No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds

ලංකාවේ අන්තර්ජාල බාවිතාකරන්නන් හැටියට මෙය රහසක් නොවෙයි, කොපමණ දුකක්ද කියලා හරි වේගයක් ලැබෙන අන්තර්ජාල සම්බන්දයක් ලබාගන්න එක. වෙළද දැන්වීම්නම් 4mbps, 3.6mbps ලෙස් විකුනුවට මේවායෙන් අපිට බොහොමයක් විට ලැබෙන්නේ ප්‍රචාරනය කරන ප්‍රමාණයෙන් 20% පමණයි.

මෙයට එක හේතුවක් තමයි පාරිබෝගිකයන් හැටියට මේ ගැන නොදැන සිටීම හා තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී නොසිටීම. මේවා ගැන දන්න සේවා දායකයින් බොහෝවිට මෙය ප්‍රයෝජනයට ගෙන පාරිබෝකියන්ව මුලාවට ලක්කරන එක තමයි බොහේ විට කරන්නේ. පාරිබෝගිකයන් හැටියට ගොඩක් වෙලාවට අපි සිටින්නේ ගොඩක් පිටුපසින් අනිත් රටවක් එක්ක බලනකොට.  වෙන රටවල නම් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිනවා. නමුත් ලංකාවේ ඒ දේ සිදුවෙන්නේ නෑ, එක්කෙනෙක් දෙන්නෙක් නැගී සිටියත්, සේවාදායකයන් ඔවුන් ගැන සැලකීමක් දක්වන්නේ නෑ. මොකද ඔවුන් ගේ මතය ඔය කෙනේ ගියා කියලා අපිට පාඩුවක් නෑ කියාය. එම නිසා පැමිනිල්ක් කලද සේවා දායකයින් මේවා ගන්න ගනේ නෑ. මෙයට එක හේතුවක් අපේ රටේ පාරිබෝගියන්ගේ අයිතීන් රකින්න හරි ක්‍රමයක් නැති එක. විෂේෂයෙන්ම මේ අන්තර්ජාල සම්බන්දතා ගැන. වෙන රටවල පාරිබෝගිකයා දෙවි කෙනෙක්, Customer is always right කියා කියනකොට පේ රටේ පාරිබෝගික සේවයේ සිටන අයට පාරිබෝගිකයා කරදරයකි.

ලංකාවේ TRC (Telecommunication Regulatory Commission of Sri Lanka) ගත්තද ඔවුන්ට පාරිබෝගිකයන්ට හොද සේවයක් ලබා දීමට වඩා ඔවුන්ට තහංවි පැනවීම් වලට තමයි ඔවුනේ උනන්දුව. පුලුල්පරාස අන්තර්ජාල සේවා ගුනාත්මක බව ගැන කතාකරොත් මේ සදහා පාලන ක්‍රමයක් රැගෙන එන්නේ නැත්තේ ඔවුන් කියනවා, ඇමරිකාවෙත් මේ අන්තර්ජාල සේවා සදහා පාලන ක්‍රමයක් නැතිනම් අපිට මොකද කියා. නමුත් ඇමරිකාවේ ඉන්නා පාරිබෝගිකයා ලංකාවේ පාරිබෝගිකයට වඩා ගොඩක් ඉදිරියෙන් සිටින්නේ, ඔහු දන්නවා ඔහුවේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න, අනික ඇමරිකාවේ ලංකාවෙ වගේ සේවාවක් ලබාදුන්නොත් එම සමාගමට පවතින්න හැක්කේ සුලු කාලයකි.  ඇමරිකාවේ අන්තර්ජාල හරහා Live HD Video බලද්දි, ලංකාවෙ අපිට හරියට Youtube වත් නැරබීමට බෑ කියා මොවුන්ට තේරුම් ගන්න බැරි එක ගැන දුක. ඇත්තටම අපිත් අපේ අයිතීන් වෙනුවෙන් මීට වඩා නැගීටිනවානම් නිකන් මැසිවිලි නගනවාට වඩා හොද සේවාවක් අපිට අපේ සේවාදායකයින්ගේන් ලබාගන්න පුලුවන්.

මේ ලගදී මට ලැබුනා TRC හිදී පැවැත්වුනු National Broadband Consultative Committee (NBCC) සහබාගි වෙන්න.  මෙය ICTA, Presidential Secretariat හා TRC එක්ව සෑදුන කමිටුවක්. මෙහි පලමු බලාපොරොත්තුව පුලුල්පරාස (Broadband) අත්තර්ජාල සම්බන්දතා සදහා Policy (ප්‍රතිපත්තියක්) හදුනවාදීමයි.  ඉතින් එක අතකින් අපිට සතුටුවෙන්න පුලුවන් ලංකා රජය මෙය දැනට සංවර්දනයට තියන ගැටලුවක් ලෙස පෙනීම ගැන. මොකද පිට රට සමාගම් ලංකාවට ආයෝජනය කරන්න ආපුවහම ලංකාවේ අන්තර්ජාල හා වෙනත් යටිතල පහසුකම් දුටුවහම ලංකාවට පැමිනෙන්නේ නැතුව වෙනත් රටවලට තමන්ගේ ආයෝජන රැගෙන යන එකට එක හේතුවක් මේ හොද අන්තර්ජාල සේචයක් නැති එක.. ඉතින් මාසය 6ක් වැඩි කෙටිකාලයක්දී මෙම පුලුල් පරාස අන්තර්ජාල සෙවා සදහා ප්‍රතිවත්තියක් සකසා අසවසන් කරන බව තමයි ඔවුන් කියන්නේ.

අන්තර්ජාල වැනි සේවාවන්ගේ ජනතාවගේ දැනුම වගේම සමාජ මට්ටමද ගොඩක් ඉදිරියට ගෙනියන්න හැකි එක මෙවලමක් ලෙස හැමෝම පිලිගෙන අවසානයි, ඇමරිකානු රජය බිලිනය ගනන් මුදල් වැය කරනවා පිටිසර පැති අන්තර්ජාලට සම්බන්ද කරන්න, ඒවගේම ෆින්ලන්ත රජය මගින් 1mbps වේගය රටේ සෑම පුරවැසියෙකුගේම සමාජ අයිතියක් ලෙස නීතිගත කර තියෙනවා. ප්‍රංෂ උසාවියක් විසින් අන්තර්ජාලය මානව අයිතියක් ලෙස ප්‍රකාෂ කොට තියනවා. ඉතින් මෙයින් පෙනෙනවා ලොව පුරා අන්තර්ජාලය කියන එකේ වැදගත් කම හොද වටහාගෙන ඇති බව.

පාරිබෝගිකයන් හැටියට අපි එකතු උනොත් අපිට ලොකු වෙනස කරන්න පුලුවන්, දැනට LIRNEasia මගින් කරන Mobile Bordband testing tool නිර්මානයේ මමත් වැඩ කරනවා. ඉතින් රජය වගේම LIRNEasia වැනි ආයතනද මේ ගැන කටයුතු කිරීමෙන් අපිට අනාගතයේ හොද අන්තර්ජාල සම්බන්ද තාවය ලබාගන්න හැකිවේ කියලා මට හිතෙනවා. නමුත් අපි කවුරුහරි මේක කරනකන් බලා නොසිට පාරිබෝගිකයන් හැටියට නැහී සිටියොත් මීට වඩා හොද සේවයක් අපිට ලබාගන්න හැකියි.

ඔබේ අදහයි, යෝජනා, වෝදනා වගේම අන්තර්ජාල පහසුකම් බාවිතයේ ඔබට සේවා දායකයි එක්ක පැන නැගුන ගැටලු ? කැමතියි මම දනගන…..

Share

42 Responses to “Sri Lanka Government see the Light on Sri Lanka’s Broadband Speeds”

  1. Buddika Says:

    Mata nm ithn ADSL wala aulk kyanna deyk na :)

  2. upulpp Says:

    Totally agreed,
    මම්ත් ඔය HSDPA ගැටලුව පිලිබද නිත‍ර service providers එක්ක ගැටුණු කෙනෙක්, මම සේවා දායකයො 3 දෙනාගෙන්ම් සේවය ලබාගෙන කලකිරිච්ච කෙනෙක්!
    මට මෑතකදිම මොබිටෙල් වලින් ඉවත්වෙන්න සිද්ද වුනේ මීට මාස 2කට පෙර 200kbps පම තිබූ වේගය 30kbps ටත් වඩා අඩු වූ විට! මට මෙයට හේතුව දැන ගන්නම කෝල් 10ක් විත‍්ර ගන්න උණා, ඔවුන් කියනව මගේ නග‍රයට අලුත් GSM ටවර් එකක් හයි ක‍රපු නිසා,3G signal strength එක අඩු ක‍රන්න ඇතිලු!(හැබැයි මට තවමත් HSdpa network එකට connect වෙන්න පුලුවන්) tower upgrade ක‍රනකන් තව මාස 6ක් මට බලන් ඉන්නලු!
    මෙව කාට කියල කියන්නද? මං Data service පාවිච්චි කලේ පිනට වගෙයි කතාව! කිසිම් දැනුවත් කිරීමක් හෝ refund කිරීමක් වත් නැතුව මෙහෙම දෙයක් ක‍්රන්න ඒ අයට ඇති අයිතිය මොකක්ද?

  3. කාලිංග Says:

    @upulpp

    මටත් මොබිටෙක් එක්ක ඔය ගැටලුවම ආවා..

    http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/

    දැනට යම්තාක් දුරට හොදයි.

  4. බුධාජීව Says:

    ලංකාවෙ අනිත් හැම එකම වගේ “ලෝකෙන් උතුම්” අන්තර්ජාල සම්බන්ධතාවයන් ගැන කියව කියව බල්ලො බත් කන්නෙ නැති වේගයන් ලබා නොදෙන්නට ක්‍රමයක් සකස් කරනවා නම් හොඳයි.

    අතරමග හිටින්නේ නැතිව සාමාන්‍ය ගුණාත්මයේ YouTube වීඩියෝවක් බැලීමට පුළුවන් වේගයක් ලබා දෙනවනම් අපි බොහෝ දෙනෙකුට ඒකෙන් සෑහෙන්න පුළුවන්.

  5. සහන් Says:

    මම නම් දැනට ලංකාබෙල් wi-max පාවිච්චි කරනවා අවුරුදු දෙකකට ආසන්න කාලයක්. මට නම් ඒකෙ අවුලකට තියෙන්නේ 512kbps වලට අයක‍රන වැඩිම මුදල තමා ලංකාබෙල් අයක‍රන්නේ 2309/= හැබැයි ලබාදෙන වේගයේ
    (ලංකාවෙ SLT ) නම් කියන්න ත‍රම් අවුලක් නෑ…. (හැබැයි වැහි පොදක් ගියගමන් ඔක්කොම හබක් ;) )

  6. Harindra Says:

    දැනට තියන 512/128Kbps plan එක, රෙන්ටල් එක වෙනස් කරන්නේ නැතිව 2048/512Kbps capped at 40GB (20GB උනත් කමක් නෑ) per month වගේ කරනවා නම් මම කැමතී. අප්ලෝඩ් ගැන සෑහීමකට පත් වෙන්න බෑ. (කරන්න පුළුවන්ද මන්දා :$ )

  7. Thilina Says:

    ලංකාවේ අන්තර්ජාලය ගැන නං කියන්න දේවල් ඕනේ තරම් තියෙනවා. කොච්චර පැමිණිලි කළත් බොහෝ විට කියන්නේ “සර්ගේ මොඩම් එකේ ලෙඩක්, නැත්නං OS එකේ ලෙඩක්” කියලා තමයි. කස්ටමර් කියන කිසිම දෙයක් තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. අනික කස්ටමර් සර්විස් වල ඉන්න අයගේ දැනුම ගැන නං කියලා වැඩක් නෑ. කොහොද යන්නේ මල්ලෙ පොල් තමයි. ඉවසන්නම බැරි දේ තමයි පිනට නෙට් දුන්නා වගේ කතාකරන එක. :/

    අනික මොකක් හරි වැඩක් කරන කොට ඩිස්කනෙක්ට් වෙනවා, skype එකෙන් කෝල් එකක් ගන්න බෑ, මේ අය මොකට ‍අන්තර්ජාල සේවා සපයනවද මන්ද? අපිටත් කරන්න දෙයක් නැති කමට පාවිච්චි කරන්න වෙනවා :/

  8. sandun Says:

    මම නම් පවිච්චි කරන්නෙ එකක්. එකෙ නම් කියන්න තරම් කිසිම අඩුවක් නැහැ. ලංකාවේ දියුණු කරනවා නම් කරන්න පුලුවන් අලුත් අදහස් ටිකක් මමත් ඉදිරිපත් කරන්නම්

    1. SLT PeoTV භවිතා කරන අයට මෙම ගෙටලුව අතිවෙන්නෙ මොකක් හරි File එකක් Upload කරන විටදි. (ex: video ekak youtube upload karana awasthawak ganna) e welawata peotv balanna baha. mokada eyata peotv gannakota wedi karanna downstream eka witharai. upstream eka wedi karanne na. ethakota file upload karana welawata STB eken api send karana data transfer wena ekata awahiratha awthiwenawa. ewita STB eken connection error(blue screen) wetenawa.

    2. denata lankawe denne downstream eka wedi upstream eka adu broadband lines witharai. Ex( [512kbps/128kbps] , [1Mbps,256kbps] )
    meka aththatama me rate inna uploaders/seeders la ta karana loku asadaranayak widiyatai mama nam dakinne. apita mokak hari loku file ekak upload karanna wunoth handa paayanakal balan inna wenawa me thiyena line ekakin upload wenakota.

    Ithin upstream speed eka wedi downstream eka adu lines (ex: [128kbps/512kbps] , [256kbps,1Mbps]) uth handunwala denawa nam eka me rate broadband users la ta karana loku sewayak wei kiyala mama hithanawa

  9. Prabath Says:

    මම ඉන්නේ පිටරටක. ලංකාවේ භාවිතා කරන්නේ ADSL Home Unlimited (512kbps) පැකේජයක්. ඉන්නේ බත්තරමුල්ලෙ. දැනට අවුරුදු 2කට ආසන්න කාලයක් භාවිතා කලා. සාමාන්යේ දිනපතා පාවිච්චියට. (දිනකට – ස්කයිප් පැය 2ක් විඩියෝ එක්ක, පැය 4ක් ඊමේල් වෙබ් පිටු පරිහරණයට, මෙගා බයිට් 400 ක් වගේ බාගන්න – හැබැයි ටොරන්ට් නම් භාවිතා කරන්නේ නෑ) මේ විදියට අඛන්ඩව භාවිතා වෙනවා.
    තියෙන්නේ SLT ADSL USB Modem එකක්. දැනට කිසි breakdown එකක් නැතිව වැඩ. ADSL Home පැකේජය අරන් ලොකු ලොකු වැඩ කරන්න ගියෙ නැති නිසා ඉන්ටර්නෙට් සබදතාව ගැන මම සතුටුවිය හැකි මට්ටමක ඉන්නවා. හුගක් අය මේ වගේ පැකේජ් එකක් අරන් කරන්නේ 4mbps lines වලින් කරන වැඩ.

    කරන්න යන වැඩේනම් මසුරන්. ලංකාවේ ටෙලිකොමිනිකේෂන් වලට සුභ අනාගතයක් කියන්නම් එහෙනම්!

  10. කාලිංග Says:

    @Prabath

    මමත් පිලිගන්නවා ලංකාවේ අනිත් අන්තර්ජාල සේවා එක්ක බලනකොට SLT ADSL ඉදිරියෙන් කියලා.

  11. sam Says:

    SLT have a practical monopoly over cables, therefore SLT can provide DSL in populated areas such as Baththaramulla. If SLT diveded in to two companies, a Cable company and a phone company, we could have a better competition.

    TRC is not there to help us, but find ways and implement ways to collect taxes from us. Sri Lanka used to be the (I think still it is) only country to tax ISPs (horribly expensive ISP license). Still Sri Lanka has relatively cheap wireless Internet compared to countries such as India. I thanks Dialog for it.

  12. anewasika Says:

    ලංකාවෙ තියෙන තවත් ප්‍රශ්ණයක් තමයි – ඕනැම දෙයක් කරන්න යනව අති සීඝ්‍ර වේගයෙන්.

    දැං මේ සැලසුමත් මාස හයකින් නිම කරන්නනෙ ඉන්නෙ. ඔය දේවල් කොච්චර ප්‍රායෝගිකද? ඊ ලඟට ක්‍ෂණික නූඩ්ල්ස් වගේ හදල කෑම මෙසෙට යවන්න බලයි.

    මතකනෙ – මාස හයකින් සුනාමි අනාථයින් නැවත පදිංවි කරන්න සැලසුම් කළ හැටි!

    අනේවාසික

  13. ඉන්දරේ Says:

    මමත් ගෙදර පාවිච්චි කරන්නේ ADSL එකක්. කියන්න තරම් වරදක් නෑ. දැනට අවුරුදු 3ක ඉඳන් පාවිච්චි කරනවා, breakdown වෙලා තියෙන්නෙ දෙපාරයි. ඒ දෙපාරම දවසක් යන්න කලින් අලුත්වැඩියා කලා.

    මොබයිල් කනෙක්ෂන් ගැන කියද්දි මෙහෙම දෙයක් මට වුනා. මම නැවතිල ඉන්නෙ නුගේගොඩ පාගොඩ පාරේ. තදාසන්න පුදේෂයක්. ඒ උනාට නිවස ඇතුලට ඩයලොග් 3G සිග්නල් නෑ ! මට මොබයිල් කනෙක්ෂන් එකක් ගන්න අවශ්‍ය වෙලා තිබුනත් මේ හේතුව නිසා ඩයලොග් ගන්නත් බෑ. මොබිටෙල් ගැන අහන්න වෙන කතා හොඳ නැති නිසා ඒක ගන්නත් බයයි.

    සමස්තයක් විදියට මට හිතෙන්නේ ලංකාවේ අන්තර්ජාල මිල වැඩියි කියලා. තවමත් ඒක සුපිරි දෙයක් විදියටයි සැලකෙන්නේ. අත්‍යාවශ්‍ය දෙයක් විදියට තව අන්තර්ජාල සම්බන්ධතා වල මිල ටිකක් අඩුවෙනවනම් කාටත් හොඳයි. හැබැයි අඩුවෙන මිලට සාපේක්ෂව කොලිටියත් බැස්සොත් නං වැඩක් නෑ.

  14. NUWAN"s lane Says:

    මමත් මේ ගෑටලුවට ලක් වෙලා සිටින්නෙක්.මුලින්ම ඩයලොග් සම්බන්දතාවක් භාවිතා කලා.නමුත් එහි වේගය ඉතාමත් අඩුවූ නිසා මොඩමයත් අන්ලොක් කර මොබිටෙල්hsdpa වලට මාරු උනා.ඉතින් ඒ කාලේ මොබිටෙල් වලින් හොද සෙවාවක් ලෑබූනා.සෑහිමට පත් වෙන්න පුලුවන්.මගෙන් කවුරු හරි යාලුවෙ ක් ඈහුවොත් මන් නිර්දේශ කලෙත් මොබිටෙල් ඉතාම හොදයි කියලා.නමුත් දෑන් මාස 3 ඉදන් මේ සම්බන්දතාව ජරාම සම්බන්දතාව වෙලාවෑඩ කරොත් ඉතාඅම කලතුරකින්.සිග්නලුත් තියෙනවා.ඒත් වෙබ් පිටුවක් ලොඅඩ් නොවී ලෝඩින් කියලා පෑය ගනන් කෑරකෙනවා.විනාඩි පහෙන් පහට ඩිස්කනෙක් වෙනවා.පාරිභෝගික සේවාවට කතා කලාම සිග්නල් තියෙනවද කියලා අහනව.එච්චරයි,.මන් කිව්වා මම ගේ වෙනස් කලේ නෑ කලින් මේක හොදින් වෑඩ කලා කියලා.ඔවුන්ට ඒක තේරෙන්නේ නෑ.ඊලගට කියනවා සෙටින්ස් හරියට හෑදුවද කියලා යන්නේ කොහේද මල්ලේ පොල්.

  15. NUWAN"s lane Says:

    ආ තව දෙයක් මන් බෑරිම තෑන නිකන් ඩයලොග් කාඩ් සිම් එකක් දාලා චෙක් කරලා බෑලුවා.ඒක නියමෙට වෑඩ .විසංදි වෙන්නේත් නෑ…ඒ ගොල්ල්ලො ගෑටලුව නිරාකරනය කරගෙනද

  16. ජේ.ඩී Says:

    මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් HSDPA මොඩම් එකක්.අරගත්තු දවසෙනම් ගිනිකසේට වඩ කලා නමුත් සුමාන දෙක යත්දි ඔක්කොම අවුල්වෙලා. සම්බන්ධතාවය සැරින් සැරේ විසංධිවෙනවා. වේගයත් හොදටම බාලවෙලා. අරගෙන සුමාන දෙක යත්දි මෙහෙමනම් මාසයක් විතර යත්දි හිතගන්න පුලුවන්නෙ. මෙකට ළඟදිම විසදුමක් ආවොත් හොඳයි. නැත්තම් අපිට ඉතින් දේයන්ගෙම පිහිට තමා………….

  17. නිලන්‍ත Says:

    කොපමන අත් අරින්න හිතුවත් මම තාමත් Diaog. හැබැයි ඉස්සර තරං අවුලක් නෑ 5gb ඉවර උනහම ඉස්සර වගේ මතක් කරන්න ඕනිත් නැහැ. ඊලඟ මාසේ 15 වෙනිදට හරියනව. හැබැයි වේගය නම් කියනවයෙන් 1/5ක් වගේ තමයි. සමහර වෙලාවට signal තිබුනත් වැඩ නෑ.

  18. /බිඟුවා...! Says:

    මේ හැම වෙලාවෙම මොබිටෙල් සම්බන්ධතාවය ගිලිහී යනවා.
    මේක මහ ඇණයක්…
    රෑට ගන්න දෙයක් නෑ

    /බිඟුවා…!

  19. Namal danushka Says:

    ඕනවට වඩා connection දුන්නම ඔහොම වෙනවා..tower වලින් උනත් දෙන්න පුලුවන් ගානක් තියෙනවා…බොරුවට ads දාගෙන කෑගැවුවට tower update කරන්න කිසිම උවමනාවක් නැ…දැන් පෙනවා නේද මොබිටෙල් ඉන්ටනෙට් තියා call එකක් වත් ගන්න බැ…මගේ උපහරයක් හින්දා හොදයි…නැත්තම් කට් වෙන ගානට call අරන් බිල් අවම පිස්සු හැදෙනවා…අපිට නැ..මම පවිච්චි කරන්නේ ..ඉස්සර 5KB අවා..දැන් 1.5KB -2KB වෙලා..රැ 12ට 1ට යන්තම් 4KB විතර එනවා..ඔහොම ගියොත් අපිට දෙවියන්ගේම පිහිටයි…

  20. upulpp Says:

    මේ නොයෙක් මැසිවිලි අහනකොට තත්වය නම් පැහැදිලියි.
    මං අහල තියෙන සත්ය කථාවක් කියන්නම්. යාපනය ප‍්රදේශයේ කෝටිපති වියාපාරකයෙක් චිත‍්රපට ශාලාවකට විදුලිය ජාතික විදුලිබල පද්ධතියෙන් ඉල්ලුම් කලාලු! ඔහුට විදුලිය ලැබුණ මුත් පලමු මාස කීපය තුලම සිදුවුණු අඛණ්ඩ විදුලි බිදවැටුම් නිසා වියාපාරය සම්පූර්ණයෙන් අසාර්ථක උණාලු.
    ඔහු මේගැන පහල උසාවි වලින් පටන්ගෙන,විදුලිය ලබාදුන් නග‍ර සභාවට එරෙහිව නඩු දැම්මලු. නමුත් සිය ගිවිසුමේහි, විදුලි බිදවැටුම් නිසා ඇතිවන අලාභ වලරට නග‍ර සභාව වග කියනු නොලැබේ කියල වගන්තියකුත් තියෙන නිසා supreme court දක්වා ඇති උසාවි 3 කින්ම නග‍ර සභාව නිවැරදි ක රු බවට තීරණය කලාලු. නමුත් ඔහු සිව් වැනි ව‍්රටත් apeal court හි apeal එකක් ගොනුකලවිට “යම් ගිවිසුමකට හේතුවෙන මූලිකම කරුණ (මෙහිදී නම් අඛණ්ඩ විදුලි සැපයුම) පැහැර හැරෙන ප‍්රිදි ගිවිසුමක ඇතුලත්වන අනු වගන්ති වල බලාත්මක භාවයක් නොමති ය” යන පදනම මත නඩුව නැවත විභාග කොට ඉල්ලූ වන්දි මුදල ගෙවීමට නියෝග කලාලු.
    ඔහු කෝටි පතියෙක් නිසා දිගින් දිගටම නීතියේ පිහිට අයෙද සිය අයිතිය දිනා ගත්ත. නමුත් මේ ගැටලුවේදි පීඩා විදින 90% දෙනා එක්කො සිසුන්. නැත්තම් පොඩි ජොබ් කට්ටක් ක‍රන උදවිය.ඉතින් මේවගේ දේකට නීතිය හමුවට දිගින් දිගටම යන්න අපි වැඩි දෙනෙකුට හැකියාවක් නෑ

  21. කාලිංග Says:

    @upulpp

    ඔවු, තනියම මෙවගේ දේවල් වලට නැගී සිටින්න අමාරුයි. නමු අපි ඔකොම එකතු උනොත් ලොකු වෙනසක් කරන්න පුලුවන්, මතකනේ අර වී කුරුලන්ගේ කතාව. :)

  22. CD Athuraliya Says:

    ADLS හොඳ මට්ටමක තිබුනත් HSDPA නම් ගෙනියන්නේ ලොකු ප්‍රෝඩාවක්. පාරිභෝගියන් හැටියට මේ දේවල් ගැන අපේ දැනුවත්භාවය අඩු නිසාම සේවා සපයන්නො හොඳ සේවාවක් ලබා දෙන්න උනන්දු වෙන්නේ නැහැ. මේ ගැන අපිව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.

  23. Wathsala Says:

    මේකට පළියමක් විදියට අපිට බැරිද වෙනමම බ්ලොග් එකක්,Twitter එකක්, Facebook group එකක් පටන් ගන්න. මේ විවිධ මාධ්‍යවලින් අපිට පුලුවන් පාරිභෝගිකයො දැනුවත් කරන්න. ඒ අතරෙම පාරිභෝගිකයන්ට පුලුවන් තමාට ලැබෙන සේවාව ගැන අනිත් අය දැනුවත් කරන්න, අමතරව සිතියමක තමන්ට ඒ අත් දැකීම ලැබුනු ස්ථානය, වේලාව, ISP, සේවාවට අදාල rating එකක් ආදිය ලකුණු කරන්නත් පලුවන්. අවශ්‍ය තරම්‍ පිරිසක් සහ දත්ත ප්‍රමානයක් අපිට තියෙන කොට TRC එකට සහ ISP වලට අපිට ඒක පෙන්නන්න පලුවන්.

    පෝසතෙක් ඉන්නවනම් මේව අරං අවශ්‍යනම් උසාවි වුනත් යන්න පුලුවන්…

  24. කාලිංග Says:

    @Wathsala

    හොද අදහසක්, බලමු මේක ක්‍රියාත්මක කරන්න.

  25. Viyanasl Says:

    * SLT ADSL ගැන කියන කොට යම් කොටසක් එකතු කරන්න ඕනෙ. ඔවුන්ගේ Hot line එකෙන් සේවයක් නෙවෙන තරම් වුණාට බිඳවැටුම් අලුත්වැඩියා කරන පිරිස බොහොම හොඳ කඩිනම් සේවයක් සලසනවා. ඒක අගය කරන්න ඔනෙ.

    * මොබිටෙල් HSDPA ගැන කියනවනම් මම අද ඒකට තිත තිබ්බා. ඉවසල ඉවසල බැරිම තැන සිම්පල් ප්ලෑන් එකකට මාරැ වුණා. මෙන්න වේගේ. http://www.speedtest.net/result/702086232.png

    මෙන්න Mobile partner පෙන්නන විදිහ. http://www.viyanasl.info/speed/01022010/mp.html

    හැබැයි මම කිව්වටම සිම්පල් ප්ලෑන් එකට මාරැ වෙන්න එපා. තව හොයල බලන්න.

    viyanasl

  26. Nadun Says:

    මටනම් ඔය ප්‍රෂ්න එකක්වත් නැ ටිගෝ එකේන් මන් 2009 ජනවාරි ඉදන් ඉන්ටනෙට් ගන්නේ වේගය 1.0MBPS සල්ලි කියක්වත් කැපෙන්න් නැ මම ටිගෝ එකටත් කිව්වා මගේ ඉන්ටනෙට් යනකොට සල්ලි කැපෙන්නේ නැ කියලා එයාලා කිව්වා system එකේ නවිකරනයක් කියලා දිගටම පාවිචි කරන්න කිව්වා හැබැයි 072-2 තියෙන NO වල A.P.N එක web දාගත්තාම එලම තමයි මොබ්ටෙල් වැඩක් නැ උන් එනවා මට ඉන්ටනෙට් ගැන උගන්නවන්න

  27. CD Athuraliya Says:

    මගෙත් මිත්‍රයෙක් Nadun කිව්වා වගේ ක්‍රමයකට නොමිලේ GPRS පහසුකම භාවිතා කරනවා Mobitel වලින්. ක්‍රමය හරියටම පැහැදිළි නෑ. කොහොම නමුත් නීත්‍යානුකූල ක්‍රමයක් නොවෙයි.

  28. ishan Says:

    @Viyanasl
    මටත් අත්දැකීමෙන්ම කියන්න පුලුවන් SLT එකේ Customer service එකේ දන්න තරමින් ප්‍රශ්නයක් නෑ.

    මම පාවිච්චි කරන්නේ SLT ADSL 512K Connection එකක්.එකෙ නම් කියන්න තරම් වරදක් නෑ.average download speed එක 58-59kbps විතර තියනවා.හැබැයි Upload Speed එක ටිකක් විතර මදි.

    මොනවා උනත් මම කියන්න ගියේ.. මගේ යාලුවෙක් ගාව තියනවා ටික කාලෙකට කලින් ගත්ත Airtel HSDPA unlimited එකක්.. එකේ speed එක නම් 250-300kpbs විතර තීයනවා.අලුතෙන් ගන්න අයට නම් මේ speed එක ලැබෙන්නේ නෑ ලු.මට තියන ගැටලුව මේ අය එක එක Customers ලට එක එක විදියට සලකන්නේ ඇයි කියන එක..

  29. Viyanasl Says:

    @ishan
    Airtel පැකේජ 3ක් තියනවා.
    1. 1GB speeed 3.6M charges Rs.300.00 per month
    2. 3GB speed 3.6M charges Rs.600.00 per month
    3. Unlimited -speed 1.8M charges මතක නෑ.

    හුඟක් තැන්වලට හොඳට වැඩ.

  30. කාලිංග Says:

    @ishan

    HSDPA වල කියන වේගයන් ලැබෙන්නේ නෑ, ඒවගේම එකෙනෙකුට ලැබුනා කියා අනිත අයටද එම වේගය ලැබෙයි කියනත් බෑ, මොකද HSDPA වේගයන් තමන් ඉන්න පැති හා වෙන ගොඩක් සාදක නිසා වෙනස් වෙනවා.

    http://sinhala.kalingasblog.com/2009/01/18/why-hsdpa-sucks-in-sri-lanka/

    කියවන්න යම්කිසි වැටහීමක් ගන්න පුලුවන්.

  31. Nirmal Says:

    කාලිංග අයියෙ ලංකාවෙ අන්තර්ජාල පරිහරනය කරන අය වෙනුවෙන් මේ බ්ලොග් එකෙන් ඉටුවෙන සේවය කියල නිමකරන්න බෑ.මේව පාලනය කරන තැන්වල මුල් පුටුවල ඉන්න ඔන ඔයාල වගේ අය.

    HSPA භාවිතා කරන අයට තමන්ගෙ තොරතුරු අන් අයත් සමග හුවමාරැ කර ගැනීමට සහ සිතියමක මෙවැනි තොරතුරු පෙන්වාදිය හැකි වෙබ් අඩවියක් ඉදිරිපත් කිරීමේ අදහස ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.මමත් අවුරැදු කීපයක සිට Mobitel,Dialog ආයතන වල ආවරණ කලාපයන් 3G ආවරණය සහ නව කුලුණු ඉදිකිරීම් පිලිබඳව සොයා බලනවා කොළඹ කළුතර දිස්ත්‍රික්කවල.අවශ්‍ය දත්ත සපයා දීමට මටත් උපකාර විය හැකියි.

  32. කාලිංග Says:

    @Nirmal

    බොහොම ස්‌තුතියි. උපකාර උවමනා වෙනකොට කියන්‌නම්‌.

  33. Kaushalya Says:

    In my point of view we’re still in the ice age about internet speed. If you go to America, Japan or Autralia they have mega speed connection relative to SL services. Even in singapore they have that quality. i downloaded the entire Num3ers series in two days in Singapore.

  34. Bhagya Says:

    හි හි !!
    මොබිටෙල් මට නම් රොක්ස් වෙන්නෙ වෙන මොනවත් නිසා නෙමෙයි…
    ටවර් එක තියෙන්නෙ අපේ ගෙදරට මීටර් 100කටත් අඩුවෙන් නිසා…
    මම පාවිච්චි කරන්නෙ WM (වින්ඩෝස් මොබයිල්) එකක් …
    HSDPA walata nam maruma thamai !!

  35. Chanaka Says:

    Oka gana nam kiyala wadak na :( me lagakadi idala mobitel speed 1 8kb ta bahala…complain karata wadakuth na..dan nam net yana 1 mara dukak :(

  36. indika Says:

    අපි ඉන්න කැලේට ADSL නම් නෑ. මම බලන් ඉන්නෙ SLT WIMAX එනක්න්. ඒකත් දැන්ම එන පාටක් නැහැ. ගැන ඔයාලා මොනවා හරි දන්නවද. මේ ගැන කතා කරන්න පෝස්ට් එකක් ක්ලොත් හොදයි කියලා මම හිතනවා.

  37. anuradha Says:

    Mama use kale Airtel 3GB connection ekak gaththa dawaswala hodata thibuna,masekata withara passe melorahak nathi wuna,custemer care katha kalama mokak hari bilayak gahanawa,masa 6 mawa rasthiyadu kerewwa,airtelnam ganna epa,dan mama mobitel ekak use aranne ekanam awulak na hitapu gaman api amathakawenawa aye complain karama hadanawa,monawa karannada/ meka lankawane.

  38. Chanuka Says:

    Mage conection eka dialog.issara supiri speed ekak awata dan chatar.modem eka anlok karaganna softwera ekak mage gmail ekata ewanna.pls.airtel hondada

  39. mahesh Says:

    මම පාවිච්චි කරන්නෙත් මොබිටෙල් conection1ක් එත් මං ඉන්න හරියට 3G signal නෑ

  40. mahesh Says:

    ආ නැනැ මං ඉන්න ප්දේශට 3G තියේනවා කරැමෙට අපේ ගෙදරට නෑ

  41. mahesh Says:

    කාලිංග අයියා ඔයාගේ බෙෙලාග්1ක සුපර්. නියේමයta THIYENAWA

  42. indika27 Says:

    කස්ටමර්ල විදිහට ඔයාල කම්ප්ලේන් කරන විදිහෙත් වැරැද්දක් තියෙනව..ගොඩක් ආයතනවල අද වෙනකොට ඉන්නෙ වෙනත් මෑන්පවර් කම්පැනි හරහා කුලියට ගත් පාරිබෝගික සේවා නිලධාරින්..ඔබ ඔවුන් එක්ක කුනුහබ්බ කියාගන්නව කියන්නෙ නිකම් ආයතනයක ලොක්ක ට බනින්න යන්න අවසර දෙන්නෙ නැති සිකුරිටි එක්ක ගහගන්නව වගේ බොලද වැඩක්…
    කලින්ම අපි හෝ ඔබ හෝ කරනවනම් කරන්න ඕනි පාරිභා්ගිකයා සෑහිමකට පත්නොවෙන සන්නිවේදන විසඳුම් වලට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග වල නෛතික පසුබිම අධ්‍යනය කිරීම…
    ඒක බොහොම පාසු දෙයක්ම නෙමෙ..නීති ආධාර නොමිලේ ලබාදෙන ආයතන හරහා ඒ නීතිමය පසුබිම අපට ගත හැකියි..
    අනික තමා අදාල ආයතන වල අදාල නිලධෘරීන්ට ඊ මේල් සහ ලිපි ඕස්සේ දැනුම් දීම..
    රුපියල් 100කින් ලිපි 20ක් යවන්න පුලුවනි තවම..
    ඒ වගේම අදාල දේවල් ගැන ලිපි බොහෝ ප්‍රමාණයක් අමාත්‍යාංශයට යනවනම් ඒ අය ඒ පිළිබඳ බලයි..
    දැනට ඉන්න සන්නිවේදන විදුලි සංදේශ ඇමතිතුමා බොහොම මැදහත් නරක අඩු කෙනෙක්..ලැබෙන අවස්ථාවල ටී ආර් සී එකට පොරි හැලෙන්න පාලුගෙයි වලං බිඳිනවට වඩා එතුම හමුවෙලා සවිස්තර වාර්ථාවක් දෙන්න පුලුවන්නම් එතුමා හොයල බලයි..
    අනික විදෙස් රටවල විශේසයෙන් අපි වාගෙ දුප්පත් රටවල තියෙන දියුනු අන්තර්ජාල සබඳතා ගැන අපි හොයල බලන්න ඕනි..පින්ලන්තය ප්‍රංශෙ කියන්නෙ අපිත් එක්ක මොනම දෙයක්වත් කම්පෙයාර් කරන්න බැරි රටවල්..
    අපි වැඩක් පටන් අරන් ඒකෙ කොටසක් ඇද්දොත් තමා අනික් අය සප් එක දෙන්නෙ..එහෙම නැතුව මුලින්ම කොටිය කනවෝ කියල කෑ ගැහුවම එන්නෙ නෑ කවුරුත්ම…

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed