අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි.
ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම. ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම.
ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.
කට්ටිය කියයි දැන් virus scanner එකෙන් ස්කෑන් කරහම හරි කියලා. නෑ, මේවා රූට් කිට් (root kit) වගේ දාල හොදට හයිඩ් කරලා තමයි මේවා තියෙන්නේ, ගොඩක් ඒවා system file ඇතුලටම දාල. අනික අපේ අය virus scanner එක ගන්න්නෙත් torrent download කරලා crack කරලා නේ
මේය windows update වගේ දේවල්ද disable කරනවා. හිතාගන්න බැරි ලෙඩ පරිගනක වල එන්න මේ නිසයි. අලුතෙන් install කරත් slow ගතිය, සමහර software වගේ දේවල් වැඩ නොකිරීම.
සමහර සයිට් වලට ගියපු ගමන් Alert එනවා පරිගනකයේ වයිරස් click කරන්න patch එකක් දාන්න හරි, නැත්නම් scan කරන්න කියලා. මේ ඇත්තටම කරන්නේ ඒකද ? නෑ
මේ කරනේ බොරු alert එකක් දීලා ඔබ ලවා spyware/virus install කරන එක. තවත් කරන දෙයක් තමයි ඊමේල් එවීම. Click here to install Microsoft update etc කියලා. ලින්ක් එක click කරහම ඇති. ගොඩයි අය හිතන්නේ Firefox, Chrome බාවිතා කරහම safe කියලා, නෑ ඇත්තටම අලුත් හැකර්ලා යොදාගන්නේ එක OS හරි IE bug එකක් නොවෙයි, Flash, PDF වගේ ඒවාගේ තියන bugs ද යොදාගන්නවා. නික Firefox, Chrome වගේ ඒවාගෙත් ඕනෑ තරම් bugs තියනවා. ගොඩක් වලාවට එම සයිට් එකකට යන එක ප්‍රමාණවත් මොනවා අපි විසින් Install නොකරත්.
මේ bugs වලින් ගොඩක් ඒවා හොයාගන්න ඒ අය යොදාගන්නේ Java Script, ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි, Java Scrip/Flash Disable කරන එක. Firefox නම්. noscript යොදාගන්න. හොදට දන්නා කියන සයිට් වලට පමණක් java/Flash enable කරන්න. මොකක් හරි download කරනන් ගියහම ඒ සයිට් එකේ downloaded එකක් හරි update එකක් හරි දාන්න කියනවානම් ඒක කවදාවත් දාන්න එපා. ඔබ ඒ සයිට් එක 100% දන්න එකක් නොවේනම්.
මේ විතරක් කරලා ඇතිද ? නෑ. ගොඩක් වෙලාවට මේ අය යොදාගනේ පරිගකයේ OS එකේ හරි නැතිනම් software එකක තියන bug එකක්, ඒක නිසා කල යුතු පලමු දේ තමයි Windows Update හැම වෙලාවෙම කරන එක. ඒ වගේම application වල update ද දැමීම. OS එකේ හරි application එකේ හරි bug එකක් නැත්නම් ඒ අයට හොරෙන්ම මේවා දාන්න බෑ. නමුත් අර හොරෙන් torrent වලින් download කරලා දාන ඒවානම් ඉතින් මොන update තිබුනත් වැඩක් නෑ.
බලමු පොඩක් මේවගේ අපි නොදැනී එක සයිට් ටිකක් හා කරදර ඇඩ් කොහොමද පොඩක් වහන්නේ කියලා, මේක windows/linux වල දෙකේම කරන්න පුලුවන්.
HOST.ZIP එක download කරලා, unzip කරන්න. Vista/Win7 වල, Start Menu එකේ search එකේ notepad ලෙස සටහන් කරන්න. දැන් notepad icon එක උඩ right click කරලා Run as administrator කියලා notepad open කරගන්න. දැන් තව නිකන් notepad එකකුත් open කරන, නිකන් open කරපු notepad එකේ File Open ලෙස යන්න, ගොස් “Text Documents (*.txt)” ඇති එක “All file (*.*)” කරන්න. දැන් HOST.ZIP එක upzip කරපු තැන ඇති HOST කියන file එක open කරන්න. දැන් එහි ඇති සියල්ල Ctrl+A ලෙස සටහන් කොට select කරගෙන Ctrl+C ලෙස සටහන් කොට copy කරගන්න.
දැන් administrator ලෙස open කරපු notepad windows එකේ. File Open ලෙස ගොස් “All file (*.*)” ලෙස යොදා. C:\WINDOWS\SYSTEM32\DRIVERS\ETC වෙත යන්න. C: කියන්නේ ඔබ windows install කර ඇති drive එකයි, දැන් එහි ඇති HOST file එක open Ctrl+A ඇතුල කර සියල්ල select කරගන්න. දැන් Ctrl+v ලෙස සටහන් කොට ඉස්ස්ලේ කොපි කරගත් දේවල් paste කරන්න. දැන් Ctrl+s ඇතුල කර file එක save කොට. notepad windows දෙකම වසන්න.
මේකෙන් කරන්නේ දැනට දන්න ඇඩ් හා spyware ඇත් අඩවි වලට යන එක වැලැක්වීමයි, මෙක ඕනෑම browser එකක වැඩ කරනවා. මොකද මේක block වෙනේ DNS level එකේ නිසා. HOST කියන ෆයිල් එකේ වෙන්නේ පරිගනකයේ DNS client එක DNS look up කරන්න කලින් පලමුව බලන්නේ HOST file එකයි, ඉන් පසුව තමයි අදාල DNS වලින් බලන්නේ. එතකොට අර වගේ සයිට් එකකට යනකොට මේක HOST file එකේ එම සයිට් එක තිබුන විට, HOST file ඒකේ යොදා ඇති IP එක වන 127.0.0.1 ලැබී අර සයිට් එකට යන එක වැලකෙනවා. 127.0.0.1 යනු තමන්ගේම පරිගනකයේ loopback IP එකයි. Apache එහම දාගනෙ ඉන්න අයට නම් තමන්ගේ Apache වල home page එක ලැබෙයි
මේ ෆයිල් එක සතියට වරක් වත් update වෙනවා, ඒක නිසා මෙම mvps.org අඩවියට ගොස් අලුත් file update එකක් ඇත්නම් එය යොදා පරණ host file එක update කරන්න. මේක දැම්මා කියලා පරිගකනය 100% ආරක්ෂා වෙන්නේ නෑ, නමුත් මේකත් එක උදවුවක් වෙන දෙයක්. අර කට නිසා මාලුවා නහිනවා වගේ අපි නහිනේ අපේ Click නිසා
හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි software download, Windows, Antivurs update කර්නකොට අදාල සමාගමා අඩවියන් පමණක් download කරන්න, පිටකොටුවේ, එහෙ මෙහෙ විකුණන CD/DVD ගන්න එපා. driver එකක් උවද අදාල සාමාගෙමෙන් පමණක් download කරන්න.






January 3rd, 2010 at 11:31 pm
හොඳ පෝස්ට් එකක්… ගොඩක් අය නොදැනුවත්කම නිසා වයිරස් දාගන්නවා මේ විදියට… සයිට් එකකින් ලස්සන alert එකක් දුන්නම වයිරස් තියෙනවා කියලා ඒවා click කරලා වයිරස් දාගන්නවා… මම දන්න උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඔය එක එක සයිට් වලට ගිහිං කොහොම හරි වයිරස් දාගෙන සතියකට දෙකකට පාරක් වත් හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරනවා… මේ ලින්ක් එකක මම යැව්වා දැං වත් හැදෙයි ද බලන්න
January 3rd, 2010 at 11:39 pm
එල කරැනු ටිකක් කියල දුන්නට පිං!
January 4th, 2010 at 12:49 am
ඇත්තටම හොද ලිපියක්……..
දැං තමා ටික ටික පුරුදුවෙලා තියෙන්නෙ අහුවෙන අහුවෙන ලින්ක් ක්ලික් නොකර ඉන්න. අනිත් කාරනේ අපිට කොහින්ද ටොරන්ට් නැතිව ගන්න OS
. virus guard එකනම් දැන් බිල් මාමා නිකං දෙන එක දාගෙන ඉන්නවා නිකං දුන්න Windows 7 RC එකට…. කාලෙ ඉවර උනාම ආපහු එපා කියපුව කරන්න වෙනවා.
මමත් කාලයක් තිස්සේ කලේ ඔය එපා කියල තියන දේවල් තමා
January 4th, 2010 at 1:36 am
host file එකෙන් මෙච්චර වැඩ ගන්න පුළුවන් කියල දැනන් හිටියෙ නෑනෙ. පට්ට. මම අවුරුදු එකහමාරකින් විතර මැෂින් එක format කරලා නෑ. වයිරස්වලිනුත් වැඩි කරදරයක් නෑ. වයිරස් අතේ දුරින් ආශ්‍රය කරන නිසා.
.
January 4th, 2010 at 4:58 am
අම්මො නොදන්න දෙවල් ගොඩයි | තැන්ක්ස් කිව්වා
January 4th, 2010 at 8:13 am
හරිම වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි.
January 4th, 2010 at 9:02 am
එළ පෝස්ට් එකක්.., නොදැන හිටි දේවල් ගොඩක් දැනගත්තා…
January 4th, 2010 at 9:21 am
හොද ලිපියක්
ස්තුතියි!
January 4th, 2010 at 9:23 am
Host File එක මැක් එකෙත් ඇති නේද? (මැක් එක හැක් තමයි හැබැයි..)
January 4th, 2010 at 9:29 am
@ගයන්ත
මැක් වලට පුලුවන්
http://support.apple.com/kb/TA27291
January 4th, 2010 at 3:46 pm
මරු ලිපිය කාලිංග අයියේ. මම නම් කොහොමත් නියම සයිට් එකේන් හැර වෙන එවාගේන් කිසිම දෙයක් Download කරන්නැ. කලයකින් කරන්න දෙයක් නැතුව කරන්න වෙනවා. මොනා කරන්නද? Good luck Kalinga.
January 4th, 2010 at 7:58 pm
ayye oya thawa mekata api Spam illagena daganna eka nawathana hatith web site ekakata wage log wenakota eka athama site ekada balala log wena hatith Thawa email ekakin ewana link ekaka link eka diha balala log wenna kalin eka mokadda kiyala danaganna hatith kivvanam thamai hoda.
kohoma unath meka hoda lipiyak. Good luck ayye
January 4th, 2010 at 9:56 pm
thanksa a lot kalinga,
January 5th, 2010 at 6:49 am
තවත් අවුලක් තමයි සයිට්වල register වෙද්දි addressbook sync කරන එකයි කීපදෙනෙක්ට එකම ෙම්ල් එක යවද්දි bcc field එක වෙනුවට to field එකට ලිපින දාන එක. (unsubscribe කරන්න බැරි විදියට spam එන්න පටන් ගන්නවා එ්නිසා.)
January 5th, 2010 at 8:13 pm
ගොඩාක් හොද ලිපියක්.. නොදැන හිටපු කරුණු ගොඩාක් දැනගන්න ලැබුණා..
January 6th, 2010 at 12:06 pm
සුපුරුදු පරිදි වැදගත් සටහනක්.
මමත් බොහොම ප්‍රවේශම් වෙනවා web browsing වලදි. තවත් අලුත් කරුණු රැසක් දැනගත්තා. බොහෝම ස්තුතියි!
January 7th, 2010 at 1:32 pm
හොද වැදගත් ලිපියක්. ඒත් ඉතින් අපි මෘදුකාංග නොමිලේ භාගත කරන්න ටොරන්ට් ඇරෙන්න වෙන විකල්පයක් නෑ
. crack කරන්නේ නැතුව, Activated, cracked කියලා තියන ඒවා download කලොත් පොඩ්ඩක් හරි ආරක්ෂාකාරී කියලා හිතෙනවා.
January 20th, 2010 at 9:55 am
වැදගත් post එකක්, Sandboxie ගැනත් ලියන්න,
January 28th, 2010 at 4:54 pm
බොහොමත් වටිනවා උපදෙස් පෙලට…….
March 19th, 2010 at 3:02 am
එල එල, ඔකෙ න් සාමාන්‍ය ව්යිරස් එන බවට හදුනාගත් සයිට් ටිකක් ලූප් බැක් ඇඩ්‍රස් එකට දෙන එක නෙ වෙන්නෙ, ඔය අප්ඩෙට් ෆයිල් එකෙන් අලුතෙන් එකතු වෙන සයිට් සුවර් කර ගන්නෙ කොහොමද?
May 2nd, 2010 at 10:58 am
උපදෙස් වලට බොහෝම ස්තුතියි!!! වැදගත් post එකක්..
September 18th, 2010 at 7:21 pm
වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි.
January 11th, 2011 at 3:53 pm
you can use notscript for chrome, but some features of noscript are not available their.
April 18th, 2011 at 8:33 pm
හොඳ පෝස්ට් එකක.බොහෝම ස්තුතිය.Good luck Kalinga ayya.
April 27th, 2011 at 11:37 am
ගොඩක් වටින එකක් මේක…….බොහොම ස්තූතී…….
ඒත් අයියේ අපි Windows Update කරන හැටියට තියෙන්නෙම bugs නේ……………..
May 7th, 2012 at 10:54 am
ඉල්ලන් කනවා කියන්ෙන් ඔ්කට තමා..
August 22nd, 2012 at 10:44 am
නියම පෝස්ට් 1ක් .. ගොඩක් ස්තූති අයියා