Sinhala Unicode on Android – Google Nexus One

Home / කෙසේ ද ? (How To) / Sinhala Unicode on Android – Google Nexus One

මාස 5කින් පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හදන්නේ 😀 මාව දැන් සිංහල බ්ලොග් කියවනයෙන් පන්නලා ගොඩක් කල්. මොකද දින 90කින් බ්ලොග් එකක් ලිවුවේ නැත්නම් එලවනවා නේ 😀  මම ඉතින් මගේ iPhone එකට ලගදී සමුදුන්නා. මේකට හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ,  iPhone එකේ එන හැම අලුත් අංගයක්ම කලින් ෆොන් වල තිබුන දේවල් මිස අලුත් දෙයක් නොවීම. අපි උදාහරණයක් ගත්තොත් iPhone 4 එකේදී තමයි 5MP කැමරාවක් ආවේ. නමුත් මගේ පරණ LG KU990 එකෙත් මීට වසර 2~3කට කලින් 5PM කැමරාවක් එක්ක Xeon Flash එකක් තිබුනා. ඒ වගේම iPhone 4 එකේ ඇන්ටනවේ සිට reboot දක්වා තියන ලෙඩ ගොඩ ගැන කියන්න දෙයක් නෑනේ.  ඔය ඔක්කොම නිසා තාම අවුරුදු 2කක් වත් වයස නැති Google සමාගමේ OpenSoruce OS එක වන Android දාවනය වන Google Nexus One ෆොන් එකකට මාරු උනා. මම ගත්තත් එක්කම ගූගල් සමාගම මෙම ෆොන් එක විකුනන එක නැවැත්තුවා 😀 දැන් එම ෆොන් එක ලබාදෙන්නේ Android Developers ලට පමණයි.  නමුත් මෙහි සිංහල නෑ. අද කියනේ කොමද මේකට සිංහල දාන්නේ කියලා. 100% සාරතකව තාම සිංහල rendering වෙන්නේ නෑ. මේක හදාගන්න ඉදිරියේ උත්සාහ කරනවා.

බලමු කොහොමද මේකට සිංහල දාන්නේ කියලා…

Note: මෙම ක්‍රියාව අදාල වන්නේ Google Nexus One හා Android 2.2 (FRF91) සදහා පමණයි, වෙනස් ෆොන් එකක් ඇත්නම්, google කර root කරන්නේ කෙසේදැයි කියා සොයා බලන්න. font copy කිරීම සියලුම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට සමාණයි. තවද මෙම ක්‍රියාවලිය කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු විය හැක. ඒ වගේම මෙම ක්‍රියාව මගින් ෆොන් එකේ ඇති සියලුම application හා දත්ත මැකීයයි. (SD එකේ ඇති දත්ත වලට හානියක් සිදු නොවේ). එම නිසා මෙය කිරීමට පෙර ෆොන් එක backup කරන්න.

සිංහල දැමීමට පෙර අපි Nexus One එක root කල යුතුයි. මෙය කිරීමට පෙර bootloder එක unlock කිරීමක් කරන්න ඔනේ. මේ සදහා පහත දෑ download කරන්න.  root කිරීමක් කියනේ Android OS එකේ admin හෝ super user බලතල ලබාගැනීමයි. Android යනු Linux OS එකකි.

Superboot (වැඩි විස්තර හා වෙනත් Android version සදහා)

USB Driver (Linux, MAC OS සදහා Android SDK එක යොදාගන්න)

1. Nexus One එක USB Debug Mode enable කරන්න.

Settings->Applications->Development->USB debugging

2. Nexus One එක පරිගනකයට USB හරහා සම්බන්දකොට USB Driver එක Install කරන්න.

3. දැන් Unzip කරන්න Superboot ZIP ෆයිල් එක. පසුව command line (cmd) එකක් open කර superboot එකේ ෆයිල් ඇති තැනට යන්න.

දැන් අපි bootloder එක unlock කරමු.

1. Phone එක off කරන්න.

2. trackball එක ඔබාගෙන power button එක ඔබා අතහරින්න, trackball එක ඔබාගෙනම සිටින්න. ඔබට දැන් boot rom mode එක දැකගත හැක.

