lolz

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

DIY 1TB Network Attached Storage inside a UPS!

මේ දවසවල මගේ පරණ NAS (Network Attached Storage) එක වෙනුවට NAS Box එකක් ගන්න කියලා හිතුනා, මොකද තියේන්නේ අලි යෙක් වගේ computer එකක්. එකක් ගන්න ඉතින් ලංකාවේ හෙවිවා හෙවිවා නෑ, ඉතින් ඔහොම ඉන්නකොට bud දවසක් මට twitter එකේ කිවුවා එක තැනක තියනවා කියලා. එතන තිබුනා Synology කියන සමාගෙමෙන් හදන 209J කියන මාදිලියේ එකක්, මිල රු.39,000 ක්, මේ කියනේ hard disk නැතුව. මෙචර ගානක් දීලා මේක ගන්න එක කිසිම තේරුමක් නෑ කියලා සිතුනා.

ඔහොම හිතනකොට ආවා අදහස්ක් මගේ පරණ UPS එකක් තිබුනා, මේක ඇතුලේ NAS එකක් හදාගන්න පුරුවන්නම් මරු නේද කියලා. මොකද නියම සයිස් එක නේ, වැඩි ඉඩක් යන්නේ නෑ නේ.

නොදන්න අයට බලමු මොකද මේ NAS නොහොත් Network Attached Storage එකක් කියන්නේ කියලා, මේක හරියට Network (LAN) එකට හයි කරපු hard disk එකක් වගේ, ඕනෑම පරිගණකය සිට සම්බන්දවෙලා දත්ත copy කරන්න share කරන්න පුලුවන්. File Server එකක් වගේ, ඒත් file server කියන්නේ ටිකක් hardware ඕන, වැඩි ඉඩක් යන දේවල් නේ. NAS වල file sharing විතරක් නොවෙයි, Audio/Video Streaming කරන්න, backup කරන්න වගේම මේ හදපු එකේ Torrent උතන් download වෙන්න දාන්න පුලුවන්.  ;) විදුලිය වැඩිය යන්නෙත් නෑ නේ!

මේවගේ වටිනාකම තමයි, අඩු විදුලියක් වැය වීම, රත්වීම අඩුවීම, boot වෙන්න ගතවෙන කාලය අඩුවීම, අඩු ඉඩ ප්‍රමාණයක් යන එක, maintenance ගොඩක් අඩු වීම වගේ දේවල් තියනවා.

මම මේ NAS එක හදන්න 1.2KV UPS එකක් හා Intel Atom 1.6 Mini-ITX motherboard එකක් (රු.7500), 512MB RAM (රු.1500) එකක්, ATX 250W Power Supply (රු.1500) එකක් 1GB USB Pen Drive (රු.1250) එකක් (පසුව මේක CF වලට මාරු කරනව) හා 1TB hard disk (රු.12,500×2) දෙක්කක් යොදාගත්තා.

IMG_0006 IMG_0007

මෙන්න තියනවා UPS එක, මේකේ ඔක්කොම කෑලී ගලවා ඉවත් කරා. සුද්ද කරා. :)

IMG_0008 IMG_0010

පොඩිඩක් යකට කෑලී එක්ක ඔට්ටු වෙලා, කැපීමකින් පසුව Hard Disk දෙක දෙපැත්තට mount කරා, පොඩි අලයක් උනේ Mini-ITX motherboard එක සවි කරන්න ගියහම, මේකට හේතුව උනේ motherboard එක පොඩක් උස වැඩියි, ඒක නිසා ඒකට පොඩි bracket හදලා පොඩ්ඩක් ඇල කරලා සවි කරන්න සිදු උනා.

IMG_0011 IMG_0012

UPS එකේ තිබුනා network protection එකක්, ඒකේ RJ45 jack එක වගේම FAN, Power Input එහම තියලා වයර් ගලවලා හරියට සවි කරා, ATX Power Supply එකත් ගලවන්න උනා, ගලවල මදේ විතරක් ගානට FAN එක එන විදියට සවිකරා, මතක තියාගන්න power supply එක සෙල්ලම් කරන එක අනතුරු දායකයි.

IMG_0017 IMG_0015

ඔන්න ඔකොම සවිකිරීමෙන් පසුව, RJ45 cable එකක් කපලා එක කොනක් UPS එකේ තිබුන network පොර්ට් එකට solder කරලා අන්ත් පැත්ත motherboard එකේ RJ54 (Network port) එකට සවි කරා.

NAS එකේ OS එක සදහා මම යොදාගත්තේ FreeNAS කියන FreeBSD වලින් පැවත් එක එකක්, මේක based වෙලා තියෙන්නේ mOnOwall කියන එක අනුව. FreeBSD කියන්නේ ලිනක්ස් නම් නොවෙයි, ඒක Unix වලින් පැවත එන එකක්. Open Source නම් තමයි.

දැනට Hard Disk දෙකක් යොදාගන්නේ RAID කිරීම සදහා, ඒ කියන්නේ RAID-1 පලමු hard disk එක වගේම එකක් දෙවන hard disk එකේ හැදෙනවා, ඒ කියන්නේ දෙකම 100% දත්ත වලින් සමාණයි. මේසදහා මම FreeNAS වල එන SoftwareRAID එක තමයි යොදාගත්තේ. මතක තියාගන්න මම 1TB hard disk දෙකක් යොඅදාගත්තට දාරිතාව වන්නේ 1TBම තමයි, මොකද RAID (Mirror) වෙන නිසා. FreeNAS boot කරනේ නම් USB Pen එක හරහා, මේක කරන්නේ ඉක්මනට boot වෙන්න හා පහසු නිසා, FreeNAS සදහා හොදටම 64mb ඉඩක් ඇති. මේ සදහා keyboard, monitors කිසි දෙයක් ඕනේ නෑ, Install කරන්න විතරයි ඕනේ.

IMG_0020

මෙන්න FreeNAS boot වෙනවා.

IMG_0022 IMG_0023

මෙන්න මගේ UPS ඇතුලේ දුවන NAS එක :) ඉදිරි පැනල් එකේ LED හා Power Button එහම හරියට වයර් කරා motherboard එකට, පිටුසට USB Port එකකුත් සවි කරා.

මොනවද මේකේ තියන පහසු කම්….

RAID-1

මේකෙන් දත්ත සුරැකිව hard disk බිද වැටීමකින් ආරාක්ෂාවෙන්නෙ පුලුවන්.

SMB/Windows File Sharing, FTP, AFP, NFS

Windows, Linux හා MAC  එක්ක File Share කිරීම.

Web Server with PHP

PHP/Apache Web Server එකක්.

DAAP/UPnP (DLNA, PS3, Xbox 360)

NAS එකේ ඇති Audio/Video file ඕනෑම device එකක් සිට ඇසීමේ හැකියාව, copy නොකර iTunes, Winamp, PS3, Xbox 360 වගේ ඒවා එක්ක NAS එකේ ඇති play list පවා play කිරීමේ හැකියාව. මේක ගොඩක් පහසුයිනේ පරිගනක කිපයක් තියනකොට.

Torrent Download

මේක ගැන කියන්න දෙයක් නෑනේ, මේක ඉදන් torrent download කරන්න උවද පුලුවන්.

තව ගොඩක් දේවල් තියනවා. :)

රු.39000 + 25,000 යනවා කියපු එක, රු. 25,000 + 13,000 මුදලකින් සාදාගත්තා.

  • Share/Bookmark

57 Responses to “DIY 1TB Network Attached Storage inside a UPS!”

  1. Anu Says:

    මේකේ කියලා කරලා තියෙන ඒවා නම් මට නොතේරේ… :) ඒවුනාට කරලා තියෙන වැඩේ නම් නියමයි වගේ…
    Anwayzzz gud work, keep it up… :)

  2. Malinthe Says:

    නියමයි. මගෙත් වැඩකරන්නෙ නැති ups එකක් නම් තියෙනව. මොකක්හරි කරන්න හිතයි :D

  3. කාලිංග Says:

    @Anu

    හික්… හික්… :P

    @Malinthe

    ඇයි බල බලා ඉන්නේ හදමු එකක් !

  4. පැතුම් Says:

    ටිප් ටොප් වැඩක් එල එල!

  5. ගයන්ත Says:

    Pen එක කවුරු හරි ඇද්දොත් OS එක ඉවරයි නේද? :O

    ඕකෙ IP Address එහෙම කොහොමද එතකොට? :)

  6. -බිன்ku- Says:

    ඔලුව කැරකෙනවා ඇම්බර් පෙට්ටියක තරමක්වත් නැති UPS පෙට්ටියක් ඇතුලේ NAS එකක් සකසලා දැම්මැයි කිව්වාම. එතකොට රත් වීමේ ප්‍රශ්ණයක් නැද්ද?

  7. ඉසුරු Says:

    එලම එල වැඩක්. ඇටොම් වලට වඩා අඩු මිල බොර්ඩ් නැතිද(ලoකාවේ)?පොඩි පොඩි වැඩ වලට

  8. කාලිංග Says:

    @පැතුම්

    thanks !

