No public Twitter messages.

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

Media Center එකක් සෑදීම – 1වෙනි කොටස

[Read This Post in English]

දැන් කට්ටිය බලයි මේ මොකද්ද කියලා Media Center PC නොහොත් HTPC (Home Theater PC) එකක් කියනේ කියලා. ඒ තමයි තමන්ගේ Film, Music වගේ දේවල් පරිගනකයක් උපකාර කරගෙන DVR (Digital Video Recorder), DVD Player, CD Player, Radio වගේ උපකරණ වෙනුවට PC එකක් යොදාගෙන ඉහත කී උපකරණයකින් වෙන දේවල් ඊට වඩා හොදට එක Interface (මුහුණතක්) යොදාගෙන කිරීම.  කලින් දවසක මම මේ HDD Media Player ගැන කතාකරා, මෙය එම උපකරණ වලට වඩා පොඩ්ඩක් ඉදිරියට යෑමක්.

දැන් කට්ටිය කියන්න පුලුවන් මමත් ඔය ඔක්කොම මගේ computer එකේ කරනවා වෙනස මොකද කියලා. වෙනස තමයි පරිගනකයේ අපි බොහෝවිට කරනේ පරිගන තිරය (Monitor) එක හා පරිගනක speakers යොදාගෙනයි, නමුත් මෙහිදී Home Theater experience (ගෙදර ෆිල්ම් හෝල්) එකක් ලැබෙනේ නෑ. HiFi system එකක් ලැබෙන ගුනාත්මක කම වගේම surround sound ලාබාගැනීම ද වැදගත්. අනික අපි පරිගනකය හසුරවන්නේ keyboard, mouse යොදාගෙන, නමුත් film එකක් බලනකොට හෝ සින්දුවක් අහනකොට හොදට වාඩි වෙලා අහන අතරේ සින්දුවක් තෝරන්න, tv channel එක මාරු කරන්න පුටුවෙන් නැගිටිනේ නැතුව කරන්න පුලුවන් විදියට තමයි මේ HTPC හදන්නේ. ඒවාගෙම අන්තර්ජාලය හරහා අපිට ලැබෙන Internet Radio, Live Video Streaming, Podcast වගේ දේවල්ද මේ හරහා අපිට රස විදින්න පුලුවන්.

අද මම කතා කරනේ අපි කොහොමද ගොඩක් අඩු මුදලකට මේවගේ HTPC එකක් හදාගනේ කියලා, TV එකක් එක්ක හා surround sound AMP එකක් එක හරියට මේවා සම්බන්ද කරන ආකාරය ගැන. හැබැයි මේක HD Video හදහා යොදාගත නොහැකියි. මොක්ද මෙහිදී බාවිතා කරනේ අඩුමිල උපකරණ නිසා.

මෙය ලිපි මාලා දෙකක් ලෙස තමයි පලවන්නේ, මේ එහි පලමු ලිපියයි.

මේ හදහා පහත උපකරණ (Hardware) මම යොදාගන්නවා.

මෙය දැනට CPU එක හා Motherboard එකක් එකටයි එන්නේ, ප්‍රමාණයෙන්  අහල් 7×7 වගේ ඉතාමත් කුඩා Motherboard එකක් (Micro-ITX),  මෙහි sound/vga/lan සියල්ල on board එනවා. CPU එක Intel Atom 230 1.6Ghz එකක්. Intel Atom CPU යනු අඩු විදුලියක් හා අඩු මිල CPU එකක්, මෙයින් ලොකු performance එකක් බලාපොරොත්තු වෙන්න බෑ. මෙම CPU යොදාගනේ අඩු මිල පරිගනක සදහා. උදාහරනයක් ලෙස netbook පරිගනක සහදා.

දැන් කට්ටියට හිතෙන්න පුලුවන් motherboard එකේ sound on board තියනවානම් මොකටද sound card එකක් කියලා. normal sound card එකක තියෙනේ analog sound outputs, අපි හැමෝම දන්නවා පරිගනකයේ දත්ත ඇත්තේ digital ක්‍රමයට කියලා. ඉතින් sound card එකක් කරනේ මේ Digital දත්ත analog කර එලියට ලබාදීම, නමුත් sound digital to anaglog කිරීමේදී sound card එකේ ඇත් DAC (Digital to Analog Converter) එකේ ගුනාත්මක බව අනුව sound quality එක වෙනස් වෙනවා, ඒවාගේම surround sound DTS, Dolby Digital වගේ sound දැනට on board තියන sound card එක හරහා බිවිතා කිරීමට හැකියාවක් නෑ.

දැනට මම මේ Media Center එක මගේ Digital Surround 7,1 sound amp එකට සම්බන්ද කරන නිසා, මට ඇත්තටම sound card එකේ දී Digital to Analog කිරිම නොකර කෙලින්ම එලියට ගත යුතුයි, මේ සහදා සම්මත ක්‍රමයක් තියනව, මේකට කියනේ SPDIF (Sony/Philips Digital Interconnect Format) මගේ Amp එක Optical හා Coax යන දෙකම සහය දක්වනවා, නමුත් Creative card එකේ තියෙනේ Coax එකක් නිසා මම එය යොදාගන්නවා. SPDIF වැඩගත් වනේ original පරිගනකයේ ඇති sound file එකේ ඇති දත්ත එලෙසම SPDIF හරහා amp එකට ලබා දෙනවා. මෙහිදී එකක් මතක තියාගන්න ඔනේ Dolby Digital, DTS වගේ sound decoder එකක් AMP එකේ තිබිය යුතුයි, නැතිනම් ඔබට මේවා ඇසෙන්නේ නැ.

  • 500GB SATA2 HDD – Rs.7500
  • ATX P4 Power Supply – Rs.1500
  • DVD Combo Drive – Rs.2000
  • Wireless Keyboard/Mouse – Rs.2850

මේක ගන්න හේතූවක් උනේ හදිසියේ keyboard එක් බාවිතා කරන්න උනොත් වයර් වලින් වන කරදරය මග හරවා ගැනීමට. මේවා බාවිතා කිරීමට උවමනා වනේ ම නෑ වගේ මොක්ද remote එක හරහා සියල්ල කරගත හැකි නිසා.

  • IR Remote with IR Reciver – Rs.1200 (ආසන්න ලෙස)

IR remote එක ඇත්තටම ඇවිත් IR (Infrared) රිමෝට් එකක්, ඒ කියනේ ඔබේ රූපවාහිනිය, DVD player එකේ එන ආකරයේම remote එකක්, නමුත් මෙහි වැදගත් කම මේ remote එකේ තියෙනේ keyboard එකක් හා mouse එකක්. Arrow keys, num pad, close, හා short cut key 4රක්. (එක එක වැඩසටන් එක key එකක් හරහා open කිරීමට) power off button එකක් ද මෙහි ඇත. මෙය මිලදී ගතේ ebay එක හරහා. ඔබ කල යුත්තේ IR Receiver කොටස USB එකට සම්බන්ද කිරීම පමණයි.

IMG_0166 IMG_0169

IMG_0170 IMG_0171

දැනට මේසහදා පහත Software යොදාගන්නවා

  • Windows 7 RC

මම මේ සහදා යොදාගතේ Windows 7 RC, දැනට Avast virus scanner එකක්ත් එක්ක ත්ප්පර 45වැනි කාලයකදී boot වෙනවා. ඔබ FOSS ලෝලියෙක් නම් මේ සහහා ලින්ක්ස් යොදගත් හැක.

මෙය තමයි දැනට Main menu එක හටියට මම යොදාගනේ, මෙය Windows7 සමග නොමිලේ ලැබෙනවා. FOSS සහදා LinuxMCE වගේ එකක් යොදාගත් හැකියි.

IMG_0173-1

මෙය හරහා, Film බැලීම, Photo බැලීම, Remote computer එකක් ඇති Media brows කර play කිරීම. TV බැලීම හා පටිගත කිරීම (TV Card එක උවමනා වේ) වගේ බොහෝ දෑ කිරීමට හැකිය.

  • iTunes

iTunes යොදාගන්න හේතුනම් මගේ mp3 හරියට manage කිරීම හා podcast/vodcast (Video podcast) ලබාගැනීමට. ඒ වගේම මගේ iPhone එක හරහා iTunes පහසුවෙන් පාලනය කිරීම, play list හැදීම වගේ දේවල් ගොඩක් පහසු නිසා.

iTunes Remote එක යනු iPhone/iTuch සදහා එන application එකක්, මෙය යොදාගන පරිගනකයේ ඇති iTunes පලනය කිරීම කල හැකියි. මේ සහදා iPhone/iTuch එක WiFI යොදාගනයි. මෙය හරිම පහසුයි, මොකද ගීත ඇසීමේදී මට TV එක on කිරීමට උවමනාම හැත, මොකද iPhone එක හරහා සියල්ල දිස්වෙන නිසා ගෙදර ඕනේ තැනක ඉදන් Media Center එක පාලනය කරන්න පුලුවන්.

දැනට පරිගනක මගේ TV එකට සවිකර ඇත්තේ VGA cable එක හරහා. 1280×720 resolution යටතේ, මෙය බොහෝ HD Content සදහා ගැලපේ, නමුත් බොහෝ HD video නැරැබීමට තරම් හොද VGA එකක් මෙම Intel board එකේ නැති නිසා මෙය HD Media Center එකක් ලෙස සැලකිය නොහැක, නමුත් wmv 720p ෆයිල් හොදට play වෙනවා.

අදට එපමණයි, ඊලග කොටසින් software configuration හා custom casing එකක් සෑදීම්……. අහන්න දේවල් තියනවානම් දැන් අහන්න… 🙂

දෙවනි කොටස කියවන්න.

Share

32 Responses to “Media Center එකක් සෑදීම – 1වෙනි කොටස”

  1. චතුර වික්‍රමරත්න Says:

    හ්ම්ම්ම්… මටත් ඕන කරල තිබ්බෙ ඔහොම එකක software config එක බලාගන්න… Part 2 වෙනකම් ඉන්න වෙනවා වගේ…. 🙁

  2. කාලිංග Says:

    @චතුර වික්‍රමරත්න

    ගොඩක් දවස් ඉන්න ඔනේ අනේ, ලබන සතිය වෙනකොට දානවා… eBay එකෙන් පොඩි දේවල් ටිකක් එනකන් ඉනේ 🙂

  3. චතුර වික්‍රමරත්න Says:

    රිමෝට් එක ලංකාවෙන් ගන්න බැරිද?

  4. කාලිංග Says:

    @චතුර වික්‍රමරත්න

    මටනම් හොයාගන්න බැරි උනා, Windows Media Center remote කියලා Microsoft හා clone තියනවා, ඒත් ලංකාවේනම් sure නෑ, හැබැයි ඒ remote application dependent. මිලත් US$35 වගේ වෙනවා.

    නැතිනම් Ausu TV card එකක් PowerCinema කියලා software + remote එකක් එනවා, ඒකත් ගොඩක් දුරට හොදා Media Center එකක්, ගොඩක් දේවල් නම් නෑ, නමුත් ලංකාවේ ගන්න තියනවා, රු.4500 වගේ.

  5. Dreamer Says:

    Kalinga aiye mata ikmanata denganna puluwanda Atom eke 1080p & 720p HD x264 video awlak nethuwa play wenawada kiyala…. Thawa Call Of Duty 4 wedada kiyalath denaganna one 😀

  6. කාලිංග Says:

    @Dreamer

    Atom eke 1080p & 720p HD x264 video awlak nethuwa play wenawada kiyala…

    බෑ, මොකද VGA එක Intel Graphic එකක් නිසා, මේකට CPU එක දාල නෑ. පොඩක් හොයලා Nvidia Chip එකක් තියන Atom board එකක් හොයගන්න, ලංකාවේනම් නෑ, මිල $250 වගේ වෙයි.

    Thawa Call Of Duty 4 wedada kiyalath denaganna one

    බැරිවෙයි, මම කලිනුත් කිවනේ මේක low power, low performance board/CPU එකක්.

  7. meaningful Says:

    where did you buy the parts from? as in from what shop…etc and what was the reason for using the said processor and the board? was it the cost or any concerns relating to power saving? why not via?

    nice post, was waiting for it 🙂

  8. කාලිංග Says:

    @meaningful

    where did you buy the parts from? as in from what shop…

    got the parts from Barclays at Unity, (Board, Sound, Keyboard) i had the HDD and the power supply and got the remote of eBay.

    what was the reason for using the said processor and the board? was it the cost or any concerns relating to power saving? why not via?

    thats the only ITX board you can by in Sri Lanka, i got an ITX VIA C7 thats running as a NAS at home but i got that off eBay.

    the purpose of this for me for mainly for Audio and Podcasts, so that why i whent with some thing that use less power and with less noice, since the CPU don’t really use a FAN, the Chipset does use the fan.

  9. Dreamer Says:

    🙁 A kiyanne kisima 720p Ekak play wenne nedda ?? Play kalama mokada wenne. Godak kedi kedi yanawada ??

  10. කාලිංග Says:

    @Dreamer

    play වෙන්නෙම නෑ… 🙂 only WMV 720p විතරයි ටිකක් හරි play වෙන්නේ. ඒකත් පොඩක් ගැස්සෙන ගතියක් පේනවා හොදට බැලුවොත්.

  11. meaningful Says:

    @kalinga
    it seems there are some people who sell via stuff here in lanka
    _http://www.inspire.lk/products.html

    i read some reviews about the intel atom biased boards, they say the chipset is power hungry. anyways nice system. can’t wait to see your ‘custom casing’! 🙂

  12. Dreamer Says:

    @kalinga
    Ehemada 🙁 Matanam HD play wenne nethuwa wedak ne. Windows 7 hindada danne ne. xp wala try kaley nedde ?? xp wala balala kiyanna barida ?? 🙂

  13. කාලිංග Says:

    @meaningful

    ah, seem good but only the VIA pc1000 is the only miniITX board, others are just bigger and use FAN’s for CPU, meaning more noice.

    @Dreamer

    නෑ, Intel VGA එකට බෑ HD play කරන්න, ඒකයි. GPU එක මදි.

  14. කාලිංග Says:

    @Dreamer

    HD ඕනේ නම් මෙන්න මේක ගන්න, ඒකත් Atom තමයි ඒත් chip set එක Navidia

    http://www.mini-itx.com/reviews/zotac-ion/default.asp?page=2

  15. Dreamer Says:

    @kalinga
    Hmm.. Me thiyenne badu 😛
    Habei meka 18K withara wenawa ne ? Anika SL walata ei da ? 🙁

  16. කාලිංග Says:

    @Dreamer

    ඔවු, ඕක ගනන්, ලංකාවේ නෑ, eBay එකන් ගන්න පුලුවන් මොකද mini-itx.com එකේ shipping ටිකක් ගනන්. ලංකාවට එනවා ගැටලුවක් නෑ.

  17. harindu Says:

    Remote eke brand name eka hari ebay link ekak hari denna puluwanda?? meeka mama hoya hoya hitya ekak..

    Vista walata fully compatible da??

    Thnx

  18. කාලිංග Says:

    @harindu

    මේක XP, Vista, Win7 even Linux වල වැඩ, මොකද Remote එක වැඩ කරන්නේ keyboard/mouse emulator එකක් හැටියට, computer එක detect කරනේ HID එකක් හැටියට. ඒක නිසා කිසි ගැටලුවක් නෑ.

    නමක් නම් කියන්න දන්නේ නෑ… මොකද නමක් නෑ… eBay link එක නම් මේක…

    http://cgi.ebay.com/USB-PC-Remote-Control-Windows-Media-Center-XP-New-197_W0QQitemZ290334295979QQcmdZViewItemQQptZPCA_Mice_Trackballs?hash=item439945c7ab&_trksid=p3286.c0.m14#ht_4796wt_1165

    නමුත් මේ සෙලර් ගෙන් නෙවෙයි ගත්තේ… ගොඩක් අය ගාව මේක තියනවා…

  19. sunetmedia Says:

    kalinga you know the place where i can buy that remt control , i have it (with asus tv fm card )
    but now i looking for buy new one ,,,, thanks

  20. කාලිංග Says:

    @sunetmedia

    if your asking about the remote that comes with the Asus TV card, not sure, but if you want to copy the IR codes, i can lend you my remote but then you need a learning remote to copy them. try eBay they might have one.

  21. Akila DJ Says:

    Just take a Look

    http://yy.vc/Kalin_XP_sp2

    Firefox, Windows XP,SP2

    No Problems in Chrome,Opera,IE7 🙂

  22. R. Pradeep Says:

    කාලින්ග, එළ ලිපියක්. ඔයාගෙ ඈම්ප් එක මොකද්ද? Digital Input තියෙන ඈම්ප් කොහෙන්ද ගන්නෙ? අර Crown එකෙ විකුනන Prologic ඈම්ප් මේ වෑඩේට හරි යන්නෙ නෑද්ද?

    Ebay එකෙන් ඔය remote එක ගෙන්නුවොත් duty charge කරනවද? sure seller කෙනෙක් ඉන්නවාද? මම ebay එකෙන් බඩු අරන් නෑ.

  23. ප්‍රවීන් ඉන්ද්‍රනාම Says:

    ආහ්.. මේක දැක්කාමයි මතක් උනේ. මගේ ASUS MyCinema TV කාඩ් එක වේලි වේලි තියෙන්නේ. ඒකෙ IR Remote එකකුත් තියෙනවා නෙව. ඒකෙන් පුලුවන් මැසිම කොන්ටෝල් කරගන්න.

    මේ.. ඔය මැෂින් එකේ VGA අවුට්පුට් එක ටීවි එකට දෙන්න පුලුවන් විදියට Composite හරි S-Video හරි කරගන්න පුලුවන් වෙයි නේද? (නැත්තං වෙනම graphic card එකක් ගන්න වෙනවනේ tv out තියෙන)

  24. කාලිංග Says:

    @R. Pradeep

    කාලින්ග, එළ ලිපියක්. ඔයාගෙ ඈම්ප් එක මොකද්ද?

    Yamaha RX-V765

    Digital Input තියෙන ඈම්ප් කොහෙන්ද ගන්නෙ?

    Yamaha Show Room, Sony, Abans etc

    අර Crown එකෙ විකුනන Prologic ඈම්ප් මේ වෑඩේට හරි යන්නෙ නෑද්ද?

    නෑ වැඩක් නෑ, මොකද ProLogic කියන්නේ 1900 බරගනන් වල එකක් 😀 ගන්නවානම් Dolby Digital 6.1 හෝ අඩු ගානේ 5.1 වත්, DTS තියනවානම් තවත් හොදයි

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම

    මේ.. ඔය මැෂින් එකේ VGA අවුට්පුට් එක ටීවි එකට දෙන්න පුලුවන් විදියට Composite හරි S-Video හරි කරගන්න පුලුවන් වෙයි නේද?

    VGA to S-Video/Composite converter නම් හරියට වැඩ නෑ. හොදම වැඩේ තමයි Video out තියන VGA එකක් ගන්න එක.

    හැබැයි සමහර LCD TV වල නම් VGA input එකක් එනවා….

  25. dragz Says:

    Or else try a motherboard with a video out put (INTEL D945GCLF2, i945GC, Atom N330 (2x 1.6GHz))

  26. Sampath Says:

    okata broadcom hd accelerator eka daala 1080p hd videos balanna puluwan weida??

  27. කාලිංග Says:

    ඔන්න Part-2 එක දැම්මා…

    http://sinhala.kalingasblog.com/2009/08/23/diy-intel-atom-media-center-casing

    DIY Casing එක…

  28. කාලිංග Says:

    @Sampath

    ඔයාගේ comment එක spam වෙල තිබුනේ.

    බෑ… මොක්ද ඒක සවි කරන්න PCI-E slot එකක් ඕනේ, මේ board එකේ එකක් නෑ.

  29. Sampath Says:

    @ කාලිංග
    අර nividia බෝඩ් එක නම් නියමයි වගේ.intel atom 330 කියන්නෙ dual core porcessor 1 සෑහෙන්න හොඳයි.
    ඩුවල් කෝර් එකක් නේ.
    මේවගෙ HD අවුල් යන්නෙ cpu මදි නිසා නේද?

    passmark cpu benchmark – atom 330 – 616
    atom n270 – 300
    p4 3ghz – 487

  30. කාලිංග Says:

    @Sampath

    HD අවුල් වෙන්නේ GPU නිසා, මොක්ද CPU එකට අමාරුයි HD content decode කරන්න, ඒකට හොද GPU එකක් ඕනේ. Nvidia අව්ලනම් HD Decoding software එක PureVideo, Nvidia card එකක් ගත්තට මදී මේ සොෆ්ට් වෙයා එක මුදල් දීලා ගන්න ඔනේ, අනික card එක HDCP support ද කියලා බලන්න ඕනේ.

  31. Wickramathilaka Says:

    mama oyalage Tec Kata Programm eka ahnawa eka neyamaii

  32. ඩිලාන් Says:

    අයියේ, ඔයාගෙ ස්පීකර් සිස්ටම් එක මොකක්ද? බ්‍රෑන්ඩ් එක මොකක්ද?

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed