HSDPA ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා තවත් දියුනු කරන්න කැමතිද?
දැනට HSDPA (ජංගම අන්තර්ජාල) සේවා බාවිතා කරන අය දන්නවා මෙවායේ තියන ගැටලු, වේගය මදිකම වගේ ගොඩක් ගැටලු තියනවා. මතකනේ මම කීප වරක් මේ ගැන බ්ලොග් එහම ලිවුවා. ඉතින් මේ හැන දැන් ආන්ඩුව පවා සොයා බලනන තැනට ඇවිත් තියනවා.
ඉතින් මේගැන බ්ලොග් ලියලා (Why HSDPA Sucks in Sri Lanka) අනිත් අය දැනුවත් කරනවා වගේම, අපි එකතුවෙලා මේකට විසදුමක් සොයාගන්න හා එක් එක් සේවා දායකයාගේ ගුනාත්මක බව දැනගන්න දැනට ජංගම අන්තර්ජාල සේවා වල අඩුපාඩු සොයන්න හා කියන දේ ඇත්තටම මේවායේ තියනවද කියලා හැමෝටම දැනගන්න වගේම මේ දත්ත එකතුකොට සේවාවක් තොරනකොට හොදම එක මොකද්ද බලන්න LIRNEasia මගින් Mobile AT-Tester කියලා tool එකක් හැදෙමින් පවතිනවා. මෙයට මමද දායක වෙලා තමයි කරන්නේ.
ඔබත් කැමතියනම් මේ ජංගම අන්තර්ජාල සේවා වැඩිදියුනු කිරීමට සහය දක්වන්න, පෙබරිවාරි මස 13වන සෙනසුරාදා උදේ 9.00 යේ සිට දවල් 12 දක්වා රේනුකා City හොටලයේ දී AT-Tester දියත්කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහනක් නොමිලේ පැවත්වෙනවා. මේ සදහා ඔබටත් සහබාගි වෙන්න පුලුවන්. ආසන ගණන සීමිත නිසා ඉක්මනින්ම [email protected] වෙත හෝ [email protected] ඊමේල් එකක් එවා ඔබේ ආසනය වෙන්කරගන්න. බාසාව සිංහල/ඉංගිරිසි වන අතර, දෙමළ බ්ලොග් කරුවන්ටද මෙයට සහබාගි විය හැක. බ්ලොග් කරුවන්ට (සිංහල/දෙමළ/ඉංගිරිසි) මුල් තැනක් දෙන නිසා, ඔබ බ්ලොග් කරුවෙක්නම් ඒ ගැනද ඊමේල් එකේ සදහන් කරන්න. මෙහිදී AT-Tester ට අමතරව HSDPA ජංගම හා අන්තර්ජාල සේවා ගැන දැනුවත් කිරීමක්ද සිදුකෙරෙනවා.
මෙමගින් අපිට තවත් සේවාදායකන්ට බලපෑමක් කරන්න පුලුවන් ඔවුන්ගේ ජංගම අන්තර්ජාල වල ගුනාතමක බව පවත්වාගෙන යෑම සදහා.
වැඩි විස්තර හෝ 0777 254174 අමතන්න.






February 10th, 2010 at 1:35 pm
I’ll be not able to come, bt like to Keep in touch
February 10th, 2010 at 2:41 pm
ලංකාවේ HSDPA ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා පාරිභෝගිකයා හොද සේවයක් ගෙන එන සිහිනය ලගදිම සෑබෑ වෙයි. එහෙනම් මේ බ්ලොග් එකෙන්ම ලගදිම “ලංකාවේ HSDPA ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවාවල දියුණුව” කියලා ලිපියක් මේ බ්ලොග් එකෙන් ලගදිම එයි කියලා හිතනවා. ස්තුතියි තොරතුරු වලට
February 10th, 2010 at 4:35 pm
මටනම් ලංකාවෙන් පිට ඉන්න නිසා මේකට සහභාගි වෙන්න වෙන්නේ නෑ. ඒත් අගය කරන්න වටින වැඩක්.
February 10th, 2010 at 5:37 pm
මෙහෙම එකතු වීම හොද ආරම්භයක් වේවී…අන්තර්ජාල සේවාවන් ලබා දෙන ආයතන වලට බලපෑමක් කරන්න මෙයින් හැකිවේවී.
February 10th, 2010 at 5:43 pm
I won’t be able to come.
but wish you guys all the best and hopefully waiting to see a radical change in HSDPA connections.
February 10th, 2010 at 5:54 pm
අනිවාර් යේන්ම අපි දෙන්න පුලුවන් සහයොගයක් දෙනවා. මට එදාට විභහගයක් ඇතිනිසා සහභාගි වෙන්න වෙන්නේ නෑ ඒඋනාට එලකිරි වැඩක්… සුබ පැතුම්……
February 10th, 2010 at 7:34 pm
ඉතාමත් සතුටුයි මෙය අසන්නට ලැබීම. අපේ සුබ පැතුම්!
February 11th, 2010 at 9:06 am
නියම වැඩක්. මගේ උණුසුම් සුභපැතුම්. ඒත් මටත් එන්න විදියක් නෑ.
February 11th, 2010 at 2:39 pm
මගේ උණුසුම් සුභපැතුම්.අනාගතයට හොද අරම්භයක් වෙවි.ඒත් මටත් එන්න විදියක් නෑ.
February 11th, 2010 at 4:03 pm
Sorry. I couldn’t attend to this seminar due to a class participation.I have so much experiance about Dialog HSDPA since 2008 dec.So I think to share those facts.But unfortunately I have my personel class that day.Anyway if u want any facts contact me via my Airtel mobile (that no. can find my facebook page.b’cos u already added me.)
By the way, I successfully configuared my ZTE HSDPA modem to Win 7 at last.Now all ZTE HSDPA devices supports 100% to WIN 7.(pretty amazing Ah??)
February 11th, 2010 at 8:28 pm
good work