when u screw every one on da road, u can always make it on time to office, but if u drive like a gentleman, every one else will screwing u!

Home About Kalinga Sinhala Unicode Help Post List English Blog Techකතා සිංහල බ්ලොග් කියවනය (Syndi)

GPS වැඩ කරන්නේ කොහොමද ?

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වුණ නිසා, අද හිතුණා එකක් ලියන්න ඕනේ කියලා, අද නම් දවසම  කළේ නිදාගත්ත එක තමයි.  ඉස්සරනම් මාසෙට පොස්ට් කීපයක් ලියනවා, දැන් කාල වේලාව පොඩ්ඩක් මදි නිසා ඒක හරියට වෙන්නේ නෑ :(  ඉතින් අද කතාකරන්න යන්නේ GPS ගැන, මේ GPRS නම් නොවෙයි :) GPS කියන්නේ Global Positioning System කියන එකයි. මේකෙන් කරන්නෙ හරිම සරල දෙයක් වුවත් එහි වටිනාකම හරිම වැදගත්. GPS උපකරණයකින් කරන්නේ තමන් ඉන්න තැන හරියටම අක්ෂාංශ හා දේශාංශ ලබාදීමයි. සරලම GPS එක මේකයි, දැන් GPS බොහෝමයක map එකක්ද එනවා, ඒ නිසා තමන් සිටින ස්ථානය වගේම අවට දේවල්ද මැප් එකෙන් පෙන්වනවා. පිට රටවලනම් වාහනවල navigation system එකක් එනවා, මේකෙන් කරන්නේ ඉන්න ස්ථානය, යන්න හදන තැනට ඇති කෙටිම පාර වගේම යන විට හැරෙන්න ඕන තැන් පවා කටහඬකින් කියනවා.

දැන් GPS එක හරිම සුලභ භාණ්ඩයක් වෙලා, ගොඩක් ජංගම දුරකථනවල පවා මෙය එනවා. ඉතින් ජංගම දුරකථනයට google maps වගේ දාගත්තා නම් ලංකාවේ බොහෝ මාර්ග එහි තිබෙනවා. ඒවගේම පාරක් හෝ නොදන්න ස්ථානයක් තිබෙනවා නම් ඒක search කර වුවද සොයාගන්න පුළුවන්. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ iPhone එකක google maps හරහා ස්ථානයක් search කළ විට දිස්වෙන ආකාරය.

img_0106

ඉතින් මේවගේ ගොඩක් දෑ සදහා GPS භාවිත කරනවා, අපි බලමු කොහොමද මේ GPS වැඩ කරන්නේ කියලා.  GPS උපකරණවලට ඉන්නා ස්ථානය පෙන්වන්න උපකාර කරන්න GPS satellites තියනවා.  මේසදහා වන්ද්‍රිකා 27 තිබුණද, භාවිත කරන්නේ 24 පමණයි, ඉතුරු 3 ඇත්තේ හදිසි අවස්ථාවලදී දුර්වල/ක්‍රියාකාරී නැතිවුණ චන්ද්‍රිකාවක් replace කිරීම සඳහා යි. මේ GPS network එකේ අයිතිය හා එය පාලනය කරනේ ඇමරිකාවේ හමුදාව මගින්. මෙහි ආරම්භය යුදමය පසුබිමක් සහිත වුවද පසුව සියලුදෙනාටම භාවිත කිරීමට ඇමරිකාව ඉඩ දුන්නා, නමුත් වසර 2000 වන තුරු අන් අයට GPS නිවැරදිතාවල මීටර 100+/- ලෙස තමයි ලබාදුන්නේ. වසර 2000 න් පසු මෙම බාධකය ඉවත් කෙරුණා.

gps-3

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ GPS චන්ද්‍රිකා කක්ෂගත කර ඇති ආකාරයයි. මේවා පොලොවේ සිට සැතපුම් 12,000 දුරින් ඉහළ අහසේ රඳවා තිබෙනවා.

සෑම GPS චන්ද්‍රිකාවක්ම එකම අවස්ථාවේ තමන්ගේ පිහිටීම හා වෙලාව radio waves හරහා විකාශනය කරයි. මෙහි ඇති ලොකුම ගැටලුව වෙලාවේ නිවැරදිතාවයි, එම නිසා සෑම චන්ද්‍රිකාවකම Atomic clock (පරමාණු) එකක් ඇත. මෙය ලොව ඇති නිවැරදිම වර්ගයේ ඔරලෝසුවකි.  GPS reciver උපකරණයක් මගින් මේ ලැබෙන දත්ත (අඩුම වශයෙන් චන්ද්‍රිකා 4 ක් වත්) යොදාගෙන තමන් සිටින ස්ථානය මෙන්ම මුහුදු මට්ටමේ සිට උසද දක්වයි. චන්ද්‍රිකා වැඩි වන තරමට නිවැරදිතාව වැඩිවෙයි. මෙය ගණනය කරනේ චන්ද්‍රිකාවේ signal එක එවපු වෙලාවේ සිට reciver එකට එන්න ගතවු කාලය (radio waves ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්) චන්ද්‍රිකා කීපයක් හා ගණනය කිරීමෙන්. GPS reciver එකේ මේ Atomic clock එකක් නොමැත, නමුත් චන්ද්‍රිකා හරහා එන දත්ත් අනුව, තමන්ගේ ඇතුලත ඔරලෝසුවේ කාලය සකසා ගනු ලැබෙයි.

GPS හරියාකාරව ක්‍රියාකිරීමට එළිමහනේ, සිටිය යුතුයි.  GPS උපකරණය හා චන්ද්‍රිකාව අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතුයි. නැතිනම් නිවැරදි බව අඩුවෙනවා.

img_0110

GPS මගින් සිටින ස්ථානය  හරිය පෙන්වන විට, මීටර 14ක නිවැරදීතාවයක් යටතේ.

img_0109

GPS application එකක් මගින් ඉන්නා ස්ථානය දත්ත වගේම, මුහුදු මට්ටමේ සිට උස පෙන්වන ආකාරය. (මෙම දත්ත ලබාගත්තේ එළිමහනේ නොවෙන නිසා නිවැරදිබ අඩුයි, මීටර  163.0 අඩු හෝ වැඩි)

මීට අමතරව දැන් ජංගම දුරකතනවල A-GPS ලෙස සේවයක් එනවා. මෙයින් කරන්නේ cell tower එකේ ස්ථාන දත්ත උපයෝගී කරගෙන තමන් ඉන්න ස්ථානය පෙන්වීමයි. මෙහි 1km~3km වගේ නිවැරදීතාවයක් තමයි තිබෙන්නේ. ළඟ ඇති cell tower වැඩිවන විට නිවැරදි තාවද වැඩි වෙනවා.

img_0108

A-GPS එකක ස්ථානය දිස්වන අයුරු. වටයෙන් පෙන්වනේ නිවැරදීතාවය කොපමණද කියා.

  • Share/Bookmark

70 Responses to “GPS වැඩ කරන්නේ කොහොමද ?”

  1. ගයාන් තාරක Says:

    මාත් සැටලයිට් ගැන කලින් දවසක හෙව්වා මාර තොගයක් උඩ තියෙනවානේ. ඔක්කොම මෙන්න මෙතන තියෙනවා.

    It Needs JRE

  2. කාලිංග Says:

    @ගයාන්

    ආ, නාසා එකේ එක මාත දවස් දෙක තුනක් එහෙට මෙහට කරලා තියනවා, ඔයාගේ පොස්ට් එක මම දැක්කා කලින් :D

  3. ගයන්ත Says:

    N73 එකෙත් පෙන්නුවේ ලොකු රවුමක් ඇතුලෙ, (නිවාරදිතාවය 3990m කියල තිබුනෙ)
    ඒ කියන්නෙ A-GPS නේ?

    A-GPS වල Tower එකෙන් signal ගන්න එක Network එකෙන් free දෙනවද?
    (Dialog වල current location SMS එක VAS එකක් නෙ ;) )

  4. කාලිංග Says:

    @ගයන්ත

    ඒ කියනේ A-GPS, මේක cell tower එකේ දත්ත වලින් ගන්නේ, A-GPS signals tower එකේ control signal එක්ක එනේ. ඒකට මුදල් ගනේ නෑ.

  5. admin Says:

    මගේ එකෙත් A-GPS තියෙනව. සාමාන්‍යයෙන් කොළඹ පැත්තෙදි එහෙම ටිකක් හොඳට පේනව. නුවරදි එහෙම 3400m වගේ.

  6. Malinthe Says:

    මගේ එකෙත් A-GPS තියෙනව. සාමාන්‍යයෙන් කොළඹ පැත්තෙදි එහෙම ටිකක් හොඳට පේනව. නුවරදි එහෙම 3400m වගේ. කලින් comment එක අල වුණා :D

  7. කාලිංග Says:

    @admin (AKA මලින්ත)

    OpenID එක හදාගන්න වෙයි, හික්ස්…

    කොළඹ tower වල radius (ඒ කියනේ ආවරන වන ප්‍රමාණය) අඩුනිසා නිවැරදි බව වැඩියි, tower දුරින් පිහිටන්න පිහිරන්න නිවැරදි බව අඩුයි.

  8. ශාකුන්තල Says:

    වැදගත් ලිපියක්. මේ වෙලාවේ අපි කැම්පස් එකේ GPS ගැන පොඩි කතා බහක්. නියම වෙලාවටම මේ ආටිකල් එකත් සෙට් වුණේ. :D

  9. ගයාන් තාරක Says:

    :) මම හිතන් හිටියෙ කවුරුවත් ඒක බලන්න නැතිව ඇති කියල.

    මට මාසෙකට Video Calls 100 min Free තියෙනවා.ඒත් තියෙන්නේ Nokia 6230 එකක්නේ. ඉතිං 100ම ඉතිරියි.

    ඔ්ව නම් චෙක් කරල බලන්න ආසයි. ඒත් කොහෙද මේකෙ ඔ්ව නෑනේ.
    සැටලයිට් රිසීවර් එකකුත් හොයාගත්ත ඩිෂ් එකක් නෑ. :(

    මගෙත් තියෙන්නේ ඔක්කොම හෙණ්ඩුව තියෙනව ඇතා නැති වැඩ. :D

    සිංහල ටිකක් අවුල් වෙලා තියෙන්නෙ මේ වෙලාවෙ real time converter එක පාවිච්චි කරන නිසා.
    සිංහල අකුරු වල code මතක නෑ දැන් unicode පුරුදුවෙච්ච නිසා

  10. ගයාන් තාරක Says:

    GPS වලින් අපි යන තැන් වල මැප් එකක් හදාගන්න පුලුවන්ද?
    අපේ අයිය එහෙම කතාවක් කිවුව වගේ මතකයි.
    ඒත් කොහොමද කියල නම් කිවුවෙ නෑ.

  11. පොතේ ගුරා Says:

    ගොඩක් වැදගත් කරුණු ටිකක්..ස්තූතියි..

  12. කාලිංග Says:

    @ශාකුන්තල

    ඔවු, මේක මාර ෆන් වැඩක්, අර ටෙක්කතාවල කියපු, arduino වල තියනවා GPS මොඩියුල් එකක් හයි කරගෙන කරන project එහම.

    @ගයාන් තාරක

    comment නොදැම්මට අපි බලනවා :D

    මම දැනට http://www.openstreetmap.org/ බාවිතා කරනවා, යන එන තැන් බලාගන්න, අලයකට තියෙන්නේ iPhone එකේ multiple apps run කරන්න බැරි එක තමයි.

  13. Chathura Sandeepa Says:

    ආහ් මරු post 1 :D , කාලිංග ගේ blog එකේ මලින්ත admin වෙලා වගේ :P

  14. කාලිංග Says:

    @Chathura Sandeepa

    කොල්ලා චන්ඩියා වෙලා :D

  15. නුවන්සි Says:

    ෂහ් නියමයි නේ, මටත් කරගන්න තිබුන නම් හොදයි.
    එත් මට තියෙන්නේ S/E w910i එකක්නේ
    එකට මුකුත් නැනේ අඩුම තරමෙ app එකක්වත් දාගන්න තිබුනනම් මාත් ලොක්කෙක් තමයි.
    පුර්ර්

  16. කාලිංග Says:

    @නුවන්සි

    මට මතක විදියට google maps වැඩ කරනවා, පොඩ්ඩක් m.google.com වෙත ගිහින් බලන්න.

  17. Chathura Wick Says:

    ආහ්… පරණ ඒව ලින්ක් ද දා ඉඳල අන්තිමට ලිව්වා නේද එකක්?

    එළ එළ… ‍ගූගල් මැප්ස් පාවිච්චි කරන්න කියන වෙලේ පොඩ්ඩ‍ක් Data Charges ගැනත් ඇහැ ගහගෙන ඉන්න කිව්වනම් නරකද? :D

    අද මම ගියා මොබිටෙල් එකට… ‍තියෙන connection එකටම Zoom 490 එක active කරල දෙන්නම් කිව්වා :D

  18. කාලිංග Says:

    @Chathura Wick

    හික්,ඔවු ඔවු, Google map වැඩකරන්නා අන්තර්ජාල හරහා තමයි, මොකද map download වෙවී තමයි පෙන්වන්නේ. ඉතින් ඩේටා ගොඩක් යනවා, හොදම වැඩේ චතුර කිවුවා වගේ data package එකක් voice line එකට active කරගන්න එක.

  19. Thilina Says:

    එළ ලිපියක්. මම හිතන්නේ මගේ පෝන් කට්ට මාරු කරන්න කාලේ හරි. චොර කිව්වට අයිපෝන් එක හොදයිනේ…

  20. කාලිංග Says:

    @Thilina

    iPhone එක Mobile Phone එකක් හැටියට චා, දැන්නම් OS3 එකත් එක පොඩක් ෂේප්, ඒත් PDA එකක් හැටියට ගොඩක් හොදයි.

    අනික මේ මැප්ස් use කරන්න iPhone එකක්ම ඕනේ නෑ. ගොඩක් අලුත් ෆොන් වල තියනවා.

  21. සඳුන් Says:

    හොඳ පෝස්ට් එකක්
    මමත් A-GPS කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඒක වැඩ කරන්නෙ 3ග් කවරේජ් එක තියෙනවනං විතරයි නේද?
    අනිත් එක ඒකට මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගෙ කුළුණුවලට අදාල ස්ථාන දත්ත ඇතුල් කරල තියෙන්න ඕනෙ නේද?

  22. සඳුන් Says:

    හොඳ පෝස්ට් එකක්
    මමත් A-GPS කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඒක වැඩ කරන්නෙ 3G කවරේජ් එක තියෙනවනං විතරයි නේද?
    අනිත් එක ඒකට මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගෙ කුළුණුවලට අදාල ස්ථාන දත්ත ඇතුල් කරල තියෙන්න ඕනෙ නේද?

  23. කාලිංග Says:

    @සඳුන්

    මමත් A-GPS කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඒක වැඩ කරන්නෙ 3G කවරේජ් එක තියෙනවනං විතරයි නේද?

    3G ඕනේම නෑ

    අනිත් එක ඒකට මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගෙ කුළුණුවලට අදාල ස්ථාන දත්ත ඇතුල් කරල තියෙන්න ඕනෙ නේද?

    ඔවු, දැන් හැමෝම වගේ දාල තියෙන්නේ සමහර තැන් වල නෑ.

  24. සහන් Says:

    මගෙ තියෙන්නෙ SE p990i ෆෝන් එකක්. p990 යෙ GPS වැඩ කරන්න පුලුවන්ද, වැඩ කරන්න මගෙ phone එකේ තියෙන්න ඕන requirements මොනවද. Applications දාන්න ඕනනම් ඒවත් කියන්න.

  25. කාලිංග Says:

    @සහන්

    මාගාව SE P990 එකක් නැති නිසා හරියට කියන්න දන්නේ නෑ. ඒත් P990i එකේ GPS නම් නෑ, නමුත් google maps app එක දාන්න පුලුවන්නම් ඒක ගොඩක් වලාවට cell location අරගන පෙන්නනවා.

    දැනට මම බාවිතාකරනේ google maps ඒක නොමිලේ වගේම ලංකාවේ බොහොමයක් පාරවල් හොදට තියන නිසා, දැනට ලංකාවේ සිතියම් තියන software එකක් නම් දන්නේ නෑ. හොයලා කියන්නම්.

  26. ධනික Says:

    ගොඩක් හොඳ ලිපියක්. නොදැන හිටපු කරුණු ගොඩක් දැනගත්තා.

    ඕනෙම phone එකක cell information display එක ON කලාම stand-by mood එකේදි ඒ වෙලාවෙ ඉන්න ගම් පළාතෙ නම දිස්වෙනවනෙ. ඒ A-GPA මගින් නෙමෙයිද? 3G, GPRS මුකුත් නැති phone වල පවා එය දිස්වෙනවා. එහිදි ලඟම තියෙන tower එකෙන් එම information phone එකට එන්නෙ data signals විදියට නෙමෙයිද?

  27. කාලිංග Says:

    @ධනික

    දෙක වෙනස්, ඕකට කියනේ cell info කියලා. අනිත් එක cell location Latitude/Longitude දෙකම එනවා, ඒ මගින් තමයි A-GPS location එක ගන්නේ.

  28. Thilina Says:

    (මාතෘ‍කාවට අදාල නැත.) ටෙක් කතා 21 කෝ…?

  29. උදාර Says:

    හප්පේ… අති වැදගත් කරුණු ටිකක් දැන කියා ගත්තා… මං එකෙක් එක්ක රණ්ඩුත් වුනා ‍ජීපීඑස් ගැන වාදයක් කොරන්න ගිහින්… හී හී… දැන්නම් බය නැතුව දෙන්න පුළුවන් ඇට්ටි හැලෙන්න… තව වැඩිපුර කරුණු ටිකක් එකතු කලොත් හොදයි වගේ ඇතුලත්මුදලිතුමෝ…

  30. -බිன்ku- Says:

    මට iPone ඒක අලන්නේ නෑ එතරම්ම, ඒ නිසා හැකිද මේ GPS තාක්ෂණය වැඩ කරන ජංගම දුර්කථන මාදිලි කිහිපයක් හදුන්වා දෙන්න? ගුගුල්හී අළුත්ම ජංගම දුරකථනයට මේ තිබේද?

    ඒ වගේම විදේශික ජංගම දුරකථන සම්බන්ධතාවයක් තිබෙන එකක් ලංකාව තුල මඟින් GPS භාවිතා කරන්න පුලුවන්ද?

    ඒ වගේම ලැප්ටොප් එකක්ට ඔය GPS Technology ගන්න විදිහක් නැද්ද?

    Sorry for asking those stupid questions! :D

  31. කාලිංග Says:

    @Thilina

    මේපාර වැඩේ අපේ බුද්දික කරනේ, අද හෙට දාන්නම් :D මම වගේ වෙලාවට වැඩ නෑ නේ :P

    @උදාර

    ආ… තව මොනවද දැනගන්න ඕනේ ?

    @-බිன்ku-

    මට iPone ඒක අලන්නේ නෑ එතරම්ම,

    හික්… ඒකනම් මටත් එහම තමයි :D

    ඒ නිසා හැකිද මේ GPS තාක්ෂණය වැඩ කරන ජංගම දුර්කථන මාදිලි කිහිපයක් හදුන්වා දෙන්න? ගුගුල්හී අළුත්ම ජංගම දුරකථනයට මේ තිබේද?

    ගොඩක් තියනවා, අලුත් Nokia බොහොමයක වගේ තියනවා.
    G1 එකේ GPS තියනවා.

    ඒ වගේම විදේශික ජංගම දුරකථන සම්බන්ධතාවයක් තිබෙන එකක් ලංකාව තුල මඟින් GPS භාවිතා කරන්න පුලුවන්ද?

    පුලුවන්, මොකද GPS එක service provider ලබාදෙන සේවාවක් නොවන නිසා.

    ඒ වගේම ලැප්ටොප් එකක්ට ඔය GPS Technology ගන්න විදිහක් නැද්ද?

    පුලුවන්, ගොඩක් USB/Bluetooth GPS modules තියනවා.

    Sorry for asking those stupid questions!

    there are no stupid questions in my blog :) any one can ask any thing… and how ppl gonna know/learn things if they dont ask questions ?

  32. Ruchira Sahan Says:

    Thank you for this nice post! but what is the bond between the google maps and GPS if google maps downloading map from WWW?

  33. සහන් Says:

    හරි මම p990 ට ගූගල් මැප් දැම්මා, ඒකට 3G ඕනකරනවද GPRS වලින් බැරිද.
    GPS වල වගේ ගූගල් මැප් වල නිවැරදිව ඉන්න තැන පෙන්වනවද?(ප්‍රශ්න ගොඩයි)

  34. කාලිංග Says:

    @Ruchira Sahan

    none, but thats the only FREE MAP software that has the roads and land marks in Sri Lanka (maybe there are others witch i dont know about) and yes, it download the MAP off the web.

    @සහන්

    GPRS ඇති, P990 එකේ GPS නෑ, A-GPS තමයි බාවිතකරන්න වෙන්නේ. google maps වල, where i am (show my location) කරානම් ඉන්නා ස්තානය ආසන්න කිලෝමීට කීපය පෙන්වනවා.

  35. Malinda Says:

    http://blog.malindaprasad.com/wp-content/uploads/2009/06/img_0015.png

    මේ මම අරන් තිබ්බ එකක්. මීට වඩා ලගට 95 එකේ පෙන්වනව. රවුම නැතිව. හැබැයි මරු මේක. ඒත් ටිකක් නගරෙන් දුරට යද්දි හරියට වැඩ නෑ. සිතියමුතු නැති නිසා වහ.
    නොකියා නැවිගේටර් දුරකථන වල වෙනසක් තියනවද? ඒකට ගූගල් මැප් දාන්න ගිහින් අලයක් උනා. ඒක නිසා බලන්න බැරි උනා. නොකියා මැප් එකේ ලංකාවෙ හරියට නෑනෙ.

  36. Malinda Says:

    95 එකේ ලගට පෙන්වනව කීවෙ ඔය ලොකු රවුම නැතිව කුඩා ඩොට් එකකට. හැබැයි හරියටම හරි.

  37. කාලිංග Says:

    @Malinda

    ආ, පොඩි රවුමක් පේන්නේ ඒක නිකන් echo වගේ වෙනවා… නැතුව තැන වැරදියි කියන එක නෙවෙයි, මේකෙත් හරියටම තැන පෙන්නනවා.

    නොකියා නැවිගේටර් වල එන්නේ ඒ අයගෙම map software එකක්, ඔයා කිවුවා වගේ ඒකේ නෑ ලංකාව. ඉන්දියාවනම් තියනවා. මම දන්න තරමට නොකියා නැවිගේටර් වලත් google maps හරියට වැඩ කරනවා.

  38. Malinda Says:

    ඒකෙ මෙමරිය අලයක්. මොකද මම ගූගල් මැප් එකෙන් n70 ක අරන් තමා බ්ලොග් එකට දැම්මෙ.

    ඔව්. මේකෙ තැන හරි.

  39. NUWAN"s lane Says:

    ඉතාම වෑදගත් ලිපියක්. බොහෝම ස්තුතියි,මමත් මේ ගෑන තොරතුරු සොයමින් හිටියේ,මගෙ s.eric k800 එකට ගූගල් මෑප්ස් දාන්න පුලුවන්ද?

  40. Malinda Says:

    ඔව්. මම දාල තියනව. ජාව එක. සිතියම් බලාගන්න එාහම මරු

    http://blog.malindaprasad.com/2009/05/19/sri-lankan-pocket-maps-with-google-maps-on-mobile/

  41. Nirmal Says:

    Very nice post any one can tell me Agps is working on NOkia 6120C phone?

  42. කාලිංග Says:

    @Nirmal

    not 100% sure about it. far as i know it support it.

  43. Priya Says:

    හොද ලිපියක්…. GPS එකෙන් ගන්න දත්ත වලින් ගොඩක් ප්‍රයෝජනවත් විහ්ලේෂනයන් කරන්න පුලුවන්… Arc GIS soft ware එකෙන්…… අපේ රටේ රාජ්‍ය ආයතන ගණනාවක GIS පාවිච්චි කරනව තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ලෙස (Decition Making tool)

    ඔහොම යමු…… ලෝකෙ හැම දැනුමක්ම ලබාගෙන ඒව අපිට අවශය විදියට හැඩගස්සව ගනිමු……

  44. Dili | දිලින Says:

    ඇමරිකාවට තර්ජන එල්ල වෙනකොට පොදු GPS සේවා ක්‍රියාවිරහිත කරනව කියල මම අහල තියෙනව ඒත් දැකල නම් නෑ. ඕක තව අවුරුදු කීපයකින් නැතිවෙලා යන්නත් බැරි නෑ. යුරෝපා සංගමය මගින් වෙනම පොදු චන්ද්‍රිකා ජාලයක්‌ හදාගෙන යනව ඔය හමුදාමය බලපෑම GPS එකට තියෙන නිසා. ඒකට කියන්නෙ Galileo කියල. 2013 වගේ වෙනකොට ඉවර කරන්න බලාපොරොතුතු වෙනවලු. චීන්නු තනියම ලෝක ව්‍යාප්ත GPS එකට සමාන චන්ද්‍රිකා ජාලයක්‌, ඉන්දියාව සහ ජපානය ඒ රටවලට ආවේනික GPS එකට සමාන චන්ද්‍රිකා ජාලයක් හදන්නත් සැලසුම් කරනවලු.

  45. මහේෂ් කූරගම Says:

    හිතවත් කාලිංග

    මම භාවිතා කරන්නෙ ASUS P535 වර්ගයේ ජංගම දුරකතනයක්. මෙහි GPS සේවාව ලබා ගැනීම සඳහා අමතර GPS ඇන්ටනාවක් ද මා සතුව ඇත. එහි GPS භාවිතා කරන ආකාරය පිළිබදව ඔබ දන්නා තොරතුරු ලබා දෙන්න පුළුවන්ද?

    මහේෂ්

  46. කාලිංග Says:

    @මහේෂ්

    දැනට වින්ඩොස් මෝබයිල් සහදහා Google MAPS ඇතිනිසා, ඔබට මෙයට Google maps install කොට GPS බාවිතා කිරීමට හැකිය. GPS ඇන්ටෙනාව ඇත්තේ නිවැරදි තාවට තවත් වැඩි කිරීම සහදහාය. සමහර විට ඔබට GPS on කිරීමට සිදුවෙන්න පුලුවන්. මම ASUS P535 බාවිතා කර නැති නිසා වඩි විස්තරයක් ලබාදීමට නොහැක.

  47. මහේෂ් කූරගම Says:

    හිතවත් කාලිංග

    ඔබේ උපදෙස් වලට ස්තූතියි. GPS වැඩ කිරීම සඳහා GPRS හෝ Internet අවශ්‍ය වෙනවද ?

    මහේෂ්

  48. randeera Says:

    සාමාන්‍යය මොබයිල් phone වලත් ඉන්න තැන පෙන්නන්නේ A-GPS වලින්ද?

  49. Sadeepa Says:

    @Kalinga and all, First of all My apologies for not writing in Sinhala. This is basically to clarify some points about A-GPS.

    First of all A-GPS is NOT position calculation based on cell-tower locations. A-GPS means “Assisted Global Positioning System” and it needs both GPS satellites and support from cellular network. Basically what it does is explained below.
    GPS receiver needs to know the position of each satellite and looks for its signal. In normal GPS receiver it searches randomly (or depending on stored/last known location) for satellites and then get required information from it. This process needs some time and that’s why GPS needs some time to start working. In week signal conditions this becomes worse and search time gets increased and will become difficult to lock in to GPS signals. That’s where A-GPS comes in to play. In A-GPS receivers, first it requests satellite data from the cellular network. Then that network checks where (which tower) this mobile is now located and looks in Location services server for the GPS satellite data and send appropriate data back (this needs data communication via GPRS). From this data, the A-GPS receiver knows exactly which satellites are to looks for and gets lock in to it very easily. And it takes less time. To use this, it must be both supported by the mobile and network. Usually it needs a subscription from network and they charge for it.

    Position calculation based on cellular tower is known as “Network based Positioning” and its usually free service. This method uses the Cell Broadcast Service to get the position from the cell tower. Now most of the networks support this cell broadcasts and that is what Google maps is using to show position when GPS is not available.

    This method can be improved further using signal strength measurements, triangulation using location of adjacent cell towers etc.. but I think this is off the scope of this comment.

    @Nirmal – Nokia 6120c does not have A-GPS or GPS built in. Therefore there is no way of A-GPS working with it. But can use external GPS connected via Bluetooth to get GPS working. But Google maps can use Network based Positioning (again this is not AGPS) as well as external GPS on 6120c. I have used it extensively 

  50. කාලිංග Says:

    @Sadeepa

    ගැටලු හහිත තැන් විස්තර කරාට ස්තුතියි.

    GPS හෝ A-GPS නැති මගේ පරණ I-Mate SP5 එකේ පවා Cell tower එක ආදාරයෙන් google MAPS වල ඉන්නා ස්තානය අසන්නව පෙන්වුවා. මේගැන මොකද කියන්න පුලුවන් ?

  51. Sadeepa Says:

    @Kalinga
    Each cell tower has its own unique ID known as “Cell ID” and it is broadcasts through the control channels. This “Cell ID” of the currently attached cell can be queried from the phones operating system. When GPS is not available Google maps use this cell ID to lookup location from its own data base. Ie. – When you call “my location”, Google maps app sends a quarry to its servers over the internet for the location/range of current cell ID, when it gets this information it shows it graphically on map. That’s how it displays location without GPS or A-GPS.
    By the way, no network operator in Sri Lanka supports A-GPS at the moment.

  52. පහන් Says:

    හොඳ ලිපියක්. මේවගේ දේවල් ගැන ලිපි ලි‍යැවෙනවා අඩුයි. ස්තුතියි. (බඩවැල වගේ තියෙන නිසා කලින් උඩින් පල්ලෙන් කියෙව්වේ අදයි හරියට කියෙව්වේ :D )

  53. කාලිංග Says:

    @මහේෂ් කූරගම

    GPS වැඩ කරන්න GPRS/Internet අවෂම නොවෙයි, නමුත් google maps එක වැඩ කිරීමේදී google maps MAP දත්ත ලබාගන්නේ Internet එක හරහා නිසා GPRS/Internet අවෂවෙයි.

  54. Sadeepa Says:

    @ randeera
    සාමාන්‍ය මොබයිල් ෆොන් වල ඉන්න තැන පෙන්වන්නේ A-GPS වලින් නෙවෙයි. මේ සදහා භාවිතා වෙන්නේ Cell Bradcasts නම් ක්‍රමයයි. සම්මුතියක් වශයෙන් කුලුණු තමන්ගේ පිහිටීම නුගේගොඩ, නාවල අදී වශයෙන් Cell Bradcasts Channel 50 ඔස්සේ විකාශනය කරයි. මොබයිල් ෆොන් එක තමන් සම්බන්ධ වෙලා තිබෙන කුලුනෙන් විකාශනය වෙන ස්ථානය තමන් සිටින ස්ථානය වශයෙන් දක්වයි. මේවා Network operater විසින් ඇතුලත් කළ දත්තයන් වන අතර වැරදීම් වුණු අවස්ථාද නැතුවා නොවෙයි. Dialog ZerO77 Live වැඩ කෙරන්නෙත් මේ අකාරයටමයි. A-GPS විස්තර සදහා මගේ July 3rd, 2009 at 12:21 pm සටහන බලන්න.

  55. Ruchira Sahan Says:

    I got iphone 3G 8GB recently! Its network locked one from UK (Orange network)! If i jail break it with new software revision (V3.0), Can I able to download apps from istore and itunes?

  56. කාලිංග Says:

    @Ruchira Sahan

    most of the time you will not have any issues using it with iTunes, unless its already registered with iTunes.

  57. Ruchira Sahan Says:

    Thank you for the immediate reply!! I want to unlock my iphone, i asked it from the best phone repair shop in Gampaha Town and they said they didn’t unlock it these days because a Unlock sim has arrived in to the market and can purchase it for cheap like Rs.850. And what is your advice about it? I heard that if we use unlock sims we cant use HSPA services etc. So whats your advice about this? should i use the Unlock sim or jail break it? (my current software version is 2.2.1)

  58. කාලිංග Says:

    @Ruchira Sahan

    Jail braking is the best idea, even with OS 3.0 you can do this with out an issues. if you use a unlook SIM you have to cut your SIM as well to fit it in so what i would say is to jail brake it. then you have the option of installing apps thats not in iTunes apps store.

  59. Sadeepa Says:

    @මහේෂ් කූරගම
    On your Asus 535 try this and let me know. ( I assume you have internet connectivity and google maps installed)
    (1)settings->Externel GPS set following: Program Port-COM4: Hardware Port-COM2,baud 4800; Access-Tick (enable) Manage GPS automatically.
    (2)Google maps menu->options->GPS settings : Managed by windows
    (if you really want to Set Manually then set COM4 , 4800)
    (3)Google maps menu->tick on “USE GPS”

    Then you should see “Initializing GPS” for a moment and them “seeeking GPS satellites(0)…” on top right hand corner of display. If not let me know.

    For good reception connect your external GPS antenna and if you can please let me know what type of antenna it is.

  60. Akila DJ Says:

    meke thiyana okkoma Sinhala akuru mata ada wela penne ayi ???

    මේකෙ තියෙන ඔක්කොම සිංහල අකුරු මට ඇද වෙලා පේන්නෙ ඇයි ???

    !

  61. දුකා Says:

    ෂා නියම ලිපියක් . . . සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා . . . ගොඩක් ස්තූත්යි . . . මගේ සමහර යාලුවෝ පාවිච්චි කරනවා මට හිතා ගන්න බැරුව හිටියේ කොහොම වෙනවා ඇත්ද කියලා . . .මගේ යාලුවන්තත් යවන්න ඕන මේ ලිපිය . . .

  62. pavithra Says:

    Mage SE C702 phone eketh GPS interated ekak. A-GPS active karala Google maps giyama 5~10 seconds atharedi asanna 10m ta position pennanawa. A-GPS nathuwa GPS walin nam 2min withara yanawa. wenasa ekai.

  63. sadeepa Says:

    @pavithra : you are correct, see my previouse comment and comment on techkatha EP37:

    ……..AGPS මගින් මෙලෙස GPS ක්රිඒයාකාරී මට්ටමට පැමිනීමට ගතවන කලය සැලකියයුතු තරම් අඩුකර ගත හැකියි.
    AGPS මගින් GPS පිහිටුමේ නිවරදිතාවය වැඩි කරන්නෙ නැහැ. GPS ක්රිSයාකාරී මට්ටමට පැමිනීමට ගතවන කලය අඩු කිරීම පමණයි වෙන්නෙ. මේ සදහා ඔබ GPS ON කරන විට 10kB ~ 40kB පමන ඩdata ප්රනමානයක් හුවමරු කරගන්නියි. ඒ සදහා සාමාන්යන data සදහා වන ගාස්තු අදාල වේ. GPS පිහිටුමේ නිවරදිතාවය සදහා බලපාන්නෙ signal ලැබෙන satellite ගනන සහ ඒවායේ පිහිටීමයි, AGPS හෝ mobile service provider බලපාන්නෙ නැහැ.

  64. pavithra Says:

    @sadeepa

    ow eka aththa. mage phone eke eka A-GPS fix ekak sadaha up:1kb down:2kb walata wada yanne na.
    outdoor 5min withara GPS lock vela hitiyoth ~2m tharam accuracy ekak labenawa.

    google sat-view images magin mama ape gedara inna room eka mokakde kiyalath dana ganna puluwan tharam eka accuracy.

  65. සහන් Says:

    GPS පහසුකම තියන ජංගම දුරකතන සදහා සැටලයිට් බාවිතා වෙනවිට මුදල් අයවීමක් වෙනවද. AGPS වලදී data සදහා වැයවන විදිහට

  66. pavithra Says:

    @sahan:

    yea, google maps or Nokia maps wage evata maps load wena vidihata data charges ekathu wenawa. eka parak download unama eva cache ekak hatiyata thiyena nisa ayeth one wenne na. ath aluth maps, zoom wage evatath data download wenawa.

    maps use karanne nathi nam hari offline maps use karanawa nam charges wenne na. mama use
    karanne MGmaps offline. mama maps download karala (PC eken) memeory chip eke save karala thiyenne. a nisa data charges only for A-GPS (4~6 cents per time) only.

  67. dd Says:

    Nokia 5800 eke kohomada GPS settings hadaganne kiyala kiyanawada

  68. tharaka Says:

    machan maps offline eka i phone 3g walada daganne kohomada ?eka downloads karanne kohenda?

  69. හාලන් Says:

    බොහොම ස්තුතියි. මම මේ ගැන ටිකක් කියෙව්වා. මට දැන ගන්න ලැබුණා ජී පී එස් නිවැරදිතාවය 4-20m කියල. ඒ වගේම DGPS කියල එකකුත් තියනවා. එහි නිවැරදිතාවය 1-3m වෙනව. මෙම දත්ත හරි නේද? මට දැන ගන්න ඕන ලංකාවේ DGPS පාවිච්චි කරන්න පුලුවන්ද කියල. පුලුවන්නම් ඒ කොහොමද?
    ස්තුතියි

    හාලන්

  70. SurajDDK Says:

    ජී.පී.එස් එක අපේ රටේ බොහොමත්ම දුලඹ දෙයක් වුනත් පිට රටවල නම් එදිනෙදා කටයුතු පහසු කරගන්න පුලුවන් උපාංගයක් විදියටම ජී.පී.එස් එක ජනප්‍රිය වෙලා. ඒත් මේ පෝස්ට් එක දැක්කම මට හිතෙනවා ලංකාවේත් ජී.පී.එස් ගැන උනන්දු වන අය ඉන්නවා කියලා. මේ ජී.පී.එස් වලින් ගන්න දත්ත හරියාකාරව මෙහෙයවන්න ජී.අයි.එස් යොදාගන්න පුලුවන්. ජී.අයි.එස් කියන්නේ භූගෝලීය දත්ත කලමනාකරනය කරන පහසුම ක්‍රමයටයි. මේ ගැන තව දුරටත් දැනගන්න කැමති නම් ලංකාවේ ජී.අයි.එස් ගැන උනන්දු වන අය වෙනුවෙන් පිහිටුවා තිබෙන http://www.mapmyplace.com/forum/ වෙතින් සාමාජිකත්වය ලබා ගන්න.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Web Hosting

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Bloggers’ Rights at EFF

Bloggers' Rights at EFF

Creative Commons License

Creative Commons License
This work is licensed

ස්පෑම් එක්ක සෙල්ලම්