No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Techකතා වල SMS Gateway එක වැඩ කරන හැටි

අද මම කියන්න යන්නේ Techකතා වලට අපි කොමද මේ gateway එක හැදුවේ කියලා. මොකද ගොඩක් අය මේක ගැන අහන නිසා. Techකතා SMS එක ගැන කිවුවොත් හරිම සරලයි. ඒකෙන් කරනේ SMS හරහා එන පනිවුඩ එන command එක අනුව action එකක් run කිරීමහ හා Techකතා එක්ක ලියාපදිංචි අයට දැනුම්දීම් කරන්න. උදාහරනයක් ගමු අපි කෙනෙක් add කියලා type කරලා Techකතා SMS number (0714712774) එකට එවුවා කියල, එවිට Techකතා SMS system එකෙන් පලමු වචනය “add” නිසා, එවන කෙනාගේ number එකTechකතා list (Database) එකේ save කරගන්නවා. තව කෙනෙක් ask how to setup sms gateway කියලා එවුවා කියමු, එවිට පලමු වචනය ask නිසා, ask command එකට අදාල action එක වෙන්නෙ Techකතා කන්ඩායමේ question list එකට email හරහා Techකතා team එකට යවන එක.

දැන් කොහොමද් මේ SMS එන්නේ හා යන්නේ කියලා බලමු, මේ සදහා අපි යොදාගනේ normal Sony Ericsson K510 දුරකතනයක් USB cable එකක් හරහා පරිගණකයට සවිකරලා. phone එක GSM Modem එකක් හැටියට ක්‍රියාකරන්නේ. ඉතින් එන හා යන සියලු SMS මේ දුරකතන හරහා තමයි සිද්ද වෙනේ. ලොකු SMS gateway මේ සදහා අපි යොදාගනේ නෑ. Sony Ericsson එකක් යොදාගත්තේ වෙනත් ජංගම දුරකතන වල true GSM Modem එකක් එන්නේ නැති නිසා. අපි Nokia වගේ එකක් ගත්තොත් SMS receive වගේ ඒවා නෑ.

මේ සදහා SMS Gateway එකක් යොදාගන්න හැකි වුවද ඒ සදහා ලොකු මුදලක් වැය කරන්න වෙනවා, ඉතින් මේවගේ පොඩි වැඩකට මේක හොදටම ඇති කියලා අපිට පෙනුනා, එක දුර්වල කමක් තමයි SMS යවන වේගය ගොඩක් අඩුවීමයි, විනාඩියකට SMS 8-10 වගේ.

මේ තියෙන්නේ එහි block digram එක.

TK SMS System

SMS Queue හා Modem එක පාලනය ගොඩක් වැද්ගත් නිසා මේ සදහා අපි NowSMS කියන SMS Gateway Server එකක් තමයි බාවිතා කරනේ, මොක්ද මේක අපි ලියන්වානම් ටිකක් මහන්සි වෙන්න ඕනේ නිසා, ලේසියට මේක යොදාගන්නේ. අනික මේක ගොඩක් error/queue handling වගේ දේවල් හොදට කරනවා. හැබැයි එකම දේ, මේක නොමිලේ දෙන එකන් නොවෙයි.

SMS එකක් එනකොට phone එක සකස් කර ඇත්තේ “Send SMS Direct the Modem” ලෙසයි, මෙයින් වෙනේ ලෑබෙන SMS කෙලිම NowSMS gateway එකක USB හරහා යන එකයි, phone එකේ SMS එක save වෙන්නේ නෑ. දැන් ලැබෙන SMS එක queue කොට NowSMS විසින් HTTP Post data එකක් ලෙස Techකතා SMS Application එකට send කරනවා. Techකතා SMS Application එක තනිකර web application එකක්, PHP වලින් ලියපු. HTTP Post එක හරහා sender number, sms command (පලමු වචනය) හා sms message එක එනවා. ලැබෙන පටිවුඩය sms command එක අනුව Techකතා application එකෙන් DB එකේ save කරනවද වගේ දෙවල් කරනවා. reply වගේ එකක් යවන්න ඕනේ නම් Techකතා SMS application එකන් නැවත http post එකක් ලෙස පනිවිඩය NowSMS Gateway එකට දෙනවා, එයා ඒක queue කොට හරියට phone modem එක හරහා යනවා.

හරිම සරලයි, ඕක තමයි Techකතා SMS system එක. ගැටලු තියනවනම් අහන්න.

අහන්න කලින්. මේක හරහා නොමිලේ SMS යවන්න බෑ :D හැම යවන SMS එකකටම අපිට normal SMS ගාස්තු වැය වෙනවා.

Share

29 Responses to “Techකතා වල SMS Gateway එක වැඩ කරන හැටි”

  1. ගයාන් තාරක Says:

    සමහර වෙබි හොස්ටිං සපයන ආයතන වෙබ් අවකාෂය සමඟ දෙන SMS කළමණාකරණ පහසුකම මගින් මේ වැඩේ කරන්න බැරිද?

  2. ඉන්දරේ Says:

    මේ වැඩේට email2sms වගේ ක්‍රමයක් පාවිච්චි කලොත් ඇති වෙන ප්‍රශ්න මොනවද?

  3. කාලිංග Says:

    @ගයාන් තාරක

    web Hosting එක්ක SMS දෙනවා ?

  4. කාලිංග Says:

    @ඉන්දරේ

    email2sms අපි test කරා, හරියට ඒක 100% relabel නෑ.

  5. ගයාන් තාරක Says:

    1&1 පාලන පැනලයේ මට දකින්නට තියෙනවා.

  6. කාලිංග Says:

    @ගයාන් තාරක

    ආ… ඒ තියෙනේ තමගේ hosting account එක sms හරහා පලනය කරන්නවිතරයි.

  7. චතුර නිර්මාල් Says:

    බොහොම ස්තූතියි කාලිංග අයියෙ.. මම මේක ගැන හොය හොය හිටියෙ.. :)

    @ඉන්දරේ
    email2sms පාවිච්චි කරන්න බැරි වෙයි නේද? මොකද ගොඩක් ඒවයේ පණිවිඩය මුලට ඒ සේවාවට අදාල වචන ටිකක් එකතු වෙනවානේ.. මොබිටෙල් [email protected] විදියට යැවුවම එවන කෙනාගෙ නම මුලට වැටෙනවා. එතකොට add, ask කියන විධාන මුලට එන්නෙ නැහැනෙ.

  8. ගයාන් තාරක Says:

    ඒකත් එහෙමද SMS-Manager කියල තියෙන නිසා බැලුවෙ. Control-Center එක German නිසා වැඩිය දෙයක් කරල බලන්න හම්බු‍නේ නෑ.

  9. කාලිංග Says:

    @චතුර නිර්මාල්

    මම හිතන්නේ ඉන්දරේ කියනේ අපි යවන ඒවා email2sms හරහා යවන්න කියලා, ඒ කියනේ reply හා updates

  10. චතුර නිර්මාල් Says:

    @කාලිංග

    ආ ඔව් නෙ :D
    එහෙම කරනවනම් වෙනම SMS gateway එකක් පාවිච්චි කරන්න වෙයි.
    අනික ලංකාවෙ හැම ‍සේවා දායකයෙක්ගෙම email2sms නොමිලේ දෙන්නෙ නැහැනෙ.

  11. කාලිංග Says:

    @චතුර නිර්මාල්

    දැනටම email2sms එක implement කරලා තියෙනේ, user ට on off කරන උතන් පුලුවන්, නමුත් email2sms එක කිසිම reliability එකක් නැති නිසා, ඒක අපි අල්ලලා දැම්මා.

  12. පැතුම් Says:

    කොහොම උනත් ටෙක් කථාවල sms වැඩේ නියමයි ඒකට කාලිංග අැතුලු අනිත් අයටත් මා ගේ ස්තූතිය පුදකරනවා! ටෙක් කථා වලට ජය වේවා!

  13. අමිල Says:

    ගොඩාක් තෑන්කූ වෙන්ඩ ඕනැ. අපි අපේ ගුරුප් ප්‍රොජෙක්ට් එකේ කොටසකට මේ දේ කරන්නෙ කෝමද කියල හිත හිතා හිටියෙ.
    අපේ සීනියර් අයියලාගෙ ප්‍රොජෙක්ට් එකක තිබුනා මෙහෙම එකක්.

    ඒකෙ මට කිව්වෙ pop3 හරහා මේල් අකවුන්ට් එකක් කන්ෆිගර් කරලයි වැඩේ යන්නෙ කියලා.අපි ෆෝන් එකෙන් ඇස් ඇම් ඇස්
    කරපුවාම එයාගෙ මේල් අකවුන්ට් එකකටයි ඒක යන්නෙ.ටෙක් කතා වල තියනවා වගේ එන වචනෙ අනුව ගන්න ක්‍රියා පිළිවෙත වෙනස් වෙනව වගේ සංකීර්ණ දෙයක් එතන නෑ.නිකංම පණිවු‍ඩේ ලැබෙනවා විතරයි.එයාගෙ වෙබ් සයිට් එකෙන් අපි අපිට ඇස් ඇමි ඇස් එවන්න යද්දි වෙන්නෙ මැෂින් එකේ අවුට්ලුක් ඕපන් වෙලයි ඒක හරහා තමයි ඇස් ඇම් ඇස් එක යන්නේ. හැබැයි වැඩේ ක්ෂණිකව ඇස් ඇම් ඇස් එක ෆෝන් එකට එනවා.
    ඒක කරන්නෙ කොහොමද දන්නෑ?

  14. අරුණ Says:

    වැඩේ නම් ඉස්තරම්… නමුත් මට වැඩක් වෙන්නෑ… මොකද මම ගෙදර ඉද්ද ෆෝන් එක සයිලන්ට් දාල තියන්නේ…. හි හි.:D :D :D ……. ඉතින් ඔයාල අතින් ගෙවාගෙන එස්.එම්.එස් කරාට මට වැඩක් වෙන්නෙත් නැති නිසාත් ඔයාලට ගානක් ඉතිරි වන නිසාත් මම රෙජිස්ටර් උනේ නෑ……….. තව කී ‍දෙනෙක් මේ වැඩේ කරනවද දන්නෑ….

  15. කාලිංග Says:

    @අමිල

    හරියට මට අහන එක තේරෙන්නේ නෑ, අහනේ SMS හරහා pop3 account එකක් තියන මේල් බලන්න ද? නැත්නම් SMS හරහා වෙනකෙනෙකුට ඊමේල් එකක් ලෙස ඒක යවන්නද ?

    @අරුණ

    හික්… :)

  16. CJ Says:

    සින්හලෙන් ලිවීමට තවම හුරුවන බෙවින් මෙය සින්ග්ලිශ් වලින් ලියනවා….
    ape project ekaka thiyenawa SMS kotasak.kauru hari upadesak denna meeka karanne kohomada kiyala.onna ape files 10k thiyenawaa then ee files 3k expired wenawa ada dawase. then apita ooni ee files ayithi ayata SMS ekak auto yanna generate karanna…. meeka karanne kohomada? mama tikak try karala beluwa OZEKI SMS gateway eka..mokada eeke kelinma database plugin ekakin wedee karagann apuluwan kiyala thibuna nisaa…but eeka hari giyee naa…. kauru hari meekata idea ekak denna kohomada karanne kiyala.

  17. උෂාන් Says:

    මම මේක ගැන දැන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ

    පේස්බුක් ලත් මේ වගේ වැඩක් වෙන්නැති කරනව ඇත්තේ නේද?

  18. කාලිංග Says:

    @CJ

    මේක පහසුයි, PHP වගේ එකකින් ලේසියෙන් කරන්න පුලුවන්, නැත්නම් java, vb වගේ එකක්, දැන් OZEKI SMS හරි NewSMS හරි, queue එක හා modem එක පාලනය කරනන් නිසා ඔයා කරන්න ඕනේ, DB එකක ඔයාගේ file ගැන දාන්න, ඒක file expire date, owner, owner mobile number වගේ දේවල්, දැන් maintenance process එකක තියනවා ඔයාගේ app එකේ පැයකට වරක් හෝ ඕනේ විදියට run වෙන, ඒකෙන් බලනවා අද දියන එක්ක db එකේ තියන එක expire ද නැද්ද කියලා, expire නම් appe එකෙන් DB එකෙන් owner ගේ නොම්බරේ අරගෙන message එකක් එක්ක NowSMS gateway හරි OZEKI SMS gateway එකක යවනවා, එචරයි.

    @උෂාන්

    මීට සමාන එකක්, ඒ අය mobile එකක් use කරනේ නෑ SMPP gateway වගේ එකක් යොදාගන්නේ.

  19. CJ Says:

    @Kalinga

    Meeka karanne ape second year project ekata.ayye meeke prashne thiyenne kohomada meeka karanne kiyala…den mama mage machine eke OZEKI sms gateway 1k configure karala eekata my mobile eka connect karala eeka through SMS yawanawaa… but mama danne nette mee maintenance process ekak karana heti and date expire nam DB eken kohomda DB owner ge number eka ganne kiyala… mata meekata help ekak denna puluwan da? if you can please mail me with full details.. Api meeka karanne ASP.NET & C#.NET use karala ………..OZEKI gateway 1k sms yawana types 4k 5k thiyenawa denata mama use kalee http://www.ozekisms.com/index.php?owpn=164&info=mssql_sms menna mee system eka ..mokada ape DB eken values ganna oni nisaa…mama mee karapu 1k harida? or thawa thiyena wena type ekak use karanna ooni da?

  20. ජනුක Says:

    ශාහ් මචාන්..නියම වැඩක්..මමත් උත්සහ කරන්න ඔන..මේක nokia වලින් බරිද?

  21. Naveen Says:

    ඔයා NowSMS එකට pay කරනවද? මම නම් AT SMS code වලින් ගෙට්වේ එකක් හැදුව.. එකත් ටිකක් ඔය වගේ..

  22. කාලිංග Says:

    @ජනුක

    Nokia වල SMS receive ගැටලු තියනවා.

    @Naveen

    AT command වලින් කරන්න පුලුවන්, ඒත් ගැටලුව හරියට error හා queue එහම පලනය කරන එකයි.

  23. Anusha Nadun Says:

    මාත් අාසාවෙන් හිටියේ ඒ ගැන දැන ගන්න 7789 නොම්බර් තියෙන්නේ ඒවා ‍internet යවන පනිවිඩ බලන්නේ එවාගේ නොම්බරයක් හදා ගත්තොත් නරකද ? එතකොට කට්ටියට හොදට මතකත් හිටීවි

  24. ප්‍රසාද් නයනජිත් Says:

    බොහොම ස්තූතියි!…

  25. චාමික Says:

    අපිට huawei mobile partner sms gateway එකට link කරන්න බැරිද?

  26. නජිත් වර්ණකුලසූරිය Says:

    මේක පිටිපස්සෙ මොන ටෙක් එකක් තිබ්බත්, වැඩේ නම් සුපිරියි!
    මේ වගේ දේවල් ඉදිරියටත් කිරීමට කිරීමට හා කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්ය පිහිටාශිර්වාදය නොඅඩුව ලැබේවා…!

  27. nirmal Says:

    mage pc eke thiyenne DDR3 6GB ram ekak(2GB 3k)bt display wenne “6GB (2.99 usable)”kiyala. win 7 thamai OS(32 bit) eka.mother board eka DH55tc intel. processor eka intel(R)core i5 CPU [email protected] Ghz.
    bt dan meke ram eke(2.99GB usable) kiyala enne ay? meke mata 6GB ekama pennanne naththe ai?bios wala nam 6GB detect wela thiyanawa.mokakda mekata hethuwa?????????????

  28. කාලිංග Says:

    @nirmal

    මෙතනට අදාල නෑ. ඉදිරියේදී මෙවැනි ගැටලු තියනවානම්

    http://www.techkatha.com වෙත් හෝ

    http://groups.google.com/group/techkatha

    යොමුවෙන්න.

    හේතුව OS එක 32bit වීම. 32bit වල උපරිම රැම් සහය දක්වන්නේ 3GB, එම නිසා 64bit OS එකක් දාගන්න.

  29. Hacker Kottoruwa Says:

    ෆෝන් එකක්ම අවශ්‍ය නෑ 3g ඉන්ටනෙට් ඩොන්ගල් එකක් පාවිච්චි කරල ලේසියෙන්ම මේදේ කරන්න පුළුවන්.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed