bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#







November 16th, 2009 at 10:08 am
මේක ඇහුවම මට මතක් වුනේ, අපේ ගමේ පන්සලේ ආවාසගෙට උලු හෙවිල්ලන උත්සවේ. හරි ජාමෙට තිබ්බා. කොහොමහරි එදාට ගිහින් බැලුවම, එක කැටයක් රුපියල් 350 ක්. මේ නිකන් රට උලු. කොහොමහරි ඒක ඉතින් ගමේ වැඩේනෙ, අනික ලොකු හාමුදුරුවො ලොකු පොඩි කාටත් එක හැන්දෙන්!, හැම සතේම උපරිම සාසන වර්‍ඩනයට තමා. බොහොම නීති ගරුකයි, ආයෙ හැංගි හොරා නෑ. නැති බැරි කම කිවුවම කරුත් සලකනව. ඒ හින්ද පිං පෙට්‍ටියට විදින වැඩ නෑ.
කොහොමත්, ඔය 3500 කියන ගාන රෙජිස්‍ට්‍රිය එක්‍ක බැදිච්‍ච යාව ජීව අංකයක්නෙ
ඔය අංකෙන් වෙන්න ඇති ඔක්කොම වැඩ සිද්‍ද වෙන්නෙ. මට තියෙන ප්‍රස්නෙ ඕක නෙමෙයි. ඔය ටිකට් එක කඩන්නෙ කොයි ලොකු නමගෙ ආවාසගෙයි උලු හෙවිල්ලන මංගල්ලෙටද කියලයි!!
අනේ සකෝ බල ලෝ!
~විරාජ්
ප.ලි. සකෝ = සක්‍රදෙවි ලෝ = මේ ලෝකය
November 16th, 2009 at 10:39 am
You people have done the right thing !. Hope others will……….
November 16th, 2009 at 11:22 am
ඒක ඇත්ත කොයි ලොක්කගෙ “මංගල්ලෙටද” ටිකට් කඩන්නෙ ?
ඔය කට්ටිය හැප්පුනෙ වැරදි අයත් එක්ක දැන් ඉතින් කාපල්ලා
November 16th, 2009 at 12:09 pm
All over the word the countries’ domain registrations are managed by the government.
But here it is managed by a so called non-profit organisation.
Are we going to let them do this…?
Please stand up against this
November 16th, 2009 at 12:32 pm
Good Work Kalinga!
They only tried to sell some .lk domains with this competition and increase their profit. other than that they had no intention of promoting Sri Lankan websites.
November 16th, 2009 at 1:04 pm
All the Best SinhalaBloggers !! you Have Done The Correct thing !! If you can write those to a news paper or call a press conference and let people to know this things !
November 16th, 2009 at 4:11 pm
එකත් ගසා කෑමක් වගේ. සමහර විට අර ආයතන දන් නැතුව ඇති මුන් සල්ලි ගන්නව කියල. දැන් වත් තේරෙයි.
November 16th, 2009 at 4:11 pm
you have done the right thing,I hope other top 4 sites will follow the same thing…
November 16th, 2009 at 7:28 pm
හොඳ වැඩක් කරල තියෙන්නෙ කාලිංග අයියා!
November 16th, 2009 at 8:10 pm
අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.
“ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!”
මොන ලෝකෙ කරපු වැඩක්ද මේ????
ඇත්තටම මේව ඉස්සරහ සද්ද නැතුව ඉන්නවට වඩා මේ විදියේ ශක්තිමත් නිර්භීත තීරණයක් ගත්ත එක ගැන අගය කල යුතුයි….
November 17th, 2009 at 8:34 am
කරපු වැඩේ හරි
November 17th, 2009 at 3:56 pm
කැත වැඩක්නේ LK Domain Registry එක කරන්නේ, අඩුමගානේ ඔය හොයාගන්න ගානෙන්වත් http://www.hp.lk එකට වෙලා තියෙන වගේ වැඩ වලක්වන්න පුළුවන්නම් ලොකු දෙයක්.
November 18th, 2009 at 11:47 pm
පොච්චියේ ඕක මුල් දවස් වලමනෙ අර email එකක් අවේ එක එකා අනුන්ගෙ email දාලා vote කරල කියල… අනෙ ඔය හරුප අපි දන්නෙ නෑ.. ඒත් ලක් වසම් අධිකාරියට එගොලන්ගෙ site එක host කරගනවත් බෑ කියල ලන්කා කොම් තමා කොලෙ… අනේ site හදන්න දන්නෙ නෑ නොවැ වසමෙ උන්දලා.. ඒක කොලෙ අර චින්තක කොල්ලා.. එකා හදිසියෙම ඩොමෙන් එකකුත් ගත්තා කොම්පැනියකුත් දාලා… හොදෑ නෙ..
Domain Name: STUDIOLANKA.COM
Created on: 19-Aug-09
Expires on: 19-Aug-10
Last Updated on: 08-Nov-09
උන්දැටවත් LK Domain එකක් ගන්න සල්ලි තිබිල නෑ.. හපොයි..බලන් ගියාම ඔය ස්පොන්සොර් මහත්තුරු කරපු කෙලියක් නෑ නොවැ..මේවට vote කරපු අපි නොවැ ගොන්නු…