3. USB cable එක පරිගනකයට සවිකරන්න.

4. Open කරපු cmd ලයින් එකේ පහත විදානය ලබාදෙන්න.

fastboot-windows oem unlock

5. එවිට ෆොන්ට් එකේ google unlock කිරීමට අදාල තිරය දිස්වෙයි, Volume key එක මගින් YES කියන එක තෝරා Power Button එක ඔබන්න. දැන් ෆොන් එක reboot වෙයි.

root කිරීම කරනේ කෙසේදැයි බලමු.

1. trackball එක ඔබාගෙන power button එක ඔබා අතහරින්න, trackball එක ඔබාගෙනම සිටින්න. ඔබට දැන් boot rom mode එක ගන්න.

2. කලින් විදානය දුන් cmd ලයින් එකේම පහත විදානය ලබාදෙන්න.

fastboot-windows boot boot.FRF91.superboot.img

3. දැන් ෆොන් එක reboot වෙයි.

දැන් බලමු සිංහල දාන්නේ කොහොමද කියලා.

1. Sinhala Font එක download කරන්න.

2. Font එක unzip කරලා, font එකේ SD card එකේ root එකට copy කරන්න.

3. දැන් පරිගනකයෙන් ෆොන් එකේ SD card එක safely remove කරන්න.

4. දැන් ෆොන් එකෙන් Turn off USB storage කරන්න.

5. ඉහත open කරපු cmd එකේ පහත විදාන දෙන්න.

adb shell

su

6. දැන් ෆොන් එකේ su allow කරනද කියා අසයි, එවිට allow කරන්න, cmd එකේ Permission Deny කියලා ආවොත් allow කිරීමෙන් පසුව නැවත su විදානය දෙන්න.

7. පහත විදාන පිලිවෙලට ලබාදෙන්න.

mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock4 /system

cd /system/fonts

chmod 4755 DroidSansFallback.ttf

dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf

reboot

සියල්ල හරියට සිදුකරානම් ෆොන් එක reboot ඌ පසු සිංහල හරියාකාරව දිස්වෙනු ඇත.



රෙන්ඩරින් වල අඩුපාඩු ඉදිරියේදී නිවැරදි කිරීමට දසුන් එක්ක පොඩි උත්සාහයක් ගන්නවා.

Reference:

XDA Developers

Android Developer


100 Comments

  • බැරිද ඔය ගමන්ම දසුන් එක්කම එකතු වෙලා Symbian වලයි, Sony Ericsson (pre installed) වලයි සිංහල රෙන්ඩරිං අල ගලවන්න මුකුත් කරන්න? 😀

  • Ansh Lucky Sri Jay

    Android මත සිංහල භාවිතා කරන්න බැහැ කියලයි මම අහලා තිබ්බෙ.
    කෝක නමුත් කාලෙකින් පෝස්ට් එකක් ලියපු එක ගැන සතුටුයි.
    🙂

  • @ඉන්දරේ

    හික්.. Symbian කියනේ 1800 ගනන් වල OS නේ බන්, ඒක OpenSoruce කරලා නිකන් දීලත් කවුරුත් ගන්නේ නෑ 😀

    SE නම් සදීපගේ ක්‍රිමය තමයි, ගොඩයෑමක් නම් නෑ වගේ 🙁

    මොකද ඔය දෙකේම rendering engine හරියට සහය දක්වනේ නෑ complex scripting වලට.

  • @Ansh

    ගත්ත ගමන් නෑ, දාන්න ඕනේ… Web Based Rel-time converter එකක්, ඔය UCSC එක වගේ බාවිතාකරලා type කරගන්නත් පුලුවන්.

  • අඩේ එහෙම කියන්න එපා බං.. ඔය Nokia, SE දෙගොල්ලොම තරඟෙට ගහන්නේ Symbian එව්වා. මොකක්හරි කරන්න බලමුකෝ.
    ටෙක්කතා වලින් දැන් මොබයිල් වලට සිංහල දාගන්න උදවු කරන සෙක්ෂන් එකක් පටං ගත්තොත් නරකද?

  • රෙන්ඩරින් අල ටික නම් හදාගන්න පුළුවන් වෙයි නේද? Android OS එක complex scripting support තියෙනවනේ… හැබැයි කාලිංග අයියේ, දියුණුවක් නැති iPhone එකේ නම් සිංහල එනවා iOS4 එක්ක 😉

  • @ඉන්දරේ

    ඒකනම් හොද idea එකක්, බලමු මොකක් හරි කරන්න. සිංහල දාන්න කලින් EP6 තියනවා upload කරන්න 😛

    @Chatura

    complex scripting තිය්නවා, තිය්නේ නම් Freetype (http://www.freetype.org/) කියන engine එකක්. ඒක පොඩක් අල වගේ සිංහල වලට.

    iPhone iOS4 එකේ දැන් සිංහල එන්නේ අපි පොඩක් මහන්සි උන ඒවගේ ප්‍රතිපල තමයි 😀

  • Saman Rathnayake

    එළ එළ…කවදා හරි කාට හරි ප්‍රයෝජනවත් වෙයි ඔයාගේ මේ දේවල්..N900 වල ට සිංහල දාන්න බැරිද…ඒකේ තියෙන්නේ ලිනක්ස් OS එකක්….

  • @Saman

    දැනට කට්ටිය N900 එකට Android දාන්න හදනවා (http://www.engadget.com/2010/05/12/nokia-n900-running-android-2-1-still-rough-around-the-edges/) ගොඩ ගියොත් හරි.

    N900 එකේ දුවන්නේ නම් Maemo, සිංහල දාන්නනම් බැරි වෙන එකක් නෑ. කොහොද එකක් සෙල්ලම් කරන්න සෙට් උනේ නෑ. සෙට් උනානම් පොඩක් try කරන්න තිබුනා.

  • සහන්

    හේ හේ… ඔය බ්ලොග් එකේ මකුළුදැල් එහෙම කඩලදාල තියෙන්නේ…..
    එල පෝස්ට් එකක්…. මාත් තව මාසෙකින් දෙකකින් Android එකකට මාරුවෙන්නයි ඉන්නේ SE X10 එතකොට අල්ලගන්නම්…

  • @සහන්

    හි… මකුනු දැල් විතරක් නොවෙයි, කැලෙත් සුද්ද කරා 😀

    SE X10 එක නම් ලස්සනයි. නරකද HTC Desire එකක් ගත්තොත් ?

  • සහන්

    ම් ම් ම්… මේකනේ අයියා.. හිත ගිය තැනනේ අර මොකක්ද එක,
    අනික මම කැපුවත් Sony Ericsson නේ………
    HTC එක තව අරකට වඩා 10000ක් විතර ගනං නේද?

  • “හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ”
    මාත් iPhone එකක් ගනන් හිටියේ…දැන් ඉතින් අරන් අල තම්බන්නද??ඒ අදහස අතැරියා… 🙂

  • @සහන්

    ඒකනම් ඉතින් ඇත්ත 🙂 නමුත් Android පරණ එකක් තමයි එන්නේ. 1.6, දැන් යන්නේ 2.2. 2.1 නම් ලගදි එනවා කියනවා X10 එකට.

    HTC නම් පොඩ්ඩක් ගනන් තමයි.

  • @මල්$han

    දැන් නම් iPhone 3G ගොඩක් ලාබෙට එකක් හොයාගන්න පුලුවන්, නරකම නෑ, නමුත් මටනම් Nexus One එක තරම් හොද නෑ.

  • කාලින්ග අයියා ටෙක්කතා එඩිට් නොකර හරි දාන්න…නොකියා 6300 ට සිංහල දාන්න බැරිද??….

  • අලුත් පොස්ට් එකක් දාපු එකනම් එළ 😀 අර ඉන්දරේ කියන්න වගේ බැරිද සිම්බියන් වල රෙන්ඩරින් අල ටික ගලවලා දෙන්න ? 😀

    Android OS එක නොකියා Phones වලටත් දාතැහැකිද ? ඒ සදහා phone එකේ මුකුත් විශ්ශත්වයක් තියෙන්න ඔනෙද ? මගේ phone 1k nokia 6120c එකක් ඒකට Android ඔබතැහැකිද ? 😀

  • @bunny

    නොකියානම් දැනට දන්න විදියට N900 එකට විතරයි ඇන්ඩ්‍රොයිඩ් පොට් කරලා තියෙනේ. 6120 එකටනම් දාන්න බෑ 😀

    බලමු සිම්බියන් වල හදන්න, සිම්බියන් මට පොඩක් දිරවනේ නෑ 😀

  • අඩේ මම මේක දැන්නේ දැක්කේ.., 😉 එළ වැඩක්. රස්සාවක් කරපු කාලෙක තමයි Android ෆෝන් එකක් ගන්න වෙන්නේ :(. එතකන් සිම්බියන් තමා 😛

  • Samsung i5700 එකකට සිංහල දාන්න හිතන් ඉන්නෙ. ඒකටත් මේ ෆොන්ට් එකම පාවිච්චි කරන්න පුළුවන්දැ? මේක හැදුවෙ කොහොමද?

  • @මලින්ත

    පුලුවන්, නමුත් ඇන්ඩ්‍රොයිඩ් 2.2 නෙවෙයි නම් ෆොන්ට් එකේ නම වෙනස් වෙන්න පුලුවන්. තියන Fall font එකේ නම දාන්න. දැනට කිසිම රූල් එකක් වැඩ නැත. ඒක නිසා ඕනේ යුනිකෝඩ් සිංහල එකක් වැඩ.

    root කරන විදියනම් වෙන්ස්, නමුත් adb නම් එකයි. ඒකට Android SDK එක ගන්න.

  • Saman Rathnayake

    ගිය අවුරුද්දේ මැද ඉඳන් මේ වුරුද්දේ මැද වෙද්දී Symbian ෆෝන් වලට තියන ඉල්ලුම 41% කින්, Apple 61% කින් වැඩි වෙද්දී Google Android එකේ ඉල්ලුම 886% කින් වැඩි වෙලා තියනවා…Windows mobile වල තිබෙන්නේ ඉල්ලුම අඩු වීමක්…..
    http://www.bbc.co.uk/news/technology-10839034

  • Chandana

    මචන් Mobitel වලට MMS settings හදන්න දන්නවද? Auto download වෙන්නේ නෑ. මම ට්‍රය් කළා හරි ගියේ නෑ. 🙁

  • රයන්

    Android කියන්නේ phone ජාති ගොඬක් (Nexus,Motorola,HTC,Samsung,හැම එකාම) නමුත් Apple iOS තියෙන්නෙ iPhone වල පමණයි. ඒහෙම වෙලාත් ඉන්න තැන ගැන මට ඉතාම සතුටුයි.
    අනික iPhone එක්ක jailbreak කරලා මට OS එකේ ඕනා කරලා තිබුන හැම දෙයක්ම වගේ කරගතා.හැබයි ඉතින් DivX codec වගේ එවා තාම බැහෑ.
    Apple ලගෙ limitation ටිකක් වැඩියි, නමුත් user experience එක නම් මාරයි.
    Qualiy image එකක් ගන්න එක megapixel ගාන මත රඳා පවතින්නෙ නෑ.තව ගොඩක් දේවල් තියනවා;backside illumation sensing වගේ.හොඳ 2Mpxl camera එකකින් 8Mpxl camera එකකට වඩා හොඳ quality photo එකක් ගන්න පුලුවන්කම තියනවා.මෙන්න proof iPhone 4 -5Mpxl DroidX,EVO4G- 8Mpxl ( http://www.boygeniusreport.com/2010/06/28/image-iphone-4-v-droid-x/ ,http://www.tiny.lu/ft6wh )

    iOS4 වලට සි*හල ආපු එක ගැන සතුටුයි නමුත් ඒකට කාලිංග,දසුන් රුකුලක් උනා කියලයි මට හිතෙන්නේ.

    Weldone Kalinga & Dasun for this achievement ! 🙂

  • Sam

    yay android FTW! BTW i left the 1GHz snapdragon party and joined the 1GHz hummongbird party(samsung galaxy s). but i miss FroYo. eclair is good but froyo is great..

  • Android නම් දැන් සෑහෙන phones වල එනවා තමයි. හැබැයි Nokia ලා Meego එලිදැක්වුවාට පස්සේ ඒකට මොකක් වෙයිද දන්නේ නෑ. 🙂 කාට හරි පුලුවන් නම් මීගෝ දාලා බලන්න ලැප්ටොප් එකට. ඒකේ Netbook Edition එකක් තියනවා

  • Suda

    Thanks for the details.
    I used “Universal Androot” for rooting, it’s a one click solution and allow us to root temporarily until the job gets done.

  • Ravin Dimantha

    @Suda

    Can it root an Android 2.1 phone with a Marvell pxa935 (Tavor P65 624MHZ) CPU? I don’t want to brick my phone. 😉

  • ඉන්දික රාජපක්ෂ

    LG Optimus One P500 එකට සිංහල දාන්න පුලුවන්ද ? Anddroid Version එක 2.2

  • ඉන්දික රාජපක්ෂ

    @ Kalinga Aiya. I already have rooted LG Optimus One. Is the way of installing font same ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *