Media Center එකක් සෑදීම – 2වෙනි කොටස (DIY Casing)

Home / Video / Media Center එකක් සෑදීම – 2වෙනි කොටස (DIY Casing)

[Read This Post in English]

මම මගේ පලමු පොස්ට් එකේ කතාකරා කොහොමද කියලා Intel Atom Media Center එකක් හදන්නේ කියලා, නමුත් මම ඒක test කරන්න සවිකරලා තිබුනේ නිකන් පෙට්ටියක් උඩ. අද කතා කරනේ කොහොමද ඒක case එකකට සවි කරන්නේ කියලා. නමුත් නිකන්ම නිකන් කේස් එකක් නොවෙයි, computer එකක් ද කියලා හොයාගන්න බැරිවෙන්න තමන්ම එකක් හදාගන්න එක ගැන.

ඉතින් කේස් එකක් හදන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට ආවා පොඩි idea එකක්, ඒක තමයි පරණ CD Player එකක් ඇතුලට සවිකිරීම්. නිකන්ම සවි කරනවා නොවෙයි, CD bay එක open වෙන තැන ඉදන් Play button වගේ දේවල්ද වැඩ කරන විදියට. මට මතක් උනා මෙගා පරණ CD Player එකක් තිබුනා Sony CDP-950 කියලා, මේක මම ගත්තේ 2000දී වගේ, මම මේක 2002 දී යාලුවෙකුට විකුනුවා, ඉතින් මම පොඩි call එකක් දාල මිනිහගෙන් ඇහුවා තාම ඒක තියනවාද කියලා. මගේ වාසනාවට වගේ මිනිහා ගාව ඒක තාම තියනවා, ඉතින් මම ඒක අයේ සල්ලී දීලා ගත්තා. 🙂 මම වික්කේ රු15000 ඒකාලේ, ආපහු ගත්තේ රූ1500 😀

cdp-950

මේ තියෙන්නේ CD Player එක. බලමු කොහොම්ද කියලා මේකට Computer එකක ඔකොම සවි කරනේ කියලා.

කරන්න යන දෙවල්,

  1. Motherboard, Power Supply, HDD, සියල්ල ඇතුලේ සවිකිරීම.
  2. Front panel එකේ Play, Pause, Stop, FF, Eject buttons වැඩ කරන ලෙස සැකසීම.
  3. IR Remote receiver එක CD Player එකේ receiver එක තියන තැනට සවිකිරීම.
  4. DVD Driver එක CD Player එකේ tray තිබුන තැනට ඒ ආකාරයටම සවිකිරීම.
  5. VGA, Power, USB, Ethernet පිටුපස එන විදියට සවිකිරීම.
  6. Front panel එකේ Display එකක් සවිකිරීම (ඊලග පොස්ට් එකෙන්)
  7. Head Phone jack සවිකිරීම (ඊලග පොස්ට් එකෙන්)
  8. Software configuration (ඊලග පොස්ට් එකෙන්)

Motherboard, Power Supply, HDD, සියල්ල ඇතුලේ සවිකිරීම.

1

CD Player එකේ සියල්ල ගලවා ඉවත් කරා, කරලා Front, back panel ද වෙන්කරා, කරලා පැත්තේ (වම්පස උඩු කෙලවරේ) Fan එකක් සවිකිරීමට කොටසක් කපා ඉවත් කරා. එතන තමයි power supply එක සවිකරනේ.

2

HDD එක සවිකර, Motherboard එක සවිකිරීමට ඇන සවිකරා.

3

Power Supply, FAN, HDD එක සවිකල පසුව, Normal computer power supply එක සවිකරන්න බැරි නිසා එය ගලවා එහි ඇති board එක පමණක් එලියට ගෙන එය සවිකරා. මතක තියගන්න power supply එක්ක සෙල්ලම් කරනකොට පරිස්සම් වෙන්න මොකද විදුලිය එක සෙල්ලම් නිසා.

7

sound card එක කෙලින්ම PCI Solt එකට සවිකරොත් උස වැඩිවන නිසා PCI Riser card එකක් සවිකොට PCI Solt එක side ways වට ගෙන එහි sound card එක සවිකර ඇති කාරය.

Front panel එකේ Play, Pause, Stop, FF, Eject buttons වැඩ කරන ලෙස සැකසීම.

මේසදහා පලමුව Multi Media keyboard එකක් ගලවන්න, මම මේසදහා යොදාගත්තේ logitech PS/2 keyboard එකක්, ඒක ගලවා එහි පරිපතය ඉවතට ගත්තා. අරගෙන එහි play, stop, pause, FF, RW key සම්බන්දවන ආකාරය Multimeter සටහන් කරගත්තා.

4 5

ඉහත දැක්වෙන්නේ keyboard එකෙන් ගලවාගත් පුරුවරුව CD Player එකේ Front panel එක මත සවිකර අදාල wire button වලට සවිකර ඇති ආකාරයි. පාස්සන් පුරුදු නැත්නම් මේක කරන්න අමාරු වෙයි, අනික anti-static විදියට මේක කරන්න ඕනේ නැතිනම් board එකේ IC එකට හානි වෙන්න පුලුවන්.

IR Remote receiver එක CD Player එකේ receiver එක තියන තැනට සවිකිරීම.

6

IR Remote එකත් ඒක ආපු ඇති receiver එක ගලවා එහි සෙන්සර් එක CD Player එකේ IR senser එක ඇති තැනට සවිකර ඇති ආකාරය.

DVD Driver එක CD Player එකේ tray

11 Photo030

CD Player එකේ CD Loader එක තිබු තැනට DVD-ROM එකක් සවිකර ඇති ආකාරය, මෙය ඇන යොදා සවිකර ඇත. මතක තියාගන්න level වැනිදා සකසීමට හැකි ආකාරය මෙය සවි කල යුතුයි, තවද DVD ROM එකේ මුහුණත ගලවා ඉවත්කොට සවිකල යුතුය.  ඒවාගේම DVD ROM එකේ eject button ඒකේ සම්බන්ද තාවය CD Player එකේ front panel එකේ reject button එකට සම්බන්ද කල යුතුයි.

VGA, Power, USB, Ethernet පිටුපස එන විදියට සවිකිරීම.

14 15

සියල්ල සවිකිරීමෙන් පසුව දිස්වන ආකාරය, දැන් පේනවා ඇති motherboard එක සවිකර ඇත්තේ පැත්තට නිසා VGA, USB ව්ගේ ඒවා එලියට ගැනීමට wire දැමිය යුතුයි.

8 9

VGA සදයා DB-15 Male connector එකක් පිට කොටුවෙන් රු.25 වැනි මුදලකට ලාබාගත හැක, මෙය backup panel එකට සවිකර පරණ VGA cable එකක් සවිකර එය motherboard එකට සවිකිරීම.

10 12

Power Input එක් හා back panel USB එක.

Photo023

Front panel USB එක.

Ethernet එක දැනට සවිකරේ නෑ, මේකට හේතුව wifi සවිකරනවාද කියලා සිතන නිසා, නමුත් wifi වල file transfer වෙගය අඩු නිස හා මගේ media store කර ඇත්තේ NAS එකක් නිසාත් wire network එකක් සවිකරනවද කියා හරියට තෝරගන්න බැරිව ඉන්න නිසා තමයි මේ පාර පොස්ට් එකේ ඒගැන කියන්නේ නැත්තේ. කොටස් දෙකකින් ලියලා ඉවර කරන්න හිතුවත් ලියන්න දේවල් වැඩි නිසා මේකේ තවත් කොටසක් ඉදිරියේදී.‍ ඒ පොස්ට් එකෙන් කතාකරන්න හිතාගන ඉන්නේ.

  1. Front panel එකේ Display එකක් සවිකිරීම (ඊලග පොස්ට් එකෙන්)
  2. Head Phone jack සවිකිරීම (ඊලග පොස්ට් එකෙන්)
  3. Software configuration (ඊලග පොස්ට් එකෙන්)

පලමු කොටස කියවන්න බරි උනානම් ඒක මතනින් කියවන්න.

Media Center එක වැඩ කරන ආකාරය.‍

Media Center එක iPhone එක හරහා iTunes control කිරීම. මෙහි වටිනාකම display එකක් නැතුව iTunes වල සියල්ල iPhone එකේ දිස්වීම, සින්දු තේරීම. හැම දෙයක්ම පහසුවෙන් කරන්න පුලුවන්, iPhone එක wifi හරහා home network එකට සම්බන්ද වන නිසා ඕනේම තැනම සිට media center එක පාලනය කරන්න පුලුවන්.

තුන්වන කොටස කියවන්න.

28 Comments

  • නියමයිනේ… කෙල බේරෙනවා මේක දැක්කම… සිරාවට හදලා ආහ් 😀

    මේ.. ඒක නෙමෙයි… මම බඩු ටික දෙන්නම්… බැරිද එකක් හදල දෙන්න? 😉 හික් හික්

  • @Chathura

    හපොයි… කට පිහිදාගන්න… 😀

    හදමු.. හදමු… උදවු කරන්නම්…. වෙලාව තමයි issue එක… 🙂 ලොකු ගානක් ගියේ නෑ.

  • පොඩි ප්‍රශ්නයක්… Multimedia keyboard එක ගලවල සර්කිට් එක විතරක් හයි කලානේ… එතකොට දැං කීබෝඩ් එකක් නැද්ද? නැත්නම් තව USB එකක් වත් හයි කරලද තියෙන්නෙ?

  • @Chathura

    ආ… ඒකම් මෙහෙමයි, පලමු පොස්ට් එකේ කිවුවේ wireless keyboard and mouse යොදාගන්නවා කියලා, ඒවා USB receiver එක පිටිපස්සේ USB එකට සම්බන්ද කරන්නේ. මොකද wireless keyboard/mouse වල receiver එක ඇතුලේ සවිකරොත් දුර අඩු උනා. ඒක නිසා ඒක එලියේ.

    Front panel control වලට ගන්න keyboard එක PS/2 ඒක තමයි රූපේ පේන්නේ motherboard එකේ USB Port එකට සවිකරලා තියනවා.

    මේ දෙකම තිබුනා කියල ගැටලුවක් නෑ. හරියට වැඩ කරනවා.

  • @ප්‍රවීන් ඉන්ද්‍රනාම

    හොදටම ඇති… මොක්ද මේකේ තියෙනේ 1.6Ghz Atom CPU එකක්… .2.8 කියනේ HD Video උනත් දාන්න පුලුවන් හොද VGA එකක් හයි කරොත්, ගැටලුව තමයි case මොකද නිකන් ATX, microATX baord ලොකු නිසා. normal casing එකක් තමයි use කරන්න වෙන්නේ.

  • @Thilina

    හික්… දැන් පේන විදියට මට මේක business එකක් කරගන්න පුලුවන් වෙයි වගේ 😉 දැනට order 2කක්.. හික්…

  • විරාජ්

    එළකිරි, මටත් පොඩි ආසාවක් ආව. හැබැයි ඉතින් මේ ආත්මෙ කෙරෙයිද කියන එකයි ප්‍රශ්නෙ! හෙහ් හෙහ්

  • @විරාජ්

    ආ…. ඒකනම් මටත් තියනවා, වැඩ 100 කරන්න හිතාගනෙ හිටියට එකක් වත් කෙරෙන්නේ නෑ 😀 අපිට ඉතින් වෙලාව ගැන ගැටලු තියනවානේ ඒකයි…. මේකනම් දවසට පොඩ්ඩ පොඩ්ඩ තමයි කරේ. 😀

  • @සරදියල්

    නෑ, මොකද වම් පැත්තේ power supply එක කිට්ටුව වැලුවොත් පෙනෙයි, FAN එකක්, මේක standard power supply වල එන fan එකක්, අනික Atom CPU එකට FAN නෑ, මොකද ඒක රත් නොවන නිසා, motherboard එකේ FAN එක තියෙනේ north bridge එකට. කිසිම heat ගැටලුවක් නෑ.

  • R. Pradeep

    remote එක නම් ebay එකෙන් ආවා. 9$ ගියේ. amp එකක් තමා නෑත්තෙ. DTS/Dolby amp හරි ගනන් නෙ. නෑද්ද ඒකට ලාබදායි විසදුමක්.

  • @chanaka

    ඔඩර් බාරගන්නවා 😀

    @R. Pradeep

    5.1 Sound Card එකක් එක්ක 5.1 Speaker system එකක් බාවිතා කරන්න පුලුවන් AMP එකක් නැතුව.

  • @Hasitha

    නෑ එහමම එකක් නෑ, උත්සාහ කරොත් බැරි වෙන එකක් නෑ, හැමෝම ඉගෙන ගන්නේ වැරදිලා නේ 🙂

  • බුද්ධික මදුරංග

    හොද වැඩක්
    අඩු වියදම් නිසා අපටත් හොදයි

  • මරු වැඩේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකට නම් කෙලින්ම සම්බන්ධ නෑ.

    මේකයි. මගෙත් Media store කරලා තියෙන්නේ NAS එකක. එත් දැනට තියෙන network switch එක 100Mbps එකක්. HD movies බලන්න අමාරුයි. ඒනිසා 1000Mbps/1Gbps Ethernet card සහ network switch එකක් ලංකාවෙ (Unity plaza) ගන්න තියෙන තැනක් සහ එව්වගේ සාමාන්‍ය මිළ ගණන් කියන්න පුලුවන්ද.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *