8kb වලින් ඉන්ටෙර්නෙට් යන්න ගිහිල්ල. මහින්ද මහත්තය වත් මොකක් හරි විසදුමක් දේ කියල බලාගෙන ඉන්නවා.
January 24th, 2012 at 8:47 pm
ow 100% true.limit karanne hetu 2k uda
1.lankawe den tiyana fiber optical ring 1e capacity full
2.MINI MSAN project 1e tama karagena yana nisa
asadaranai kiyala dannawa eth apitath karanna deyak ne.
im work @ SLT mage job 1th beragena mama sadarana pehedili kireemak karanna puluwan kalinga aiya
March 21st, 2012 at 12:18 pm
speed eke problem ekak nisada router eka reset wenne???? fan eka dan nathuwa weda karannama behe.If someone can give a reasonable answer for this much appreciated.
March 25th, 2012 at 9:28 pm
ගොඩක් ස්තුතියි. අපේ ලංකාවේ කිසි දෙයක් හරියට කරන්න බෑ.ලොකු පුටුවල ඉන්න උන්ට ඕන සල්ලි විතරයි.උන්ගේ ළමයි ලංකාවේ ඉගෙන ගන්නේ නෑනේ.උන්ට රට අගාදෙට ගියත් එකයි සල්ලි හමිබ වෙනවනම්. ඒ වගේ උන් ඇත්තේ TRC එකේ.නැත්නම් තාක්ෂණය දන්න එකෙක්වත් නැතිව ඇති TRC එකේ.මමනම් කියන්නේ අපි එකතු වෙලා පාරට බැහැලා හරි අපේ අයිතිය ඉල්ලමු.(සැර වැඩිද මන්දා)
April 20th, 2012 at 10:11 am
ape rate SLT wage hora comapany karayo gana katha keranna kissima TV,radio station ekek nae. mokada unta salli denawane ad welata.. salli denawanam one balu wadak hangai mae wage rataka..
we need a stronger community for consumers…then we can make a louder voice..
April 23rd, 2012 at 10:21 am
කාලිංග අයියේ මමත් ගොඩක් technical side එකත් එක්කම ඉන්න කෙනෙක් සහ telecom එකත් එක්ක අවුරුදු 20 විතර telephone සහ අවුරුදු 6,7 විතර internet home පාවිච්චි කල කෙනෙක්.මේ අය දැන් FUP දාන නිසා අමාරුවේ වැටිලා තියෙන්නේ.මට කෙනෙක් කිව්වා chairmanta direct ලියුමක් දාන්න කියලා.එහෙම කරනවට වඩා ඕගොල්ලන්ට එකතුවෙන්න මම කැමතියි.
July 28th, 2012 at 10:53 pm
mekata machan wena kisima legally action ekak ganna widiyak nadha???
August 2nd, 2012 at 12:25 am
අය්යෙ ඔය කතාව සහතික ඇත්ත . මොකද සීඩීඑම් ඒ එකට මාරු කරන එකෙන්ම ඒක පේනව . මං නං හිතන්නෙ ඉන්ටර්නෙට් යන්න හොදම dialog broadbrand විතරයි
October 19th, 2012 at 1:31 pm
මේ කියන කතාවනම් සහතික ඈත්ත තමා… මමත් පෑමිනිලි කරලා තියනවා.
December 15th, 2012 at 4:55 am
HSDPA nathi ayatath maru
February 28th, 2013 at 1:26 pm
Yes.. Telicome kiyanne eththatama boru karayo mage connection ekath …..kochchara limit eka wedi karath magadi kapanawa…
April 6th, 2013 at 7:40 pm
Thank you so much Mr.Kalinga. I will complain to responsible persons. Thanks again.
April 23rd, 2013 at 9:49 am
මම නම් කියන්නේ අැමරිකාවේ icann හරි වෙන සමාගමකට හරි පැමිනිලි කරලා ලෝකෙටම දන්නමු.එතකොටවත් හරියන්නැතෑ