    @ගයන්ත

    Pen එක අදින්න දෙයක් නෑ, ඒක ඇතුලේ තියෙන්නේ. අනික ඕක මම CF (Compact Flash) එකකට මාරු කරන්න ඉන්නේ.

    @බිன்ku

    රත්වීමේ ගැටලුවක් නෑ, මොකද Atom CPU එකට Fan එකක් වත් ඕනේ නෑ, විදුලිය බාවිතය 30w වගේ, ඉතින් 250w power supply එනෙක් බාගයක් වත් යන්නේ නැති නිසා රත්වෙන්නෙ නෑ, HDD උනත් මම spin-down කරලා run කරනේ. එක නිසා සවි කරලා තියන fan එක වැඩිත් එක්ක.

    @ඉසුරු

    නෑ නේ… මම හැම තැනම බැලුවා, හරි වෙලද පොලක් නැති නිසා ගේන්නේ නැතුව ඇතිල්.

  9. උදිත ඉසුරංග Says:

    විශිෂ්ඨයි නොවැ..

  10. අමිල Says:

    වැඩේ නං පට්ට.අති සුපිරියි කියල වැඩක් නෑ.

    මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි ඊළඟට කාලිංග අයියා මොකක් ඇතුලෙ මොකක් හදයිද කියන එක? :D

    ප.ලි බලා‍ගෙන Synology එකෙන් උස්සයි :D

  11. Sahan Says:

    Media Server එකකයි මෙකෙයි තියෙන වෙනස මොකද්ද

  12. Thilina Says:

    එළ නොවැ…. ඒත් වයර් තොගේ දැක්කම පිස්සු වගේ. :P

  13. Kumara Says:

    Kohomada HDD eka spin down karanne?

  14. කාලිංග Says:

    @උදිත ඉසුරංග

    ස්තුතියි

    @අමිල

    හික්… ඒක කියන්න බෑ :D

    @Sahan

    Media Server එකක්කුත් මේක ඇතුලේ තියනවා, DAAP/UPnP (DLNA, PS3, Xbox 360) කියන්නේ ඒවා තමයි.
    ඉතින් මේකා NAS + Media Server එකක්

    @Thilina

    මටනම් පොඩි කාලේ ඉදන් එහමයි :P වයර් කෑලී පේන්න බෑ.

    @Kumara

    ඒකට ඇත්තටම HDD එක support කරන්න ඕනේ, උදාහරණයක් ගමු අපි 7200 RPM HDD එකක් ගත්තා කියලා, Spin-Down වලින් කරනේ මේකේ RPM එක අඩු කරන එක හෝ spin වෙන එක නවත්වන එක, ගොඩක් HDD වල සම්මත Power Profile තියන්වා, මෙයින් එකක sleet කරහම හරි. මේක power management වල තියනවා windows නම්, turn off hard disk after X minutes කියලා.

  15. තිලිණ Says:

    UPS කඩා NAS හැදුවා වාගේ!

  16. කාලිංග Says:

    @තිලිණ

    කැඩුවේ නෙමෙයි බන්, පරණ UPS එක, අර අකුණු ගහපු එක :D

  17. කසුන් Says:

    එළ වැඩක් තමා.මටත් හිතෙනවා හදන්න එකක්. මේ එතකොට වින්ඩෝස් පරිගණකයක ඉදන් workgroup ගියාමද මේක පෙන්නන්නේ?

  18. කාලිංග Says:

    @කසුන්

    ඔවු, ඕනේනම් workgroup ගියහම හරි, FTP හරි, නැත්නම් share folders network drive එකක් හැටියට map කරන්න පුලුවන් my computer එකට එන්න.

  19. Chanaka Says:

    RAID-1 දැම්මාම ඉඩකඩ අපරාදෙ නැද්ද ? RAID-5 වගේ දැම්මොත් මොකෝ?

  20. කාලිංග Says:

    @Chanaka

    5 දාන්න HDD 4 රක් ඕනේ නේ, ඒක ඉතින් ගොඩක් වියදම් යන වැඩක්, අනික motherboard කේ SATA port 2 කයි තියෙනේ, එහම උනොත් RAID card එකක් දාන්න වෙනවා, ඉඩ මදිකමත් වගේ ගොඩක් දේවල් එනවානේ.

  21. උෂාන් Says:

    අයියගේ ඊලඟ නිපැයුම මොක්කද දන්නෑ මීනීපෙට්ටියක් ඇතුලෙ මොකක් හරි හැදුවත් පුදුම නෑ
    මතක ඇතුව පේටන් එක ගන්න :D

  22. Chanaka Says:

    ආ ඔවුනෙ. HD 2 යි කියල දැක්කෙ දැන්.

    මේකෙ තියා ගන්නෙ වැඩිය බරපතල DATA නෙවෙයිනම් RAID-0 දැම්මත් කමක් නැති වෙයි. RAID-1 නම් මට පෙන්නනම බැරි එකක්. Storage Space එකෙන් 1/2 ක් කනවනෙ :D

  23. කාලිංග Says:

    @Chanaka

    මේකේ තියන දත්ත ටිකක් වැදගත්, ඒකයි RAID-1 ඕනේ, මගේ අනිත් computer backup හා music තියෙන්නේ මේකේනේ, ඉතින් පොඩක් හිත හදාගන්න වෙනවා.

  24. කණිෂ්ක Says:

    මාත් එකක් හදන්න ඕන :D

  25. ඉන්දරේ Says:

    හෙහේ… මේක කියෙව්වේ අදනේ !
    මරුනෙ අප්පා… ඔයා මාර මාර වැඩකිඩ දානවනේ…..
    1TB හාඩ් එකක් දැං 12500ද? ලාබ වෙලානේ…

  26. කාලිංග Says:

    @කණිෂ්ක

    හදමු හදමු

    @ඉන්දරේ

    දැන් ලාබයි, පිටරටනම් දැන් 1.5TB තියනවා, පොඩක් 1TB ගන්නකොට හොයලා බලන්න RPM 5400 ද 7200 ද කියලා.

  27. Janaka Senevirathne Says:

    Hi Kalinga,

    I’m try to make NAS on my old computer.I’ll be using 2 x SATA HDD. I have download free Nas image frm the freenas.org. (FreeNAS-i386-embedded-0.7RC1.4735.img) if i copy this file on USB and if i boot from USB is it able to boot and do the insllation?

    Thanx,
    Regards,
    Janaka Senevirathne
    Abu Dhabi – U.A.E
    (0502201283)

  28. කාලිංග Says:

    @Janaka Senevirathne

    IMG එක කියන්නේ disk image එකක්, ඒක tool එකක් යොදාගෙන write කරන්න ඕනේ. (linux නම් dd, windows නම් http://m0n0.ch/wall/physdiskwrite.php) නමුත් මේක USB Size එක අනුවත් පොඩක් වෙනස් වෙනවා.

    මම නම් recommend කරන විදිය තමයි ISO එක download කරලා, ඒක CD එකකට write කරලා. CD එකෙන් boot කරලා embedded system එකක් ලෙස install කරන එක.

  29. මාලින්ද Says:

    වැඩේනම් මරු. හැබැයි තව ටිකක් දවස් යද්දි කාලිංග අයියට හම්බෙන්න මුකුත් තියන්න හම්බෙන එකක් නෑ.
    මොකද පිටින් එකක්. ඇතුලෙ තව එකක්.

  30. ruwa Says:

    නියමයි නියමයි කලින්ග

  31. ජානක Says:

    CD 1න් boot කරන කොට error msg 1ක් එනවා “Error loading operating system” කියලා.
    (FreeNAS-i386-LiveCD-0.7RC1.4735.iso)

  32. කාලිංග Says:

    @ජානක

    check the CD and boot order. maybe your rom 2

  33. ජානක Says:

    1st Boot device 1ක CD rom.second boot device නම් HDD.

  34. කාලිංග Says:

    @ජානක

    guess there is some ting wrong with your CD or CD/DVD-ROM

  35. ජානක Says:

    CD 1ක ගැන තමයි මගෙ නම් අවිස්වාසය.DVD rom 1ක අලුත් SATA drive 1ක්.
    ලින්ක් 1ක් දෙන්න පුලුවන්ද FreeNAS ISO 1ක Downලෝඩ් කර ගන්න.මම හිතන්නෙ මගෙ ISO 1ක හරියට වැඩ කැරන්නෙ නැහැ.හරියටම කොයි ISO 1කද බාගන්න ඕනෙ.

  36. කාලිංග Says:

    @ජානක

    Intel නම්

    https://sourceforge.net/project/downloading.php?group_id=151951&filename=FreeNAS-i386-LiveCD-0.7RC1.4735.iso&a=19786742

    AMD නම්

    https://sourceforge.net/project/downloading.php?group_id=151951&filename=FreeNAS-amd64-LiveCD-0.7RC1.4735.iso&a=89710128

    මතක තියාගන්න CD එක write කරන්න ඕනේ Disc Image එකක් හැටියට මිස Data CD එකක් හැටියට නොවෙයි.

  37. ජානක Says:

    මේක intel.මමත් download කරේ ඕකම තමයි. ISO Recorder කියන software 1න් cd 1ක burn කර ගත්තෙ.මම හිතන්නෙ මේ වගේ වැඩ පුලුවන් කාලිංග අයියට විතරද කොහෙද?

    anyway තව ටිකක් try කරන්නම්කො.

  38. ජානක Says:

    කාලිංග අයියේ මෙන්න FreeNAS boot වෙනෝ. මම CD 1ක burn කලා ආයෙත් Active ISO image file buring software යොදාගෙන.විස්තර කියන්නම් හරියට install කර ගන්න පුලුවන් වුනොත්.

  39. ජානක Says:

    RAID 1 කරද්දි status “stopped” කියල එනවා.Size ‘unknown”ඇයි ඒ?

  40. කාලිංග Says:

    @ජානක

    RAID එක හරියට වැඩ කරනේ නෑ, HDD එක format කරලා නෑ.

  41. සසු Says:

    මෙලෝ හත්තිලව්ව්ක් ‍ෙත්රෙන්නේ නෑ නමුත් හෙිදයි වගේ

  42. pavithra Says:

    oke PSU ekata Surge protection ekak damma nam. baya nathuwa on ekema thiyanna puluwan.

  43. කාලිංග Says:

    @pavithra

    Surge protection දාලා තියෙන්නේ.

  44. Amila Says:

    Bluetooth hari wireless hari karanda berida

  45. කාලිංග Says:

    @Amila

    පුලුවන්, WiFi Card එකක් හයි කරන්න, ඒත්, NAS එකක් වගේ එකට හොදම wire lan එකක් තමයි, නැත්නම් speed මදි ලොකු file copy කරනකොට.

  46. Kolama Says:

    ප්‍රයෝජනවත් ලිපියක් !. FreeBSD සයිට් එකේ ලින්ක් එක පොඩ්ඩක් හදන්න.

  47. Indunil Says:

    kalinga aiya oyage me wadeta asa hitenawa.
    thawath oya wage dewal karanna.api asai balanna.

  48. indika Says:

    මරැම මරු වැඩක් අප්පා කඩ වල තියෙන වැඩ කරන්න නැති UPS ටිකක් හොයාගෙන පටන්න ගන්න වටිනා වැඩක් ඉක්මනට පේටන්නට එකක් ගත්තත් කමක් නෑ ලංකාවේ ඩන්න බුවාලගෙන් පර්සසම් වෙයන් නැත්නම උඹව විකුණගෙන කාවි
    FreeNAS ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්නම් ලොකු දෙයකත්

  49. Amila Says:

    ela vadak.et Intel Atom 1.6 ratvenava neda.24 hours ekadigta vada karanna puluvanda.

  50. කාලිංග Says:

    @Amila

    ගැටලුවක් නෑ, රත්වෙන්න අඩුගානේ CPU එකට FAN එකක් වත් නෑ, FAN එකක් තියෙන්නේ නොත්බ්‍රිජ් එකට.

  51. අනූ Says:

    මාර සීන් එකක්නෙ..කරල බලන්න ආසයි ඒත් වෙලාවක් නෑනෙ.
    මේ හාඩ් ඩිස්ක් එක රත්වෙන්නෙ නැද්ද?

  52. කාලිංග Says:

    @අනූ

    නෑ, රත්වෙන්නේ නෑ, මොකද මම spin down කරලා දුවන්නේ, අනික 5400RPM නේ. HDD හයි කරලා තියෙන්නේත් තහඩුවකට. රස්සෙන්ත් බෙදිලා යනවා.

    මට මේක හදන්න ගියේ පැය 12 වගේ. වැඩි කාලයක් නෑ, එක දවසෙන් වගේ හැදුවා.

  53. SooRI Says:

    ප‍ට්ට විැඩක්‍ෙන අයියා. ම‍ාව න‍ම් ‍ෙගදරින් පන්නන වැඩක්.

  54. කාලිංග Says:

    @ SooRI

    හික්, ඒ මොකද ගෙදරින් පන්නනේ ?

  55. Wela Says:

    can you have multiple HDDs connected and mapped as a single drive?
    i’m looking around to buy a NAS … but seems pretty expensive. Your DIY NAS is pretty cool.

  56. කාලිංග Says:

    @Wela

    yes you can. just use RAID 1, that will add all drives as one. but if one fail, your out of luck, so use RAID5, you will not get all the drive spaces, but you will get more then 90% and you need 4 dives, you will get space of 3 drives

  57. Sampath Says:

    Whoa! Super job. Gave me an idea to make use of my old computer.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed

ස්පෑම් එක්ක සෙල්ලම්