best thing is to take it to the agents.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Sinhala Unicode on Android – Google Nexus One

මාස 5කින් පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හදන්නේ :D මාව දැන් සිංහල බ්ලොග් කියවනයෙන් පන්නලා ගොඩක් කල්. මොකද දින 90කින් බ්ලොග් එකක් ලිවුවේ නැත්නම් එලවනවා නේ :D  මම ඉතින් මගේ iPhone එකට ලගදී සමුදුන්නා. මේකට හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ,  iPhone එකේ එන හැම අලුත් අංගයක්ම කලින් ෆොන් වල තිබුන දේවල් මිස අලුත් දෙයක් නොවීම. අපි උදාහරණයක් ගත්තොත් iPhone 4 එකේදී තමයි 5MP කැමරාවක් ආවේ. නමුත් මගේ පරණ LG KU990 එකෙත් මීට වසර 2~3කට කලින් 5PM කැමරාවක් එක්ක Xeon Flash එකක් තිබුනා. ඒ වගේම iPhone 4 එකේ ඇන්ටනවේ සිට reboot දක්වා තියන ලෙඩ ගොඩ ගැන කියන්න දෙයක් නෑනේ.  ඔය ඔක්කොම නිසා තාම අවුරුදු 2කක් වත් වයස නැති Google සමාගමේ OpenSoruce OS එක වන Android දාවනය වන Google Nexus One ෆොන් එකකට මාරු උනා. මම ගත්තත් එක්කම ගූගල් සමාගම මෙම ෆොන් එක විකුනන එක නැවැත්තුවා :D දැන් එම ෆොන් එක ලබාදෙන්නේ Android Developers ලට පමණයි.  නමුත් මෙහි සිංහල නෑ. අද කියනේ කොමද මේකට සිංහල දාන්නේ කියලා. 100% සාරතකව තාම සිංහල rendering වෙන්නේ නෑ. මේක හදාගන්න ඉදිරියේ උත්සාහ කරනවා.

බලමු කොහොමද මේකට සිංහල දාන්නේ කියලා…

Note: මෙම ක්‍රියාව අදාල වන්නේ Google Nexus One හා Android 2.2 (FRF91) සදහා පමණයි, වෙනස් ෆොන් එකක් ඇත්නම්, google කර root කරන්නේ කෙසේදැයි කියා සොයා බලන්න. font copy කිරීම සියලුම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට සමාණයි. තවද මෙම ක්‍රියාවලිය කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු විය හැක. ඒ වගේම මෙම ක්‍රියාව මගින් ෆොන් එකේ ඇති සියලුම application හා දත්ත මැකීයයි. (SD එකේ ඇති දත්ත වලට හානියක් සිදු නොවේ). එම නිසා මෙය කිරීමට පෙර ෆොන් එක backup කරන්න.

සිංහල දැමීමට පෙර අපි Nexus One එක root කල යුතුයි. මෙය කිරීමට පෙර bootloder එක unlock කිරීමක් කරන්න ඔනේ. මේ සදහා පහත දෑ download කරන්න.  root කිරීමක් කියනේ Android OS එකේ admin හෝ super user බලතල ලබාගැනීමයි. Android යනු Linux OS එකකි.

Superboot (වැඩි විස්තර හා වෙනත් Android version සදහා)

USB Driver (Linux, MAC OS සදහා Android SDK එක යොදාගන්න)

1. Nexus One එක USB Debug Mode enable කරන්න.

Settings->Applications->Development->USB debugging

2. Nexus One එක පරිගනකයට USB හරහා සම්බන්දකොට USB Driver එක Install කරන්න.

3. දැන් Unzip කරන්න Superboot ZIP ෆයිල් එක. පසුව command line (cmd) එකක් open කර superboot එකේ ෆයිල් ඇති තැනට යන්න.

දැන් අපි bootloder එක unlock කරමු.

1. Phone එක off කරන්න.

2. trackball එක ඔබාගෙන power button එක ඔබා අතහරින්න, trackball එක ඔබාගෙනම සිටින්න. ඔබට දැන් boot rom mode එක දැකගත හැක.

3. USB cable එක පරිගනකයට සවිකරන්න.

4. Open කරපු cmd ලයින් එකේ පහත විදානය ලබාදෙන්න.

fastboot-windows oem unlock

5. එවිට ෆොන්ට් එකේ google unlock කිරීමට අදාල තිරය දිස්වෙයි, Volume key එක මගින් YES කියන එක තෝරා Power Button එක ඔබන්න. දැන් ෆොන් එක reboot වෙයි.

root කිරීම කරනේ කෙසේදැයි බලමු.

1. trackball එක ඔබාගෙන power button එක ඔබා අතහරින්න, trackball එක ඔබාගෙනම සිටින්න. ඔබට දැන් boot rom mode එක ගන්න.

2. කලින් විදානය දුන් cmd ලයින් එකේම පහත විදානය ලබාදෙන්න.

fastboot-windows boot boot.FRF91.superboot.img

3. දැන් ෆොන් එක reboot වෙයි.

දැන් බලමු සිංහල දාන්නේ කොහොමද කියලා.

1. Sinhala Font එක download කරන්න.

2. Font එක unzip කරලා, font එකේ SD card එකේ root එකට copy කරන්න.

3. දැන් පරිගනකයෙන් ෆොන් එකේ SD card එක safely remove කරන්න.

4. දැන් ෆොන් එකෙන් Turn off USB storage කරන්න.

5. ඉහත open කරපු cmd එකේ පහත විදාන දෙන්න.

adb shell

su

6. දැන් ෆොන් එකේ su allow කරනද කියා අසයි, එවිට allow කරන්න, cmd එකේ Permission Deny කියලා ආවොත් allow කිරීමෙන් පසුව නැවත su විදානය දෙන්න.

7. පහත විදාන පිලිවෙලට ලබාදෙන්න.

mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock4 /system

cd /system/fonts

chmod 4755 DroidSansFallback.ttf

dd if=/sdcard/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf

reboot

සියල්ල හරියට සිදුකරානම් ෆොන් එක reboot ඌ පසු සිංහල හරියාකාරව දිස්වෙනු ඇත.



රෙන්ඩරින් වල අඩුපාඩු ඉදිරියේදී නිවැරදි කිරීමට දසුන් එක්ක පොඩි උත්සාහයක් ගන්නවා.

Reference:

XDA Developers

Android Developer


Share

73 Responses to “Sinhala Unicode on Android – Google Nexus One”

  1. ඉන්දරේ Says:

    බැරිද ඔය ගමන්ම දසුන් එක්කම එකතු වෙලා Symbian වලයි, Sony Ericsson (pre installed) වලයි සිංහල රෙන්ඩරිං අල ගලවන්න මුකුත් කරන්න? :D

  2. Ansh Lucky Sri Jay Says:

    Android මත සිංහල භාවිතා කරන්න බැහැ කියලයි මම අහලා තිබ්බෙ.
    කෝක නමුත් කාලෙකින් පෝස්ට් එකක් ලියපු එක ගැන සතුටුයි.
    :)

  3. කාලිංග Says:

    @ඉන්දරේ

    හික්.. Symbian කියනේ 1800 ගනන් වල OS නේ බන්, ඒක OpenSoruce කරලා නිකන් දීලත් කවුරුත් ගන්නේ නෑ :D

    SE නම් සදීපගේ ක්‍රිමය තමයි, ගොඩයෑමක් නම් නෑ වගේ :(

    මොකද ඔය දෙකේම rendering engine හරියට සහය දක්වනේ නෑ complex scripting වලට.

  4. කාලිංග Says:

    @Ansh

    ගත්ත ගමන් නෑ, දාන්න ඕනේ… Web Based Rel-time converter එකක්, ඔය UCSC එක වගේ බාවිතාකරලා type කරගන්නත් පුලුවන්.

  5. ඉන්දරේ Says:

    අඩේ එහෙම කියන්න එපා බං.. ඔය Nokia, SE දෙගොල්ලොම තරඟෙට ගහන්නේ Symbian එව්වා. මොකක්හරි කරන්න බලමුකෝ.
    ටෙක්කතා වලින් දැන් මොබයිල් වලට සිංහල දාගන්න උදවු කරන සෙක්ෂන් එකක් පටං ගත්තොත් නරකද?

  6. Chathura W Says:

    රෙන්ඩරින් අල ටික නම් හදාගන්න පුළුවන් වෙයි නේද? Android OS එක complex scripting support තියෙනවනේ… හැබැයි කාලිංග අයියේ, දියුණුවක් නැති iPhone එකේ නම් සිංහල එනවා iOS4 එක්ක ;)

  7. කාලිංග Says:

    @ඉන්දරේ

    ඒකනම් හොද idea එකක්, බලමු මොකක් හරි කරන්න. සිංහල දාන්න කලින් EP6 තියනවා upload කරන්න :P

    @Chatura

    complex scripting තිය්නවා, තිය්නේ නම් Freetype (http://www.freetype.org/) කියන engine එකක්. ඒක පොඩක් අල වගේ සිංහල වලට.

    iPhone iOS4 එකේ දැන් සිංහල එන්නේ අපි පොඩක් මහන්සි උන ඒවගේ ප්‍රතිපල තමයි :D

  8. Saman Rathnayake Says:

    එළ එළ…කවදා හරි කාට හරි ප්‍රයෝජනවත් වෙයි ඔයාගේ මේ දේවල්..N900 වල ට සිංහල දාන්න බැරිද…ඒකේ තියෙන්නේ ලිනක්ස් OS එකක්….

  9. කාලිංග Says:

    @Saman

    දැනට කට්ටිය N900 එකට Android දාන්න හදනවා (http://www.engadget.com/2010/05/12/nokia-n900-running-android-2-1-still-rough-around-the-edges/) ගොඩ ගියොත් හරි.

    N900 එකේ දුවන්නේ නම් Maemo, සිංහල දාන්නනම් බැරි වෙන එකක් නෑ. කොහොද එකක් සෙල්ලම් කරන්න සෙට් උනේ නෑ. සෙට් උනානම් පොඩක් try කරන්න තිබුනා.

  10. සහන් Says:

    හේ හේ… ඔය බ්ලොග් එකේ මකුළුදැල් එහෙම කඩලදාල තියෙන්නේ…..
    එල පෝස්ට් එකක්…. මාත් තව මාසෙකින් දෙකකින් Android එකකට මාරුවෙන්නයි ඉන්නේ SE X10 එතකොට අල්ලගන්නම්…

  11. කාලිංග Says:

    @සහන්

    හි… මකුනු දැල් විතරක් නොවෙයි, කැලෙත් සුද්ද කරා :D

    SE X10 එක නම් ලස්සනයි. නරකද HTC Desire එකක් ගත්තොත් ?

  12. Dar[K] Says:

    එල එල යන්තන් ඇති මකුළු දැල් ටික සුද්ද කරලා

  13. සහන් Says:

    ම් ම් ම්… මේකනේ අයියා.. හිත ගිය තැනනේ අර මොකක්ද එක,
    අනික මම කැපුවත් Sony Ericsson නේ………
    HTC එක තව අරකට වඩා 10000ක් විතර ගනං නේද?

  14. මල්$han Says:

    “හේතුව iPhone එක කිසිම දියුනුවක් ලබන එකක් නොවීමත් OS එක අපිට ගොඩක් බාදක යෙදීමත් නිසා. දියුනුවක් ලබන්නේ නෑ කියලා අදහස් කරේ”
    මාත් iPhone එකක් ගනන් හිටියේ…දැන් ඉතින් අරන් අල තම්බන්නද??ඒ අදහස අතැරියා… :)

  15. කාලිංග Says:

    @සහන්

    ඒකනම් ඉතින් ඇත්ත :) නමුත් Android පරණ එකක් තමයි එන්නේ. 1.6, දැන් යන්නේ 2.2. 2.1 නම් ලගදි එනවා කියනවා X10 එකට.

    HTC නම් පොඩ්ඩක් ගනන් තමයි.

  16. කාලිංග Says:

    @මල්$han

    දැන් නම් iPhone 3G ගොඩක් ලාබෙට එකක් හොයාගන්න පුලුවන්, නරකම නෑ, නමුත් මටනම් Nexus One එක තරම් හොද නෑ.

  17. Namal Danushka Says:

    කාලින්ග අයියා ටෙක්කතා එඩිට් නොකර හරි දාන්න…නොකියා 6300 ට සිංහල දාන්න බැරිද??….

  18. කාලිංග Says:

    @Namal

    ටෙක්කතා දාන්නම් මල්ලී :)

    නොකියා සිම්බියන් වලට සිංහල දාන හැටි මෙතන තියනවා..

    http://sadeepasepala.blogspot.com/2009/09/nokia-5800.html

  19. ශාකුන්තල Says:

    Great achievement!
    Hope we can get Sinhala language officially supported by Android. :)

  20. කාලිංග Says:

    @ශාකුන්තල

    yeah, lets try to do that. but for now the rendering engine they use don’t provide complex scripting support.

  21. Saman Rathnayake Says:

    ඔන්න අද නිවුස් වලට තියනවා UK වල Android ෆෝන් විකිනෙන එක 300% කින් වැඩි වෙලාලු මේ අවුරුද්දේ..
    http://www.guardian.co.uk/technology/2010/jul/26/android-phone-sales-rise

  22. කාලිංග Says:

    @Saman

    ඔවු, Android වලට හොද අනාගතයක් තියනවා, දැන එන ඔකොම ෆොන් වගේ Android නේ. :)

  23. bunny Says:

    අලුත් පොස්ට් එකක් දාපු එකනම් එළ :D අර ඉන්දරේ කියන්න වගේ බැරිද සිම්බියන් වල රෙන්ඩරින් අල ටික ගලවලා දෙන්න ? :D

    Android OS එක නොකියා Phones වලටත් දාතැහැකිද ? ඒ සදහා phone එකේ මුකුත් විශ්ශත්වයක් තියෙන්න ඔනෙද ? මගේ phone 1k nokia 6120c එකක් ඒකට Android ඔබතැහැකිද ? :D

  24. කාලිංග Says:

    @bunny

    නොකියානම් දැනට දන්න විදියට N900 එකට විතරයි ඇන්ඩ්‍රොයිඩ් පොට් කරලා තියෙනේ. 6120 එකටනම් දාන්න බෑ :D

    බලමු සිම්බියන් වල හදන්න, සිම්බියන් මට පොඩක් දිරවනේ නෑ :D

  25. bunny Says:

    හේ හේ දිරවන්නෙ නැතුවට කමක් නැ. ඔන්න ඔකත් හදාලා දාන්න :D

  26. Thilina Says:

    අඩේ මම මේක දැන්නේ දැක්කේ.., ;) එළ වැඩක්. රස්සාවක් කරපු කාලෙක තමයි Android ෆෝන් එකක් ගන්න වෙන්නේ :( . එතකන් සිම්බියන් තමා :P

  27. මලින්ත Says:

    Samsung i5700 එකකට සිංහල දාන්න හිතන් ඉන්නෙ. ඒකටත් මේ ෆොන්ට් එකම පාවිච්චි කරන්න පුළුවන්දැ? මේක හැදුවෙ කොහොමද?

  28. කාලිංග Says:

    @මලින්ත

    පුලුවන්, නමුත් ඇන්ඩ්‍රොයිඩ් 2.2 නෙවෙයි නම් ෆොන්ට් එකේ නම වෙනස් වෙන්න පුලුවන්. තියන Fall font එකේ නම දාන්න. දැනට කිසිම රූල් එකක් වැඩ නැත. ඒක නිසා ඕනේ යුනිකෝඩ් සිංහල එකක් වැඩ.

    root කරන විදියනම් වෙන්ස්, නමුත් adb නම් එකයි. ඒකට Android SDK එක ගන්න.

  29. මලින්ත Says:

    Android 2.1 මත ස්ථාපනය කළා: http://www.twitpic.com/2a306s

  30. Saman Rathnayake Says:

    ගිය අවුරුද්දේ මැද ඉඳන් මේ වුරුද්දේ මැද වෙද්දී Symbian ෆෝන් වලට තියන ඉල්ලුම 41% කින්, Apple 61% කින් වැඩි වෙද්දී Google Android එකේ ඉල්ලුම 886% කින් වැඩි වෙලා තියනවා…Windows mobile වල තිබෙන්නේ ඉල්ලුම අඩු වීමක්…..
    http://www.bbc.co.uk/news/technology-10839034

  31. Tissa Abeysinghe Says:

    Macho,

    please advice me how to install Sinhala Unicode in Nokia N900.

    good luck

  32. Chandana Says:

    මචන් Mobitel වලට MMS settings හදන්න දන්නවද? Auto download වෙන්නේ නෑ. මම ට්‍රය් කළා හරි ගියේ නෑ. :(

  33. රයන් Says:

    Android කියන්නේ phone ජාති ගොඬක් (Nexus,Motorola,HTC,Samsung,හැම එකාම) නමුත් Apple iOS තියෙන්නෙ iPhone වල පමණයි. ඒහෙම වෙලාත් ඉන්න තැන ගැන මට ඉතාම සතුටුයි.
    අනික iPhone එක්ක jailbreak කරලා මට OS එකේ ඕනා කරලා තිබුන හැම දෙයක්ම වගේ කරගතා.හැබයි ඉතින් DivX codec වගේ එවා තාම බැහෑ.
    Apple ලගෙ limitation ටිකක් වැඩියි, නමුත් user experience එක නම් මාරයි.
    Qualiy image එකක් ගන්න එක megapixel ගාන මත රඳා පවතින්නෙ නෑ.තව ගොඩක් දේවල් තියනවා;backside illumation sensing වගේ.හොඳ 2Mpxl camera එකකින් 8Mpxl camera එකකට වඩා හොඳ quality photo එකක් ගන්න පුලුවන්කම තියනවා.මෙන්න proof iPhone 4 -5Mpxl DroidX,EVO4G- 8Mpxl ( http://www.boygeniusreport.com/2010/06/28/image-iphone-4-v-droid-x/ ,http://www.tiny.lu/ft6wh )

    iOS4 වලට සි*හල ආපු එක ගැන සතුටුයි නමුත් ඒකට කාලිංග,දසුන් රුකුලක් උනා කියලයි මට හිතෙන්නේ.

    Weldone Kalinga & Dasun for this achievement ! :-)

  34. Sam Says:

    yay android FTW! BTW i left the 1GHz snapdragon party and joined the 1GHz hummongbird party(samsung galaxy s). but i miss FroYo. eclair is good but froyo is great..

  35. ashen Says:

    ela phone eka mehe gan na teyanavada….middle east valen gan nava nam keyak veida…

  36. කසුන් Says:

    Android නම් දැන් සෑහෙන phones වල එනවා තමයි. හැබැයි Nokia ලා Meego එලිදැක්වුවාට පස්සේ ඒකට මොකක් වෙයිද දන්නේ නෑ. :) කාට හරි පුලුවන් නම් මීගෝ දාලා බලන්න ලැප්ටොප් එකට. ඒකේ Netbook Edition එකක් තියනවා

  37. Kalhara Says:

    කාලිංග ඔයාගෙ තියෙන්නෙ Iphone 3G එකක්ද?

    http://www.pcworld.com/article/195789/android_now_running_on_iphone_3g.html

    what do u think about this?

  38. Jazon Says:

    I did it with nokia symbian,
    Does anyone now how to correct this ?

    http://img823.imageshack.us/img823/3235/scr000003d.jpg

  39. කාලිංග Says:

    @Jazon

    cant, since Symbian like android dont support complex scripting.

  40. Ravin Dimantha Says:

    Nice work! Anyone tried to dev a Soft Key Board for Android? This OSS seems to be a good start… http://code.google.com/p/softkeyboard/

    Hope Kalinga can develop a Sinhala Language pack for Soft Key Board.. :D

  41. Suda Says:

    Thanks for the details.
    I used “Universal Androot” for rooting, it’s a one click solution and allow us to root temporarily until the job gets done.

  42. Ravin Dimantha Says:

    @Suda

    Can it root an Android 2.1 phone with a Marvell pxa935 (Tavor P65 624MHZ) CPU? I don’t want to brick my phone. ;)

  43. Kalhara Says:

    Hi, any one try this on Samsung galaxy s(android 2.21) please….. update….

    Thanks..

  44. ඉන්දික රාජපක්ෂ Says:

    LG Optimus One P500 එකට සිංහල දාන්න පුලුවන්ද ? Anddroid Version එක 2.2

  45. කාලිංග Says:

    @ Kalhara & ඉන්දික

    can do.

    each phone has there way or rooting them. just find out how to do it.

  46. ඉන්දික රාජපක්ෂ Says:

    @ Kalinga Aiya. I already have rooted LG Optimus One. Is the way of installing font same ?

  47. කාලිංග Says:

    @ ඉන්දික

    පුලුවන්‌ :)

  48. ඉන්දික රාජපක්ෂ Says:

    ok.. Thankuuuuuu…

  49. Chamara Says:

    I found a brower which support sinhala fonts, No need to root anymore. Bellows are the link. I installed it today and working good. Found this was been writing by Dhanika Perera from moratua univercity.

    Wiki link about sinhala fonts:
    http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F:Sinhala_Font_Guide

    Link for Application;
    http://code.google.com/p/sett-browser/

  50. Chamara Says:

    Sorry, fotgot to tell my phone, HTC Desire HD with android 2.2.

    Happy browsing in Sinhala.

  51. කාලිංග Says:

    @Chamara

    Thank you, we have already spoke about it on techkatha.com, but this will only allow you to view web sites that’s in sinhala Unicode, but will not allow you to read your email, and other applications such as twitter if the posts are in sinhala. for that you need to install sinhala.

  52. සනත් Says:

    මං ලග තියෙන්නෙ Se xperia X8 එකක්. ඇන්ඩ්‍රොයිඩ් 2.1 තියෙන්නෙ.Sony ericsson ල අප්ඩේට් දෙන්නෙත් නෑ වගේ. මට 2.2 වලටවත් මාරු වෙන්න පුලුවන් වෙයිද? පොඩි හෙල්ප් එකක් දෙන්න.

  53. KaZ Gunasekara Says:

    successfully installed on my rooted HTC aria with Terminal Emulator :) thanks a lot bro… http://twitpic.com/4w3ucy

  54. Nuwan Says:

    I did this with my xperia x10 mini in a simple way using the app “fontchanger” it works well with sinhala sites, but some other app labels and notifications gone crazy.cant read them clearly.so I reverted my job.but thanks

  55. ඉන්දික Says:

    HTC Desire HD එකට සිංහල දාන්න ඕන. මේක root කරගන්නෙ කොහොමද ? ටෙක් කතා වලින් ඇහුවම root නොකර fonts copy කරන්න පුලුවන් කීව. නමුත් එහෙම කරන්න බැහැ නේද ? Please help!

  56. Jazon Says:

    Didnt Work with Gingerbread (2.3) on i9000-GT. Manually added the Glyphs from Iskoola Pota to Droidsansfallback as well, That didnt work either. Have u tried this on 2.3 Kalinga ?

    Thanks a lot ;-)

  57. කාලිංග Says:

    @Nuwan

    but one you reboot the phone, settings will gone

    @ඉන්දික

    http://wiki.cyanogenmod.com/wiki/HTC_Desire_HD:_Rooting

    @Jazon

    works fine on my Nexus One 2.3.4

  58. කලනයා Says:

    රෙන්ඩරිං ප්‍රශ්නෙ තාමත් එහෙමමයි, දැන් දුරකතනයෙන් රචනා කරන කොට නිවැරදිව පෙනුනත් පරිඝණකයෙන් බලනා විට එම වචන වල ඉස්පිලි හා පාපිලි වෙන්වී පෙනෙයි…

    නමුත් එය කාලිංග 2010 දී මෙහි පළකර ඇති පුවරු පින්තූරයට වඩා ඉදිරියෙන්…

    UCSC එකට පින්සිද්දවෙන්න මම හදාගත්තු අන්තර්ජාල යතුරුපුවරුවක ලිපිනය මෙන්න kalanaya.co.nr

    මම මෙයට තාමත් කැමති, මෙය සියලුම HTTPS නොවන අන්තර්ජාල පිටුවල ඔවෙර්ලේ එකක් ලෙස භාවිතා කිරීමට හැකිනිසායි.

  59. Dasith Says:

    Hello Everyone,
    Sorry I’m using my office pc which doesn’t have a sinhala IME.

    I too am working on the android complex script rendering engine to support sinhala scripts. Android still has some issues with it’s rendering engine.

    @Kalinga, Good work machan… you have successfully ported the font to the system but without a rendering engine the complex glyphs won’t get displayed.

    See this post http://code.google.com/p/android/issues/detail?id=5925 (See comment 15)

    “just having the font glyphs doesn’t necessarily mean you can put them on
    the screen correctly. there’s font renderer work to be done.

    5. even if the font renderer supports the script in question, code calling the font renderer needs to understand RTL
    for RTL languages. (i don’t know how much work we need to do here.)

    6. the various applications’ strings need to be translated. (i.e. there’s a difference between being able to support,
    say, swahili, and having all applications translated into swahili.) ”

    BTW On windows it is managed through uniscribe.dll.

    Regards,
    Dasith

  60. සෑමි Says:

    You can use the honso keyboard for android to type..its not without flaws.but gets the job done..

  61. manoj Says:

    desire hd eka root karata passe me fonts me vidiyatama install karanna puluwanda?

  62. ashen Says:

    im using a HTC Legend… root karanna den mara easy..”z4Root” eken den fone ekenma root karaganna puluwan.. eeta passe screenshots aragena danna.. netinam pic clear madi… android keyboard apita create karanna puluwanlu.. ekata sinhala embed karanam goda…. nway good job..
    contact me on iashen@live.com

  63. Chiku Says:

    mage gawa Samsung p1000 tab ekak thiyenne. eke 2.3 android , sinhala daganna puluwanda oya widihatama. thankx :)

  64. KKW Says:

    But no other phone in this world managed to give a quality performance as iPhone. Android maybe cheap, but it laggs after couple of years of use

  65. pamal Says:

    මේකේ කොම්බුව පොඩ්ඩක් එහට මෙහාට වෙලා නේද පේන්නේ..?? ඒකට මුකුත් කරන්න විදිහක් නැද්ද..?? වෙන font එකක් හරි දාන්න බැරිද??

  66. Shamal Says:

    වැඩේ හරි, මගේ Samsung Galaxy SII එකට සිංහල දැම්මා. අකුරු හැම එකක්ම හරි නැතත්, මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්. බොහොම ස්තුතියි කාලිංග…

  67. මල්ෂාන් Says:

    LG Optimus 1 එක අප්ඩේට් කරන හැටි දන්නවාද ?

  68. Thilan De Silva Says:

    ගොඩක් හොද පොස්ට් එකක් කාලින්ග. මම ලගදි ගත්තා ASUS Transformer TF101 eeepad එකක් ඒකෙ තියෙන්නෙ Android 3.2.1 Version එක මෙකටත් සිංහල දාගන්න විදිය පොඩි අදහසක් තියනවා නම් කියන්න.

  69. Sujeewa Says:

    HTC Desire HD එකට සිංහල දාන්න ඕන. මේක root කරගන්නෙ කොහොමද ? Plz Help kalinga ayya ?

  70. Bassa Says:

    Just needed to confirm. The font given under download link; is that the correct sinhala font? Or can we use any sinhala font and rename it as DroidSansFallback.ttf?

    When I open the font from download link, it don’t show any sinhala fonts..

  71. anura Says:

    huawei u8180 does not support Adobe Flash Player. Do you have a solution for that?

  72. NALINDA Trinco Says:

    aiya mage laga thiyenne SE X8 ekak ekatath me widiyata danna puluwanda? mage p eka root karanne kohomada?

  73. Ruwan Says:

    kata hari puluwanda mage galaxy note phone eka safely root karala denna…
    thaniyama karaganna poddak bayai…!!!

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed

ස්පෑම් එක්ක සෙල්ලම්