ඉල්ලාගෙන දාගෙන, පසුව දුක්වෙන.. පරිගනක වයිරස්!
දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්. බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් නොවෙයි. ඒකෙන් මේක විසදෙනවානම් මේ ලෝකේ වයිරස් වලින් තොර වෙන්න එපැයි ? දැන් අපේ අය එක වයිරස් ස්කෑනයරක් නොවෙයි, දෙක තුනක් දාගෙනනේ ඉන්නේ. රටේ නැති නම් වලට ඔය ඕනේ තරම් වයිරස් ස්කෑනර් තියෙනේ, විකුනන අයනම් කියන්නේ ඉපදෙන්න ඉන්න වයිරසුත් අල්ලනවා කියලා නේ. නමුත් ඔය වයිරස්ගාඩ දාපු පරිගනක වලටම නේද මේ වයිරස් එන්නත් ? ඇයි මෙහෙම වෙන්නේ ? අපි බලමූ. මේ ඔක්කොටම වඩා හොදම වයිරස්ගාඩ් එක තමන්මයි කියන එක දැම්ම කියන්නම් කෝ.
දන්න යකා හොදයි කියනවානේ නොදන්න යකාට වඩා, ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු මේ වයිරස් කියන්නේ මොනවද, ඒවාගෙන් මොකද්ද වෙන්නේ, ඇයි එහමෙ වෙන්නේ වගේ ඔකොම දේවල් ගැන. මුල් අවදියේ වයිරස් වලින් සිදූනේ පරිගනකයේ ක්රියාකාරීත්වයට බාදාකිරීම. නමුත් දැන් වයිර්ස් වලින් ඊට වඩා බොහෝ දේ සිදුවෙනවා. අපේ දත්ත සොරා ගන්නවා, අපේ පරිගනක අපි නොදැනුවත්ව ඔවුගේ ඔනෑ එපා කම් වලට බාවිතා කරනවා, පරිගනක වෙලද දැන්වීම් පෙන්වන්න යොදාගන්නවා.
දැන් වයිරස් සෑදීම හොද මුදල් උපයන මාර්ගයක් බවත පත්වෙලා. මේවා ගොඩක් හදන්නේ මුදල් සෙවීම හා විවිද ජාල, වෙව් අඩවි අඩපණ කිරිම වැනි ක්රියාවලියන් සදහා. මේ ගැන අපි විවිද අවස්තාවන්වලදී Techකතා podcast එකේ කතා කරලා තියනවා.
ඉතිරිය Techකතා The Magazine අඩවියෙන් බලන්න






April 6th, 2011 at 11:03 am
පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව පරිගණකයට ඇතුල් වෙලා පරිගණක වලට හානිකරන වැඩ සටහන් වර්ග කීපයක් තියනවා . Virus , Trojan , adware , SpyWare , worms සහ Crimeware . කියන වර්ග වල ඒවා . මම හිතන විදිහට අපි මේ හැම එකක්ම හඳුන්වන්න ඕන තනි වචනේ තමයි Malware කියන්නේ . මම ගන්වන ඉන්ස්ටිටියුට් එකේදී මම මෙතුවක් කාලෙකට ළමයින්ට කියලා දුන්නේ ඒ විදිහට . මෙතනදී සමහර විට මම වැරදිත් ඇති .
මට සමහර තැන් වලදී හිතෙනවා මම ඒ හිතාගෙන හිටපු කරුණු වැරදියි කියලා . පොඩ්ඩක් මට ඒ ගැන පැහැදිලි කරන්න .!
April 6th, 2011 at 12:43 pm
එළ!
April 6th, 2011 at 1:56 pm
@හිස් අහස
දැන් ඇත්තටම පරිගනක වයිරස් කාන්ඩවලට කඩන්න අමාරුයි, එක වයිරසයක කාන්ඩ කීපයක අදාල ගතිලක්ෂන තියනවා.
එම නිසා ඔබේ හැදින්වීම වරදක් නෑ.
April 6th, 2011 at 3:48 pm
අප්පට සිරි කාලිංග අයියා අලුතෙන් පෝස්ට් එකක් දාලා….
නියමයි අතිශය කාලීන මාතෘකාවක්… (මම මේක මගෙ ගෝලයන්ට පාඩමක් විදිහට දෙනවා කමක් නැද්ද)
April 6th, 2011 at 5:51 pm
maga virus scan ekata(Bitdefender) ahuwena samahara virus clean karanna bae kiyanawa. Remove karanna kisima widiyak nae. Delete karannath bae. Eva thama machine eke thiyenawa. Mea files clean karannakramayak kiyanna?
April 6th, 2011 at 6:01 pm
@සහන්
කිසිම ගැටලුවක් නෑ, පොඩ්ඩක් ඉතින් Techකතා මැගසීන් එක ගැනත් කියන්න
@Chamal
ඔය ගැන කියලා තියනාවා, පොස්ට් එක හොදට කියවන්න
April 6th, 2011 at 7:38 pm
අපි නම් ලිනක්ස්. ඕනෑ කෙහෙම්මලක් ආවාවෙ කිසි අවුලක් නෑ
April 6th, 2011 at 10:22 pm
@ගල් ඉබ්බා
ආ… ගොඩක් අය එහෙම හිතාගෙන ඉන්නවා. ලගදිම ඒගැන පොස්ට් එකක් දාන්නම්
April 6th, 2011 at 11:19 pm
tech කතා මැගසින් එක ගැන මම දැනගත්තෙ මේ පෝස්ට් එක දැක්කම අයියා… මොකද මම ඉන්නේ ඩ=දැන් ගල්ගමුවේ (එතකොට හිතා ගන්න පුලුවන්නේ
මෙහෙ ඉන්ටර්නෙට් එකේ තත්වේ) මෙහෙ ලමයින් ගෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට ඇරෙන්න ගෙවල්වල අන්තර්ජාල පහසුකම් තියන අය හොයාගන්න අමාරුයි. මම ටෙක් කතා ඩවුන්ලෝඩ් කරල තමා (ඔක්කොම නෙමේ ඒකත් උවමනාවක් තියෙන එවුන්ට) දෙන්නේ.
April 6th, 2011 at 11:36 pm
එල, එල, නියමයි…..