2009 දෙස හැරී බැලීමක්….
ගොඩක් කාලෙකින් බ්ලොග් එකක් ලිවුවේ නෑ, බ්ලොග් එකක් තියා Techකතා පොස් ටික වත් දාන්න බැරි උනා! දැන්නම් පාරේ බැහැලා යන්න ටිකක් අමාරුයි, මොක්ද කට්ටිය පොලු තියාගෙන ඉන්වා Techකතා upload කරේ නෑ කියලා.
අවුරුද්ද ඉවර වෙන්නත් එනවා, ඒක නිසා සිතුනා පොඩක් වෙනස් ලිපියක් ලියන්න. මම ඉතින් වල් පල් ලියන්නේ නෑනේ ඉතින්.
ඉතින් මම මොකද මේ අවුරුද්දේ කරේ ? බලාගෙන ගියහම කරපු දෙයක් නැ. නොකරපු දේකුත් නෑ. කරපු වැදගත්ම දෙයක් කියන්න පුලුවන් Techකතා ඇරබුම, කාටද මේකේ ස්තුතිය යන්න ඕනේ, ඒ නම් තිලිණට. මොකද ටෙක්නොලොජි ගැන වෙනම බ්ලොග් මැගසින් එකක් කරන්න හිටියා ටෙක්ටෝක් කියලා. නමුත් දවසක් තිලිණ කිවුවා අපි රේඩියෝවක් කරමු කියලා. ඔය අදහස් දෙක මුසුවෙලා තමයි Techකතා එලි දැක්කේ දින 3නක් වගේ කෙටි කාලයකින්.
මාස 9යක් යනකොට Techකතා වලට සම්මාණයක් පවා ලැබුනා, ඊ-ස්වාභිමානී තුලින්.

ඒවගේම මාසකට ලිපි 1000කට වඩා හුවමාරුවෙන ලංකාවේ වැඩිම සිංහල බසෙන් Tech ගැටලු සදහා විසදුම් ලබාදෙන Techකතා ගූගල් සමුහයක් හදන්න අපිට හැකි උනා.
සාහිත්‍ය.lk විස්න් පවත්වපු අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයෙහිදී මෙම බ්ලොග් අඩවියට (http://sinhala.kalingasblog.com/) හොදම තාක්ෂණික බ්ලොග් අඩවිය හිමි සම්මාණය හිමි උනා.
මේ අතර තුර අපිට SBU හා Techකතා ලෝකය ඉදිරියට ගෙනියන්න හැකි උනා e-Asia 2009 තුලින්.

ඒ වගේම සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ පළමු සුහද හමුව කරන්න හැකි උනා, බ්ලොග් වලට මුණක් ඇතුල් කරගන්න ලැබුන එක ලොකු ජයක් ලෙස මට හැගුනා.

මේ හැම දේම කරන්න පුලුවන් උනේ ඇයි ? ඒ මට මගේ හදවතින්ම කියන්න පුලුවන් ඒ ඔබ නිසා. ඔබ කියන්නේ මගේ බ්ලොග් එක වගේම, මම කරන හැමදේටම සහය දුන්න ඔබ. මෙන්න මගේ හදවතින්ම පුදන මගේ ස්තුතිය.
ඒ වගේම මම අතේ තියන සතේ දක්වා මේ වගේ දේවල් වලට වියදම් කරත් කවදාවත් එක වචනයක් වත් නොකියන මගේ ආදරනීය අනූ. හැම මොහොතකම හැමදේටම මගේ පිටුපසින් ඉන්න එක ලොකු දිරියක්. මේ හැම දේකදිම මටවඩා සතුටක් ලැබුවේ ඇය.
ඒවගේම මාව බ්ලොග් කරනයට යුමුකරපු මේ අය.






December 27th, 2009 at 11:43 pm
අවුරුද්ද ඉවර වෙන්න කලින් බ්ලොග් සටහනක් ලියපු එක ලොකු දෙයක්.
ඒවාගේම ඒ දේවල් කරලා හැමෝගෙන්ම හොද ප්‍රතිචාර එනකොට ඔයාගෙ මූනේ තියෙන සතුට දැක්කාම මට ඊට වඩා සතුටක් නෑ.
මට ස්තූති කරන්න ඕනී නෑ, ඔයා කරන කිසි දෙයක් නරක දේවල් නෙමෙයිනේ, අනිත් අයට ගොඩාක් ප්‍රයෝජනවත් උදව්වක් වෙන දේවල්නේ ඔයා හැම තිස්සේම කරන්නේ, ඉතින මටත් පුලුවන් විදිහට ලගින් ඉදගෙන දෙන්න පුලුවන් හැම උදව්වක්ම දෙන එක තමයි මට තියෙන සතුට.
ඔයාගේ ඉදිරියට කරන හැම දේකටම මම හදවතින්ම සුභ පතනවා!
December 27th, 2009 at 11:47 pm
ඉන්ටර්නෙට් එක ඇතුළෙ සිංහල (අකුරු) content එක වැඩිකරන්න මේ දක්වා කාලිංගගෙන් ලැබුන දායකත්වය ඉතාමත් වැදගත් එකක්. අන්තර්ජාලය දැනුම හුවමාරු කරගන්න වටින අවකාශයක් බවට පෙරලීම… විශේෂයෙන්ම සිංහල බසින්. තමන් දන්න සිංහල බසින් පිවිසිලා… ඊට පස්සෙ ඉංග්‍රීසි හෝ වෙනයම් විදිහකින් ජාත්‍යන්තර තලයට පිවිසෙන්න ඉන්න අනාගත පරපුරට අව්‍ශ්‍යකරන වටපිටව නිර්මාණය කරන්න ක්‍රියාකාරීව දායකත්වය දැක්වීම වටිනා කියන දෙයක්.
අනූ අක්කත් ළඟ ඉන්න එක හයියක්…
ජය!
December 27th, 2009 at 11:49 pm
තව දෙයක්, ඔය කවුරු කවුරු ලොකු ලොකු තැන් මොන මොන දේවල් කරත්… අන්තිමට ලංකාවෙ වෙලා තියෙන්නෙ තනි තනි පුද්ගලයින්ගේ එකමුතු දායකත්වයෙන් ඉදිරියට යන එක බව කියන්නම ඕනෙ. ලංකාව ටිකක් හරි දියුණු වේගෙන යන්නෙ එහෙම උණක්, කික් එකක් තියෙන අය නිසායි…
December 27th, 2009 at 11:55 pm
@සුපුන් සුදාරක
මම හිතන්නේ මටද මේ කිසි දෙයක් තනියම කරන්න බෑ මට අන් අයගේ සහයෝගය ලැබුනේ නැත්තනම්. අපිට එකතු උනොත් සමූහයක් ලෙස කරන්න බැරි දෙයක් නෑ.
December 28th, 2009 at 12:17 am
බලාගෙන ගියාම 2009 විප්ලවීය අවුරුද්දක්නේ…. ඒ වුණාට අද ටිකක් අමුතුයි වගෙ. හැමදාම ටෙක්නිකල් දේවල්ම කතා කළ කාලිංග බ්ලොග් එකේ ආලවදන් තෙපලන අපූරුව!
මට කරන උදව් වලටත් බොහෝම ස්තුතියි…
ඉදිරියටත් මේ වගේ විප්ලව කරන්න පුළුවන් වේවා…
December 28th, 2009 at 12:20 am
@ශාකුන්තල
යන තැනක මලක් කඩාගෙන යන එක අපේ පුරුද්දක් නේ.
December 28th, 2009 at 12:52 am
උඹ කරන වැඩේ අනිවාර්යෙන්ම විශේෂ අගය කිරීමක් කල යුතුම දෙයක් මචං . . . .
හදවතින්ම සමාජයට සේවයක් කරන්න කියන හැඟීමෙන් යමක් කරන අයට තමයි ඒ තමන් කල දේ ප්‍රතිඵල දෑසින්ම දැකගත හැකි වුනාම දැනෙන සතුට මොන වගේද කියලා දැනෙන්නේ . . ..
ඒ වගේම ඔබ කිව්වා වගේ අන් අයගේ උදව්, අදහස් හුවමාරුව, අන් අය ලබපු ප්‍රයෝජන ගැන ෆීඩ් බැක් තමයි තමන් කල දෙයින් තමන්ට සතුටු වීම සඳහා අන් අයගෙන් තමන්ට ලැබිය හැකි ප්‍රතිලාභය. . . .
ලබන වසරෙත් මීට වැඩිය විශාල සමාජ මෙහෙවරක් කරන්න උඹට ශක්තිය ධෛර්ය ලැබේවා . .. . !!!
December 28th, 2009 at 12:52 am
උඹ කරන වැඩේ අනිවාර්යෙන්ම විශේෂ අගය කිරීමක් කල යුතුම දෙයක් මචං . . . .
හදවතින්ම සමාජයට සේවයක් කරන්න කියන හැඟීමෙන් යමක් කරන අයට තමයි ඒ තමන් කල දේ ප්‍රතිඵල දෑසින්ම දැකගත හැකි වුනාම දැනෙන සතුට මොන වගේද කියලා දැනෙන්නේ . . ..
ඒ වගේම ඔබ කිව්වා වගේ අන් අයගේ උදව්, අදහස් හුවමාරුව, අන් අය ලබපු ප්‍රයෝජන ගැන ෆීඩ් බැක් තමයි තමන් කල දෙයින් තමන්ට සතුටු වීම සඳහා අන් අයගෙන් තමන්ට ලැබිය හැකි ප්‍රතිලාභය. . . .
ලබන වසරෙත් මීට වැඩිය විශාල සමාජ මෙහෙවරක් කරන්න උඹට ශක්තිය ධෛර්ය ලැබේවා . . . . !!!
December 28th, 2009 at 12:59 am
කරන සේවය ගැන නම් කියන්න වචන නෑ.. ඒ හැම දේටම ස්තූතියි..
ප්‍රධානම කාරනේ දැන් ලස්සනට ආදර කතා ලියන්නත් පුලුවන් විත්තිය දැන ගත්ත එක, ශකූ කිව්වා වගේ.. මල් කතා පොතක් උනත් අච්චු ගහන්න පුළුවන් වගේ..
හේ හේ.. බොහෝම ස්තූතියි අනූ ඔයාගේ සපෝට් එකටත්..
ඔය දෙන්නටම බොහොම පිං !!!
December 28th, 2009 at 1:21 am
ටෙක් කතා අප් ලෝඩ් කරපු නැති එකට නම් මල පැනල ඉන්නේ, ඒත් කාලිංග අැතුලු පිරිස ටෙක් කථා වලින් අපිව දැනුවූත් කීරීම වෙනුවෙන් ගොඩක් ස්තූති වන්ත වෙනව, ඉදිරියේදී තවතවත් ජයග්‍රහන ලැබේවා! කියල ප්‍රාර්තනා කරනවා
December 28th, 2009 at 7:11 am
අපි කවදත් ටෙක්කතා චැට් රූම් එකට සෙට් වෙන්නේ ඔය කාරණය නිසාමයි.. .අපි කාලිංග අයියගේ දෑත ශක්තිමත් කරන්න ඉන්නවනේ….
ටෙක්කතා හා සිංඩිය දිගුකල් දිනේවා ……… ..
December 28th, 2009 at 7:14 am
දැනට සයිබරයේ සිංහලෙන් ටෙක් ගැන කතා කරද්දි ‘කාලිංග’ කියන පුද්ගලය ගැන වෙනම කතා කරන්න වෙන තරම් කැපී පෙනෙන වටින සේවයක් කාලිංගගෙන් වෙලා තියනවා.
ඇත්තටම වැඩකට නැති දේවල් පුරෝනවට වඩා වැඩකට ඇති දෙයක්, තමන් දන්න දේ අනිත් අයත් එකක් බෙදා ගන්න බ්ලොග් එක යොදාගත්තු එක අගය කරන්න ඕන.
ඉදිරියටත් මේ සේවය මෙලෙසම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..
ජය වේවා!!!!
December 28th, 2009 at 7:51 am
කාලිංග අයියගේ කාලය ශ්‍රමය වැයකරලා කරන මේ වැඩ ගැන නං ඇත්තටම අගය කළ යුතුයි. ඉදිරියටත් මේ විදියට වැඩ කටයුතු කරගෙන යාමට හැකිවේවායි පතනවා.
December 28th, 2009 at 8:07 am
චියර්ස් (Y).
December 28th, 2009 at 9:35 am
ජය වේවා !!
December 28th, 2009 at 9:40 am
අන්තර්ජාලයේ තියෙන සිංහල මොනවද කියල හොයනකොට අහම්බෙන් වගේ තමයි මේ සිංහල හමුව්ට මාව යොමු උනේ, එතනදි මේ අය හොද දෙයක් කරනව දැකල මේ සමූහයට එකතුඋනේ ලොකු ආසාවකින්, මෙතනින් ලොකු දෙයකුත් ඉගෙන ගත්ත කියල කියන්නෙ නිරහංකාරවමයි, ඉතින් මේ සංසදය, අන්තර්ජාලයේ සිංහල මුසුව වඩා හොදින් ඉදිරියටත් පවත්වාගෙන යන්න ශක්තිය ලැබේවා කියල පතනව.
December 28th, 2009 at 9:43 am
දිගටම ඔෙහාම යං. අපි ඉන්නවා හැමදාම ඔයාත් එක්ක.
December 28th, 2009 at 9:48 am
Hi Kalinga,
Well done mate. Thank you for everything you’ve done for me/us. Because I’ve learn lot of things from you. Best regards mate keep it up.
Duminda…
December 28th, 2009 at 10:49 am
ඇත්තෙන්ම මම සිංහලෙන් බ්ලොග් ලියන්න දැනගත්තේ අහම්බෙන් වගේ ගූගල් සමුහයේ ලිපියක් දැකලා. ඒ වගේමයි ටෙක් කතා. ලයිව් අහන්න ඉඩකඩ නැතත් බාගෙන අහනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මේ හැමදෙයක් පිටිපස්සෙම ඉන්නේ කාලිංග බවත් දන්නවා.( සහ ඔහුගේ සගයන් )
ටෙක් කතා අහද්දී මම හිතෙන් මවාගත්ත කාලිංග වෙනස් චරිතයක් (මේ ටෙක් කතා මුල් දවස්වල) ඒත් මම ඒ හිතන් හිටපු කාලිංග සම්පුර්ණයෙන්ම වෙනස් කියල දැනගත්තේ මම ඔහු එක්ක ගූගල් චැට් කල මුල් දවසේ.
ඔබට සහ මේ සංසදයට, ගූගල් සමුහයට සාමුහිකව අත්වැල් බැදන් තවත් බොහෝදුර යන්න මගෙනුත් සුභපැතුම්.
ජයවේවා…!
December 28th, 2009 at 10:53 am
කියන්න වදන් නැහැ හැගුම් සිතේ ගොළු වෙලා…. කාලිංග අයියේ ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා. මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න. ඔයාව අපිට ලොකු හයියක්… දයාබර අනු ඔයා කාලිංග අයියා ගාවට ගියහම එයාව අපෙන් ඈත් කරන්න එපා කියලා ඉල්ලනවා…
December 28th, 2009 at 11:14 am
මට මේ ලිපිය කියවද්දි හිතුණු දෙයක් කියන්නද?
) රන් අකුරින් (වෙබ් පිටුවල රන් අකුරු ලියන්න පුළුවන්ද මංදා..
) ලියවේවි!
තව අවුරුදු දහයකින් පහළවකින් සිංහලයො හැමෝම ඉංග්‍රීසි වලට වඩා අන්තර්ජාලය තුළ සිංහල භාවිතා කරන කාලයක් ආපු දවසක කාලිංග ඇතුලත්මුදලි කියන නමයි 2009 කියන වර්ෂයයි ඉතිහාස පොත්පිටු වල (පොත්පිටු කිව්වෙ මේ වෙබ්පිටු වල..
ඇත්තමයි කාලිංග අයියෙ ඔබේ මේ සිංහල බසට තියෙන ඇල්ම සහ ඒ වෙනුවෙන් මේ වර්ෂය තුළ ස්වෙච්ඡාවෙන් කළ මහා විශාල කාර්යභාරය ඇත්තටම අමිලයි!
ඔබ වැනි අය ජාතියට වාසනාවක්, මුළු සිංහල ජාතිය වෙනුවෙන්ම ඔබට හදවතින්ම ස්තූතියි!
December 28th, 2009 at 11:25 am
මේ වැඩ කටයුතු සාර්තකව කරන් යන්න සුභපැතුම්…!!!
December 28th, 2009 at 11:28 am
කාලයත්, ශ්‍රමයත්,මුදලත් වැය කරගෙන ඔබ කරන සේවය ඉතා අනර්ඝයි…දන්න සිහලෙන් තාක්ණය කියා දුන් ඔබට සැමදා ජයෙන් ජය…
December 28th, 2009 at 11:41 am
ඔයාගේ ඉදිරියට කරන හැම දේකටම මම හදවතින්ම සුභ පතනවා!
December 28th, 2009 at 11:55 am
ලංකාවේ ඇතැම් ක්‍රේෂත්‍රවල ඇතැම් අංශයන්වල දියුණුවට පසුපස හෝ හේතුවට පරාර්ථකාමී ලංකීකයෙක්ගේ කැප වීම තිබෙන බවයි මගේ දැක්ම.එතැනදී සිංහල භාෂා සංයුක්තියටත් ලෝක බිලොග්කරුවන්ගේ කොට්ඨාශයට මෙන්ම නුතන තාක්ෂනයට සරලන පරිගණක දැනුමක් සදහා ඔබෙන් වුණ සේවය නිම කරන්න බැරි තරම්. මේ සියල්ලට ස්තුතිවන්තව දිගටම මීට වඩ වඩෙ සාර්ථික කරගෙන යන්නට සුභ පතනවා.
අනූ අක්කීටත් එසේමම ස්තුතිවන්තවද දෙපලට සුභ පතනවා නැවතත්.
December 28th, 2009 at 12:12 pm
බලන් ගියාම මෙයාට ටෙක් බ්ලොග් නෙවේ මල් බ්ලොග් සම්මානෙත් දෙන්නනේ වටින්නේ.
මාත් බ්ලොග් ලියන්න කියවන්න පුරුදු වුනේ මේ බ්ලොග් එක (මේක කිව්වට මේකමත් නෙවේ, මේකේ ඉන්ග්‍රීසි වර්ෂන් එක ) නිසාම තමා.. සිංහල බ්ලොග් කියල ජාතියක් ගැන අහලාවත් නැති කාලෙක මෙතෙන්ට ආවේ වින්ඩෝස් වලට සිංහල දාගන්න හැටි බලන්න. ඒදායින් පස්සෙ ඉතින් තාමත් ඉන්ටනෙට් තියෙන්නේ කොතැනද සිංහල බ්ලොග් එතැන තමා.
අනේ මන්ද මොනව කියන්නද කියල අය්යියේ..මල් හතයි.. නියම වැඩ ගොඩක් කරල තියෙන්නේ. ඉස්සරහටත් ඒ වගේම වැඩ ගොඩාරියක් කරන්න ශක්තිය ලැබේවා කිට්යල ප්‍රාර්තන කරනවා.ඔයා සහ ඔයාගේ යාලුවෝ ටික නැත්තම් අපිට තාමත් වෙබ් පිටුවක් කියන්නේ නොතේරෙන කඩ්ඩෙන් ලියපු හෑල්ලක් විතරයි…සදා ජය
December 28th, 2009 at 12:13 pm
චියර්ස්!!
December 28th, 2009 at 2:14 pm
Techකතා කට්ටියට ජයම වේවා.
December 28th, 2009 at 2:54 pm
මම පුද්ගලිකව දන්නේ හදුරන්නේ නැති උනාට සිංහල බ්ලොග්ර් කෙනෙක් හැටියට මම ඔබට සුභ පතනවා.. මොකද අතේ සතේ වියදම් කරගෙන මේවගේ දේවල් කරන්න උණක් හිටින්නේ බොහොම ටික දෙනෙකුට විතරයි.
December 28th, 2009 at 3:29 pm
නියමයි අද වෙනස්ම විදියකට ලියල තියෙන්නෙ
December 28th, 2009 at 5:35 pm
ඔබ කරනා සේවයට තුති.
ප්‍රථම බ්ලොග් මැරතන් තරගය දින මතක ඇතැයි සිතමි
December 28th, 2009 at 6:13 pm
චියර්ස් ….. සුභ අලුත් අවුරුද්දක් වේවා ………..
December 28th, 2009 at 7:19 pm
ජයවේවා! අර තවුද කිව්වා වගේ අද අමුතුම ටයිප් එකේ පෝස්ට් එකක්.
අපි වගේම සරල මනුස්සයෙක් තමයි කියල තේරුනේ ටිකක් කල් ආශ්‍රය කලාට පස්සෙයි.
මම ඉතිං ඔබ අඳුරගත්තෙ බ්ලොග්කරනෙට ආවට පස්සෙ තමා. මට මුල් කාලෙ නං හිතුනෙ ඔබ හෙන serious පොරක් වෙන්න ඇති කියලා
මම ඔබ අගය කරන්නෙ අතින් වියදම් කරගෙන කරන සේවය නිසා. මම දන්නවා ඔබට ඒකෙන් සත පහක වත් ලාබයක් නොලැබෙව බව. ඕනෙනං ඔබට ටෙක්කතා ස්පොන්සර්ෂිප් වලට විකුනන්න තිබුනනේ හොඳ ගාණකට. එහෙම තියාගෙන අතින් වියදං කරගෙන කරන අනිත් අය වෙනුවෙන් කරන දේවල් වලට මම ඔබට ආචාර කරනවා.
ආ… මෙන්න අනූ අක්කාටත් ආචාරය, කාලිංග අයියට මේ හැම දේකටම සපෝට් එක දෙනවට
December 28th, 2009 at 9:48 pm
දැන් ඉතින් Web site එකක සිංහල අකුරු දකිද්දි මතක් වෙන්නෙම කාලිංග අයියා අතුළු කාලිංග අයියා කණ්ඩායම. මොකද මමත් සින්හල යුනිකෝඩ් ගැන මුලින්ම දැනගත්තෙ ටෙක් කතා අහලා. ඒ වගේම තමයි කාලිංග අයිය ගෙ බ්ලොග් එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉදිරියටත් මේ වගේම සේවයක් කරන්න හැකි වවේවායි කියල පතනව. (හැබැයි අපි බෝඩ් ලෑලි ටිකක් අරගෙන කොටුව ස්ටේෂම ළගට එන්න කලින් ටෙක් කතා වැඩසටහන් ටික අප්ලෝඩ් කරන්න
)
December 28th, 2009 at 10:00 pm
අමුතු පෝස්ට් එකක් නේ. මමත් සිංහල බ්ලොග් කියවන්න ගත්තම මුලින්ම කියවන්න ගත්ත බ්ලොග් එකක් මේක. මමත් මේ ටෙක්නිකල් බයිලා වලට ආසා හින්දා ආසාවෙන් කියෙව්වා. Twitter එකට ආවට පස්සෙ තමයි කාලිංග අයියාත් ඇතුළු අනික් කට්ටිය අඳුනගත්තේ. කාලිංග අයියා මේ වැඩවලට මහන්සි වෙන තරම අපි දන්නවා. මේ වැඩත් ඇතුළුව ඔබේ සියළු වැඩකටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා! සුභ අළුත් අවුරුද්දක් වේවා!!
December 28th, 2009 at 10:09 pm
2010=2009+1
December 28th, 2009 at 10:43 pm
aeththatama kiyanawanam thaman gaenama hithana lokeka mea karana seawaya agea karanda one,kalinga aethulu tek kaThaa kattiyama lankaawea haemotama karanne loku sewayak.ithin me karagena yana waede digatama karagena yanda haekiyaawa laebewaa
December 29th, 2009 at 8:50 am
නියමයි මචං, මේ හැම දෙයක්ම හොදින් කරගෙන ගියා වගේ ඉදිරියටත් රටට ප්‍රයෝජනවත් වැඩ කරන්න මගේ සුභ පැතුම් !!!
December 29th, 2009 at 11:21 pm
ඉතා හොදයි!!! කලිංග. 2010 තව වැඩ අපිට ඹනේ!!!
December 30th, 2009 at 12:27 am
දිග ගමනක් යන්න සුබපතනවා..
December 30th, 2009 at 9:06 am
ජයවේවා!!
December 30th, 2009 at 11:09 am
GOOD LUCK!
December 30th, 2009 at 1:49 pm
Kalinga ,
You did a great job and i hope you have reaped the outcome of what you did. You are doing a great service to the community through your programs and i love techkatha.
Let me thank you for your support at the IT workshop we did and wish you all the best for the 2010.
Sadeepa
January 1st, 2010 at 11:26 am
මේවා ඉතින් මහත්ඵලයි! මහානිසංසයි!!
January 5th, 2010 at 8:39 pm
2010 වර්ෂය මීටත් වඩා සුබ වෙන්න කියල මම wish කරනවා..
January 7th, 2010 at 12:00 pm
ඔබට සුබ අනාගතයක්
January 11th, 2010 at 11:40 am
Kalinga.. you are doing a Fantastic job bro..
It is because of people like you… that the world has become a wonderful place to live!
Wish you all the success!!!
January 21st, 2010 at 8:55 am
දිගටම මේවගේ කරගෙන යන්න පුළුවන් වෙන්න කියල සුභ පතනව…
May 19th, 2010 at 7:28 am
කාලිංග අයියේ ඔයා නම් සුපිරි පොරක්.2009 වගේම 2010 ඔය වගේම හොද වැඩ කරන්න ශක්තිය ලැබේවා.අනු අක්ක වගේ හොද කෙනෙක් නොලැබුනා නම් ඔයාට මේ වගේ හොද වැඩ කරන්න හම්බවෙන්නෙ නැ.ඒ නිසා අනු අක්කෙ ඔයාටත් බොහොම ස්තුතියි.